එතකොට කෝ මේ පිංතරෙ අර ළමයි දෙන්න.

මොන ළමයි ද? රවීන් අැහුවෙ මොනවත් හිතාගන්න බැරැව මම උගේ දිහා බැලුව.

මචං… මට නිතර නිතර මතක් වෙන්නෙ මේ මනුස්සයගෙ මුණ. මම කිව්වෙ පරිගත්ක තිරයට අත දික් කරල.

මේ හැම දෙයක්ම එකකට එකක් ගැලපෙනවා. මට හීනෙන් පේන පිරිමි ළමයයි ගෑනු ළමයයි අර මනුස්සයට සීයා කියලා කතා කරනවා. කෝ මේ පිංතරේ එ් ළමයි.

මචං පින්තුරේ ගනිද්දි ළමයි හිටියේ නැතුව අැති. බලපං මේ කපල් දෙක ගොඩක් තරුණයි. රොඩ්රික් අතුරලියටත් ඔන නම් අවුරැඋු 40 ක ්, 45 ක් අැති. හැබැයි උඹ හිතපං මේ පිංතර් ඉන්නේ ඩියාෂිගේ අම්මා කියලා. එ් කියන්නේ ගොඩක් ගැටලු විසදෙනවා. අපිට මේක ඩියාෂිගෙන්ට දැනගන්න පුලුවං.

මචං ඩියාෂි මට මුකුත් කියන්නේ නෑ. එහෙම කියන්න ඔන නම් එයාට හොඳ අවස්ථාවල් ඔන තරම් තිබුණා.

මචං එ් කෙල්ලගේ පැත්තෙන් හිතපං. උඹ සම්පුර්ණයෙන්ම අාගන්තුකයි. උඹට නිතර නිතර ඔය දේවල් මතක් වෙන්නේ මොකද කියලා මං දන්නේ නෑ. හැබැයි උඹ මට කිව්වා වගේ එ් කෙල්ල ළඟ අවංක වෙයං. එතකොට උඹේ හිතේ තියෙන ගැටලු ගොඩකට උත්තර හොයාගන්න පුලුවං වෙයි.මට තියෙන්න නං ඔය වගේ ප්‍රශ්න නොවේ.අච්චර බිලියන ගානක කලාගාරයක් අයිති නම් අැයි ඩියාෂිලා මේ ලංකාවට අැවිල්ලා ඔහොම උුක් විදින්නේ. සමහර විට අපි දන්න ඩියාෂි මේ කියා පවුලයි අතරෙ මුකුත් සම්බන්දයක් නැති වෙන්නත් පුලුවං.

උඹ කෝකටත් කියලා අපේ කස්ටමර් නයිල් වලට ලොග් වෙල බලපං එ් නම හරිද කියලා.

ඔව් එ්ව හරි සේනක අතුරලිය ෆාන්සස් ඩිබෝරා අතුරලිය උඹ කියන්නේ එ් නම් දෙකම අර පිංතරේ එක අකුරක් නෑර තියෙන්නේ අහම්බයක් කියලද.

මට තේරෙන්නෙ නෑ බං.

සමීර…. නිකමට හිතෙනවා උඹ කුෂින්ත්ද කියලා. රවීන් කිව්වේ වෙලාව අරගෙන කල්පනා කරමින්. නිව්ස් එකේ හැටියට රොඩ්රික් අතුරලියගේ වැඩිමහල් පුතා මැරිලා. බාල පුතා භාරයේ කලාගාරය තියෙනවා. එත් අයිතිය තියෙන්නේ මුණුපුරාට. හිතපං එ් කුෂින්ත් නම් කෝ මේ කුෂින්ත්. අැයි එයාගේ අනනයතාවය හංගල තියෙන්නේ.

මම? නැහැ නැහැ මම වෙන්න බැහැ.

මචං වෙන්න බැරි මොනව වත් නැහැ කියලයි මට හිතෙන්නේ.අපි දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩියි. උඹට මේ නිතර නිතර පේන දැනෙන මතකයන් වලට උත්තර අපි හොයාගන්න ඔන කොහොමහරි. හොඳ මනෝ විශේශඥයෙක් අල්ලමුද අපි. රවීන් මේ ගැන හොයන්න මටත් වඩා උනන්උුයි දැන්.

මොකටද මනෝ වෙෙදයවරයෙක්?

නෑ උඹව මෝහනය කරල වත් මොනාහරි දැනගන්න පුලුවංද බලන්න.

උඹට පිස්සුද ගොනෝ…

අැයි එ් මං සිරාවට කියන්නේ.

මට එ් වගේ දේවල් කරන්න බැහැ. මගේ මොලය එ්වට ඔරොත්තු දෙන්නේ නැහැලු. එ් නිසයි මතකයන් ඉබේ අාවොත් මිසක් බලෙන් මතක් කරන්න එපා කියලා ඩොක්ට කියලා තියෙන්නේ

එකත් එහෙම ද? අනේ මන්ද බං මට තේරෙන්නෙ නෑ. රවීන් කිව්වේ සුසුමක් හෙළල. මම නම් කියන්නේ උඹ මේ ගැන ඩියාෂිගෙන් අහපන්.

ඩියාෂිගෙන්? පිස්සුද? මම උඹට කිව්වේ. එ්ක හරියන වැඩක් නෙවෙයි. එ් උනාට එ්ක තමයි කරන්න තියෙන හොඳම සහ එකම දේ. උඹට මම කියන්නෙ උඹ මොනවත් දන්නෙ නැති උනත් දන්නව වගේ කතා කරපං. එතකොට හරි.

හ්ම්. එ්කත් කරල බලමුකො එහෙනං.

හැබැයි මචෝ තව ප්‍රශ්නයක් තියෙනවා. රවීන් නැවත කිව්වේ කල්පනාකාරීව.

එ් මොකක්ද? නිකමට හිතපං උඹ කුෂින්ත් කියල. එතකොට ඩියාෂි තමයි අර දෙන්නගෙ උුව කියල ඉතිං. මචං එතකොට ඩියාෂි ගැන උඹේ හිතේ පළල වෙන පෙම් හැගුම් ඔක්කොම උගුල්ලල දාන්න වෙනව. මොකද එයා උඹේ නංගි! රවීන් කිව්ව දේවල් මට දැනුනෙ කණ ළඟ අකුණක් පිපිරැවා වගේ තදින්.

එ්ත් මචං.. මම කොහොමද? මට හිතාගන්න බෑ. මගේ හිතේ කලබලේට වචන කියවෙන්නෙත් නෑ වගේ.

කලබල වෙන්න එපා. රවීන් කිවිවෙ මගේ පිටට තට්ටුවක් දාල. සංසුන් වෙයං. මේ ලෝකෙ උත්තර නැති ප්‍රශ්න නැහැ. අපි විසඋුමක් හොයාගමු. අන්න අම්ම කන්න කථා කරනව යමං. කාල ඉමු.බඩේ පණුවො බොක්සිං ගහද්දි මොනාක් හිතන්න වත් හිතෙන්නෙ නෑ බං.

එක්කෝ මම නම් කියන්නේ බං ඩියාෂිගෙන් අහන්න ඉස්සේල්ලා උඹ ඔක ගෙදර අයගෙන් අහල ඉදපං. කාල ඉවරවෙල අාපහු කාමරේට අාවට පස්සේ රවීන් අායේම කිව්ව.

අනේ මන්ද බං මට තෙරෙන්නේ නෑ අැත්ත දැනගන්න විදිහක්. ගෙදර මිනිස්සු කියන්නේ නෑ ඊයේ අයියගෙන් කෙලින්ම අහලත් උෟ මොනාත් කීවෙ නෑ.

එ් මිනිස්සුන්ට එකට මොකක් හරි හේතුවක් අැති. එහෙමයි කියල බං මට මෙහෙම කරනෙක හරිද මට හිතෙන්නෙ එයාල ඔක්කොම මැද්දෙ මම තනිවෙලා වගේ මම එක කිව්වෙ අැත්තටම මම ගැන අැති වෙච්ච අාත්මානුකම්පාවෙන්.

එහෙම කියන්නපා සමීයා .උඹට මොනා නැතත් කවුරැ නැතත් මම ඉන්නව. රවීන් කිව්වෙ හැඟීම්බරව මේ වෙලවෙ උෟත් මට නොහිටිය නම් මට හිතාගන්න බෑ මොනව කරන්නද කියල.

එදා දවසම මම හිටියෙ රවීන්ගෙ ගෙදර මට ගෙදර යන්න කිසිම උවමනාවක් තිබුනෙ නැහැ .එත් ඉතිං එහෙමයි කියල මට මෙහෙට වෙල ඉන්නත් බැහැනෙ. එදා මං ගෙදර යනකොට හොඳටම කලුවර වැටිල. ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න ඔන උනත් මං ගියෙ නැහැ. රවීන් කිව්ව දේවල් අැත්තනම් ඩියාෂි මගේ නංගී නම් මම මෙච්චර එයා ගැන බලාපොරොත්තු තියාගන්න එක කිසිම තෙරැමක් නැති වැඩක් .එ් ගැන හිතද්දිම මට දැනුනෙ හරිම අසහනකාරී බවක්. මම අාදරේ කරන්න හිතල තියෙන්නෙ මගෙම නංගීට! දෙවියනේ අැයි දෙෙවය මාත් එකක් මෙච්චර සෙල්ලම් කරන්නෙ. අනිත්තෙක එහෙම වෙන්නෙ කොහොමද? ඩියාෂි මුණ ගැහෙන්න යන්න ඉස්සෙල්ල මම තීරණය කළා මුලින්ම ගෙදර අයට කතා කරල ඉන්න. මේකෙ දෙකෙන් එකක් බේරගන්න ගෙදර යනකොට මට දැනුනෙ අමුතුම හැඟිමක්. හරියට මම නිකම් අහසින් පාත්වෙලා වගේ කට්ටියම එක පැත්තක් වෙලා මාව වෙන් කරල දැම්ම වගේ හැඟිමක් මට වද දුන්නා. අැත්තටම එහෙම නෑ.නිකමට හිතුවොත් මම එයාලගෙ පවුලෙ නෙවෙයි කියල එයාල කවදාවත් මට එක දැනෙන්න දීලා නැහැ. එ් හින්ද මට හිතුන මම මෙහෙම හැසිරෙන එක වැරදියි කියල .අැත්තටම මොන පදනමක ඉඳගෙනද මම මේ මිනිසුන්ට රිද්දන්නෙ කියල මට හිතුන.

ගේ දොර අැරගෙන සාලෙට ගියේ ලොකු හුස්මක් අර ගෙන ඔන්න ඔහෙ ඔන එකක් වෙද්දෙන් කියල. මුලු ගෙදරම කලුවරයි.

හෑ. මම ගෙදර කියල අැවිත් තියෙන්නෙ වෙන ගෙදරකටද? නැත්තම් මං රෑ හතට අටට විතර අැති කියල හිතුවට වෙලාව රෑ දොළහ එක විතරද .මං ෆෝන් එකෙන් වෙලාව බැලුවේ හිතේ සැකෙට. මොකද අපේ ගෙදර කට්ටිය මෙච්චර වෙලාසනින් කවදාවත් නිදියන්නේ නෑ . අයියා අැවිත් ඉන්න දවසට කොහොමත් නෑ. එතකොට මොකද්ද මේ පුදුමේ .

එකපාරටම ලයිට් පත්තුවුනා. කට්ටිය කෙක් එකකුත් අරන් තියාගෙන මගේ දිහාබලං ඉන්නවා .

මොකක් අද මගේ උපන්දිනේද?අද මොකක්ද දිනේ දෙසැම්බර් මාසේ දහය නෑ නෑ උපන්දිනේ නෙවෙයි.එතකොට මේ මොකක්ද.

සප්‍රයිස්….. කට්ටියම මගේ ළඟට අාවා.

අද මගේ උපන්දිනය නෙවේ. මම කිව්ව.

නෑ….. අද ඔයාගෙ උපන්දිනේ තමා . අම්මා කිව්වා.

මම මාවම කොනිත්තගෙන බැලුවේ වැරදිලාවත් මම හීනයක් වත් දකිනවද කියලා. මට වෙන දේවල් වල හැටියට එ්කත් වෙන්න බැරිකමක් නෑ. අැයි යකෝ මගේ උපන්දිනේ තියෙන්නෙ ඡූනි මාසෙනේ. එක්කො මේ ඔක්කෝටම අමු කැවිලා. නැත්තම් මට පිස්සු හැදිලා.

විස්තර පස්සේ කියන්නම්. අපි දැන් මේ කේක් එක කපල ඉමු නේද? තාත්තා කිව්වා.

හැමෝම හැසිරැණේ හරියට උදේ මොනවත් උනේ නෑ වගේ. මමත් ඉතින් එ් විදිහටම හිටියා. ඊට පස්සේ අපි ඔක්කෝමල්ල ගිහිල්ල රෑට කෑවා. අම්මා සෑහෙන්න මහන්සි වෙලා කෑම ගොඩකුත් හදල තිබුන. මට මේ කිසිම දේකට හේතුවක් තේරැනෙ නැහැ. කෑවට පස්සේ අයියගෙ නෝන ගියේ පොඩි දෙන්න නිදි කරවන්න කියලා. මේක පවුලෙ දෙයක් හින්ද අපි හතරදෙනාට අපේ ප්‍රශ්න විසඳගන්න දෙන්න ඔන කියලා එයා හිතන්න අැති. නැත්තං අයියා කාරය කියන්නැති.එයා ඉන්න ඔන නැහැ කියලා. ඔකා එ් ජාතියේ මනුස්සයා.

මහත්තයා… ඔයාට හොඳටම විශ්වාසද මේක කරන්නම ඔන කියලා. අම්මා කුටු කුටු ගගා තාත්තගෙන් අහනව මට අැහුන.

ඔව් නෝනා. පිට කොහෙන්වත් දැනගන්නවට වඩා අපිම පුතාට කියනෙක හොඳයි.

එ් උනාට එ් මගේ දරැවා . අම්මා කියන්නෙ අඬන්න වගේ. ඔයාගෙ දරැවව කවුරැත් අරං යන්නෙ නැහැ නෝනෙ. එ්ත් අපි මේක තව හංගගෙන හිටියොත් මොනව වෙයිද කියන්න මම දන්නෙ නැහැ. අපි ඇත්ත කියලා එයාටම තීරණයක් ගන්න දෙමු. මට විශ්වාසයි එයා අපෙන් ඈත් වෙන එකක් නැහැ කියල.

මට දැන්වත් කවුරැහරි කියනවද මොකද්ද මෙතන වෙන්නේ කියලා.මම අැහුවේ ඉවසල බැරිම තැන . අැයි යකෝ මොකද්ද මේකෙ තේරැම.

අම්මයි,තාත්තයි,අයියයි තුන්දෙනාම කතා වෙලා වගේ අැවිල්ල මගේ වටේ ඉඳගත්ත.

පුතා….. මේ….. කතාව ඔයාට කියන්න අපි කවදාවත් හිතාගෙන හිටියෙ නැහැ.එ්ත් අපි තවදුරටත් මේක හංගගෙන හිටියොත් එ්ක මෙනා විදියට කෙලවර වෙයිද කියන්න දන්නෙ නැහැ. අනිත් එක ඔයාගෙ අයිතියක් අපි උදුරත්ත වෙනව. ඔයා මේ හැම දේම දැනගත්තට පස්සේ කැමති තීරණයක් ගන්න.එ්ත් මතක තියාගන්න ඔයා අවුරැදු පහළවකටත් වඩා හිටියෙ අපි ළඟ අපේ පොඩි පුතා විදිහට. ඔයා මොන තීරණයක් ගත්තත් ඔයාට අපේ හිතේ තියෙන තැන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔයා හැමදාම අපේ පොඩි පුතා වෙලාම ඉදී. තාත්තා කිව්වේ මගේ දිහාම බලාගෙන.

අවුරැදු පහළොවකටත් වඩා කියන්නේ . දැන් මට විසි හතයි. එ් කියන්නේ රවීන් කියපු එක හරිද? මට හිතෙන දේවල් හරිද? මම මේ පවුලට අයිති නැද්ද? අද තමා අැත්තටම ඔයාගේ උපන්දිනේ එ්ත් අපිට එ් හැම දෙයක්ම වෙනස් කරන්න සිද්ධ වුනා.එ්කට…

නෝනා…. ඔයා ඔහොම කිව්වට පුතාට තේරෙන්නේ නෑ. මුල ඉඳලම කියන්න.එයා මේ හැම දේම තේරැම් ගන්න ඔනේ. අම්මා මොනවහරි කියන්න යද්දිම තාත්තා බාධා කළා. ඔව් එ්ක අැත්ත.මම මුල ඉඳලම කියන්න ඔනේ… අම්මා කිව්වේ ලොකු සුසුමක් හෙළල. කොහෙන්ද පටං ගන්න ඔන කියලා හිතාගන්න වගේ එයා මොහොතේ නිහඬව හිටියා

“තිස් වසරකට පමණ පෙර”

අා….. නංගී…. කොහෙද මේ යන්නේ අා…?

චීයා අනේ මේ බලන්නකො මේ ගවුමේ හැටි. මොකො අද ගෙදර අයන් එක කැඩිලද?

හප්පා… මේ රිබන් එක නම් .. බලපංකො දිය වෙලා තියෙන තරම්. අැයි නංගී ඔයා දන්නේ නැද්ද මේක මේ නගරේ තියෙන හොඳම ඉස්කෝලේ කියලා. පිළිවෙලට ඉස්කෝලෙ එන්න දන්නේ නැද්ද? තාත්තා මොකද කරන්නේ කුණු කාණු සුද්ද කරනවද?

එ් මං එ් ඉස්කෝලේට ගිය පළවෙනි දවස.මට තිබුනෙ එකම එක සුදු ගවුමකුයි සපත්තු කුට්ටමකුයි විතරයි.අපේ ගෙදර අයන් එකක් තියා කරන්ට් එකවත් නෑ. යාන්තම් පොල් කටු ඉස්තිරික්කෙට දාල ගවුම අයන් කරගත්තත් මේ පොඩි වෙච්ච ගතිය යවන්න බැහැ.මොකද ඉස්තිරික්කෙ හරියට රත්වෙන්නේ නැති හින්ද. ඉතින් ටිකක් වෙලා යන කොට අායෙ නැමුම් පාරවල් පේන්න ගන්නවා.

තාත්තා වැඩ කළේ අාණ්ඩුවේ කන්තෝරැවක. පවුලෙ ළමයි හත් දෙනෙක්.අඩුපාඩු හිඟකම් කොච්චර තිබුනත් අපි පුලු පුලුවං විදිහට පිරිමහගත්ත. නගරේ ඉස්කෝලේට එන්න පුලුවං උනේ මං සාමානය පෙළ විභාගෙන් ඉහළින් සමත් වෙච්ච හන්ද. මට යන්න උවමනාවක් තිබුනෙ නැතත් තාත්තට උවමනාව තිබ්බා මට හොඳට උගන්නන්න.එ් ඉස්කෝලේ ඉන්නේ පෝසත් පවුල් වල ළමයි.එයාල මාව මොන විදිහට පිලිගනිද කියලා මම ගොඩක් බයෙං හිටියේ.හිතපු විදිහටම එ්ක උණුසුම් පිළිගැනීමක් උනේ නැහැ. ඔහෙ ඔන දෙයක් කියපුදෙන් කියලා ඉවසල හිටියත් තාත්තට මොනවහරි කියද්දි මගේ අැස් වලින් සට සට ගාල කදුලු වැටෙන්න පටං ගත්තා.

අම්මටසිරි…. මෙන්න බං මෙයා අඬනවා .නංගී ….මේ ඔය කිඹුල් කදුලු නම් මෙතන හලන්න තියන්න එපා හරි. එකෙක් කිව්වේ මගේ කොණ්ඩෙතුත් අැදලා.

උෟයි මට රිදෙනවා.කරැණාකරලා අත අරින්න.

මොකක්ද මොකක්ද මෙතන වෙන්නේ.ලහිරැ අත අරිනවා. ඔය ළමයගේ කොණ්ඩේ .තමුසෙට පිස්සු හැදිලද?

එ් තමයි මං සේයව දැකපු පළවෙනි අවස්ථාව . එයාව දැකපු එතන හිටිය ළමයි ඔක්කොම භය උනා.

මං කවදාදවත් මගේ තාත්ති මේ ඉස්කෝලේ පින්සිපල් කියලා එ්ක අයුතු විදිහට පාවිච්චී කරපු කෙනෙක් නෙමෙයි.

අර ළමයි භය වෙලා බලං ඉද්දි සේයා දිගටම කතා කළා. හැබැයි අද මේ වෙච්ච දේ අායේ කවදාවත් මේ ඉස්කෝලේ වෙන්න බෑ. අපි මිනිස්සු මනින්න ඔන සල්ලියි පෝසත්කම කියන මිනුම් දඬු වලින් නෙමෙයි. අායෙ මෙහෙම දෙයක් වෙලා තිබුනොත් මම එ්ක මෙහෙම සරලව ඉවර කරයි කියලා හිතන්නෙපා . අැය කිව්වේ ගොඩක් පැහැදිලිව .

සොරි සේයා….. එ් ළමයි කිව්වේ ගොඩක් යටහත් පහත් විදිහට අැය විදුහල්පතිතුමා ගේ දියණිය නිසා හෝ යම් වෙනත් හේතුවක් නිසා එ්ළමයි අැයට ගරැ කළ බවත් පෙනුනා.

මට නෙමෙයි ඔයාල අපහස කළේ මෙයාටනෙ. මෙයාට සොරි කියන්න. සේයා කිව්වේ කණකට ගන්නේ නැතුව.

සොරි ….. උන් කිව්වේ තරහෙන් වග මට තේරැණා.

හ්ම් …. එ්කට කමක් නෑ. එ් ළමයි ටික යන්න ගියා. මේ සිදුවීම මෙතනින්ම ඉවර වෙයිද කියල බයක් මගේ හිතේ තිබුනෙ.

හායි මම සේයා…. ඔයා….?

මගේ නම කුමුදු. ඔයා එතකොට අාට් ක්ලාස් එකට අලුතෙන් අාපු ළමයෙක් වෙන්න ඔනෑ.

ඔව්……

කොහෙද ගෙවල්…..? දික්වැල්ලෙ.

එහෙම ද? අර කට්ටිය කියපු දේවල් ගනන් ගන්න එපා.

එ්කට කමක් නෑ මං එ් ගැන එච්චර හිතුවේ නෑ. මං කිව්වේ කදුලු පිහිදගනන ගමන්.

යමු පංතියට….

එතනින් පටන් ගත්ත අපේ යාලුකම කවදාවත් වෙනස් වුනේ නෑ. සේයා එයාට පුලුවං හැම විදිහකින්ම වගේ මට උදව් කළා.

කුමුදු …. අා…. මෙන්න ඔයාගේ පන්ති කාඩ් ටික .

මොකක්… ඔයා මටත් සල්ලි ගෙව්වද?

ඔව් … ඔව්… ගනිං.

මට මේව ගන්න බෑ සේයා …

අනේ මේ …. පණ්ඩිත කතා නැතුව ගනිං ගනිං .

එ්ත්..

මේ මං මේ හොරට හම්බකරපු සල්ලි වලින් වත් අම්මලගෙන් හොරකම් කරපුව වත් නෙවේ. තාත්තිට අැත්තම කියල ඉල්ලගත්තේ. කුමුදු මේ අහපං . සල්ලි කියන දේ අද මම ගාව හෙට ඔයා ළඟ තියෙන්න. පුලුවං . අද මම ඔයාට උදවු කළා වගේ හෙට මං වෙනුවෙන් ඔයාට මොනාහරි දෙයක් කරන්න සිද්ධ වෙන්න පුලුවං.

මේ ජිවිතේ හරිම අවිනිශ්චිතයි. එ් හින්ද විකාර නැතුව මේ කාඩ් එක ගනිං මට වද නොදී.

ඉතින් අැගේ වදේටම මං එ් උදවු පිලිගත්ත.හැබැයි හීනෙන් වත් මං ප්‍රාර්ථනා කළේ නැහැ කවදාහරි මගේ උදවු අැයට ඔන වෙන්න කියලා.සේයා හැමදාම ඔය ඉන්න විදිහට සතුටින් ඉන්න ඔනේ.

මං එ් ලෙවල් ඉවර වෙච්ච ගමන්ම වගේ රස්සාවකට ගියා. ගෙදර ප්‍රශ්න හින්දම මට හැමදාම මගේ දේවල් වලට සේයගෙන් උදවු ගන්න පුලුවං කමක් තිබුනේ නැහැ. එ් උනත් සේයයි මායි කොළඹ බොඩිමක නැවතිලා තමයි එයා කැම්පස් ගියෙත් මං රස්සාවට ගියෙත්. බොඩිං ගාස්තුව සම්පුර්ණයෙන්ම ගෙව්වෙත් එයා. ඔයාලගේ තාත්තව සේයා හරහා තමයි මං අදුනගත්තේ . අම්මා කිව්වේ තාත්ත දිහා බලල. සාරංග සේයාගේ කැම්පස් එ්කේ යාලුවෙක්.

හා මේ දෙන්න මේ කියන්නේ මේ දෙන්නගේ ආදර කතාව වෙන්න ඕනේ. මට හිතුන. ඒත් ඉතින් මම නිහඬ ව හිටියේ මේවා ඔක්කොම මේ වෙලාවේ මට කියන්නේ මොකක් හරි හේතුවක් ඇති කියලා හිතලා. ඉවසපන් සමීර. උඹට මේ දේවල් දැනගන්න ඕන නම් තව ඉවසන්න වෙනවා. මම මට ම කියාගත්ත.

කුමුදු…. අදුනගන්න මේ මගේ යාලුවෙක්… සාරංග….. සාරංග මේ කුමුදු… එතකොට මෙයාව නම් මට යාලුවෙක් කියලා. ඔයාට අදුන්නල දෙන්න බැහැ.එයාගෙ නම ශ්‍රීනාත් …. එ් සේයා කැම්පස් එකට ගිහිං අවුරැද්දකට විතර පස්සේ. එයා එක දවසක් බෝඩිමටම එක්කන් අැවිල්ල මට අදුන්නල දුන්න. ශ්‍රිනාතුත් සාරංගත් ගොඩක් සුහදශීලි . ඔවුන් ඉක්මනටම මා එක්කත් මිතුරැ වුනා.පස්සේ දවල්ටත් කාල එහෙම තමා එයාල ගියේ.

මෙහෙට වර හෙර උඹ මට නොකියා කොල්ලෙකුත් හොයාගත්ත ද? මම අැහුවේ ශ්රිනාතුත් සාරංගත් ගියාට පස්සේ.

එ්කට උත්තරේ මං පස්සේ දෙන්නම් . උඹ සාරංග ගැන මොකද හිතන්නේ කියහංකො.

මොනා හිතන්නද? මං කිව්වේ තරහෙන් හම්මේ

හැටගි අම්මේ . මොකද උඹට මල පැනල..?

සේයා… උඹ හොඳටම දන්නවනේ උඹේ ගෙදර තත්වේ.

ඔව… ඔව්… දන්නව එ් හින්ද තමයි ශ්‍රීනාත් කැමති වුනේ. ගෙදරින් අකමැති වෙන්න හේතුවක් නෑ. කුමුදු එයා හොඳ පවුලක කෙනෙක් එකම අවුල තමයි ලංකාවේ පදිංචි වෙන්න එයාගේ බලාපොරොත්තුවක් නෑලු. එයාගේ මුලු පවුලෙම අය ඉන්නේ ප්‍රංශයේ නිසා. එයාගේ තාත්තා ප්‍රංශ තානාපති ලු.

එතකොට සාරංග?

සේයා මගේ දිහා බැලුවේ මුණ අමුතු කරලා. හා…. කෙල්ලට එයා ගැනත් දැනගන්න ඔන එහෙනම්.

විහිලු නොකර කියහං . සාරංග නම් සාමානය පවුලක කොල්ලෙක් බං. උඹට ගැලපෙනවා. කොහොමහරි එතනින් පටං ගත්ත අපේ සම්බන්දේ විවාහයෙන් කෙලවර උනා. සාරංග උපාධිය සම්පුර්ණ කරගන්නත් කලින්ම අපි විවාහ වුනේ මට තිබුණු ප්‍රශ්න හින්දම. සේයාටත් ශ්‍රීනාත් ටත් දෙපැත්තෙන්ම අාශිර්වාද ලැබුන හින්ද කිසි ප්‍රශ්නයක් වුනේ නෑ.ඔවුන් උපාධිය සම්පුර්ණ කරගත්තටත් පස්සේ විවාහ වෙලා ප්‍රංශයේ පදිංචියට ගියා. එ් යද්දි මට ලොකු පුතා ලැබිලා. එයාටත් අවුරැදු 3ක් විතර.