පස්වෙනි කොටස🌿
රසාදරී සූරියබණ්ඩාර සමගින් පැමිණි යුවතිය සැබැවින්ම සුලක්ඛණා දෑලබණ්ඩාර මැණිකේ බලාපොරොත්තුවෙන් සිටි ආකාරයේ තරුණියක් නොවේ……………………. කෙටි සායට අත් කොට ටීෂර්ට් එකක් ඇඳ සිටි ඇය වෙතින් දිස් වූයේ බටහිර පන්නයට අනුගත වු අයෙක් ලෙසය……………
සුලක්ඛණා දෑලබණ්ඩාර මැණිකේගේ මුහුණ කෝපයෙන් අඳුරු වි ගිය අතර ඒ වෙනස රසාදරීද දුටුවාය……………
🍃 දැන් ඉස්සර වගේ නෙවේ සුලක්ඛණා මැණිකේ………… ළමයින්ගේ කැමැත්ත වෙනස් වෙලා………… අපි ඒවාට ඉඩ දෙන්න ඕනෙ තරුණ කාලෙනේ………… දැන් කාලෙට නොකරන විලාසිතා කවදා කරන්නද අපි වගේ නාකි වුනාමයැ………
🌿 ඒ වුනාට මේ වගේ සුභ කටයුත්තකදි වැදගත් පරම්පරාවක ගැහැණු දරුවෙක් ඔයිට වඩා සංවරව පිලිවෙලකට අඳින්න කරන්න ඕනෙ………….
සුලක්ඛණා මැණිකේ ඇය දෙස හෙලුවේ කෝපය මුසු පිලිකුල සහගත බැල්මක්…… ඉන් තරුණිය කෝපයට පත් වුවාය………..
🍀 මේ ආන්ටි………. මං බදින්නේ ඔයාව නෙවේනේ………. අනික ඔයා මේවට කැමති නෑ කියන එක මට ප්‍රශ්ණයක් නෑ……. ඔයාය මාව වෙනස් කරන්නත් බෑ………..
🌿 ඒකත් එහෙමද…………..එතකොට මේ ලමයගේ නම………….
🍀 ටීෂා…….
ඇය පැවසුවේ ලිප්ස්ටික් ගෑ කට උල් කරමිනි………..
🍃 සුලක්ඛණා මැණිකේ එයාගේ නම නර්මදා රත්නාවලී…….. ඒක නෙවෙයි ඉත්නි මෙි දරුවෝ දෙන්නට කතා කරන්න දුන්නොත් නේද හොඳ………
🌿 මේකයි………..ඔයාලානේ මේ යෝජනාව ගෙනාවේ…….. අපි ආවේ ඒක අහක දාන්න බැරි නිසයි……… අනික අපේ පරම්පරාවේ ඒ වගේ වැඩ නැහැ……. මගේ පුතා මේ ගමන ආවේ කිසිම කැමැත්තකින් නෙවේ………. ඒ හින්දා ඒ ගොල්ලොන්ට කතා කරන්න දෙයකුත් නෑ මගෙ හිතේ……….. එහෙනම් අපි යන්නම්…….. දුවට හොඳ කෙනෙක් හම්බවෙයි……….. ගිහින් එන්නම්………
🍃 අනේ….. තේ ටිකක් වත් බිවුවේ නැහැ….
🌿 ආ…… ඒකට කාරි නෑ……. අපිට පරක්කු වෙනවා………… ගිහින් එන්නම්………..
සුලක්ඛණා මැණිකේ නිවසට එනතුරුත් එක් වචනයක් හෝ නොදෙඩුවාය……. නමුත් නිවසට අඩිය තැබූ වෙලාවේ ඉඳන් ඇය මුළු සූරියබණ්ඩාර පරම්පරාවම නිරුවත් කලාය……………. එයින් වත් ඇගේ කෝපය සන්සිඳුනේ නැත………..
❤️ අම්මා දැන් ඉතින් ඔය ඇති……. ඇඳුම් මාරු කරගෙන ඉන්නකෝ………
🏆️ ඔව් මැණිකේ………….
🌿 මට විලි ලැජ්ජා කලා සුරියබණ්ඩාරලා……… උන්ට මං හොඳ පාඩමක් උගන්නනවා…….. උන් දන්නෙ නෑ මේ සුලක්ඛණා මැණිකේ කවුද කියලා…………
එදිව ගත වුනේ වැඩි කතා බහක් නැතුවමය………….. රන්දය නම් පසුවුනේ සතුටිනි…….. රන්දය කියන්නෙත් අම්මා වගේම ආඩම්බරකාර,,, ටිකක් නපුරු,,, දරදඬු,,, අහංකාර පුද්ගලයෙක්…….. ඉතින් ඔහුට පෙම්වතියක් නැති එක අහන්නත් දෙයක් නෙවේනෙ…………
රන්දය පස්සෙන් ආව කෙල්ලෝද නොසිටියා නෙවේ……… ඔහු කොළඹ ප්‍රසිද්ධ පිරිමි විදුහලක ඉගෙන ගන්නා කාලයේදී මෙන්ම ව්ශ්ව විද්‍යාලයේත් ගැහැණු ළමයි ඔහුට වශී වී සිටියා………….. ඒත් ඒ එක් තැනකවත් මේ දඩබ්බරයාගේ හිත නම් නැවතුනේ නැත…………….
🎶🎶 මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා…………
පෙරුම් පුරා මඟ බලා හිඳිමි මම
ඇයි තව නාවේ දයා………….
හිත ඇතුලින් ඔහු එම ගීතය මුමුණන්නට විය……………
❤️❤️ ඇත්තටම කොහේද ඉන්නේ එයා………… හ්ම්ම්…… ඉද්දමල් කතාවේ කුමරී………… මටත් පිස්සුද මන්දා………….
රන්දිය සිනාසෙමින් සිතුවේය…………… සදහම් දෑලබණ්ඩාර එතැනට එනවා වත් ඔහු දුටුවේ නැත………………
🏆️ මොකද ඉලන්දාරියා තනියෙන් හිනාවෙන්නේ………..
❤️ මොකුත් නෑ…… අම්මට උදේ වෙච්ච දේ මතක් වුනා අප්පච්චි……..
🏆️ මටත් හිනා……. හිනාව තද කරන් ඉඳලා හුස්මත් හිර වෙනවා බං…………. පව් අමිමා…….. සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටියේ ලේලි ගැන………..
❤️ ඒක නෙවේ අප්පච්චි මට දෙයක් කියන්නත් තියෙනවා……… මේ….. මං අර කේස් එක ආයෙම අදිනවා………
🏆️ මොනවා…….. ඔයා……….ඔයා හිතනවද පුතා ඒකෙන් වැඩක් වෙයි කියලා……………
❤️මට ඒක ඔප්පු කරන්නම ඕනි අප්පච්චි …….. ඒකට සාක්ෂිත් ටිකක් මගේ ගාව තියෙනවා………….. තව එක දෙයයි ඒ සුදු නංගි………… එයාව මට මුණ ගැහෙනව නම් තවත් ලේසියි….
🏆️ එයා කොහෙන් හොයන්නද………..
❤️ බොරු කියන්නෙ ඇයි අප්පච්චි……. ඔයා විතරයි දන්නේ සුදු නංගි ඉන්නේ කොහේද කියලා……… මට කියන්න අප්පච්චි……………
🏆️ මං දන්නෙ නෑ……………..
සදහම් දෑලබණ්ඩාර අදත් මුණිවත රැක්කේය……………. සිය මවට,,, නැගණියට හා අහිංසක මල් කැකුල දාස්පෙතියාට මරණය අත් කර දුන් පවුකාරයින් විනාශ කල යුතුය……. නමුත් එය හිතන තරම් පහසු නැත………….
💜️🌹🌸💜️🌹🌸💜️🌹🌸💜️🌹🌸💜️🌹🌸
මාසයකට පසු අසංක වික්‍රමනායකත් නිවේදිතා වික්‍රමනායකත් වන්දනා වික්‍රමනායකත් ලංකාවට ආවෝය…….. ඔවුන් පදිංචි වුනේ කොළඹ පිහිටිි අසංකගේ සුවපහසු නිවසෙහිය……… ටික දිනකින් ඇය වෛද්‍ය සභාවේ ලියාපදිංචි වුවාය……………… දෛවෝපගත ලෙස ඇයට පලමු පත්වීම ලැබුනේද මහනුවර රෝහලටයි………..
💜️ අප්පච්චි මට උදව්වක් කරන්න……
💚 මොකක්ද චුටි දූ…….. මෙච්චර දවසක් මං ඔයාට උදව් නොකර ඉඳලා තියෙනවද කියන්න…………
💜️ මට නෙළුම්දෙණිය වලව්වට යන්න විදිහක් හොයලා දෙන්න………..
💚 ඒක නම් කරන්න බෑ……. චුටි දූ………
💜️ අප්පච්චි මට ඕනැ ඒ අපරාධකාරයින්ව නීතිය ඉස්සරහට ගේන්න…………..
💚 දුව……. අවුරුදු විස්සක් අපි ඔයාව ආරක්ෂා කලා……… කරුණාකරලා දැන් ඔයාම මරු කටට යන්න එපා………….
💜️ අප්පච්චි……… එයාලා මාව දන්නෙත් නෑ……… මං ආනන්දිතා අම්මා වත් සුරනිමල නෙළුම්දෙණිය වගෙවත් නෙවේනේ………. එයාලට බෑ මාව හඳුනගන්න……..අනේ තාත්තා………මොකක් හරි කරලා දෙන්න…….. please
💚 බැහැ වන්දු……… මට ඒක කරන්න බෑ…….මං ඔයාට වෙන දිහාකට transfer එක හදලා දෙන්නමි…………….
💜️ අනේහ්…. එහෙම කරන්න එපා…….. එහෙම කරන්න එපා අප්පච්චි………… මේ අහන්නකෝ……. නිරපරාදෙ මැරෙන්න වුන අත්තම්මටයි අම්මටයි අක්කටයි අයිතියක් නැද්ද බලාපොරොත්තු වෙන්න මං ඒ කියන්නේ එයාලගේ චූටි……. එයාලා මරපු උන් නීතිය ඉස්සරහට අරගෙන එයි කියලා……. මට උදව් කරන්න අප්පච්චි
💚 චූටි දූ………. මට බෑ…. මට බෑ ඒක කරන්න අම්මා දැනගත්තොත් මාව මරලා දායි………….
💜️ අප්පච්චි මාමා උදව්කරයි….. අපි එයාට කතා කරමුද………
💚 ම්හු…….. ඒක කරන්න බෑ……… හොඳයි ටිකක් ඉන්නකෝ……….
එහෙම කියලා අසංක ඇමතුමක් ගත්තා…………
💚 හෙලෝ නිලංක මං අසංක………
………………………………..
💚 ඔව් බං….. ගිය සතියේ තමා ආවෙ….
💚 නෑ… නෑ…… බං එහෙමත් අමතක වෙනවද
💚 මේ පොඩි උදව්වක් මගේ යාලුවෙක්ගෙ දුවෙක් ඉන්නවා……… doctor කෙනෙක්…….. නුවරට තමා පත්වීම ලැබිලා තියෙන්නේ……….. ඉන්න තැනක් හොයනවා……….
💚 බැරිවෙයිද නෙළුම්දෙණිය වලව්වෙන් ඇනෙක්ස් එකක් ගන්න…….. මං දැක්කා එහෙ ඇනෙක්ස් වගයක් තියෙනවා කියලා…….
💚 ඔව් ඔව් මං මොකද නොදන්නේ……… සම්මානි හේවාවිතාරණ කියන්නේ මහ වේ&&%%%%%% ක් කියලා මං දන්නවා…….. ඒත් මේ කෙල්ල නම් ඒකිට නම්ම ගන්න බෑ………… ඉගෙන ගත්ත දරුවෙක්නේ………….
💚 හොදයි මට බලලා කතා කරපන්………
ඇමතුම විසන්ධි කරලා අසංක ඇය දිහා බැලුවා
💚 චූටි………………. මට පොරොන්දු වෙන්න එයාලට ඔයා ගැන සැකයක් ඇති වුනොත් ඔයා එහෙන් එන්න ඕනි…… තේරුනා නේද……… හැම තිස්සෙම මට කතා කරන්න ඕනි……….. හරිද………….
💜️ Thank u අප්පච්චි…………………
සතුටින් ගේ දෙසට දිව යන වන්දනා දෙස අසංක බලා සිටියේ නම් බැරෑරුම් මුහුනක් මවා ගනිමින්…………
෴ මතු සබැඳීයි෴
෴ ත්‍රිලක්ෂණා වෛශාලි