හයවෙනි කොටස🌿🌷_

නිලංක සුරනිමල නෙළුම්දෙණියගේ වලව්වට ගියේ අසංකගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසාය……….. මේ දරුවා අසංකගේ දරුවෙක් බව නොකියා සිටීමට ඔහු වගබලා ගත්තේය…………… නිලංක යනු සුරනිමල නෙළුම්දෙණිය ගේත් ආනන්දිතා දෑලබණ්ඩාරගේත් හොඳම මිතුරෙකි……….. ආනන්දිතා හට සිදුවූ අපරාධය ගැන බෙහෙවින් දුක් වුන නිලංග සිය මිතුරාගේද මෙයට කොහේ හෝ සම්බන්ධයක් ඇතැයි සිතුවේය……… මේ වසර විස්ස පුරාමත් ඔහුත් සදහම් දෑලබණ්ඩාරත් කලේ එහි සුල මුල සෙවීමට වෙහෙසීමයි නමුත් ඔවුන්ට කිසිවක් සොයා ගැනීමට නොහැකි විය………….

🥇ආ…….. කාලෙකින් මතක් වෙලා තියෙන්නේ…………

සුරනිමල ඉදිරියට පැමිණියේ එසේ අසාගෙනයි…………..

💮 වැඩ සුරේ…………… කෝ කට්ටිය නැද්ද……….

🥇 දැන් අපි මෙහෙ නැනෙ නිලා……… ඔක්කොම ඉන්නෙ කොළඹ………. මං සතියකට සැරයක් විතර ඇවිත් මේවා බලලා යනවා…………

💮 නෑහ්……… එහෙමද……….. එතකොට මේවා වහලා දාලාද තියෙන්නේ………

නිලංග ගේ බලාපොරොතුව බිඳ වැටී තිබුණි…………….

🥇 සියාතුයි,,, සුමනායි,,, මැණිකායි ඉන්නවා………….

💮 එහෙමද මං මෙ ආවෙත් වැදගත් දේකට………….. මගේ මල්ලිගෙ දුවට පත්වීම ලැබිලා තියෙන්නේ නුවරට කෙල්ල ඩොක්ටර් කෙනෙක්…… පුලුවන්ද කෙල්ලට මෙහෙ ඉඳන් වැඩට යන්න……….

🥇 අපොයි මොකද බැරි………. දරුවව එක්ක එන්න……………

💮 thank u සුරේ………….

🥇 කොහොමද බිස්නස්……..

💮 අවුලක් නෑ කරගෙන යනවා……… ඒ වුනාට ටික කාලයක් සූරියබණ්ඩාර මගේ ඇඟටම ආවා……… හැබැයි මිනිහා බංකොලොත් වගේ නේද…………

🥇 බංකොලොත් වුනේ අර කෙල්ල හින්දා…….. ඒ මනුස්සයාගේ දුව හින්දා…….. ඒ කෙල්ල office එකට යන්න එන්න ගත්තම ඔක්කොම වෙනස් වුනා…….. ඒ කෙල්ලගේ මෝඩ තීරණපතමා හැම එකටම මුල

💮 මටත් ඒක ආරංචියි…………… සදහම් මට කිව්වා…………..

🥇 මං නම් දෑලබණ්ඩාර ලා අයින් කරලා ඉවරයි………… ආයේ කතා කරන්නවත් කැමති නෑ….. ඒ මිනිස්සු ගැන……….. අර ආනන්දිතා මගේ ජීවිතේ කෑවා………….

නිලංගගේ අත මිටමෙලවුනා…………. ආව කේන්තියට සුරනිමලට දෙකක් අනින්නම හිතුනා………. ඒත් ඉවසගෙන හිටියේ ඔහුගේ වැඩේ කරගන්න ඕනෙ නිසා…….

💮 හ්ම්ම්ම්ම්………….දැන් සම්මානි මොකද කරන්නෙ කාලෙකින් දැක්කෙ නෑ……….

🥇 එයාගේ පුතායි අපේ දුවයි එක්ක කොළඹ තමා ඉන්නේ………….

💮 එයාගේ පුතා කිව්වේ…………

🥇 ඇයි එයාගෙ කලින් කසාදෙ පුතා……. ඇයි නිලංක අර ප්‍රසිද්ධ ගායකයා…… #නේෂ්කසංධවිතහේවාවිතාරණ මතක නැද්ද…………..

පුදුමයක් නැත………… තමන්ගේ දරුවන්ට දුක්ඛිත ඉරණමක් අත් කරලා දුන්න මේ නරුම පියාට දරු කැක්කුමක් නෑ කියලා නිලංග දැනගෙන හිටියා

💮 ඒ මේ සම්මානිගේ පුතාද…….. නියමයිනේ………….

අප්‍රසාදය මැඩගෙන නිලංග එහෙම කිව්වා…………….

💮 හ්ම්ම්…. එහෙනම්…… මං ගිහින් එන්නම් සුරේ……….. දුවව හෙට එක්ක එන්නද…………

🥇 එක්ක එන්න…… මං හෙට ආපහු යනවා……………

නිලංක වාහනය හරවගෙන මඳදුරක් පැමිණ පාර අයිනෙන් නවත්තලා අසංකට ඇමතුමක් ගත්තා………..

💮 අසා……….. වැඩේ හරි ඔන්න……. හෙට දුවට එහෙ යන්න පුලුවන්……….. දැන් සුරනිමල ගේ family එකම ඉන්නේ කොළඹ….. ඒ හින්දා කිසිම අවුලක් නෑ………

🏆️ ඒක නම් හොඳයි……… මං කියන්නම් කෙල්ලට හෙටම ලෑස්ති වෙන්න කියලා යන්න…….. තවත් දෙයක් නිලා…….. මට උඹ විශ්වාස නිසයි කියන්නේ මේක…… මං දන්නවා උඹයි සදහම් අයියයි ආනන්දිතා ගේ මරණය ගැන හුඟක් දේවල් හෙව්වා කියලා…………. උඹ අක්කට තවමත් ආදරෙයි කියලා මං දන්නවා……….. ඉතින් මේ එන්නෙ ආනන්දිතාගේ චූටි දුව……. මීට අවුරුදු විස්සකට කලින් අපි අරන් ගිය ආනන්දිතාගේ හුස්ම ටික තමා ඒ දරුවා………..

💮 මො…. මො… මොන..වා…….හ්………. අනේ අරලියා තාම ජීවතුන් අතරද…….. මං දන්නෙ නෑ එයාව ඔයාලා අරන් ගියා කියලා…… මං හිතාගෙන හිටියේ මේ නරුමයයි අර යක්ෂණියි කෙල්ලට මොනවා හරි කරලා ඇති කියලා……….. හරි… හරි…… කිසිදේකට බය වෙන්න එපා……. මං ඉන්නවා….. මං මේ වලව්ව කිට්ටුව තියෙන මගේ ගෙදරට එනවා…. කොහොමත් අපි එහෙට එන්න හිටියේ ලොකු පුතාට ඉන්න ගේ දීලා…… එහෙනම් ඒක ඉක්මන් කරන්නම්…….. මං ආනන්දිතාගේ දරුවා මගේ දරුවෙක් වගේ බලා ගන්නම්……….. හෙට අපේ ගෙදරට එක්ක එන්න…. නිර්මාලි ගොඩක් සතුටු වෙයි එයා දැකලා…….

🏆️ හොඳයි………… මං මේක කරන්නේ නිවේදිතාට හොරෙන්……… එයා දැනගත්තොත් මාව මරලා දායි…….. දුවගේ පෙරැත්තට මයි මාත් මේ තීරණය ගත්තේ……….

💮 හරි හරි බය නොවී හෙට එන්නකෝ

දෙදෙනාම ඇමතුම විසන්ධි කලේ සුසුමක් හෙලමිනි……………

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

පසුදා දහවල වන විට අසෙනියද ලංකාවට පැමිිණියේය……………… ඔහුද වෛද්‍ය මණ්ඩලයට බොහෝ කරදර කර නුවරටම මාරුවීමක් හදාගත්තේය………… එයට වන්දනාගේ කිසිඳු කැමැත්තක් නොවූයේ ඔහු ඇගේ කාර්යයට නිසැකවම විශාල බාධකයක් වන බැවිනි………. නමුත් හිතුවක්කාරයා කියන කිසිවක්ම ඇසුවේ නැත…………..අවසානයේ ඔහුව නවත්වා ගැනීමට නිලංක කැමති විය………….

💙 වන්දු………. මට ඔයාව හම්බවෙන්න ඕනි…………

🌹 ඒ මොකටද වද දෙන්නද…………

💙 එතකොට දැන් මං වදයක් එහෙමද……..

🌹 ඔව් ඉතින් ඔහොම කියන දේ අහන්නෙ නැතුව හිතුවක්කාර වැඩකරද්දි වදයක් තමා………

💙 වන්දු මට ඔයා ගැන බයයි………….

🌹 බයයි කියලා ඔයාගේ ජීවිතේ අමාරුවේ දාන්න මට බෑ අසෙන්…… ඒක තේරුමිගන්න………….

💙 යකාට ගියාවේ ඔය මළ මගුල් ජීවිතේ උඹට මොනා හරි වෙලා මං ඉඳලා මොකටද…………

🌹 අසෙනි…….. මොඩයෙක් වගේ කතා කරන්න එපා…………..

💙 මං දැන් ඉන්නේ ක්වීන්ස් එක ගාව එතෙන්ට එනවා………..

වන්දනා සිය වාහනය ක්වීන්ස් එක දෙසට හැරවූවාය………….. වළාකුළු බැම්මට හේත්තු වී සිට්න අසෙනියගේ මුහුණ දුටු වන්දනාවේ මුවගට සිනාවක් ආවේය…………..

🌹 තියෙන දුෂ්ඨකම……………….

වන්දනා එනු දුටුවත් අසෙනිය ඇය චෙස බැලුවේවත් නැත…………

🌹 මේ……… මොකද මාව දැක්කෙ නෑ වගේ හිටියේ………

💙 දැක්කෙ නෑ තමා………..

🌹 කියනවා ඉතින් මොකද ඔය මකරෙක් වගේ ගිණි පිඹින්නේ………..

💙 වන්දු……. දැන් ඔයා ඒ ගෙදරට ගියාද………..

🌹 ම්ම්ම්හු නෑ…… අද හවසට තමා යන්නේ………. මේ ඒක නෙවේ මොකක්ද ඔයා මට කියන්න තියෙනවා කිව්වේ…………….

💙 මේ………… මොකක්ද කියන්න තියෙන්නේ………… හ්ම්ම්ම්………….

අසෙනියට හැමදාව වන්නේ මේ ටිකයි…… වන්දනා මුණ ගැසුණු විට ඇයට ආදරෙයි කියන්නට ධෛර්යයක් නැතිව යයි……..

🌹මොකක්ද අනේ අසෙනිය හැමදාම ඔහොමයි……………..

💙 මතක නෑ කිව්වනේ……………

🌹 හරි ඉතින් කේන්ති ගන්න එපා………

වන්දනා වලාකුලු බැම්මට බරවී වැව දෙසට එබුනාය…………….

💙 වන්දු………… මට සමාවෙන්න…….ටික දවසක ඉඳන් මට හරියට කේන්ති යනවා……….

🌹 ඒකට කමක් නෑ…………

💙 තරහද……………

අසෙනිය ඇගේ එක් අතක් පපුවට තද කරගෙන මුහුණ දෙසට ලං විය……………

🌹 න්…නැහ්…………….

අනෙක් අතින් ඇගේ මුහුණ අල්ලා ගත් අසෙනිය මේ කියන්න යන්නේ නම් ඉතාමත් වැදගත් දෙයක් බව ඔහුගේ මුහුණ බැලූ බැල්මටම සිතෙයි……….

෴ මතු සබැඳියි ෴

❤️💚💮❤️💚💮❤️💚💮❤️💚💮❤️💚💮❄️💦🌨️🌨️💦❄️🌨️💦❄️🌨️💦❄️🌨️💦❄️🌨️💦

෴ ත්‍රිලක්ෂණා වෛශාලි