🔥4 කොටස🔥සුසානයේ ගිනිදැල්🔥. .❤️දෙයියනේ මගෙ කකුල් දෙක පණ නැති වුනා වගේ දැනුනා.මන් ආයෙමත් හොදට බැලුවා.මට වැරදුනේ නෑ.ඒ සෙටියේ ඉදගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි මගෙ තාත්තා .

අනේ 😥😥😫මන් තාත්තව දැක්කේ අවුරුදු හතරකට පස්සෙ.නාලකව බැදලා ආවට පස්සෙ මන් කවදාවත් අම්මවයි තාත්තවයි දැක්කේ නෑ.එයාලා කිව්වේ මන් මැරුණයි කියලා හිතාගන්නවා කියලා.මට ගෙවල්පැත්ත පලාතටවත් එන්න එපා කිව්වා. මට ලොකු අසරණකමක් දැනුනා.

අනේ තාත්තා මේඅවුරුදු හතරට ගොඩාක් වෙනස් වෙලාවගේ.වයසට වඩා වියපත් වූ බවක් ඒ මූනෙන් පෙනුනේ.මන් තවත් තාත්තා දිහා බලන් හිටියා.අනේ මට වෙනදා වගේ තාත්තා ගාවට දුවගෙන ගිහින් හුරතල් කතා කියන්න තියනවනම්..😫😫😥 . මට නොදැනීම මගේ නෙතින් කදුලු ගලාගෙන ගියා.

මට තාත්තා ලගට ගිහින් තාත්තෙ මේ ඔයගෙ මිණිපිරී කියල දුවව පෙන්නන්න හිතුනා.ඒත් බෑ තාත්තගේ දුව මැරිලා දැන් අවුරුදු හතරක් වෙනවා.එයාලා මාව සදහටම අමතක කරලා ඉවරයි. ටික වෙලාවකින් ආනන්ද මහත්තයා තාත්තා ලගට ආවා. දෙන්නම එලියට එන්නයි ලෑස්ති වුනේ.දෙයියනේ තාත්තා මාව දැක්කොත් එහෙම.

එහෙම වුනොත් මට මෙතන රස්සාවෙන් යන්න වෙයි. එතකොට මගෙ දරුවව මන් ජීවත් කරවන්නෙ කොහොමද ?බෑ බෑ තාත්තා මාව දකින්න බෑ. මන් ටක් ගාලා තාත්තයි ආනන්ද මහත්තයයි දොරෙන් එලියට කලින් දරුවව කරපින්නගෙන ගෙයි පිලිකන්න පැත්තට දිව්වා.ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කවුරුහරි මගෙ අතින් අල්ලගත්තා.මට එකපාරටම පපුව ඩග් ඩග් ගෑවා.හොදටම බයවුනා. මන් පිටිපස්ස බැලුවා.

දෙයියනේ …😱😱 විවාන් මහත්තයා. .”ස… සර් ඇයි මේ? මන් ගොත ගගහා ඇහුවේ. “සයුරි මොකද මේ බය වෙලා.වචනත් පැටලෙනවා.තමන්ගේ තාත්තව දැක්කම මෙහෙම බය වෙනවද? හරියට යකෙක් දැක්කා වගේ …” දෙයියනේ විවාන් සර් කොහොමද දන්නේ ඒ මගේ තාත්තා කියලා.

මන් ආනන්ද මහත්තයට මගෙ දෙමව්පියො ගැන කිව්වෙ නෑනෙ.මේ ගොල්ලො මන් ගැන මොනවා හිතයිද? .” මන් දන්නවා සයුරි ඔයා කල්පනා කරන්නේ මන් මේ ගැන කොහොමද කියලා නේද?මන් විතරක් නෙවෙයි.අපෙ අම්මයි තාත්තයි ත් දන්නවා මේ ගැන.ඔයා ඔයයි දරුවයි ගැන හැම ඇත්තම විස්තරයක්ම එදා අපේ තාත්තට කිව්වනේ.ඒත් දෙමව්පියෝ ගැන ඔයා කිව්වේ නෑනෙ.

දන්නවද සයුරි ඔයාගෙ තාත්තයි අපේ තාත්තයි ගොඩකාලෙක ඉදන් යාලුවෝ. ඔයාව දැක්ක දවසෙම තාත්තා ඔයාව අදුර ගත්තා.තාත්තා ඒ ගැන ඔයාට නොකිව්වේ ඔයා පත්වෙලා ඉන්න අසරණ කම හින්දමයි සයුරි. ඔයා බයවෙන්න එපා නන්ගි.අපි ඔයාගැන නරකට හිතන්නෙ නෑ. ඔයා හොද කෙනෙක් කියලා අපි දන්නවා.

දෙමව්පියන්ටත් විරුද්ධ වෙලා මේ වගේ ලොකු තීරණයක් ගත්තේ ඒ මනුස්සයට තිබ්බ ආදරේ හින්දා.අඩන්න එපා නන්ගී.ළමයටත් නින්ද ගිහින්නේ.ඔයා දැන් දරුවව ඇදෙන් ගිහින් තියලා ඉන්නකො…” .විවාන් සර් කියපු දේවල් අහගෙන ඉදලා මට මන් ගැනම ඇති වුනේ දරා ගන්න බැරි තරම් දුකක්.

මන් හොදටම ඇඩුවා😥😥. ආනන්ද මහත්තයා මන් ගැන මොනවා හිතනවා ඇත්ද?දෙමව්පියන්ගේ හිත් රිද්දපු මන් මහ නරක ගෑනියෙක් කියලා හිතනවා ඇති. .ඇස් වලින් වැටුනු කදුලු පිහදා ගත්තු මම දරුවව ඇදෙන් තියලා නෝනට කෑම හැදුවා. ඒ කෑම ටික නෝනට කවලා මන් කුස්සියට ගිහින් වතුර එකක් උනු කරා.අද උදෙන්ම නෝනව නෑව්වොත් හොදයි කියලා හිතුනා. වතුර එක ලිපේ තියලා මන් නෝනගේ කාමරේට ආවා.

ගෙදර තවත් සේවිකාවකගේ උදව්වෙන් නෝනව රෝද පුටුවේ වාඩිකරවලා කුස්සිය පැත්තේ මිදුලට එක්කන් ආවා නාවන්න. .”අනේ මේ දරුවා හරියට මහන්සි වෙනවා නේද රාගිනී මන් හින්දා…” නෝනා වැඩට හිටපු ඒ ගෑනු කෙනාට කිව්වේ මන් නෝනව නාවන අතරෙමයි. .” අනේ ඔව් ලොකු නෝනා.මේ පු0චි නෝනෙ හරිම සීදේවියි.

ලොකු නෝනව බලාගන්නේ තමන්ගේ අම්මා වගේනෙ….” ඒ රාගිනී කියන ගෑනු කෙනාත් මට හරිම ලෙන්ගතු වුනා. .නෝනව නාවලා ඉවර වෙලා ඔලුව පිහදානකොට මට දෝනිගෙ සද්දෙ ඇහුනා. කන විදපු එක තාම රිදෙනවද දන්නෙ නෑ.උදෙත් ඇඩුවා😥😥😫 “දරුවෝ ඔයා ගිහින් ලමයව බලන්නකෝ.රාගිනී මාව කාමරේට ගෙනියයි” නෝනා එහෙම කියපු හින්දා මන් කෙල්ලව බලන්න කාමරේට ගියා.

කාමරේ ලගට යද්දි මට විවාන් සර්ගෙ කටහඩ ඇහුනා කාමරෙන්. .”කෝ බලන්න චූටි මැණිකගෙ කන්දෙක.ආ…ව් ලස්සනයිනෙ මැණික .තාත්ති දුන්නු කරාඹු චෝයි නේද වස්තු? ම්ම්ම් මන් නේද මැණිකගෙ තාත්ති.කෝ බලන්න තාත්තා කියන්න වස්තූ😘😍😘…” .අනේ දෙයියනේ විවාන් සර් මොනවද මේ මගෙ කෙල්ලට කියන්නේ.

ආනන්ද මහත්තයට හරි නෝනට හරි ඇහුනොත් මට මේ රස්සාවත් නැති වෙයි.ඇයි මේ විවාන් සර් මගෙ අහින්සකීගෙ කටින් තාත්තෙ කියලා අහගන්න හදන්නේ? සර්ට පිස්සු හැදීගෙනවත් එනවද?විවාන් සර් කියන ඒවට කෙල්ලත් කට උල් කරකර මොනවද කියන්න හදනවා. මන් ඉක්මනට කාමරේට ගියා.

මාව දැකපු විවාන් සර් එකපාරටම ගැස්සුනා. .”ස … සයුරි අම්මව නාවලා ඉවරද? .”ඔව් සර්. මන් සර් දුවත් එක්ක කියපුවා අහගෙනයි.අනේ පින්සිද්ද වෙයි සර්.මන් අත් දෙක එකතු කරලා වැදලා කියන්නම්.මට මෙතන රස්සාව නැති වෙන විදියෙ වැඩ කරන්න එපා. මට මේ රස්සාව මහමෙරක් තරමට වටිනවා.

සර්… මගෙ කෙල්ලගෙ තාත්තා මැරුනා. ඇයි සර් මේදරුවගෙ කටින් තාත්තා කියලා අහගන්න හදන්නේ? කාටහරි ඇහුනොත් රටේ ලෝකෙ මිනිස්සු මට ,සර්ට මොනවා කියයිද? අනේ සර් මගෙ දරුවගෙ අනාගතෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා ” .මන් විවාන් සර්ගෙන් එහෙම ඉල්ලුවේ අත් දෙක එකතු කරලා වැදගෙනමයි. .”සයුරි මන් ගැන මොකුත් දන්නෙ නැතුව ඔහොම කියන එක වැරදියි.

පොඩ්ඩක් මන් කියන දේත් අහල ඉන්න.මගේ කතාව ඇහුවට පස්සෙ ඔයාට මාව තේරුම් ගන්න පුලුවන් වෙයි. ප්ලීස් සයුරි….” මට හිතාගන්න බැරි වුනා විවාන් සර් මොනවද මේ කියන්න හදන්නේ කියලා.ඒත් මන් විවාන් සර් කියන දේට ඇහුන්කන් දුන්නා. .” සයුරි මන් කසාද බැන්දේ මීට අවුරුදු 5කට කලින්.

එතකොට මට අවුරුදු 24යි. සොනාලියි මායි දරුවෙක් ගැන හිතන එක අවුරුදු දෙකකට විතර කල් දැම්මා.ඒත් මන් දරුවෙක් ගැන හිටියේ පුදුම ආසාවකින්. එක දවසක් සොනාලිගේ birthday එක දවසේ අපි දෙන්නා කැලණි පන්සල් ගියා. ගිහින් එද්දී කාරෙක කඩුවෙලදී ඇක්සිඩන්ට් වුනා. මට සිහිය ආවේ දවස් දෙකකට පස්සේ.මට තරම් සොනාලිට තුවාල වුනේ නෑ.ඩොක්ටර් ලා කිව්වා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට කවදාවත්ම තාත්තා කෙනෙක් වෙන්න බෑ කියලා.මේක අහලා මන් නොසෑහෙන්න ඇඩුවා සයුරි. මේ ප්‍රශ්නෙ හින්දා සොනාලි මගෙන් ඩිවෝස් වුනා.

තාත්තෙක් වෙන්න බැරිවුනත් මට දරුවො ගැන තියෙන්නේ පුදුම ආදරයක් සයුරි.ඔයාගෙ දුවව දැක්කට පස්සෙ මට දරාගන්න බැරි දරු සෙනෙහසක් දැනුනා.අර කාලකණ්ණි ඇක්සිඩන්ට් එක වුනේ නැත්නම් මන් මේ වෙනකොටත් තාත්තා කෙනෙක්.මේ ප්‍රශ්නෙ හින්දා අම්මයි තාත්තයි හරියට දුක් වුනා සයුරි.

මට පිස්සු හැදුනෙ නැති එක විතරයි වුනේ. සොනාලි මගෙන් ඩිවෝස් එක ඉල්ලපු වෙලාවෙ මන් එයාට බැහැයි කිව්වෙ නෑ.මන් හින්දා එයාගෙ ජීවිතේ කාලකණ්ණි කරගන්න ඕන්නෑ කියලා මන් එයාට ඩිවෝස් එක දුන්නා..” .විවාන් සර්ගෙ ඇස් දෙකේ කදුලූ පිරිලා.මට හරියට දුකහිතුනා විවාන් සර් ගැන. .

” සයුරි මන් ඔයාගෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. මට මුලු ජීවිත කාලෙටම ඔයාගෙ දුවගෙ තාත්තා වෙන්න ඉඩදෙන්න. මන් කියන්නෙ නෑ ඔයාට මට ආදරේ කරන්න කියලා. අපි තුන්දේනා එකපව්ලක් වගේ ජීවත්වෙමු.

දරුවෙකුට අම්මා වගේම තාත්තත් ඕනි නේද? නාලක වුනත් ඉන්න ලෝකෙක ඉදන් අපිට ආශිර්වාද කරයි.එයත් සතුටු වෙයි දුවගෙ ජීවිතේ වාසනාවන්ත වුනාට…” .අනේ මොනවද මේ විවාන් සර් කියන්නේ?මන් කොහොමද විවාන් සර්ව බදින්නේ.මට කවදාවත් බෑ නාලකට දීපු තැන තව කෙනෙක්ට දෙන්න.

දරුවා සතුටින් ඉන්නවා දකින්න මාත් කැමතියි. මගෙ කෙල්ල දැනටමත් විවාන් සර්ට ගොඩාක් ලන්වෙලා ඉන්නේ.ඒත් මන් කොහොමද මේ යෝජනාවට කැමති වෙන්නේ? ආනන්ද මහත්තයා දැනගත්තොත් මාව මේ රස්සාවෙනුත් පන්නලා දායි…” .” මන් දන්නවා සයුරි ඔයා කල්පනා කරන්නේ අපෙ අම්මයි තාත්තයි ගැන නේද? ඔයාව අදුරගත්ත මුල්දවසෙමයි තාත්තා මේ යෝජනාව හිතලා තියෙන්නේ .

අම්මයි තාත්තයි දෙන්නම කැමතියි මම ඔයාගෙ දොනිගෙ තාත්තා වෙනවට.දැන් ඔයාගෙ කැමැත්ත විතරයි ඕනි සයුරි .ප්ලීස් සයුරි කැමතියි නේද ?” .විවාන් සර් එහෙම අහද්දි මට මොකුත් හිතා ගන්න බැරිවුනා . ආනන්ද මහත්තයයි නෝනයි මාව එයාලගේ ලේලි කරගන්න කැමතියි කිව්වම මට පුදුමයක් හිතුනා.ඒත් මට බෑ මේකට කැමති වෙන්න.මන් කොහොමද දෙයියනේ නාලකට ද්‍රෝහි වෙන්න්? .”අනේ විවාන් සර් මට බෑ .මට මේකට කැමති වෙන්න බෑ.මට පුලුවන් දරුවව තනියම හදාගන්න.”

මන් එහෙම කියලා දරුවව විවාන් සර්ගෙ අතින් මගෙ අතට අරගෙන කාමරෙන් එලියට එන්න හැදුවා.කෙල්ල කට උල් කර කර විවාන් සර්ගෙ පැත්තට අත දික්කරන් මොනවද කියන්න හදනවා. “චා..තා ත් .චාච්…තාත්තා ” අනේ මගෙ කෙල්ල විවාන් සර්ට තාත්තා කිව්වා විතරයි විවාන් සර් කෙල්ලව වඩාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. “මගෙ වස්තුව මගෙ රත්තරං මට තාත්තා කිව්වා.මගෙ මැනික.මගෙ රන් කොටේ. මගෙ පන…..සයුරි තවත් කියන්නේ ඔයා මේකට කැමති නෑ කියලද? දරුවා මාව තාත්තා විදියට පිලිඅරගෙනයි තියෙන්නේ .

දරුවගෙ සතුට නේද ඔයාගෙත් සතුට ?මට කියන්න සයුරි??… “විවාන් සර් අහපු දේට මට දෙන්න උත්තර නෑ.ඔව් දරුවගේ සතුට මගෙත් සතුට.ඒත් මට මේ කසාදෙට හිත හදාගන්න අමාරුයි . .නෝනගෙ වැඩ ටික ඉවර කරලා හවස මන්ගෙදර යන්න ලැහැස්ති වුනා.දරුවත් වඩාගෙන මන් මිදුලට ආවා.

විවාන් සර් මන් ලගට ආවා. .”සයුරි මට කිව්වෙත් නෑ යනවා කියලා.රෑට කිරි ඉල්ලලා ඇඩුවොත් එහෙම නැත්නම් මන් දරුවව තියාගන්නවා අද මන්ගාව.. ” .” සර් ඒත් මේ….” .සර් මේ මේ නෙවෙයි මන් දරුවගේ තාත්තා.

තාත්තට අයිතියක් නැද්ද දරුවා ගැන. අම්මට විතරද කැක්කුම ලමයා ගැන?ආ” .විවාන් සර් දැන්මම දරුවව අයිති කරගෙන.මන් කෙල්ල ගැන දුකත් හිතුනා.මන් සර්ට යනවා කියලා ගේට් එකෙන් එලියට ආවා.

කෙල්ල තාමත් විවාන් සර් දිහා බලන් මොන මොනවදෝ කියන්න හදනවා. .ගේට් එකෙන් එලියට ඇවිත් මන් කෙල්ලත් වඩාගෙන බස් හෝල්ට් එකගාවට පයින්‍ යන්න හිතුවා. ඒත් මට වැඩි දුරක් පයින් යන්න ලැබුනේ නෑ.පිටි පස්සෙන් ආපු කලු පාට වෑන් එකක් මාව හරස් කරලා නැවැත්තුවා .

කිසිම දෙයක් හිතා ගන්න වෙලාවක් තිබ්බේ නෑ. පිටිපසෙන් ආපු කව්ද මන්දා මගෙ නහයට ලේන්සුවක් තිබ්බා.මට සිහිනැතිවීගෙන යද්දි දරුවව මගෙ අතින් අතෑරුනා.