ලංකාවෙන් අද කොරෝනා ආසාදිත බව කියන ත චීන ජාතික කාන්තාව ලංකාවට පැමිණ ඇත්තේ දවස් 10කට කලින් කියලා වාර්තා වනවා. ඇය රෝහලට ඇතුල් වී ඇත්තේ පසුගිය 24 වෙනිදා දිනයි. එහෙත් කොරෝනා ආසාදිත බවට වර්තාව ලැබෙන්නෙ අද දිනයේයි.

දෙසැම්බර් 30 ඉදන් ජනවාරි 22 දක්වා වුහාන් කියන නගරය තියෙන හුබෙයි කියන ප්‍රාන්තයේ ඉදන් 50000කට ආසන්න ප්‍රමාණයක් ලෝකය වටේ වෙනත් රටවලට සංචාරය කර තිබෙනවා. එම සංචාරකයන් තමන් කොරෝනා ආසාදිතද නැද්ද වග තවම හදුනාගෙන නැහැ.

කොරෝනා වෛරසය ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වීමට පටන් ගෙන දවස් 12-14ක් වගෙ යනකන් එළියට රෝග ලක්ශණ පෙන්නන්නෙ නෑ.. එමනිසා 50000න් 0.1%කට, ඒ කියන්නෙ 50ක් ඔය කොරෝනා වෛරසය අරන් වෙන රටවලට පැතිරීමේ ඉඩකඩක් ඇති වෙනවා. එම සංචාරකයන් ඒ රටවලට ඇතුල් වෙනකොට අවුලක් නැතිව රට ඇතුළට යනවා. නිදහසේ සංචාරය කරනවා. දවස් කිහිපයට පස්සෙ උණ ආවොත් දැන් කොරෝනා අවදානමත් එක්ක පරීක්ශාවකට යනවා එහෙම රටවල් වලට ඇතුල් වුන කොරෝනා ආසාදිතයො ලොව පුරා සිටිය හැකි බවටයි සමාජ ජාලා මත පල කරන්නේ.

Advertisment