සිතින් විතරක්..
හතලිහ…. 40
අයිම් ප්‍රවුඩ් ඔෆ් යූ මිස්ටර් මංචනායක.. ඔයා ගත්ත ඩිෂිෂන් එක හරියටම හරි… ආදරේ කියන්නෙ බලෙන් ගන්නවත් දෙන්වත් පුළුවන් දෙයක් නෙවී..
සෙත්ගෙ කතාව අහගෙන හිටිය වෛද්‍යවරිය කීවේ හුඟක්ම සුහදශීලී හඬකින්.
මම දන්නවා ඩොක්ටර්.. මොන දේ උනත්.. මටත් වඩා ආදරෙන් විහඟ ඒන්ජල්ව බලා ගන්නවා කියලා මම දන්නවා.. ඒ කෙ\ල්ල ජීවිත කාලෙම වින්දෙ දුක්.. තවත් දුක් විඳින්න දෙන්න මට බෑ…
සෙත් කිවේ සන්සුන් හඬකින්. ඔහු තීරණයක් අරගෙන තිබුනෙ ඒන්ජල්ට ඇගේ සතුට හොයාගෙන යන්න ඉඩ දෙනවා කියලා.
ඔයා වගේ කෙනෙක් ඔහොම හිතන එක ගැන මට හුඟක් සතුටුයි.. බෝසෙත් කීවා නේද නම.
මන්ගෙ නමට ගැලපෙන විඳිහට වැඩ කරන මනුස්සයො ඉන්නෙ හුඟක් කලාතුරකින්.. ඔයා එහෙම කෙනෙක් වුන එක ගැන මට හුඟක් සතුටියි… වෛද්‍ය වරිය කීවේ සුන්දර සිනාවක් පාමින්.
ඒන්ජල්ට කොහොම ද ඩොක්ටර්…එයා හොඳින් නේද..? ඒ ගමන සෙත් කතාව වෙනස් කලා.
පේන්න තරම් අමාරුවක් නෑ.. මම හිතන්නෙ ෂොක් එකට වෙන්න ඇති සිහි නැති වෙන්න ඇත්තෙ.. ඒ වගේ ළමයෙකුට ඒ වගේ මෙන්ටල් සිටුවේෂන් එකක් ඔරොත්තු දෙන්නෙ නෑ…
මට එයාව තේරුං ගන්න පුළුවන්.. එයා ඉන්න තැන මම හිටිය නං මම ඔයිටත් වඩා ෂොක් වෙයි.. ඒක නිසා අපි එයාට හිත හදාගන්න ටික කාලයක් දෙමු..
මට තේරෙනවා ඩොක්ටර්…මම ඉක්මනින්ම මේ වැරැද්ද හදාගන්න ඕනි.. මේ දෙන්නම මං හින්දා විඳවනවා ඕනිවටත් වැඩිය… ඒකට තවත් ඉඩ දෙන්න බෑ…
ඕකේ මිස්ටර් මංචකායක හැමදේම හරියයි
වැඩිය හිතන්න එපා..අපි බලමුකො මොනවද කරන්න පුළුවන් කියලා… එහෙම කියාගෙන වෛද්‍යවරිය ඉදගෙන උන්න තැනින් නැඟිට්ටා.
එහෙනම් ඩොක්ටර් මම ගිහින් එන්නම්..
ඒත් එක්කම ඇගෙන් අවරස ගත්ත සෙත් කාම රෙන් පිටවුනා. ඔහු හරි අපූරු කෙනෙක් කියලා ඇයට නිකමට වගේ හිතුනා.
තමන් ආදරේ කරන කෙනෙක්ව වෙන කෙනෙ කුට පරිත්‍යාග කරලා හිත හදාගෙන සැනසීමෙ න් ඉන්න හැමෝටම බෑ. ආදරේ කියන්නෙ අයිති කර ගැනීමට නෙවී තමා.
ඒත් අපි හැම වෙලාවෙම උත්සහ කරන්නෙ අපි ආදරේ කරන අය ආදරේ කරන දේවල් අපිට අයිතිකර ගන්න අපේ ලඟම තියාගන්න.
අපි කැමති දේවල් ටිකක්වත් අපෙන් දුරස් වෙනවට අපි කැමති නෑ. ඉතිං එහෙම තියෙද්දි තමන් ආදරේ කරන කෙනෙක් වෙන කෙනෙකුට දෙන්න හිත හදා ගන්න එක හරිම විශිෂ්ට දෙයක්.
වෙන තැනක මේ සිදුවීම උනානම් අද මේ තුන්දෙනා මෙතෙන්ට එන්නෙ ඒ මේ විඳිහට නෙවී. සමහර විට එක්කෙක් දෙන්නෙක්ගෙ මල සිරුරු වෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම ආදරේ කියන්නෙ ඒකට නෙවී.
හුණු වටේ කතාවෙ එක තැනකදි ගෲෂා මයික ල්ව අතාරිනවා. ඒ මයිකල්ට ආදරේ නැති නිසා නෙවී. තමන් තදින් අල්ලගෙන ඇදලා ගන්න ගියාම ඒ දරුවට රිදෙයි එයා වේදනා විඳියි කියලා. ගෲෂා තමන්ගෙ අයිතිය අතාරිනවා මයිකල්ගෙ සුභ සිද්ධිට වෙනුවෙන්.
මමයි ඒකව හැදුවෙ.. දරුවව දෙකට ඉරන්න ද කියන්නෙ මට… ඇය එහෙම අහන්නෙ හුඟක් ආවේගශීලීව දරුවව ඇතෑරියෙ ඇයි කියලා අහන අයගෙන්.
ආදරේ කියන්නෙ අන්න එහෙම දෙයක්. අපිව අල්ලාගෙන සිටීමෙන් අපි ආදරේ කරන අයට දැනෙන්නෙ වේදනවාක් නම් එයාලව අත්හැර දැමීම තමා සැබෑම ආදරේ.
සෙත් මේ කරන්නෙ ඒ දේ. ඇත්තටම ඒන්ජල්ට විහඟට වඩා සෙත් ආදරේ කරනවා කියලා වෛද්‍යවරියට හිතුනා. එහෙම ආදරයක් අයිති කර ගන්න බැරිවුන එක ඇගේ අවාසනාව.
සෙත් ආපහු එද්දි විහඟ උන්නෙ හුඟක් අප හසුවෙන්. ඔහුගෙ උරහිසෙනුත් අදරයෙනුත් දැනුනෙ දරාගන්න බැරි තරම් බර වේදනවාක්. විහඟ ඒක ඉවසන් හිටියෙ හුඟාක් අපහසු වෙන්.
විහා ඇයි මචං මේ… අමාරුද උ/ඹ/ට…?
සෙත් විහඟ ලඟට ඇවිත් ඇහුවෙ ඔහු අපහ සුවෙන් ඉන්න බව හොඳටම පෙනුන නෑ.
තුවාලෙ ටිකක් රිදෙනවා ඒ තරම් ගානක් නෑ..
යන්තමට හිනාවෙලා විහඟ කීවා. මේ තම න්ගෙ අපහසුතාවයන් ගැන කතාකරන වෙලා වක් නෙවී කියලා විහඟ හිතුනා.
වේදනවා සුළු එකක් නෙවී කියලා සෙත්ට හිතු නෙ විහඟගෙ වචන වලින්. මොකද දරාගන්න පුංචිම ඉඩක්ව ත් තියනවා නං විහඟ ඔහෙම රිදෙනවා කිය න්නෙ නෑ කියලා සෙත් දන්නවා.
අනේ මේ..නිකං බොරු කියන්නෙ නැතුව හිට පං.. මූණ දිහා බැළුවම පේනවා රිදෙන ටික.. මේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් ගමු..ඕක සෙල්ලමක් නෙවී..ඩොක්ට ර්ස්ලා කීවා නේද ටික දවසක් යන කං පරිස්සම් වෙන්න කියලා..
සෙත් ඇහුවෙ තරවටු හඬකින්. ඒත් ඒ වචන වල තිබුනෙ තරහක් නෙවී. වෙනදා වගේම ලෙංගතුකම. විහඟට හිතා ගන්න බෑ.
සෙත් මේ හැමදේම මේ තරම් සැහැල්ලුවෙන් දරාගන්නෙ කොහොමද කියලා. තමන්ට මෙ හෙම දෙයක් උනානම් තමන් උනත් මීට වඩා වෙනස් විඳිහකට හැසිරෙයි කියලා විහඟට හිතුනා.
ඒක නෙවී සෙත් මට උ\ඹ\ගෙන් දෙයක් අහන්න තියනවා.. විහඟ හෙමින් කීවා.
අහන මඟුලක් පස්සෙ අහගනින් දැන් බෙ හෙත් ටිකක් අරන් හිටපං.. ඔහොම අමාරුවෙ න් ඉන්න පුළුවන්ද.. සෙත් ආයිමත් කීවා.
මට ඇත්ම කියපං සෙත් උ\ඹ\ට මං ගැන තරහ ක් හිතෙන්නෙම නැද්ද..?
හුඟක් වෙලාවක් තිස්සෙ අහන්න හිතාගෙන හිටිය ප්‍රශ්නයක් විහඟ ඇහුවා. මොනවත්ම නොකිවා සෙත් හිනාවුනා.
මොකද බ\න් හිනා වෙන්නෙ ඒක හිනාවෙන්න ප්‍රශ්නයක් නෙවී…
විහඟ ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරිව.
උ\ඹ\ත් එක්ක කොහොමද මං තරහ වෙ න්නෙ උ\ඹ මගෙ හොඳම යාළුවනේ.. සෙත් ආයිම හිනාවෙනවා.
ඒත්..සෙත් හොඳම යාළුවා තියා.. පරම හතුර වත් නොකර වැරැද්දක් මම උඹට කලේ..උ\ඹ මට එහෙම දෙයක් කලා නං මටත් තරහා එනවා උ/ඹ ගැන.. විහඟ කීවේ අවංකවමයි.
ඒන්ජල් මට ආදරේ නැත්තං..මං කොහොම එයාව බලෙන් මගෙ ලඟ තියා ගන්නෙ.. එයා ආදරේ කෙනා ලඟට යන්න ඉඩ දෙන්න ඕනි..
මම දන්නවා උ\ඹ මටත් වඩා ආදරෙන් එයාව බලා ගන්නවා කියලා.. ඉතිං මං මොකටද උ ඹ ත් එක්ක තරහා වෙන්නෙ…
සෙත් කියවගෙන ගියෙ මොන වගෙ හැඟීමකි න් ද කියලා විහඟට හිතා ගන්නවත් බෑ.
සෙත් උඹ මොනවද ඔය කියන්නෙ… විහඟ පුදුමෙන් ඇහුවා.
ඒන්ජල්ව ආදරෙන් බලාගනිං..බ\න් ඒ කෙ\ල්ල හරි අහිංසකයි.ඒකිට උ\ඹ නැතුව සතුටින් ඉන්න බෑ.. ඒක නිසා..ඒන්ජල්ව භාරගනිං..
හැබැයි එකක්..
උ\ඹ හින්දා කවදා හරි ඒ කෙ\ල්ලගෙ ඇස්ව ලට කඳුළු ආවොත් නං..එදාට මං උ\ඹ මගෙ හොඳම යාළුවා කියන එක අමතක කරනවා ඒක හොඳටම මතක තියා ගනින් තේරුනාද…?
සෙත් කියවගෙන ගියෙ හුඟක්ම හුඟක් තර වටු හඬකින්. සෙත් ඒන්ජල්ට මොන තරම් ආදරේ ද කියලා විහඟට හිතා ගනනවත් බෑ. ඇත්තටම මේ කෙ\ල් ල ඒ ආදරේ තේරුං ගත්තෙ නැත්තෙ ඇයි කියලා විහඟටම හිතු නා.
උ\ඹ නං ඇත්තටම බෝසෙත් අනුත්තරම තමා . ඔය විඳිහට හිතන්න මටවත් බෑ.. විහඟ කිවේ සෙත්ව වැළඳ ගෙන.
ඇති විකාර කියෙව්වා දැන්…යමන් ඩොක්ටර් ලඟට නැත්තං ඔහොම ඉදලා උ\ඹ තවත් ලෙඩක් හදාගනිං.. ඒ ගමන සෙත් කීවේ විහඟගෙන අතින් අල්ලගෙන.
මට ඒ තරම් අමාරුවක් නෑ සෙත්… ඕනි උනොත් පස්සෙ බලමු..
මඟුලක් කතා කරන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙන්.. නැත්තං අර කෙ\ල්ල හොඳ වෙන කොට උ\ඹ හිටපංකො හොස්පිට්ල් ඇඩ්මීට් වෙලා..
එහෙම කියාගෙන සෙත් විහඟව වෛද්‍යවර යෙක් වෙත රැඟෙන යන්න උත්සහ කලා.
මොකෝ මේ යාළුවො දෙන්නා කරන්නෙ ඒ ගමන.. වෛද්‍යවරිය ඔවුන් අසලට ආවෙ එහෙ ම අහගෙන.
ඒන්ජල්ට කොහොම ඩොක්ටර්..
ඇගේ පැනයට පිලිතුරු නොදී විහඟ ඇහුවා.
තව තව ටිකක් බලමුකො..මම හිතන්නෙ ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
විහඟ මේ..ඒන්ජල්ව ඩොක්ටර්ස්ලා බලා ගන්නවනෙ..උ\ඹ/ටනෙ දැන් බෙ හෙත් ගන්න ඕනි මෙතන.. ඒ ගමන කීවේ සෙත්.
ඇයි මෙයාට මොනවද වෙලා තියෙන්නෙ…? වෛද්‍යවරිය ඇහුවෙ විහඟ දිහා බලාගෙන.
මම කීවේ ඩොක්ටර්.. මේකගෙ තව තුවලා හොඳ වෙලත් නෑ කියලා.. එහෙට මෙහෙට දුවලා.. පෑරිලද කොහෙද..
අමාරුවෙන් ඉන්නෙ ඔය.. විහඟ වෙනුවට උත්තර දුන්නෙ සෙත්. වෛද්‍යවරිය සෙත් සිහා බැළුවෙ පුදුමෙන්. ඒ තරම් අපූරු මිත්‍රත්වයක්. ඒ තරම් ආදරණීය හදවතක්.
ලෝකෙ වෙන තරම් අසාධාරණකම් සිද්ධ වෙන්නෙ යහපත් ආදරණීය දයාබර මිනිස්සු න්ටමයි කියලා ඇයට ඒ අතරෙ හිතුනා. නොතේරෙන පැහැදීමක් ඇගේ සිතේ සෙත් වෙනුවෙන් ඇතිවෙමින් තිබුනා.
අනේ මන්මා මටත් පිස්සු ද කොහෙද මේ කොහෙවත් යන මනුස්සයෙක් ගැන මෙච්චර හිතන්නෙ ඈ තමාටම කියා ගත්තා.
එන්නකො යාළුවො දෙන්නම..අපි බලමු මොනවද වෙලා තියෙන්නෙ කියලා.. එහෙම කියාගෙන ඇය වාට්ටුව ඇතුලට ගියා.
ඉතිං දැන්වත් යමං..පණ්ඩිතකම පැත්කින් තියලා.. සෙත් විහඟවත් අදගෙන ඇගේ පසුප සින් ගියා.
ඒ තරම් ලොකු අමාරුවක් නෑ..තුවාල ටිකක් පෑරිලා තියෙන්නෙ..මේ බෙහෙත් ටික අරගෙන ටික දවසක් රෙස්ට් කරන්න..එතකොට හරිය යි..
විහඟව පරික්ෂා කල වෛද්‍යවරයා කීවා.
විහා උ ඹ දැන් ගෙදර පලයන්..ගිහින් ටිකක් රෙස්ට් කරපං.. මම ඒන්ජල් ලඟ ඉන්නම්.. සෙත් කීවේ විහඟ අපහසුවෙන් ඉන්න බව දැනන නිසා.
ඒත් සෙත්… විහඟ දෙයක් කියන්න හැදුවා.
පිස්සු දොඬවන්නෙ නැතුව සැරයක් කීවම පලයං ..ඒන්ජල්ව බලාගන්න මෙතන ඩොක්ට ර්ස්ලා නර්සර්ස්ලා ඉන්නවා ඕනි තරම්.. සෙත් ටිකක් තරවටු හඩකින් කිවා.
එහෙම නෙවී ..ඒන්ජල්ව මෙහෙම දාලා ගෙදර ගිහින් හිත හදාගෙන ඉන්න මට බෑ…
විහඟ කීවේ දුක්බර හඬකින්. ඒක ඇත්ත කියලා සෙත් දන්නවා. ඒන්ජල්ට සිහිය එනකං විහඟව මෙතනින් යවන්න බෑ.
සැරයක් දෙකක් එපා කීවම අහන්න බෑ නං ඕනි මඟුලක් කරගනිං.. එහෙට මෙහෙට දුවන්නෙ නැතුව ඔහොමවත් එක තැනකට වෙලා හිටපං එහෙනං.. සෙත් කීවේ තරහින්ම නෙවී.
පේෂන්ට සිහිය ආවා.. ඔවුන් අසලට ආව හෙදි යක් එහෙම කීවම. විහඟ යහනෙන් පැනලා ඒන්ජල් උන්න තැනට දුවලා ගියෙ සෙත් මොනවත් කියන්නත් කලින්.
හමුවෙමු