කොටස🌹සුදු දෝණි මගේ🌹. 🌹🌹🌹සියොතුන්ගේ කීචි බීචි නාදයත්, පාන්දර සිට ඇදහැලෙනා සිහින් සිරිපොද වැස්සත් සමග හාත්පසම වෙලාගෙන තිබූ ගන අදුර පහව ගොස් තවත් අලුත් දවසකට ළහිරු කිරන උදා වන්නට විය. පාන්දර නිසාම ගතට දැනෙනා දැඩි සීතල නිසා අවදි වූ මම මා අසළ නිදා සිටිනා මගේ චූටි දියණියට පොරෝනය හොදින් පෙරෙව්වෙමි.
ඇගිල්ලත් කටේ දාගෙන නිදා සිටිනා දියණියගේ කම්මුල මත හාදුවක් තැවරූ මම නිවසේ පහත මාලයේ ඇති මුළුතැන්ගෙට ගියෙමි. මා එහි යන විටත් සිරියාවතී නැන්දා උදෑසන ආහාර පිසිමින් සිටියාය. .
“ආ පු0චි නෝනෙ පාන්දරම නැගිටලා වගේ.ටිකක් ඉන්න.මන් ටක්ගාලා තේ වක්කරලා දෙන්නම්…” .සිරියාවතී නැන්දා තේ හදනා තෙක් මම මුළුතැන්ගෙයි පුටුවකින් වාඩි වුනෙමි. “සිරියාවතී නැන්දේ ශිහාන් අද මොකද දන්නෙ නෑ තාම පරක්කු..” “අනේ නෝනෙ ඉතින් පොලීසියේ රස්සා කරනකොට රැයක් දවාලක් තියනවයැ.
මහ රෑට කෝල් එකක් ආවත් මහත්තයා ටග්ගාලා දුවනවනේ…” .සිරියාවතී නැන්දා කියූ කතාව ඇත්ත යැයි මට සිතුණි.රැයක් දවාලක් නොමැතිව ශිහාන් තම රැකියාව අකුරටම ඉටු කරයි. මගේ නම ආශා ජයමිණි සේනාධීර.මගෙ තාත්තා පාලිත සේනාධීර.යුද්ධෙ කාලෙදි බිම් බෝම්බෙකට අහුවෙලා තාත්තා මැරෙද්දි අපෙ අම්මට මාව හම්බවෙන්න ඉදලා තියෙන්නේ.තාත්තා යුධ හමුදා සෙබලෙක්. අම්මයි මායි ජීවත් වුනේ ගාල්ලෙ. මන් පාසල් ගියේ ගාල්ලෙ .
පොලිස් ට්‍රේනින් එකකට දවසක් ශිහාන් අපේ පළාතට ඇවිල්ලා හිටියා.එතකොට මන් A/L ලියලා රිසාල්ට් එනකන් ගෙදර හිටියේ. ඒ අතරතුර මාව දැක්ක ශිහාන් මට එයාගෙ ටෙලිෆෝන් නම්බර් එක දුන්නා.
මාත් ඒක අරන් අම්මට හොරෙන් කීප වතාවක්ම ශිහාන්ට කතා කරා.කාලයක් යද්දි ශිහානුයි මායි ආදරේ කරන්න ගත්තා. ශිහාන් හරිම හොද කෙනෙක්.එයා ගෙදරටම ඇවිත් අම්මත් එක්ක මන් ගැන කතා කරා.මගෙ තාත්තා වගේම ශිහාන්ගේ අම්මයි තාත්තයි දෙන්නම යුද්ධෙදි බෝම්බෙකට අහුවෙලා මැරිලා. A/L රිසාල්ට් ආවට පස්සේ මට කැම්පස් යන්න ළකුණු මදිවුනා.ඉතින් මායි ශිහානුයි කසාද බැන්දා. කසාදෙන් මාස හයකට පස්සෙ ශිහාන්ට නුවරඑළියට ට්‍රාන්සර් එකක් ලැබුනා.
මායි ශිහානුයි නුවරඑළිය පදින්චියට ආවා.අම්මට අපිත් එක්ක නුවරඑළිය එන්න කිව්වත් එයා මේ පරිසරේට කැමති වුනේ නෑ .අම්මා දිගටම ගාල්ලේ හිටියා.අම්මගෙ තනියට අපේ පු0චි කෙනෙකුත් හිටියා.අපි නුවරඑළියට ඇවිත් අවුරුදක් යද්දී මට දුව හම්බුනා.දුවට දැන් මාස තුනයි. එයාගෙ නම ශෂී ආරාධනා. .තේ බීපු කෝප්පෙත් හෝදලා සාලෙට එද්දිම ශිහාන් ආවා.
එයා ඊයෙ රෑ නයිට් ඩියුටි. “ගුඩ් මෝනින් ශිහාන් .ඇයි අද පරක්කු…” .”ගුඩ් මෝනින් මැණික. බලන්නකෝ අර විජේනායක ඇමතියගෙ පුතා කෙල්ලෙක් රේප් කරලානෙ. ඌ ඒ කෙල්ලව කැලේකට ගිහින් දාලා පැනලා ගිහිල්ලා.අපි ඒ කෙල්ලව හොයාගෙන හොස්පිටල් ඇඩ්මිට් කරා. ඇමතියගෙ පුතාව අල්ලගත්තේ අද පාන්දර උගෙ යාලුවෙකුගේ ගෙදර ඉද්දී.
ඌට බෑ මේ ශිහාන් ගෙන් හැන්ගිලා ඉන්න….” .ශිහාන් එහෙම කිව්වම මට ටිකක් බයත් හිතුනා. විජේනායක ඇමති හොද මනුස්සයෙක් නම් නෙවෙයි.එයාට පාතාලෙ සම්බන්ධකම් තියනවා.එයා වටේට ඉන්නේ මහා දාමරික මිනිස්සු. ශිහාන් ඇමතිගෙ පුතාව හිරේ දැම්ම නිසා විජේනායක ඇමති ශිහාන්ට කරදරයක් කරයිද? මම බය වුනා කියලා දැනගෙන ශිහාන් මගෙන් ඇහුවා.
“අනේ ශිහාන් ඔයා මොනවා කිව්වත් මට හරිම බයයි අනේ . විජේනායක ඇමති මොනවගේ කෙනෙක්ද කියලා මන් ඔයාට අමුතුවෙන් කියන්න ඔන්නෑනෙ. අනේ පරිස්සමින් ශිහාන් …” “ආශා, ඔයා බයවෙන්න එපා මට මොකුත් වෙන්නෙ නෑ.මන් පොළිස් නිලධාරියෙක්. ඇමතියගෙ පුතාට විතරක් නෙවෙයි නීතිය කාටත් එකයි….. හොද ළමයා වගේ මට බොන්න මොනවහරි හදන්න කියන්න සිරියාවතී නැන්දට.මන් ඇදුම් මාරු කරගෙන එන්නම්…” .එහෙම කියපු ශිහාන් උඩට ගියා.
සිතුවිල්ලේම මන් මුළුතැන්ගෙට ගියා බොන්න මොනවහරි හදන්න. .දවල් දුවට කිරිදීලා මන් දුවත් අරගෙන මිදුලට ආවා.ශිහාන් කාත් එක්කදෝ මන්දා ෆෝන් එකෙන් කතා කරනවා.මන් ගිහින් බන්කුවෙන් ඉද ගත්තා. “කෝ මගෙ මැණික් කැටේ එන්න තාත්තිගේ අතට. මසෙ සෝසමල අපි අද අම්මිත් එක්ක බූන් යමූ…” ශිහාන් දුවට එහෙම කියනකොටයි මට මතක් වුනේ අපි අද පන්සල් යන්න හැදුවා කියලා.
ශිහාන්ගේ අතේ දුව ඉන්නැද්දී මන් ගිහින් ශොපින් කවරෙකට මල් කඩලා තෙල්,පහන්තිර,හදුන්කූරු සූදානම් කරගත්තා. .හවස පහට විතර අපි කාරෙකේම පන්සල් ආවා.පෝය දවසක් නොවුනත් පන්සලේ සැදැහැවතුන් පිරිලා හිටියා.පැය එකහමාරක් විතර පන්සලේම ගත කරපු අපි රෑට කෑමත් අරගෙනම ගෙදර ආවා. ගමන් මහන්සියටම මන්දා දුවට නින්ද ගිහින්.
මන් දුවව කාමරේ ඇදෙන් තියලා නෙට් එක දැම්මා. උඩ කොරිඩෝවෙ ඉදන් ශිහාන් කාටදෝ කෝල් කර කර බනිනවා. මන් ගිහින් ඇයි කියලා ඇහුවා.ශිහාන්ට හොදටම කේන්ති ගිහින් හිටියේ. .” ඇයි යකෝ,මේ කාලකණ්ණි හැත්ත ඕනම ජරා බලු වැඩක් කරලා නොකරපු ගානට උපාසකයො වගේ ඉන්න හැටි….😡😡😠😠 ” .”ඇයි ශිහාන් මොකද වුනේ, කව්ද කතා කරේ..” .” කතා කරේද 😡😡කතා කරේ ඩී.අයි.ජී ලොක්කා. ඌ කියනවා.අර ඇමතියගෙ පුතාගෙ රේප් කේස් එක යට ගහන්නලු.වන්දියක් දෙන්නම්ලු කෙල්ලට.හෙට උසාවෙදි ඇප දෙනවලු අරූට…..පව් අර අහින්සක කෙල්ල .තාම අවුරුදු 17යි.බාළ අපරාධයක් කරලත් මුන් බේරෙන ලස්සන.සල්ලියි ඇමති පට්ටමේ බලයයි තමා.ශික්…”😡😠😡😠😡 මට ඒ ගෑනු ළමයා ගැන දුක හිතුනා.පව්. ශිහාන් ගොඩාක් උත්සහ කරා කෙල්ලට සාදාරණයක් ඉටු කරන්න. .🌞⛅⛅පහුවදා උදේම ශිහාන් වැඩට ගියාට පස්සේ මන් දුවගෙ රෙදි වගයක් හෝදලා වේලෙන්න දැම්මා.
ඊට පස්සේ දුවව උණු වතුරෙන් නාවලා රෝස පාට ගව්මක් ඇන්දුවා.මගෙ රෝස බෝනික්කි ඒ ගව්මට ගොඩාරියක් ලස්සනයි. මන් දූට උම්මා එකක් දුන්නා😘😘😘😘😘.ශිහාන්ගෙයි මගෙ පණ තමයි මේ ඉතින්.
මන් දවල් දූගෙ වේලුනු රෙදි ටිකත් අරගෙන සාලෙට එද්දි කෝල් එකක් ආවා. .”හෙලෝ කව්ද මේ කතා කරන්නේ? ” මන් ඇහුවේ ඒ කටහඬ පුරුදු නැති හින්දා. “හෙලෝ මැඩම්ට මගෙ කටහඩ අදුරන්න පුලුවන්ද ?…” ඒ මනුස්සයා ඇහුවේ තර්ජනය කරන්න වගේ. ” මේ කටහඩින් අදුරගන්න තමුන් ජෝතිපාලද? කව්ද කියනවා.මට වැඩ තියනවා…” මම සැරෙන්ම එහෙම කිව්වා. .
“හරි.හරි මැඩම් මැඩම් මාව දන්නෙ නෑ තමයි.මම මිනිස්ටර් සාලිය විජේනායකගේ පුතා ප්‍රසාද් විජේනායක .දැන් දන්නවද?…” .ඒ මනුස්සයා එහෙම කිව්වා විතරයි මට නිකන් අකුණක් ගැහුවා වගේ වුනා.⚡⚡දෙයියනේ එහෙනම් මේ මිනිහට ඇප හම්බෙලාද? මට හොදටෝම බයත් හිතුනා.ඇයි මට මේ මනුස්සයා කෝල් ගත්තේ? .”ඉතින් ඇයි මට කතා කරේ ” මන් බයෙන්ම එහෙම ඇහුවා
. “ඕ හෝ ඕඕ මොකද මේ මැඩම් බයවෙලා.ආ… මට වැඩි දෙයක් කියන්න නෑ.තමුන් මේක හොදට අහගන්නවා😠😠තමුසෙගෙ මිනිහා මට පොලීසියේදී හොදටම ගැහුවා👊🤛🤜මන් ළගදීම ඒකෙ රිටන් එක ගන්නවා.දන්නවනෙ මන් කව්ද කියල. තමුනුයි මිනිහයි දරුවයි පරිස්සම් වෙලා ඉන්නවා.😠😠😡” .ඒ කෝල් එකෙන් පස්සෙ මන් හිටියේ හොදටම බය වෙලා.
කොයි වෙලේ හරි ප්‍රසාද් මගෙ ශිහාන්ගෙන් පලි ගනියි.මන් සියලු දෙවියන්ගෙන් ඉල්ලුවේ ශිහාන්ට කරදරයක් වෙන්න දෙන්න එපා කියලයි. හවස ශිහාන් ගෙදර එනකන් මන් මග බලන් හිටියා.ශිහාන්ට කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරේ නෑ.මන් හොදටම බය වෙලයි හිටියේ.හවස හයට විතර ශිහාන් ගෙදර ආවා.