දෙවන කොටස…. 💛

“ඒෂ් අනික මතක තියා ගන්නවා. තමුසේ හෙට ගියත් නොගියත් මේ මගුල වෙනවාමයි…”

තම පුතණ්ඩියා ගැන හොදටම දන්න ඔහු බයික් එකේ යතුරත් පර්ස් එකත් සමගම දුරකථනයද දමා අල්මාරියේ අගුලු දැම්මේ කොල්ලා හොරහින් බලන් ඉද්දි…

“මොකෝ මල්ලි මූණ දාහට අරන් සීයට දිලා වගේ….”

“අනේ මේ බ/න් අයියේ මගෙන් මොකුත් අහගන් නැතුව යනවකෝ වදේ. මගේ නිදහස කන්න ආවා මෙතන. ඔයා තමා අප්පච්චිවයි අම්මාවයි ඇවිස්සුවේ මේ මඟුල් හොයලා…”

පොඩි එකෙක් වගේ ගතු කියමින් ඒෂ් අසල තිබු කොට්ටයකින් තම සොහොයුරාට පහර දුන්නේ ඔහු මහ හඩින් හිනා වෙද්දියි. අක්කාටයි අයියාටයි දෙන්නාටම රවපු ඒෂ් කාමරයට ගියේ හෙට දවස කොහොමද මග ඇරගන්නේ කියලා කල්පනා කරන ගමනි.

ඒෂ් අම්මා උදේම්ම අයන් කරලා දුන්න ශර් එකයි කලු ට්‍රවුසරෙයි ඇදන් පහලට ආවේ ම/ර/න්/න ගෙනියන හරකෙක් වගේ… සයුරි ඇස් වලින් හැමෝටම පෙන්නුවේ ඒෂ්ව.

“ආව්ස් කොල්ලාගේ හැඩ…”

සයුරි සැන්විචර්ස් එකක් කන ගමන් පැවසුවේ ඒෂ් මුහුණ අද කරලා රැවුමක් පා කරද්දියි.

“අයියේ මෙයා අද හොදට ඇදලා පැලදලා යන්නේ ශුවර් මනමාලිව අදම කැන්දන් එන්න වගෙයි…”

එෂිගේ රැවුම ගනනකට නොගෙන ගයේෂ්ගේ වයිෆ්ද ගයේෂ්ට පැදසුවේ ඒෂ්ව අවුස්සමින්…

“ඒක නම් කියලා වැඩක් නැ. බලනවාකෝ සුවද…”

ගයේෂුත් එලෙස පැවසුවේ ඒෂ්ව තරහා ගස්සමින්.

“අනේ මේ දෙන්නාම කටවහගන්නවාකෝ වදේ… අප්පච්චි මන් මගේ කා එකේ එන්නේ. ඒ හින්දා මට කා එකේ යතුර දෙන්න…”

ඒෂ් අප්පච්චිගෙන් කා එකේ යතුර ඉල්ලුවේ, බයික් එකේ යතුරත් එක්ක කා එකේ යතුරත් ගත්ත හින්දා…

“නෑ දෙන් නෑ. කා එකේ එනවා කියලා නැවිත් ඉන්නද ඔය….”

“අනේහ් අප්පච්චි. මන් ප්‍රොමිස් උනානේ. අනික හිතේෂුයි දිහාෂුයිත් එනවා. උ/ න් දෙන්න එක්කම එන්නම් කා එකේ ඒ දෙන්නා නැත්තම් නැත්තම් මම එන්නෙත් නෑ…”

ඒෂ් පොඩි එකෙක් එකෙක් වගෙ මූණ බෙරිකරගත්තේ එසේ පැවසුවේ මොන වෑඩේ කරන්න ගියත් ඒ දෙන්නාව එක්ක යන හින්දාමයි.

“ඕන් ඔහේ දෙන්න අප්පච්චි. නාවොත් ඉතින් බත් කාඩ් එක නැති වෙන එකනේ වෙන්නේ…”

ගයේෂ් එලෙස පවසද්දි ඒෂ් ඔහු දෙස රවලා බැලුවේ “පස්සේ අහුවෙනවාකෝ” යන බැල්මෙන්.

“හොදයි කා එකේ යතුර දෙන්නම්. හැබැයි පුතෝ කට්ටි පැනලා නම් මට අහු වෙන්න එපා…”

ඒෂ්ගේ පියා එසේ පවසමින් කා එකේ යතුර දුන්නේ අවසන් නියෝගයද ලබා දෙමිනි…

ඒෂ් අභිසර ප්‍රතාපසිංහ , නාමල් ප්‍රතාපසිංහගේත් වසුන්දරා ප්‍රතාපසිංහගේත් විසි අටක් වයසැති බාල පුතණුවන් වන අතර ඔහු පවුලේම හුරතලා වන නිසා කිසිම දෙයක් බැරැරුම්ව නොසිතයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරු ගයේෂ්ද විවහා වී දරු දෙදෙනෙකුගේ පියෙකු වන අතර සොහොයුරිය එෂානිද මේ වන විට විවහා වී පුතෙකුගේ මවක් වීමට සූදනම්ව සිටියි.

මම නම් අල්ලයි ඒ හෝහපුටුවාට හෙප්පුව. දමලා ගහන්නේ හෙප්පුවෙන්ම මුහුන් තහඩුව කජු ලෙල්ලක් වෙන්න…”

“හානියෝ මොකක් හරි කරප/න්. අද ඔය පොර කැමති උනොත් ඒම අනිවාර්යයෙන් බො/ට ඒ හැල කිඹුලාව බදින්නයි වෙන්නේ…”

ඩිහානි නියපොත්තකුත් හප හපා කාමරය පුරා ඇවිද ගියේ අද එන මනමාලයාට දෙස් දෙවොල් තබමිනි.

වයස විසි හතරක් නිහාරා ඩිහානි වනිගසේකර වන ඇය නුවන්ත වනිගසේකරගේත් මානෙල් වනිගසේකරගේත් එකම දියණිය වෙයි. කුඩා කල සිටම දඟකාර චරිතයක් වන නිහාරාව මේ බලන්න එන එකොලොස්වන මනමාලයා වෙද්දි කලින් දහ දෙනාම කුමක් හෝ කර මේ කසාදයට අකමැති කරගන්නට ඇය සමත් විය. එහෙත් අද එන මනමාලයාය තමා අකමැති වුවත් බදින්න වෙනවා කියපු නිසාම නිහාරා හිටියේ කුමක්ද කලයුත්තේ කියලා සිතා ගත නොහැකිව…

“හරි ආවා අයිඩියා එකක්. මන් ගෙදර හිටියොත්නේ මනමාලයා මාව බදින්න කැමති වෙන්නේ. මම නම් අල්ලයි හෙප්පුව…”

එහෙම මුමුණපු නිහාරා මනමාලයා එද්දි අදින්න කියලා ගෙනාපු සාරියේ පෝලිමට ගැට කිහිපයක් ගසා තමන්ගේ ඇදේ කොනක ගැට ගහලා අනෙක් කොන ජනේලයෙන් පහලට දැම්මේ පහල කවුරුත් නෑ කියලා සැක හැර දැනගෙන. සුදු ටිශර්ට් එකකුත් කලු ඩෙනිමකුත් ඉක්මනට ඇද ගත්ත නිහාරා වොලට් එකයි ෆෝන් එකයි අරන් බොහොම අමාරුවෙන් සාරියේ එල්ලිලා පහලට පැන්නේ…

“හම්මෝ පහලට නම් ආවා…”

එසේ මුමුණමින් නිහාරා වට පිට බැලුවේ කවුරුත් පේන්න ඉන්නවද කියලා. ගේට් එක ළග ඉන්න සිකියුරිටි නිසා එතනින් එලියට යන්න බැ කියලා තේරුණ නිහාරා හිමින් හිමින් අඩි තියලා තොරෙක් වගේ ආවේ තාප්පය ළග තියන අඹ ගහ ළගට. අඹ ගහට නැගලා බොහොම අමාරුවෙන් තාප්පය උඩට නැග්ග නිහාරා පාර දෙපස බලද්දියි දැක්කේ ගේට් එකෙන් ඇතුලට දාපු කා එක..

“අම්මෝ වෙලාවට එළියට පැන්නේ. දැන් ඉතින් බලයි මනමාලි…”

නිහාරා කා එකට කටත් ඇද කරලා වට පිට බලලා ඉක්මනට තාප්පයෙන් පහලට පැන්නේ පස්ස බිම ඇනෙද්දි…

“අම්මෝහ් මගේ පශ්චාත්භාගය…”

බිම වැටුණ පාර අමාරුවෙන් නැගිටපු නිහාරා මූණත් ඇඹුල් කරන් පස්ස අත ගගා ඉක්මනට දිව්වේ කවුරුහරි දකින්න කලින්… ටිකක් දුර දුවන් ආපු නිහාර කිසි අවධානමක් නෑ කියලා තෙරුණ හින්දා හන්දියෙන් වඩේ මල්ලකුත් අරන් ත්‍රිවීල් එකක නැගලා ටවුමට ගියේ. ටවුමට ආපු නිහාරා ත්‍රිවීල් එකට සල්ලි දිලා ඔහේ පාර දිගේ ඇවිදන් ගියේ කඩයකින් මුරුක්කු පැකට් එකක් අරන් කකා.

හැමෝම කාර් දෙකෙන් පිටත් උනාම එෂ් මූණත් ඇබුල් කරන් කාරයට නැග්ගේ මනමාලිව බලන්න යන්න.

“මන් එන ගමන්. ලැස්තිවෙලා හිටපන්. හිතේෂයාටත් කියහන්…”

දීහේෂ්ට ඇමතුමක් ලබා දී ඒෂ් තමන්ගේ යහලුවෝ දෙන්නාව මගින් ගන්න කාරය පාරට හැරෙව්වේ… ටවුන් එකට ඇවිල්ලා ඒෂ් කා එක ප්‍රධාන පාර දිගේ ධාවනය කරනකොටම කාර් එක ඉස්සරහාට අත දික් කරන් පැන්නේ ගැහැණු ළමයෙක්.. එෂ් කා එකෙන් බැහැලා ඒ කෙ/ල්/ල/ට බනින්න කියලා හදනකොටම දැක්කේ…

මතුවට….