දුරකථනය තිබ්බ මෙහන්සා පිටත් උනේ කිලාන් ගේ නිවසට යන්න. අතරමගින් මල් පොකුරක් මිලට ගත්තු ඈ ස්වර්ණාභරණ සාප්පුවක් දුටුවේ එයටද ගොඩ උනා. ඇයට මතක් උනා වරෙක ඔහුගේ උපන් දිනය දා ඇය රෑ එලි වෙනකම් නැගිටලා ඉදල හදපු සැරසිල්ල. වදනින් නොකීවත් ඒ ආදරය බව ඈට දැන් වැටහෙනව.

දෙන්නේ මොනවද කියල හිත හිත සාප්පුව වටේම ඇවිද්ද ඇය අලංකාර බ්‍රේස්ලට් දැක්ක. එකත් ගත්ත.

අනතුරුව සේනානායක මැදුරට ගිය ඈ පිළිගත්තේ කිලාන්ගේ අම්ම.

ආනේ. මෙහන්සා, එන්න දුවේ.

කොහොමද ආන්ටි. කිලාන් ඉන්නවද?

ඔව්. අද ඉතින් ගොඩක් වැඩනේ යන්න ලැස්ති වෙනවා මගේ හිතේ.

එවිටම වගේ එතනට ආවේ නෙතුසර. දැන් ඔහුත් නව යොවුන් වියේ. කාලය යන ඉක්මන.

කොහොමද සුදු දොස්තර අක්කි? කුඩා කල සේම සුපුරුදු ලෙස මෙහන්සා වෙත ලං වෙමින් නෙතුසර ඇහුව.

මොකද නෙතුසර අලුත් කෑල්ලක්?

දැන් ඉතින් ඔයා නිකම්ම නිකම් මගේ සුදු අක්කි නෙමෙයිනේ. ලොකු දොස්තර නෝනෙක් නේ.

ඔව් ඔව් ඔයත් දැන් ලොකු ඉලන්දාරියෙක්නේ. බලන්නකෝ මටත් වඩා උසයි.

මම යනවා අක්කි. අද මට පන්ති කොහෙද දැන් ඔයාවත් නෑනේ මට උගන්නන්න. ඔහොම තමයි ඉතින් හරියනකොට.

අනේ මේ පිස්සා කියන ඒවා ගණන් ගන්න එපා දුව.

ඔව් ඔව් අම්මට මම තමයි දැන් පිස්සා අයිය හොදයි. දැන් දොස්තර කෙනෙක්නෙ. මේ අසරණ අහිංසක මම දිහා දෙවියොම බලන්න ඕනේ.

සුදු අක්කි මම යනව. අම්මි යනවා…

අයියව එක්ක යන්න ඉක්මනට එන්න. සේනානායක මහත්මිය හඬ නගා කිවත් ඒ වෙනකොටත් කොල්ල පෙන්න හිටියේ නැහැ.

මේ ළමයට නම් පුදුම දැගලිල්ල ක් තියෙන්නේ දුව බලන්නකෝ ඒ දිඟට හොයාගන්න නැහැනේ. සේනානායක මහත්මිය කිව්වේ සෙනෙහසින්.

කිලාන් කාමරේ ඇති දුව. ඔයා ගිහින් බලන්න. එයාට දැන් මම කතා කරන්න ගියොත් බැනුම් අහනවා වැඩ අස්සේ ඩිස්ටබ් කරනවා කියල.

කෙල්ලත් ඔලුව වනල පියගැට පෙළ ගාවට ගියා. මේ තමයි කෙල්ල කිලාන් ගේ කාමරයට යන පලවෙනි වතාව. මිට කලින් මේ නිවසට කොතෙකුත් පැමිණ ඇතත් ඇය මෙන්ම බිනු විතරක් නෙමෙයි මිහින් වත් මේ කාමරයට ඇවිත් තිබුනේ නැහැ. ඒ කිලාන් නිතරම ඔවුන් වලක්වක්න හින්ද. ඔවුන් මොන තරම් හොඳ මිතුරන් වුවත් ඔහු ඊට ඉඩ දීල තිබුනේ නැහැ කවදාවත්.

මු හොරෙන් අපරාධකාරයෙක් වත් ගෙනත් තියන් ඉන්නවද මන්ද අපිට කාමරේට එන්න එපා කියන්නේ. අයිය වරක් කිව්වා කෙල්ලට මතකයි.

නෑ නෑ කාමරේට නම් එන්න එපා ඒක හැඩි වෙලා පිස්සන් කොටුව වගේ.

ඔව් ඉතින් ඉන්නේ අමු පිස්සෙක්නේ ඒ නිසා ඕක අහන්නත් දෙයක් ය

අනේ පලයන්

හරි හරි අපි එන්නේ නෑ ඔයාගේ මහානර්ඝ කාමරේ බලන්න. බිනු අන්තිමේදී කිව්වා. කෙල්ල මේවා හිත හිත උඩු මහලට ගියේ.

ඇය යන දිහා මොහොතක් බලන් හිටපු සේනානායක මහත්මිය සුසුමක් හෙළුව. මවක ලෙස තමා ගත තීරණය නිවැරදි බව ඈ හිතුව.

අම්මේ මට මගුල් නම් හොයන්න ලැස්ති වෙන්න එපා. එහෙම උනොත් ස්ටඩිස් ඉවර උනාට පස්සෙත් මම එන්නේ නැහැ ලංකාවට. කිලාන් මේ කිව්වේ සේනානායක් මහත්මිය යෝජනාවක් ගෙනාපු වෙලාවක.

ඉතින් එහෙමයි කියල ඔයාට හැමදාම තනියම ඉන්න බැහැනේ.

මම දන්නේ නැහැ අම්මේ මට මෙහන්සා ගැන ඇරෙන්න වෙන කා ගැනවත් හිතන්න බැහැ මම කොහොමද තව කෙල්ලෙක්ට බලාපොරොත්තු දෙන්නේ.

පුතේ එයා ඔයාට හම්බවෙන්නේ නැත්තම්…

අනේ අම්මේ අපි ඕක ගැන කතා නොකර ඉමු. මට දුර ඉදන් එයා දිහා බලන් ඉන්න ඕනේ. මගේ ජිවිතේ එයාට තියෙන තැන කාටවත් ගන්න බැහැ. ඔයාගේ පුතා ඩොක්ට කෙනෙක් උනේ එයා නිසා කියල අමතක කරන්නෙපා.

මම ඒක අමතක කරන්නේ නැහැ. වෙන කාටත් වඩා මෙහන්සා මගේ ලේලි වෙනවනම් මම කැමතියි. ඒත් ඉතින් එයා වෙන කෙනෙක්ගේ නම්..

එකට කමක් නැහැ. මම දන්නේ නැහැ ඉස්සරහට මගේ හිත වෙනස් වෙයිද කියල. එත් කාටවත් එයාගේ තැන ගන්න බැහැ . කිලාන් කිව්වේ ස්ථිර හඬකින්.

මේවා හිත හිත හිටපු සේනානායක මහත්මිය මවක ලෙස තමන් ගත තීරණය නිවැරදි බව හිතුව. අද නැතත් මෙහන්සා කවදම හරි තම පුතු ඇයට කොපමණ ආදරය කරන්නේද කියල දැනගන්න ඕනේ.

දොර ලග හිටගත්තු මෙහන්සා සෙමෙන් තට්ටු කළා. පිළිතුරක් නැහැ. ආයේ බැලුව. ඒත් නැහැ. අනතුරුව ඈ දොර ටිකක් තල්ලු කළා. අගුලු දාල තිබුනේ නැති හින්ද ඇරුන. බිමට යොමු කරගත් නෙත් වලින් කාමරය තුලට පිවිසි මෙහන්සා ඔලුව උස්සල බැලුව.

එවිටම ඇගේ දෙනෙතට හසු වුනු දේ දැක්කම කෙල්ලට ඇස් අදහගන්නත් බැරි උනා. ඒ දැනුනු හැඟීම වචනයෙන් විස්තර කරන්න ඇය ඇත්තටම දැනගෙන හිටියේ නැහැ.

දොරට මුහුණ ලා තිබුණු බිත්තියේ වුයේ ඇගේ විශාල කරන ලද චායාරුපයක්. සිතට දැනුනු කම්පනය දරාගන්නට මෙන් දොර වහපු කෙල්ල දොරට පිට දීල හිටගත්තා. අනතුරුව මුළු කාමරේ පුරාම බැලුව. කාමරේ බිත්ති පුරාම තිබුනේ ඇගේ චායාරුප. කන්නාඩි මේසය අසල පොත් මේසය මත පමණක් නෙවෙයි පරිගණක තිරය මත ද වුයේ ඇගේ චායාරුපයක්.

ඇඳ මත විවර කර තිබු සුට්කේසයක් තිබුණු අතර පසෙකින් පොත් කිහිපයක් තිබුන. රාමු කරන ලද චායාරුපයක් ඇඳ මත ද තිබුන. ඔහු මේවා ගත්තේ කවදා කෙදින ද යන්න පිලිබඳ ඇයට අවබෝධයක් නොවිණි.

සිහි එලවා ගන්නට මෙන් මොහොතක් හිටපු කෙල්ල හෙමින් ඇඳ මතින් ඉඳගත්ත. යාබද නානකාමරයේ වතුර වැටෙන හඬින් ඔහු ඇත්තේ නානකාමරයේ බව කෙල්ලට වැටහුනා.

ඇඳ මත තිබුණු පොත් ටික අතට ගත්තු කෙල්ල ඒ ටික පෙරලුවේ නිකමට. එය ත් චායාරුප ඇල්බමයක්. ඒ සියලු චායාරුප වල කොහේ හෝ ඇය හිටිය.

ඔයාව මට ලං කරගන්න පුළුවන් මේ විදියට විතරමයි මෙහන්සා. මම දන්නවා ඔයා මට අයිති නෑ කියල. මම මේ කරන්නේ මහා පිස්සු වැඩක් කියල මට තේරෙනවා. වෙලාවකට මට හිතෙනවා මට හොඳටම පිස්සු කියල. එත් මම මොකද කරන්නෙ. මම ඔයාට ගොඩක් ආදරෙයි. එක් ඇල්බමයක පිටුපස ඔහු ලියා තිබිණි.

යුවතියකගේ කාමරය බඳු පිළිවෙලක් ලස්සනක් තිබු මේ කාමරය අපිළිවෙල බව කියමින් ඔවුන්ට එන්න දීපු නැති හේතුව මෙය බව කෙල්ලට තේරුනා.

දෙවියනේ. මේ තරම් ආදරයක්. කෙල්ලට ඇඩුන.

නාල ඉවර වෙලා තුවායද ඉන වටේ දවටගෙන අත් දෙකෙන්ම ඔලුවත් පිසදමමින් කිලාන් කාමරේට ආවේ හීනෙන් වත් මෙහන්සා ඇති කියල බලාපොරොත්තුවෙන් නෙමේ. චායරුප ඇල්බමයත් උකුල උඩින් තියාගෙන අඬ අඬ හිටපු කෙල්ල දැක්කම ඔහු තිගැස්සුනා.

ඔහුගේ රහස එලි වී ඇත. ඇය කුමන තීරණයක් ගනීද. බොහොම අමාරුවෙන් දිනාගත්තු ඇගේ මිතුරු කමත් තමන්ට අහිමි වෙනු ඇතිද. ඔහු මෙවැනි දහසකුත් එකක් දේ සිතමින් ඇය දෙස බලා සිටි අතර ඇය ද හඩමින් ඔහු දෙස බලා සිටියේ කියාගත නොහැකි හැඟුමන් දහසක් හිතේ තෙරපෙද්දී.

ඇගේ දෙකොපුල් ඔස්සේ කදුළු වැල් රූරා හැලිනි.

ඇය දෙස බලාගත් වනම ඔහු ඇය වෙත සෙමෙන් ලං උනේ ඒ කදුළු ඉවසිය නොහැකි තැන. ඉකිබිදිමින් සිටි ඇය සෙමෙන් නැගිටුවාගෙන ඒ විසල් පපුතුරට තුරුළු කරගත්තේ ඉබේටම වගේ. ඒ කදුළු වල උණුසුම ඔහුට දැනිණි.

ඔහුගේ බඳ වටා දෑත් යැවූ ඈ තවත් ඒ තුරුලට නතු උනේ සංසාරගත ආදරයේ උණුසුම සොයන්නට මෙන්. සිත කැළඹී සිටි ඇයටත් ඔහුටත් වෙන සුවයක් නොවූ තරම්.

ඇයි මේ අඬන්නේ මෙහන්සා?

අනේ මට මේක දරාගන්න බැහැ . ඇයි මෙහෙම කරන්නේ?

මම ඔයාට ගොඩක් ආදරෙයි. මෙච්චරයි කියල කියන්න බැරි තරම්. ඔයාව මටම අයිති කරගන්න බැරි එකේ මේ ෆොටෝ වත් මා ලග තිබුනදෙන්.

ඇයට කල හැකි එකම දෙය වුයේ හැඩීම පමණි. ඔහුට සත්‍ය පවසන්නට තරම් ආවේගයක් ඇයට දැනිණි. තමන් උවමනාවෙන්ම ඔහු අහිමි කරගන්නට තැත් කරන බව ද ඔහු කෙරෙහි දැඩි ලෝබකමක් ද ඇයට දැනුන.

මේ ආදරය මුළු ජිවිත කාලයටම හිමි කරගන්නට හැකියාව තියෙද්දී එය අහිමි කරගන්න දගලන්නේ ඇයි කියල ඇයට හිතුන. නමුත් හැඟීම් සහ බුද්ධිය අතර තරගයෙන් හැමදාම වගේ අදත් ජයගත්තේ බුද්ධිය. තම අවාසනාවන්ත ජීවිතය ඔහුට භාරදෙන්න කෙල්ල තීරණය කලේ නැහැ.

ඇතැම් විට විදෙස්ගත වූ පසු ඔහුට ආදරය කරන්නට යුවතියක් හමු වේවි. ඒ සිතුවිල්ල උනත් ඇයට ඉහිලුම් නොදුන් නමුත් කෙල්ල සිතිවිලි පාලනය කරගත්ත.

මට ආදරේ කරන්න එපා කිලාන්.

කොල්ල දිග සුසුමක් හෙළුව. ඔයා මට මැරෙන්න කියන්න. එත් ආදරේ කරන්න එපා කියන්නෙපා.

මේක තේරුමක් නැති දෙයක්.

මම ඔයාට වදයක් වෙන්නේ නැහැ මෙහන්සා. මෙච්චර කල් හිටිය වගේ ඉස්සරහටත් ඉන්න පුළුවන් මට.

දෙවියනේ මේ සෙනෙහස නැතුව ජිවත් වෙන්නේ කොහොමද කියල කෙල්ල හිතුවේ.

අනේ මම ඔයාට ආදරෙයි කිලාන්. ඒත් මට ඒක ඔයාට කියන්න පුළුවන් කමක් නෑ . දෙනෙත් කෙවෙනි අගින් කඳුළු ගලා යද්දී ඇය හිතුව.

දිවිය පුරාවට ම ඇය මෙලෙස තුරුළු කරගෙන ඉන්නට ලැබේ නම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට ඔහු සුදානම් ය. තමාගේ ආදරය ඇයට වැටහෙනවා ඇති නමුත් ඒ වෙනුවෙන් ඇයට කල හැකි එකම දෙය අනුකම්පා කිරීම පමණක් බව ඔහු සිතුවා. මොකද ඇයත් මිහිනුත් මොන තරම් හොද පොඑම්වතුන් ද කියල ඔහු හිතාගෙන හිටපු හින්ද.

ඔවුන්ට රහසින් හදවත් දොඩමලු වෙමින් කාලය පමණක් ගත වූ නිමේශයකට පස්සේ ඇය ඔහුගෙන් මිදුන. හුස්ම නතර වෙන තුරුම ඒ උණුසුම සුවදායක වුවත් තමා මේ කරන්නේ ඔහුගෙන් ඈත් වීම වෙනුවට තවත් ලං වීම බව හිතිලා කෙල්ලට දැනුනේ වැරදිකාර හැඟීමක්.

මම ඔයාට තෑග්ගක් ගෙනාව. කෙල්ල ඊළගට කිව්වේ මල් කළඹත් බ්‍රේස්ලටය රැඳි අසුරුමත් ඔහුවෙත දිගු කරලා.

තෑගී මොකටද මෙහන්සා.

ඕක ඉතින් ඔයා හැමදාම අහනවනේ. කෙල්ල කාමරේ සිසාරා බැලුවේ ඇය දුන්න ඩ්‍රීම් කැචර් එක හොයන්න.

ඩ්‍රීම් කැචර් එක ද හොයන්නේ? කොල්ල ඇහුවම කෙල්ල බැලුවේ පුදුම වෙලා. මේ තරමට ඔහු තමන්ගේ සිතුවිලි තේරුම් ගන්නේ කොහොමද?
මට ඔයා හිතන ඒවා තේරෙනවා මෙහන්සා. ඒ තෑග්ග තියෙනවා.

හ්ම්ම්ම්.

කොල්ල හිනා වෙලා මල් කළඹ සිපගත්ත. අනිත් තෑග්ග රැඳී ඇසුරුම අරින්න හදලත් ඔහු ඒක ආපහු ඇඳ මතින් තිබ්බ.

මම මේක බලන්න ඉස්සෙල්ල ඇඳුමක් ඇඳගෙන එන්නම්. කොල්ල කිව්වේ ඇඳුම් අල්මාරිය වෙත යමින්

මෙපමණ වෙලාවක් ඔහු සිටියේ තුවාය පමණක් ගත දවටගෙන බව කෙල්ලට සිහි උනේ එවිට.

සොරි මම කියන්නෙත් නැතුව රූම් එකට ආවට. කෙල්ල කිව්වේ ලැජ්ජාවෙන්.

හ්ම්ම්. මම ඉක්මනට එන්නම්. කියපු කොල්ල ඈ දෙස බලල ආයේ නාන කාමරයට ගියා.

ඔහු එනකම් කාමර පුරා ඇවිද්ද ඈ කාමරයට පිවිසෙන දොර හැර තවත් දොරක් තියෙනවා දැකල ඒක විවර කළා. එහි වුයේ මනරම් සඳැල්ලක්. ඇයට එතන ඉඳන් මුළු වත්තම බලන්න පුළුවන් උනා. සවස් කාලය වූ හින්ද අවට වටපිටාව එතනට දිස් උනේ සුන්දරව.

මෙතන ඔහුත් සමග රැයක් ගෙවෙනතුරු ඉන්න ඇයට බොළඳ ආශාවක් දැනුන. ඉටු නොවන දේ ගැන නොහිත ඉන්න ඈ සිතට බල කළා.

මැනවින් නඩත්තු කරන ලද උයනත් මේ මැදුරේ සුවිසල් බවත් ඇය දැක්කේ දැන්. කිලාන් ගේ අත ගන්න යුවතිය වාසනාවන්තය.

ඔහු සුදානම් වෙලා ඇවිල්ල ඇය පිටිපස්සෙන් හිටගත්තා.

හරි ලස්සන බ්‍රේස්ලට් එකක්.

කෙල්ල හිනා උනා.

මේක තව ලස්සන වෙන්නේ ඔයාම මගේ අතේ බැන්දොත් විතරයි. මේ මොහොතේත් ඇය අයිති තමාට කියල බොළඳ සිතිවිල්ලක් ඔහුටත් ඇති උණු හින්ද කොල්ල කිව්වේ.

ඔලුව වනල ඊට එකග වෙච්ච කෙල්ල බ්‍රේස්ලට් එක අරගෙන ඔහුගේ අතේ බැන්ද.

තෑන්ක්ස් මෙහන්සා. මම මේක කවදාවත් ගලවන්නේ නැහැ.

ඒ උනාට ඔයාට ඕක ගලවන්න වෙනවා.

ඇයි ඒ?

මොකක් හරි ඔපරේෂන් එකක් වෙලාවට ඔයා තියටර් එකට යන්නේ ඕව දාගෙනද ඩොක්ට කිලාන්? කෙල්ල අහද්දී කොල්ලට හිනාවක් ආව.

එතකොට ඩොක්ට මෙහන්සා මම මේක සාක්කුවේ හරි දාගෙන ඉන්නවා. ඔයා ලග ඉන්නවා කියල එතකොට මට හිතෙයි.

මොන දේ ගැන කතා කලත් දෙන්නම අන්තිමට වැටෙන්නේ එකම තැනකට. කෙල්ල මොහොතකට නිහඬ උනා.

ඔයාට යන්නම ඕනෙද කිලාන්? කෙල්ල ඇහුවේ ඔහු දෙස කෙලින්ම බලල.

මෙහෙ ඉන්න මට බලාපොරොත්තුවක් නෑ මෙහන්සා. කොල්ල කිව්වෙත් ඒ නිල දෑස දෙසම බලාගෙන.

මගේ එකම බලාපොරොත්තුව ඔයා. ඒක ඉෂ්ට වෙන්නේ නැති එකේ මට තවත් මේ ලංකාවේ ඉන්න බැහැ. ඔහුගේ ඒ දෑසේ කතාව ඇය කියෙව්වේ පොතක් වගේ.

යමු මට බඩු ලෑස්ති කරගන්නත් තියෙනවා. කොල්ල එහෙම කියල ආපහු කාමරේට ගියේ කෙල්ල නිහඬ හින්ද.

කෙල්ලත් ඒ පිටිපස්සේ ආව. ඔහු සුදානම් කරගත්තු දේවල් දැක්කම ඇයට දැනුනේ පුදුමයක්. ඇඳුම් දෙක තුනකුත් ඉහු තියාගෙන හිටපු චායාරුප ඇල්බම කිහිපයත් පමණි ඔහුගේ ගමන් බඩු උනේ.

ඔයා මේ ඇල්බම් ටික ද අරන් ගිහින් පාඩම් කරන්නේ?

මේවා නැතුව මට ඉන්න බැහැ මෙහන්සා. කොල්ල කිව්වේ අල්මාරියෙන් වරෙක ඇය තෑගී දුන් ඩ්‍රීම් කැචර් එක අතට අරගෙන.

කෙල්ල තව වචනයක් වත් කිව්වේ ඇගේ සිතිවිලි ඔහුට හැඟේ යන බියෙන්.

සුදානම් වී ඔවුන් පහලට එනකොට සේනානායක මහත්මිය තේ සුදානම් කරලා තිබුන. නෙතුසරත් එතකොට ගෙදර ඇවිල්ල හිටියේ. ඊට ටික වෙලාවකට පස්සේ මිහින් සහ බිනු ත් ආව.

ඒ සිතල රාත්‍රියේ කිලාන් මව්බිමට ආයුබෝවන් කිව්වේ වසර ගණනාවකට ආපහු නොඑන්න. නමුත් කොල්ලගේ හදවත තිබුනේ නම් කෙල්ල ළඟ. කෙල්ල උත්සහ කලේ නොහඬ ඉන්න. එය සපල විනි. ඇය එකදු කඳුළු බිදුවක් වත් හෙළුවේ නැහැ. මෙතැන් සිට වසර තුනක් යන කම් ඇතැම් විට ඔහුගේ සිත වෙනස් වුයේ නම් සදහටම ඇයට ඔහු දකින්න නොලැබෙනු ඇත.

ඔයාට හොඳක් වෙනවනම් ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. සිතින් කි ඈ ඔහු අවසන්වරට හැරී බලද්දී අත වැනුව.

යන්න එපා කිලාන් කියා ඔහු වෙත දුවගෙන යන්න තරම් ඇයට හිතුන. තමා එක වරක් එසේ කළා නම් ඔහු නවතින බව ඇයට විශ්වාසයි. නමුත් කෙල්ල එහෙම කලේ නැහැ.

කෙල්ල මිහින් එක්ක ගෙදර යන්න පිටත් උනේ අනිත් සේරම ගෙවල් වලට ඇරලලා. මිහින් හොඳට ඇය දිහා බැලුවේ ආපසු එන ගමන පුරාවටම ඇය නිහඬ හින්ද. හැඬුවේ නැත ද ලේ පිරි රතු වී තිබු ඒ දෙනෙත් යුග හදවතේ දුකට හොඳම සාක්ෂිය උනා. ඇය කල කැපකිරීම සාමාන්යෙන් යුවතියක් නොකරන බව ඔහු දන්නවා. ඇයට බාධා නොකළ ඔහු නිහඬ උනේ නිවසට යනකම්ම.

නිවසේ දොරටුව අසලට ගිය ඈ හඬ අවධි කළා.

ඔයා හිතන දේවල් මම දන්නවා අයිය. මම අඬල ආයේ අසනීප වෙන්නේ නෑ . බය වෙන්නෙපා. මාව විශ්වාස කරන්න.
ඇය කිව්වේ ඔහුගේ හිතේ තිබුන බය යම් තරමකට නැති කරලා.

කිලාන් විදෙස් ගත වී වසරක් ගෙවිනි. මුල් දිනවල ඔහු අන්තර්ජාලය හරහා නිවසට ඇමතුම් ගත්තද පසුව එය මගහැරිනි. තමාට මෙහන්සා අමතක කිරීමට හැකි හොදම විදිය ඇය මගහැර සිටීම බව ඔහු සිතුවා. ඇයට ද තමන් අමතක වී යනු ඇති යයි ඔහු සිතුවේ හිතා මතාම ලංකාවට ඇමතුම් නොගෙන සිටිමින්.

නිවසට ඇමතුමක් ගත මොහොතක වුවත් වැරදිලාවත් ඇය ගැන ඔහු ඇහුවේ නැහැ. නොලැබේ නම් තවත් ඒ ගැන විමසා පලක් නැති බව කොල්ල තදින්ම හිතට වටහල දුන්න. නමුත් වෙනත් යුවතියකට ද ඉඩ නොවූ ඒ හිතේ වුයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳවම පමණයි.

ඔහු අධ්‍යන කටයුතු වලට යොමු උනේ බාහිර ලෝකය සම්පුර්ණයෙන්ම අමතක කරලා. හදවත් රෝග සැත්කම් පිලිබඳ හසල දැනුමක් ලබා ගනිමින් විදුහලේ දක්ෂතම ශිෂ්‍යයා වෙන්න ඔහුට පුළුවන් උනා. කොටින්ම සම වයසේ සිසුන්ට දේශනා පවත්වන්නට තරම් දැනුමක් ඔහු සතු වුනා. ඔහු සේවය කල රෝහලේ ද මනා පිළිගැනීමක් තිබණු කිලාන් පුහුණු වන විශේෂඥ යන අතර ප්‍රධානියා ද උනා.

බිනු පුරුදු පරිදි විදෙස්ගත රැකියාවන් වලට අයදුම්පත් යොමු කල ද මෙතෙක්ම ඇයට සැහීමකට පත් විය අන්දමේ ඇගේ ක්ෂේත්‍රයේ රැකියාවක් නොවිණි. මේ නිසා අපහසුවෙන් සිතිවිලි මැදගෙන මෙහන්සා සහ මිහින් සමග සිටීමට ඇයට සිදු වී තිබිණි.

ඇගේ සිත ඇත්තේ කොතන දැයි නොදත් ඇගේ දෙමව්පියෝ මේ දින වල ඇයට වුවාහ යෝජනා ගෙන ඒමට පටන් ගෙන තිබීමත් ඇයට විශාල මානසික වදයක් වී තිබිණි.

අනේ මට පාඩුවේ ඉන්න දෙන්නකෝ අම්මා. කෙල්ල කිව්වේ අඬ අඬ

පාඩුවේ ඉන්න කියන්නේ තව කොච්චර දවසක් ඉන්නද දුව. දැන් ඔයාට විසි පහත් වෙන්න එනව. කසාද බැඳපු නැති වයස සම්පුර්ණ වෙච්ච දුවෙක් ගෙදර ඉන්නකොට අම්මලාගේ හිතේ තියෙන බර තේරෙන්නේ නැහැ ඔයාට. බිනුගේ අම්ම කිව්වා.

ඉතින් කිලාන් ට මිහින්ට මෙහන්සට උනත් මගේ වයසමනේ. ඒගොල්ල බඳින්න තියා හිතලවත් නැහැ.

ඒ ඒගොල්ලානේ. ඔයා මැරි කරන්න ඕනේ. නැත්තන් මේක තව කල් දාන්න ගියොත් අප්පච්චිට කේන්ති යයි. අම්ම යන්න ගියේ තරහෙන් එහෙම කියල.

කෙල්ල ඇඩුව ඇස් වල කඳුළු ඉවර වෙනකම්ම. මිහින් විවාහ වෙනතුරු විවාහ නොවන්නට ඈ තීරණය කළා. ඇය ගැන කිසිදු හැඟීමක් නැත්තම් ඔහු විවාහ වෙයි. එවිට හදවතේ කොනක වත් නැති වෙනත් කිසිවෙකු සමග විවාහ වෙන්නට ඇයට ශක්තිය ලැබෙනු ඇතැයි ඇය හිතුව.

එත් ගෙදර කරදරෙන් ද ගැලවෙන්න ඕනේ. ඒකට මොකද කරන්නේ කියල හිත හිත හිටපු ඇයට ආයතනයේ මීලග ව්‍යාපෘතිය මතක් උනා. අනුරාධපුරයේ අලුත් ගොඩනැගිලි සංකීර්ණය සඳහා යාමට නියමිතව හිටපු ඉන්ජිනේරු කණ්ඩායමට ඇය මෙතෙක්ම කැමැත්ත පල කරලා තිබුනේ නැහැ මොකද මිහින් එයට සහභාගී වෙන හින්ද.

ඔහු සමීපයේ ඉන්න එකත් තමාට කොච්චර අමාරු වැඩක් ද කියල දන්නා හින්ද ඇය නිතරම උත්සහ කලේ ඔහු මග හැර ඉන්න. නමුත් මිහින් සිටීම කෙසේ වෙතත් ගෙදර දෙමාපියන්ගේ කරදරෙන් මාස ගානකට ගැලවිලා ඉන්න තමන්ට ගන්න පුළුවන් හොදම ක්‍රියා මාර්ගය ඒ ව්‍යාපෘතිය සඳහා සහභාගී වීම බව ඇය හිතුව. ගිලෙන්නට යන මිනිසාට පිදුරු ගසත් ප්‍රමාණවත්. ඒ හින්ද ඇය ආයතනයට කතා කරලා කිව්වා ඇය ඒ ව්‍යාපෘතියට සහභාගී වෙනව කියල.

මිහින් හිටියේ අනුරාධපුර ව්‍යාපෘතිය පටන් ගන්නකම්. ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් කෙරෙන පලවෙනි ව්‍යාපෘතිය ඒක. බිනු තමයි ඔහුට ගැටලුවකට තිබුනේ. ටික කාලෙකට ඉදන් කොල්ලට දැනිල තිබුන බිනු ඔහුගෙන් ඈත් වෙන බව. ඇගෙන් ඒ ගැන කෙලින්ම අහන්න තරම් කොල්ලට හිතුන. නමුත් ඔහු නිහඬ උනේ අහල වැඩක් නෑ කියල හිතිලා.

ඇය ඔහුට ආදරේ බව ද ඒ ආදරේ තරම ද ඔහු දන සිටි නමුත් එය පිළිගන්නට ඔහුට හැකියාවක් නොවිණි. ඔහු වසර ගණනකට පෙර තමාටම පොරොන්දු වූ පරිදි සොයුරිය රැක බලාගෙන සිටින්නට වූ තීරණය තවමත් ඒ සිත තුල රැඳී තිබුනේ වෙනස් කල නොහැකි ලෙස.

කිලාන් මෙහන්සාට කොච්චර ආදරේද යන වග දැනගෙන හිටියත් ඊට මැදිහත් වීමට ඔහුට නොහැකි වුනේ මෙහන්සා එකට කැමති එව්ච්ච නැති හින්ද. කිලාන්ගෙන් ඈත්ව ඉන්නට සොයුරිය ගත තීරණය නිවැරදි බව ඔහු උනත් හිතුව.

සත්‍යම කිවේ නම් කිලාන් අවිවාදයෙන්ම තම සොයුරෝය පිළිගන්න බව ඔහුට විශ්වාසයි. නමුත් සොයුරිය කියන පරිදි එය ආත්මාර්ථකාමී අදහසක් විය හැකිය. රෝගී යුවතියකට තමන්ගේ වැඩිමහල් පුතු විවාහ කරදෙන්නට ඒ දෙමව්පියන් කැමති වේද. මේ නිසා නැගණියට අගේ සිතැගි පරිදි ක්‍රියා කිරීමට ඔහු ඉඩ දුන්න.

නමුත් ඒ වෙනුවෙන් තමාට සිදු කරන්නට එවන කැප කිරීමද සුවිසල් ය. බිනු හමු නොවුනා නම් ඈ තම ජිවිතයේ වසා තිබු ආදරයේ දොරටුව විවර නොකලා නම් ඒය මෙපමණ වේදනාවක් නොවනු ඇත. පෙනෙන මානයේ නිතරම ඇය සිටින නිසා ඔහු වින්දේ නිහඬ සතුටක්. එත් හැමදාම ඒක කරන්න බැරි බව ඔහු දැනගෙන හිටිය. ඇය සියුම් ලෙස තමන්ගෙන් ඈත් වෙද්දී ඔහුට දැනුනේ මහත් වේදනාවක්.

නමුත් ඔහු සිතැගි සගවාගත්තේ ඇයට කැමැත්තක් කරන්නට ඉඩ දීල. අනුරාධපුර ව්‍යාපෘතිය සඳහා ඇය සහභාගී නොවන්නේ තමන් නිසා කියල කොල්ල දැනගෙන හිටිය. නමුත් හදිසියේම ඇය යලිත් ඊට සභාගි එවන බව කියද්දී කොල්ලට දැනුනේ පුදුමයක්. ඒ ගැන හේතු හොයා බැලූ ඔහු කෙල්ලගේ අම්මගෙන්ම ඒ විස්තරේ අහගත්තා.

බිසේකා ඉන්නවද ආන්ටි? මිහින් ඇහුවේ කෙල්ලගේ ගෙදරට ඇමතුමක් අරගෙන.

ඔව් ළමයෝ ඉන්න මම අඬගහන්නම්.

නෑ නෑ ටිකක් ඉන්න ආන්ටි. එයා අලුත් ප්‍රොජෙක්ට් එකට අනුරාධපුරේ යන්න මුලින් එන්නේ නෑ කියල තිබුනේ. ඊට පස්සේ හදිසියේම එනවා කියල කිව්වලු. ඒ මොකද බලන්න මම ගත්තේ.

පෙනේද මේ හොර කෙල්ල. බලන්න පුතා. අපි කිව්වා එයාගේ වෙඩින් එක ගැන හිතුවොත් හොදයි කියල. අපි හොද ළමයෙක්වත් බලල කතා කරලා තියෙන්නේ. මහත්තයාගේ යාලුවෙක්ගේ පුතෙක්. කොහෙද මෙයා කැමති නෑනේ. ඔය ඒකෙන් බේරෙන්න තමයි එනවා කියන්න ඇත්තේ.

හා එහෙමද ආන්ටි. මම එහෙනම් පස්සේ කතා කරන්නම්. මම කතා කරාඅ කියල කියන්නෙපා. මං ගන්නම් එයාගේ ෆෝන් එකට. එකට එකක් ගැලපෙන්නේ නැති දේවල් ගොඩක් කියල කොල්ල ෆෝන් එක තිබ්බ.

කොල්ලගේ ඔලුව ගිනි අරගෙන තිබුනේ. ඇය විවාහයකට අකමැති හේතුව ඔහු දනී. ඒත් යට හැමදාම මෙහෙම මග අරිමින් ඉන්න බැරි වෙයි. නමුත් ඔහුට ද කල හැකි කිසිවක් නැත. හිතේ නැගුනු කුලුදුල් පෙම ට වඩා ඔහුට තම නැගණියගේ ජීවිතය වටී.

එහෙයින් ඔහු අමාරුවෙන් උනත් හිත හදාගත්තේ බිනුගෙන් වෙන් වෙන්න. නමුත් හිතන තරම් ඔහුට එය පහසුවෙන් කල හැකි දෙයක් නොවිණි.

දිගු කලක් සෙවනැල්ල මෙන් ළඟ සිටි ඇය ඔහුට විටෙක මවක මෙන් ද තවත් විටෙක සොයුරිය මෙන්ම විටෙක හොද යෙහෙළියක ද උනා. සරසවියේ දී ඔවුන් මහා රෑ වෙනතුරු පාඩම් කල අවස්තා වල ඇගේ පාඩම් ද පසෙක ලා තමන් ගැන බැලූ හැටි කොල්ලට මතක් උනා.

කාල ඉන්න මිහින්. මම කවන්නද. නිතරම කියන ඈ රසට බත්ගුලි අනා තමන්ට කවපු විදිය ඔහුට මතක් උනා.

මවත් සොයුරියත් දෙදෙනාම ලග නැති විට ඇය ඔහුට ඒ දෙදෙනාම උනා. නමුත් ඒ ආදරණිය යුවතිය නොබෝ දිනකින් තමාට අහිමි වනු ඇත. ආදරය ගැන කතා බහ නොකළ ද ඇය නිතර ම ලගින් සිටි නිසා ඇය අහිමි වේ යයි ඔහුට බියක් නොවිණි.

ඒ ගැන සිතා බැලීමේදී තමන් ආත්මාර්ථකාමී ලෙස අගේ සතුට උදුරාගත් බව ඔහු හිතුව. ඇයට විවාහ වන ලෙස බල කරන්නට උනත් කොල්ලට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් කොල්ල හිතුවේ තමන් එක කරන්න ඕනේ කියල.

නැත්තම් ඇගේ ජීවිතය නිකරුනේ විනාශ වෙයි. හිතට එකගව නොවුනත් කොල්ල හිතුවේ බිනුට මේ ගැන කියන්න.

ඔහුට දෙනෙතට කඳුළු නැගුනේ එය කල නොහැකි බව හිතිලා. බිනු හොයාගෙන ගිහින් මේ සියල්ලම කියල හිත නිදහස් කරගන්නට ඔහුට හිතුන. නමුත් එය විසදුම ද? මේ සියලු ප්‍රශ්න වලට විසදුම ඇත්තේ කොහෙද? කාලය? කාලය විසින් විසදුම් ලබා දෙනු ඇත. අනුරාධපුර ගමනේදී ඇයට තමන්ගෙන් ඈත් ව ඉන්න අවශ්‍ය නම් එහෙම ඉන්න දෙන්න ඔහු හිතාගත්ත.