සිතින් විතරක්

තිස් නවය…39

විහඟ කාමරේට යද්දි ඒන්ජල් උන්නෙ සිහිසු න්ව. මුලින්ම විහඟ හිතුවෙ අඬලම මහන්සි යට ඈට නින්ද ගිහින් කියලා.

ඒන්ජල් නැඟිටින්නකො මැණික…

විහඟ ඇයට කතා කලා. ඒත් ඇගේ කිසිම ප්‍රතිචාරයක් නෑ..

අනේ වස්තුවෙ නැඟිටින්නකො..මමනෙ කතා කරන්නෙ.. ඔහු ආයිම කීවා. ඒත් ඇ අවදිවන බවක් පේන්න නෑ.

නැඟිටිනවා ඒන්ජල් මොකක්ද මේ කරන විකා රෙ තේරුම..පිස්සු නට න්නෙ නැතුව නැඟිටින
වා…

ඒ ගමන විහඟ කීවේ ඈව තදින් සොලව මින්. ඒත් ඈ අවදි වුනේ නෑ. ඈ ඉන්නෙ නින්දක නෙවී කියලා විහඟට තේරුනා.

දෙයියනේ මේ කෙ ල් ල ට සිහිය නෑ..ඒ කිය න්නෙ ඒන්ජල් ඔයා ඔයා… එච්චරම ඇඬුවද…

විහඟට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුනා. ඇය මොන තරම් වේදනාවකින් ඉන්න ඇති ද කියලා ඔහුට හිතා ගන්නවත් බෑ. ඔහු ඈව දෝතින්ම ඔසව ගත්තා. සිහිසුන්ව ඈ උන්නෙ මලකදක් මෙන්. ඔහු ඈව ත් ඔසවගෙන පහල ට බැස්සෙ වේගයෙන්.

ඒන්ජල්ව ඔසවගෙ පහලට බහින විහඟව දැක්කම සෙත්ට ඇතිවුනේ තිගැස්මක්.

විහා ඇයි මේ ඒන්ජල්ට මොකද…? සෙත් ඇහුවෙ ඒ තිගැස්මෙන්මයි.

දන්නෑ සෙත්…කෙ\ල්ලට සිහිය නෑ පැය ගාන ක් අඬන්න තියා ගත්තම ඉක්මන් කරලා වෙහි ක ල් එක ගනින්…සෙත්….

. විහඟ කියවගෙන ගියෙ ඈව ඔසවගෙන වාහනේ ලඟට දුවගෙන එනගමන්.

සෙත්ට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුනා. මොන තරම් ඇඬුවත් ඈ එතරම් වේදනාවකින් ඇති කියලා ඔහු හිතුවෙ නෑ. ඒ වෙලාවෙ ඔහුට ඇගේ ඒ හැඬීම ගැන ඒ තරම් ලොකු හැඟීමක් තිබුනෙත් නෑ. මොකද ඔහු උන්නො හොඳටම නොසන්සුන් වෙලා.

අනේ ඉක්මනට යමන් සෙත්…කෙ\ල්ල හුස්ම ගන්නෙත් අමාරුවෙන්..

විහඟ කීවේ හුඟක්ම බියපත් හඬකින්. ඔහු එතරම් කලබලෙන් උන්න වෙන දවසක් සෙ ත්ගෙ මතකයෙ නෑ. ඒ කියන්නෙ විහඟ ඒන්ජ ල්ට ඒ තරම්ම ආදරෙයි. ඔහු අත් හැර යන්න හදන්නෙ එහෙම ආදරයක්. සෙත්ට සුසුමක් හෙළුනා.

එකිනෙකාගෙන් වෙන් උනොත් ඔවුන් මොන තරම් විඳවාවි දැයි සිතාගන්නට සෙත්ට අපහසු වුනේ නෑ. මොකද ඒ වේදනාව ඔහු හොඳටම දන්න නිසා.

විහඟ කියනවා වගේ දවසක් දෙකක් අඬලා ඒන්ජල් හිත හදාගනීද දවසක් දෙකක් මෙහෙම ඇඬුවොත් ඇගේ ජීවිතේටත් ඒක ලොකු අවදානමක් නෙවීද.. සෙත්ට හිතුනා.

ඉක්මනින් ලඟා වෙන්න පුළුවන් නිසා සෙත් ඒන්ජල්ව රැගෙන ගියෙ ඒ ලඟම තිබුන පෞ ද්ගලික රෝහලකට. ඒ වෙන කොටත් ඒන්ජල් උන්නෙ සිහිසුන්ව.

වහනේ නතර කරන කොටම විහඟ ඒන්ජ ල්වත් අරන් වාහනෙන් බැස්සෙ නෑ එහෙම්ම බිමට පැන්නා. ඔහු සෙත් දිහා බලන්නවත් වෙලාවක් ගන්නෙ නැතුව ඈවත් අරගෙන රෝහල දිව්වා.

විහඟ උන්නෙ අසනීපෙන්. ඔහුගෙ තුවාල තා මත් හරිහැටි සුවපත් වෙලා නෑ. වෛද්‍යවරු ඔ හු ට කියලා තිබුනා ටික කාලයක් යනතුරු විවේකීව පරිස්සමින් ඉන්න කියලා.

ඒත් මේ වෙලාවෙ නං විහඟට ඒ කිසිම දෙයක් මතකවත් තිබුනෙ නෑ. ඔහුගෙ අවධානය යො මුවෙලා තිබුනෙ ඒන්ජල් ගැන විතරයි.

රෝහලට ඇතුල් කල වහාම ඒන්ජල්ට ප්‍රතිකාර ආරම්භ කලා. වෛද්‍යවරු පැවසූ ආකාරයට න ම් ඒන්ජල්ට එතරම් බරපත අසනීප ත ත්වයක් තිබුනෙ නෑ ඒත් ඈ තාමත් උන්නෙ සිහිසුන්ව.

අනේ ඩොක්ටර් මගෙ කෙ\ල් ල ට කොහො මද..?

ඒන්ජල් ලඟ ඉදලා පිටට ආව වෛද්‍යවරියක ගෙන් විහඟ ඇහුවා. මගෙ කෙ\ල් ල ඒ හරි ආදරණීය හෘදයාංගම බැඳීමක් කියලා සෙත්ට හිතුනා.

බය වෙන්න දෙයක් නෑ..එයාට පේන විඳහට නං ලොකු අමාරුවක් නෑ..ඒත් සිහිය එනකං මොනවත් කියන්න බෑ..

වෛද්‍යවරිය කීවේ සන්සුන් හඬකින්.

මෙයා ගොඩක් වීක් ඩොක්ටර්..ඒ තියද්දි පහුගිය දවස් වල බලඩ් ඩොනේට් කලා..ඒකෙ මොකක් හරි ඉෆෙක්ට් එකක් තියනවද දන්නෙ නෑ..
විහඟ ආයිම කීවා.

එහෙම නං වෙන්න බෑ..ඒ වගේ ඉෆෙක්ට් එක ක් එනව නං ඒ වෙලාවෙම එන්න ඕනි… මට පේන විඳිහට මෙයාට මොකක් හරි දේකින් ලොකු ෂොක් එකක් ඇවිත් තියනවා… ඇඬුවද මෙයා…

වෛද්‍යවරිය ඒ ගමන ඇහුවෙ සෙත්ගෙයි විහ ඟ ගෙයි දෙන්නගෙම මූණ දිහා බලාගෙන. ඔවු න් දෙදෙනා එකිනෙකාගෙ මූණ බලාග ත්තෙ එක පාර. මොනවද කියන්නෙ කියලා ඔවුන්ට හිතා ගන්න බැරිවුනා.

දන්න දෙයක් කියන්න දන්නවනෙ ලෝයර්ටයි ඩොක්ටර්යි ප්‍රශ්න හැංගු වොත් වෙන දේ..

එක්කො අඩි හයක් උඩ නැත්තං අඩි හයක් යට..වෛද්‍යවරිය ආයිම කීවා.

ඔව් ඩොක්ටර් මෙයා සෑහෙන වෙලාවක් ඇඬු

වා..එයාට එහෙම අඬන්න අමාරුයි..

විහඟ කීවේ දෙපාරක් හිතන්නෙ නැතුව. මොකද මේ වෙලාවෙ ඔහුට ඒන්ජල්ගෙ ජිවිතේ ඇරෙන්න වෙන මොනවත්ම වැදගත් වුනේ නෑ.

සෑහෙන වෙලාවක් එහෙම නිකම්ම අඬන්නෙ නෑනේ..මොනවට ද ඇඬුවෙ.. ඊට කලින් කියන්නකො ඔය දෙන්නා මේ ගර්ල්ගෙ කවුද කියලා..

වෛද්‍යවරිය ආයිම ඇහුව. ඇයට තාමත් සිද්ධ වුන දෙයක් හිතාගන්න අමාරුයි. මොකද ඒන්ජල්ට කිසිම කායික ආබාධයක් තිබුනෙ නෑ.

ඈට තාමත් මේ තුන්දෙනා අතරෙ තියන සබ ඳකම තේරුංගන්න පහසු වුනේ නෑ. තරුණ පිරිමි දෙන්නෙක් එක්ක සිහිසුන් වුන ගෑ ණු ළම යෙක් මේ විඳිහට රෝහල් ගත කරන එක ටිකක් විතර අසාමානයි කියලා ඇයට හිතුනා.

ඇය එහෙම ඇහුවාම විහඟ සෙත් දිහා බැළු වෙ කියන්නෙ මොනවද කිය ලා හිතා ගන්න බැරුව. එතන හිටියෙ ඔහු විතරක් නම් විහඟ කියන්නෙ ඒ මගෙ මුළු ජීවිතේම කියලා. ඒත්.

ඒ මගෙ නංගි… මේ මගෙ යාළුවා..ඩොක්ටර්…

සෙත් එහෙම කීවේ දෙපාරක් හිතන්නෙ නැතුව

ජීවිතේ දි සමහර දේවල් ගැන තීරණ ගන්න වෙන්නෙ හරිම හදිසියෙන් කියලා සෙත්ට හිතුනා.

මේ දෙන්නගෙ ආදරේට මැඳිවෙලා තුන් දෙනාම විඳවනවට වඩා තමන් හිත හදා ගන්න එක වැඩිය සාධාරණයි කියලා සෙත්ට හිතුනා. මොකද ඒන්ජල් කවදාවත් තමන් ලඟ සතුටින් ඉන්නෙ නෑ කියලා ඔහුට වැටහිලා තිබුනා.

සෙත්…

විහඟ දෙයක් කියන්න හැදුවා. ඒත් සෙත් ඔහු දෙස හෙලූ බැල්මෙ තිබුනෙ කිසිවක්ම නොකි යන්න කියලා.

මේ මිස්ටර්… ඒ ගමන ඇය සෙත් දිහා බැල්මක් හෙලන ගමන් ඇහුවා.

මම සෙත්.. බෝසෙත් අනුත්තර මංචනායක…

සෙත් කියවගෙන ගියා.

මිස්ටර් මංචනායක.. මම ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕනි.. ටිකකට මගෙ රූම් එකට එන්න.. එහෙම කියාගෙන වෛද්‍යවරිය එතැනින් පිටවුනා. සෙත් ඈ පසුපසින් ගියා.

විහඟට තාමත් හිතා ගන්න බෑ සෙත් කියපු දේ. ඒ කියන්නෙ ඒ කියන්නෙ සෙත් සෙත්.. ඒන්ජල්ව මට දෙන්න ද හදන්නෙ..

විහඟ තමන්ගෙන්ම අහගත්තා. ඔහුට තාමත් කිසිම දෙයක් හිතා ගන්න බෑ. ඔහු හිටියෙ හො ඳටම නොසන්සුන් වෙලා.

උදරයෙනුත් උරහිසිනුත් දැනුන වේදනාව නිසා විහඟ එහෙම්මම එතන තිබුන පුටුවකට බරවුනා.

මිස්ටර් මංචනායක.. මම ඔයාලගෙ පෞද්ග ලික දේ අහනවා කියලා හිතන්න එපා..

ඒත් සිද්ධවුන දේ ගැන දැන ගන්නෙ නැතුව පේෂන්ට ට්‍රීට් කරන්න අමාරුයි.. වෛද්‍යවරිය කියවගෙන ගියෙ බර හඬකින්.

මම දන්නවා ඩොක්ටර් මම හැමදේම කියන්න ම්..හැමදේටම වඩා මේ වෙලාවෙ මට වටින්නෙ ඒන්ජල්ගෙ ජීවිතේ…. සෙත් කිවේ සුසුමක් හෙලමින්.

හමුවෙමු.

අවුල් අද නං හොඳටම ඊයෙ උදේ ඉදන් හිසේ කැක්කුමක් හැදිලා තාම අඩු නෑ. කකියනවා ඉන්න බෑ. ඔයාලා බලන් ඉන්න හින්දා මෙහෙම හරි ලීවේ අවුලක් නං කියන්න. ස්තූතියි කතාව කියෝන හැමෝටම