ඔවුන් උපාධිය සම්පුර්ණ කරගත්තටත් පස්සේ විවාහ වෙලා ප්‍රංශයේ පදිංචියට ගියා. එ් යද්දි මට ලොකු පුතා ලැබිලා. එයාටත් අවුරැදු 3ක් විතර.
ඊට පස්සේ අපිට ගොඩක් කාලෙකට එයාල ගැන මොනවත් අහන්න ලැබුනෙ නැහැ. එයාල ලංකාවට අැවිත් ගියොත් අපේ දිහාවෙත් අාවා. හැබැයි එ් අවුරැදු 3කට, 4කට සැරයක්. එයාල එයාලගේ ජිවිත එක්ක වගේම අපි අපේ ජිවිත එක්ක කාර්යබහුල වුනා.
මහත්තයා
හ්ම්…..
සේයා ගොඩ දවසකින් කෝල් එකක් වත් දුන්නේ නෑනෙ.
එ් මිනිස්සුන්ට වැඩ අැති නෝනා. ඔයා දන්නවනේ ශීනාත්ගෙ තාත්තා කවුද කියල.එයාලට අපි වගේ නිදහසේ ජිවත් වෙන්න පුලුවනෑ.
එ්ක නම් අැත්ත නේද?
ඔයා ඔය ගැන හිතන්නේ නැතුව ඉන්න. සේයා පුලුවං වෙලාවක කෝල් එකක් දෙයි.
ඔව්…. එ් හිතුව වගේම එයා මට කතා කරා .
හලෝ…. කුමුදු සුභ අාරංචියක්. මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ.
මොනවා අැත්තමද?
ඔව්…..
ඔන්න මං තමයි කොල්ලට නමක් දාන්නෙ හොඳේ.
තාම මාසයක් වත් නෑ. උඹ කොහොමද කොල්ලෙක් කියල කියන්නේ?
එහෙම තමයි. මං දන්නෝ. මට හම්බුනෙත් කොල්ලෙක්නෙ. මගේ හොඳම යාලුවටත් කොල්ලෙක්ම තමයි.
අනේ අම්මපා උඹ නම්.
බලපං මගේ කොලු පැටියට අවුරැදු අටකුත් වෙන්න එනෝ උඹ අම්මේක් වෙද්දි
එ්කට මම මක් කරන්නද බං. එයාට අපි ගාවට එන්න හිතිල තියෙන්නේ දැන්නේ.
එ්කට කමක් නෑ. හැමදාම සතුටින් ඉඳපං සේයා. පුලුවං වෙලාවක කෝල් එකක් දියං. මොකෝ මං කියලා උඹ අාස කෑමක් වත් හදාගෙන බලන්න එන්න කියලයැ.ඉන්නේ මුහුදු හතකින් එහානෙ.
එ්ක නම් එහෙම තමයි බං. වෙලාවකට සෑහෙන්න පාලුයි. එ්ත් දැන් ශිනාත්ගේ මල්ලි බැඳලා එයාගේ නෝනත් ඉන්න හින්ද එච්චර ගානක් නෑ.
එහෙමද.
හිටපංකො මං දරැව ලැබුනට පස්සේ එන්න අවුරැදු ගානකටම හරියන්න උඹට කියල කෑම හදාගෙන කන්න මං එන්නම්කො.
හා…… වරෙං….. වරෙං…… සේයා …. උඹ සතුටින් ඉන්නව නේද?
අැයි උඹ එහෙම අහන්නේ? මං හොඳින් කුමුදු.
මට දැනෙනව උඹ නිකං අවුලෙන් වගේ.එහෙම දෙයක් නෑ බං. මම සතුටින් ඉන්නවා. ශිනාත්ගේ පවුලේ අය ගොඩක් හොඳයි.එකම අවුල බං තාත්තා ගේ අාට් ගැලරි එක. එ්ක ලොක ප්‍රසිද්ධ හින්ද අපිට අපේ කියල නිදහසක් නෑ. එක තමයි ප්‍රශ්නෙකට කියල මට අැත්තටම තියෙන්නෙ.
ඔව කාලෙත් එක්ක හරියයි සේයා.
කුමුදු… උඹ කිව්ව වගේම කොලු පැටියෙක් තමයි මට හම්බුනේ.
මට ගොඩක් සංතෝසයි සේයා. දෙවියනේ මට පැටියව බලන්න ඔනේ.
බලන්න පුලුවං. උඹ නමක් බැලුවද?
උපන් වෙලාව දියං මං අකුරැ බලලා නමක් එවන්නම්.
හා…..
ඉතින් මම හඳහන් හදලා එ් දේවල් කරලා පැටියට නමක් දැම්ම.
“කුෂින්ත් නිර්වාන් අතුරලිය”
මගේ පපුවත් එක්ක සීතල වුනා අම්මා එහෙම කියද්දි. අායෙම සංසුන් වෙන්න මට මොහොතක් ගත වුනා.
පුලුවං ඉක්මනට දරැ පැටියා අරං ලංකාවට වරෙං සේයා….
අනිවාරෙන්ම එනවා කුමුදු .
එ්ත් හිතපු තරං ඉක්මනට ඔවුන්ට ලංකාවට එන්න පුලුවං කමක් තිබුනේ නැහැ. අවුරැදු ගානක් ගත වුනා.අපි දුරකථනයෙන් කථා බහ කරන එකත් සීමා වුනා. පස්සේ නැති වෙලාම ගියා.එ්ත් වසර ගාණකට පස්සේ අායෙමත් මට සේයාගෙන් අැමතුමක් ලැබුනා.
කුමුදු…..
දෙවියනේ සේයා! උඹද? අැයි බං මෙච්චර කල් ගියේ කෝල් එකක් දෙන්න.උඹ හොඳින්ද?
මම දන්නේ නෑ කුමුදු . මට තේරෙන්නේ නැහැ.
මොකද්ද තේරෙන්නේ නැහැ කියන්නෙ? සේයා උඹ අඬනවද? දරැවා හොඳින්ද? කාටහරි කරදරයක් ද?
දරැවා හොඳින් ඉන්නව දැනට.
දැනට කිව්වේ . සේයා කියන දෙයක් තේරෙන්න කියපං මොකද්ද ප්‍රශ්නෙ. ශිනාත්ට කරදරයක්ද? නැහැ අපි හැමෝම හොඳින්
කුමුදු.
එහෙනං උඹ අඬන්නේ…..
මට අපේ ජිවිත ගැන බයයි.
එ් කිව්වේ …. මට මොනවත් තේරෙන්නේ නැහැ.
කුමුදු…. මං කියන දේ හොඳට අහගනිං. මම මේ කෝල් එක ගන්නෙත් අපි ඉන්න නගරෙං සෑහෙන දුරකට අැවිල්ල මේ හැම දේම රහසක් වෙන්න ඔනෑ.
උඹ මාව භය කරනවා සේයා.
අහපං… මට වැඩි වෙලාවක් නැහැ. මම කවදාවත් මෙච්චර කාලෙකට උඹෙන් උදව්වක් ඉල්ලල නැහැ. එ් හින්ද මං වෙනුවෙන් මේ උදව්ව කරපං.
කියපං… ඔන දෙයක්.
බැරි වෙලාවත් මට මොනවහරි උනොත් මගේ දරැවා බලාගනිං සේයා. එයාට අම්මේක් වෙයං.
මොකද්ද බං එ් හරැපෙ තේරැම අසුභ කථා කියන්නේපා.
මං අැත්ත කියන්නේ. මට මගේ ජිවිතේ විශ්වාස නැහැ කුමුදු. අපි නොදන්න හතුරෙක් අපිට ඉන්නවා. සල්ලි කියන්නේ සල්ලි වැඩියෙන් තියෙනව කියන්නේ මරණයට අතවැනීමක්.
උඹලට පොලිස් අාරක්ෂාව තියෙනවනේ
ඔව් තියානවා. එ්ත් මේ වෙන දේවල් වලට එ්ක මදි කුමුදු . උඹට මට මේවා ෆෝන් එකෙන් කියන්න බැහැ. මම මේ පුලුවං තරම් උත්සහ කරන්නේ මගේ දරැ පැටිය බේරගන්න.
අනේ මන්ද බං. මට මේ මුකුත් තේරෙන්නෙ නෑ.
මාත් එක්ක සතුටින් සැහැල්ලුවෙන් හිටපු මගේ යාලුවා. එයාගේ හැම වචනෙකම තිබුණේ අවිනිශ්චිත බවක්. කියාගන්න බැරි තරම් භයක්.
නොදන්න හතුරෙක් හින්ද අපේ ජිවිත ගොඩක් අවිනිශ්චිතයි කුමුදු.උඹට මට මේක කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ. තාත්තා එයාට පුලුවං උපරිමයෙන් උත්සහ කරනව එ් දේවල් පිටි පස්සේ ඉන්නේ කවුද කියල හොයාගන්න. එ්ත් තාම කිසිම හෝඩුවාක් නෑ. පොලීසිය අපේ පස්සේන්මයි.එ්ත් එයාලට අාරක්ෂාව දෙන්න පුලුවං සීමාවක් තියෙනව කුමුදු මට නම් මම මැරැණත් කමක් නෑ මගේ දරැ පැටිය බේරගන්න ඔන.
සේයා කියපු අගමුල නැති කතා එකක් වත් මට තේරැණේ නැහැ.
නිකම් හරි මට මොනව හරි උනොත් මගේ දරැව බලාගනින් සේයා. මම මට පුලුවං උපරිමෙන් උත්සහ කරනව එයාව ඔයා ළඟට එවන්න.
උඹ වෙනුවෙන් ඔන දෙයක් සේයා…..
මං තියන්නම් කුමුදු … බුදු සරණයි.!
එ් තමයි සේයා මට කථා කරපු අන්තිම වතාව. මට එයා ගැන විස්තරයක් දැනගන්න කිසිම විදිහක් තිබුනේ නෑ .ඊටත් මාස ගාණකට පස්සේ මට කෝල් එකක් අාවා එ් ශිනාත් ගේ තාත්තගෙන්.
මේ කුමුදු දුවද කථා කරන්නෙ?
ඔව්….
මම ශිනාත්ගෙ තාත්තා. දුවට මාව මතක අැති.
අන්කල්… සේයාට කරදරයක්ද? අන්කල් … කථා කරන්න සේයා හොඳින් නේද?
දුව…. සේයා නැති වුනා.මට සල්ලි බලය එ් හැමදේම තිබිලත් මට මගේ ලේලිය මගේ පුතයි බේරගන්න බැරි වුනා දරැවො.
නැහැ… එක වෙන්න බැහැ. දුරකථනය මගේ අතින් අතහැරැණේ දැනුනු කම්පනයට. අවුරැදු ගානක් මාත් එක්ක දුක සැප බෙදාගත්තු මිතුරිය මිය ගිහින් නැහැ එක වෙන්න බැහැ.
අම්මා මට විස්තරේ කියද්දිත් අැය හොඳටම අැඬුව. එතනින් එහාට අැයට තව වචනයක් වත් කියන්න පුලුවං කමක් තිබුනෙ නැහැ. එ් හින්ද අපි හැමොම නිහඬ වෙලා අැයට සන්සුන් වෙන්න මොහොතක් දුන්න. මේ හැම දෙයක්ම හීනයක් වගේ. මට ඉවෙන් වගේ තේරෙනව මම මෙච්චර කල් සැකකරපු දේවල් හරි කියලා.
මට එක විශ්වාස කරන්න අමාරැ වුනත්. දරාගන්න බැරිතරම් වේදනාවක් වුනත් මට මතක් වුනා සේයා මට දීපු වගකීම.
බැරි වෙලාවත් මට මොනවාහරි උනොත් මගේ දරැවා බලාගනින් කුමුදු.මට එ් වචන දහස් වාරයක් අැහෙන්න උනා.මම අායෙම ෆෝන් එක කණේ තියාගත්තේ හැඬුම් පාලනය කරගෙන අංකල් එ් වෙනකොටත් දුරකථනයේ රැදී හිටියා. ඔහු තේරැම් ගත්තා එ් වෙලාවේ මගේ තත්වය.මගේ යාලුවා වගේම මේ නැති වෙලා තියෙන්නේ ඔහුගේ පුතා සහ ලේලිය. ඔහුට කොහොම දැනෙනව අැත්ද?
අංකල්…. සේයා ගේ දරැවා ?
ඉන්නවා ජිවිතුන් අතර වාහනේ අැක්සිඩන්ට් වෙනකොට පිටිපස්සේ සීට් එකේ ඉඳල තියෙන්නෙ. ඔලුව තදින් වැදිල තියෙනවා. එ් නිසා තාම සිහිය නෑ.එ්ත් එයාට ජිවිත් වෙනවා.
කවුද අංකල් ඔවා කරන්නේ?
මම දැනුවත්ව මට හතුරො නෑ දරැවො. මටත් හිතාගන්න බැහැ කිසිම දෙයක්. මට මෙච්චර දේවල් තිබිලත් මගේම පවුල මට රැකගන්න බැරි වුනා. එ්ත් මං මේක මෙතනින් අතහරින්නේ නැහැ මේකට වගකියන්න.
ඔන කෙනා හොයාගන්නකම්. මම දැන් නිදහස මිනිහෙක් . මම මගේ සීමාවෙන් එහාට ගිහිං හරි මේක කරපු එකාට දඬුවම් දෙනව එ්ත් ඊටකලිං මට කුෂින්ත් ගේ අාරක්ෂාව ගැන බලන්න සිද්ධ වෙනවා. එ් නිසයි මම මේ ඔයාට කතාකරන්නෙ? මේව මෙහෙම ෆෝන් එකෙන් කතා කරන්න පුලුවං දේවල් නෙමෙයි. ඔයාට මහත්තයටයි පුලුවං ඉක්මනට මෙහාට එන්න සිද්ධ වෙනව දරැවො. මම ඉක්මනට අවශය ලියකියවිලි ලෑස්ති කරන්නම් . දැනට කිසිම කෙනෙක් කුෂින්ත් ජිවත් වෙනව කියල දන්නේ නැහැ. මාධය අායතන සැක කරනව එයා ජිවත් වෙනව මම හංගල තියෙන්නෙ කියල . අැත්තත් එ්ක තමයි. මමත් දන්නේ නැති හතුරා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කියල මම දැනගන්නකම් මට ඉන්න එකම මුණුබුරාව නැතිකරගන්න මට බැහැ. අපිට සතියක් වගේ යද්දි ප්‍රංශයට යන්න පුලුවං උනා.රොඩ්රික් මහත්තය ඔහුගේ සම්බන්ධතා උපරිම විදිහට පාවිච්චි කරා එ් වෙනුවෙන් . ඔහු නමුත් අපිව මුණගැහෙන්න එයා පෝට් එකටවත් අාවේ නැහැ.මොකද ඔහු දිහාවට කී දෙනෙක් අැස් යොමුකරගෙන ඉන්නවද කියල දන්නේ නැති නිසා.
අපිට සතියක් වගේ යද්දි ප්‍රංශයට යන්න පුලුවං උනා.රොඩ්රික් මහත්තය ඔහුගේ සම්බන්ධතා උපරිම විදිහට පාවිච්චි කරා එ් වෙනුවෙන ්. ඔහු නමුත් අපිව මුණගැහෙන්න එයා පෝට් එකටවත් අාවේ නැහැ.මොකද ඔහු දිහාවට කී දෙනෙක් අැස් යොමුකරගෙන ඉන්නවද කියල දන්නේ නැති නිසා.
අපිට කියල තිබුනා. රියදුරාටත් අපිව අදුනගන්න පුලුවං වෙන්න රහස් අංකයක් දීල දැනුවත් කරල තිබුන. මම මේ හැම දේම කියන්නේ කුෂින්ත්ගේ සීයා එයාව අාරක්ෂා කරන්න කොච්චර උත්සහ කලාද කියල කියන්න ඔන හින්ද. අපිව එක්කගෙන ගියේ ඉතාම ලස්සන ගෙදරකට. රොඩ්රික් මහත්තයා අපිව පිලිගන්න බලං හිටිය. එ් තමයි මම කුෂින්ත්ව දැකපු පලවෙනි වතාව. ගෙදරම කාමරේක රොහලක තියෙන්න ඔන සියලු පහසුකම් යටතෙ දරැවට ප්‍රතිකාර කරන්න අරගෙන තිබුනෙ රෝහලකට යාමත් භයානක හින්ද.රොඩ්රික් අන්කල් එ් හැම දෙයක් ගැනම හොඳටම හිතුව. වෙච්ච දේවල් වෙනස් කරන්න බැරි උනත් ඉස්සරහට වෙන්න තියෙන අවදානම ගන්න ඔහු බිංදුවක් වත් කැමති වුනේ නැහැ. ඔහුට ඔනේ උනේ තමන්ගේ මුණුපුරාට ගේ අාරක්ෂාව විතරමයි. දරැවට සිහිය එද්දි හොඳට හෝ නරකට කිසිම දෙයක් මතක තිබුනෙ නැහැ. අපි හිතුව එ්ක දේවාශිර්වාදයක් කියලා. ඔහුට එ් දේවල් මතක තිබුන නම් අම්මා, තාත්තා මිය ගිහිං කියල දැනගත්තම දරැව සනසන විදිහක් මට හිතාගන්න පුලුවං කමක් තිබුනේ නෑ.
පුතේ මේ ඉන්නේ ඔයාගේ අම්මා. වෛදයවරයා තමයි ඔහුට මාව අදුන්නල දුන්නෙ ්.
අම්මේ…..
මං අවුරැදු ගානක් දකින්න බලාපොරොත්තුවෙන් හිටපු මගේ හොඳම යාලුවගේ දරැවා මට අම්මේ කියද්දි දරැවට අැත්තම අම්ම ගැන කිසිම මතකයක් නැති බව දැනෙද්දි මගේ අැස් වලට කදුලු පිරැණා.
මේ ඉන්නේ ඔයාගේ තාත්තා. පුතාගේ ගෙදර ලොකු ගින්නක් වෙලා. පුතා බේරිලා තියෙන්නේ . එ් හින්ද පුතාට මතක නැති දේවල් ගොඩක් මතක් කරන්න යන්නෙපා. කාලයක් යනකොට පුතාට මතක් වෙයි. තේරැණාද?වෛදයවරයා බොහොම කරැණාවෙන් දරැවට පිළිගන්න පුලුවං කතාවක් ගෙතුව.
රොඩ්රික් මහත්තය නිකමට වත් දරැව ඉස්සරහට අාවේ නැහැ එයාව මතක් වෙයි කියලා.අපි කාටවත් සැක නොහිතෙන විදිහට දරැවව ලංකාවට ගෙනාව. අපි පදිංචි තැන් එහෙමත් කීප සැරයක් වෙනස් කළා දරැවගේ අාරක්ෂාවට. අපිට තේරැණම අපි අාරක්ෂිතයි කවුරැත් කිසිම දෙයක් දන්නේ නැහැ කියල අපි තීරණය කළා මෙහෙ පදිංචි වෙන්න.
උප්පැන්න සහතිකයෙ ඉඳන් උපන්දිනේ ඉඳල හැම දෙයක්ම වෙනස් කරගන්න රොඩ්රක් මහත්තය උදවු කලා. ඊටපස්සේ අපි එයා එක්ක කිසිම සම්බන්ධ කමක් තියාගත්තේ නැහැ. එයාම තමයි එපා කිව්වේ. අපි මෙහෙට අැවිල්ල අලුත්ම ජිවිතයක් පටං ගත්තා. එ් දරැවා අපේ දරැවෙක් නෙමෙයි කියන්න කවුරැවත්ම දැනගෙන හිටියේ නැහැ ගමේ මිනිස්සු අැරෙන්න. එ්ත් අපි ගමට ගියේ නැහැ. මම හිතනව මම මගේම දරැවා තරම්ම මගේ යාලුවගේ දරැවටත් අාදරේ කරනවා කියලා. ඉතින් එ් දරැවා කවුද කියල මම ඔයාට අමුතුවෙන් කියන්න ඔන නැහැ නේද? පුතේ. අම්මා අැහුවේ මගේ දිහා බලලා.
මට අැත්තටම මොනවද කියන්න ඔන කියල තේරැණේ නැහැ. මට නිතර මතක් වෙන සිදුවීම් පිටිපස්සේ සැඟවුණු කතාවක් අැති කියලා දැනගෙන හිටියත් එ්ක මේ වගේ දෙයක් වෙයි කියල මම හීනෙන් වත් හිතුවේ නැහැ.
හ්ම්ම්…ඔක්කොම විස්තරේ කියලා අම්මා අන්තිමට කිව්වේ වැරදි කතාවක්නේ.අයියා කිව්වේ එතන තිබ්බ නිහඬබව බිඳලා දාන්න වගේ.
මම මගේ දරුවට තරම්ම මෙයාටත් ආදරෙයි කිව්වේ?
ඉතිං ඒකෙ වැරැද්ද මොකක්ද?
මගේ දරුවටත් වඩා මූට ආදරෙයි කිව්වනම් තමා හරි.මොකද අම්මා මට සැලකුවේ හදාගන්න ගත්තු පුතාට වගේනේ.
උඹට මගෙන් ගුටි කන්න ඕන වෙලාද?අම්ම අයියගන් එහෙම අහද්දි අපේ ගෙදර සුපුරුදු පරිසරය ආපහු ආපු බවක් දැනුනා.
ඔය රොඩ්රික් අතුරුලිය කියන කෙනා මැරුණෙ කොහොමද? මටත් දැනගන්න ඕන වෙලා තිබුණු දෙයක් ඇහුවෙ අයියා.
හාට් ඇටෑක් එකකින් ගිය අවුරුද්දේ.තාත්තා කිව්ව.ඊට වඩා විස්තරයක් අපි දන්නේ නෑ.පුතා අපි මේ විස්තර ඔයාට කියන්න හිටියෙ නැහැ මෙහෙම හදිසියේ.ඒත් මට දැනුන ළඟදි ඉඳන් ඔයාට අපි ගැන මොකක් හරි සැකයක් තියෙනවා කියලා .ඉතිං ඔයා තනියම මේ දේවල් හොයාගෙන යන්න ඉස්සරල අපි කිව්වේ.දැන් ඔයා කියන්න
ඔයා ඉස්සරහට මොකද කරන්නෙ කියල.තාත්තා ඇහුවත් ඒ ගැන කිසිම අදහසක් මට තිබුනෙ නෑ.
මතක තියාගන්න අවුරුදු ගානකට කලින් ඔයාට ජීවිත අවදානමක් තිබුන.ඒකට හේතුව මොකක්ද කියලත් තාම කවුරුවත් දන්නේ නැහැ.තාත්තා ආයෙම කිව්වා.
අනේ පුතේ…ඒ දේපළ සල්ලි ඕන නැහැ.මට මගේ දරුවා නැති කරගන්න බැහැ.ඒ අම්මා…
නෝනා…අපිට එහෙම කියන්න අයිතියක් නෑ.පුතාට අයිතියක් යුතුකමක් තියෙනව ඒ දේවල් ගැන හොයල බලන්න.
එහෙමයි කියල මරු කටට දරුව යවන්න පුලුවන්ද මහත්තය …
මම කොහෙවත් යන්නෙ නෑ අම්මේ…මම කිව්වා.
මට තාමත් මේ දේවල් හීනයක් වගේ.ඒ ගැන හිතන එකත් වෙහෙසකරයි.
දැන් නිදාගන්න ගිහිං.තාත්තා කිව්වෙ මගේ තත්වෙ තේරුම් අරගෙන. හොඳට හිතල තීරණයක් ගන්න.
මම සිතිවිල්ලේම කාමරේට ආවා.මගේ ඔලුව යකාගෙ කම්මල වගේ අවුල් වෙලා.මට හිතන්න පටං ගන්න ඕන කොතනින්ද කියලවත් තේරුණේ නැහැ.වෙලාව පාන්දර 4ට කිට්ටුයි.නිදාගන්න ඕන වුනත් නින්ද අහලකවත් නෑ.ඒ කියන්නේ මම තමයි කුෂින්ත්.අර කිව්ව කලාගාරය අයිති මට! දෙවියනේ ඒක වෙන්නේ කොහොමද? වෙලාවකට මට හිතෙනව මම මේ ඇත්ත දැනගන්නේ නැතුවම හිටියනම් කියල ඒක ඒ තරමට හිතට වදයක්.
හිතේ තව පැත්තක් කියනව අම්මගෙයි තාත්තගෙයි මරණ වලට වග කියන්න ඕන කෙනා හොයා ගන්න ඕන කියලා.අනේ මන්ද මට මුකුත් තේරෙන්නේ නෑ අප්ප.
මම හිටියෙ එලිවෙන්නේ කොයි වෙලේද කියල බලන්.මේව කාටහරි කියල හිත නිදහස් කරගන්න ලොකු ඕනකමක් මට දැනුනා.සුපුරුදු විදිහට ඔය මොන දේටත් රවීන් තමයි මට හිටියෙ.
අම්මටසිරි යකෝ…උබ එතකොට මහා බිලියනපතියෙක්ද? දැන්නම් තෝව ආශ්‍රය කරන්නත් බයයි.ඔක්කොම කිව්වට පස්සේ රවීන් කිව්වා.
අනේ මේ..මගේ ඔලුව ගිනි අරං තියෙන වෙලාවෙ උබ මගුලක් කතානොකර ඉඳපන් ගෙම්බෝ.මම කිව්වේ තරහෙං.
හා හරි හරි…අපි සීන් කෝන් එකට එන්ටර් වෙමුකො එහෙනම්. මචං උබට ඔප්ශන් 2ක් තියෙනවා.එකක් තමා උබ ඔය හිටිය වගේ සමීර විදිහටම මෙහෙට වෙලා පාඩුවෙ උබේ වැඩක් බලන් ඉන්න ඕන.
අනිත්තෙක තමයි උඹ උඹේ අනන්‍යතාවය එලිකරන්න ඕන.අම්මගෙයි තාත්තගෙයි මිනීමරුවො හොයාගන්න ඕන.අර බිලියන ගානක් කිව්ව කලාගාරයේ වගකීම ගන්න ඕන.රවීන් කියද්දි මගේ පපුවම සීතල වෙලා ගියා.
ලෝක ප්‍රසිද්ධ කලාගාරයක අයිතිය! ඒ වගකීම ගන්න මගේ හිතේ කිසිම සූදානමක් තිබුණේ නැහැ.මට දැනුනේ ටොන් ගාණක බරක් මගේ ඔලුව උඩින් තියලා වගේ.
මචං….මම එච්චර වගකීමක් ගන්න ලෑස්ති නෑ.
එහෙනං සිම්පල් උඹ ඔය හිටිය වගේ පාඩුවෙ ඉඳපං.රවීන් කිව්වා.
හදවතේ කොණකින් මට ඇහෙනවා මම ඒ ගැන හොයන්න ඕන.ඒ වගකීම ගන්න ඕන කියල.රවීන් ටිකක් වෙලා මගේ දිහා බලං හිටියා.
මචං…මම උඹ උනානම් මම අනිවා ඔය දේවල් හොයාගෙන යනවා.ඒ කලාගාරය වටින හින්දා ඒ සල්ලි වලට නෙවේ.මම උඹ උනානම් මට ඕන මගේ අම්මගෙයි තාත්තාගෙයි මරණ වලට වගකියන්න ඕන කවුද කියලා දැනගන්න.ඒත් උඹේ තීරණේ අරක නම් කමක් නැහැ.මෙච්චර කල් හිටිය වගේ පාඩුවෙ ඉඳපං.
මොකද එහෙම ඉන්නත් හිත දෙන්නෙ නෑ වගේද? රවීන් ආපහු ඇහුවෙ මම නිහඬ හින්දා.සමියා මට තේරෙනව උඹ ඉන්න තත්වෙ.මම නම් කියන්නේ එකපාර තීරණයක් ගන්න හදිස්සි වෙන්නා එපා.නිදහසේ හිතපං.
අනේ මන්ද බං…
මේ ඔන්න ඔය ඉලව්ව පැත්තකින් තියල යමං අද රස්තියාදුවක් ගහන්න.සැවෝයි එක පැත්තෙ යමුද.කෙල්ලෙක්වත් සෙට් කරගන්න.
පලයං බං.
ආ එතකොට මතක් වුනේ.කෝ ඩියාෂි?
මේ කලබල අස්සෙ උඹ ඒකිගෙ අයියා වෙනෝනෙ.මදැයි ඉඳල ඉඳල කෙල්ලෙක්ට ලව් කරන්න ගත්ත.දැං ඉතිං උඹට ලව් කරන්න බැහැනෙ.ඒ හින්දා ඒකිව මට දියං.
මගේ මේ රැවුල ගිනි අරං තියෙන අස්සේ උඹ සුරුට්ටු පත්තු නොකර ඉඳපං රවියො.
රැවුල? කෝ උඹට රැවුලක් නෑනෙ.
උඹට මම කිව්ව කියල හිතාගනින්.
මචං රොඩ්රික් අතුරුලිය මහත්තයගෙ මුලු පවුලටම මරණ තර්ජන තිබුණු හින්දා වෙන්නැති නේද ඩියාෂිලා ලංකාවට ඇවිල්ල අප්‍රසිද්ධියේ ඉන්නැත්තෙ.රවීන් ආයෙ කිව්වේ හොඳට හිතල.
අපි තාම එයාල ඒ පවුලට සම්බන්ධද කියල දන්නැහැනෙ බං.
මචං…එකම නම මේ ලෝකෙ සීයකට වුනත් තියෙන්න පුලුවන්.ඒත් එකම මතකයන් ගැලපෙන මතකයන් එහෙම දෙන්නෙක්ට සමාන වෙන්නෙ නැහැ නේද?
මම දන්නෙ නැහැ බං.
හැබැයි මචං.එයාල ලංකවට ඇවිල්ල ජීවත් වුනත් එයාල නම් වෙනස්කරගෙනවත් එහෙම මොනවත් කරගෙන නැහැ.අපි හිතමු ඒ රොඩ්රික් අතුරුලිය මහත්තයගෙ බාල පුතා කියල.ඇයි එතකොට එයාගෙ ආරක්ෂාවට මොනවත් නොකළෙ? ඒක ටිකක් ඇබ්නෝමල් නේද?
රවීන් කියද්දී මටත් හිතුන ඒක ඇත්ත කියල හිතපංකො.
ඩියාෂිගෙ තාත්තා යටතෙ අර කලාගාරය දැං පාලනය වෙනවනම් මිනිහ මොකටද අර කෙල්ලට හම්බෙන පොඩි ඉන්ෂුවර එක ගන්න ගියෙ.? සමහරවිට මේ වෙන පවුලක් වෙන්නැති.මම කිව්වා.
නමුත් මාත් එක්ක කතා කරද්දි ඩියාෂිගෙ තිබුණු අසාමාන්‍ය හැසිරීම මතක් වුනාම මට හිතුනා එයා එහෙම වෙනම පවුලක වෙන්නත් බැහැ කියල.මේ හැම දේම නූල් බෝලයක් වගේ පටලැවිල
ෂහ් ෂොර්ලොක් හෝම්ස් වත් හිටියනම් නූලෙ කොනක් පාදගන්න තිබ්බ.
තෝ බූරුව කිව්වොත් ඔහොම ගොන් කතාවක්මයි .
මොකද කියන්නේ ? උබ ෆිල්ම් එක බලන්න යන්න එනවද නැද්ද.
යමං යමං ..උබත් අනේ මංදා බං .
නැව ගිලුනත් අපි සොමියෙං ටයිප් එකේ පොරක් තමයි බං මං.
ඔව් ඔව් ඒ ටිකනං මොකට කියනවද?