කොටසට
බෝනස් කොටස🌹සුදු දෝණි මගේ🌹
🌹🌹කාලෙකට පස්සේ මන් ගොඩාක් සතුටින් හිටියා.ලැබෙන්න හිටපු දරුවා ගැන මන් ගොඩාක් හීන දැක්කා.ශිහාන් මාව හොදට බලාගත්තා. දවසක් රෑ මන් මගෙ මැරුණු ශෂී දුවව හීනෙන් දැක්කා.දුව “අම්මී මන් ඔයාලා ගාවට එනවා”කියලා කිව්වා. එකපාරටම මට ඇහැරුනා.මන් කාමරේ හැම තැනම බැලුවා.ශෂී දෝණි නෑ.
පහුවදා උදේ පාන්දරම මන් මල් කඩලා පහන තිබ්බා.දරුවා ලැබෙන්න තියෙන්නේ තව මාසයයි. ඇසිලින් නැන්දා මන් කන්න ආස හැමදේම මට හදලා දෙනවා.
“අනේ නෝනා ,හැමදාම ඔයවගේ හිනාවෙලා ඉන්නකෝ.ඇස්වහක් කටවහක් නෑ නෝනා අද නම් හරිම ලස්සනයි….”
ඇසිලින් නැන්දා මන් දිහා බලලා මාව වර්ණනා කරන්න ගත්තා.ශෂී දෝණි නැතිවෙච්ච දවසේ ඉදන් ශිහාන්ගෙයි මගෙයි හිත හදලා අපේ දුක බෙදාගන්න අපිත් එක්ක හැමදාම ළගින්ම හිටියේ ඇසිලින් නැන්දා විතරයි.
🌞🌤️🌥️පසුවදා උදේ ශිහාන්ට නිවාඩු හින්දා අපි දෙන්නම නුවරඑළිය ටව්මට ගියා ලැබෙන්න ඉන්න දරුවට අවශ්‍ය බඩු ගන්න.දරුවට ඕනි කරන නැපි,පව්ඩර්,ඕඩිකොලෝන්,බේබික්‍රීම්, නාවන ඕනි කරන බේසම් මේ හැම දේම අපි ගත්තා. ඔක්කොම බඩු අරගෙන ගෙදර එද්දී ගොඩාක් දවල් වෙලා තිබුනා.
“ඔයාට ගොඩාක් මහන්සිත් ඇති නේද ආශා.ඉන්න මන් ඇසිලින් නැන්දට කියන්නම් බොන්න මොනවහරි හදන්න කියලා…” එහෙම කියපු ශිහාන් කුස්සිය පැත්තට ගියා.සාලෙ කබඩ් එක උඩ තිබ්බ මල් මාලයක් දාපු ශෂී දුවගෙ පින්තූරෙ දිහා මන් බැලුවා. අනේ ඒ ඇස් ,හුරතල් මුහුණ දකිනකොට මට වාවන්නෙ නෑ.අහේතුවකට මන්දා මගේ අත මගෙ කුස පෙදෙසට යොමුවුනා🤰🤰🤰. අනේ මේ ඉපදෙන්න ඉන්න දරුවව දකින්න ශෂී දුව ජීවතුන් අතර හිටියනම්.එයා කොයිතරම් නම් සතුටු වෙයිද?පව් අහින්සක කෙල්ල 😥😥😥.
මටත් නොදැනිම මගෙ දෙනෙත් වලින් කදුලු වැටුනා.
“ආශා,මැණික ඇයි මේ ඇස්වල කදුලු .දුවව මතක් වුනා නේද? පව් අහින්සකී.අපේ දුව ආපහු අපි ගාවට එනවා ආශා.ඔයා අඩන්න එපා. ආ මේ කිරි එක බීලා ඉන්න.මන් ඇසිලින් නැන්දට කිව්වා ඉදිආප්ප එක්ක කිරිහොදි හදන්න කියලා.ඔයා ගොඩක් ආසයිනෙ එහෙම කන්න….”
කිරිහොදියි ඉදිආප්පයි කාලා මන් ටිකක් නිදා ගත්තා.වෙන්දා වගේ මන් ශෂී දුවව හීනෙන් දැක්කා.දුව ගොඩාක් සතුටින් හිටියේ.ලස්සනට හිනා වුනා. හීනෙන් හරි දුවව දැකගන්න ලැබුනු එක ගැන මන් සතුටු වුනා.
ටික වෙලාවක් යද්දී මට ලොකු අපහසුතාවක් දැනුනා.දරුවා ලැබෙන්න ළග විත්තිය මට තේරුණා.මන් හයියෙන් ශිහාන්ට කතාකරා.🤰🤰🤰
“මැණ්ක,ඔයාට අමාරුද? ඉන්න මන් ටක්ගාලා වාහනේ ගන්නම් එළියට.බය වෙන්න එපා රත්තරං….”
ශිහානුයි ඇසිලින් නැන්දයි මාව නුවරඑළිය නර්සින් හෝම් එකට ගෙනාවා. දරාගන්න බැරි වෙදනාව්ක් අතරේ හිටපු මට දරුවා ලැබුණේ රෑ හතාමාරට විතර.මොනතරම් අපහසුතා වින්දත් දරුවගේ මුහුණ දැක්කම ඒ අපහසුතා ඔක්කොම නැතිවුනා.ලස්සනම ලස්සන පුළුල් බෝලයක් වගේ දූ පොඩිත්තක්.😘
දවස් තුනකට පස්සේ මගෙ ටිකට් කැපුවා.ශිහාන් මාවයි දරුවවයි පරිස්සමින් ගෙදර එක්කන් ආවා.ගෙදර මිදුලට ආවට පස්සේ ඇසිලින් නැන්දා අපිව පිළිගත්තේ හදවතින්ම ආශිර්වාද කරලා.ඒ ආශිර්වාදයත් එක්කම දරුවව වඩා ගත්තු මමයි ශිහානුයි ගේ ඇතුළට අඩිය තියද්දීම ශෂී දුවගෙ ෆොටෝ එකට දාලා තිබ්බ මල්මාලෙ බිමට වැටුනා.මන් එකපාරටම ශිහාන් දෙස බැලුවා. ඇසිලින් නැන්දා මල් මාලෙ අතට අරන් ආයෙමත් ෆොටෝ එකට දාන්න හැදුවා.ඒත් එහෙම කරන්න හදනකොටම මෙච්චර වෙලා නින්ද ගිහින් හිටපු දරුවා ඇහැරිලා අඩන්න ගත්තා.මන් ඇසිලින් නැන්දට කිව්වා මල් මාලෙ ෆොටෝ එකට දාන්න එපා කියලා.
ශිහානුයි මායි අපේ දුවට නම දැම්මේ ‘රෂී නිමේශිකා’ කියලයි.
🤱🤱🤱💕💕😘😘😘
ගෙදර අපි හැමෝගෙම ආදරේ මැද්දේ රෂී දෝණි ටිකෙන් ටික ලොකුවුනා. රෂී ට තිබ්බේ මැරුණු දුව ශෂීගෙ පෙනුමමයි. අපි හැමෝම සතුටින් ජීවත් වුනා.
දුවට අවුරුදු තුනක් සම්පූර්ණ වුනු නිසා අපි බඩදරු අම්මලාට කෑම වේලක් ලබා දුන්නා.
කාලය හිමිහිට ගෙවිලා ගියත් අපේ දෝණිගෙ හැසිරීම් ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.සමහර වෙලාවට තනියම කල්පනා කරනවා.ඒ වගේම දුව කවදාවත් කැමති නෑ වෑන් එකේ ගමන් බිමන් යන්න. වෙලාවකට හරිම මුරණ්ඩුයි .මන් මේ ගැන ශිහාන් එක්ක කතා කරත් එයා කිව්වේ ලොකුවෙනකොට ඕවා ඇරිලා යයි කියලා.
දුවගෙ තව ලොකු වෙනසක් තිබ්බා.එයා කවදාවත් කැමති නෑ 🔪 🔪 දකින්න.කුස්සියෙ එයාට අහුවෙන තැනක පිහියක් තිබ්බොත් එයා ඒක විසික් කරලා දානවා.එයා හරිම බයයි 🔪 වලට. එන්න එන්නම දුවගෙ මේ හැසිරීම් අන්තිම වුනා.එයා හැසිරුනේ සාමාන්‍ය දරුවෙක් වගේ නෙවෙයි.
බලා ඉන්න බැරි තැන මායි ශිහානුයි කතා කරගත්තා දුවව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන.
🌹🌹🌹🤱👩👧👨👩👧❤️🌷🌹😘💕හෙට අන්තිම කොටස දෙන්නම්🌞🤱🌹😘🌷❤️💐💐හිතෙන දේ කමෙන්ට් කරන්න