2 කොටස🌹සුදු දෝණි මගේ🌹 හවස හයට විතර ශිහාන් ගෙදර ආවා. ශිහාන්ව දැක්කමයි මට යන්තන් හුස්මක් වැටුනේ. ” ශිහාන් මන් හොදටම බයවෙලා හිටියේ…ඇයි ඔයා ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ?…” .
මම එහෙම ඇහුවම ශිහාන් මන් දිහා පුදුමයෙන් වගේ බැලුවා. “ඇයි ,ආශා ඔයා අද හරි අමුතුයි.හරියට මොකේකට හරි බයවෙලා වගේ.අනික මන් වෙනදත් විශේෂ මොකුත් වැඩක් නැත්නම් මේ වෙලාවටනේ ගෙදර එන්නේ…මොකද වුනේ…” ශිහාන් මගෙන් එහෙම ඇහුවත් මන් මොකුත් කිව්වේ නැහැ.ගේ ඇතුලට ගොඩ වුනා විතරයි.පස්සෙ හිමිහිට කියනවා කියලා හිතාගත්තා.
ඒත් මන් මොනවහරි හන්ගනවා කියලා ශිහාන්ට තේරුණා. එයා මන් ගාවට ඇවිත් මගෙ මූණ එයාගෙ පැත්තට හරව ගත්තා . .”ආශා, මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා.මට ඔයාගෙ මූණෙන් හොයාගන්න පුලුවන් ඔයා මොකේකට හරි බයවෙලා ඉන්නෙ කියලා. කියන්න මොකද වුනේ?අර ප්‍රසාද් මෙහෙට කතා කරාද?…” ශිහාන් මගෙන් එහෙම අහද්දි මට පුදුමත් හිතුනා.ශිහාන්ට බොරු කියලා වැඩක් නෑ.
මන් ඇත්තම කිව්වා.ප්‍රසාද් කියපුවා අහලා ශිහාන්ට හොදටම කේන්ති ගියා. .”ඔයා කිසිම දේකට බයවෙන්න එපා ආශා.උගෙන් අපිට මොකුත් වෙන්නෙ නෑ. අද මන් ෆෝන් එක ආන්සර් නොකලෙ ඇයි දන්නවද? විජේනායක ඇමතියගෙයි උගෙ පුතාගෙයි කාරෙකේ තිබිලා STF එකේ අයට ක
ෝටි ගානක කුඩු හම්බෙලා. දන්නවනේ ඉතින් එස්.ටී.එෆ් එකේ අයත් එක්ක සෙල්ලන් බෑනෙ.
ප්‍රසාද් කාරයගෙ කලින් අර රේප් කේස් එක හැඩ්ල් කරේ මන් හින්දා මටත් ඒකට යන්න වුනා. අවුරුදු ගානකට අප්පයි පුතයි හිරේ තමා ඉතින් දැන්…” ඒක ඇහුවට පස්සෙයි මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ.මන් ඉක්මනට ශිහාන්ට තේ හදලා දීලා ඇසිලින් නැන්දා එක්ක රෑට කෑම ලෑස්ති කරා. .🌞🌥️🌤️පහුවදා උදෙන්ම නැගිටපු මම කෙල්ලව ලෑස්ති කරගත්තා ක්ලිනික් යන්න.
අද මාස පහේ බෙහෙත විදිනවා 💉. මායි දුවයි එක්ක ශිහානුත් ආවා.අද ශිහාන් නිවාඩුවක් ගත්තා. ක්ලීනික් එකේ පුදුම සෙනගක් හිටියේ.මගේ වාරය එනකන් ශිහාන් පෝළිමේ හිටියා. නර්ස් දුවට 💉 විදිද්දී මන් කෙල්ලව දගලන්න නොදී හයියෙන් අල්ල ගත්තා .
ශිහාන් අහක බලාගෙන ඇස් තද කරන් කට හපාගෙන ඉන්නවා.මට ශිහාන්ව දැකලා හිනාගියා. කෙල්ල හොදටම අඩනවා.මට දුකේ බෑ. මන් බොහොම අමාරුවෙන් කෙල්ලව නළවගෙන කාර් එකට නැග්ගා. 🚗 .කාර් එකේ යද්දී මට හිතුනා ශිහාන්ව ටිකක් අවුස්සන්න. “මහ ලොකු පොළිස් කාරයා.දරුවට ඉන්ජෙක්ෂන් දෙනකොට බයේ වෙව්ලනවා.😂🤣😂🤣😂😂…” “ආ ඇත්තද මැඩම් .
හිටපන්කෝ ගෙදර යනකන් බය කාටද කියලා පෙන්නන්න 🤣😂🤣😂🤣😂🤣 . මේ හරියේ 🚗 නතර කරන්න තැනක් නැති හින්දා බේරුනේ හරිද.
..” .ටික කාලයක් ගෙවිලා ගියා. මගෙ තාත්තා නැතිවෙලා අදට අවුරුදු 23යි. ඉතින් කලින්ම ශිහාන් එක්කලා කතා කරගත්තු විදියට අපි ගෙදරදිම දානෙ හදලා පන්සලට පූජා කරා.දානෙ වැඩ වලට අම්මත් අපිත් එක්ක එකතු වුණා. දානෙ වැඩ වලින් පස්සේ අම්ම්ට අපිත් එක්ක නවතින්න කිව්වත් අම්මා ඒකට කැමති වුනේ නෑ. “අනේ පුතේ මට මේ සීතල දේශගුනේ ඔරොත්තු දෙන්නෙ නෑ. මට තවත් ලෙඩ වෙයි.
පුතලා සතුටෙන් සැපෙන් ඉන්න. නිවාඩුපාඩු වෙලාවක මන් එන්නම්කෝ පුතාලව බලලා යන්න…” .🌹🌹🌹🌹වසර දෙකකට පසු🌹🌹🌹🌹 ශිහාන්ට පොලීසියේ ප්‍රමෝෂන් එකක් ලැබුනා.නුවරඑළිය පොලීසියේම පොලිස් ස්ථානාධිපති තනතුර.
හැමෝම ශිහාන්ට සුබ පැතුවා. උසස්වීම් ලැබුනා කියලා ශිහාන් කවදාවත් රැකියාවෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නෑ. අවන්ක නිර්භීත පොලිස් නිළදාරියෙක් වුනා.ශිහාන්ගේ මුලු ජීවිතේම වුනේම මායි දුවයි.
රැකියාව හින්දා කොයි තරම් කාර්ය බහුල වුනත් එයා මායි දුවයි වෙනුවෙන් කාලය වෙන්කර ගත්තා. .🤩😘💕දැන් අපේ දොණිට අවුරුදු තුනයි.පුදුම දග මල්ලක්.ගේ වටේම දුවනවා.එක තැනක ඉන්නෙ නෑ. මගෙ වැඩේම ඉතින් එයාගෙ පස්සෙන් දුවන එක.
කොච්චර දග කරාත් ශිහාන්ගෙ වැඩේ දුවව හුරතල් කරන එක.😘👧මන් පු0චි වැරැද්දකට පාරක් ගැහුවත් ශිහාන් ගෙදර ආපු ගමන්
මේකි දුවගෙන ගිහින් කියනවා. .”තාත්තී,අම්මි බබාට දැවුවා👧👧👧…” “ආශා, මොකද මේ ළමයට ගැහුවේ. පොඩි වයසට නොතේරෙන කමට වැරදි කලාම ගහලා හරියනවද? මොනවා තේරෙනවා කියලද මේ පොඩි එවුන්ට? මගෙ යකා අවුස්සන්න ලෑස්ති වෙන්න එපා අයෙ ළමයට ගහලා.😡😠😡…”
“ඒත් ශිහාන් වැරැද්දකට පාරක් නොගහ බෑනෙ.ඔයාගෙ හුරතලේ හින්දා තමයි මේ ඔක්කොම.දැන්ම වැරැද්දකට පාරක් දෙකක් ගහලා හදාගත්තේ නැත්නම් ලොකු වෙනකොට කරන වැරදි වලට ඔයාටම තමා මෙයාගෙ අත් දෙකට මාන්චු දාලා කූඩුවට දාන්න වෙන්නෙ…” .මන් එහෙම කියලා එතනින් යන්න ගියා .
“කෝ එන්න මැණික තාත්ති ගාවට . බබා නෝටි වැඩ කරන්නෙ නෑ නේද? අම්ම් බොරුනෙ කියන්නේ.මගෙ මැණික චෝයිනෙ.👧😘😘…”
ඔය ඉතින් කියලා කට ගන්න හම්බුනේ නෑ.ආයෙ හුරතලේ. අනේ මන්දා ඉතින්?
🌹🌹🌹🌹🌹
ශිහාන් පහුවදා උදේ වැඩට යන්න ලෑස්ති වෙලා තේ එක බිබී කාමරේට ආවා.
“ආශා, අද ඔයාට ටව්න් යන්න ඕනි කිව්වා නේද දුවගෙ Birthday එකට මොනවහරි ගන්න. මට නම් එන්න බැරි වෙයි ඔයා දුවත් එක්ක් යන්න කාර් එකේ .ගුණපාල මාමත් එක්ක…. කෙල්ලට මොනවද අරන් දෙන්නේ Birthday එකට…”
“තාම පොඩි එකීනෙ ශිහාන් . කේක් නම් කොහොමත් කපනවනේ. ගව්මක් ,සපත්තු වගේ දෙයක් සෙල්ලම් බඩුවක් එහෙම අරන් දෙමු….’
“ම්ම්ම්……මල්ලියෙක් ගෙනත් දෙමු. පාළුවෙන් ඇත්තෙ කෙල්ල .සෙල්ලම් කරන්නවත් කවුරුවත් නෑනෙ ගෙදර. පව්. අම්මි මොකෝ කියන්නෙ මල්ලි බබෙක් ගේමුද කෙල්ලට…😘😘😘…”
“මල්ලි බබාලා ගේන්න බැරියැ පස්සේ.දැන් වැඩට යන්නකෝ හොද මහත්තයා වගේ…”
ටිකක් දවල් වුනාට පස්සේ මන් දුවවත් නාවගෙන හොද ඇදුමකුත් අන්දවගෙන ටව්න් යන්න ලෑස්ති වුනා. ගුණපාල මාමටත් කතා කරා.
“නෝනෙ, කොහාටද දැන් යන්නේ…”
“ගුණපාල මාමෙ අපි යමුකෝ මුලින්ම ටව්න් එකට…”
මන් එහෙම කියලා දුවවත් වඩාගෙන 🚗 ට නැග්ගා.අපේ ගෙදර ඉදන් කාර්එකේ ටව්මට යන්න පාරවල් දෙකතුනක් තිබ්බත් අපි යන්නෙම නර්සින් හෝම් එක තියන වට රව්මෙ පාරෙන්.ඒ පාර හරිම නිස්කලංකයි. කෙල්ලටත් හරිම ආසයි ගමනක් යනවා කිව්වම. හරිම සතුටින් හිනාවෙවී ගියේ.
නර්සින් හෝම් එක පහු කරන් ටික දුරක් යනකොට පාර මැද්දෙම කලුපාට වෑන් එකක් නතර කරලා තිබ්බා. හොද වෙලාවට අද වැඩිය මීදුම නෑ.ඒ හින්දා ඒ වෑන් එක හොදට පෙනුනා.
“බලන්නකෝ නොනෙ, මේ වෑන් එකේ මිනිස්සුන්ට පිස්සුද මන්දා පාර මැද්දෙම වාහනේ නතර කරලා තියෙන්නේ. යකෝ, පාරෙ වෙන වාහන යන්නෙ නෑ කියලද මුන් හිතන්නේ?…”
ගුණපාල මාමට හොදටම තරහා ගිහින් තිබුනා.කාරෙකේ හෝන් එක දෙතුන් පාරක් ගැහුවත් ඒ මිනිස්සු වෑන් එක අහක් කරගත්තේ නෑ.
එකපාරටම ඒ වැන් එකෙන් බැහැ ගත්තු මිනිස්සු හතර පස් දෙනෙක් අපේ කාර් එක වට කරගත්තා.මට මොකුත් හිතා ගන්න බැරිවුනා.ඒ මිනිස්සු හිටියේ කලුපාට රෙදි වලින් ඇස් වහගෙන. එලියේ ඉදන්ම ඒ මිනිස්සු උල් 🔪 දික්කරගෙන අපිට එලියට බහින්න කියලා තර්ජනය කළා.මන් හොදටම බය වෙලා හිටියේ .කෙල්ල හොදටම බයවෙලා මාව තද කරලා බදාගෙන හිටියේ.
“මැණික බය වෙන්න එපා.අම්මි ඉන්නවනේ.අපි තාත්තිට කෝල් කරමු…”
මන් එහෙම කියලා ශිහාන්ට කෝල් කරන්න ෆෝන් එක අතට ගත්තා.
“ඒයි තමුන් පොලීසියට කෝල් කරන්නද හදන්නේ.ඔලුව කුඩු වෙන්න තියනවා කෝල් කරන්න හැදුවොත්…”
මන් දෙසට පිස්තෝලයක් දික් කරන් ඒ මිනිහා තර්ජනය කරා. හොදටම බය වෙච්ච මන් ෆෝන් එක බෑග් එකටම දැම්මා.දෙයියනේ කව්ද මේ මිනිස්සු. ඒ මිනිස්සු ගුණපාල මාමට එළියට බහින්න කිව්වත් ගුණපාල මාමා එළියට බැස්සේ නෑ.අනේ මොන වින්ණැහියක්ද මේ වෙන්න යන්නේ .
මට මොකුත් හිතාගන්න බැරිවුණා. එළියේ හිටපු මිනිහෙක් එකපාරටම ලොකු ගලක් අරගෙන ගුණපාල මාමා හිටපු පැත්තෙන් වීදුරුවට ගැහුවා .ඒ ගහපු පාරට මුලු වීදුරුවම කුඩුවෙලා ගියා.අපි බය වෙලා කෑගැහුවා. ඒත් වැඩක් වුනේ නෑ. ඒ පැත්ත පාලු හින්දා කාටවත් අපේ සද්දෙ ඇහුනේ නෑ.
කුඩු වෙච්චි වීදුරු කටු ඇනිලා මගෙ අතින් ලේ එනවා.මායි දුවයි හිටියි ගුණපාල මාමට පිටිපස්සෙ සීට් එකේ.මන් දුවව හයියෙන් අල්ලගෙන කෑගැහුවා.ඒත් එක්කම ඒකෙ හිටපු මිනිස්සු ගුණපාල මාමගෙ බෙල්ලට පිහියෙන් ඇන්නා.පිහිපාර කාගෙනම ගුණපාල මාමා සීට් එක පල්ලට වැටුනා. දෙයියනේ මට ගිරියටින් කෑගැස්සුනා. දුව මහ හයියෙන් අඩන්න පටන් ගත්තා. ගුණපාල මාමගෙ බෙල්ලෙන් විසික් වෙන ලේ දුවගෙ මූණට වැටුනා.මන් දුවව බදාගෙන සීට් එකේ කෙලවරටම වුනා.
ඊට පස්සේ ඒ මිනිස්සු අපි හිටපු කාර් එකේ වීදුරුව කුඩුකරලා මාවයි දුවවයි එළියට ඇදලා ගත්තා.
“කෑ ගහන්න එපා.කෑ ගැහුවොත් දෙන්නගෙම ඔලු කුඩු වෙන්න වෙඩි තියනවා.නැගපිය වෑන් එකට…”
එහෙම කියපු ඒ මිනිස්සු දුවවයි මාවයි වෑන් එකට බලෙන්ම දා ගත්තා. මගෙයි දුවගෙයි කටවල් රෙදිකෑලි වලින් ගැට ගහපු උන් වාහනේ ඉදිරියට වේගෙන් පැදෙව්වා. මට මොනවා වුනත් කමක් නෑ.මන් දරුවට නම් මොකුත් වෙන්න එපා .මන් සියලු දෙවියන් යැද්දේ එහෙමයි. ටික වෙලාවකට පස්සේ මට සිහිනැති වෙලා තිබ්බා.
ආපහු සිහිය එනකොට මන් හිටියේ අන්ධකාරය පිරුණු කාමරේක. මගෙ අත් දෙකයි කටයි රෙදි පටිවලින් ගැට ගහලා තිබ්බේ.ඒ කාමරේ තිබ්බ තද අදුර නිසා මට මොකුත්ම පෙනුනේ නෑ. මන් වටපිට බැලුවා.කෝ මගෙ දරුවා. අනේ මගෙ කෙල්ල කෝ😥😥මන් දගලලා දගලලා බැමි ලිහා ගන්න හැදුවත් බැරිවුනා.
අනේ බුදුහාමුදුරුවනේ මගෙ අහින්සක කෙල්ලට කරදරයක් නම් වෙන්න එපා.අනේ එහෙම වුනොත් නම් මම ජීවත් වෙලා වැඩක් නැහැ.අනේ ශිහාන් දන්නවනම් මේ වෙලා තියන දේ කොයි ලෝකෙක හිටියත් ඇවිත් අපිව බේරගන්නවා.කව්ද අපිට මෙහෙම කරේ?? දැන ගන්න නම් කිසිම තරහ කාරයෙක් නෑ.මට හිතාගන්න අපහසු වුනා.කොහෙද මේ ඉන්නෙ කියලවත් හිතාගන්න බැරි වුනා. මගෙ අත් දෙක පුරාම වීදුරු කටු ඇනිලා තුවාල වෙලා තිබ්බා.
ටික වෙලාවක් යද්දී අන්ධකාරයෙන් වැහිලා තිබ්බ ඒ කාමරේ දොරක් ඇරගෙන මනුස්සයෙක් කාමරේට ආවා.ඒ මිනිහා කාමරේ ලයිට් එක දැම්මා. එතකොටයි මට හරියට පැහැදිලිව ඒ කාමරේ පෙනුනේ.තට්ටු ගෙදරක උඩ තට්ටුවක කාමරේකයි මන් හිටියේ.සුදු පාට තීන්ත ගාපු ඒ කාමරේ පැත්තක ඇදකුයි, කබඩ් එකකුයි, මේසෙකුයි තිබ්බා.කාගෙද මේ ගෙදර ???
එතකොටම කාමරේට ආපු අර මනුස්සයා මන් ගාවට ඇවිත් හිටගත්තා.ඊට පස්සෙ මූනෙ තිබ්බ කලුපාට රෙද්ද අයින් කරගත්තා.
දෙයියනේ….😱😱 විජේනායක ඇමතිගෙ පුතා ප්‍රසාද්.දෙයියනේ මේ මිනිහද අපිව පැහැරගත්තේ? අවුරුදු තුනක් ගිහිල්ලත් මේ මිනිහා අපෙන් පළි ගන්න එක අතෑරලා නැද්ද? අනේ මගෙ කෙල්ලට මේ මිනිහා මොනවත් කරලද? මගේ කට ගැටගහලා හින්දා මට මොකුත් අහන්න බැරිවුනා.
“ආ මැඩම්, මාව මාව මතක ඇතිනේ.මන් ප්‍රසාද් විජේනායක. හිතන්න නැතුව ඇතිනේ මේ විදියට අපි හම්බවෙයි කියලා.තමුන්ගේ මිනිහට පොලීසියේ ලොකු තනතුරක් හම්බුනාලු නේද ? කොච්චර ලොකු තනතුරු ලැබුනත් පොලීසිය ඉන්නෙ අපිට පහළින්.
මීට අවුරුදු තුනකට විතර කළින් තමුන්ගෙ මිනිහා මට හොදටම ගැහුවා පොලීසියේදි.මතකයිනෙ තමුසෙට මන් කිව්ව ඒකට පළිගන්නවා කියලා. අද ඒ දවස උදාවෙලා තියෙන්නේ .තමුන්ගෙ මිනිහා අපේ කුඩු,පාතාලෙ හැම බිස්නස් එකක්ම විනාශ කරා.ශිහාන් …… උගෙ නම ඇහෙනකොටත් මගෙ ඇගේලේ රත් වෙනවා.මන් ඌට අයිති හැමදේම උදුර ගන්නවා.ඌ සන්තෝශ වෙන හැම දේම මන් උගෙන් උදුර ගන්නවා…..”
එහෙම කියපු ප්‍රසාද් මගෙ කට ගැටගහලා තිබ්බ රෙදි කෑල්ල ගැලෙව්වා. මගෙ උගුර කට හොදටම වේලිලා වගෙයි දැනුනේ.මන් බොහොම අමාරුවෙන් වචන පිටකර ගත්තා.
“අනේ ප්‍රසාද් කෝ මගෙ දරුවා.අනේ මගෙ දරුවට නම් මොකුත් කරන්න එපා පින්සිද්ද වෙයි . ලොකු මිනිස්සු කරන දේවල් වලට අර අසරණ දරුවා පළි නෑ ප්‍රසාද් .මට මගෙ දරුවා ගෙනත් දෙන්න….”😥😥🙏🙏🙏
“තමුසෙගෙ දරුවට මන් මොකුත් කලේ නෑ.බය වෙන්න එපා.හැබැයි මොකුත් නොවී තියෙන්නෙත් නෑ…..”
එහෙම කියපු ඒ මිනිහා මගෙ අත්දෙක ලෙහුවා. මන් උගෙ කකුල් දෙක පාමුල වැදවැටුනා.😥🙏🙏😥🙏🙏
“අනේ මගෙ අහින්සක දරුවට මොකුත් කරන්න එපා ප්‍රසාද් .ඕනම පලියක් මගෙන් ගන්න.මාව මැරුවත් කමක් නෑ මගෙ දරුවට කරදරයක් කරන්න එපා .අනේ මන් වදින්නම්🙏🙏🙏…”
මන් ප්‍රසාද්ගෙ කකුල් දෙක අල්ලගෙන එහෙම කිව්වා.එතකොටම උගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඌ කලබලෙන් කෝල් එක කතා කරේ.කෝල් එක කට් කරලා ඇවිත් ඌ මගෙ අතින් තද කරලා අල්ලගෙන” ඔහොම හිටපන් මන් උඹ ගැන බලාගන්නම්….” කියලා පල්ලෙහාට දුවලා ගියා. හැබැයි ප්‍රසාද්ට කාමරේ දොර වහන්න අමතක වුනා. මේ තමයි පැනලා යන්න හොදම වෙලාව කියලා හිතපු මන් එතනින් දිව්වා.ඒත් කාමරේ දොර ගාවට දුවපු මගේ කකුළ මොකේකදෝ පැටලිලා මාව එතන වැටිලා ඔලුව හයියෙන් බිත්තියේ වැදුනා. වැදිච්ච පාරට මට සිහිය නැතිවුනා…