සිතින් විතරක්

තිස් අට….38

දැන් මේ කතාව ඒන්ජල්ට තනියම කියන්න අමාරුයි ඉතිං උත්තම පුරුෂයෙන් ප්‍රථම පුරු ෂයට මාරු වෙනවා බලන්නකො වෙනස කො හොමද කියලා.

පැයකටත් වැඩි කාලයක් තිස්සෙ සෙත් උත්සහ කරන්නෙ ඒන්ජල්ගෙ හැඬුම නවත්තන්න. ඒත් මොනා කීවත් ඇය හඬන එක නතර කරන්නෙ නෑ.

ඇගේ ඉකි බිඳුම හීල්ලුම කාමරේ පුරාම වි සිරිලා යනවා. යහන වැතිරිලා කොට්ටෙට මූණ ඔබාගෙන ඇය නොනැවතීම අඬනවා. ඒ කඳු ළු වලින් කොට්ටෙ සම්පූර්ණයෙන්ම තෙමිලා.

ඇගේ හිතේ පිරිලා ඉතිරිලා තිබුනෙ වරදකාරී හැඟීමක්. සෙත් ආපසු ආවම හැමදේම කිය න්න කියලා හිතාගෙන හිටියත් මේ හදිසි යෙන් සිදුවූ දෙයින් ඇය නොසන්සුන් වෙලා.

ඊටත් වඩා ඇයට දුක හිතුනෙ විහඟ ගැන. තම න්ට මේ තරම් වරදකාරී හැඟීමක් දැනෙනව නම් ඒක විහඟට මොනතරම් බරට දැනෙනවා ඇතිද කියන එක ඇගේ හිත හිරි වට්ටලා තිබුනා.

ඒ වගේම සෙත් කවදාවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු නොවුන බව ඇය දන්නවා. ඉතිං මේ වගේ දෙයක් එකපාරම දැක්කම සෙත්ට දැනෙන හැඟීම මොන වගේ එකක් ද කියලා ඇයට හිතා ගන්නවත් බෑ. ඉතිං ඒ හැමෝම වෙනුවෙන් ඇයට කරන්න තිබුනෙ වැලපෙන එක විතරයි.

හුස්මවත් අල්ලන්නෙ නැතුව පැයකටත් වඩා එක දිගට වැලපෙන ඒන්ජල් දිහා සෙත් බලා ගෙන හිටියෙ අනුකම්පාවෙන්. ඇය කල වරද ගැන ඈ පසු තැවෙන බව ඔහුට හොඳටම පෙනෙනවා. ඒත් මේ පසුතැවීමෙන් ඒ සියල්ල නිවැරදි වෙන්නෙ නෑ.

ඈ එවැන්නක් කරතියි ඔහු විශ්වාස කලේ නෑ. ඒත් ඈ ගැන සෙත් ගෙ හිතේ තිබුනෙ කෝපය ක් නෙවී අනුකම්පාවක්. ඈ තාමත් ලාබාල යුව තියක්. ජිවිත කාලෙම තනිවම ජීවත් වුන කෙනෙක්.

ඉතිං ඈ ඇයට සමීපව ඉන්න කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙන එක සාමාන්‍ය දෙයක්. තමන් මොන තරම් ආදරේ කලත් ඈ සමඟ රැඳෙන්න ලැබුනෙ කෙටි කාලයක් විතරයි. ඉතිං ඈ විහ ඟට ආදරේ කරන එක සාමාන්‍ය දෙයක්.

ඒත් විහඟ ඔහුට එවැන්නක් නොකර ඉන්න තිබුනා. තමන් තමන්ටත් වඩා ඔහුව විශ්වාස කලා. විහඟ ලාබාල තරුණයෙක් නෙවී. ඒ නිසා ඔහුට තිබුන තමාව පාලනය කරගන්න ඒ වගේම ඇයට වටහා දෙන්න තමන් ඈට මොන තරම් ආදරේද යන්න.

ඒත් කිසිවක් නොකර ඔහු මේ කල දේ සෙත්ට හිතා ගන්නවත් බෑ. විහඟ ඇත්තටම මිත්‍ර දෝ හියෙක්. ඒන්ජල්ව අහිමි වීමටත් වඩා සෙත්ට දැනුනෙ තමන් රවටා ඇතැයි කියන හැඟීම. ඒක හුඟාක් ලජ්ජා සහගත සිතිවිල්ලක්. සෙත්ව පෙලමින් තිබුනෙ ඒ හැඟීම.

ඔවුන් දෙදෙනා කවදා සිටි තමාව රවටන්නට ඇ තිද.. මේ සබඳතාවය කවදා අරඹන්නට ඇතිද.. ගතවූ කාලය පුරාම ඔවුන් තමාව රවටමින් සිටින්නට ඇතිද..

විහඟ රෝහලේ සිටියදී ඒන්ජල් හැපි හැපී ඔහු ව බලන්නට රැගෙන ලෙස ඉල්ලුවේත් සිය ජිවි තයට අවදානමක් තිබියදීත් ඈ ඔහුට ලේ පරිත්‍ යාග කලේත් ඒ ආදරය නිසා නොවේද.. එතරම් දිගු කාලයක්..
ඒ සා විසල් රැවටීමක් එය විශ්වාස කරන්නටව ත් බැරිය.

විහඟ යහන මත හිත ගත්තෙ දෑතින්ම හිසේ හිස කෙස් ඇද ගනිමින්. මේ මොහොතේ සෙ ත්ගේ පැමිණිම විහඟ කිසිසේත්ම අපේක්ෂා කලේ නෑ.

සන්සුන් මොහොතක පරිස්සමින් මෙය සෙත්ට පැහැදිලි කර දෙන්නට සිතා සිටියත් මේ අනපේ ක්ෂිත සිදුවීමෙන් විහඟ උන්නෙ හොඳටම අප හසුතාවයට පත්වෙලා.

තමන් සෙත්ට කලේ සමාව ඉල්ලා සිටින්ටවත් බැරි තරමේ බරපතල වරදක් බව විහඟ දන් නවා. සෙත් කිසිම දවසක අංශු මාත්‍රයකි න්වත් තාමාව අවිශ්වාස කලේ නෑ. ඔහු ඒන්ජ ල්ව රැක බලාගන්නට තමාට භාර දුන්නෙ ඒ විශ්වා සයෙන්.

ඉතිං තමා මේ කලේ මොනවාද.. ඒ වරද නිවැ රදි කරන්නට කල හැක්කෙ කුමක් දැයි විහ ඟට සිතා ගන්න බෑ. මුල් වරට ඒන්ජල්ව දුටු මොහොතේ පටන් ඔහු ඈට ආදරේ කලා. සෙත් ඈට ආදරේ කරලාවී යැයි විහඟ සිතුවේ නෑ.

ඒත් ඇගේ ඡායාරූපය දුටු මොහොතේ පටන් සෙත් උමතුවෙන් මෙන් ඇයට ආදරය කරද්දි විහඟ තමන්ගෙ ආදරේ හිතේ හිරකර ගත්තෙ හුඟක් අමාරුවෙන්.

සෙත් ඈව රැක බලා ගන්නට යැයි කියද්දි ඈ සමිපයේ සිටියදී පවා ඔහු තමන්ගෙ ආදරය සඟවාගෙන ඈ ඉදිරියේ නපුරු දරදඩු චරිතයක් රඟපෑවේ ඇයට තමා ගැන තරහක් වෛරයක් ඇති කරන්න. ඒ කිසිවක් පහසු වුනේ නෑ. ඒත් ඔහු ඒ සියල්ල සෙත් වෙනුවෙන් කලා.

ඒත් ඒන්ජල් උමතුවෙන් මෙන් තමාට ආදරය කරද්දි. හැපි හැපි දැවටි දැවටි තමාවම හොය ද්දි සෙත් සමඟින් සතුටින් ජීවත් විය නොහැකි යැයි දිවුර දිවුරා කියද්දි ඒ ආදරේ තවත් ප්‍රති ක්ෂේප කරන්න විහඟට පුළුවන් වුනේ නෑ.

තමන්ගෙ ආදරෙයත් මිතුරාත් අතරෙ අතර මං වෙලා වැඩිපුරම හිතින් වේදනා වින්දෙ ඔහු. ඒත් තමා නිසා සෙත්වත් ඒන්ජල්වත් තවත් විඳවිය යුතු නැති බව විහඟ විශ්වාස කලා.

ඒන්ජල් තාම ලාබාල යුවතියක්. ඈ දිනක් දෙකක් හඬා වැලපී තමන්ගෙ හිත හදා ගනීවි. දකින්න නොමැති විට ලඟ නොමැති විට ඈ තමා අමතක කරන්නට ඇයට පහසු වේවි.

මොන හේතුවක් නිසාවත් සෙත් ඇයට කිසිම දවසක දුකක් වේදනාවක් දෙන්නෙ නෑ කියලා විහඟට විශ්වාසයි. ඉතිං කල යුතු හොඳම දේ ඔවුන් වෙතින් දුරස්තව යාමයි. එවිට සියල්ල නිවැරදි වෙනු ඇත.

මේ වේදනාව එය තමා සමඟ පමණක් තිබුනා ම හොඳටම ඇතිය දැන් සිදුවි ඇත්තතේ තිදෙ නාම විඳවීමය. සුවපත්වී නොසිටියත් තව දුර ටත් මේ නිවසේ සිටිය නොහැකි. නිවසේ නොව තමාට ඈ පෙනෙනා තැනකවත් සිටින්නට බැරිය.

කොතරම් අමතක කර ඉන්නට උත්සහ කල ද ඈ දකින්නට දකින්නට මේ රිදුම තවත් අළුත් වේ. ඇයටත් හිත හදා ගන්නටත් බැරිය. කල යුතු හොඳම දේ සියල්ල හැරදා යාමය. අයියා සියල්ල පවැසිය යුතුය. ඔහු කලයුතු හොඳම දේ කරනු ඇත.

ඒන්ජල්ගේ හැඬුම තවත් බලා සිටින්නට සෙ ත්ට නොහැක මොනවා කීවත් ඈ වැලපෙනා එක නතර කරන්නෙ නැත. මෙසේ හඬා වැලපී ඈ අසනීප වේවි යැයි බියක් සෙත්ගේ සිත පුරාම දිව ගියා.

ඈ ලාබාල කායිකව මෙන්ම මානසිකවත් දුර්ව ල යුවතියක්. මෙවන් නොසන්සුන් කමක් දරාග න්නට තරම් ශක්කිමත් බවක් ඇයට නැත. ඈ මෙතරම්ම වැලපෙන්නෙ එහෙයින්.

සෙත් ඒන්ජල්ව දෝතින්ම ඔසනා ඇඳ විට්ටමට හේත්තු කලා. ඒත් ඇගේ හැඬුම නතර වුනේ නෑ. පීල්ලකින් වතුර ගලා යනවාක් මෙන් ඇගේ දෑසින් නොනැවතීම කඳුළු ගලා යයි.

කී සැරයක් කියන්න ද ඒන්ජල්..ඔය ඇඬිල්ල නවත්ගන්නවා ඕයි.. ත\මු\සෙ ඊලඟට මොනා හරි කරගන්නෙ ඔහොම අඬලා…

සෙත් කීවේ තරහින්ම නොවුනත් ඇයට දැනු නේ ඔහු කෝපයෙන් හිදිනා වගකි. එහෙයි ඈ පෙරටත් වඩා මහා හඬින් ඉකිබිඳ වැලපෙ න්නට විය.

හැමදේම වෙලා ඉවර උනාට පස්සෙ දැන් මොන මඟුලට ද අඬන්න තියා ගත්තෙ මෙතන..

ඔහු නැවතත් කීවේ කුමන හැඟීමකින් දැයි ඔහුම දන්නෙ නැත. ඒත් ඈ ඔහු කියන කිසිම දෙයක් කනකට ගන්නෙ නෑ.

මී දෙනක මෙන් වැලපෙයි. හුස්ම අල්ලාගෙන හඬා වැටෙනා ඇය දකින විට ඔහුට ඇත්තටම බයය. කුමක් කල යුතුදැයි ඔහුට සිතා ගන්නට බැරිය.

ඒත් මේ අයුරින් දිගින් දිගටම හඬා වැටුන හො ත් නම් ඈ රෝගීවනු ඇත. කල යුත්තේ කුමක් දැයි සිතා ගන්නට නොහැකිවම සෙත් පහත මාලයට ගියා.

විහඟව දකින්න සෙත්ගෙ කැමැත්තක් තිබුනෙ නෑ. ඔහු ගැන තමන්ගෙ හිතේ තියෙන්නෙ කෝ පයක්ද කලකිරීමක්ද වේදනාවක් ද කියන්න සෙත්ට තේරෙන්නෙ නෑ. ඒ මොකක් උනත් ඒ හැඟීම දරාගන්න හරිම අමාරුයි.

ඒත් ඔහු සමඟ කතා බහ නොකර මේ කිසිවක් දරනගන්න වෙන්නෙ නෑ. ඒ නිසාම අකමැත් තෙ න් උනත් සෙත් විහඟගෙ කාමරේට ගියා. ඒ යනකොටත් විහඟ උන්නෙ නිවසින් පිට වෙන්න සූදානමින්.

විහා මොනවත් උ/ඹ ඔයා කරන්න හදන්නෙ..
සෙත් ඇහුවෙ හුඟක් බර හඬකින්.

සිද්ධ වුන දේවලට උ\ඹෙ\න් සමාව ඉල්ලන්න මට බෑ සෙත්…ඒන්ජල් වැරද්දක් කලේ නෑ..

මේ හැමදේටම වැරදි කාරයා මම..ඒන්ජල්ට වැරැ ද්දක් කරන්න එපා…ඒ කෙ\ල් ල අසරණ යි..එයාව ආදරෙන් බලාගනිං..

විහඟ කියවගෙන ගියෙ හුඟක් අසරණ හඬකින්.

විහා.. මොනවද උඹ ඔය කියවන්නෙ…?

ආදරේ කලා ඇරෙන්න වෙන කිසිම වරදක් මගෙ අතින් ඒන්ජල්ට සිද්ධ වෙලා නෑ. ඒ නිසා ඒන්ජල්ව ආදරේ බලාගනිං…

ඒ කෙ\ල් ල මුළු ජීවිත කාලෙ ම දුක් වින්ඳ කෙනෙක්. තවත් රිද්දන්න එපා… විහඟ කියෝගෙන ගියෙ පෙර හඬින්මයි.

පිස්සු හැදිල ද විහා මොනවද ය\කෝ උ\ඹ ඔය දොඬවන්නෙ…

උ\ඹ/ට ඕනි නං මට බැනපං සෙත්..නැත්තං ගහපං හිත හදාගන්න ඕනිනං මාව ම\ර\පං.. කිසිම යාළුවෙක් නොකර වැරැද්දක් කලේ මම..

ඒකත් උ ඹ වගේ එකෙකුට.. අනේ දෙයි යනේ මම මම කොහොමද මේ වගේ දෙයක් කලේ.. විහඟ ඇඬුවෙ නැතුවා විතරයි.

විහා උ\ඹ දැන් මගෙන් මැ/රුං කනවා ඔය කට පියා ගත්තෙ නැත්තං නං..
ඒ ගමන සෙත් කීවේ හුඟක් තරවටු හඬකින්.

මම දන්නවා සෙත් උ\ඹ ඉන්නෙ තරහින් නෙවී
උ\ඹ\ට දුකයි.. වෙන කවුරු කලත් මං උ\ඹ\ට මෙහෙම දෙයක් කරයි කියලා උ\ඹ හිතුවෙ නෑ… මං කරපු වැරැද්ද මංම ආපහු හදන්නං… විහඟ ආයිම කීවා.

මොන මඟුලක් ද උ\ඹ ඒ ගමන කරන්න හද න්නෙ දැන්..?

මම මෙහෙන් යන්නම් සෙත්. අයියට කතා කර ලා මට එහෙ සෙටල් වෙන්න හදාගන්න පුළුව න්.

මම මෙහෙ හිටියොත් ඒන්ජල්ටවත් උ\ඹ/ට වත් හිත හදා ගන්න බෑ…මටත් හිත හදාග න්න බෑ…

ඒන්ජල් තාම පොඩි කෙ/ල් ලෙක් එයාට මේවා ගැන තේරුමක් නෑ..ඒක නිසා ඒ කෙ\ල්ල\ගෙ හිත රිද්දන්න එපා එයා හිමීට හිත හදාගනී..

එයා මෙන්ටලිත් වීක් ෆිෂිකලිත් වීක්..ඒක නිසා ටික කාලයක් යන කං පරිස්ස මින් බලාගනිං..
හැමදේම හරියයි..

විහඟ කියෝගෙන යන දිහා සෙත් බලාගෙන හිටියෙ පුදුමෙන්. ප්‍රශ්නෙ මෙච්චරම සංකීර්ණ වෙයි කියලා සෙත් හිතුවෙ නෑ.

ඇත්තටම මේක රැවටීමක් ද මේ දෙන්නා මාව රැවැට්ටුව ද සෙත් තමාගෙන්ම අහගත්තා.ඒක රැවටීමක් නං ඒක සිද්ධ වෙන්නෙ මේ විඳිහට නෙවී.

තමන් ඔවුන්න විශ්වාස කල තරමට මුළු ජීවිත කාලෙම ඔවුන්ට තමන්ව රවටමින් ඉන්න තිබු නා. ඒත් මේ වෙන්නෙ මොනවද..
අරහෙ අර කෙ ල් ල වැලහින්නක් වගේ පැය ගානක් අඬනවා හුස්මක්වත් ගන්නෙ නැතුව.

මෙතන මේ කො\ල් ලා හැමදේම අතෑරලා දාලා යන්න හදනවා. විහඟෙගෙ ගෙදර අය කො හොමත්ම කැමති නැතුව තියෙද්දි ඔහු ඒ රැකි යාව කරන්නෙ ඒකට හුඟක්ම ආදරේ හින්ද..

වෙන රටකට ගිහින් සුවසේ ජීවත් වෙන්න තියෙද්දි විහඟ ලංකාවෙ රැඳිලා ඉන්නෙ රැකි යාව නිසා.

ඉතිං දැන් ඔහු හදන්නෙ තමන් එච්චර ආදරේ කරපු රැකියාවයි. ආදර වන්තියයි දෙන්නම අත්හරින්න. ඒ තමන් වෙනුවෙන් තමන්ගෙ සතුට වෙනුවෙන්.

එතකො එතකොට මේකට රැවටීමක් කියන්න පුළුවන්ද.. වැඩිය සාධාරණ දේ මොකක්ද.. තමන්ගෙ සතුට වෙනුවෙන් මේ දෙන්නම දුකින් ඉන්න එකද එයාලගෙ සතුට වෙනුවෙන් තමන් හිත හදා ගන්න එක ද සෙත් තමන්ගෙන්ම ඇහුවා.

ඒන්ජල්ව සතුටින් තියන්න කියලා විහඟ මොන තරම් කීවත්,ඔහු නැතුව ඈ සතුටින් ඉන්නෙ නැති බව සෙත්ට දැන් වැටහෙනවා. පැයගානක් තිස්සෙ ඇය අඬන එකවත් නතර කර ගන්න බැරිවුන තමන් කොහොම ද ඈව සතුටින් තියන්නෙ..

මී හ\ර/ක් කත කියන්න එපා..බූ\රු\වො.. මෙච්චර වෙලාවක් ඒ කෙ\ල්ල අඬන එක නතර කර ගන්න බැරිව මම කොහොම ඒන්ජල්ව සතුටින් තියන්නෙ..

සෙත් ඇහුවෙ නෑ ඔහුට ඇහුනා. ඒ අහපු ගම න් විහඟට උනිහිටි තැන් අමතක වුනා. තමන් මොනවද කරන්න හැදුවෙ කියලත් අමතක වුනා. ඈව එහෙම රිද්දන්න ඔහුට බෑ.

මොනවා..මෙච්චර වෙලා..ඒන්ජල් තාම අඬන වා.දෙයියනේ ඔහොම අඩලා ඒ කෙ\ල්ල\ට මොනා හරි වෙයි…

එහෙම කියාගෙන සෙත් එතනම ඉද්දි විහඟ උඩු මහලට දිව්වෙ පිස්සුවෙන් වගේ. ඇත්තට ම ආදරේ කියන්නෙ මොකක්ද කියලා සෙත් තමන්ගෙන්ම අහගත්තා.

හමුවෙමු.

බැනුම් අහලා ඇතිවෙලා ඉන්නෙ දැන්නං. තේරෙන්නෙ නෑ මොනවා කරන්නද.. මට ඕනි වුනේ වඩා සාධාරණ දෙයක් කරන්න. මේ වගේ ප්‍රශ්නෙකදි කොහොමත් එක්කෙකුට නැත්තං දෙන්නෙකුට දුක් විඳින්නම වෙනවා.

දැන් ඒන්ජල්ට වඩා මටයි අමාරු කෙනෙක්ව තෝරගන්න. විහඟගෙ පැත්තට බර උනාම සෙත් පව් කියනවා. සෙත්ගෙ පැත්තට බර උනාම විහඟ පව් කියනවා. ඒන්ජල්ටයි මටයි දෙන්නටම මහන වෙන්න නැත්තං සියදිවි නසා ගන්න වෙන සීන් එකක් දැන් තියෙන්නෙ