හත්වෙනි කොටස🌿🌷_
එවෙලෙහිම වන්දනාගේ දුරකතනය නාද වන්නට විය………….. අසෙනියගේ අත අත්හැර දැමූ වන්දනා ඇමතුම සම්බන්ධ කර ගත්තාය………..
🌹 අප්පච්චි…………… කියන්න…….
🏆️ චූටි දූ දැන්මම එන්න ඔයා දැන් යන්න ඕනි නෙළුම්දෙණිය හම්බවෙන්න……
🌹 හරි අප්පච්චි මං ඉක්මනින් එන්නම්………
ඇමතුම විසන්ධි කල ඇය අසෙනිය දෙස බැලුවාය……….
🌹 අසෙනි…….. මං දැන් යන්න ඕනි……. මං අද ඉඳන් ඉන්නෙ නෙළුම්දෙණිය වලව්වෙ……. අපි හෙට හම්බවෙමුද මං ගිහින් එන්නද…………
අසෙනියගේ හිත වේදනාවෙන් පිරු ණි ඔහු අසරන හිනාවක්ද සමගින් ඔළුව වැනුවේය……….. තමා කොතරම් අවාසනාවන්ත දැයි ඔහු සිතුවේ පිටුපා යන ඇය දෙස බලාගෙනය………… වන්දනා හට ඔහුගේ හිතේ ඇති සෙනෙහස හුදෙක් ඇගේ සුන්දරත්වය නිසා නොවෙයි……….. එය ඔහුගේ හද පතුලින්ම නැගුණු අව්‍යාජ නිර්මල හැගීමකි…………….
💙 මට විශ්වාසයි වන්දනා…….. ඔයාට ඉක්මනින් ඒක කියන්න මට ලැබේවි…….. ඔයා මට ආදරේ කරයිද…….. ඒ ක තමා මට තියෙන ලොකුම බය…………
අසෙනිය යලිත් රෝහලට ගියේය………. නමුත් ඔහුගේ හිතෙහි කිසිම සතුටකි නොවීය…………. ඇයට තම සිතැඟි පැවසීමට යන හැම මොහොතකදීම කුමක් හෝ බාධාවක් ඇති වේ……….. අසෙනිය ඒ පිළිබඳ සිටින්නේ දැඩි සිත් තැවුලිනි…………………….
වන්දනා නිවසට යනවිට නිලංක පැමිණ සිටියේය……………….
💦 එහෙනම් යමුද පුතා……………
🌹 ඉන්නකෝ මං ඉක්මනින් බඩු ටික ගේන්නම්………………
කිසිවෙකු නොසිතූ ලෙස නිවෙිදිතා නිවසට ගොඩ විය……. අසංක නිලංක දෙස බැලුවේත් ඔහු අසංක දෙස බැලුවේත් එකටමය………….. වන්දනා තරප්පු පෙල බහින අයුරු නිවේදිතා බලා සිටියේ පුදුමයෙන්………
💙 චූටි දූ කොහේ යන්නද………….
🌹 මට නිලංක අංකල් ෂෝක් තනක් හොයලා දුන්න අම්මි නවතින්න………. ඔයාලටත් හැමදාම මෙහෙ ඉන්න බැහැනේ අප්පච්චිගේ වැඩ වලට කොලඹ යන්නම වෙනවනේ…….. අනික නිලංක අංකල්ට හැමදාම කරදර කරන්නත් බෑ………….
💦 බලන්නකෝ නිවේදිතා……. මං මේ කෙල්ලට කොච්චර කිව්වද……. ඒත් අහන්නෙ නැහැනේ…….. බය වෙන්න එපා මං හොයලා දුන්නේ හොඳ තැනක්………….. අනික මාත් තව ටික දවසකින් ඒ ලඟම අපේ ගෙදරට යනවා……. එතකොට ආයෙත් දුවට අපි ගාවට එන්න පුලුවන්නේ…….. දැන් කොහොමත් දුවගේ වැඩ වලට මේ දුර වැඩී තමයි………
💙 අනේ මන්දා මට නම් බයයි වන්දු………
🌹 බය වෙන්නෙපා අම්මා………. අම්මා දන්නවානේ මං ගැන…….. මාව විශ්වාස කරන්න……….. මං හොඳින් පරෙස්සමින් ඉන්නම්…………
💙 වන්දු………………….. අපිත් එනවා ඔයා එක්ක යන්න………. ඒ තැන අපිත් බලන්න එපැයි………..
🏆️ ආහ්….. නෑහ් මේ නිවේදිතා………. මට හදිස්සියේ කොලඹ යන්න වෙලා……… අපි වෙන වෙලාවක යමුකෝ…….. නිලංග ඉන්නවනේ කිසිදේකට බය වෙන්න එපා……….
නමුත් අදම තාත්තා කොළඹ යන එක ගැන වන්දනාට ඇති වුනේ බියකි………
💙 හ්ම්ම්ම්ම්ම්…. දැන්මම ඔයාලා යන්නෙ නැහැනේ…….. මං මේ ටික කාමරෙන් තියලා එන්නම්………..
නිවේදිතා උඩට යනතුරු සිටි වන්දනා අසංක ලඟට ගියාය……………..
🌹අප්පච්චි ඇත්තටම යනවද…………..
🏆️ නෑ………… මං ඒකට මොකක් හරි බොරුවක් කියන්නම් ඔයාලා යන්නකෝ……….. ම්ම්ම්ම්ම්………
මද වේලාවකින් සියල්ලන්ගෙන්ම සමුගෙන ඇය නිලංග සමගින් නෙළුම්දෙණිය වලව්වට ගියාය………….. ඔවුන් එහි යන විටත් සුරනිමල නෙළුම්දෙණිය සූදානමින් සාලයට වී සිටියේ ඔවුන් බලාපොරොත්තුවෙනි………… ලා රෝස පැහැ ඔසරියකින් සැරසුණු වන්දනා හා නිලංක රැගත් වාහනය සුවිසල් නෙළුම්දෙණිය වලව්ව පිහිටි අක්කර ගානක් විශාල වත්තට දැමීය………….
වන්දනාට යන්තමින් මතකයක් තිබුනත් එය දැන් හිතුවට වඩා ගරා වැටී ඇත……… නමුත් තවමත් එහි ප්‍රතාපවත් බවේ නම් අඩුවක් වී නැත………… ඔවුන් සාලයට ගොඩ වන විටම සුරනිමල නෙළුම්දෙණිය අසුනින් නැගිට ඔවුන් ඉදිරියට ආවේ සිනා මුසු මුහුණින්ය………… වන්දනා දුටු විටම සුරනිමලට එ් මුහුනේ කුමක්දෝ හුරුපුරුදු බවක් දැනුනත් ඒ කුමක්දැයි හරි හැටි වැටහීමක් තිබුනේද නැත……..
වන්දනා දෙස බැලූ බැල්මට හඳුනාගත නොහැකි වුනත් ඒ රුව දෙස හොඳින් බලන කෙනෙක්ට ඇය තුලින් ආනන්දිතාගේ රුව පෙනෙනුු ඇත………… ඒ හුරුවයි සුරනිමලට දැනුනේ……… නමුත් මීට වසර විස්සකට පෙර මිහිදන් කර දැමූ එ් අතීතය ඔහු අමතක කර තිබුණි…………………..
🦅 එන්න……. එන්න…….. මං බලාගෙන හිටියේ…………….
💦 අපි හින්දා සුරේට පමා වෙන්නත් ඇති……..
🦅 ආ….. ඒකට මොකද……….. මට මේ දරුවව නිකම් දැකලා පුරුදුයි වගේ……….
💦💦 යකෝ මේ උඹගේ දුව තමයි………..
නිලංක එසේ සිතුවේ සුරනිමල ඉන්පසු කුමක් කියාවිදැයි බලාපොරොත්තුවෙනි………….
🦅 දුව………. මේ ගෙදර ඔයාට කැමති ඔනැම විදිහකට ඉන්න පුලුවන්………. සියාතුයි සුමනා යි තමා ඉන්නේ……….. එයාලා ඔයාට තැන පෙන්නයි………. මං හැරුනම මගේ wife මගේ දුව එතකොට wife ගෙ කලින් කසාදෙ පුතයි මෙහෙ එයි……… බොහෝ විට මාත් එක්ක තමා එන්නේ…….. එ් හින්දා බය වෙන්න දෙයක් නෑ…………….
වන්දනාට මේ මිනිහා ගැන දරාගත නොහැකි කෝපයක් දැනුනත් එය පිටකට නොපෙන්වා සිටින්න ඇය වගබලා ගත්තාය………
🌹🌹 wife……… කොහෙද සුරනිමල නෙළුම්දෙණිය ඔයාට දැන් wife කෙනෙක් ඉන්නේ…….. මීට අවුරුදු විස්සකට කලින් එයා අකාලෙ මැරුණා……….. මැරුණද මැරුවද දන්නෙ නෑ……. ඒත් මගේ අම්මා ආනන්දිතා තමයි ඔයාගේ wife හැමදාටම……….. මේ ඉන්නේ……. සිංහලෙන් කියලවා නම් ඔයාගේ අනියම් බිරිඳ,,,, හොර ගෑණි,,,,, දුවෙක් ගැන කිව්වා නේද ඔයා……… මේ ඔයා ඉස්සරහ හිටගෙන ඉන්නේ ඔයාගේ දුව…….. ඔයාගේ නිත්‍යානුකූල දුව……… ඔයාගේ නීත්‍යානුකූල කසාදය වෙච්ච ආනන්දිතා දෑලබණ්ඩාරගේ දුව…………… දවසක් එයි ඔයා කරපු පව් ඔයාම පාපෝච්චාරණය කරන……… අන්න එදාට මං මේ ටිකම ඔයාගේ මුහුණටම කියන්නම්……….. එතකන් සතුටින් ඉන්නකෝ හොඳේ……. ඒ දවස වැඩි ඈතක නෙවේ………….. දැන් ඇවිත් ඉන්නේ ආනන්දිතා දෑලබණ්ඩාරගේ දුව…….. එයාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න………….. මගේ අත්තම්මායි අම්මායි අක්කයි මරපු දවසෙමයි මං ඔයා මගේ අප්පච්චි කියන නෑ කමින් අයින් කලේ………… මං දැන් අසංක වික්‍රමනායකගේ දුව…………… ඔව්….. එයාගේ දුව නොවුනත් එයා මට කොයි තරම් ආදරෙයිද……………
එසේ සිතන විටම වන්දනා ගේ දුරකතනය නාද විය…… 🎶
🌹 අප්පච්චිගෙන්…………. excuse me
වන්දනා පිටතට ගොස් ඇමතුම සම්බන්ධ කර ගත්තාය……………
🏆️ චූටි දූ……………….. මට හරි බයයි දුව…… මොකද දැන් වුනේ………..
🌹 බය වෙන්න එපා අප්පච්චි…….. මං මේ ගෙදර වැඩි වෙලා රැඳන්නෙ නෑ……… සතියකට දවස් දෙකක් තුනක් ඉන්නම්……. අනිත් හැම වෙලාවේම මං නිලංක අංකල්ගෙ ගෙදරට යනවා……. මේ මිනිස්සු කවුද කියලා මං හොඳට දන්නවනේ අප්පච්චි………. මට ඕනෙ දේ හොයා ගන්නකම් විතරයි මේ හැමදේම………
🏆️ හොදයි හොඳයි දුව………. කරන දෙයක් පරෙස්සටමන් මගේ අම්මා……… බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි මගේ පුතාට………….
අප්පච්චි ඇමතුම විසන්ධි කරද්දිත් කෙල්ලගේ ඇස් වලට කඳුලු උනා අවසන්ය……………..
🌹🌹 සුරනිමල නෙළුම්දෙණිය………. මගේ අප්පච්චි දිහා බලලා ඉගෙනගන්නවා අප්පච්චි කෙනෙක් කියන්නේ කවුද කියලා………….
වන්දනා යලිත් සාලයට ගියාය…………
🦅 දුව…….. ඔයා doctor කෙනෙක් නේද
🌹 ඔව් Mr නෙළුම්දෙණිය මං doctor කෙනෙක් තමා…………… මං මෙහෙ ආවේ මගේ වැඩ කටයුතු වලට ලේසියි ඒ වගේම hospital එකටත් ලගයි……. අනික මං නවල් එකක් ලියනවා……… ඒකට කරුණු හොයනවා…………
🦅 ඇත්තද…….. ඒක හොඳයි……. එහෙනම් නිලංක මං දැන් යන්නෝන……… දුව පරෙස්සමින් ඉන්න…… දුවගේ ගෙදර කියලා හිතාගන්නකෝ…….. මං යනවා……..
🌹🌹🌹 හිතාගන්න දෙයක් නෑ මනුස්සයෝ මේක මගේ ගෙදර තමයි…….. මගේ ගෙදර……. මං ඉපදුනු ගෙදර…… අත්තම්මායි අම්මයි අක්කයි අයියයි ජීවත් වුන ගෙදර……… මගේ අත්තම්මායි අම්මයි මැරුණු ගෙදර……… ආවා මෙතන මං බලාගන්නම්කෝ ඉක්මනටම…………..
වන්දනා සිනාවක් මුවගට නගාගත්තේ ආයාසයෙනි………… සුරනිමල පිටව ගිය පසු මද වේලාවකින් නිලංකද යන්න ගියේ නැවතත් හවස එන බව කියමිනි……….. සුමනා හා සියාතු ඇය ගාවට ආවේ සිනාමුසු මුහුණින්ය…….
🍃 සුදු මැණිකේ……….. මං සියාතු,,,,, මේ මගේ ගෑණි සුමනා………..
සියාතු හා සුමනා දැන් බොහෝ වයස්ගතව ඇත………… ඇයට ඔවුන්ව මතක තිබුනේ යන්තමිනි………
🌹 හඳුනගන්න ලැබුණු එක සතුටක් සියාතු සීයේ……….. සුමනා අත්තම්මේ
🍃 මට හිතුනා……. මට හිතුනා………. සුදු මැණිකේ හොඳ ගතිගුණ තියන මිනිස්සුන්ට ගරු කරන කෙනෙක් කියලා………. ඒකයි මං මේ මැණිකෙට සුදු මැණිකේ කිව්වේ…….
🌹🌹🌹 ඔයාට මගේ අම්මව මතක් වුනා නේද සියාතු සීයේ……. ඔයාලා ඉස්සර අම්මට කිව්වෙත් එහෙම සුදු මැණිකේ කියලා………….
🌹 ඇ..ඇයි මට සුදු මැණිකේ කිව්වේ
🍃මේ වලව්වේ හිටියා දිව්‍යාංගනාවක් වගේ කෙනෙක්……… ඒ අපේ ආනන්දිතා සුදුමැණිකේ………… හරිම හොඳ කෙනෙක්……… කරුණාවන්ත කෙනෙක්…… අපිට මේ වලව්වෙන් එහෙම කාරුණිකව සලකපු එකම කෙනා සුදු මැණිකේ………… අපේ අවාසනාවට ……….
🍀 පස්සේ බැරියැ ඕවා සුදු මැණිකෙට කියන්න…….. දැන් මහන්සිත් ඇති…… යං මැණිකේ මං පෙන්නන්නම් කාමරේ……….
වන්දනා ඒ කතාව හාරාවුස්සන්න ගියේ නැත……… ඇයට හදිස්සියක් නැත…… කොහොමත් ඇය මෙහි සුලමුල හොයා ගන්නවාමැයි අදිටන් කර ගත්තාය…………
෴ මතු සබැඳියි