කතා නොකර ඉන්න කොට මෙහන්සාට තමා අමතක ව යනු ඇතැයි කිලාන් සිතා සිටියත් එය එසේ නොවිණි. විදෙස් ගත වූ පසු ඔහු වෙනස් වනු ඇතැයි ඇය සිතා සිටියත් එය එසේ නොවනු ඇතැයි කුඩා බලාපොරොත්තුවක් ද යටි සිතේ කොනක ඈට තිබුන. නමුත් මුල් දින වල වගේ නෙමෙයි ඊට පස්සේ කොල්ල අඩු ගානේ කෝල් එකක් වත් දුන්නේ නැති හින්ද කෙල්ල හිටියේ නොසන්සුන් වෙලා. කොල්ලගේ පවුලේ අයගෙන් කොල්ල ගැන අහන්නත් ඈ හිටියේ බියෙන්. අයියගෙන් අහන්නත් ඈ මැලි උනා. කෙල්ල පසු තැවුනේ වරද තමන්ගේ කියල හිතල.
කිලාන් තමන්ට කොච්චර ඕනේ ද කියල කෙල්ලට හිතුනේ ඔහු ලග නැති වෙනකොට. ඇත්ත කියන්න කියල මිහින් කොච්චර කිව්වත් ඇගේම හදවත කිව්වත් ඒ මොහොතේ ඒ ගැන නොතැකු ඈ විදෙස්ගත වෙන්න ඔහු ගත තීරණයට එකග උනා. ඔහු ඒ තීරණය ගත්තේ මිහිනුත් තමාත් අතරට එන්න ඔහු අකමැති නිසා බව කෙල්ල දන්නවා. ඒත් දැන් ඒ ගැන ඇයට දැනුනේ කියාගන්න බැරි ලොබ කමක්.
මට ඔයාව ඕනේ කිලාන්. කෙල්ල දිනකට දහස් වාරයක් මුමුණ ගත්තේ තමන්ටම.
දවසක් අහම්බෙන් වගේ නෙතුසර මුණගැහුණු වෙලාවක කෙල්ල කිලාන් ගැන ඇහුව. ඒත් සොයුරා ඇයට ආදරය කල තරම සහ ඒ විස්තර මවගෙන් දන සිටි නෙතුසර ඈට ඔහු ගැන කිව්වේ නැහැ. ඔහු ද දැන් පොඩි දරුවෙකු නොවන අතර පෙම්වතෙකු සිටියදී ඇය තම සොයුරාට බලාපොරොත්තු ඇති වෙන අයුරින් හැසිරීම වැරදි බව ඔහු හිතුව.
ඔයා මිහින් අයියව මැරි කරන්න ඉන්න හින්ද සුදු අක්කී අයිය ගැන අහන්නෙපා. ඒකෙන් ඔය දෙන්නටම හොඳක් වෙන්නේ නැහැනේ. මාත් එක්ක තරහ වෙන්නෙපා.
කෙල්ල ඒක පිළිගත්තා. ඔහුට මානසික වදයක් වෙන්න ඇයට උවමනා උනේ නැහැ. ඒත් ඇයට ලොකු පාළුවක් දැනුන. කිලාන් ඉදල හිටලා හරි එක වතාවක් ඇයට කතා කරා නම් කොච්චර හොදද. අයියත් නැහැ. ඇගේ එකම යෙහෙළියත් ලග නැහැ. දෙන්නම ඔවුන්ගේ රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා. ඒ හින්ද මේ ටිකේ කෙල්ලගේ සමාගමය උනේ රෝහලත් හෙදියන් සහ රෝගින්ම විතරයි. හදවතට දරාගන්න බැරි තරම් සිතීමත් කල්පනා කිරීමත් හින්ද ඇය අසනීප උනා. එත් දැඩි මානසික ශක්තිය හින්ද ඇගේ රෝගය පාලනය කරගන්න ඇයට පුළුවන් උනා. ඇය වෛද්‍යවරියක්. ඒ හින්දම තමන්ගේ අසනීපය පාලනය කරගන්න ඕනේ තමන්ම කියල කෙල්ල දැනගෙන හිටිය.
මිහින් බිනු ඇතුළු පිරිස අනුරාධපුරයට ඇවිල්ල මේ වෙනකොට මාස හතරක් විතර ගිහිල්ල. ඔවුන්ට එහි වැඩ කටයුතු ගොඩක් තිබුන. රෑ දවල් බලන්නේ නැතුව වැඩ කරන්න ඔවුන්ට සිදු වෙලා තිබුනේ. ඔවුන්ගේ වැඩ බිම හා නවාතැන්පල අතර විශාල දුරක් තිබීම විතරයි එකම බාධාවකට සහ කරදරේකට තිබුනේ. ඒත් නිතරම ඔවුන්ගේ කල් ගෙවුනේ වැඩ බිමේ ම හින්ද ඒකත් එච්චර කරදරයක් වගේ කට්ටියට දැනුනේ නැහැ.
කාර්යබහුලත්වය හින්දම එකිනෙකා සමග කතා කරන්න වත් මිහින්ට වත් බිනුට වත් අවස්තාවක් වත් නිදහසක් වත් තිබුනේ නැහැ. එකම වැඩ බිමේ උනත් ඔවුන් වැඩ කලේ අංශ දෙකක. බිනු එක අතකින් දෙවියන්ට ස්තුති කරා ඒ ගැන. කෙල්ලට ගෙදරින් ඇමතුමක් ආවේ ඒ අතරේ දවසක. ඇගේ විවාහයට යෝජිත තරුණයාට විදෙස්ගත වන්නට යෙදිල හින්ද ව්‍යාපෘතිය අවසන් කර තව මාස දෙකකින් ඇය ගෙදර ආපු ගමන්ම ඇගේ විවාහය සිදු වන බව අම්ම දැනුම් දුන්න.
මතක තියාගන්න දුව. හැමදාම ඔයාට ඕනේ විදියට ඉන්න බැහැ . රසික හොද ළමයෙක්. එයා ඔයාව හොදට බලාගනී. අම්ම ඇමතුම විසඳි කලේ කෙල්ලට ඒ ටික කියල.
මේ ගැන නිතරම හිත හිත හිටපු හින්දම කෙල්ල අසනීප උනා. හිතේ හයියට හිටියත් කෙල්ල හිටියේ දැඩි හිසරදයකින් මෙන්ම උණකින් ද පීඩා විඳිමින්. එවෙලේ ඇය හිටියේ වැඩබිමේ කොනකට වෙලා සැලසුමක් නිර්මාණය කරමින්. ඒ රාත්‍රිය වෙච්ච හින්ද එළිමහනේ සීතලත් පින්නත් හින්ද කෙල්ලගේ අසනීපෙ තව වැඩි උනා. කරමින් හිටි වැඩෙත් පැත්තක තියල කෙල්ල එතනම බිම හාන්සි උනේ කලන්තේ ගතියක් ආපු හින්ද.
වෙලාව රෑ අටත් පහු වෙලා. ඔක්කොමලා තමන්ගේ වාර්තා මිහින්ට ලබා දීල පිටව ගොස් තිබුන ඒ වෙද්දී. බිනු විතරයි තාම ආවේ නැත්තේ.
බිසේකා මිස්ව දැක්කද සේනක? කොල්ල ඇහුවේ අන්තිමට ආපු කෙනාගෙන්.
මම දැක්ක සයිට් එකේ ඉන්නවා මම එද්දී . පස්සේ නම් දන්නේ නෑ සර්.
හරි ඔයා යන්න මම බලන්නම්.
කොල්ල ගියේ බිනු තවම පරක්කු ඇයි බලන්න. වැඩබිමේ ඈත කොනක ඇය බිම වැටිලා ඉන්නවා දකිද්දී කොල්ල ගියේ දුවගෙන වගේ.
බිනු. දෙවියනේ මොකද ඔයාට? මිහින් ඇහුවේ ඇය ලගින් බිම දන ගහගෙන. කෙල්ල ඉන්නේ ක්ලාන්ත ගතියකින් බව දැනුන ඔහුට. ඉක්මනට ඇගේ හිස තමන්ගේ උකුලට ගත් ඔහු ලග තිබ්බ වතුර බෝතලේ අරගෙන මුනත් ගෙලත් පිස දැම්ම.
බිනූ.. අනේ නැගිටින්න. කොල්ල කතා කලේ බයෙන්.
මද වෙලාවකට පස්සේ ඔහුට මහත් සහනයක් දෙමින් කෙල්ල ඇස් ඇරිය.
බිනූ. කොල්ල ඇය ඇමතුවේ ගොඩක් ආදරේකින්.
තමන් ඉන්නේ ඔහුගේ උකුලේ බව දැනුනු හින්ද කෙල්ල උත්සහ කලේ නැගිටින්න.
ඔහොම ඉන්න බිනූ. ඔයාට හොදටම උන. කොල්ල කිව්වේ ඇගේ නළලටත් ගෙල දෙපසටත් සුරත තබා බලමින්.
මිහින්….. මට………. මට… අමාරුයි. කෙල්ල මිමිණුවේ අපහසුවෙන් ඊලග මොහොතේ ඇය ආයෙමත් ක්ලාන්ත උනේ උන ගතිය වැඩි හින්දම.
මිහින් ගොඩක් බය උනා. සිහිසුන් ඇයත් අරගෙන දුරක තියෙන නවාතැන්පලට යන්නත් බැහැ. ලග පාත රෝහලක් වත් නැහැ. වාහනේ තියෙන තැනට යන්නත් ගොඩක් දුර පයින් යන්න ඕනේ. කල හැකි හොදම දේ මොකද්ද කියල කල්පනා කල ඔහු වැඩබිම අසලට පේන නිවසක පහන් එළියක්දැක්ක. ඒ හින්ද කෙල්ලව දෑතට ගත්තු ඔහු නැගිට්ටේ ඒ නිවසට යන්න.
ඒ ගෙදර හිටියෙත් තරුණ යුවලක්. යුවතියක් දෑතින් ඔසවගත්තු තරුණයෙක් තමන්ගේ නිවාස දෙසට එනවා දැකපු හින්ද ඔවුන් පෙරමගට ආවේ ඔහුට උදව් කරන්න.
අනේ අක්කේ මගේ වයිෆ්ට සනීප නැහැ. ඔහු ඒ ආපු කාන්තාවට කිව්වේ කලබලෙන්.
කරුණාවන්ත යුවලක් වූ නිවැසියෝ ඔවුන් දෙදෙනා ගෙදරට එක්ක ගිහින් ඇයට අවශ්‍ය සත්කාර දෙන්න යුහුසුළු උනා.
මිහින් පුරා පැය දෙකක් විතර ඇයට සාත්තු කලා. කෙල්ල හිටියේ නැගිටගන්න වත් බැරි තරමට අපහසුවෙන්. කෙල්ලට මොනවත් කන්න වත් පුළුවන් කමක් තිබුනේ නැති හින්ද ගෙහිමි කාන්තාව සුප් එකක් හදල දුන්න. කොල්ල ඒකත් අරන් ගිහින් ඇයට පෙව්ව. පස්සේ කෙල්ලට නිදාගන්න සලස්සල ඔහු ගියේ නිවැසියන්ට කතා කරන්න.
මල්ලි කාල ද? ඒ ගෙදර තරුණය ඇහුවේ ඔහු කාමරෙන් පිටතට එද්දිම.
නැහැ අයියේ. අපි වැඩ ඉවර කරලා යන්න හදනකොට මෙයාට මෙහෙම අසනීප උනේ.
එන්න එන්න තියෙන විදියකට කාල ඉදිමු.
කරුණාවන්ත වූ නිවැසියන්ගේ ආරාධනය පිලි නොගෙන ඉන්න බැරි හින්ද කොල්ල කෑමට වාදී උනත් ඔහු හිටියේ නම් කන්න තරම් සුදුසු මානසිකත්වයක නෙමේ. දැන් අවුරුදු ගානක් තිස්සේ දන්න කෙල්ල මේ වගේ අසනීප වෙලා ඉන්නවා දැකලම නැති හින්ද කොල්ල හිටියේ ගොඩක් බයෙන්.
කාල ඉවර වෙලා ගෙදර යුවලත් එක්ක ආගිය තොරතුරු කතා කරලා මිහින් ආපහු ආවේ ඒ වෙද්දී වත් උන අඩු වෙලාද බලන්න. කෙල්ල ඒ වෙද්දී නැගිටලා හිටියේ. ඔහු ලගට ගිහින් ඇය ගාවින් ඉඳගත්ත.
බිනූ දැන් කොහොමද ඔයාට. මිහින් ඇහුවේ ආපහු ඇගේ නළලත සුරත තියල
ටිකක් හොඳයි.
නිදාගන්න හෙට උදේ වෙද්දී අඩු වෙයි.
මගේ ඔලුව රිදෙනවා.
ඉන්න ටිකක්. කොල්ල එහෙම කියල ගෙහිමි කාන්තාව දුන්න ඔඩික්ලෝන් බෝතලෙන් බින්දු කිහිපයක් දාල ඇගේ හිස පිරිමැද්ද.
ඇගේ අසනීපයට වගකියන්න ඕනේ තමන් කියලයි ඔහුට හිතුනේ. මෙච්චර කාලයක් ඇය තමන්ගෙන් ඈත් වෙලා හිටියත් එහෙම කරන්න ඇයට කොච්චර අමාරුද කියල කොල්ල දන්නවා.
මම දන්නවා බිනූ ඔයා මට කොච්චර ආදරේද කියල. මිහින් කිව්වේ හිතෙන්.
මිහින්. ඔයා කොහෙද නිදාගන්නේ? හදිසියේම ඇස් ඇරල කෙල්ල ඇහුව.
බිම තමයි. කොල්ල කිව්වේ හිනා වෙලා. මේ වෙලාවේ උදව් කරනවා මදිවට අපි දෙන්නට රුම්ස් දෙකක් දෙන්න කියන්නත් බෑනේ. මම මේ ගෙදර අයට කිව්වා ඔයා මගේ වයිෆ් කියල. ඒ හින්ද ඒගොල්ලෝ මොනවත් වැරදියට හිතන එකක් නැහැ.
වයිෆ්…? කෙල්ල මිමිනුව.
දෙවියනේ ඒ තැන සැබෑවටම තමාට හිමි නම්. කෙල්ල නැවත ඇස් පියාගත්තේ කඳුළු පිරුණු දෑසින්.
ඇයි බිනූ. ඇයි අඬන්නේ? කොල්ල ඇහුවේ බය වෙලා.
නෑ මොනවත් නෑ මිහින්. මගේ ඔලුව රිදෙනවා. මේ ලයිට් එක අමාරුයි ඇස් වලට.
නිවන්නද එහෙනම්
හා
කොල්ල විදුලි පහන නිවල ආයේ ඈ ලගට ආවේ කොට්ටයක් ගන්න. ඒත් කෙල්ල ඔහුගේ සුරතින් අල්ලගත්ත.
අනේ බිමට යන්න එපා මිහින් මට බයයි.
මගෙත් එක්ක තනියම කාමරේ ඉන්න බය නැද්ද බිනු? කොල්ල ඇගෙන් ඇහුවේ පිළිතුර දැනගෙනම.
කෙල්ල ඔලුව වැනුව නැහැ කියන්න. කාමරේ ජනේලෙන් පෙරී ආ සඳ එළියෙන් ඔහු හැඳිනුව ඇගේ දෙනෙතින් පෙනුණු ඒ විශ්වාසය.
නිදාගන්න එහෙනම්. කොල්ල කිව්වේ ඇගේ හිස පිරිමදිමින් ඇය පසෙකින් හාන්සි වෙලා.
දැන් නම් උන ටිකක් අඩුයි නේද?
ඔයා ළඟ ඉන්නවනම් මට මොන උනත් වත් හැදෙන එකක් නෑ. මොන පවක් හින්දද ඔයාට ඒක තේරුම් ගන්න බැරි. ඔහුගේ දෑස් දිහා මොහොතක් බලන් ඉදල කෙල්ල කිව්වෙත් හිතෙන්. ඒ හැඟීම් ඇගේ දෑසින් ඔහු අපුරුවට හැඳිනුව.
හ්ම්ම්. කෙල්ල ඊළගට ඇස් පියාගත්තේ තවත් ඒ බැල්ම දරාගෙන ඉන්න බැරි හින්ද.
නිදාගන්න. ගුඩ් නයිට්. මිහින් හෙමින් කිව්වේ දහසක් දේවල් ඇයට කියන්නට හදවත බල කරද්දී.
මධ්‍යම රාත්‍රියේ ඔහු හදිසියේම අවදි වෙනකොට ඈ හිටියේ ඔහුට තුරුල් වෙලා නිදාගෙන. කොල්ලට සුසුමක් හෙලුනේ ඉබේටම. ඇයට සත්‍ය කියන්නට තරම් ආවේගයක් ඔහුට දැනුන. ඒත් හැමදාම වගේ ඔහු ඒ හැගීම් සිත තුලම සිර කරගත්ත. ඇය තමාගේ ජීවිතය බව ඔහු දනී. ඇය තරම් කිසිදු යුවතියක තමන්ට ආදරේ නොකරන බව ඔහු දනී. නමුත් ජීවිතය පුරාම ඇය ලගින් තබාගන්නට ඔහුට වරම් නැති බව ඔහුට සිහි උනේ ඇගේ අම්ම කෝල් කරලා ඇගේ විවාහය ගැන ඔහුට කිව්ව හින්ද. මේ ව්‍යාපෘතියෙන් පසුව ඇගේ විවාහය ට ඉඩ දී තමන් ආදරය කල යුවතිය අහිමි කරගැනීමට ඔහුට සිදුවනු ඇත.
මම ආදරෙයි බිනූ ඔයාට. කොල්ල දැඩි ආවේගයකින් මිමිණුවේ ඇය තදින් තුරුළු කරගෙන නළලත සිපගනිමින්. නමුත් තද නින්දේ සිටි ඇයට ඒ නෑසිණි.
තීරණයක් ගත යුත්තේ තමා නොව නංගි ය. තමාගේ බිනුගේ කිලාන්ගේ පමණක් නොව ඇගේම ජීවිතය රඳා පවතින්නේ ඇය ගන්නා තීරණය මත ය.
මගේ නංගි වෙනුවෙන් මගේ ආදරේ කැප කරන්න වෙනවා බිනූ. මට සමාවෙන්න. නැවත වරක් ඇගේ හිස සිපගෙන ඔහු කිව්වා. ඒ දෑසින් ගිලිහුණු කඳුළු බිඳු වැටුනේ ඇගේ හිස මතට.
මට මේ මතකය ඇති. ඔයාට හොඳක් වෙයි බිනූ. ඇය ව තදින් තමාට තුරුළු කරගත් ඔහු රැය පහන් කලේ නිදිවර්ජිතව.
පසුදින උදෑසන වන විට බිනූ බොහෝ සුවපත්ව හිටපු හින්ද ඔවුන් ලෑස්ති උනේ පිටව යාමට.
ඔයා ගොඩක් වාසනාවන්තයි. ගෙහිමි කතා කිව්වේ බිනූ ට ඔවුන් සමුගන්න විට. මේ වගේ හුස්බන්ඩ් කෙනෙක් ඉන්න හින්ද. එයා ඔයාව හොඳට බලාගත්තු හින්ද තමයි ඔයාට මෙච්චර ඉකමනට සනීප උනේ.
ඒ වාසනාවම තමයි මට නැති වෙලා තියෙන්නේ. බිනු හිතුවේ සුසුමක් හෙලලා.
ව්‍යාපෘතිය අවසන් වෙන්න මාසයක් තියෙද්දී බිනූ ට ඇය අයදුම් කල ආකාරයට විදෙස්ගත රැකියාවක් ලැබුන. ඒ හින්ද ඇය ආයතනයෙන් ඉල්ලා අස් උනා හදිසියේම. විවාහයේ වැඩ කටයුතු හින්ද තමන් අස් වෙන බව ආයතනයට දැනුම් දුන්න හින්ද මිහින් හිතාගෙන හිටියෙත් එහෙම.
හිතට විරුද්දව උනත් කොල්ල ඇයට සමු දුන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.
මම යනවා මිහින්. තැනක් යු අසනීප වෙච්ච වෙලාවේ මාව බලාගත්තට. කෙල්ල කිව්වේ අනුරාධපුරෙන් පිටත් වෙලා එන්න කලින්.
සතුටින් ඉන්න බිනූ.
එතනින් එහාට මොනවත් කියන්න කොල්ලට බැරි උනා. කෙල්ල බලන් හිටියේ අන්තිම මොහොතේ හරි ඔහු ඇය පිළිගනී ද කියල.
ඔයාට පුළුවන් ද මාව වෙන කාටහරි දීල ඉන්න. ඊයෙ දවසින් පස්සෙත්. මට බැහැ එහෙම කරන්න. බිනු හිතුවේ ආපහු ගෙදර එන ගමන්.
අනේ අම්මේ මට තාම වයස තියෙනවා මේකට යන්න දෙන්න. මම මැරි කරහම මෙච්චර කල් මහන්සි වෙලා ඉගෙන ගත්ත එකෙනුත් වැඩක් නැති වෙනවනේ. රසික කියන්නේ මට ජොබ් එකක් ඕනේ නැහැ කියල. මහන්සි වෙලා පාඩම් කරලා ඉන්ජිනියර් කෙනෙක් උනේ මොකටද මම. මට අවුරුදු දෙකක් දෙන්න මේ ජොබ් එකට යන්න. ඊට පස්සේ මම ඔයාල හොයල දෙන කවුරු උනත් බඳිනවා. කෙල්ල මේ කියන්නේ ඇගේ අන්තිම තුරුම්පුව විදියට.
හරි ඔයාට යන්න දෙනව හැබැයි තව අවුරුදු දෙකයි. එච්චරම තමයි දුව. කෙල්ලගේ තාත්ත තීරණේ කර අන්තිමට ඇගේ ඉල්ලීමට ඉඩ දෙන්න.
බිනූ විදෙස්ගත උනේ මිහින් ව්‍යාපෘතිය ඉවර කරලා එන්න කලින්. ඇය අඩුගානේ මෙහන්සට වත් ඇය යන බව කිව්වේ නැහැ.
මිහින් බිනූ කිසිවෙක් නොමැති හින්ද මෙහන්සට සිතන්න කල්පනා කරන්න තිබුනේ උපරිම නිදහසක්. කෙල්ල අසනීප උනේ ඒ හින්දම. මේ වෙද්දී කිලාන් උනත් ආපහු ලංකාවට එන්න ලැස්ති වෙලා හිටියේ ඔහුගේ අධ්‍යන කටයුතු ඉවර කරලා.
මිහින් සහ මෙහන්සා තවමත් විවාහ වෙලා නැති බව අම්මගෙන් දැනගත්ත. කොල්ල ඇයට අවශ්‍ය වේ හිතෙන ගොඩක් දේවල් ගත්තේ මංගල උත්සවයේදී තෑගි දෙන්න හිතන්.
නමුත් ඒ වන විට මෙහන්සා හිටියේ රෝහලේ ජීවිතයත් මරණයත් අතර. ඇය යන්ත්‍ර වලට සම්බන්ද කරලා දැඩි සත්කාර ඒකකයේ සිටියේ සති ගානක්.
සියල්ලටම හේතුව තමන් බව ද කිලාන් ව නැති කරගත්තේ තමන් බව ද හැඟීමෙන් කෙල්ල පීඩා වින්ද. මේ සේරම හදිසියේම උනේ නෙතුසර කියුවක් හින්ද.
කිලාන් ගැන කිසිම තොරතුරක් නොදැන හිටපු ඈ යලිත් නෙතුසර ට ඇමතුමක් ගත්තේ ඔහු ගැන විස්තරයක් දැනගන්න.
අයිය වෙඩින් එක ගන්න ලංකාවට එනවා කිව්වා සුදු අක්කි. මන් කෝල් කරද්දී එයා හිටියෙත් ගර්ල් එක්ක බඩු ගන්න ගිහින්. නමුත් සත්‍යය වුයේ කිලාන් ඒ බොරුව කිවේ නෙතුසර රවටන්නට වීම.
අයිය කවද්ද එන්නේ? නෙතුසර කෝල් කරේ කිලාන් ලගදී එනවා කිව්වා හින්ද.
ලබන මාසේ එනවා. ඇයි මොකෝ?
අම්ම කිව්වා අහන්න කියලා.
ඔව් ඔව් බන් මම එනවා. වෙඩින් එකට
වෙඩින් එකට? කාගේද? නෙතුසර ඇහුවේ පුදුමෙන්.
මගේ. කිලාන් ඒක කීවේ විහිලුවට.
හෑ අයියේ ඇත්තම ද? නෙතුසර හිතුවේ දැන් අවුරුදු දෙකක්ම ගත වෙලා හින්ද ඔහු හිත හදාගෙන ඇති කියල. ඔව් මොකට ද බොරු කියන්නේ. මම මේ දැන් ඉන්නෙත් වෙඩින් එකට ඇදුම් ගන්න ඇවිල්ල.
නෙතුසර මේ විස්තරය කිවේ හීනෙන් වත් මෙහන්සාගේ තත්වය දැනගෙන නොවේ. නමුත් මේ ගැන ඇසීමෙන් කෙල්ල කම්පා උනේ ජිවිතේ කිසිදා නොවූ විරු තරම්. ඔහු අහිමි කරගත්තේ තමා ය. තමා පමණ ය. ඒත් මෙච්චර ඉක්මනට ඔහු වෙනස් වෙයි කියල හිතුවේ කවුද? කෙල්ල තදින්ම අසනීප උනේ මේ හින්ද.
මිහින් කෙල්ලගේ ජිවිතේ බේරගන්න නොකළ දෙයක් නැති තරම්.
නමුත් කෙල්ලගේ ජිවිතේ තිබුනේ විශ්වාසයක් තියන්න බැරි තැනක. මොකද කෙල්ල හිටියේ ජිවත් වෙන ආසාව අත ඇරලා හින්ද