5 – අවසාන කොටස🔥 සුසානයේ ගිනිදැල්🔥 🌷 මට සිහි නැතිවීගෙන යද්දී දරුවව මගෙ අතින් ඇතෑරුනා. ආපහු මට සිහිය එද්දී මන් හිටියේ හොස්පිටල් එකක.නහයට දැනිච්ච බෙහෙත් ගදයි සේලයින් ගදයි 💊💊 හින්දා මන් අනුමාන කරේ මන් ඉන්නේ හොස්පිටල් එකක කියලා. ඔලුවෙන් ආවේ දරාගන්න බැරි තරම් වේදනාවක්.

යන්තන් යන්තන් මන් අමාරුවෙන් ඇස් දෙක ඇරගත්තා. මගෙ ඔලුව වටේටම බැන්ඩේජ් ඔතලා තිබ්බා.මට හිතාගන්න අමාරු වුනා මොකද වුනේ කියලා.මන් හිමීට ඇද උඩින් ඉදගත්තා.

ඉන්න බැරි තරම් වේදනා දෙන ඔලුවත් අල්ලගෙන වුනේ මොකද කියලා කල්පනා කරනකොටමයි නර්ස්කෙනෙක් මගේ ඇද ලගට ආවේ.👩‍⚕️👩‍⚕️👩‍⚕️ “ආ ඔයා නැගිට්ටද? දැන් ඔයාට කොහොමද ? ඔන්න දවස් තුනකට පස්සෙ තමයි ඔයාට සිහිය ආවේ… ඔයා ටිකක් විවේක ගන්න.හිමීට කල්පනා කරන්නකො වුනේ මොකක්ද කියලා.

. ” ඒ නර්ස් එහෙම කියලා මන් ගාවින් ගියා. දවස් තුනකට කලින් මට මොකද වුනේ ? මන් හිමීට කල්පනා කරා. ඔව් .මට මතක් වුනා.දවස් තුනකට කලින්………………… දෙයියනේ ආනන්ද මහත්තයගේ ගෙදරින් මන් එලියට ආවේ බස් හෝල්ට් එක ගාවට.

කවුරු හරි මගෙ මූනට රෙද්දක් තියලා තද කරා මාව සිහිනැතිවීගෙන යද්දී දරුවා ඇතෑරුනා ……🤱🤱🤱 “අනේ .. දෙයියනේ කෝ මගෙ දරුවා.අනේ මගෙ දරුවව දෙන්න.

අනේ කවුරුත් නැද්ද?…” පුලුවන් තරම් හයියෙන් කෑගහපු මම අතට සම්බන්ද කරලා තිබ්බ සේලයින් බොට්ල් එකත් ගලවලා දාලා ඔලුව හැරිච්චි අතේ දිව්වේ මගෙ දරුවා කොහෙද කියලා බලන්න . පිටිපස්සෙන් දුවගෙන ආපු නර්ස් කෙනෙක් මාව නවත්තන්න හැදුවා. .

” මේ මිසිස් සයුරි ඔයා මොකද මේ කරන්න හදන්නේ .කලබල වෙන්න එපා.දරුවා හොදින් ඉන්නවා එයාට කිසි ප්‍රශ්නයක් නෑ .ප්ලීස් තමන්ව පාලනය කරගන්න.බලන්න ඔයා සේලයින් බොට්ල් එකත් කඩාගෙන දුවලා තියෙන්නේ .ඔයා ඔහොම මහන්සි වෙන්න හොද නෑ….” ඒ නර්ස් එඑහෙම කියලා මාව ආපහු රූම් එකට එක්කන් ගියා. ” අනේ පින්සිද්ද වෙයි නර්ස් මගෙ දරුවා ඉක්මනට මට ගෙනත් දෙන්න .

මන් වදින්නම් 🙏🙏🙏…………… මන් ඒ නර්ස් ට අත්දෙක එකතු කරලා කිව්වා.ඒ පාර නර්ස් කිව්වා ” ඔයා දැන් හොද ළමයා වගේ විවේක ගන්න.මන් එයාලට කෝල් කරලා කියන්නම්.දරුවවත් එක්කන් එන්න කියලා..” මාව ඇදෙන් හාන්සි කරවලා ආපහු සේලයින් බොට්ල් එක අතට සම්බන්ද කරලා ඒ නර්ස් කාටද මන්දා කෝල් එකක් ගත්තා. මට දැනුනා මන් ඉනේ ප්‍රයිවට් හොස්පිටල් එකක කියලා.

කාටද ඕනි වුනේ මාව පැහැරගෙන යන්න.ඇස්දෙක පියන් කල්පනා කරනකොට රූම් එකේ දොර ඇරගෙන ආවේ විවාන් සරුයි මගෙ දුවයි. අනේ කෙල්ල මාව දැකලා අම්මා අම්මා කියලා කිව්වා.විවාන් සර් කෙල්ලව මගෙ අතට දුන්නා .මන් විවාන් සර් ඉන්න තැනම කෙල්ලට කිරි දුන්නා.

අනේ කෙල්ල කිරිබොන හැටි දැකලා මගෙ පපුව හෝස්ගාලා පත්තුවුනා.හරියට කෙල්ල දවස් ගානකින් බඩගින්නේ ඉදලා වගේ. ” මේ දවස් ටිකේ දුව හිටියේ මන් ගාව සයුරි. ඔයාට සිහිය නැති හින්දා දරුවට දුන්නේ පිටිකිරි. තව කවන්න පුලුවන් පොඩිපොඩි කෑම අපේ අම්මා මට කියලා දුන්නා .

මන් ඉතින් කැව්වා දුවට…..” .විවාන් සර් කියපු විදියට මට දුකත් හිතුණා .කිරි බොන ගමන්ම කෙල්ලට නින්ද ගිහින්. මන් කෙල්ලගෙ ඔලුව අත ගෑවා.ඒත් මට එක ප්‍රශ්නයක් තියනවා දැනගන්න.

එදා සර්ලගෙ ගෙදරින් එලියට ආවට පස්සෙව් මට මොකද වුනේ? මට ඒ කිසිදෙයක් මතක් වුනේ නෑ.මන් ඒ ගැන විවාන් සර්ගෙන් ඇහුවා. .”සයුරි ඔයා කලබල වෙන්න එපා.

ඒ හැමදෙයක්ම මන් හිමීට කියන්නම්.අපි දැන් ගෙදර යමුකෝ.ඔයාගෙ ටිකට් කපලා තියෙන්නේ …” එහෙම කියපු විවාන් සර් දරුවත් එයාගෙ අතට අරගත්තා. .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷. . ටිකට් කපාගෙන හොස්පිටල් එකෙන් එලියට ආපු මාව විවාන් සර් අතින් අල්ලගෙන දරුවවත් වඩාගෙන කාරෙකට නැග්ගා.

පැය දෙකකට පස්සේ අපි විවාන් සර්ගෙ ගෙදරට ආවා. මටයි දරුවටයි ඉන්න කාමරක් ලෑස්ති කරලා දීපු රාගිනී ලොකු බත් පිගානක් ගෙනාවා මට කවන්න. කන්න පිරියක් නැතත් රාගිනීගෙන් බේරිල්ලක් නැති හින්දා කටවල් තුනහතරක් විතර කෑවා. ඔලුවත් රිදෙනවා.හිතා ගන්න බෑ මොනවද මේ වුනේ කියලා.

ටික වෙලාවකින් විවාන් සර් කාමරේට ආවා. .”සයුරි දැන් කොහොමද ඉතින්.බය වෙන්න එපා .බෙහෙත් ටික වෙලාවට හරියට බිව්වම ඔය ඇගේඅමාරුව ,ඔලුවේ තුවාලෙ වේදනාව අඩුවෙයි.ඔයා කිසිම වෙලාවක ඇදෙන් බහින්නවත් එපා.ඔයාටයි ,දරුවටයි ඕනි දේවල් කියන්න මන් දෙන්නම්.

රාගිනී ඔයාගෙයි දරුවගෙයි වැඩ ටික කරයි.” .විවාන් සර් එහෙම කියලා මගෙ ඇදේ පැත්තකින් ඉදගත්තේ ලොකූ කතාවක් කියන්න වගේ.ඒ ඇස් දුර ඈතකටක යොමු වෙලා තියනවා වගේ මට පෙනුනා. .”දන්නවද සයුරි ඔයාට මේ හැමදේම වුනේ කවුරු හින්දද කියලා .

ඔයාට හිතා ගන්නවත් බැරිවෙයි. මේ හැම දෙයක්ම කරේ නාලකගේ අම්මයි අක්කයි. එයාලා මහ පහත් මිනිස්සු….” විවාන් සර් නාලකගේ අම්මයි අක්කයි ගැන මතක් කරනකොටයි මට ඒ දෙන්නව මතක් වුනේ.

එත්… ඒ දෙන්න මට මොනවද කරේ?? මේ දේවල් වලට ඇයි එයාලා වග කියන්න ඕනි ? මට මේ කිසිම දේක අගක් මුලක් තේරෙන්නෙ නෑ. විවාන් සර් මට විස්තරේ කියන්න පටන් ගත්තා.මාත් හොදට අහගෙන හිටියා……………………………………………………………………………………………………………………………………………….අනේ 😥😥😥😥😥😥😥😥😥😥විවාන් සර් කියපු කතාව අහලා මට අදහගන්න බැරිවුනා .

මගේ ඇස්දෙකෙන් සටසට ගාලා කදුලූ වැක්කෙරෙන්න ගත්තා .මන් කවදාවත් හිතුවේ නැහැ නාලකගේ අම්මයි අක්කයි මේවගේ පහත් වැඩක් කරයි කියලා. මටයි දරුවටයි මොන වෙනස්කමක් කරත් ඒ දෙන්නා මේ කරපු දේ අහලා මට දැනුනේ කේන්තියක් .මාව වෙව්ලුවා ඒක අහලා.මහ ජරා තිරිසන් ගෑනු දෙන්නෙක්. .

මන් විවාන් සර් කියපුවා ආයෙමත් සිහිපත්කරා.මට හිතාගන්න බෑ. .එදා නාලකගේ අක්කා මට යෝජනා කරපු අලුත් රස්සාවට මන් එකහෙලාම යන්න බෑ කියපු හින්දා මිනිස්සු දම්මලා මාව පැහැරගන්නයි එයා සැලසුම් කරලා තියෙන්නේ .මොකද එයා දන්නවා මන් ඒකට කීයටවත් කැමති නෑ කියලා.

නාලකගේ අක්කා ටවුන් එකේ තියන සම්බාහන මද්‍යස්තානයක වැඩ කරලාතියෙන්නේ.කොටින්ම කියනවනම් එයා කරලා එකඑක මිනිස්සු එක්ක බුදියලා සල්ලි හම්බකරපු එක. එයාලගෙ බොස්ට ලස්සන ලස්සන ගෑනුලමයි ගෙනත් දුන්නොත් ලක්ශ ගානක් සල්ලි හම්බෙනවලු.නාලකගේ අක්කා ඒ බොස්ට මගෙ පින්තූරයක් පෙන්නලා.

මාව ගෙනත් දුන්නොත් ඒ බොස් නාලකගේ අක්කට ලක්ශ දහයක් දෙන්න පොරොන්දු වුනාලු. එදා මාව සිහිනැති කරවලා වෑන් එකේදාගෙන යනවා විවාන් සර් දැකලා.මොකද , මන් එදා ෆෝන් එක සර්ගෙ ගෙදර අමතක කරලා ඇවිත් තියෙන්නේ. විවාන් සර් ෆෝන් එක දෙන්න මගට එනකොට තමා සිද්දිය දැකලා තියෙන්නේ .

මාව වෑන් එකට දා ගත්තු ඒ මිනිස්සු දරුවව ඒ පාර අයිනට විසික් කරලා.හොද වෙලාවට කෙල්ලව වැටිලා තණකොළ ගාලක් උඩට.විවාන් සර් ඉක්මනට ඇවිත් දරුවව අරන් .කෙල්ලට කිසිම තුවාලයක් වෙලා නෑ.දරුවත් අරන් ගෙදර ගියපු විවාන් සර් 119ට කෝල් කරලා විස්තරේ කියලා පොලීසියටත් දන්නලා.

මාව ගෙනියපු ඒ වෑන්එක මගදි බ්‍රේක්ඩව්න් වෙලා තිබ්බ හින්දා ඒකෙ හිටපු උන් බය වෙලා වැඩේ පොලීසියට මාට්ටු වෙයි කියලා.ඊට පස්සෙ සිහිය නැතුව හිටපු මාව උන් ඇළකට තල්ලු කරලා.වෑන් එක හදාගත්තු උන් හිතලා තියෙන්නේ මාව ඇළේ ගහගෙන ගිහින් කියලා .උන් තල්ලු කරපු පාරට ඇළේ බැම්මේ මගෙ ඔලුව වැදිලා මාව හිරවෙලා.ඒත් උන්ට වෑන් එක හදාගෙන වැඩිදුරක් යන්න හම්බෙලා නෑ.උන්ව පොලීසියට කොටුවෙලා

.පොලීසියෙන් තමයි මාව හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන්නේ . .🌷🌷🌷🌷සති දෙකකට පසු🌷🌷🌷🌷 .විවාන් සර්ගෙ අම්මට සාත්තු සප්පායම් කරන්න ගෙදරට ආපු මට සිද්ද වුනේ එයාලගෙ සාත්තු සප්පායම් ලබාගන්න. දැන් මගෙ තුවාලෙ හොදයි. ඒත් මන් දැන්‍ යන්නේ කොහෙද? ආපහු ඒ කාලකණ්ණි ගෙදරට මට යන්න බෑ.මන් එහෙම හිත හිතා ඉන්නකොට ආනන්ද මහත්තයයි විවාන් සරුයි කාමරේට ආවා. .

“පහුගිය කාලෙ වෙච්චි දේවල් අමතක කරන්න දරුවො දැන්. ඔයයි දරුවයි දැන් අපේ පව්ලෙම කොටසක්. ලබන සතියෙ අපි ඔයදෙන්නගෙ කසාදෙ ගන්නවා. ලොකුවට ගන්න ඔන්නෑ කිව්වෙත් අපේ පුතාමයි.දුවත් ඒකට කැමතිනේ. වෙච්චි දේවල් අමතක කරන්න දරුවෝ.

අනාගතේ ගැන විතරක් හිතන්න…..” ආනන්ද මහත්තයා කාමරෙන් ගියේ මටයි විවාන් සර්ටයි ගොඩාක් උපදෙස් දීලා. විවාන් සර් මන් ලගට ඇවිත් මගෙ අතකින් අල්ල ගත්තා. “සයුරි , මේ කසාදෙ වෙනුවෙන් මන් ඔයාට එදාට පුදුම කරවනවා.එහෙම කියපු විවාන් සර් එකපාරටම කාමරෙන් ගියා.

දවසින් දවස ගෙවිලා ගිහින් විවාන් සර්ගෙයි මගෙයි කසාදෙ දවස ආවා. අපි ගෙදරමයි පු0චි පාටියක් ගත්තේ. විවාන් සර් ඇදලා හිටියේ කලුකිට් එකක්.මන් රෝස පාට ඉන්දියන් සාරියක් .දුවට ඇන්දෙව්වේ රෝසම රෝස පාට තට්ටු ගව්මක්.කෙල්ල ගව්මට බෝනික්කෙක් වගේ ලස්සනයි .

හරිම දගමල්ලක් .දැන් මාස දහයක්නේ. . පාටියේ වැඩ හැම එකක්ම ඉවර වුනා .ඒත් විවාන් සර් දෙනවා කියපු ස්‍රප්‍රයිස් එක තාම දුන්නේ නෑනෙ. මොකක්ද ඒක කියලා හිත හිතා ඉන්නකොම මිදුලේ වාහනයක් නවත්තනවා ඇහුනා. මන් ඒ කව්ද කියලා බලන්න යනකොටම විවාන් සර් මාව නැවැත්තුවා .

” ඉන්න සයුරි .ඒආවෙ ඔයාගෙ ස්‍රප්‍රයිස් එක .. ” කියලා . විවාන් සර් එයාගෙ අත් වලින් මගෙ ඇස් වැහුවා. මට සද්දෙ ඇහුනා ඒ අමුත්තෝ සාලෙට ආවා කියලා. ටික වෙලාවකින් පස්සේ මන් ඇස් ඇරලා බලද්දී සාලෙ හිටියේ මගෙ අම්මයි තාත්තයි .මට අදහගන්න බැරිවුනා .අවුරුදු ගානකට කලින් මන් මැරිලා කියලා හිතාගන්නවා කියපු අම්මයි තාත්තයි අද මන් ගාවට ඇවිත්. මගෙ ඇස් කදුලින් තෙත් වුනා.

අවුරුදු ගානක අතීතෙ සිහිපත් වෙලා මට ඇඩුනා.😥😥😥😥😥 මන් දුවලා ගිහින් අම්මගෙයි තාත්තගෙයි දෙපාමුල වැටිලා කරපු වැරදි වලට සමාව ඉල්ලුවා. .”අඩන්න එපා දුවේ .වෙච්චි දේවල් වුනා.දැන් ඒවා අමතක කරන්න. දැන් ඔයා විවාන් පුතාගෙ නෝනා .දරුවයි තුන්දෙනා සතුටින් ජීවත් වෙන්න.අම්මගෙයි මගෙයි ආශිර්වාදෙ ඔයාලට හැමදාම ලැබෙනවා .පරන දේවල් අතීතෙටම එකතුකරලා දාන්න.

ආයේ ඒවා අවුස්සන එපා. ” තාත්තා එහෙම කිව්වේමාව පපුවට තුරුල් කරන් . අම්මයි තාත්තයි මට සමාව දීපු එකට මන්ගොඩාක් සතුටුවුනා. .🌷🌷වසර හයකට පසු🌷🌷 දැන් මමයි විවානුයි දුවයි සතුටින් ජීවත් වෙනවා.දුව දැන් ඉස්කෝලේ 1වසරේ. විවාන් මටයි දූටයි හරිම ආදරෙයි. දුවගෙ කෝලම් වලින් ජීවිතේ ම පිරිලා.අදුරු වෙලා තිබ්බ මගෙයි දුවගෙයි ජීවිතේට ආලෝකේ ගෙනාව විවාන් ට මන් ගොඩාක් ආදරේ කරා.

අපි හැමෝම ගොඩාක් සතුටින් ජීවත් වුනා. 🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥 .ආ කියන්න බැරි වුනානේ .අවුරුදු දහයකට පස්සෙ නාලකගේ අම්මයි අක්කයි නිදහස් වුනා.වෙච්චි දේවල් වැරදි වලට එයාලා පසුතැවෙනවා. එයාලා ගේ විකුනලා දාලා දුර පලාතකට ගියා. 🌹🌹🌹🌹🌹🌹සමාප්තයි🌹🌹🌹🌹🌹🌹 හිතෙන දේ කමෙන්ට් කරන් යන්න .