17_වන_කොටස❄️

” සර් කාලත් නෑ නේද…….

තුහින්‍යා ඇසුවාය……….. හේෂර ඔවුන් ඉදිරිපස පුටුවෙන් වාඩි වුනේ හිස දෙපසට සලමින්…..

” සර්…….. ඇත්තටම මොකක්ද මේ ව්‍යාපාර වලට වෙලා තියෙන්නේ…… ඇයි ඔහොම අත්හැරලා වගේ ඉන්නේ…….

දිල්රූ ඇසුවේ හේෂර දෙසට කෑම එක ලං කරමින්……….

” මට බිස්නස් ගැනවත් ෆ්ලවර්ස් ගැන වත් කිසිම අවබෝධයක් නෑ. ඇත්තටම මං විද්‍යා පීඨ අවුට් වෙලා ඉන්නේ…….. මං කැමති ටීචින් වලට ළමයි…… ඒත් අම්මා අසනීප වුන නිසා මට මේ දේවල් බලන්න වුනා……….

” ඒත් සර් නරකද මේක ගැන මීට වඩා හොයාලා බැලුවොත්……… මොකද මේ සයිඩ් එක හුඟක් ලාභ ලබන එකක්

දිල්රූ තව තවත් ඔහුව ධෛර්යමත් කරන්නට විය…….

” හ්ම්ම්ම්ම්ම්….. බලමු නේද…… මල් වගේ කෙල්ලො තුන් දෙනෙකුත් ඉන්නවානේ දැන් ඔෆිස් එකේ…….

” ඔයාට වැරදුනා හේෂර මහත්තයා… කෙල්ලෝ දෙන්නායි මං බැඳපු කෙනෙක්….

තුහින්‍යා ඔහුට බාධා කරද්දි හේෂර ඇය දෙස රවා බැලුවේ ⁣interview එක වෙලාවෙදි තුහින්‍යා හේෂරගේ මවත් සමගින් ඇගේ විවාහය ගැන පැවසූ සියල්ල ඔහුත් අසා සිටි හෙයින් ඔහුද සත්‍ය දන්නා බැවින්…….

” අනේ මේ තුහී…… මං දන්නවානේ ඒ ගැන…… අමතක කරන්න ඒක….. අනවශ්‍ය බැදීම් අයින් වෙන්නේ හොදක් වෙන්න කියලා හිතන්න…… දැන් ඉතින් ආයෙම ඒ අතීතය ඔයාගේ ඉස්සරහට එන්නෑනේ…… දැන් ඔයා ඔයා ගැන හිතන්න………

හේෂර කියද්දි ජාන්වී හා දිල්රූත් ඒ කතාව අනුමත කලා……….

ආහාර ගැනීමෙන් පසු ජාන්වී හා තුහින්‍යා කාර්යාලයටත් දිල්රූ හේෂර සමගින් මල් තවානටත් ගියහ……. දෙහෝරාවක් පමණ ගෙන ගිණුම් කීපයක කටයුතු අවසන් කල ජාන්වී හා තුහින්‍යා මල් තවාන දෙසට යන විට හේෂර හා දිල්රූ එක්වී අළුත් පැල සිටුවමින් සිටියහ…… දෙමළ සේවිකාවන් දෙදෙනෙක් ඔවුන්ට සහය දක්වමින් සිටියේය……..

” මේ ඕර්කිඩ් ⁣නේද………..

තුහින්‍යා ආශාවෙන් පැල අතගාමින් කීවාය………

” ඔව් වර්ග හුඟාක් තියනවා……..

හේෂරගේ අතෙහි වූ තරමක් විශාල දම් පැහැ මල් පොකුරක් පිපී ඇති ගස කෙරේ තුහින්‍යාගේ ඇස් යොමු විය……..

” මේ මල් වලට ලොකු ඉල්ලුමක් තියනවා…….. පාටරට යවන්න හොඳ තත්වයේ මල් හදන්න ඕනි….

” ඉතින් අපි හදමුකෝ සර්…..

ජාන්වීද මල් පැල ඉන්දවන්න⁣ට එක් වූවාය……

පැල තවාන හා තේ කර්මාන්තශාලාව පිරී ඇත්තේ දැන්ය…… කෙල්ලො තුන් දෙනා හරි හරියට එවායේ වැඩ සොයා බලා කරයි…………

“හෙට මං නෑ………

හේෂර කීවේ අමතක වූ යමක් මතක් වූ සේය………

” ඇයි සර්……

ජනෙිවී දෑස් අයාගෙන අසන විට තුහින්‍යා හා දිල්රූ ද ඔහු දෙස බැලුහ……..

” හෙට මං air port යනවා……. නංගිව එක්ක එන්න………

” සර්ට නංගියෙකුත් ඉන්නවද……

” හ්ම්ම්ම්ම් අයියෙකුත් ඉන්නවා….. ඒ මනුස්සයා කොහේ ඉන්නවද කියලා දෙවියෝ තමා දන්නේ……. මං මේ හැම කට්ටක්ම කන්නේ ඔය හරක් පැටියා හින්දානේ…… ඌ හිටියා නම් මේවා බලලා කරයි……… අපි අයියව දැකලා නෑ දැන් අවුරුදු විස්සකින් විතර……. අම්මයි මමයි නංගියි ඇමරිකා යද්දි මට යන්තම් අවුරුදු හතරක් විතර ඇති……. එතකොට අයියට අටක් නවයක් ඇති……. තාත්තා අයියව දුන්නෙ නෑ……. මං දන්නෑ දැන් එයා මොන විදිහකින් ඉන්නවද කියලා……..

හේෂර ඒ වදන් අවසන් කලේ ඇස් වල කඳුළක්ද තබාගෙ⁣නයි…….

” හරි එහෙනම් මං යනවා……. පරෙස්සමින් ඉන්න…. අද ටිකක් කලින් ගියාට කමක් නෑ

හේෂර ඉක්මනින් පිටව ගියේ අම්මා සායනයට රැ⁣න යා යුතු බැවින්…….

_💙💙💙💙💙💙💙

ඉරිදා දිනය උදාවුනේ පුදුමාකාර වේගයෙනි………. එනමුත් හිරු එළියක් වැටුන දවසක් මතක නැත………. චුරු චුරු ගාමින් වැටෙන වර්ෂාව ඉවරයක්ද නැත……….. වෙලාව පාන්දර පහ ලෙස සනිටුහන්ව තිබුණි………. තුහින්‍යා ඔරලෝසුව අතට ගත් විට සෙහන්ස්‍යාගේ ඇඟෙහි අත වැදී ඇය අවදි වූවාය……

” ලොකු මොකද හලෝ නිදාගන්නවකෝ……

සෙහන්ස්‍යා කෙඳිරිගෑවේ පෙරෝණයට තව තවත් ගුලි වෙමින්…….

” හොඳටම වහිනවා චූටි….. ජනෙල් වහන්නද……..

සෙහන්ස්‍යා පොරෝණයෙන් හිස පමණක් පිටතට දැම්මාය……

” පිස්සුද ඕයි….. ඒක ඔහේ තියනවා…….

” සීතලයිනේ…….

” අනේ නිදාගනින් බං……..

සෙහන්ස්‍යා අනෙක් ඇලයට හැරුණි…….. තුහින්‍යාගේ දුරකතනය නාද වුනේ තරමක හඬින්……

” අක්කේ….. මොන වදයක්ද හලෝ….

සෙහන්ස්‍යා කෝපයෙන් යුතුව තුහින්‍යාට බැන වැදුනේ ඇගේ නින්දට බාධා වූ නිසාය…….

නොහඳුනන අංකයක් වූ බැවින් ඇය එය නොගත්තාය…………. දිගින් දිගටම නාද වන්නට වූයෙන් අකැමැත්තෙන් නමුත් තුහින්‍යා ඇමතුම සම්බන්ධ කරගත්තාය……..

” හෙලෝ……………

” ආ…. හෙලෝ හෙලෝ කුමාරිහාමි…… කොහොමද සැප සනීප…… සැපේ ඉන්නවා ඇති නේද……

එහා පසින් ඇසුන අශීලාචාර හඬ වේදේශ්ගේය……. මේ මහා පාන්දර උලමෙකු හැඬුවාක් මෙන් මූසලකමක් ඇයට දැනුනි…….. තුහින්‍යා නිහඬවම සිටියාය……..

” තවමත් කටහඬ අඳුරනවා නේද……

” මොකටද ගත්තේ….

තුහින්‍යා එක්වරම ඇසුවා නොවේ ඇයට එය ඇසුනාය…….

” ඔහොමද මහත්තයාට කතා කරන්නේ…..

” මේ වේදේශ් අයියා……. දෙවියන්ගේ නාමෙට වල්පල් කියව කියව ඉන්නැතිව ගත්තෙ මොකටද කියනවද……..

තුහින්‍යාගේ මුවින් සැරට එවදන් පිට වෙද්දි වේදේශ්ට මෙන්ම නිදාගෙන මෙය අසා සිටින සෙහන්ස්‍යාටද පුදුමයක් දැනුනි……..

” මේ ටික දවසට මේකි⁣⁣ගේ කට හොදටම සැර වෙලානේ……. මොකද පරණ ප්‍රේමවන්තයා භාරගන්නම් වත් කීවාද…..

තුහින්‍යාගේ හිකට නැගුනේ දරාගත නොහැකි කෝපයකි…….

” මේ…. වේදේශ් කියන්න තියන දෙයක් කියනවා.. නැත්තම් මං මේක කට් කරනවා……. තමුන්ට දික්කසාදය ලැබෙයි….. ඒක අහන්නනෙ ගන්න ඇත්තේ……. ඔයාට ඉක්මනින් නෙහාරා අක්කව බඳින්න පුළුවන්…….

ඒ වචන වේදේශ්ට ගැසූ කනේ පහරක් මෙනි…………

” උඹ මොකක්ද කීවේ…….. ලඟ හිටියා නම් කට තලනවා………. අනික කවුද දැන් උඹෙන් ඩිවෝර්ස් එක ඉල්ලුවේ…….. මොකද උඹටත් හදිස්සිද පරණ එකා ගාවට යන්න………

වේදේශ්ගේ මේ කට කැඩිච්ච වදන වලට තුහින්‍යා කෝපයෙන් වෙව්ලයි……..

” තමුසෙට මං මෙහෙමවත් හොඳින් කතා කලේ තවමත් තමුසෙ මගේ කසාද මිනිහා නිසා……… තමන්ගේ ගෑණි ගෙදර ඉන්නකොට හොර ගෑණිව ගෙනත් ඇඳ උඩ තියාගත්ත තමුසෙද මට කතන්දර හදන්නේ……. මේ වේදේශ් මහත්තයා එකක් හොදට මතක තියාගන්න….. ඔයා මොනවා කිව්වත් මං දන්නවා මං කවුද කියලා….. අනික මගේ චරිතෙ කුණු ගාන්න කලින් තමුන්ගේ චරිතෙ ගෑවිලා තියන කුණු ටික හෝදගන්නවා……. උදේ පාන්දර කතාකරල මගේ දවස නාස්ති කරන්නැතුව තියනවා ෆෝන් එක….

තුහින්‍යා මේ විදිහට කතා කරනු ඇතැයි වේදේශ් සිහිනෙන්වත් බලාපොරොත්තු වුනේ නෑ……. ඔහු පුදුමයට පත් වුනා…… ඔහු සිතුවේ ඇය දික්කසාද වෙන්න එපා යැයි කියමින් අයදිනු ඇති බවයි……. නමුත් සිදුවූයේ නොසිතූ දෙයකි……

” දෙවිසිත්මි………… තමුන් කොහේද ඉන්නේ……

” මං කොහේ හිටියත් ඔයාට ඒකෙන් වැඩක් නෑනේ……… ඔයාට වෙලාවට ඩිවෝර්ස් පේපර්ස් තිබුනම ඇතිනේ….. මට ආයෙම කතා කරන්න එපා….. මං ඔයාට මගේ ලොයර් ගෙ අංකය එවන්නම්……

” ඒත්….මේ… දෙව්සිත්මි……..

වේදේශ් තව වචනයක් වත් කියන්න කලින් තුහින්‍යා ඇමතුම විසන්ධි කලාය……….

” ඒ ඇති අක්කේ…….. ඔයා කියන්න ඕනැම ටික කීවා….. ඒ හොදටම ඇති…….

සෙහන්ස්‍යා කීවේ ඇඳ මතින් වාඩි වෙමින්………..

” ඒ මිනිහා හිතාගෙන ඇති තවත් මං ඉවසගෙන පස්සෙන් වැඳ වැටි වැටි එයි කියලා…….

තුහින්‍යා කීවේ වේගවත් හඬින්..

” හරි අක්කා….. අපි ඉක්මනින් ලෝයර් කෙනෙක් අල්ලලා ඔය මගුලෙන් ඉක්මනින් අයින් වෙමු…… එතකොට හරිනේ……..

තුහින්‍යා සුසුමක් හෙලමින් ඇඳෙහි වැතිරුනේ හිතට දැනුන අපුල හැඟීම මදකට අමතක කරමින්……… නමුත් වේදේශ්ගේ අශීලාචාර හඬ තවමත් ඇගේ දෙසවනේ රැව් දෙයි…..

ඇමතුම විසන්ධි වූ පසුත් වේදේශ් බලාගෙන සිටියේ දුරකතනය දෙසමයි…… ඔහුට මේ සිදුවූ සංවාදය පුදුමෙනුත් පුදුමය………

” මේකිගේ කටේ සැර…….. මේ අවුරුදු හතරටම මේකි කවදාවත් මට මෙහෙම කතා කරලා නෑ……. අනික ඩිවොර්ස් එක ලැබෙන එක ගැන මාර සතුටකින් ඉන්නේ………. බලමුකෝ….. මං උඹට සතුටින් නම් ඉන්න දෙන්නෑ……

මේ තරම් ඇය ගැන තරහෙන් සිතන්නට හේතුවක් නැත….. ඇය කල වරදක්ද නැත……. එනමුත් ඇය සියල්ල අත්හැරදමා ගිය එක ගැන ඔහු ඇය හා සිටියේ කෝපයෙනි…….. තුහින්‍යා තම ගෞරවයට කැලැලක් කලා යැයි සිත කීවේය………. ඔහුට අවශ්‍ය වූයේ තමා කරන සියල්ල විඳ දරාගෙන ඇය එම නිවසේ සිටීමය…… නමුුත් තුහින්‍යා ගත් එඩිතර තීරණයෙන් සියල්ල කණපිට පෙරළුනි……..

_______💙____

භූමිව රෝහලෙන් මුදාහැරියේ දින දෙකකට පසුය………. ඒ ඉරිදා දිනයයි………. උදෑසන රාජීව් ඇතුළු මිතුරන් පිරිස රෝහලට එන විට භූමි සූදානම් වී සිටියේය………

” භූමි…… දැන් අඩුයි නේද……

” අඩුයි අඩුයි…… මට ඉක්මනින් යන්න ඕනි……..

” හරි බං අපි යමු……. රවිකයා අර ඩොකියුමනිට්ස් ටික ෆිල් කරලා වරෙන්…..

රාජීව් කීවේ භූමිගේ බෑගය සකස් කරමින්……….. රවික ලියකියවිලි පුරවා පැමිණි පසු මිතුරන් පිර්ස රෝහලින් පිටතට පැමිණියහ………

“රජ්ජා……..

” මම්ම්ම්ම්ම්ම්…..

” මට අර නංගිවයි මල්ලිවයි බලන්න ඕනි ස්තූතියි කියන්න ඕනි………

භූමි කීවේ වාහනයේ ඉදිරිපසින් වාඩ් වෙමින්……..

” ඕ ඕ ඕ…… භූමියා…… මොකද එකපාරම එහෙම හිතුනේ…….

විහිළුවටම බර තරුන් කියද්ද භූමි ඔහුට රවා බලා නැවතත් රාජිව් දෙස බැලුවේය…….

” යමුද……….

” හ්ම්ම්ම්ම්ම්…… උඹ කියනවා නම් යමු …

රජීව් වාහනය කඳපොල පාරට දමමින් කී⁣වේය……..

මඳ දුරක් ගමන් කරන විට භූමිගේ දුරකතනයට ඇමතුමක් ආවේය….. භූමි මද වේලාවක් ඒ දෙස බලාගෙනම සිටියේය………

❤️••••මතු සම්බන්ධයි••••❤️