අහඹු හමුවීමක් 💛

පලමු කොටස…. 💛

“චූටි පුතා ඔහොම නවතිනවා…”

හැමදාම වගෙ අදත් හිමින් සීරුවේ අප්පච්චිගෙයි අම්මාගෙයි ඇස් වහලා ගෙදරින් එළියට පනින්න හදපු ඒෂ් ඔවුන් දෙදෙනාගේ අතටම අහු වුණේ කොල්ලාගේ හිතේ තිබුණ හැම ප්ලැන් එකක්ම සුනු විසුණු වෙලා යද්දියි…

“අ.. අප්පච්චි ම්… මං මේ මන් දැක්කේ නෑ ඉන්නවා…”

“දැක්කේ නැද්ද? එහෙම නැත්තම් නොදැක්කා වගේ යනවාද?…”

“දැක්කේ නෑ අප්පච්චි…”

“උබට හතිස් ඇරියනේ. ඇස් පේනවා හොරයි කියලා අපි හොදටම දන්නවා…”

හිමින් සීරුවේ ගෙදරින් පනින්න හදපු ඒෂ් අන්තිමට අප්පච්චිගේ අතටම අහු වෙද්දි, ඒෂ් ඔලුවත් කහ කහා අහිංසක හිනාවකින් අප්පච්චි දෙස බැලුවේ සමාව අයදින බැල්මකිනි.

“අහ්. ඔහොම බැලුවා කියලා පුතෝ අද එළියට බහින්න හිතනවා නෙවේ…”

අප්පච්චි එහෙම කියනවාත් සමගම ඒෂ්ගේ සවන් වැකුණේ සිනහා හඩකි. එතකොටම ඒෂ්ගේ නෙත ගැටුණේ තමන්ගේ වැඩිමහල් සොහොයුරියද සොහොයුරාද එක්ව කට කොනකට සිනහාවක් නගා ගනිමින් සමච්චල් සහගත බැල්මෙන් බලා සිටින අයුරු. ඒෂ් ඔවුන් දෙදෙනාටම දිව දික් කරලා ආපහු අප්පච්චි දෙස බැලුවේ මේ ලෝකේ ඉන්න අහිංසකම දරුවා වගේ බැල්මකිනි… ඒෂ් බලන් ඉන්න විදිහ දැකලා අප්පච්චි වගේම අම්මාත් හිනා උනේ කොල්ලාගේ කපටිකම ගැන හොදටම දන්න හින්දා…

“මන් උදේ කිව එක මතක නැද්ද ආ… හෙට තමුන්ට මනමාලියක් බලන්න යනවා කියද්දිත් කොහෙද මේ දුවන්නේ හොරෙන්…”

“හෙටනේ යන්නේ අප්පච්චි. මන් මේ ටවුන් එකට ගිහින් එන්නම් පොඩි වැඩක් තියනවා කරන්න….”

“අනේ මන් නොදන්න උබේ පොඩි වැඩේ. දැන් අවුරුදු විසි හතක්. යාලුවෝ එක්ක රෝන්දේ ගැහුවා ඇති. හැමදාම ඕකනේ කරේ… මගෙන් ගුටි නොකා යනවා ගෙට…”

තම පියාගේ අවසන් නියෝගය හමුවේ ඒෂ්ගේ මුහුණ ඇඹුල් උනේ බලාගෙන ඉද්දි.

“ඒක හෙටනේ යන්නේ. මන් හෙට යන්න ලැස්තිවෙන්නම්…”

“අනේ උබේ ඔය ලුණු ගොරකා මදි අද මාව තම්බන්න. හෙට බලන්න කියලා වෙනදා වගේ අදත් එළියට පනින්නද. දෙනවා මට බයික් එකේ යතුරයි, පර්ස් එකයි….”

ඒෂ් ගැන හොදටම දන්න හින්දා ඒෂ්ගේ අප්පච්චි ඔහුගේ බයික් එකේ යතුරත්, පර්ස් එකත් ගත්තේ මූණ සත පහේ කාසිය වගේ ඇදවෙද්දියි…

“අනේ අම්මාහ්…’

“අප්පච්චි කරපු දේ හරි. අද නම් මට මොකුත් කියන්න එපා…”

ඒෂ්ව ගනන් නොගෙනම මවත් පියා පසුපසම ඇදුනේ ඒෂ් අද අතටම අහූන හින්දා…

“මෙදා පොටේ නම් උබට කිසි ගැලවිල්ලක් නෑ පුතෝ. මොකක් හරි කරපන්. නැත්තම් හෙට බන්දලාම තමා නවත්තන්නේ මේ යන විදිහට…”

ඒෂ් හිත හිතාම පුටු සෙටියට වැටුණේ මේ මඟුලෙන් ගැලවෙන්න කල්පනා කර කර.

“අනේ පව් අයියේ එක්කෙනෙක්. අදත් පැනගන්න හැදුවට අතටම අහුවෙලා….”

“අප්පච්චිගේ කතාවේ හැටියට මූට හෙටම අප්පච්චි නාස් ලණුව දාලා අර කෙල්ලට භාරදෙයි වගේ…”

ඒෂ්ගේ සොහොයුරා ගයේෂ්, සොයුරිය එෂාදිගේ කර වටා අත යොමා ඒෂ්ව විහිළුවට ගත්තේ සත පහ වගේ කරන් ඉන්න මුහුණ දිහා බලන්…”

“අනේ මේ යනවකෝ බන් වදේ. උඹලා දෙන්නා බැන්දා කියලා මඟුල මාත් බදින්න ඕනද… ඔහ් නෝ. මට නම් බෑ දෙයියනේ… “

එතකොටම කොල්ලාට මතක් උනේ තමන්ගෙ නසරාණි යාළුවෝ දෙන්නා. ඒෂ් එක්කම දණගාන කාලේ ඉදන් හැම නසරාණි වැඩකටම සෙට් වෙන හිතේෂ් වගේම දිහාෂ්. ඒෂ්, හිතේෂ් වගේම දිහාෂ් තුන්දෙනාට තුන්දෙනා පණ ඇරලා.

“මන් යයි බලන්න මනමාලියෝ මේන් කියලා…”

තමන්ට පමණ ඇසෙන ලෙස මිමිණු ඒෂ් කටකොනකට සිනහාවක් නගා ගනිමින් කකුලක් උඩ කකුලක් දාගෙන හරි බරි ගැහිලා ඉදගෙන තම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගත්තේ හිතේෂ් හට. අනෙක් පසෙන් දුරකථනය රින් වෙනකොට ඒෂ් දණහිසට තට්ටු කරන්න ගත්තේ සිහින් හඩින් ගීතයක් මුමුණමින්. එහෙත් අනෙක් පසින් හිතේෂ්ට ආන්සවර් කරන්න තරම් කාලයක් නොවෙද්දි ඒෂ්ගෙන් ඔහුගේ පියා දුරකථන උදුරලා අරගෙන ඇමතුම විසන්දිකොට දුරකථනයද ක්‍රියාවිරහිත කොට දැම්මේ ඔහු දෙස තරහින් නෙත් හෙලමිනි…

“අප්පච්චි ෆෝන් එක…”

“බයික් එකේ යතුරයි පර්ස් එකයි ගත්තාම යාලුවන්ට කියලාද එළියට පනින්න කල්පනාව. අද නම් ඒවා හදේ පුතේ… අද ගෙදරින් අඩියක් එලියට තියන් නෑ… ගෙදරින් එක එලියක් අඩිය තිබ්බොත් ආයේ මේ ගෙදර පස් පාගන්න හිතන්නවත් එපා… “

“ඒෂ් අනික මතක තියා ගන්නවා. තමුසේ හෙට ගියත් නොගියත් මේ මගුල වෙනවාමයි…”

තම පුතණ්ඩියා ගැන හොදටම දන්න ඔහු බයික් එකේ යතුරත් පර්ස් එකත් සමගම දුරකථනයද දමා අල්මාරියේ අගුලු දැම්මේ කොල්ලා හොරහින් බලන් ඉද්දි…

මතුවට….