18_වන_ කොටස_

භූමිට පැමිණ ඇමතුම ඔහුගේ මාමා වන රංජන් සමරනායකගෙනි………. භූමි වහාම ඇමතුම සම්බන්ධ කර ගත්තේය……….

” භූමි කොහේද ඉන්නේ……. මොකක් හරි ප්‍රශ්ණයක් වුනාද…… මට යාළුවෝ ටික කතා කලා……..

මාමාගේ වචන අසා සිට් භූමි අනෙක් පිරිස දෙසට හෙළුවේ කෝපය මුසු බැල්මක්………..

” මේ අපි මාමේ පොඩ් ගමනක් යන ගමන්………

භූමි කීවේ ගොතගසමින්…….. ධනු හා තරුන් සිනාව සඟවා කවුළුවෙන් පිටතට නෙත් යොමු කරන විට භූමි ඔවුන් දෙස බැලුවේ නැවතත් කෝපයෙන්………

” ⁣භූමි……….. මට ආරංචියි හැම දෙයක්ම….. දැන් යන ගමනක් යනවා…. හවස් වෙලා මගේ ඔෆිස් එක පැත්තෙ එනවා…… අපි පොඩි ගමනක් යන්න ඕනි………..

මාමා අණ කලේ හරියට තාත්තා ලෙසය……. ඇත්තටම මේ මොහොතේ භූමිට තාත්තා සිහි විය…….. නමුත් ඔහු කල කී දෑ සිහිවී ඔහුගේ හිත යට සැඟව සිටි වෛරී සිතුවිලි යලිත් පණගසන්නට විය………. පියා ඔහුගේ දෙවන බිරිඳ වෙනුවෙන් තම පුතුටම එරෙහි වූ අයුරු නින්දිතය…………

” භූමි මොකද….. මේ අර ගෙදරට යනවා නම් මොනවද අරන් යන්නේ…….

රජීව් මදක් අයිනට කර වාහනය නැවැත්වීය………

” හිටපන් මං මොනා හරි අරන් එන්නම්….

ධනූ වාහනයෙන් බසිමින් කීවේය……… මද වේලාවකින් ඔහු පැමිණියේ තරමක ලොකු කේක් එකක්ද අතැතිවයි…….

” ඇත්තම කියපන් භූමි…….. එක පාරම මොකද මේ ගමන යන්න හිතුනේ…… ඒ කෙල්ල ගැන හිතක් වත් පහල වුනාද…..

ධනූ වාහනයට නැගුනේ එසේ අසාගෙනමයි……… භූමිගේ හිතේ තිගැස්මක් ඇති වුනත් ඔහු ඒ බවක් පෙන්වන්නෙ නැතුව ඉන්න උත්සහ කලා……. ඒත් භූමිගේ හිතේ අකුණක් කෙටුවා මෙන් ඇගේ රූපය ඇඳුනා……

” ඒයි භූමි……

ධනූ සිනාමුසු මුහුණින්ම භූමිගේ උරහිසට තට්ටුවක් දැම්මා……

” මේ මගේ යකා අවුස්සන්නැතුව ඉන්නවද…….. මට එච්චර අමාරුවක් නෑ…. උඹලා හිතන්නෙ දකින දකින එකීට හිත යන්න මං මොකෙක් කියලද…… මං ගෑණු ගාවට ගියා තමා ඒත් මගේ හිත ගියේ ටාෂියාට විතරයි……..

භූමි සද්දෙට එහෙම කිව්වට ඒ වචන පිටවුනේ හදවතට එකඟව නම් නොවේ….. ඇත්තම කියනවා නම් අහම්බෙන් ඡායාවක් වගේ දුටුව මේ රුවට මුළු හදවත පුරාම විසිරී තිබුනි..

” මූ නම් රජ්ජා තාමන් මහ මී හරකෙක්…. මූට කියලා වැඩක් නෑ…….. ප්‍රසිද්ධ මැරයෙක් වුනාට වැඩක් නෑ…… බොලඳ ප්‍රේමවන්තයෙක්……….

” හ්ම්ම්ම්ම්ම්….. මාත් එකඟයි……. උඹට ඒ කෙල්ලට හිත ගියා වුනත් අපි මොනවත් කියන්නෑ….. අපි නම් කැමතී…..

රාජීව්ගේ කතාව හැමෝම අනුමත කලා….. භූමිගේ හදවත පතුලින්ම නැගී ආවේ පුදුම සතුටක්……… කතාවෙන් කතාව ඔවුන් ඇවිත් තුහින්‍යාලාගේ නිවසේ මිදුලේ වාහනය නවත්වද්දි දෙබැමත් රැළි කරගෙන ඉස්සරහට ආවේ තුහින්‍යාගේ අප්පච්ච්…….

” මේ මහත්තුරු කවුද……….

සුහද ශීලි සිනාවකින් මුහුණ සරසගෙන තුහින්‍යාගේ තාත්තා ඇසුවේ හත් දෙනා දිහාම බලාගෙන………

” ආ….. අප්පච්චි මේ අර අයියලා…….

වාහන ශබ්දයට එලියට ආව දුවින්‍ය ඔවුන්ව හඳුනාගත්තා……..

” අප්පච්චි මේ වෙලාගෙන ඉන්න අයියට තමා එද රෑ කට්ටියක් ගැහුවේ….. මේ… මේ අයියා තමා එදා අපිව ගෙදරට ඇරළුවේ……. එන්න අයියේ ඇතුලට……

දුවින්‍ය කට්ටියව හඳුන්වා දෙද්දි අප්පච්චිටත් මතක් වුනා සිද්ධිය……

” ඒකනේ යමු යමු ඇතුළට මේ දරුවෝ ටික…….. රණ්ඩු ඇති වෙන එක අහන්නත් දෙයක්ද…….. කොල්ලො ටික චණ්ඩියෝ වගේ

අප්පච්චි ගුරුවරයෙකි……. ඔහු කොහොමත් ළමුන්ට සැලකුවේ දරුවන්ට මිතුරන්ට මෙනි……… මේ වයසේ දරුවන් කෝටි ගණනකට ඔහු දෑස් පාදන්නට ඇත………..

කොල්ලෝ ටික සිනාවක් පෑවත් කිසි දෙයක් කීවේ නම් නැත………

” අයියේ….. අපේ අප්පච්චි ටීචර් කෙනෙක්…… එයා හැමෝම එක්ක හරි සුහදයි…….. ඒ හින්දා ඔයාලා ටෙන්ෂන් වෙන්න එපා……..

” නෑහ්…… ඇත්තමද……. සර් ටීචර් කෙනෙක්ද………

කොච්චර මැරකම් කලත් කොල්ලොන්ගේ හිත් වල තිබුන ගුරු ගෞරවය නම් ඉා ඉහලයි….. ඒ නිසාමයි රාජීව්ගේ මුවින් අප්පච්චිට සර් කියලා ආමන්ත්‍රණය කෙරුනේ……

” මං රිටයර් පුතා…….. දැන් සර් කියන්න ඕනි නෑ………….

අප්පච්චි නිහතමානීව කීවේ කාගේත් සිත් ඇදගනිමින්……..

” එහෙනම් අපිත් අප්පච්චි කියන්නම්කෝ……. ආ දූවි කෝ අක්කා….. අද වැඩද……

රාජීව් ඇසුවේ යටැසින් භූමි දෙස බලා….. යාළුවෝ ටික තමාට සරදම් කරකවා කියලත් භූමි නොදන්නවා නොවේ….. නමුත් ඔහු කිසිවක් නොපවසා සිටියා……

” අක්කා ඇතුලේ ඉන්නවා…… මං කතා කරන්නම්…….

දුවින්‍ය ඇතුලට ගියේ අම්මට තේ සූදානම් කරන ලෙසත් කියාගෙනමයි……. වාහනේකින් කවුරු හරි ආවා කියලා තුහින්‍යාට ඇහුනත් ඇය කාමරයටම වෙලා හිටියේ කොහොමත් තුහින්‍යා කියන්නේ ලැජ්ජාශීලී තැනැත්තියක් නිසා……

” මේ අක්කා…. ටිකක් එලියට එනවකෝ…. අර අයියලා ඇවිත් ඉන්නේ..

“මොන අයියලද……..

” අර එදා අපි hospital admit කලේ……..

තුහින්‍යා එක්වරම පාඩම් කරමින් ඉන්න නංගි දිහා බැලුවා……. සෙහන්ස්‍යා පොතත් තියලා නැගිට්ටේ තුහින්‍යාව පුදුමයට පත් කරමින්……

” මොකෝ බං ගල් ගිල්ලා වගේ බලන් ඉන්නේ එලියට ගිහින් කතා කරපන් ඒ මනුස්සයින්ට……. මං යනවා අම්මා දැන් තනියෙන් තේ හදනවා ඇති……

සෙහන්ස්‍යා පිටව ගියේ තව එක් වතාවක් හැන්ඩ්සම් බලා ගැනීමේ චේතනාවෙන්………

“”” මේකි නම් මොන විදිහේ නංගි කෙනෙක්ද මන්දා…….. මට නම් බෑ ඒ මැර කොල්ලා ඉස්සරහට යන්න……..

තුහින්‍යා පොලවට රවමින් මිමිනුවාය……..

” අනේ මේ අක්කේ ඕනැවට වඩා අහංකාර නැතුව එනවා….. අනික ඒ කොල්ලෝ තමුසෙව කන්නෙ නෑ…..

දුවින්‍ය ඇගේ විරෝධය නොතකා ඇගේ අතකින් ඇද්දේය………

” අනේ මට බෑ………..

” මේ අක්කා අප්පච්චිත් ඉන්නවා එතන ඈ….. දැන් තමුසෙ ආවෙ නැත්තම් එයා එයි……..

අප්පච්චිත් එතන කීවම නම් තුහින්‍යා තවත් අසරණ වුනා…… කරන්න දෙයක් නෑ යනවා ඇරෙන්නට…… ඒ හින්දා කෙල්ල මල්ලි පස්සෙන් විසිත්තකාමරය දෙසට ඇදුනා……. තද නිල් පාට ගවුමක් ඇදගෙන සිටි තුහින්‍යා නව යොවුන් තරුණියක් වගේ….. ඇය විවාහකයි කියලා කියන්නම බැරි තරම්…….. කෙල්ල විසිත්ත කාමරයේ දොර අසලින් හිටගත්තෙ බිම බලාගෙනමයි………

” ආ….. නංගියා…… කොහොමද ඉතින්…. මෙයා පුදුම වදයක් දුන්නෙ ඔයාලව හම්බවෙන්න ඕනි කියලා…. ඔන්න එක්ක ආවා……

භූමිට රාජීව් එක්ක ආවේ පුදුමාකාර කේන්තියක්……… අනෙක් හය දෙනාම දෙතොල් තද කරගෙන සිනා නොවී සිටීමට උත්සහ කලා……… භූමි කෙල්ල දිහා බලලා මද සිනාවක් පෑවා…… තුහින්‍යාත් යන්තම් ඔහුට සිනාවක් පෑවා පමණයි…. දෙන්නම බැලුවටත් වඩා ඉක්මනින් ඉවත බලා ගත්තා…….

” උඹට ස්තූති කරන්න ඕනි කීවා නේද……..

ධනූ කියද්දි භූමි තවත් අපහසුතාවයට පත් වුනා……… ඒත් ඒ බවක් නොපෙන්වා ඔහු යලිත් ඇය දෙස බැලුවා…..

” නංගි…… ඔයාටයි දුවින්‍ය මල්ලිටයි හුුඟක් පින් මගේ ජීවිතය බේරගත්තට…….

භූමි අමාරුවෙන් වචන ගැටගහගෙන ඒ ටික කියලා දැම්මා……….

” ඒකට ස්තූතියි කියන්න ඕනෙ නෑ…. එතන ඔයා නෙවේ කවුරු හිටියත් අපි ඒක කරනවා……… අපේ අප්පච්චි අපිට උගන්වලා තියෙන්නෙ එහෙම…. කාට උනත් උදවි කරන්න කියලා…….

තුහින්‍යාගෙ වචන වල තිබුනේ ආඩම්බර කමක්ද කියලත් භූමිට නොසිතුනා නොවේ….. ඒත් ඒ කතාව ඔහුට නිකම් මදිපුංචිකමක් විදිහට දැනුනා……..

” ඒක හරි…… ඒ ඔයාලගේ අප්පච්චි ඔයාලට හොඳ නරක කියලා දීලා තියන නිසා….. මං කිව්වේ මට කරපු උදව්වට…….

තමා පැවසූ වදන් තරමක් සැර වැඩිදැයි ඇයට සිතුනේ භූමි ⁣එහෙම කිව්වම….. අප්පච්චි ඇය දෙස රවා බලනු යන්තම් ඇස් කොනින් දුටුවා…..

” හ…හරි…. ඔව්…… ඒක මං දන්නවා.. මං කීවේ අපි කවුරු එතන හිටියත් උදවිකරන්න ඕනි කියන එක… නේද මල්ලි……

තුහින්‍යා ගැලවිල්ලට මල්ලිවත් කතාවට අල්ලා ගත්තාය…….

” ආ මේ….. අයියා….. එහෙම තමා අප්පච්චි අපිට කියලා දීලා තියෙන්නේ ඒකයි ඔය අක්කා එහෙම කීවේ….. හරි ඉතින් දැන් කියන්නකෝ විස්තර…..

දුවින්‍ය කතාව වෙනතකට හැරවූයේ තුහින්‍යා දෙස රවා බලමින්……. අම්මා හා නංගී තේ රැගෙන ආවේ ඒ මොහොතේදීය….. ඔවුන් නම් සියල්ලන්ම කොල්ලෝ ටික සමගින් ඉතා සුහදව කතා බස් කලත් තුහින්‍යා නම් ඉන්පසු කිසිදු වචනයක් කතා කලේ නැත……. වේදේශ්ගේ රැවටීම් වලින් පසු ඇය අප්පච්චි හා මල්ලි හැරුණු විට කිසිඳු පුරුෂයෙකු මත විශ්වාස තැබුවේ නැත….. බොහෝ වේලාවක් ගත වන තුරුත් ඔවුන් හා කතා බස් කරමින් සිටි මිතුරන් සත් දෙනා යන්නට සූදානම් විය……

” ඊට පස්සෙ එකම එක වචනයක් වත් කතා කලේ නෑ……. බිම බලාගෙනම හිටියා නිකම් වත් ඔළුව උස්සලා බැලුවේ නෑ…….. පුදුමාකාර අහංකාරකමක්…… භූමි උඹගේ හිත පුරාම මේ අහංකාර සද ගැන මල් මල් හීන මැව්නට ඒවා හැබෑ කරගන්න නම් හිතන තරම් ලේසි නෑ…….. ඒත් මං ඇල්නිලම්………. මට කරන්න බැරි දෙයක් තියනවද මේ පොළව උඩ…… ටාෂියාට පුළුවන් නම් ඒ විදිහට අසාධාරණව මගෙන් අයින් වෙලා අමතක කරන්න….. ඇයි මට බැරි…… අනිත් එක මේක මොන විදිහේ වශියක්ද…. මං මේකිට මේ තරම් බැඳිලා තියෙන්නේ මොකක්ද හේතුව……. මේ කෙල්ලව මට හුඟක්ම හුරුපුරුදුයි වගේ දැනෙනවා……… අපි බලමු තුහී…….. ඔය ආඩම්බර කම තව කී දවසකටද කියලා……. මේකිට කොල්ලෙක් ඉන්නවද දන්නෙත් නෑ…..එකද මේ තරම ආඩම්බර…… නෑ වෙන්න බෑ…. මේකිට කොල්ලෙක් ඉන්නවා නම් දුවින්‍ය මොකටද මෙයාව එක්ක යන්න ආවේ….. කමක් නෑ….. අපි ඉවසලා බලමු………

භූමි තනිවම සිතුවේ තුහී දෙස බලානෙමයි………

” එහෙනම් යමුද භූමි……….

පලමු වතාවට මේ නිවස තුලදී භුමිගේ නම කියැවුනි………

” භූ…………මි………….. කෙල්ලෙකුගේ නමක් නෙ……..

තුහින්‍යා සිතුවේ ඔහු දෙස යටැසින් බලමින්………. ධනූ භූමිගේ උරහිස තදින් ඇල්ලූ හෙයින් භූමිද සිහින ලොවින් මිදුනි………

” එහෙනම්……අප්පච්චි අම්මා….. අපි ගිහින් එන්නම්….. මොනවම හරි දෙයක් තිබුනොත් අපිට කතා කරන්න අපි මේ අහල පහලම තමයි ඉන්නේ……. දුවින්‍ය මල්ලි ගාව අපේ number එක ඇති……

කොල්ලො ටික අප්පච්චිටයි අම්මටයි වැදලා යන්න ගියහ……. යන්නම් කියද්දිත් හිස වැනුවා හැරෙන්නට ඇය වචනයක් වත් කතා කලේ නෑ……..

ඔවුන් ගියාට පස්සෙ අප්පච්චි තුහින්‍යාට හොදටම දෙහි කපන්නට වුනා……

” ඈ ලොකු ළමයෝ මොකක්ද ඒ හැසිරුන විදිහ……..

” අප්පච්ච මං වැරැද්දක් නෙවේනේ කීවේ………

තුහින්‍යා යටහත් පහත්ව කීවේ අම්මා දිහත් බලලා අම්මයි නංගියි දෙන්නත් කෙල්ලට රවාගෙන ඉන්නවා…….

” ඒ ළමයි ආවේ ස්තූති කරන්න ඔයාගේ ලොකුකම බලන්න නෙවේ….. ⁣ටිකක් හොදින් කතා කලාම මොනවා වෙනවද….

අප්පච්චිට අද හොදටම තරහ ගිහින්……..

” මං පිරිමින්ට කැමති නෑ අප්පච්චි……

” ලොකු ළමයෝ….. හැම පිරිමියෙක්ම වේදේශ් සාකේත් වගේ නෑ…….

අප්පච්චි නැගිට පහල බෑවුමේ එළවළු කොටුව දෙසට ගියේ ඒ ටික කියමින්……..

” ඔව් අප්පච්චි එක වගේ නෑ තමයි…… ඒ ඔයයි මල්ලියි විතරයි….. මේ ලෝකෙ අනිත් කිසිම පිරිමියෙක් මට විශ්වාස නෑ………

තුහින්‍යාත් පරාජය භාරගන්නට සූදානම් නැත…….. අම්මා හා නංගි මුළුතැන්ගෙය දෙසට ගිය පසු ඇය කාමරයට ගියාය……… තමා කල දේ එතරම් හොද නැති බව ඇයටද දැනුනි….. නමුත් කිසිදු පිරිමියෙකු හා ඕනැවට වඩා සමාගමයක් තබාගන්නට ඇය කැමැති නැත……….

_•°°°°•💙•°°°°•_

සීතල රජයන මහා පාන්දර භූමි සිය කාමරයෙන් පිටත මල්තවාන ටදසට ආවේ ගැහෙමින්…….. ඝන මීදුම් තට්ටු පිටින් මිදුල පුරා රවුම් ගසයි……. තවමත් පෙති එකනෙක ඇහැරෙන රෝස මල් යායට සීතල පිණි බිඳු වැටී ඒවා ඝනව තුහින කැට සේ පෙනේ……. ඒ කහ පැහැ රෝස මල දකින විට භූමිට විදුලි කෙටුවාක් මෙන් සිහිවුනේ තුහින්‍යාවයි……..

තුහීඔයාමේපාන්දරවැටෙනසීතලහිමතුහිනයක්වගේඔව්එහෙමමයිමටහිතෙන්නෙමගේකර්කෂජීවිතපොලවටවැටුනහිමතුහිනයක්වගේද ැනෙනවාමට_ඔයාව……

❤️•°´°••°´°•❤__️❤️•°´°••°´°•❤️

හිරිපොද වැටෙන සීතල ඉමේ..
හිතහිරී වැටී හැඟුමන් මැවේ…

මගේ තුහින කුමරිය සිහිනයේ..
පාවී ඇවිත් දැවටෙන්න හද බිම් තිරේ..

සඳගෙනෙන සිහිනය පුරා
දැවටෙන්න සඳවත නුරා

ගිණිගත්ත සිත සනසවා
හදබිම විසුල තුහිනය ඔයා…

❤️•°´°••°´°•❤__️❤️•°´°••°´°•❤️

කල්පනා සයුරේ ගිලෙමින් සිටින භූමි පියවි ලොවට ආවේ දුරකතනය නාද දෙන හඬින්…… ඇමතුම මාමාගෙනි………

” Good morning මාමා……

” භූමි….. Good morning පුතා…….

” මාමා මොකද මේ උදේ පාන්දරින් ගත්තේ මොකක් හරි ප්‍රශ්ණයක්වත්ද……

” නෑ භූමි………. මං දෙයක් කියන්න නම් තමයි ගත්තෙ………

” මොකක්ද…..

” මට කියන්න වැදගත් දෙයක් තියනවා….. ලොකු නංගිත් ආවානේ ඔයාට එයාව මුණ ගස්වන්වත් බැරි වුනා……. එනවද උදේ වරුවේ…. අපි පොඩ් ගමනක් යන්නත් ඕනි…….

මාමාට විරුද්ධ විය නොහැකිය…… ඒ නිසා ඔහු රංජන් සමරනායක මට එකඟ විය…………