අටවෙනි කොටස🌿
සවස් වරුවේ අම්මාට බොරු ගොඩාක් පවසා නිලංක අංකල් හා ඇගේ අප්පච්චි පැමිණියහ…………..
🌹 නිලංක අංකල් මගේ අයියා…….. දැන් කෝ………….
💦 හ්ම්ම්ම්ම්…….. අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ දැන් වැඩ ඉන්නේ අර එහා මහා පාර අද්දර ලස්සනම ලස්සන පන්සලක් තියෙන්නේ……..අර සල් ගස් පිරුණු පන්සල………
🏆️ සල්මල් ආරාමයද……….
💦 ආ..න්න හරි……. එහේ තමයි……….
🌹 මං හෙට හාමුදුරුවන්ව බලන්න යන්නද අප්පච්චි
🏆️ තනියෙන්…………..
🌹 ඔව්……. මං යන්නම්………… මට හම්බවෙන්නද දකින්න ආසයි………
වන්දනාගේ හිතේ හැගීම් අසංකට හොඳින් වැටහේ…….. එබැවින් ඔහු ඇයට විරුද්ධ වුනේ නැත………………..
එදින රාත්‍රිය කිසිඳු කරදරයක් නැතිව ගෙවා දැමීමට ඇයට හැකි විය………… පසුදා ඉරිිදා දිනයක් වූ බැවින් ඇය නිවාඩුවක් ලබාගත්තාය…………… සුදු පැහැ බ්ලවුසය කින් හා සුදු පැහැම සායකින් සැරසුන ඇය සිය පියා විසින් ලබා දුන් නවීන සුසුකි වැගන් ආර් රථයට ගොඩවුනේ සල්මල් ආරාමයට යාමටයි………….
අතර මඟ වූ පිරිකර වෙළඳසැලකින් අට පිරිකරක් ඇතුලුව තවත් පූජා භාණ්ඩ කිහිපයක් ගත් ඇය සිය සොයුරා වන අනුරුද්ධ පොඩිහාමුදුරුවන් වහන්සේ හට අවශ්‍ය වෙනත් දේවල්ද නගරයේ ඇති තවත් වෙළඳසැලකින් මිලදී ගත්තාය………….
සල්මල් ආරාමයේ වාහන නවත්වන පෙදෙසේ සිය වාහනය නැවැත්වූ ඇය කෙලින්ම ආවාස ගෙය පැත්තට ගියාය………. මුලින්ම ඇය මුණ ගැසුනේ ආවාස ගෙය අසල සිටි ආවතේවකරුය……….
🍂 මේ නෝනා කවුද………
🌹 ආ…. මං…… මං….. මේ පලාතට අලුතින් පත්වීමක් අරන් ආපු දොස්තර කෙනෙක් මාමේ……… මං අළුතින් නව කතාවක් ලියනවා………… ඒකට උදව්වක් ගන්න අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ තමයි හොඳම කෙනා කියලා දැනගන්න ලැබුනා…….. මං ආවේ උන් වහන්සේ බැහැදකින්න………………
🍂 ඒක නම් අපූරුයි නෝනා…….. අපේ පොඩ් හාමුදුරුවො හරි දක්ෂයි ඕවාට……… හැබැයි නෝනෙ තව ටික වේලාවක් ඉන්න වෙනවා උන් වහන්සේ උදේ ඉඳන් උඩ ආරණ්‍යයේ කුටියේ භාවනා කරනවා එද්දි දහය විතර වෙයි……… නෝනාට ඒ වෙනකම් ඉන්න ඇහැකි නේද………
🌹 පුලුවන්……………
වන්දනා විහාරයට ගොස් බුදුන් වැඳ බෝමළුව දෙසට පිය මැන්නේ හිතට මොකක්දෝ සැනසිල්ලක් දැනෙද්දියි………. කෙල්ල ඇවිත් බෝ මළුවෙ බිම වාඩි වෙලා බෝධීන් වහන්සේටත් වැන්දා……… ඇය අත්දෙක එකතු කරගෙනම ටික වේලාවක් බලා සිටියා………………
🌹🌹 අනේ බුදු හාමුදුරුවනේ…… මගේ අත්තම්මායි අම්මයි අක්කයි නිරපරාදෙ මරලා දැම්ම අය නීතියෙ ඉස්සරහට ගේන්න මට පිහිට වෙන්න…………….. මට හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා……….. මගේ උදව්වට කවුරුවත් නෑ……….. ඒත් මට මේක කරන්නම ඕනෙ……… මට හරි පාර පෙන්නන්න බුදු හාමුදුරුවනේ………………….
එහෙම ප්‍රාර්ථනා කරලා ඇස් අරිනකොටම වන්දනා දැක්කා ඈතින් පඩි පෙල බහින හාමුදුරුවන් වහන්සේ නමක්………. ඉතා ශාන්ත ගමනින් වඩින උන් වහන්සේ ලඟට එනතුරුම වන්දනා ඇසි පිය නොහෙලා බලා සිටියා………….. ඇයට ඉදිරියෙන් වැටී ඇති ඔපමට්ටම් කල ගල් ඇතිරූ මාවත දිගේ ආවාස ගෙය දෙසට පිය නගන උන් වහන්නේ වට පිටට ඇස් යොමු නොකල නිසා වන්දනා ඉන්නවා දුටවෙත් නෑ……………..
උන් වහන්සේ ආවාස ගෙට වැඩම කරලා ටික වේලාවක් ගියාට පස්සේ වන්දනා හෙමින් සැරේ ඒ දෙසට ගියා……………… හිතේ තියෙන හැඟීම විස්තර කරන්නවත් තේරුම් ගන්නවත් අමාරුයි මොකද වන්දනා අද වසර විස්සකට පස්සෙ තමයි සිය එකම සොයුරාව මුණ ගැහෙන්නේ………… ඇය එතැනට යන විටම අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ පිටතට වැඩම කලේ ඇයව හොඳින් නිරීක්ෂණය කරමින්………. වන්දනාගේ මුහුණින් උන් වහන්සේට ආනන්දිතාගෙයි දාස්පෙතිගෙයි මුහුණු වර මැවී පෙනුනා……………. තමන්ගේ එකම නංගිව හඳුනගන්න අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ට වැඩි වෙලාවක් ගියේ නෑ………….
🌼 චූටි නංගි………
වන්දනාගේ දෑස් වලින් උල්පතකින් වගේ කඳුලු ගලාගෙන ගියේ හැඬුම් අතරින්මයි……….. ඇය දණ නමා උන් වහන්සේට බොහෝ වේලාවක් වැඳගෙනම හිටියා…………
🌼 සුවපත් වේවා………….. චූටි නංගි තනියෙන්ද ආවේ……… චූටි අම්මයි බාප්පයි ආවේ නැද්ද………
🌹 අනේ පොඩි හාමුදුරුවනේ,,,, ඔබ වහන්සේ දැක ගන්න ලැබුනු එක හිතට සැනසීමක්…………. අම්මයි අප්පච්චියි එක්ක තමයි ලංකාවට ආවේ……….
අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ ඔළුව වැනුවේ මඳ සිනාවක් පාමිනි……….
🌼 අපි බෝ මළුව දිහාට යමුකො………
වන්දනා උන් වහන්සේට අවනත වෙමින් පිටුපසින් පැමිණියා……….
🌼 මෙච්චර කාලයක් ගිහින් නංගි ඇයි ආවේ……….. ඔයාට මෙහෙ කිසිම ආරක්ෂාවක් නෑ………….. ඔයා ඒක දන්නවනේ………… දැන් මොකද කරන්නේ කොහොමද ඉගෙනීමේ කටයුතු……..
🌹 පොඩිහාමුදුරුවනේ……මං දැන් මහනුවර hospital එකේ doctor කෙනෙක්
🌼 මට හරිම සතුටුයි……… හරිම සතුටුයි………. ඉතාමත් ශ්‍රේෂ්ඨ රැකියාවක් ඒක……….. ඊටත් වඩා ආත්ම ගණනාවකට පල දෙන මහා පින්කමක්…….. එතකොට දැන් නැවතිලා ඉන්නේ කොහේද…………..
🌹 මං….. මං… දැන් ඉන්නේ නෙළුම්දෙණිය වලව්වෙ………
අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ විමතියෙන් ඇය දෙස බැලුවේ එය උන් වහන්සේ කිසිසේත්ම අපේක්ෂා නොකල දෙයක් නිසා…………….
🌼 චූටි නංගි……පිස්සුද ඇත්තටම……… ආ…….. මෙහෙම තමන්ගේ ජීවිතේ අනතුරක හෙලාගන්නේ…………. ඔයා හොඳටම දන්නවා ඒ මිනිස්සු කොයි වගේ අයද කියලා………. නවතින්න තැනක් නැත්තම් මං හොයලා දෙන්නම්……. ලොකු නංගිට වුන දේ ඔයාටත් ඒ මිනිස්සු නොකරයි කියලා හිතන්න බෑ………..
🌹 නෑ අයියේ… නෑ මේ…… ම…මට සමාවෙන්න පොඩ් හාමුදුරුවනේ එක සැරේම අමතක වුනා ඔබ වහන්සේ දැන් මගේ අයියා නෙවේ කියන එක…….. මං හැමදේම කියන්නම්…… මං ඒ ගෙදරට ගියේ අත්තම්මාගෙයි අම්මගෙයි අක්කගෙයි මරණ නිකම්ම වුන ඒවා නෙවේ කියන එක හොයාගන්න……. මට ඕනි ඒ අපරාධකාරයින්ට නීතියෙන් දඬුවම් දෙන්න…………
අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ යලිත් මද සිනාවකින් මුහුණ සරසගෙන ආයෙම කතා කලා…………
🌼 චූටි නංගි……… වරදක් කලා නම් ඒ මිනිස්සුන්ට ඒවා මේ ආත්මෙ නැත්තම් ලබන ආත්මෙ හරි ගෙවන්න වෙනවා…… ඔයා ඒක නොකලත් සොබාව ධර්මයෙන් ඒක සිද්ධ කරනවා……….. බුදුහාමුදුරුවන්ගේ දේශනා වල එහෙමයි තියෙන්නේ……….. මං නම් හිතන්නෙ නෑ ඔයාට කිසි දෙයක් එහෙන් හොයාගන්න ලැබෙයි කියලා දැන් අවුරුදු විස්සක් ගෙව්ලා ඉවරයි
🌹 නෑ පොඩිහාමුදුරුවනේ……… මං ඒ අයට ලබන ආත්මේ වෙනකම් ඔහොම දඬුවම් නොව්ඳ ඉන්න දෙන්නෙ නැහැ………. මට හොඳටම විශ්වාසයි….. ඔය ගේ ඇතුලෙම හැම ප්‍රශ්ණයකටම උත්තර තියෙනවා කියලා…………….. ඔබ වහන්සේට පුලුවන් නම් මට උදව් කරන්න…….. ඔක්කොමත් දරාගන්න පුළුවන් උන් අර අක්කාට අපේ දාස්පෙතියාට කරපු දේ මට නම් දරාගන්න බෑ…. පොඩිහාමුදුරුවනේ……… උන් තවමත් නිදහසේ සතුටින් අපේ දේවල් භුක්ති විඳගෙන ඉන්නවා…….. අපිට මොනවද වුනේ……… ආ පොඩිහාමුදුරුවනේ………. කුරා කුහුඹියෙකුටවත් කරදරයක් නොකරපු අත්තම්මායි අම්මයි අක්කයි උන් මරාගත්තා…………. ඔබ වහන්සේටයි මටයි පවුලක් නැති කලා……. අපේ ලස්සන ලමා කාලය ව්නාස කලා……… අපිව එකිනෙකාගෙේ වෙන් කලා……….. අපි මොනවද ඒ මිනිස්සුන්ට කලේ………. මට නම් එහෙම කාලය විසින් දඬුවම් දෙනකම් බලාගෙන ඉන්න බෑ…….. මං තව ට්කක් මේ ගැන හොයලා බලලා……. ආයෙමත් පොලීසියේ entry එකක් දාලා ඒ File එක ආයෙම අදිනවා………….. පුලුවන් නම් මට උදව් කරන්න……………
අනුරුද්ධ පොඩිහාමුදුරුවන්ට පලමු වතාවට ඇය කරන්නට යන දේ ගැන හොඳ ආකල්පයක් ඇති විය………… උන් වහන්සේට අවසන් වරට දාස්පෙති මුණ ගැහුණු දින සිදුවූ සිදුවීම සිහි විය……….
🌼 ලොකු නංගි…….. මොකද මේ හදිස්සියේ කසාදයක්…….
🧡 මන්දා අයියේ………. මට නම් හිතෙන්නේ මගෙත් අවසන් කාලෙ ලං වෙලා වගේ…….. මට බෑ අයියේ ඒ මිනිහා බඳින්න ඌ තිරිසනෙක්…….. පිස්සෙක් විකෘතියෙක්………. මාව බේරගන්නකෝ අයියේ…………
🌼 මං… මං.. මොකද කරන්නේ…… ඔයාව නවත්තන්න තැනකුත් නෑ………….
🧡 හ්ම්ම්ම්ම්..මං දන්නවා අයියේ… මං කොහේ හිටියත් උන් මාව හොයාගනී හෙට උදේ වෙද්දි……….. මට මේකට මුුහුණ දෙන්නම වෙනවා……….. මොනවා වෙයිද කියලා කියන්න බෑ අයියේ……. මට මොනවා වුනත් කමක් නෑ……. අයියේ චූටි නංගිව නම් කවදාවත් මෙහේ ගේන්න එපා……. එයාව කොහේ හරි හංගන්න…… චුටි අම්මවයි බාප්පවයිත් හංගන්න…… මං අහගෙන අර සුරනිමල නෙළුම්දෙණිය කියනවා ඒ දෙන්නව කොහොම හරි ඉවරයක් කරන්න කියලා………
🌼 ඔයාට මොනවත් වෙන්නෙනෑ ලොකූ…….
🧡 එහෙනම් මං යනවා අයියේ………….
ඔහුගේ පපුවට විදුලියක් කෙටුවා වැනි හැගීමක් ඇති විය…………… ලොකු නංගි යලිත් දකින්න නොලැබේවි යැයි යටි සිත කෑ ගසන්නට විය……….
🌹 පොඩිහාමුදුරුවනේ…………………
අනුරුද්ධ පොඩිහාමුදුරුවෝ කල්පනා ලොවින් මිදුනේ වන්දනාගේ හඬිනි………
🌼 චූටි නංගි……… මට මං ගැනම තියෙන්නේ හරිම තරහක්…….. පසුතැවීමක්………… එදා මට ලොකු නංගි හම්බවුන වෙලාවේ එයාව කොහේ හරි නැවැත්තුවා නම් එයා අදටත් ජීවත් වෙනවා………. මට හොඳ අයියා කෙනෙක් වෙන්න බැරි වුනා……… මට මගේ එක නංගි කෙනෙක් රකින්න බැරි වුනා……… අනිත් නංගිටත් ඒ ඉරණමම අත් වෙනවා මට බලන් ඉන්න බෑ නේද……….. ඒ මොනවා වුනත්…….. මං තීරණය කලා ඔයාට උදව් කරන්න……… දැන් සුරනිමල නෙළුම්දෙණිය ඔයාව දැක්කද………
🌹 එහෙමයි…. අපේ හාමුදුරුවනේ……… ඒත් හඳුනගත්තේ නම් නෑ…… මං ගියේ නිලංක අංකල් එක්ක………..
🌼 ඒත් එහෙ ගොඩක් වෙලා රැඳෙන්න එපා…….. තේරුනාද…………..
🌹 එහෙමයි…………… අපේ හාමුදුරුවනේ……. තවමත් මං කිසිම දෙයක් හොයන්න ගියේ නෑ………. මට හම්බවෙන හැම විස්තරයක්ම මං ඔබ වහන්සේට කියන්නම්……. මට පුළුවන්ද දහම්පාසලේ උගන්නන්න එන්න………..
🌼පුළුවන්…….. ලබන සතියේ ඉඳන් එන්න…………
🌹 එහෙනම් මං දැන් ගිහින් එන්නම් අපේ හාමුදුරුවනේ……….. මට කියන්න බැරිවුනා මං දැන් අරලියා යශෝරාවි නෙළුම්දෙණිය නෙවේ……….. වන්දනා මේඝනාවි වික්‍රමනායක තමයි දැන් මගේ නම………… මං ඔබ වහන්සේගේ නංගි කියන එක රහසක් විදිහට තියාගන්න……. මං අර සීයාට කිව්වේ.. මං ආවේ නවකතාවක් ලියන්න ඔබ වහන්සේගෙන් උපකාරයක් ඉල්ලන්න කියලා………….
🌼 මං කොහොමත් ඔයා ගැන කාටවත්ම කියන්නෙ නෑ……. මට අනිත් නංගිත් නැති කරගන්න බෑ……… මං රහත් වුන කෙනෙක් නෙවේ තාමත් පෘතග්ජන මනුස්සයෙක්………. ඔයා මගේ සහෝදරිය……. මට ඒ හැගීම තියෙනවා………. එහෙනම් පරෙස්සමින් යන්න………………
වන්දනා උන් වහන්සේගෙන් සමුගෙන යලිත් වාහනයට නැගුනේ රෝහලට යාමටයි…………….. ඇගේ වාහනය ගේට්ටුවෙන් පිටතට දැම්මේත් ඉදිරියෙන් පැමිණි රතු පැහැ කාර් එකක් විහාර ගේට්ටුවෙන් ඇතුලට දැම්මේත් එකටමය………….. තව ටිකෙන් මුහුණට මුහුණ වාහන දෙක හැප්පෙන්නටත් තිබුණි……….. වන්දනාට කේන්ති ගියේ ඔහු එය අපරික්ෂාකාරි ලෙස දැමූ නිසාත් වාහනයෙන් නොබැසම ඔහු ඇගේ වාහනය පිටුපසට ගන්නට යැයි අතින් සංඥා කල නිසාත්ය…………… වන්දනා වාහනයෙන් බැස ඉදිරියේ ඇති වාහනයේ දොර අසලට ගියාය…………………
෴ මතු සබැඳියි