🔥2 කොටස 🔥 ,සුසානයේ ගිනිදැල් 🔥 💐 මන් කෙලින්ම කුස්සියට ගිහින් මාළු කපන මන්න පිහිය අතට ගත්තා .අරගෙන කෙලින්ම ගියේ වත්ත පහල ඉන්න නාලකගේ අක්කා ගාවට.එයා මාව දැකලා හයියෙන් කෑ ගැහුවා.මට ඕනි වුනේ ඒකිට කොටන්න නෙමෙයි .බය කරන්න විතරයි .කෙටුවා නම් මට හිරේ යන්න වෙයි.
ඊට පස්සේ මගෙ කෙල්ලට මොනවා වෙයිද? “මේ..මේ ස සයුරි මොකෝ නන්ගී මේ ම ව මන්නෙත් අරන්….අ ” නාලකගේ අක්කා හොදටම බයවෙලා.දාඩියත් දාලා .මට ඕනිවුනේ මේ ගෑනිව බය කරන්න.
මන් මන්න 🔪 උලුක් කරගෙනම ” මේ අක්කේ ,තෝ එකක් දැනගනින් උඹ මීට පස්සෙ මගෙ දරුවට මොනවහරි කරලා තිබ්බොත් මන් තෝව බාවනවා . යකෝ මගෙ කෙල්ල පලි නෑ නාලක මැරුනට.උඹට හෙන ගහනවා යකෝ අර කිරිසප්පයට කියන කතා වලට.
උඹෙයි අම්මගෙයි වෙනස්කම් මන් මෙච්චර දවසක් ඉවසුවා.තවත් නම් ඉවසන්නෙ නෑ .කොටනවා උඹේ බෙල්ලටම මගෙ කෙල්ලට රිද්දලා තිබ්බොත්.මේ ආත්මෙ විතරක් නෙවෙයි තව ආත්ම ගානකට තොට අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයි අර කිරිසප්පයට කරන වෙනස්කම් වලට.
…..” මට තවත් මොකුත් කියාගන්න බැරිවුනා.නාලකගේ ලොකුඅම්මා ඇවිත් මාව අල්ල ගත්තා.ඒත් එක්කම නාලකගේ අම්මත් ආවා. නාලකගේ අම්මා මන් දිහා යකෙක් වගේ බලන් හිටියා. “මේක නවත්තන්න දෙයියනේ.අහල පහල මිනිස්සුත් බලන් ඉන්නවා .
නාලක පුතා මැරිලා සතියක්ගියේ නෑ. නැන්දම්මලා ලේලිලා නෑනලා මෙතන මරාගන්න හදනවා.” ඒ සිද්දිය වෙලා ටික දවසක් යනකන් නාලකගේ අක්කා මාත් එක්ක කතා කරේ නෑ.
අම්මා වුනත් වැඩිය කතා කරේ නෑ. දරුවයි මායි පාඩුවෙ හිටියා. නාලකගේ හත් දවසේ පින්කමත් හොදට කෙරුනා. .ඊට පස්සෙ කල්පනා කරේ ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියලා. නාලකගේ අම්මයි අක්කයි රස්සාවක් කරේ නෑ.නාලක හම්බකරන දෙයින් තමා ඒ ගොල්ලො කෑවෙ බිව්වෙ.
තව වත්තෙ තියන පොල්, කෙසෙල්,එළවළු වගේ දේවල් වලිනුත් ආදායම ලැබුවා.ඒවත් ගත්තෙ නාලකගේ අම්මා. ඉස්සරහට දරුවටයි මටයි ජීවත් වෙන්න නම් සල්ලි ඕනි.
ඒත් මන් කොහොමද රස්සාවක් කරන්නේ.දරුවට තාම මාස දෙකක්වත් නෑ.නාලකගේ අම්මා දරුවා බලාගන්නේ නෑ.එහෙම බලාගත්තා නම් මට තව ටික කාලෙකින් රස්සාවකටවත් යන්න තිබුනා.දරුවට කිරි දීලා මන් රෙදි ටිකත් හෝදලා වනන්න එලියට ගියා. .”මේ සයුරි ,දැන් හැමදෑම ඔහොම ඉන්න බෑනේ. මල්ලිත් මැරුන හින්දා දැන් කව්ද ඔයාටයි ළමයටයි වියදම් කරන්නේ.අනික අම්මටයි මටයි නම් බෑ ඔයාලාගෙ වගකීම් බාර ගන්න.දැන් මෙතන දවස් ගානක්ම පිනට කකා බිබී හිටියනේ.රස්සාවක් කරන්න.
අපේ බූරුවත් නිකන් ගෙනාවා පෝසත් පව්ලකින් ගෑනියෙක්. ” නාලකගේ අක්කා මට එහෙම කිව්වා. .” අනේ මේ අක්කේ මන් එනකොට දෑවැද්ද ගෙනාවෙ නැති එක නම් ඇත්ත තමයි .නාලක කීයටවත් කැමති වුනේ නෑ මන් දෑවැද්ද ගේනවට.අනික මෙතන නිකන් පිනට කකා බිබී ඉන්නේ මම නෙවෙයි ඔයයි අම්මයි.
තාමත් ඔයාලා ජීවත් වෙන්නේ මගෙ මිනිහා හම්බකරපු සල්ලි වලින්. දරුවව දාලා මට රස්සාවකට යන්න අමාරුයි.අනික, ඔයාට රස්සාවක් කරන්න පුලුවන් කම තියෙද්දිත් ඔයා මෙතන පිනට හිටියනේ. නාලකට හම්බුකරපු දෙයක් ඉතුරු කරගන්න බැරිවුනේ ඔයදෙන්නා හින්දා.” මගේ සද්දෙ ඇහිලා නාලකගේ අම්මත් එලියට ආවා. .”ආ මන් අහගෙන හිටියේ උඹේ කටේ සද්දේ. මේ සයුරි උඹ මේක හොදට අහගනින්.
උඹවයි දරුවයි මේ ගෙදරින් එලියට ඇදලා දාන්න කලින් උඹ කට වහගෙන් පාඩුවෙ ඉදපන්.මගෙ එකී රස්සාවට යන්න ඕනි නෑ.මේ ගෙවල් මන් ලගදීම මේකිගෙ නමට ලියනවා.අපි මෙතන සිල්ලර බඩු කඩයක් දානවා.හැබැයි එක සතයක්වත් බොට දෙන්නේ නෑ.අනික අපි මෙච්චර දවසක් ජීවත් වුනේ මගෙ පුතා හම්බකරපු සල්ලි වලින්.
ඒකට උඹෙන් අවසර ගන්න ඕනියැ” එහෙම කියලා මට බැනපු නාලකගේ අම්මා මටත් ගස්සගෙනම ගෙට ගියා. මන් හොදටම අසරණ වුනා.නාලක ඉන්න කාලෙ අම්මා කිව්වේ මේ ගේ ලියන්නේ නාලකගේ නමට කියලා.
දැන් කියනවා ගේ අක්කගේ නමට ලියනවා කියලා. මට මේ පටිසන් දෙන්නේ අම්මටයි තාත්තටයි දුන්නු ගින්දර තමයි. එහෙම හිත හිත හිතම මන් කාමරේට ගියේ අරමුනකින් තොරව. මේ කිසිම දෙයක් නොදන්න මගෙ චූටි අහින්සක කෙල්ල හොදට සැපට ඇගිල්ලත් කටේ ගහන් නිදි.
මට කෙල්ල ගැන හොදටම දුක හීතුනා. අනේ කිරිසප්පයට විදින්න වෙන දුක ගැන හිතලා.ඉපදිලා මාසයයි තාත්තගේ ආදරේ විදින්න ලැබුනේ. අනේ කේල්ල කොහොම විදදරාගනීද තාත්තා නැති අඩුව. .මේ විදියට කාලයක් ගෙවිලා ගියා.නාලකගේ ලොකුඅම්මා ගමේ ගියා.
මන් යන්තන් එකතු කරගත්තු සල්ලි වගයකින් මායි දරුවයි ජීවත් වුනා. නාලකගේ තුන් මාසෙ පින්කමත් මන් පුලුවන් ව්දියට පන්සලට දුන්නා. දැන් මගේ කෙල්ලට මාස හයයි. ජීවත් වෙන්න විදියක් නැති හින්දා මොකක් හරි රස්සාවක් හොයාගන්න හිතුවා. දවසක් පත්තරේ කියව කියව ඉන්නකොට ඒකෙ තිබ්බ දැන්වීමක් මන් තවත් හොදට බැලුවා.
ඒකෙ තිබ්බේ ‘ අවුරුදු 55ක එක්තැන් වෙච්ච ගෑනු කෙනෙක්ව බලා ගන්න කෙනෙක් හොයනවා කියන්නම් කියලා.තිබිච්ච විදියට රු.20000 ක් විතර පඩිත් හම්බෙයි. මන් ටක්ගාලා නාලකගේ අම්මයි අක්කය් නාන්න ගිය වෙලේ ඒ තැනට කෝල් කරලා බැලුවා. එයාලා කිව්වා තව දවසකින් එහෙට බලන්න එන්න කියලා.
මන් මේ රස්සාව ගැන ගොඩාක් බලාපොරොත්තු තියා ගත්තා.මොක්ද මටයි දරුවටයි කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන්නේ. .ඊට පහුවදා මන් ඒකියපු ගෙදරට ගියා.දරුවව අල්ලපු ගෙදර ඇන්ටිට දුන්නා පොඩ්ඩක් බලාගන්න කියලා.සීතා ඇන්ටිත් දන්නවා මන් විදිනදුක.
නාලකගේ අම්මයි අක්කයි මටයි දරුවටයි සලකන විදිය ගැන. . මන් අර කියපු ගෙදරට ගියා.මහ විශාල ගෙයක්.හරියට මාලිගාවක් වාගේ .තට්ටු තුනයි. ලොකු ගේට්ටුවයි.වැඩ කාරයෝ හතර පස් දෙනෙක් .මාත් මේ වගේ මාලිගාවක් දාලාඇවිත්නේ අර අපායට වැටුනේ.ඒක මට අපායක් වුනේ නාලකගේ මරනෙන් පස්සේ.
එහෙම හිත හිතාම මන් බෙල් එක එබුවා.ටික වෙලාවකට පස්සේ අවුරුදු හැටක විතර මනුස්සයෙක් ඇවිත් දොර ඇරියා. “ඔය දරුවා කාව හම්බවෙන්නද?” ඒ මනුස්සයා හරිම කරුණාවෙන් මගෙන් ඇහුවා. .” සර් මන් පත්තරේ තිබ්බ දැන්වීම දැකලා ආවේ.පෙරේදා දවල් කෝල් කරේ මන් තමයි සර්” මන් එහෙම කිව්වා. .”ආ දරුවෝ ඇවිත් වාඩි වෙන්නකෝ.අපි විස්තර කතා කරමු.” ඒ මනුස්සයා එහෙම කිව්වට පස්සෙ මන් ගේ ඇතුලෙන් වාඩි වුනා.
එයත් වාඩි වුනා. “මේකයි දරුවෝ.අපි හෙව්වේ ගොඩාක් විශ්වාසවන්ත,අවන්කව වැඩ කරන කෙනෙක්.මීට කලිනුත් ගොඩාක් අය ඇවිත් බැලුවා.ඒත් ඒ ගොල්ලෝ හෙව්වේ පඩියයි, නිවාඩුයි විතරයී.ලෙඩෙක් බලාගන්න එක ගැන කිසි හැගීමක් නෑ.ඒත් මන් හිතන්නේ ඔය දරුවට වැඩි වයසක් නෑ වගේ.
ඇයි මේ වගේ රස්සාවක් තෝරගත්තේ?මට ඔයාගෙ විස්තර කියන්නකෝ” .ඒ මහත්මයා එහෙම කිව්වම මට ටිකක් බයත් හිතුනා.මට මේ රස්සාව දෙන්නෙ නැතිවෙයිදත් කියලා.මන් ඒ මනුස්සයට මන් ගැන හැම විස්තරයක්ම කිව්වා.මගේ දෙමව්පියන් ගැන ඇරෙන්න. මගේ අසරණකම තේරුම් ගත්තු ඒ මනුස්සයා මාව ඒ ලග කාමරේකට එක්කන් ගියා.ඒ කාමරේ හිටියේ ඒ ලෙඩ වෙච්චි ගෑනුකෙනා.
හරිම පැහැපත් සිරුරක් හිමි ටිකක් විතර මහත කෙනෙක්.ඒ ගෑනු කෙනා නිදාගෙන හිටියේ. ” දරුවෝ ,මේ මගේ නෝනා.එයා මේ පඩිපෙළ පල්ලට වැටිලා කොදුඇටපේලියට ගොඩාක් හානි වුනා.එදා ඉදන් නෝනා අවුරුදු දෙකක් තිස්සේ ලෙඩ ඇදේ.බෙහෙත් කරාට හරි ගියේ නෑ” .”සර්, මේ ගෙදර වෙන කව්ද ඉන්නේ?” .”මමයි නෝනයි අපේ පුතයි විතරයි.ඔය දරුවා හෙට ඉදන් වැඩට එන්න.
ඔයාගෙ දුවව කොහෙවත් දාන්න ඔනි නෑ.ලමයවත් අරන් එන්න. මේ මහ සාගරයක් වගේ තියන ගෙදර පොඩි එකෙක්ගෙ සද්දයක් ඇහුනත් හිතට සැනසීමක්. අපිට ඒ පින කවදාවත් නෑ. ඔය ලමයා දැන් ගිහින් හෙට එන්න.වැඩි දුරක් නෑනෙ කිලෝමීටර් දෙකක් වගේනෙ තියන්නේ.” .ඒ මනුස්සයා එහෙම කියලා මගෙ අතට රුපියල් පන්දාහෙ කොලයක් බලෙන් වගේ දුන්නා.මන් ඒකෙන් කෙල්ලට පිටි ටින් එක්කුත් අරන් තව වුවමනා බඩු ටිකක් ගත්තා.
නාලකගේ අම්මයි අක්කයි කන්නෙ වෙනම උයාගෙන. ගෙදර ගිය හැටියෙම සීතා ඇන්ටි ගාවට ගිහින් දුවව ගත්තා.අනේ සීතා ඇන්ටි දුවව හොදට බලා ගත්තා. නාලකගේ අම්මටයි අක්කටයි මන් රස්සාව ගැන කිව්වා.ඒ දෙන්නා නෝන්ඩියට වගේ හිනාවුනා.ඒගොල්ලො කිව්වේ මන් ගෙදර වැඩකාරකමට යනවා කියලා.
මන් ඒ කතා අහන්නෙ නැතුව කෙල්ලව නාවලා ලස්සන ගව්මක් ඇන්දුවා. පව්ඩර් ගාලා කොන්ඩේ පීරුවා. අනේ කෙල්ල බෝනික්කෙක් වගේ ලස්සනයි .එක ගෙදර වුනත් නාලකගේ අම්මයි අක්කයි වෙනව ගේ බෙදාගෙන ජීවත් වුනේ.එක පැත්තක එයාලා.අඅනික් පැත්තේ මමයි දරුවයි.
ඒක මගේ හිතට ලොකු සැනසීමක් වුනා.ඒ වුනත් සමහර දවස් වල ඒදෙන්නා මන් ඉන්න පැත්තට ඇවිත් මට බොරු වැරදී හොය හොයා බනිනවා.😠😠😠 .නාලකගේ අක්ක කලින් විවාහවෙලා ඉදලා තියෙන්නේ .කාලයක් යනකන් එයාලට දරුවෝ ඉදලා නෑ. ඒත් medical test එකෙන් ඔප්පු වුනා දරුවෝ හදන්න බැරි නාලකගේ අක්කට කියලා. ඒ හින්දා එයාව මහත්තයා දික්කසාද කරලා.
ඒ තරහට එයාට මාවයි දරුවයි පේන්න බෑ. .🌤️🌞⛅ පහුවදා උදේම මන් දරුවත් ලැහැස්ති කරගෙන අවශ්‍ය ඇදුම් දෙක තුනකුයි,කිරී බෝතලෙයි බෑග් එකකට දාලා අර ගෙදෙට්ට පිටත් වුනා. 💐💐💐ඒ ගෙදර මහත්තයා වෙනදාටත් වැඩිය හොදට මාව පිලිගත්තා . .”කෝ එන්න පැටියා මේ සීයා අතට.
” එහෙම කියලා ඒ මහත්තයා දුවව අතට ගත්තා.අනේ කෙල්ලත් හිනාවෙවී අතට ගියා.මන් ඉක්මනට ගිහින් ගෙදර අර නෝනාගෙ කිලිටි ඇදුම් ටිකක් හේදුවා. හෝදලා නෝනගෙ ඔලුව පීරලා බත් කැවුවා.නෝනාට රෝද පුටුවේ ඉන්න පුලුවන් හින්දා මට තවත් පහසුයි.මන් කාමරේ නෝනගේ වැඩ කරන හැම වෙලාවකම නෝනා මන් දිහා කරුණාවෙන් බලන් ඉන්නවා .එයා වැඩිය කතාබහ කරන්නෙ නෑ.
සමහරවිටා ජීවිතේ ගැන කලකිරිලා වෙන්න ඇති. නෝනා නිදාගත්තට පස්සෙ මන් දුවට කවලා මහත්තයා දීපු කාමරේ ඇදෙන් තිබ්බා.ගෙදර අනික් දේවල් වලට වැඩට කට්ටිය හිටපු නිසා මට කරන්න වුනේ නෝනගෙ වැඩපල විතරයි. .දවල් නෝනගෙ කාමරේ අතුගානකොට මට කෙල්ල ඇහැරිලා අඩන සද්දෙ ඇහුනා.
මන් පොඩ්ඩක් ගිහින් බලන්න හදනකොටම සද්දෙ නැවතුනා.ඉතින් මන් කාමරේ අතුගෑවා. ඒත් දුව ආපහු අඩන සද්දෙ ඇහුනෙ නෑ.සද්දයක්වත් ඇහුනේ නැති හින්දා මන් දුව ඉන්න කාමරේට ගියා.දෙයියනේ දුව ඇද උඩ නෑ.මට හොදටම බයත් හිතුනා.කාමරේ හැම තැනම බලලා මන් එලියට ගියා.
එලියේ තියන ඔන්චිල්ලාව පැත්තෙන් මට දුවගෙ හිනා සද්දෙ ඇහුනා.මන් ඒ පැත්තට ගිහින් බලද්දී කව්ද මනුස්සයෙක් දුවව වඩාගෙන ඔන්චිලි පදිනවා.ඒ මනුස්සයා මට පිටිපස්ස හැරිලා හිටියේ. . .කව්ද මේ මනුස්සයා ??? හෙට නැවත හමුවෙමු