සිතින් විතරක්

තිස් හත…37

හිත පුරාම ආදරේ පිරිලා ඉතිරිලා තියෙද්දි ආද රේ කරන කෙනා ලඟම ඉද්දි එයාගෙන් ඈත් වෙලා ඉන්න මට තේරෙන්නෙ නෑ.

ජිවිතේ මීට කලින් කවදාවත්ම ආදරේ ලබලා නැති විඳලා නැති මං වගේ අනාත කෙ ල් ලෙ ක්ට ඇත්තටම ඒක දරා ගන්න හරිම අමාරුයි.

මට ඕනි වුනේ විහඟ ලඟටම වෙලා ඉන්න. එයාට තුරුල් වෙලා ඉන්න. එයාගෙ පපුවට ඔළුව තියාගෙන ඉන්න.

ඒ අතේ එල්ලිලා ඔහේ කොහෙ හරි ඇවිදගෙන යන්න. ඒ මූණ දිහා බලාගෙන ඔහේ කියව කියව ඉන්න. ඇත්ත ටම ආදරයක් නෙවී මේක පිස්සුවක්.

අවුරුද දහනවයක් කාගෙන්වත් නොලැඹුන නොවිඳපු ආදරේ මෙහෙම ලැබෙද්දි මට හැමදේම අමතක කරලා ගහක් ගලක් වගේ ඉන්න බෑ.

කියන දේ අහන්නකො මැණික.. ඔයා කොච්ච රවත් මෙහෙම මගෙ රූම් එකට දුවගෙන එන එක වැරදි නේද..?

විහඟ කීවේ තරහින් නෙවී. ඒක වැරදි ද කිය න්න මම දන්නෙ නෑ. ඒත් ලඟ ඉන්නවා කියලා දැනගෙන ඉන්නකොට මම කොහොම ද ඈත් වෙලා ඉන්නෙ.

මොකක්ද වැරද්ද..ඔයා මගෙනෙ ඉතිං… ?

මම ඇහුවෙ හුරතල හඬකින්.

හරි බ\න් මං උ\ඹේ තමා වෙන මො\කාගෙද..? එයා ඇහුවෙ හිනා වෙවි.

වෙන මො\ක\ගෙවත් වෙන්න දෙන්න නෑ මං..

ඒත් එහෙනං ඇයි..? ලඟට එන්න එපා කියන්නෙ… මට කිසි දෙයක් හිතා ගන්න බෑ.

උ\ඹ නං පන්ඩිත ආච්චියෙක් දෙයක් කීවම රටක ප්‍රශ්න අහන්න තියා ගන්නවා මෙතන.. එයා කීවේ හිනාවෙවි.

ඉතිං මං කියන්නෙ ඇත්තනෙ…ඇයි එපා කිය න්නෙ කියන්නකො..

මම ආයිම ඇහුවා. දැන් නං අර ඒ දවස්වල හිට පු නපුරා නෑ. බය නැතුව ඕනි දෙයක් කියන්න පුළුවන්. ඒත් වෙලාවකට තාමත් සැර කරනවා මම මොනා හරි වැරදි දෙයක් කරද්දි නං.

මේ අහන්නකො බබා.. කොච්චරවත් ඔයා ඔහොම මෙහාට දුවගෙන එද්දි.. නයනා,සියා පප්පා උනත් වැරදියට හිතයි..

මම කැමති නෑ කවුරුත් ඔයා ගැන වැරදියට හිතනවට.

තේරුනාද..? එයා කීවේ බර හඬකින්.

ඉතිං ඇයි අපිට බැරි සෙත්ට කියන්න..එයා තේරුං ගනීයිනෙ..?

මම කීවේ කරන්න පුළුවන්ම දේ. එහෙම උනා ම අපිට මෙහෙම හැංගි හැංගි ඉන්න වෙන්නෙ නෑනෙ. එයා සීයා පප්පට තේරුං කරලා දෙයි නෙ.

ඒන්ජල් මං කියන දේ අහන්න මේක ඔයා හි තන තරම් ලේසි දෙයක් නෙවී.. සෙත්ට පාඩුවෙ එයාගෙ වැඩේ කරගන්න ඉඩ දෙන්න.

ඔය අනං මනං කිය න්න ගිහින් ඒකව අවුල් කරන්න එපා… ටිකක් ඉවසන් ඉන්න බෑද ඔයාට.. අපි මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ හොයාගමු..

විහඟ කියවගෙන යනවා. එයා කියන්නෙ ඇත්ත තමා. සෙත් පව්. මේ වගේ දෙයක් එයා කවදාවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. එයාට මාවයි විහඟයි හුඟාක් විශ්වාසයි. ඉතිං මෙ හෙම දෙයක් කීවොත් එයාව හො ඳටම අවුල් වෙයි.

ඒත් ඒත් විහඟගෙන් ඒ ආදරෙන් ඈත් වෙලා ඉන්න මට හිත හදාගන්න තේරෙන්නෙ නෑ.. මම හුඟක්ම බොලඳ මෝ ඩ කෙ ල් ලෙ ක් වෙ න්න ඇති. මට හුඟක් දේවල් තේරෙන්නෙ නෑ.

තේරුං ගන්න ඕනිත් නෑ. මට ඕනි මේ ආදරේට තුරුල් වෙලා ඉන්න විතරයි. මම හිතුවෙ හිතු වක්කාර හිතකින්.

හැම මඟුලටම මූණ එල්ල ගල්ල තියාගන්න එපා ඒන්ජල් ටිකක් කියන දේ තේරුං ගන්න බලන්න..ඔයා දැන් පුංචි එකෙක් නෙවී දෙයක් කීවම තේරුං ගන්න පුළුවන් වෙන්න ඕනි..

ඔයා හිතනවද මම මේ කරන්නෙ ලේසි දෙයක් කියලා.සෙත් මගෙ ජිවිතේ වගේ මට බෑ ඒකා දුක් විඳිනවා බලන්න.. ඒ/කට කවුරුත්ම නෑ සීයා පප්පා ඇරෙන්න..මම එ\කාගෙ ආදරෙත් උදුරගත්තා..

ටිකක් සෙත්ගෙ පැත්තෙන් හිතන්න මැණික

..ඒකා ඉන්න තැන අපි හිටිය නං මොනා හිතෙයිද.. ඒක නිසා සෙත්ගෙ හිත රිද්දන්නෙ නැතුව මේක ඒකට කියන්න ඕනි.. ඒක නිසා නැති ප්‍රශ්න ඇති කරගන්න හදන්න එපා තේරුනාද..

එයා ඇහුවෙ හුඟක්ම නිවුන හඬකින්. මම මො නවත්ම නොකියා සුසුමක් හෙළුවා. ජීවි තේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් කියලා මට හිතුනා.

අත ලඟටම ඇවිත් තියෙද්දි මට වෙ න්නෙ ඒ ආදරෙන් ඈත් වෙලා ඉන්න. මම කො හොමද මේවා දරාගන්නෙ.

ඒත් මම කොහොම ද මේම මෙච්චරම ලඟින් ඉද්දි ඈත් වෙලා ඉන්නෙ..මට ඒක කරන්න බෑ.. මම කීවේ කියන්නම දෙයක් නැතුව.

පුළුවන්වට නෙවී බබෝ කරන්න කීවේ මේ වෙලාවෙ වෙන කරන්න දෙයක් නැති නිසා.. අපිට හැම වෙලාවෙම අපි කැමති දේවල්ම කරන්න වෙන්නෙ නෑ..අකමැති දේවලුත් කරන්න වෙනවා..ඒක නිසා ටිකක් ඉවසන්න පුරුදු වෙන්න…

එයා කියවගෙන ගියෙ හරිම ආදරණීය හඬ කින්. මොන දේ උනත් විහඟ මාත් එක්ක ඉ න්නවා කියලා දන්න හින්දම ටිකක් ඉවසන්න ඕනි කියලා මටත් හිතුනා.

විහඟ කොච්චර කීවත් එයාගෙන් ඈත් වෙලා ඉන්න හිත හදා ගන්න මට ලේසි වුනේ නෑ. එයා උන්නෙ අසනීපෙන්. තාමත් එයාට එයාගෙ දේවල් තනියම කරගන්න අමාරුයි හරියට කෑම ගන්නවත් බෑ. ඉතිං එහෙම තියෙද්දි මම කොහොම ද එයා ගැන හොයන්නෙ බලන්නෙ නැතුව ඉන්නෙ.

මම පහලට ඇවිත් ගෙදර හැමෝටම කෑම හදන්න ගත්තෙ විහඟට විතරක් කෑම හදලා ගේන කොට අනිත් අය වැරදියට හිතයි කියලා හිතපු නිසා. මොකද නයනා හදන කෑම විහඟට කන්න දෙන්න මම කැමති වුනේ නෑ.

උ\ඹ නං ක/පටි අම්ම\න්ඩියක් මහා…

ඒක දැන ගත්තාම විහඟ කීවේ හිනා වෙවි.

කපටි කමට නෙවී… ඔයාගෙ කෑම නයනට හදන්න දෙන්න බෑනේ ඉතිං..

මම කීවේ හුරතල් හඬකින්. සෙත් ඉක්මනින් ආපහු ආවනං මේ හැමදේම විසඳගන්න පුළු වන් වේවි කියලා මට හිතුනා. ඒත් එයා එනවා තියා කතා වත් කලේ නෑ මට දැනුනෙ බයක්.

මට බයයි අනේ සෙත් කතාවත් කලේ නෑනේ…

මම කතාව වෙන පැත්තකට හැරෙව්වා.

සිග්නල් නෑ නං කතා කරන්නෙ කොහොමද…?

විහඟ ඇහුවෙ එතරම් ගනනකට ගන්නෙ නැතුව.

ඉතිං ලෑන්ඩ් ලයින් එකකින් කතා කරන්න බෑද..?මම ආයිම ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.

කැලෑවලයි..කඳුවලයි..ලෑන්ඩ් ලයින් නෑ ඒන්ජ ල් බොරුවට බය වෙන්නෙ නැතුව ඉන්න…

විහඟ කීවම මාව ගැස්සුනා. කැලෑවලට කඳුවල යන කතාවක් සෙත් මට කීවේ නෑනෙ. එයා මොනවද කැලෑවල කඳුවල කරන්නෙ.

කැලෑවල කඳුවල මොනවද එයා කරන්නෙ..?

ඇයි සෙත් කියලා ගියෙ නෑද…? විහඟ ඇහුවෙ පුදුමෙන්.

නෑ එයා මට මොනවත් කීවේ නෑ… සිග්නල් නැති පැත්තකට යනවා කියලා විතරයි කීවේ..

ඇයි කියලා කිව්වෙ නෑ… එයා මොනවටද ගිහින් තියෙන්නෙ. කැලෑවල කඳුවල මොනවද එයාට කරන්න තියෙන්නෙ….

මම ඇහුවෙ පුදුමෙන්. එයාට මොනවද ඒ වගේ තැන්වල කරන්න තියෙන්නෙ. ඇයි සෙත් මට ඒ කිසිම දෙයක් කීවේ නැත්තෙ. මට තේරෙ න්නෙ නෑ අප්පා මේ සෙත් මොනවද කරන්න හදන්නෙ කියලා.

කිව්වනං ඒකට යන්න වෙන්නෙ නෑනෙ ඔයා රටක ප්‍රශ්න අහන්න තියා ගන්නවනෙ ඒකයි කියන්න නැත්තෙ…

ඉතිං කියන්නකො මොනවද එයා කරන්නෙ කියලා…

අළුත් වැඩක් කරන්න හදන්නෙ.. වෙනස් විඳි හක හොටෙල් එකක් හදන්න.. ඒකට ගැලපෙ න ලෑන්ඩ් එකක් බලන්න ගියෙ..

ඉතිං ඇයි ඒක මට කියලා යන්න බැරි එයාට… එයා හැමදේම ඔයාට කියනවා මට තමා මොන වත් කියන්නෙ නැත්තෙ…

මම කියවගෙන ගියෙ නෝක්කාඩු හඬකින්. මොන තරම් ආදරේ උනත් සෙත් මට හුඟක් දුරයි කියලා මට හිතෙනවා.

කියන්න පුළුවන් ද ඕනි එකයි එපා එකයි ඔ හොම අහන්න තියා ගත්තම.. හදිසියෙවත් කතා කලොත් මෝ/ඩ/යා වගේ හැමදේම කිය න්න තියා ගන්න එපා.. ඒ\ක ඒ හැමදේම දමලා ගහලා දුවගෙන එයි… විහඟ කීවේ බර හඬකින්.

මට බයයිනෙ… සෙත්.. මොනා හිතයිද..? එයා මොනා කියයිද..?

ඇත්තටම සෙත් මේක කොහොම භාරගනීද කියලා මට හිතා ගන්න බෑ. මම කලේ මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා. මම විහඟවත් අවුල් කලා. දැන් ඒ දෙන්නා තරහා උනොත්. ඒ වැරැද්දටත් විඳවන්න වෙන්නෙ මට.

සෙත් විහඟගෙන් අයින් උනොත් විහඟට පුළු වන් වෙයිද මේ වගේම ආදරේ කරන්න මට. සෙත් එයාට නැති වුනේ මම නිසා කියලා එයා හැමදාම හිතෙන් දුක් විඳියි. ඉතිං එතකොට මට සතුටක් තියේවිද.. මේ හිතට නං කවදා වත් සැනසීමක් උරුම නෑ.

මම බය ඒකට නෙවී ඒන්ජල්..සෙත් මොනා හරි කීවොත්..බැන්නොත් ගැහුවත් මට ඒක ඉවස න්න පුළුවන්.. මාව මුළු ජීවිතේටම එයාගෙන් ඈත් කලත් මට දරා ගන්න පුළුවන්.. ඒත්.. එත්… මම හොඳටම දන්නවා.. ඒකා ඒ මොන වත්ම කරන්නෙ නෑ…

හා කමක් නෑ.. උ\ඹ/ලගෙ කැමැත්තනෙ කියලා හිනාවෙලා ඉදී.. ඒත් එකා තනියම විඳවයි.. මං බය ඒකට ඒන්ජල්… මට මට දරාගන්න බැරි ඒක.. මට සෙත්ව රිදවන්න බැරි ඒකයි… ඒ\කා ඕනිවටත් වඩා දුක් විඳලා තියනවා..

විහඟගෙ වචන වල කඳුළුත් තිබුන ද මන්දා. ඒ දෙන්නා අතරෙ තියෙන්නෙ ඒ තරම් බර බැඳීම ක්.

දෙයියනේ මම නිසා ඒ දෙන්නා ඒ බැඳීම නැති වෙලා ගියොත් ඒක කවදාවත් ගෙවා ගන්න බැරි පවක්. මට තේරෙන්නෙ නෑ මම මොනවද කරන්න ඕනි කියලා. ඇයි දෙයියනේ මම මේ දෙන්නා අතර මැද්දට මෙහෙම මැදිවුනේ.

මට කරන්න පුළුවන් වුන එකම දේ අඬන එක විතරයි. ඒත් ඇඬුවා කියලා මේ කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ. කැමැත්තෙන් මේ ගින්දර පැන්න නං දැන් පිච්චෙන්නම වෙනවා. ආදරේ ගින්දරක් කියන්නෙ ඇත්ත තමා ලැබුනත් නොලැබුනත්.

ඇස්වලට පිරුණු කඳුළු ඔහේ ගලාගෙන යද්දි. මම අමාරුවෙන් යටිතොල හපාගෙන ඉකිය වාවගත්තෙ විහඟට මගෙ කඳුළු දැකලම අප්පිරියා වෙලා ඇති කියලා හිතුන නිසා.

ඔයා ඕවා ඒ තරම් හිතන්න එපා ඒන්ජල් ප්‍රශ්නයක්..තියනව නං උත්ත රයකුත් තියෙයි.. සෙත්ට පුළුවන් වේයි ඔයාව තේරුං ගන්න…

මට දුක හිතිලා කියලා දැනුන නිසාද කොහෙද විහඟ කියවගෙන ගියෙ මාව තුරුළු කරගෙන.

මෙහෙම මේ උණුහුමට තුරුළු වෙලා ඉන්න තියනව නං මට වෙන මොනවත්ම ඕනි නෑ මුළු ජිවිතේටම ඒ ටික විතරක් ඇති. ඒත් මට එක තත්පරයක්වත් එහෙම ඉන්න වුනේ නෑ.

ඒන්ජල් මගෙ මැණික ඔයා කොහෙද බබෝ….

ඒ හඬ මගෙ ඉස්සරහින් ඇහෙද්දි මම ගැස්සි ලා විහඟගෙන් ඈත්වුනා. අපි දෙන්නා දිහා බ ලාගෙන හිටපු සෙත්ගෙ ඇස් ලොකු වුනේ තර හි න් ද පුදුමෙන්ද දුකින්ද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට දැනුනෙ මගෙ හුස්ම හිරවෙනවා වගේ හැඟීමක්.

කරන්න ඕනි මොනවද කියලා මට තේරුමක් තිබුනෙ නෑ. එකපාරම උගුරුනි එලියට පැන්න ඉකිය නතර කරගන්න මට පුළුවන් වුනේ නෑ. මම අඬ අඬාම උඩට දිව්වෙ කිසිම දෙයක් හිතා ගන්න තරම් ඉවසීමක් මට තිබුනෙ නැති නිසා.

හමුවෙමු.

මගෙ අම්මෝ මායි එන්ජලුයි බැනුම් අහන තරං. මං හිතුවා ඒන්ජල්ව විහඟට දුන්නම ප්‍රශ්නෙ විසඳෙයි. කියලා ඒත් නෑ. ඒන්ජල් හොඳ නෑලු විහඟ මිත්‍ර ද්‍රෝහියෙක්ලු එයාලට එහෙම නොකර ඉන්න තිබුනලු. සෙත් පව්ලු අපොයි ප්‍රශ්න කෝටියයි. බැරිම තැන ඔන්න සෙත්ව එක්කගෙන ආවා. දැන් විසඳ ගන්නකො ප්‍රශ්නෙ.. ඔන්න මං නෑ හොඳේ..

ස්තූතියි කියවන හැමෝටම. පුළුවන් නං කතාව කියෝන හැමෝම ලයික් එකක් දානවද මට මේ කතාව ඇත්තටම කී දෙනෙක් කියවනවද කියලා දැන ගන්න ඕනි