🔥1 කොටස🔥 .🔥💐සුසානයේ ගිනිදැල් 🔥💐 .සුසාන භූමියේ දැවෙන චිතකයේ ගිනිදැල් අතරින් මම ඔහුගේ රුව සොයන්නට වෙර දැරුවෙමි.දැවි දැවී අලු වී යන දර සෑයේ අලු ,මාගේ නෙතින් කදුලූ ගන්ගාවක් මවන්නට විය. අද මේ සොහොන් කොතේ සදහට නිදන්නේ පුරා වසර 3ක් මා ප්‍රානය මෙන් ආදරය කල මාගේ ආදරනීය සැමියාය.නැතහොත් මේ කිසිවක් නොදන්න මා ඇකයේ සුවසේ නිදා සිටින මසක් වයසැති බිළිදියගේ පියාය.

රාත්‍රියට අරාදින්නට ආසන්න මොහොතක ගිනිගෙන දැවෙනා මෙම සෑය දෙස මා අරමුණක් නැතිව බලා සිටින්නට වීමි.මට බියක් දැනුනේ නැත. දැනුනේ දරාගන්නට නොහැකි දුකකි.අසරණකමකි.දැන් මා වැන්දඹුවක් වී හමාරය.මම අතීතය සිහි කරන්නට වුනෙමි.😥😥😫😫 .

මම සයුරි අනුත්තරා විජේසිංහ. මගේ තාත්තා අනුර විජේසිංහ.අම්මා මාලනී විජේසිංහ.අපි තුන් දෙනා විතරයි පව්ලටම හිටියේ.මගේ තාත්තා ගාමන්ට් ෆැක්ට්‍රි එකක අයිතිකාරයෙක්.

අපිට සල්ලි එහෙම හොදට තිබ්බා. මම විවාහ වුනේ ආදර සම්බන්දයකින්.එයාගෙ නම නාලක අත්තනායක. අපේ ගෙදරින් මේ සම්බන්දෙට පොපොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.ඒ නාලකලා එහෙම අපි තරම් පොහොසත් නැති හින්දා නෙවෙයි. නාලක ටිකක් සෙල්ලක්කාර චරිතයක්.

කිසි වගකීමක් නැති විදියටයි එයා ජීවත් වුනේ. එයාගෙ අක්කා හරිම මූසල ගෑනු කෙනෙක්ලු.එයාලගේ තාත්තා එයාලා පොඩි කාලෙම ඇක්සිඩන්ට් එකකින් මැරුණා.මන් දෙමව්පියන්ගේ අකමැත්තෙන් නාලකගෙ පතිනිය වුනා. අම්මයි තාත්තයි මන් මැරුනා කියලා හිතාගන්නවා කිව්වා. මන් දෙමව්පියන්ට විරුද්ධ වුනේ මන් නාලකට ඒ තරම්ම ආදරය කරපු නිසා.අපි කසාද බැදලා පදිංචි වුනේ නාලකගේ ගෙදරමයි.

නාලකයි ,අම්මයි මට හොදට සැලකුවා.අක්කා නම් හරිම නපුරුයි.මගේ තනි කැමැත්තෙන් නාලකත් එක්ක ආපු නිසා දෑවැද්ද ගෙනාවෙ නෑ.ඒකට නාලකගේඅක්කා මට සැරින් සැරේ ඇනුම් පද කිව්වා.අම්ම්ත් මට සමහර වෙලාවට ඇනුම් පද කිව්වා අක්කත් එක්ක. ඒත් දෙන්නම නාලක ඉන්න වෙලාවට මම මොකුත් කිව්වේ නැහැ එයාට බයේ.නාලක ඒ තරම්ම ගෙදර බලවත් චරිතයක් වෙලා හිටියේ. නාලක කවදාවත් මගෙ හිත රිද්දුවෙ නෑ.

මට දුව ලැබෙන්න ඉන්නකොට එයා මාව ගොඩාක් හොදට බලා ගත්තා .🤰🤰මන් කන්න ආස හැම දේම මට ගෙනත් දුන්නා. කාලය ගෙවිලා ගිහින් මට දුව හම්බුනාට පස්සෙ එයා වෙනදාටත් වැඩියෙන් මට ආදරේ කරා.🤱🤱 අපි දුවට නම තිබ්බෙත් ‘නාලී එයිශා’කියලයි. නාලක වැඩ කරේ කොන්ක්‍රීට් ගල් හදන වැඩපලක. දවසක් හොදටම වහින වෙලාවක හවස වැඩ ඇරිලා එද්දි නාලකගේ බයික් එක ලොරියක හැප්පිලා .

හොස්පිටල් එකට ගෙනිච්චට පස්සෙ මගෙ නාලක මැරුනා😫😫😫😥.මන් හීනෙකින් වත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.මගෙ කෙල්ලට තාම වයස මාසයයි.😥😥. .අතීතයේ සිදුවීම් සිහිපත් කරපු මම ඒ මතක ඔස්සේ සුසුම් හෙලලා මගෙ නාලකගේ සිරුර ගිනිගෙන දැවෙනා ඒ දර සෑය දෙස බලමින් ඇඩුවා . .”දැන් ඇඩුවා ඇති දුවේ.යමු ගෙදර.කෝ දෙන්න දරුවා මගෙ අතට.

අඩන්න එපා.අමාරුවෙන් හරි හිත හදා ගන්න.උඹලට අපි ඉන්නවා .උඹට තාම මහන්සි වෙන්න හොද නෑ.” මගෙ ඔලුව අත ගාන ගමන් එහෙම කිව්වේ නාලකගේ ලොකුඅම්මා. මන් ලොකු අම්මගේ අතට දරුවා දීලා ඒ එක්කම ගෙදර ආවා. මුලු ජීවිතේම හිස් වුනා වගේ දැනුනේ.

මැරෙන්න තරම් හිතුනා.ඒත් මන් දරුවා වෙනුවෙන් ජීවත් වෙන්න හිත හදා ගත්තා. . “කාගෙ කරුමෙට මගෙ කොල්ලට මෙහෙම වුනාද මන්දා .අනේ ගහක් ගලක් වගේ මට හිටපු එකම කොල්ලා.අනේ අහින්සකයා. ” ” කාටවත් බැනලා වැඩක් නෑ අම්මේ මල්ලිට මෙහෙම වුනේ ඊයේ පෙරේදා ඉපදිච්ච අර කාලකණ්ණි කෙල්ල හින්දා.ඒකි ඉපදුනත් හරි මල්ලි මැරුනා .ඕකිගේ අවාසනාව තමයි මල්ලිට පල දුන්නේ.

ඒකි මහ කරුමක්කාර කෙල්ල්ලෙක් අම්මේ” .කුස්සිය පැත්තෙන් ඇහුනු ඒ සද්දෙට මන් ඇහුන්කන් දුන්නා. දෙයියනේ නාලකගෙ අම්මයි අක්කයි බනින්නේ මගෙ අහින්සක කෙල්ලට නේද? නාලක මැරුනට මේ කිරිසප්පයා පලිද? දෙයියනේ මනුස්ස හිතක් තියන කෙනෙකුට පුලුවන්ද මේ වගේ තාම මාසයක් වයස දරුවෙකුට මෙහෙම කාලකණ්ණි වචන කියකියා බනින්න.

නාලකගෙ අම්මට දෙකක් කතා කරන්න හිතාගෙන මන් කාමරෙන් එලියට යන්න හැදුවේ.ඒත් එක්කම කාමරේට ආවේ නාලකගේ ලොකුඅම්මා . .” දුවේ ,ඔයා ඔය කතා ගනන් ගන්න එපා .කිසිම හිතක් පපුවක් නෑ උන් දෙන්නට.මන් තව මාසයක් විතර මෙහෙ ඉන්නවා.දුව බය වෙන්න එපා.

හිතට ශක්තිය ගන්න.මගෙ නන්ගි වුනත් ඒකි මහ නපුරු ගෑනියක්.මිනිහා මැරිච්ච වෙලාවෙත් ඒකි දරුවෝ දෙන්නා බදාගෙන ඇඩුවේ ඔය විදියට තමා.දැන් ඒවා අමතක වෙලා.ගෑනියෙක් වුනත් උන්‍ට තවත් ගෑනියෙක්ගේ දුක තේරෙන්නෙ නෑ.උඹ නාඩා ඉදින් දුවේ” .ලොකු අම්මා එහෙම කියලා මගෙ හිත හැදුවා. නාලකගේ මිනිය යට කරලා පැය දෙකක් ගියේ නෑ.මිනියෙ රස්නෙ යන්නත් කලින් ඒ දෙන්නම මටයි දරුවටයි වෙනස්කම් කරන්න ගත්තා.

වෙනදා නාලක හිටියා මාව එයාලගෙන් බේරගන්න .අද මට කවුරුවත් නෑ.ලොකුඅම්මා හින්දා ටිකක් හරි නිවීසැනසිල්ලේ හිටියත් එයත් තව මාසෙකින් යනවනේ. එතකොට මටයි දරුවටයි මොනව වෙයිද? මට මගෙ දෙමව්පියො මතක් වුනා.එයාලට දීපු දුක් ගින්දර වලට මට දැන් පටිසන් දෙනවා.

දරුවා හිටියේ නැත්නම් මන් මෙලහකට මැරිලා.අම්මලා ගාවට යන්නත් බෑ.ගියත් එයාලා මාවයි දරුවවයි බාර ගන්න එකක් නෑ. .”සයුරි දුවේ ,දැන් මේ බත් ටික කාලා ඉන්න.ඔහොම අඩන්න එපා .ඇඩුවයි කියලා නාලක ආපහු එන්නෙ නෑ මයෙ පුතේ. දරුවට කිරි දෙන්නවත් මේ බත් ටික කාල ඉන්න.

” ලොකු අම්මා එහෙම කියලා මට බත් පිගාන දීලා කුස්සිය පැත්තට ගියා. මම බත් ටික කෑවෙ දරුවට කිරි ටික දෙන්න ඕනි හින්දමයි. පහුවදා උදේම මම නැගිටලා පන්සලට ගියේ නාලකගේ හත්දවසේ පින්කම ගැන පන්සලේ ලොකුහාමුදුරුවන් එක්ක කතා කරගන්න .මාත් එක්ක ලොකු අම්මත් ආවා.

පින්කම ගැනකතා කරගෙන ගෙදර් එනකොට දරුවා හොදටම අඩනවා.මට යන්තන් පාරටත් ඇහෙනවා .දෙයියනේ මේ කිරිසප්පයා මෙහෙම අඩද්දී නලවග්ව්න්න බැරි වුනාද මේ ගෙදර කාටවත්. බැරිම තැන මන් එහෙම නාලකගේ අම්මාගෙන් ඇහුවා. ඒ පාර එයා මට කියනවා .

” දරුවා තෙමාගෙන වෙන්න ඇති ඔහොම අඩන්නේ….අනික ළමේක් වුනාම අඩන්නත් ඕනි.මල විකාර.” .මේ හිතක් පපුවක් නැති ගෑනි කියන දේවල් අහන්නෙ නැතුව මන් දරුවා ලගට ගියා. ගිහින් දරුවා ඇදන් හිටපු නැපියට අත තියපු මට දැනුනේ සීතලක්.මේ දරුවා තෙමාගෙන නම් වෙන්න බෑ.

මන් දරුවගෙ නැපිය මාරු කරලා වෙන නැපියක් ඇන්දුවා.එතකොටම නාලකගෙ අක්කා කාමරේ ලග ඉදන් නෝන්ඩියට වගේ හිනා වෙලා ගියා. පස්සෙ තමයි මට තේරුම් ගන්න පුලුවන් වුනේ එයා මගෙ දරුව තෙමලා කියාගන්න නැපියට ෆ්‍රිජ් එකේ කූල් වතුර දරුවගෙ ඇගට හලලා.

ඒකයි දරුවට සීතල දරාගන්න බැරුව අඩලා තියෙන්නේ . මට දැනුනේ දරාගන්න බැරි තරම් කේන්තියක් .මන් කෙලින්ම ක්ස්සියට ගිහින් මාළු කපන මන්න පිහිය අතට ගත්තා