19_වන_ කොටස❄️💦
සීතා අම්මාන් කෝවිල අසලින් බස් රථයෙන් බහින විටම ජාන්වීගේ දසුන නෙත ගැටීම තුහින්‍යාට මහත් සතුටක් ගෙන එන්නට විය……..
” අම්මේ ඉතිව් මල් මල් හිනාව…. උදේ පාන්දර දැක්කත් ඇති තුහියෝ……
ජාන්වී ඇගේ අතකින් අල්ලාගනිමින් කීවේ සිනාසෙමින්……….
” මොකද අද පාන්දරම……..
” ඒයි ඒයි හිටපල්ලා යකුනේ මාත් ආවා……..
දිල්රූගේ හඬට දෙන්නම ආපසු හැරුනේ එක්වරමයි……. හතිදාගෙන දුවගෙන ආව දිල්රූ එල්ලුනේ තුහීගේ ඇඟේ තව ටිකෙන් දෙන්නම බිම වැටෙනවා……..
” මේ සමයම බලන්නකෝ මාර නැටිල්ලක් දැන් තියෙන්නේ…..
ජාන්වී දිල්රූටට රවමින් කීවාය………
” අස්ස කුලප්පුව හැදිලද මන්දා…….
තුහින්යාද ජාන්වීට එක් වී දිල්රූට බනින්නට විය……. නමුත් ඒවා විහිළුය….. බොරු බැනුම්ය…. තුන් දෙනාම සුවිසල් දොරටුවෙන් ඇතුළු වන විට ඉදිරියට හමු වුනේ ප්රතාපවත් පෙනුමින් යුතු නන්දිතා සමරවික්‍රම මහත්මියයි…… කෙල්ලෝ තුන් දෙනාම ගල් ගැසී එක තැන නැවතිණි…… තලතුනා ගැහැණියගේ නෙත් ගියේ ඇය අත බැඳී ඔරලෝසුවටය……. එහි වෙලාව හතයි විස්ස ලෙස සනිටුහන්ව තිබුණි…….. ඇය යුවතියන් දෙසට සුහදශීලි සිනාවක් පෑවාය…..
“මේ ළමයි මෙච්චර උදෙන්ම ඇවිත් ඇයි………
නන්දිතා සමරවික්‍රම කීවේ එක් අතකින් සාරි පොට ඉදිරියට කරමින්…….
” මේ……මැ….ඩම්……අපි…. මේ වෙලාවට තමා එන්නේ මැඩම්….. අතුපතු ගාගෙන පහන තියලා ලෑස්ති වෙද්දි අට වෙනවා…….
තුහින්‍යා කීවාය……….. ඇය හිස සලා සතුටින් එය අනුමත කලාය…….
” මැඩම් අසනීපත් තියාගෙන අද ආවේ වැදගත් දේකට වෙන්න ඕනි……
කටකාරිය දිල්රූ ඇසුවාය………. නන්දිතා එය අනුමත කලාය…….
” ඔව් දරුවො වැදගත් දෙයක්…… එහෙනම් මේ ළමයි යන්නකෝ…..
කෙල්ලෝ තුන්දෙනා ඇගෙන් සමුගෙන පහලට යන විට නන්දිතා සමරවික්‍රම යලිත් කතා කලාය……..
” මේ ළමයි…………
කෙල්ලෝ තුන් දෙනාම යලිත් ආපසු හැරී බැලුවෝය……
” ඔය ළමයින්ට කෑම තියනවද…… මං ඕඩර් කරන්නද…….
නන්දිතා සමරවික්‍රම සැබැවින්ම ශක්තිමත් කාරුණික මහත්මියකි…..
” අනේ එපා මැඩම්….. අපිට කෑම තියනවා……… ස්තූතියි මැඩම්……
කෙල්ලෝ තුන් දෙනා කෘතඥපුර්වකව කියලා නොපෙනී ගියා……..
” මැඩම් මාර හොදයි නේද තුහී……
” හ්මිම්ම්ම්ම්ම්……..
” උඹ දන්නවද තුහී මේ මැඩම් කවුද කියලා……
තුහින්‍යා දෙවුර හකුලා හිස දෙපසට සැළුවේ නොදන්නා බව හැගවීමටයි…..
” අහල තියනවද රංගන වික්‍රමනායක කියන ඇමති වරයා…….
කෙල්ලට ඔහු මතකය………. නමුත් මුහුණ එතරම් මතකයක් නැත…..
” ටිකක් විතර මතකයි……
” ඒ මිනිහා තමා මැඩම්ගේ මහත්තයා…. ඒ යකාට වෙන ගෑණියෙක් ඉදලා….. ඒක දැනගෙන මැඩම් ඒ මිනිහාගෙන් දික්කසාද වෙලා……. පොඩි පුතයි දුවයි විතරයි එයාට දීලා තියෙන්නේ……..
දිල්රූ නන්දිතා සමරවික්‍රමගේ කතන්දරයම ඔවුන් ඉදිරියෙහි තැබුවාය……
” පොඩි පුතයි දුවයි කිව්වේ තව දරුවො ඉන්නවද…..
එහෙම ඇහුවේ ජාන්වී……..
” හ්ම්ම්මිම්ම්…. ලොකු පුතෙක් ඉන්නවලු…… මැරයෙක්ලු…… තාත්තා වගේම නැතෑ…….. මැඩම් දරුවො දෙන්නව අරන් රට ගිහින් මීට අවුරුදු හතරකට උඩදි තමා ඇවිත් තියෙන්නේ….. මේවා අයිති මැඩම්ගෙ අප්පච්චිට….. එයා ඒවා නන්දිතා මැඩම්ටයි එයාගේ අයියටයි සමානව දීලා…….. ඉතින් මේ මැඩම්ට ඒ ඇමතියා මේක කරන්න දෙන්නෑලු….. ඒ යකාගේ යාළුවෙක් තමයි ඔය Goldebn roses කියන මල් සැකසුම් එක කරන්නේ……. මේ ලඟදි අළුතෙන් දාලා තියනවා එකක් fairy flora කියලා එකක්…. ඒවා අපේ floral lily එකත් එක්ක කරට කර ඉන්නේ……
” මේකි දන්න දේවල්………
ජාන්වී කීවේ දිල්රූගේ හිසට තට්ටුවක් දමමින්……..
උදෑසන ආහාර ගැනීමෙන් පසු ගැහැණු ළමුන් මල් තවානට ගියහ………
❄️ ❄️ ❄️ ❄️
භූමි උදෑසනින්ම මාමාගේ කාර්යාලයට ගියේ ඔහුගේ කීම ඉවත දැමීමට නොහැකි හෙයින්………. ඔහු කෙලින්ම නිවසට නොගියේය…….. පියගැට පෙල නැග ඔහු තේ වත්ත මධ්‍යයේ ඇති කාර්යාලයට ඇතුළු වන විට මාමා එහි විය………
” මාමේ………….
” ආ…… ආවද ඉලන්දාරියා…….. මං හිතුවා ගෙදරට යයි කියලා……
” නෑ ඉතින්….. මං මීට කලින් ගෙදර ගිහින් නෑනේ මාමේ…… ඒකයි මෙහෙට ආවෙි…….
” එහෙනම් යමුකෝ ගෙවල් පැත්තේ…. නංගිලත් අද ගෙදර ඉන්නවා…….
මාමා සිටින්නේ සන්තෝෂයෙනි…… නමුත් භූමිගේ හිතේ නම් ලොකු සතටක් තිබුනේ නැත……….
” ලොකු දූ……………… පොඩිදූ………. සෞම්‍යා බලන්න කවුද ආවේ කියලා….
ගෙතුලට හිස දමා භූමිගේ මාමා කීවේ උස් හඬින්………..
” වාඩි වෙන්න පුතා……..
භූමි අසල වූ කුෂන් සෝපාවෙන් වාඩිවිය….. නවීන පන්නයට හැදූ නිවස ඉතා සුන්දරය……. මේ සුන්දර කඳුකරයේ මෙවන් සුන්දර හුරුබහුටි නිවහනක් ඉදි කිරීමේ ආශාවක් ඔහුගේ සිතේ ඇතිවුනේ ඇසිල්ලකින්…… ඒ සැනින් ඔහුගේ මනසේ ඇඳුනේ ඔහුගේ තමා සිතින් සැදූ නිවසේ මිදුලෙහි අතුගාමින් සිටින තුහින්‍යාගේ රුවයි……. ඉන් ඔහුගේ හදවත ගැස්සී ගියේය……..
” පුතා…… මේ ඉන්නේ මගේ ලොකු දුව තේජස්වි…. එතකොට මේ මගේ පොඩ්ඩි මානවී….. මේ ඉන්නේ ඔයාගේ නැන්දා සෞම්‍යා……..
මාමාගේ හඬින් සිහින ලොවින් මිදුන භූමි ඔවුන්ට හෙළුවේ ලෙංගතු හිනාවකි……….. සිනාසුනා මිසක් ඔහු ඉන් එහා වචනයක් වත් කතා කලේ නැත……….
” හ්ම්ම්ම්ම්ම්ම්….. එහෙනම් භූමි නංගිලා එක්ක ටිකක් කතා කර කර ඉන්නකෝ මං ලෑස්ති වෙනකම්….. සෞම්‍යා මේ දරුවට තේ ලෑස්ති කරන්න………
මාමා එසේ පවසා ගෙතුලට ගියෙන් භූමි මදක් අපහසුතාවයට පත් විය……
” අයියාත් Flower shop එකක් කරනවලු නේද…….
භූමි කතා නොකරන හෙයින් තේජස්වි ඇසුවාය……
” ඔ..ව්………..
” අයියා ලගදිද නුවරඑළි ආවේ…….
” ඔ…ව්…..
” මේ අයියේ මොකද හලෝ ඔයාට වෙලා තියෙන්නේ මේක ඔව් නෑ බෑ තරඟයක් නෙවේ…….
” අනේ sorry නංගි මං මේ වෙන කල්පනාවක හිටියේ…….
භූමි අමාරුවෙන් වචන ටිකක් ගැට ගසාගෙන කීවේ කරන්න දෙයක් නැති කමටමය……..
” මොකද කෙල්ලව මතක් වුනාද……
එහෙම අහද්දි නම් භූමිගේ මුහුණේ ඇදුනේ සිනාවක්……. තේජස්වි වඩාත් උවමනාවෙන් ඔහු දෙස බැලුවාය……..
“””බලමු කෙල්ලක් ඉන්නවද කියලා..
තේජස්වි සිතුවාය……. නමුත් භූමිගේ මුහුණින් කිසිවක් හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකි විය……….
” මට කෙල්ලක් නෑ තවම……..
ලොකු නංගි මේ ලඟදිලු නේද රට ඉඳන් ආවේ……..
භූමි ඇසුවේ යමක් නොඇසුව හොත් හරි නැති නිසයි……
” ඔව් අයියේ ඩිග්රි එක ඉවර වෙලා ආවේ……
” හොඳයිනේ………..
එවිටම මාමා පිටතට පැමිනියෙන් භූමිට සැනසුම් සුසුමක් හෙළුනි……
“”” ඇති යන්තම්……. දැන් වත් මේ නෑනලගෙන් බේරිලා යන්න ලැබෙයිනේ…….
භූමි සිතුවේය……….
” භූමි යමුද පුතා………
” යමු මාමේ…… මේ ඒක නෙවේ අපි කොහේටද යන්නේ…….
” යමුකෝ…… වැදගත් වැඩකට අපි යන්නේ………. ගිහාම කියන්නම්…..
මාමා භුමිගේ වාහනයට නගිමින් කීවේය………
❄️ 💙 ❄️ 💙
” අම්මා……………………………..
නාලෙකට පසු ඇසුන කිංකිණි හඬට නන්දිතා සමරවික්‍රම හිස ඔසවා බැළුවේ දෙනෙත් සතුටින් දීප්තිමත්ව යන විටයි……….
” අම්………මා……….ඔන්න මං ඔයා බලන්න මෙතෙන්ටම ආවා……
ඇගේ පුංචි දියණිය ගිහන්ස්‍යා සිනාසෙමින් ඇය වෙතට සිව විත් නතර වුනේ තුරුලෙහිය………. හේෂර දොර අසල හිඳ ඔවුන් දෙස බලා සිටියේ ආදරයෙනි………
” මහන්සි ඇති නේද මගේ බෝනික්කිට……..
නන්දිතා කීවේ ගිහන්ස්යාගේ හිස පිරිමදිමින්…….
” මහන්සි නම් තිබුනා ඒත් දැන් නම් නෑඅම්මා…….. මේ ඒක නෙවේ කවුද අර එළියේ ඉන්න මල් තුන……..
ගිහන්ස්‍යා ඇසුවේ මල් තවානේ සිටින කෙල්ලෝ තුන් දෙනා පෙන්වමින්……
” පොඩි අයියට මේක කරන්න බෑ කිව්වනේ චූටි……. අඩු තරමේ මේකෙ කෙල්ලක්වත් නැතුව……..
නන්දිතා හේෂරට සරදම් කරන්නට විය………
” අම්මා…… ඔයත් හරියට නංගිගේ වයස වගේනේ…… මාර විහිළු තමා ඔයත් කරන්නේ……
” හරි හරි හේෂි….. වාඩි වෙන්නකෝ….. අපි තේ ටිකක් බොමු……..
හේෂර වාඩිවුනේ නංගි අසලින්මයි…… අද ඔහුට පුදුමාකාර සතුටු දවසක්….. ඒ ඔහුගේ නැගණිය පැමිණ සිටීමයි…….
” මේ අර තුන් දෙනාගෙන් කාටද වැඩියෙන්ම කැමති……..
ගිහන්ස්‍යා හේෂරගෙන් ඇසුවේ පහල මල් වලට සාත්තු කරන කෙල්ලෝ තුන් දෙනා පෙන්වමින්………
හේෂරත් හිනාවෙවීම ඔවුන් දිහා බැලුවේ නන්දිතා සමරවික්‍රමත් ඔහු දෙස විමසිල්ලෙන් බලද්දි………
” මං කැමති තුහින්‍යාට……….
හේෂර තුහින්‍යාගේ නම කියද්දි නන්දිතා පුදුමයෙන් වගේ ඔහු දිහා බැලුවා…….
” කෝ කෝ කවුද එයා……..
” අර දම් පාට සාරිය ඇඳන් ඉන්නේ අන්න එයා……..
” ඇයි බං අයියේ සාරි ඇඳන් පුළුවන්ද මල් වලට සාත්තු කරන්න…….. මහ පිස්සු කෙල්ලෝ ටිකක්…….
” උන් ටික ගත්තේ මල් වලට සාත්තු කරන්න නෙවේ…… ඔෆිස් එකට… ඒ වුනත් බලන්නකෝ චූටි ඒ ළමයි එතනත් වැඩ කරනවා….. අපිට ඒක ලොකු දෙයක් නංගි…… මතකද ඉස්සර ඔෆිස් එකේ හිටිය කෙට්ටු ගෑනු කෙනායි අර කොටට අඳින කෙල්ලයි…. නිකමට ඔතනින් පහලට බැහැලා මල් තවානට ඔළුව දාලා නෑ……..
කොල්ලගේ වර්ණනාව අහන් හිටිය ගිහන්ස්‍යා අම්මා දිහා බැලුවා……
” අම්මා…. ඔයාගේ පොඩ් ලේලි එතකොට ඔය තුහින්යාද……..
ගිහන්ස්‍යා අහද්දි හේෂර මෙන්ම නන්දිතාටත් හිනා ගියා……
” ඇයි චුටී දු කැමති නැද්ද………
” මං මොකටද අකැමති වෙන්නේ…. බලමුකෝ ආශ්‍රය කරලා නෑනා වෙන්න හොඳයිද කියලා…….
ගිහන්ස්‍යා කීවේ ඇයටම ආවේනික සුපුරුදු දඟකාරකමින්……….
❄️💙❄️💙❄️💙❄️💙❄️💙❄️💙❄️💙❄️
මල් තවානේ සිට යුවතියන් තිදෙනා කොරිඩෝවට ගොඩවුනේම කිචිබිචි ගාමින්…….. කාර්යාලය ඇත්තේ ඉහල මාලයේය………. කෙල්ලෝ තුන් දෙනා තරප්පු පෙල නගිමින් කාර්යාලයට ගියේ ගිණුම් කටයුතු ආරම්භ කිරීමටයි…….. තුහින්‍යා කෙලින්ම පසෙකින් ඇති ඔවුන් විවේක ගන්නා කාමරයට ගියාය…..
” කෝ ඔයාලගේ මැඩම් අද ඉන්නවද……
දොර අසලින් ඇසුන හඬට ජාන්වී හා දිල්රූ ආපසු හැරුනේ ක්ෂණයකින්……. දුටු දසුනින් ඔවුන් දෙන්නා අන්දුන් කුන්දුන් විය…………
❤️••••මතු සම්බන්ධයි••••❤️