🌹අවසාන කොටස🌹සුදු දෝණි මගේ🌹
🌹🌹දවසක් දා රෑවෙලා මායි ශිහානුයි ටීවි බලමින් හිටියා.දුව හිටියේ කාමරේ නිදාගෙන.ශිහාන් රෑට ගෙදර ඉන්න හැමදවසකම ප්රවෘත්ති බලනවා. ඒක එයා පුරුද්දක් කරගෙනයි හිටියේ. අපි නිවුස් බලබලා ඉන්නකොට ටීවි එකේ Breaking news බලාපොරොත්තු වන්න කියලා පෙන්නුවා.මායි ශිහානුයි ඒ දෙස උවමනාවෙන් බැලුවා.ඒ නිවුස් එක වුනේ
“මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් දෙපිරිසක් අතර සිදුවූ මාරාන්තික ගැටුමකදී පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස්, තිස්හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය පුදලයින් අතර හිටපු අමාත්‍ය විජේනායකගේ පුත් ප්‍රසාද් විජේනායක ද සිටිනවා.ඔහු සිරගත වූයේ මීට වසර පහකට පමණ පෙර නුවරඑළියේ පොළිස් ස්ථානාධිපති ශිහාන් රූපසිංහ මහතාගේ දියණිය වූ ශෂී හිමේශිකා රූපසිංහ දැරිය ඝාතනය කිරීම සම්බන්දවයි…”
ඒ ප්රවෘත්ති බලලා එක විනාඩියක් ගෙවෙන්න ලැබුනේ නෑ.මුළු ගෙදරම භීතියෙන් සලිත කරවමින් කුඩා දරුවෙකුගේ වියරු සිනහා හඩක් පඩිපෙළ දෙසින් ඇහුනා.ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටපු මායි ශිහානුයි එකවරම අප නිවසේ උඩුමහලට නගින පඩිපෙළ දෙස බැලුවා. 😱😱අදහගන්න ඒ වියරු සිනහා වෙනෙකුගේ නොව සිව්හැවිරිදි මාගේ කුඩා දියණියගේය.
දුවගේ ඇස් බයවෙන තරමටම රතුවෙලා, කොණ්ඩෙ අවුල් වෙලා. තාමත් ඒ වියරු සිනහා හඩ.
“හහ් හා හහ් හහ් හා…”
අනේ දෙයියනේ😱😱 මොනවද මේ සිද්ද වෙන්නේ?මගෙ දුවට මොනවද මේ වෙලා තියෙන්නේ …
“ශිහාන්, අනේ මේ මේ මොකද මේ දුවට මේ වෙලා තියෙන්නේ ?අනේ මටනම් බයේ බෑ ශිහාන් .මේ කෙල්ල කවදාවත් මෙහෙම හැසිරීලා නෑ.බලන්නකෝ ශිහාන් ….”
මට තව දුරටත් බලන් ඉන්න බැරි වුනා.මන් දුව ගාවට ගිහින් දුවව ඇල්ලුවා.
“අනේ රත්තරං දුවේ මොකද මේ වෙලා තියෙන්නේ…”
මට එහෙම කියලා කට ගන්න හම්බුනේ නෑ.දුව මාව තල්ලු කරා. තල්ලු කරපු පාර මාව පුටුවත් පෙරලගෙන වැටුනා.අනේ ….දෙයියනේ … දුවට අවුරුදු හතරක් වුනාට මාව තල්ලු කරේ හරියට හැඩිදැඩි පිරිමියෙක්ගේ ශක්තියෙන් වගේ.
ටික වෙලාවක් යද්දී දුව ටීවි එක ගාවට ඇවිත් හිටගත්තා.මටයි ශිහාන්ටයි තාම හිතගන්න බෑ මොනවද වුනේ කියලා.අපි දෙන්නම බයවෙලා බලාගෙන හිටියේ.එක පාරටම ටීවී එකෙන් ප්‍රසාද්ගෙ පින්තූරෙ පෙන්නුවා. ආයෙමත් දුවගෙ අර වියරු අත්භූත සිනහව ආවා.ඒත් එක්කම ලොකු සීතල සුළගක් හැමුවා.අනේ දෙයියනේ මේ මොනවද සිද්ධ වෙන්නේ???😱😮
අත් දෙකෙන්ම ටීවී එක උස්සලා ගත්තු දුව ඒක සාලෙ මැද්දෙම පොළවේ ගැහුවා.
“අනේ ශිහාන් මට බයයි දෙයියනේ.අනේ දුවට මේ මොකද වෙලා තියෙන්නේ?
අනේ මොනවහරි කරන්න ශිහාන්…”
ශිහාන්ටවත් මටවත් බැරිවුණා දුවව පාලනය කරගන්න.දුව එකපාරටම වියරුවෙන් වගේ කෑගහන්න පටන් ගාත්තා.
“ප්‍රසාද් දෙයියො උඹට දඩුවම් කරා ප්‍රසාද්.උඹට මතකද මීට අවුරුදු පහකට කළින් උඹ මාව අර ගේ ඇතුළෙදි දසවධ දීලා මැරුවා.යකෝ මන් එතකොට අවුරුදු හතරක පොඩි දරුවෙක්.උඹ එදා මට ඇනපු පිහිපාර කාගෙන මන් මොනතරම් වේදනාවෙන් දැගලුවද? අද ඒකට උඹට දඩුවම් ලැබුනා…ලැබුනා….ලැබුනා…”
එහෙම කියපු දුව ඊළග තප්පරේදි බිම ඇදගෙන වැටුනා.ශිහාන් දුවව අල්ල ගත්තා.විනාඩි කිහිපයකින් පසුව දුව යථා තත්වයට පත්වුනා.
” මගෙ මැණික දුව,ඔයා හොදින් නේද වස්තුවේ?කතා කරන්න පුතේ….”
“අම්මී…එයා තමයි මාව මැරුවේ අම්මි. මතකද අම්මි අපි එදා කාර් එකේ ටව්න් යද්දී ඒ මනුස්සයා අපිව පැහැරගෙන ගියා. එයාලා ගුණපාල සීයවත් මැරුවා.ගිහින් අම්මිව හිරකරලා තියා ගත්තා. ඊට පස්සේ ඒ මනුස්සයා මගෙන් ඇහුවා තාත්තා මට ගොඩාක් ආදරෙයි නේද කියලා.තාත්ති ආදරේ කරන හැම දේම ඒ මනුස්සයා විනාශ කරලා දානවා කිව්වා.ඊට පස්සේ ඒ මනුස්සයා පිහියක් අරන් මගෙ බඩටයි බෙල්ලටයි ඇනගෙන ඇනගෙන ගියා. මන් ගොඩාක් වෙලා දැගලුවා…..”
අනේ දෙයියනේ මේ මගෙ දුව ශෂී ද? අනේ මගෙ රත්තරං දුවේ ඔයා ආපහු අපි ගාවට ආවා නේද? මගෙ මැණික.
මන් දුවව බදාගෙන ඇඩුවා.
“ශිහාන්, මේ අපේ දුව ශෂී .මන් ඔයාට කිව්වේ දුව ආපහු අපි ගාවට එනවා කියලා.මගෙ වස්තුවේ දැන් නිදාගන්න රත්තරං…”
දුවව නිදි කරලා මායි ශිහානුයි ගොඩාක් දේවල් කතාකරා.අපිට දැන් හොදටම පැහැදිලියි මේ ඉන්නේ අපේ මැරිච්ච දරුවා ශෂී.
“ආශා, මන් කියන්නේ අපි දුවව මෝහනවිද්යාව පිළිඹද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් හොදයි. නැත්නම් දුව ලොකු වෙනකොටත් මේවගේ කලින් ආත්මේ ගැන කියන්න ගත්තොත් ඒක දුවගේ අනාගතයට නරකක් වෙන්න පුළුවන්…”
“ඔව් ශිහාන් .අපි හෙටම ඩොක්ටර් කෙනෙක් ගාවට යමු.මට කෙල්ල ගැන බයයි.මොනවා වුනත් කලින් ආත්මෙ එයාව මරපු මිනීමරුවට දඩුවම් ලැබුනු එකටනම් මට සන්තෝෂයි…”
පහුවදාම මායි ශිහානුයි දුවව ඒ ඩොක්ටර් ගාවට එක්කන් ගියා.ගිහින් දුවගැන සේරම විස්තරේ කිව්වා.
“මිස්ට ශිහාන් ඔයාලා දෙන්නා බයවෙන්න එපා.කෝ දුවව එක්කන් එන්නකො…”
දුවව මෝහනනිද්රාවට පත්කරලා පහුගිය ආත්මේ හැම මතකයක්ම මතකයෙන් සදහටම අයින් කරා.
ඩොක්ටර්ට හදවතින්ම ස්තූතිවන්ත වුනු අපි ආපහු ගෙදර ආවේ ගොඩාක් සතුටින් .
වසර දෙකකට පසු මා තවත් නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් වුනා. අපේ දරුවෝ අපේ ලෝකෙ තවත් එළිය කරා.
🌹🌹🌹වසර විස්සකට පසු🌹🌹🌹
🌹මගේ දුව රෂී අද ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් ලබනවා.එයා ජීවිතය දිහා බැලුවේ හරිම වෙනස් විදියකට.අනික් ගෑණු ළමයි ගුරුවරියක් , නර්ස් කෙනෙක්,ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන දකිනකොට රෂී හින දැක්කේ එයාගෙ තාත්තා වගේ අවන්ක නිර්භීත පොලිස් නිළදාරියෙක් වෙන්න. ගොඩාක් මහන්සි වෙලා , හුගක් කැපකිරීම් කරලා රෂී එයාගෙ හීනෙ හැබෑ කරගෙන දැන් අවුරුදු දෙකක් වෙනවා.අද නුවරඑළිය රාගල පොළීසියේ පොළිස් ස්ථානාධිපති දූරයට රෂී පත්වෙනවා.💐💐💐💐💐💐💐
මගෙ පුතාලා දෙන්නම අද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ඉගෙනුම ලබනවා.දරුවෝ හදලා එයාලට එයාලට හොදට උගන්නලා සමාජෙට හොද පුරවැසියෝ කරලා මායි ශිහානුයි අද ජීවිතයේ සැදෑ සමය හොදින් ගෙවනවා.
🌹🌹🌹සමාප්තයි