16_වන_ කොටස❄️💦
බොඳ වුන දෑස් විවර කර බැලූ භූමිට පෙනුනේ තමා ඉදිරිපිට සිටගෙන සිටින ඇයවයි………… ඊයේ තම දෑස් පියවන මොහොතේ තමා ඉදිරිපිට සිටි ඒ සොඳුරු රුව තමා ඉදිරිපිටය…….
” ඊ……ඊයේ…… ඔයා නේද….. මං බේරගත්තේ……
භුමි නැගිටින්නට උත්සහ කරමින් කීවේ දැලක් බැන්දාක් මෙන් තිබෙන දෑස් පිසදමමින්……..
” Sorry Mr භූමි………. ඒ මං නම් නෙවේ…. මං මේ hospital එකේ nurse කෙනෙක්…..
හොඳටම දෑස් පිස ඇය දෙස විමසිල්ලෙන් බැලූ ඔහු “Sorry” යැයි පැවසුවේ ඇය දෙස තවත් හොදින් බලමින්……
” ආ ඒකට මොකද Mr භූමි……….. දැන් ඔයාට කොහොමද දැනෙන්නේ….. ආ…. තව දෙයක්….. තව ටිකකින් පොලීසියෙන් එයි කට උත්තරයක් ගන්න….. ඔයා ටිකක් rest කරන්න…..
හෙදිය ඇඳඉහපත තබා යන්නට සැරසුනාය……
” මේ මිස්……… පොඩ්ඩක් ඉන්න…..
හෙදිය මදක් නැවතී ඔහු දෙස බැලුවේය……. ඇය තරුණ හෙදියකි….. වයස විසි හයක් පමණ වෙතැයි කිව හැකිය………
” කවුද මාව ඊයේ මෙහෙට ගෙනාවේ……
” මං නම් දන්නෑ Mr භූමි……. ටිකක් ඉන්න මං admission එක බලලා කියන්නම්…..
මද වෙලාවකින් හෙදිය නැවත පැමිණියාය……….
” Mr භූමි……. ඔයාව admit කරලා තියෙන්නේ තුහින්‍යා දෙව්සිත්මි රණසිංහ කියලා කෙනෙක්………..
” එහෙමද……. හරි….. Thank u…..
හෙදිය පිටව ගිය පසු භූමි නැවතත් ඇඳෙහි ඇලවිය…………… ඔහු යන්තම් දෑස් පියාගත්තා පමණි…… ඇගේ සොඳුරු මුහුණ ඔහුට මැවි මැවී පෙනෙන්නට විය……. අනෝරා වර්ෂාවෙන් සේදුන මුහුණ ඔහු දුටුවේ පුරා හදක් මෙනි…….
” කවුද….. එයා………………. මට හිතාගන්න බෑ කවුද කියලා……. හරියට සුරංගනාවියක් වගේ……. ඔව් ඒ වගේම තමයි……….. තු….හි……න්‍යා දෙ…..ව්……සි……ත්……මි ර……ණසිං…හ
එයා වගේම තමයි නමත්…….
සිහින සිතුවිලි අතරේ කිමිදෙමින් සිටින භූමි පියවි ලොවට පිවිසියේ මිතුරන්ගේ හඬින්……
” ඕන්න…… දේව්දාස්ට සිහිය ඇවිත්….. ඒයි නැගිටපන් ඩෝ……..
තෙනුක භූමිගේ කකුල් වලට පහර දෙමින් කෑගසයි……..
” මොකෙද්ද බං තෝ……. නෙදෙක් විතරක්…….. මීහරකෙක් තෝ නම්…
ඒ සිතිජ……….. කොහොමත් කලේ මී හරක්වත් නොකරන වැඩක් කියලා හොඳාකාරවම තේරුන නිසා භූමි නිහඩවම සිටියා……..
” අැත්තට….. ඇලා උඹට මොකද බං වුනේ……. අනික ටාෂියා ගැන උඹ අමතක කරලානේ හිටියේ…… ඉතින් උඹ කොහොමද එකපාර shock වුනේ……
රජීව් ඇසුවේ ඔහු අසලින් වාඩි වෙමින්…..
” මූ මහ අමු මී හරකෙක්……
” මී හරකෙක් නම් බැරියැ මීහරක් ගෙනාපු නැවක්…….
සියල්ලන්ගේම බැනවැදීම් භූමි අසා සිටියේ මද සිනාවක් මුහුණේ ඇඳගනිමින්…….. මේ බනින්නේ තරහට නොවන බව ඔහු හොඳින්ම දනී……..
” කවුද බං මාව මෙහෙට ගෙනාපු කෙනා……….
මිතුරන් පිරිස මුහුණෙන් මුහුණ බලාගනිද්දි භූමි ඔවුන් දෙස මාරුවෙන් මාරුවට බැලුවා…….
” ආ…… මේ ඒ රජරට විශ්විද්‍යාලයේ ඉන්න මල්ලි කෙනෙක්…….. දැන් පෙරා වල ඉන්නේ…… අපිව දන්නවා……. නම මොකද්ද බං කීවේ……ග
තෙනුක කීවේ ඔහුගේ නම සිහිකරමින්….
” දුවින්‍ය……….
” දුවින්‍ය…….????. නෑනේ….. මාව admit කරලා තියෙන්නේ ගැහැණු ළමයෙක්නේ….. මං අහන්නෙ එයා ගැන……..
තෙනුකට කට කොණකින් සිනාවක් ගියේ භූමි ඔහු දෙස බලාගෙනම ඉන්නවිට…..
” ආ…….. එයාගේ නමද admission එකට දාලා තියෙන්නේ……… එයා මේ දුවින්‍යගේ අක්කා…………
” මොකද…… දේව්දාස්ගේ හිතින් පාරෝ අයින් වෙලා චන්ද්‍රමුඛී ලඟ නැවතුනාද…..
තරුන් සරදම් කරන්නට වූයේ භූමිව තවත් අපහසුතාවයට ලක් කරමින්………
” ඒයි…..රජ්ජා……… මාව එක්ක පලයල්ලාකෝ….. මෙහෙ ඉන්න බෑ…….
” බෑ කියලා බෑ භූමිි…… උඹට තාම හොද නෑ……… තව දවසක් විතර ඉන්න වෙයි……. අනික උඹට ගහලා තියෙන්නේ black cats ලා………. උන්ට ඒ ඔත්තුව දීලා තියෙන්නේ උඹේ සදාදරණිය පෙම් රැජිණිය ටාෂියා……..
රජීව් කියද්දි භූමිගේ පුදුමය රැදි නෙත් රජීවිගේ නෙත් වල ගැටුනා…….
” මොනවා……. ටාෂියා……
” ඔව් ඔව්….. උඹේ නල්ලමලේ ටාෂියා තමා…….. ශිට්…… ඕකිට කුණු බිත්තර ගහන්න තියෙන්නේ….. අවලමී…….
කොල්ලො ටික නොසෑහෙන්න ටාෂියාට බැන්නා…….. ඒ වගේම භුමිගේ හිතේ ටාෂියා ගැන මුල් වරට වෛරී හැගීමක් ඇති වුනා……….
” හරි හරි දැන් මදැයි ඔය බැන්නා…… ම්ම්ම්ම් හරි මං බලන්නම් උඹව අරන් යන්න පුළුවන්ද කියලා….. මේ භූමි ඒක නෙවේ…… මාමා උඹව හම්බ වෙන්න ආවා……. මොකක් හරි දෙයක් තියනවා මචං එයා අපිට නොකියන………
රජීව් කිව්වේ කල්පනාකාරිව…… මේ කොල්ලොන්ගේ ගැන්සියේ මොලකාරයා ලොකු අයියා තමා රජීව………
” මාත් මෙහෙ ඇවිත් නැති කුණු ගොඩක් කරේ දාගත්තද මන්දා…… ඒවායින් වැඩක් නෑ……. මාමා කියන දේ පස්සෙ බලන්නම්………. හැබැයි ඊට කලින් වේදේශ්ට වැඩක් දෙන්න ඕනි…….
භූමි කීවේ කෝපයෙන්…… දැවෙමින්…… හිස වේදනාවෙන් රිදුම් දෙන විට ඔහුගේ වෛරය තව තවත් වැඩි වෙනවා……….
” මේ භූමි………. දැන් නවත්තපන් ඔය එකට එක කෙරිල්ල……. ඒක අමතක කරපන්….. උඹ ආයෙම රණ්ඩු වලට යන්නෑ…… තේරුනාද……..
එය රජීවගේ අණකිරීමකි…… භූමි කාට නැතත් ඔහුට අවනතය…….. නමුත් වේදේශ් හා ඇත්තේ නොසන්සිඳෙන වෛරයකි………. එය කෙසේ කිනම් මොහොතක කුමන අයුරකින් පිටවේදැයි ඔහු නොදනී…….
” මට අර මල්ලිවයි නංගිවයි හම්බවෙන්න ඕනි……….
භූමි කියද්දි තෙනුකගේ මුවින් ලොකු හිනාවක් එළියට පැන්නේ ටිකක් සද්දෙන්……
” මොකද….. මං දැන් මෙතන හිනාවෙන්න වෙන මොකක් හරි කරනවද……..
භූමි කිව්වේ තෙනුක දෙස රවා බලමින්……..
“භූමියා……… ඒ කෙල්ලව නම් ආයෙම දකින්න යන්න එපා ඈ…….
තරුන් කීවේ සිතිජ දෙස බලා ඇසක් ඉඟිමරමින්……….
” ඇයි…….???
” ඇයි කියන්නේ භූමි……… උඹ වශී වෙයි…… වාව් ඒ කෙල්ල මචං කියලා වැඩක් නෑ පට්ට ලස්සනයි….. වාත්තු කෙරුවා වගේ හැඩයි……. කොණ්ඩෙ….. ඒක මාරම ලස්සනයි බං…….. කොටින්ම ඒ කෙල්ල කවියක් වගේ….. ඒ තරම් ලස්සනයි…..
ධනු ආවේ එහෙම කියාගෙන……… හැමෝම ඔහු දෙස බැලුවේ සිනාමුසු මුහුණින්……….
” මං නම් ඒ තරම් ලස්සනක් දැක්කෙ නෑ…….
භූමි කීවේ අමූලික බොරුවකි……… ඒ රුව තමා මෙතෙක් කල් දුටු සුන්දරම ගැහැණු රුව නොවේදැයි ඔහු තම හදවතින්ම ඇසුවේය………..
” උඹට කොහේ මතක තියෙන්නද බං….. උඹ හිටියේ හොඳ සිහියෙන් නෙවේනේ……
ධනූ පැවසුවේ කෝපය මුසු ස්වරයෙන්……
” හරි මේ එහෙනම් උඹ රෙස්ට් කරපන් භූමි…… අපි හවස එන්නම්……..
මිතුරනි පිරිස නික්ම ගිය පසු භූමි දෑස් පියාගත්තේ ඇගේ රුව මවාගනිමින්…….
•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
පසු දින උදෑසන භාවනා කාර්යාලයට යන විට උදෑසන හතයි කාලට පමණය…… ඒ වන විටත් කිසිවෙකු පැමිණ සිටියේ නැත…….. ඇය එහි සිටින ආරක්ෂක නිළධාරියා ලවා කාර්යාලය විවර කරගෙන අතුගා දැමුවාය……. ඉන්පසු පරණ මල් ඉවත් කල ඇය සියළු මල් වාස් වලට අළුත් මල් පිරවූවාය……. ඒවා කාර්යාලයේ මේස මතින් තැබූ ඇය බුදු පහන අභියස ඇති පීරිසියට මල් කඩාගෙන ආවාය……. ඇය පහන පත්තු කරන විටම ජාන්වී හා දිල්රූ පැමිණියහ…….
” ආ මෙන්න මෙයා කලින්ම ඇවිත්….
දිල්රූ ඇගේ අතවූ බෑගය මේසය මත තබමින් කීවේ සිනාමුසු මුහුණින්…..
” Good Morning තුහී…….
ජාන්වී ඇය අසලට එමින් සුභපැතුවාය….
” Good morning දෙන්නටම…… ඉතින්.. මේ ඒක නෙවේ කියන්නත් දෙයක් තියනවා………
තුහින්‍යා ජාන්වීගේ අතක පැටලෙමින් කීවාය……..
” කියන දෙයක් කියපන් තුහී කන ගමන් හරිද…… මට මාර බඩගිනී…….
දිල්රූ කීවේ බෑගය ඇද කෑම පෙට්ටිය අතට ගනිමින්….. ඔවුන් තිදෙනාම ආහාර ගන්නා කාමරය වෙත ගියොය…….
” ඉතින් මොකක්ද කියන්න තියෙන්නේ තුහී…….
” ඊයෙ මාර වැඩක් වුනානේ…. මං මල්ලි එනකම් සීතාඅම්මාන් කෝවිලට ගියා…..
” ඉතින්…..
“ඉතින් එලියට එද්දි මැරයෝ වගයක් ඇවිත් කොල්ලෙක්ට හොඳටම ගහනවා…….
” නෑ……..හ්….. ඊට පස්සේ…….
දිල්රූ කන එක පැත්තකින් තබා තුහින්‍යාගේ මුව දෙසම බලා සිටියාය……
” ඔව් හොදටම ගැහුවා…. අපේ මල්ලි කෑ ගහගෙන එතනට යද්දි උන් පැනලා ගියා……. ඒ කොල්ලා ඇවිත් වැටුනේ අපි ඉස්සරහමයි….. ඉතින් මමයි මල්ලිය් ඒ කොල්ලව hospital එකට අරන් ගියා…….
” මාර වැඩේ නේ….. මොකක්ද දන්නෑ කේස් එක නේද තුහී….. ඌ අහිංසකයෙක්ද….
ජාන්වී ඇසුවාය……… ” හොඳ මැරයොත් ඉන්නවා” තුහින්‍යාට සිහි වුනේ නංගි හා මල්ලි කියූ වදන්……
” මොන අහිංසකයෙක්ද බං….. ඌත් මැරයෙක්ද කොහේද…… මහා මැර පෙනුමක් තිබුනේ…. මැර කල්ලි දෙකක් අතර ආරවුලක් වගේ……. හරියට ඒක ෆිල්ම් එකක් වගේමතක් වෙද්දි බයත් හිතෙනවා……. අපිට එයා කලිනුත් හම්බ වෙලා තියනවා….
තුහින්‍යා ඔහුගේ පලමු හමුවීම ගැනද ඔවුන් හා පැවසුවාය……
” තුහීගේ හිත නැවතිලාද මැර කොල්ලා ගාව………
තුහින්‍යා සිනාසුනේ කෑම එක දෙස බලානයි……..
” මං බැඳපු කෙනෙක් කියලා උඹලට අමතක වුනාද
තුහින්‍යා පවසද්දි ජානිවී හා දිල්රූ මුහුණෙන් මුහුණ බලාගත්තත් තුහින්‍යා ඊයේ ඔවුන්ට තම ජීවිතයේ සිදුවූ අමිහිරි සිදුවීම් කියා තිබුණි…….
” තුහී….. මේ මැරයා ගැන පැත්තකින් තියපන්කෝ……. හැබැයි උඹට තව ටික දවසකින් දික්කසාදය හම්බ වෙනවා…. අනික උඹ නරක කෙල්ලක් නෙවේ… ජීවිතය ගැන අළුතින් හිතපන් තුහී….. තාම උඹට විසි හයයි……. උඹටත් ආදරය කරන කෙනෙක් ඇති……. ජීවිතේ හැටි ඔහොම තමය් තුහී……… නොහිතන වෙලාවක ඔයාගේ ඇත්තම හිම්කාරයා එය්……….
ජාන්වී කියු වදන් සාවධානව අසා සිටියත් තම ජීවිතයට ආයෙම ආදරයක් නම් ඇය පැතුවේ නැත…….. මේ ගෙවෙන තනිකඩ ජීවිතය නිදහස්ය……. අම්මාත් අප්පච්චිත් බලාගෙන නංගිටත් මල්ලිටත් හොදින් උගන්වාගෙන සිටිය හැකි නම් ප්‍රමාණවත්ය………
” හ්ම්ම්ම්ම්මම්ම්….
ඉන් අදහස් කලේ මේ කතාව නැවැත්වීම යැයි ඉඟියෙන් තේරුම්ගත් ජාන්වී හා දිල්රූ කතාව නවත්වා දැමීය…….
” ආ ළමයි ටික උදෙන්ම කනවා නේද….
හේෂර ආවේ එසේ අසාගෙනමය……. තවමත් ආධුනික යුවතියන් මදක් ගැස්සී ගියහ…….
” ස..සර්….මේ…..
” සර් සර් නෙවේ බං මං හේෂර……
ඔහු කොහොමත් හැමෝටම මිත්‍රශීලිය…. ඒ වගේම මේ ව්‍යාපාරයන්ට ඔහුගේ කැමැත්තක් නැත……… විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර ඔහු අපේක්ෂා කරන්නේ ගුරු වෘත්තියයි…… නමුත් මවගේ අසනීප තත්වයත් පියාගෙන් සිදු වන බලපෑමත් නිසා ඔහුට ව්‍යාපාරයන් කිරීමට සිදුව ඇත………….
❤️••••මතු සම්බන්ධයි••••❤️