3 කොටස🔥 🔥 සුසානයේ ගිනිදැල් 🔥 මන් ඉක්මනට ඒ ඔන්චිල්ලාව තියන පැත්තට ගියා.ඒ මනුස්සයා දුවව ඔඩොක්කුව උඩ තියාගෙන හුරතල් කර කර ඔන්චිලි පදිනවා. කෙල්ලත් කට ඇරගෙන හිනාවෙවී ඉන්නවා.
අනේ කෙල්ල හිටියේ ගොඩාක් සතුටින්. ඒත් කවුරු වුනත් මේ අදුරන්නේ නැති මනුස්සයෙක්නේ. මගෙ අඩි සද්දෙ ඇහිලද මන්දා ඒ මනුස්සයා දුවවත් අරන් එකපාරටම ඔන්චිල්ලාවෙන් නැගිට්ටා.
අවුරුදු තිහක විතර පෙනුම තියන ටිකක් විතර සුදු කෙනෙක් .ඩෙනිමයි ටීශර්ට් එකයි ඇදලා හිටියේ. .”අනේ නන්ගි සොරි.කියන්නේ නැතුව දරුවා අරන් ආවට.ඇහැරිලා හිටපු හින්දා වඩා ගත්තේ.බය වෙන්න එපා.එයා අඩන්නේ නෑ.” ඒ මනුස්සයා එහෙම කියලා දුවගෙ කම්මුලක් ඉඹලා ආයෙමත් ඔන්චිල්ලව උඩින් වාඩිවුනා.
ඒත් මට බයයි මේ මනුස්සයා කිව්වේ නෑනෙ එයා කව්ද කියලා.දරුවට අනතුරක් නොවන බවනම් මට විශ්වාසයි . .” ඒත් මට කියන්නවද ඔයා කව්ද කියලා .” මන් එහෙම ඇහුවේ ටිකක් විතර සැකෙන්. “අනේ සොරි මට කියන්න බැරිවුනානේ.මේ අපේ ගෙදර.ආනන්ද අත්තනායක කියන්නේ මගෙ අප්පච්චි.
ඔයා ගැන අප්පච්චි මට කිව්වා.බය වෙන්න එපා නන්ගි.ඔයාට මෙතන ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන් .” ඒ මනුස්සයා එහෙම කිව්වම තමයි මට මතක් වුනේ ආනන්ද මහත්තයට පුතෙකුත් ඉන්නවා කියපු එක. “සර් එහෙනම් දුවව මට දැන් දෙන්න .කිරි දෙන්න තියනවා එයාට..” මන් එහෙම කියලා කෙල්ලව අතට ගත්තා.කෙල්ල මගෙ අතට ආවේ ටිකක් විතර මූන බෙරිකරගෙන වගේ.මට දුකත් හිතුනා.
මන් කෙල්ලට කිරිදීලා ඉවර වෙලා ඇදෙන් තියලා ආනන්ද සර්ව හොයන් ගියා. සර් හිටියේ උඩ තට්ටුවේ සාලෙ. “සර් මන් එන්නද? මන් අවසර අරන් සර් ලගට ගියා. ” ආ එන්න දරුවෝ.ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? ආ මට කියන්නත් අමතක වුනා.අපේ විවාන් පුතා ආවා.මන් දැක්කා දුවගේ දරුවා එයා අතේ ඉන්නවා .
අපේ පුතා එහෙම තමා.පොඩි එවුන්ට හරිම ආදරෙයි.පව් කොල්ලගෙ ජීවීතේම හිස්.😥😥😥..” ආනන්ද සර් එහෙම කියලා ලොකු සුසුමක් හෙලුවේ ලොකු දුකකින් වගේ.
පව් විවාන් සර්ගෙ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ආනන්ද සර් විදවනවා.මට අහන්නත් හිතයි. ඒත් බෑ වගේ.සර් මට කියන එකක් නෑ.මන් වැඩට ආවේ අදනේ. “සර් මන් ආවේ ලොකු නෝනා ගැන දෙයක් අහන්න.” මන් එහෙම කිව්වා . “කියන්න දරුවෝ මොකක්ද ?” .
“මේකයි සර්… නෝනා පඩිපෙලින් වැටිලා දැන් අවුරුදු දෙකක් කිව්වනේ.ඒ අවුරුදු දෙක පුරාවටම සර්ලා කරේ english බෙහෙත්නේ.නරකද සර් සි0හල බෙහෙත් කරලා බැලුවොත් .අනුරාධපුරයේ පැත්තේ හොද සි0හල වෙදෙක් ඉන්නවා රන් බණ්ඩා වෙදමහත්තයා කියලා.
එතෙන්ට නෝනව එක්ක ගියොත් හොදකරගන්න පුලුවන් වෙයි සර්.සමහර විට නෝනට ටික කාලයක් එහෙ ඉන්න වෙයි.” මන් එහෙම කිව්වේ මේ මිනිස්සු හරිම හොද කට්ටියක් හින්දා.කොච්චර සල්ලි තිබ්බත් ඒ සල්ලි හින්දා ඔලුව ඉදිමුවා නොගත්තු මිනිස්සු හින්දා . .” නෑ දරුවෝ නෝනව සනීප කරගන්න බෑ.මේ රිපෝට් වල හැටියට නෝනට හැමදාම ඉන්න වෙන්නෙ රෝද පුටුවේ .
පව් කොච්චර හොදට දුවලා පැනලා වැඩ කරපු කෙනෙක්ද? අන්තිමට මුලු ජීවිතේම රෝද පුටුවක ගෙවන්න වුනා. .” ඇස් දෙකේ කදුලූ හිර කරන් ආනන්ද සර් කිව්වේ තමාගේ බිරිඳ ගැන උපන් ආත්මානුකම්පාවෙන්.ඔහු හොද සැමියෙක්.තමන්ගේ බිරිඳ ගේ ජීවිතය රෝද පුටුවකට සීමාවුනත් ඇයට පන වගේ ආදරේ කරා.
ආරක්ෂා කරා. අහේතුවකටද මන්දා මට නාලක මතක් වුනා .අනේ නාලක හිටියනම් අද අපි කොච්චර සතුටින්ද? මටත් නොදැනීම මගෙ ඇස් දෙකෙන් කදුලක් වැටුනා. සර් දකියි කියලා මන් ඇස්දෙක පිහදාගෙන පහලට ආවා.
කාමරේට යද්දි නෝනා ඇහැරිලා හිටියා. .”ඔය දරුවා දැන් යන්න.ගොඩාක් හවස් වෙනකන් ඉන්න එපා.පොඩි දරුවත් එක්ක යද්දි අමාරුනෙ.ඉක්මනට යන්න. ගිහින් හෙටත් එන්න.” නෝනා එහෙම කිව්වට පස්සෙ මන් දරුවගේ බෑග් එකත් අරන් දරුවත් වඩාගෙන නෝනගෙ කාමරේට ඇවිත් නෝනට දණ ගහලා වැන්දා.
“දෙවිපිහිටයි දරුවනේ .පරිස්සමින් ගිහින් එන්න” .ඊට පස්සෙ මන් ආනන්ද මහත්තයටත් කියලා ගෙදර යන්න මිදුලට බැස්සා. .”නන්ගි පොඩ්ඩක් ඔහොම ඉන්නකො. මන් ඔයාවයි දුවවයි ගිහින් ඇරලන්නම්.මාත් මේ යාලුවෙකුගේ ගෙදර යන්න කියලා හැදුවේ.එන්න නගින්න.” මට මොකුත් කියන්න දුන්නේ නෑ.විවාන් සර් ඇවිත් කාර් එකේ දොර ඇරලා මගෙ බෑග් එකත් කාරෙකට දාලා මට නගින්න කිව්වා.
කමක් නෑ මේ වෙලාවේ හිරවෙලා බස් එකේ ගියොත් කෙල්ලටත් කරදරයිනෙ.ඉතින් මන් කාරෙකට නැග්ගා. 🚗🚗🚗 .කාරෙකේ යන ගමන් විවාන් සර්ගෙ ඇස් තිබ්බෙ මගෙ දුවගෙ දිහා.මට හිතුනා විවාන් සර් දරුවන්ට ගොඩාක් ආදරේ ඇති කියලා. ❤️❤️ කාරෙකේ තිබ්බෙ පුදුම නිහැඩියාවක් .
ඒ නිහැඩියාව බිදිමින් විවාන් සර් කටහඩ අවදි කරා. “සයුරි මොනවද කල්පනා කරන්නේ.මන් දන්නවා දැන් කාරෙකේ ගිහින් ගේ ලගින් බැස්සොත් නැන්දම්මයි,නෑනයි ඒකටත් රන්ඩුවට පැටලෙයි කියලා නෙද හිතුවේ? බය වෙන්න එපා.මන් කාරෙක ගෙදෙට්ට ටිකක් මෙහායින් නවත්තන්නම්.
” .විවාන් සර් එහෙම කිව්වම මට පුදුමත් හිතුණා .මන් එවලෙ හිතපු දේ සර් කොහොමද කිව්වේ කියලා.🚗🚗 කිව්වා වගේම විවාන් සර් කාරෙක ගෙදෙට්ට ටිකක් මෙහායින් නැවැත්තුවා. .”ආ සයුරි මේක ගන්න.මගෙන් දූට පොඩි තෑග්ගක් ” එහෙම කියලා සර් මගෙ අතට රැපින් කරපු පු0චි පෙට්ටියක් දුන්නා.
මන් තෑගි එපා කිව්වා.එහෙම තෑගි ගන්න හොද නෑනේ.ආනන්ද සර් දැනගත්තොත් මන් ගැන වුනත් වැරදියට හිතයි. .” පන්ඩිතයා වෙන්නෙ නැතුව මේක ගන්න.ඕක දුන්නේ දරුවට.ඔයාට නෙවේ.” විවාන් සර් එහෙම කියලා ඒ තෑග්ග බලෙන්ම මගෙ බෑග් එකට දැම්මා. මන් සර්ට good night කියලා ගෙදරට ආවා. මන් එද්දි හවස 6ට විතර ඇති. කෙල්ලව ඇදෙන් තියලා මන් නාගෙන ගෙට ආවා.
ඒ ආවා විතරයි නාලකගේ අම්මයි අක්කයි දෙන්නා කාමරේට ආවා. වෙනදා වගේ නෙවෙයි ඒ දෙන්නගෙම මූනු අද හරි වෙනස්. නාලකගෙ අක්කා වෙනදා වගේ නෙවෙයි. අද ඇදලා ඉන්න ඇදුම් එහෙම හරි වෙනස්.ඉන ගාවට තිබ්බ කොන්ඩෙ ස්ට්‍රේට් කරලා ,ඇගටම හිර වෙන්න ඩෙනිමක් ඇදලා, කනේ අලි කරාඹු දෙකක්.
ඒ විතරක් නෙවෙයි මූනෙ තට්ටු පිටින් මේකප් කරලා . .”සයුරි දුවේ, මේ අපේ රන්දිමා කෙලීට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනිලු.” නාලකගේ අම්මා එහෙම කියද්දි මට පුදුමත් හිතුණා .
මොකද නාලක මැරුනට පස්සෙ අම්මා මට ඔහොම හොදට මේ කතා කරාමයි.හැබැයි මට ඉවෙන් වගේ හිතුණා මේ දෙන්නා ඇවිත් ඉන්නේ මේ හොදකට නෙවෙයි කියලා.නාලකගේ අම්මයි අක්කයි දෙන්නා මටයි දරුවටයි හොදක් වෙනවට කැමති නෑ. .
” ඇයි අක්කේ.” .”නන්ගි අපි දන්නවා ඔයා ඔහොම හොදට ඇදගෙන ගියාට යන්නෙ ගෙදරක වැඩකාරකමට කියලා.අනික දරුවත් අරන් ඔහොම දුර යන්න හොදද?ඒක මේ දරුවටත් මහන්සියි.
මන් කියන්නද වැඩක්.ඔයා හෙටත් ඔහොම එහෙ වැඩට යන්න දරුවත් අරන්. ගිහින් ඒ අයට කියන්න අනිද්දා ඉදන් ඔයා වැඩට එන්නෙ නෑ කියලා .ඔයා මාත් එක්ක යන් මම යන අලුත් වැඩපලට. එතන පඩිත් හොදයි.
ඔය ගෙවල් වල වගේ නෙවෙයි.අනික ඔයාට ඒ ගෙදර පඩිය ඕන්නම් පහලවක් දාසයක් හම්බෙයි.මන් යන තැන ඒ වගේ නෙවේ.මහන්සියක් නෑ.පඩිය හොදයි.
දරුවව අම්මා බලා ගනියි.අනික මේ වෙලාවේ ඔයාට ඔය ගෙවල්ගානෙ මිනිස්සුන්ගෙ වහල්කම් කරලා පුලුවන්ද කෙල්ලගේ අනාගතේ හදන්න. ඔයා මේරස්සාවට ගියොත් කෙල්ලව ඔයාට රැජිනක් වගේ තියන්න පුලුවන් .ඔයා අනිවාර්යයෙන්ම එන්න සයුරි …” . නාලකගේ අක්කා එහෙම කිව්වට මට එයාට සත පහකටවත් ශුවර් නෑ.
එකපාරටම එයාලට මායි දුවයි ගැන පහල වෙච්ච සත්ව කරුණාවට හේතුව මොකක්ද කියලා හිතාගන්න එකමට දුශ්කර වුනා. ඒත් මට හොදටම විශ්වාසයි නාලකගේ අක්කා මට කරපු මේ යෝජනාව පිටිපස්සෙ මොකක් හරි යටිකූට්ටු අරමුණක් තියනවා.මෙච්චර කාලයක් මේ දෙන්නා මටයි දරුවටයි කරපු වෙනස්කම් මතක් වෙද්දී මන් කැමති නෑ මෙයාලගේ හෙවනැල්ලවත් මගෙ කෙල්ලට වදිනවට.
ඒ යෝජනාවට මන් එකහෙලාම විරුද්ධ වුනා.ඒත් නාලකගෙ අක්කා උත්සහය අතහැරියේ නෑ.මාව එයා යන අලුත් රස්සාවට අරන් යන්නමයි හැදුවේ. .”ඒ කියන්නේ සයුරි උඹට මේ දරුවගේ අනාගතේ සැපවත් කරන්න ඕන්නෑ. ඔය හිගන ජොබ් එක කරලා පුලුවන්ද බන් උඹටයි ලමයටයි ජීවත් වෙන්න .
උඹට පින බෑ.අපි අතින් උඹටයි දරුවටයි නොසෑහෙන්න වැරදි සිද්ද වුනා තමයි දුවේ.ඒත් ආයෙ එහෙම වෙන්නෙ නෑ. අපි ඒ වැරදි හදාගෙන ඉන්නේ.උඹයි දරුවයි සැපෙන් ඉන්නවා දකින්නයි මටඕනි” .
නාලකගේ අම්මා බොරු කිඹුල් කදුලු හලන්න ගත්තා.ඒත් මන් රැවටුනේ නෑ. .”අනේ අක්කේ මට ඔය අලුත් රස්සාවල් එපා.මන් මේ කරගෙන යන රස්සාව මට හොදයි.අනික මේ ඔයාලා කියන විදියට මන් ඒ ගෙදර වලන් හෝදන්න නෙමෙයි යන්නේ. මන් යන්නේ අසනීප වෙච්ච ලෙඩෙක් බලාගන්න .
එයාලා ගෙවන පඩිය ඇති මටයි දරුවටයි ජීවත් වෙන්න.අපි දෙන්නට සිටුමාලිගා එපා.අනික මන් නාලකත් එක්ක ආවෙ ඒ වගේ මන්දිරය ක් දාලා.කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න තිබ්බොත් ඇති.ඔයාගෙ රස්සාව ඔයා පාඩුවෙ කරගන්න.මට බැහැ.මන් එන්නේ නෑ.මගෙයි දරුවගෙයි ජීවිතේට ඔයාලා ඇගිලි ගහන්න එපා.
අපිට අපේ පාඩුවෙ ඉන්න දෙන්න ” .මන් බොහොම හොදින් ,පැහැදිලිව නාලකගේ අම්මටයි අක්කටයි කිව්වා.මගෙ යටි හිත කියන්නෙම මේදෙන්නා මාව ලොකු අමාරුවක දාන්න හදන්නේ කියලා.
ඊට පස්සෙ අම්මයි අක්කයි මට තවත් බැනලා බැනලා කාමරෙන් ගියා.එලියට ගිහිනුත් දෙන්නා මොනවද මන්දා කුටුකුටු ගෑවා.මන් බිත්තියට කන් දීගෙන අහගෙන හිටියා. “අම්මා හොදට බලන් ඉන්නකෝ.
මන් හොදින් බැරි නම් නරකින් හරි මන් ඕකිව මේකට කැමති කරගන්නවා” එහෙම කියපු නාලකගේ අක්කා එතනින් ගියා.අම්මත් ඒ පස්සෙන්ම ගියා.එයා කොහෙද මාව බලෙන් මේකට කැමති කරගන්නේ.බලෙන්ම එක්කන් යන්න තරම් මොකක්ද මේ රස්සාව.මට ඒක හිතා ගන්න අපහසු වුනා. .කේතලේ ලිපේ තියපු මම වතුර උනු වුනාට පස්සෙ කෙල්ලට කිරි එකක් හදලා පෙව්වා.
පස්සෙයි මතක් වුනේ විවාන් සර් දුන්න තෑග්ග බලන්න.මන් ඒ පෙට්ටිය අතට අරන් කඩලා බැලුවා . දෙයියනේ ඒකෙ තිබ්බේ රත්තරං කරාඹු දෙකක්. මට හිතාගන්න බැරි වුනා විවාන් සර් ඇයි මගෙ කෙල්ලට මේ වගේ තෑග්ගක් දුන්නෙ කියලා.කෙල්ලග් කනට කරාඹු දෙකක් අරන් දෙන්න තරම් මට සල්ලි තිබ්බෙ නෑ.මේ මාසෙ පඩියෙන් අරන් දෙන්න මන් හිටියේ. අනේ මගෙ කෙල්ලට දෙයියන්ගෙම පිහිටයි.
🌃🌃🌝 .පහුවදා උදේම නැගිටපු මම කෙල්ලවත් ලැහැස්ති කරගෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් ඩොක්ටර් ට කියලා කෙල්ලගෙ කන විදලා කරාඹු දෙකත් දම්මගෙන ආනන්ද මහත්තයගෙ ගෙදෙට්ට ගියා.
ගෙදර මිදුලේ කලුපාට ඩිෆෙන්ඩර් එකක් නවත්තලා තිබ්බා. විවාන් සර්ගෙ යාලුවෙක් වෙන්න ඇති කියලා හිතපු මම වටෙන් ගේ ඇතුලට යන්න අඩිය තිබ්බා. ගේ ඇතුලේ සෙටියේ වාඩි වෙලා හිටපු කෙනාව මන් යන්තමින් වගේ දැක්කා.දෙයියනේ මගේ ඔලුවට අකුනක් ගැහුවා වගේ දැනුනා. දෙයියනේ මගෙ ඇගම හීතල වුනා ඒ මනුස්සයව දැකලා