Episode 07

යකෝ මේ ගෙදර මිනිස්සුන්ට මොනා වෙලාද? මොකද මේ හැමෝටම වෙලා තියෙන්නේ? මගේ ඔලුවෙ තියෙන සැකය නිසාමද මන්දා මට හැමදේම පේන්නේ වැරදියට.

ආ….පුතා නැගිට්ටද..ඉන්න මං කිරි එක ගේන්නම්.අම්මා එහෙම කියල කුස්සියට ගියා.

දුව බලන්න පොඩි දෙන්න නැගිටලද කියල. තාත්ත එහෙම කිව්වෙ අයියගෙ නෝනට. මෙතනින් ගැලවිල යන්න හේතුවක් හොය හොය හිටිය වගේ එයා ඉක්මනට නැගිටල කාමරේට ගියා.

මට කියනවද මොකද මෙතන වෙන්නෙ කියල. මම ආයෙත් ඇහුව.

කට්ටියම එකතු වෙලා මාව අඳුරෙ තියනව වගේ කියල මට හිතුනෙ එයාලගෙ හැසිරීමෙන්.

එහෙම මුකුත් නෑ මල්ලා.. අයිය කිව්ව.

තාත්ත නම් මුකුත්ම කිව්වෙ නෑ.. මට කියන්න උත්තරයක් හිතනව වගේ වෙන්නැති කියල මට හිතෙනව. මෙයාල මෙච්චර කලබල වෙන්නත් ඒ ගැන මට නොකිය ඉන්නත් මොකද්ද තියෙන විශේශත්වෙ. මේ ප්‍රවෘත්තිය ගැන හොයාගන්න ඕනෙ.

මම හිතුව. කාටවත් තව මුකුත් කියන්නෙ නැතුව එහෙම්ම කාමරේට ඇවිල්ල ලෑස්ති වෙලා ගෙයින් එලියට බැස්සෙ කාටවත් යන්නම් වත් කියන්නෙ නැතුව.

පුතා කාල යන්න. තාත්ත කියනව ඇහුනත් මම නෙවෙයි නතර උනේ.

ගෙදරින් පිට වෙලා මම කෙලින්ම ආවේ රවින්ගේ ගෙදරට. මම යනකොට ඒකා හොඳටම නිදි.

මම ගිහින් ඌ ට කතා කරා. ඒ රවීන් නැගිටපන්. මොන මේකා නැගිට්ටවන්න හදනවට වඩා හොඳයි මම බෙල්ලේ ගලක් බැඳගෙන මුහුදට හරි ගඟකට හරි පනිනවා.

මොකාද උදේ පාන්දර? රවින් ඇහුවේ නිදිමතේම ඇස් ඇරලා. ආ… උඹද? ඇයි බං උඹට නින්ද යන්නේ නැද්ද? යකෝ සෙනසුරාදා වත් ටිකක් නිදාගන්න දීහංකෝ.

අනේ මේ මගේ ඔලුව ගිනි අරං ඉන්න අස්සෙ උබ නිදියන්න හදන්නෙ නැගිටපං නැගිටපං

මොකද ඒ ගමන.. හා.. හා.. පුරා කියල උඹේ හද යහනට වැඩම කරපු කෙල්ල හොරු අරන් ගිහින්ද? නැත්තම් පැනලා ගිහින්ද? අනේ කමක් නැහැ බන්. මුහුදේ ඉන්නේ එක මාලුවද? ඔන්න ඔහේ අපි තව එකෙක් අල්ලගමු. රවින් කිව්වේ බෙඩ්ෂිට් එක අරගෙන ඔලුවේ ඉඳන්ම පොරවාගෙන.

මේකා මේ මොනවද කියන බහුභූත.

මම ඒක ඇදලා අරගෙන පුටුව උඩට විසි කරලා දැම්ම.ගෝතයෝ නැගිටපන්කෝ. මම මේ කෙල්ලෙක් ගැන කතා කරන්න නෙවෙයි උදේ පාන්දර මෙහෙ ආවේ.

හපෝ උඹ නම් මහා පාප මිත්‍රයෙක් බන්.

ඒකට කමක් නැහැ නැගිටපන්.

හ්ම් හ්ම්. දැන් මොකද්ද ප්‍රශ්නේ කුකුළා අතින් අරගෙන ඇවිත් මගේ මහානර්ඝ නින්ද කඩන්න තරම්.

මහානර්ඝ? රෙද්ද තමයි.

මම හිතෙන බැන බැන මුළු විස්තරේම කිව්වා.

ඉතිං බං ඒක සාමාන්‍ය දෙයක්නෙ. උඹේ හිතේ සැකේ හින්ද තමයි හැමදේම ඔහොම වැරදියට පේනව ඇත්තෙ. විස්තරේ කිව්වම රවීන් කිව්වෙ එහෙම.

මන්ද බං උඹට තේරෙන්නෙ නෑ. ඔය මිනිස්සු කවදාවත් ඔය විදියට හැසිරිලා නෑ. වෙනකක් තියා හින්දි ටෙලි නාට්ටියක් හරි ෆිල්ම් එකක් හරි මිසක් වෙන මොන මගුලක් වත් බලන්නෙ නැති අපේ නෑනඩිත් අද ටීවී එක කන්න වගේ බලන් හිටිය. ඒක හරිම ඇබ්නෝමල්.

හරි උඹට ඔච්චරටම සැක නම් අපි ඔය නිව්ස් එක ගැන හොයමු. එච්චරටම සැක නං. යූටියුබ් දාල ඇති සමහරවිට. නැත්තම් නෙට් එකේ බලපංකෝ කම්පියුටරේ ඔන් කරපං මං එන්නම් අම්මට කන්න මොනාහරි හදන්න කියල. තෝ බූරුව වගෙ උදේ පාන්දර කඩා පාත් උනා.

කන්න නෙවේ. මට හොඳ කිරි එකක් අරන් වරෙන්. උදේ තේ එකවත් බොන්නේ නැතුව මම ආවේ. මම කිව්වේ ඇත්තටම පට්ට බඩගින්නක හිටපු හින්ද.

මට සැකයි උඹේ ගෙදර මම ඇවිල්ලද නැත්තම් මගේ ගෙදරට උඹ ඇවිල්ලද කියල. රවින් කාමරෙන් එලියට ගියේ මට බැන බැන.

මචං උඹට මේ නම හුරැයි හුරැයි වගේ නැද්ද. අපි දෙන්න අන්තර්ජාලයේ තිබුනු විස්තර හොයල බලද්දි රවින් අැහුව.

මොන? නෑ.. බං .. මට මතක න ෑ. මම කිව්වේ මට එහෙම නමක් හාංකවීයිසයක් වත් මතක නැති හින්ද. මචං හොඳට මතක් කරලා බලපං අඳුනන කෙනෙක්ගේ සර් නේම් එක නෙවේද කියල.

කාගේද? කියන මගුලක් තේරෙන්න කියහන්කෝ.

ඩියාශි…දෙවන්ගනා…අතුරලිය… රවින් කිව්වේ නවත්ත නවත්ත මට ඒත්තු ගන්නන්න වගේ. ඒක අහඹු සිදුවීමක්ද නැත්තම් මොකද්ද කියල මට නම් තේරෙන්නේ නැහැ. එයාගේ අම්මත් ප්‍රංශ ජාතිකයෙක් කිව්වා නේද? රවින් කිව්වම තමයි මට හිතුනේ ඒකත් ඇත්ත කියල.

මචන් මේ රොඩ්රික් අතුරලිය කියන කෙනා මෙච්චර ප්‍රසිද්ද නම් එයාගේ විස්තර පින්තුර එහෙම ඉන්ටනෙට් එකේ ඇතිනේ.

ඔව් ඇති ඇති. බලමු.

නමුත් අපි දැනටමත් දන්නා කියන විස්තරේට වඩා වැඩි දෙයක් අපිට හොයාගන්න පුළුවන් උනේ නැහැ. රොඩ්රික් අතුරලිය කියන කෙනා තමන්ගේ අනන්‍යතාව එළිදරව් කරන්න එච්චර කැමති කෙනෙක් නෙවෙයිද කොහෙද. කොහොම උනත් කලාගාරයේ පින්තුර නම් ඕන තරම් තිබුන.

මේ තැන මම දැකල තියෙනවා. මගේ හිත කියන්න ගත්ත.

චිත්‍ර හැමතැනම එල්ලලා තියෙන විශාල ශාලාවක්. සුදුපාට බිත්ති. පුංචි ළමයි දෙන්නෙක්. පිරිමි ළමයට අවුරුදු 6ක් විතර. ගෑනු ළමය ඊටත් වඩා පොඩියි.

කුෂ් අයියේ. ඔහොම ඉන්න. ඔයා තරම් හයියෙන් මත දුවන්න බා අනේ. ගෑනු ළමය බැරි බැරි ගාතේ වචන කියා කියා පිරිමි ළමයාගේ පස්සෙන් එනවා. එයාටත් වඩා උස ටෙඩි බෙයා කෙනෙකුත් අතේ තියාගෙන විටෙක ඒක බිම දිගේ අදිමින් ගෑනු ළමයා උත්සහ කරන්නේ පිරිමි ළමය ගාවට ඇවිදගෙන යන්න. පිරිමි ළමය ගෑනු ලමයව සත පහකට වත් ගණන් ගන්නේ නැතුව ඉස්සරහටම ගියා.

සියේ. චුට්ටක් ඉන්න.

හා… මෙන්න මගේ චන්ඩි කොල්ල ඇවිල්ල. මැදි වයසක වගේ හිටපු පිරිමි කෙනෙක් පිරිමි ලමයව වඩාගත්ත.

සියේ මාත්… ගෑනු ළමය කොහොමහරි ඇවිල්ල ටෙඩි බෙයාව බිම දාල ඇගේ අත්දිගු කලේ ඇයවත් වඩාගන්න කියන්න වගේ.

හම්මේ.. දෙන්නවම එක සැරේ වඩාගන්න පුලුවන්ද සීයට?

ගෑනු ළමයා අඬන්න වගේ මුණ රතු කරගත්තා.

හපෝ මෙන්න මෙයා බබෙක් වගේ අඬනවා . චී ….. රෝස නෝටි… සීයේ මාව තියල මෙයාව ගන්න.

හා එන්නකෝ රෝස එහෙනම්. ඒ පුද්ගලයා පිරිමි ළමයව බිමින් තියල ගෑනු ලමයව වඩාගත්ත.

සීයේ .. අපි මේ කොහෙද ආවේ?

මේ තමයි පුතේ සීයාගේ වස්තුව. සීයා මුළු ජීවිතේටම හම්බ කරපු ඔක්කොම තමයි මේ.

ඒ කිව්වේ? තාත්ති කිව්වේ හම්බ කරන්නේ තල්ලි කියලා. කෝ තල්ලි? එහෙම කියන්නේ ගෑනු ළමයා.

පුතේ සල්ලි කියන්නේ එක වස්තුවක් විතරයි. අපිට කීර්තිය ගෞරවය වගේ දේවලුත් හම්බකරන්න පුලුවං.

මොකද්ද සීයෙ කීත්තිය ගාලවය කියන්නේ

හපු රෝස එ්ක දන්නෙත් නෑ.

අැයි කුෂ් දන්නවද? වැඩි මහලු පිරිමි කෙනා අහන්නෙ පුංචි පිරිමි ළමයාගෙන්.

මං දන්නෙත් නෑ. පිරිමි ළමයා කියන්නෙ බුම්මගෙන.

එ්ක තමයි දන්නෙ නැති දේවල් දන්නවා වගේ ඉන්නෙ නැතුව නංගා වගේ අහලා දැනගන්න ඔන. සීයා උත්තර උුන්නේ හිනා වෙලා. හා දැං ඔකට උත්තරේ මං කිව්වත් ඔය දෙන්නට තේරෙන්නේ නැහැ. ඔය දෙන්න තාම පොඩියි.

බලන්නකො අර පිංතුරෙ කැත.

හා හා…. එ්ව වටින සිතුවම් . කැතයි කියන්න එපා.

අැයි එ්කෙ පාට ගොඩක් ගාල තියෙන්නෙ.

හම්මේ මට නම් තේරෙන්නෙ නෑ. ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න. පිරිමි කෙනා ඉවසීමෙන් කියනව හිනා වෙලා

සීයෙ මට මේක ඔනෑ. මට අර ඔක්කොම පිංතුර ඔනෑ.

කුෂ් ලොකු උනාම සීයා මේක කුෂ්ට දෙනව. එතකොට කුෂ් මේක හොඳට බලාගන්නවද?

ඕඕ.

සීයෙ මතත් ඔනේ. අයි…. එයාත විතලක් පුංචි කෙල්ල කියන්නෙ වචන අහුල අහුල.

මේ රණ්ඩුව නම් කවද ඉවර වෙයිද මන්ද.

සමීර …. සමීර…. උඹ හොඳින්ද?

අාහ් …. ඔව් බං මොන ලෝකෙද බං හිටියෙ. මං දැං කීයෙ ඉඳන්ද උඹට කතා කරන්නෙ. උඹ අර පිංතුරයක් දිහා බලං භාවනා කරනවද.

නෑ බං මුකුත් නෑ.

මේ බලපං මට හම්බවෙච්ච පිංතුරෙ

කෝ.. මේ තියෙන්නෙ .මෙන්න මේක.

රවීන් පිංතුරෙ තව ටිකක් විශාල කරල තියෙ මතට ගත්ත.

එය කාගෙහරි පවුලේ ජායාරෑපයක් රොඩ්රික් අතුරලිය පවුල. ජායාරෑපය නම් කරල තිබුනෙ එහෙම. රොඩ්රික් අතුරලිය මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියානි අතුරලිය මහත්මිය. දකුණු පසින් වැඩි මහල් පුත්ශ්‍රීනාත් අතුරලිය මහතා සහ ඔහුගේ බිරිඳ සේයා අතුරලිය. වම් පසින් බාල පුත් සේනක අතුරලිය සහ ඔහුගේ බිරිඳ ෆාන්සස් ඩිබෝරා අතුරලිය මහත්මිය.

ෆාන්සස් ඩිබෝරා අතුරලිය. දෙවියනේ එ් කියන්නේ දෙව්ගෙ අම්මා. දෙවියනේ මට නිතරම හීන වලින් සැරින් සැරේ පේන්නෙ මේ පිරිමි කෙනාව නේද? එ්ත් මට හැබැහින් කවදාවත් තාම දෙව්ගෙ අම්මව දැකල තිබුනෙ නැහැ.

එතකොට කෝ මේ පිංතරෙ අර ළමයි දෙන්න.

මොන ළමයි ද? රවීන් අැහුවෙ මොනවත් හිතාගන්න බැරැව මම උගේ දිහා බැලුව.

මචං… මට නිතර නිතර මතක් වෙන්නෙ මේ මනුස්සයගෙ මුණ. මම කිව්වෙ පරිගත්ක තිරයට අත දික් කරල.