සිතින් විතරක් ..

තිස් හය… 36

පපුව හිරවෙලා යනවා වගේ මට දැනුනා. මම කෑ ගහලා ඇඬුවෙ ඒ වේදනාව දරාගන්න බැරි හින්දා.

ඉතිං මොනවත් කියන්නෙ කොහොම ද ඔහො ම ඒකදිගට හූල්ලන්න තියා ගත්තාම.. එයා කීවෙ තරහින්ම නෙවී.

මම කොහොම දෙයියනේ අඬන්නෙ නැතුව ඉන්නෙ.. මට මේ හැමදේම දරාගන්න බෑ… මම අමාරුවෙන් ඉකිය හංගන්න උත්සහ කලා.

ඒ්න්ජල් ටිකක් මම කියන දේ අහන්න…මේක ඔයා හිතන තරං ලේසි ප්‍රශ්නයක් නෙවී පුළුවන් ද ඔයාට සෙත්ව රිද්දන්න…

ඒ් ගම එයා ඇහුවෙ මගෙ ඇස් දෙක දිහා බලා ගෙන. එකපාරම දෙන්න උත්තරයක් මට නෑ. මම නිහඬවුනේ කියන්න මොනවත්ම තිබුනෙ නැති හින්දා.

ඔයාටත් එහෙම කරන්න බැරි නම්… මම කො හොමද ඒන්ජල් ඒක කරන්නෙ.මට ඒක කර න්න බෑ..

අපි දෙන්නට වෙන්නෙ අපිවම රිද්දග න්න.. තවත් දුර ගිහින් තවත් හිත රිදෝගන්නෙ නැතුව මේක අමතක කරලා දාන්න ඒන්ජල්…

සෙත් නරක එකෙක් නෙවී..අනිත් කාටත් වඩා හොඳට මම සෙත්ව දන්නවා..ඒ\කා කවදාවත් ඔයාට පුංචිම දුකක්වත් දෙන්නෙ නැතුව මලක් වගේ බලා ගන්නවා කියලා මම දන්නවා… එයා කියවගෙන යනවා.

ඔයා දැන් මට මොනවද කරන්න කියන්නෙ.. මම ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.

බොරුවට හිත රිද්දගන්නෙ නැතුව මාව අම තක කරලා සෙත්ව මැරි කරන්න ඒන්ජල් හැම දේම හරියයි.. නැත්තං මුළු ජීවිත කාලෙම සෙත් දුක් විඳිනවා බලාගෙන අපි දෙන්නටම විඳවන්න වෙයි..

එයා කියන්නෙ ඇත්ත තමා. සෙත් දුකින් ඉන්න කොට එයාට සතුටින් ඉන්න බෑ. එයා සතුටින් නැතුව මට සතුටින් ඉන්න බෑ. මේක අපි තු න්දෙනාටම ජිවිත කාලෙම විඳවන්න වෙන වේදනාවක්. ඒත් ඒත් මේ හිත හදා ගන්නෙ කොහොම ද.

මට ඕනි ඔයාව ඔයාගෙ ආදරේ. ඔයා ලඟ ඉ න්න. මේ හිත ඉල්ලන්නෙ සෙත් නෙවී. ඉතිං එතකොට මට පුළුවන් ද ජිවිත කාලෙම මම ආදරේ නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න.

මොන පැත්තෙන් බැළුවත් අවසානෙ අපි තුන් දෙනාටම වෙන්නෙ විඳවන්න ඇයි දෙයියනේ මගෙ දෛවය මේ තරම් අවාසනාවන්ත වුනේ.

ඔහොම හූල්ලලා උ\ඹ මාවත් පුච්චනවා ඒන්ජ ල් කීවම අහනවකො අඬලම ලෙඩ වෙන්නද හදන්නෙ ඔය… එයා කීවේ මගෙ ඇස්වල කඳුළු පිහින ගමන්.

මට ඔච්චරම ආදරේ නං..පොරොන්දු වෙන්න සෙත්ව මැරි කරලා සතුටින් ඉන්නවා කියලා..

එතකොට මට හිත හදා ගන්න පුළුවන්..

ඒ ගමන එයා කීවේ මම හීනෙන්වත් හිතපු නැති දෙයක්. බෑ මට කවදාවත් ඒක පොරොන්දු වෙන්න බෑ. මැ රෙ න කම්ම මම ඔයා ගැන හිත හිත විඳවයි.

මම සෙත්ව මැරි කරනවා හැබැයි ඔයා එක පොරොන්දුවක් වෙනවා නං විතරක්…

මොකක්ද..?

ඔයා හොඳ ගර්ල් කෙනෙක්ව මැරි කරලා එයා එක්ක සතුටින් ඉන්න. මාව වගේ බොරුවට නෙවී ඇත්තටම ඇත්තට මැරි කරන්න. ඔයා මැරි කරන දවසෙම මාත් සෙත්ව මැරි කර න්නං..

ඒන්ජල් ත මු සෙ මාව බැලැක් මේල් කරන්න ද හදන්නෙ..

නම මොකක්ද මංදා.. ඔයා මම කියපු දේ කර න්න. එහෙම උනොත් මං සෙත්ව මැරි කරන්න වා.. එහෙම නැතුව ඔයාට කරන්න බැරි දේ මට කරන්න කියන් එපා…

ඔයා කැමති උනත් අකමැති උනත් ඔයාට ආද රේ කරන එක මට නතර කර ගන්න බෑ.. මම සෙත්ව මැරි කලත් මුළු ජිවිත කාලෙම සතුටින් ඉන්න එකක් නෑ..ඔයා ගැන හිත හිතා මැ\රි මැ/රි ජීවත් වෙයි….

එහෙම උනොත් මම අතින් සෙත්ට කවදාවත් වැරැද්දක් වෙන්න තියන්නෙ නෑ. ඔයාගෙ ආදරේ ඉල්ගෙන ඔයා පස්සෙන් එන්නෙත් නෑ.. ඇවිදින මලමිනියක් වගේ ඔහේ ජීවත් වෙලා මැ\රි/ලා යයි…

මගෙ වැරැද්ද.. ඔයාට ආදරේ කරපු මේ හිතේ වැරැද්ද ඒකට මම විඳවන්නම ඕනි.. මම ආයිම කවදාවත් ඔයාට කරදර කරන්නෙ නෑ සිද්ධවුන හැමදේටම සමාවෙන්න…

මම දන්නවා ඔයා මට වඩා සෙත්ට ආදරෙයි…

ඒක නිසා මම එයාට කවදා වත් දුකක් දෙන්නෙ නැතුව එයාව සතුටින් තියන්න හැමදේම කර න්නම්.. ඒත් ඒ මම සෙත්ට ආදරේ නිසා නෙවී… මම ඒ හැමදේම කරන්නෙ ඔයා වෙනුවෙන් ඔයාට සතුටින් ඉන්න ඕනි නිසා…

අදින් පස්සෙ කවදාවත් මම ගැන හිතන්න එපා

..ඔයාලා ඒන්ජල් කීවට මම මහ කා\ල\ක\ණ්නි කෙ\ල්ලෙ\ක් සතුට කියන්නෙ මට අයිති දෙයක් නෙවී… මට සියදිවි නසා ගන්න බෑ..

ඒ නිසා මං ජීවත් වෙයි..ඒත් අදින් පස්සෙ මම මැ\රි/ලා… මං ගැන හොයන්න එපා.. සතුටින් ඉන්න… මං හි න්දා දුක් විඳින්න තරං මං වටින කෙනෙක් නෙවී

එහෙම කියාගෙන මම මගෙ රූම් එකට දුව ගෙන ගිහින් දොර වහගෙන දොරට හේත්තු වෙලා හයියෙන් ඉකිගහලා ඇඬුවා.

ඒන්ජල් පිස්සු වැඩ කරන්නෙ නැතුව මේ දොර අරිනවා.. විහඟ එලියෙ ඉදන් කෑ ගැහුවා.

ඔයා බය වෙන්න එපා මං මැ\රෙ/න්නෙ නෑ….මං මැ/රි\ලා ඉවරයි.. තවත් මැ\රෙ\න්න කෙනෙක් නෑ

මම කීවේ අඬ අඬාමයි.

ඒන්ජල් මගෙ යකා අවුස්ස ගන්නෙ නැතුව අරි නවා මේක…එයා ආයිම කෑ ගැහුවා.

ඔයා ඇවිත් මොනා කියන්නද හදන්නෙ…

සෙත්ව මැරි කරන්න කියල ද.. ඒක ඔහොම සැරෙන් සැරේ කියන්න ඕනි නෑ මම දන්නවා..

අඬන්නෙ නෑ කියලා කොච්චර හිතං හිටියත් මට මේ කඳුළු නතර කරගන්න බෑ.

ත මු සෙ ඔය දැන් හදන්නෙ මම ලව්වා මේ දොර ගලව ගන්න…ඊට කලින් මේක අරිනවා ඒන්ජල්….

එයා ආයිම කෑ ගහනවා. එයා එහෙම කරන්න බැරි කෙනෙක් නෙවී කියලා මම දන්නවා. එ හෙම උනොත් ඒකෙන් වෙන්නෙ තවත් ප්‍රශ්න වැලක්ම ඇතිවෙන එක විතරයි. මට ආදරේ නැත්තං ඇයි දෙයියනේ මෙහෙම වද දිදී පස්සෙ න් එන්නෙ.

සැරයක් දෙකක් කීවම ඇහෙන්නෙ නෑද ඒන්ජ ල්..අරිනවා මේක..නැත්තං මම මේ දොර කඩන වා…

විහඟ ඉන්නෙ තාමත් අසනීපෙන් කියලා මට මතක් වුනේ එතකොට. තාම තුවාලත් හොඳ නැතුව ඔහොම ඇවිඳින්න මහන්සි වෙන්න හොඳ නෑ. එයා ආයිම අසනීප උනොත් කියලා මම බයවුනා. ඒක නිසාම මම දොර ඇරියා.

එයා රූම් එකට ආව ගමන් කලේ මාව අත්දෙ කට මැදිකරගෙන ඒ පපුව තුරුළුකර ගත්ත එක. මම ඒ පපුව සිප ගත්තෙ උමතුවෙන් ව ගේ. මොන තරම් ඈත් වෙලා ඉන්න හැදුවත් ඔයාට මාව අමතක කරන්න බෑ නං මම කො හොම ද එහෙම කරන්නෙ.

පිස්සි උඹ මට ඔච්චරම ආදරේ ද..?

එයා ඇහුවෙ මගෙ හිස සිප ගන්න ගමන්.

දන්නෙ නෑ..කොච්චර ද කියලා..ඒත්…ඒත් මට ඔයා නැතුව ඉන්න බෑ… මට ඔයාව ඕනි.. අනේ මගෙන් ඈත් වෙන්න එපා..මාව මැ/රෙ/යි…

ඒ පපුවෙන් ඔළුව ගන්නෙම නැතුව මම කියව ගෙන ගියා.

කට කඩනවා ආයිම මැ/රෙ/න කතා කීවොත්… තේරුනාද…

එයා කීවේ හුඟක්ම තරවටු හඬකින්. මට ඕනි ඔය ආදරේ මං ගැන මටත් වඩා හිතන ඔයා ආදරේ විතරයි.

මාව දාලා යන්නෙ නෑ නේද..මාව සෙත්ට භාර දෙන්නෙ නෑ නේද…

මම අහගෙන ගියෙ පිස්සුවෙන් වගේ.

නෑ බ/න්..හිත කොහොම හිත හදාගන්න ද මම මෙහෙම පිස්සියක් වගේ පැටලි පැටලි ලඟම දැවටෙනකොට.. එයා යන්තමට හිනාවුනා.

මට වෙන මොනවත් ඕනි නෑ මැ\රෙ\න\ක\ම්ම මේ ආදරේ විතරක් ඇති..

පිස්සි ආයිම පටන් ගත්ත ද මැ රෙ න කතා කියන්න කට නඩනවා දැන්නං..

ඇත්තමයි මැ රු න ත් කමක් නැ මට දැන්..

කට වහගනිනං ඒන්ජල්..උ/ඹ/ට මොකක් හරි එපා කීවොත් ඒකමයි කියන්නෙ කරන්නෙ…

සෙත් වගේ නං මං නලවන්නෙ නෑ… කඩනවා කට ආයිම පණ්ඩිත කතා නොකියන්නම…

මට ඕනි ඔය ආදරේම තමා. ඔයාට විතරයි මාව බලාගන්න පුළුවන්. මගෙ වැරදි හදන්න පුළුවන් මට ජීවිතේ කියලා දෙන්න පුළුවන්. ඉතිං කොහොම ද මම සෙත් ගැන හිතන්නෙ.

පණ්ඩිත ආච්චි…ඇති දෙඩෙව්වා දැන් තාම කා ලත් නෑ නේද..ඔහොම බඩගින්නෙ ඉදලා ඒ ග මන මොනා හරි කරගන්නවකො..කාල ඉන්න වා දැන්..

. ඒ ගමන එයා කීවේ හදිස්සියෙන් දෙයක් මත ක් වුනා වගේ.

බඩගිනි නෑනි..කන්න ඕනි නෑ මෙහෙම ඉන්න දෙන්නකො…

ඔහොම හිටියම බඩ පිරෙනවද පිස්සියෙ..?

ඒ උනාට හිත පිරෙනවනෙ…

කතා ඇති එනවා කෑම කාලා ඉන්න..

එහෙම කියලා එයා මාවත් එක්කගෙන ගියෙ කිචන් එකට.

මට කවන්න හදන්නෙ ඔයා කාලත් නෑනි තාම

බඩගින්නෙ ඉන්නෙ බෙහෙත් බීලත් නෑ තව…

මට තමා කවන්න හදන්නෙ..

මම කියාගෙන ගියෙ නෝක්කාඩු හඬකින්. මම එහෙම කීවම එයා අමතු විඳිහකට මගෙ දිහා බලලා හිනා වුනා.

පි/ස් සෙක් වගේ හිනාවෙන්න මොකද ඇත්ත නෙ කීවේ මං..

මම කීවෙ එයා දිහා රව ලා බලන ගමන්.

අම්මේ මේ/කි/ගෙ තියන සැර ඒ ගමන..මාව පි\ස්සෙක් කරලා..වගේ නෙවී පි/ස්සෙක්ම තමා දැන්…

එයා ආයිම හිනාවෙනවා. දෙයියනේ ඔය හිනා ව මෙච්චර කාලයක් කොහෙද හංගගෙන හිටියෙ කියලා මට හිතා ගන්නවත් බෑ.

කාලා ඉන්නකො ඉතිං…බෙහෙත් බොන්න තවත් පරක්කු වෙලා කොහොමද..? මම කීවේ කෑම එක අනලා එයාට කවන්න හදන ගමන්.

කන්න බෑනි…

එයා කීවේ තොලත් පිට පෙරලගෙන පුංචි එ කෙක් වගේ. ඔයාට ඔයට මෙච්චරම හුරතල් වෙන්න පුළුවන් ද..

ඇයි කන්න බැරි මෙච්චර වෙලා බඩගින්නෙ ඉදලා..

හිත පිරිලා බං.. එහෙම කියලා එයා හිනාවුවා.

මට තමා බනින්නෙ..කන්නෙ නෑ කියලා.. නෝක්කාඩු හඬිකන් එහෙම කියාගෙනම මම එයාට කෑම කැව්වා.

හමුවෙමු.

සෙත් පව් කියන්න එන්න එපා හරිද…හරි අමාරුවෙන් විහඟව කැමති කරගත්තෙ. බලමුකො ඉස්සරට මොනවද වෙන්නෙ කියලා. ඒන්ජල් හොඳයි නේද..? මේක ලේසි දෙයක් නෙවී. ඒන්ජල් වගේ කෙල්ලෙක්ට ජීවිතේ ගැන මේ වගේ තීරණයක් ගන්න හරි අමාරුයි.

ඒ වගේමයි විහඟටත්. එක අතකින් තමන්ගෙ ආදරේ. අනිත් පැත්තෙන් පන වගේ යාළුවා. හිතද්දිත් හිස රදේ එනවා. මට එහෙම උනානං පිස්සු හැදෙයි. ඉතිං මේක අවුල් නෑ නේද… නිකම්ම ලස්සනයි නොකියා ස්ටිකර් එකක් නොදා මොනා හරිම කියන්න මං පව්නෙ ඉතිං.

කියවන ලයික් කමෙන්ට් කරන හැමෝටම හැමදාම වගේම හුඟාක් ස්තූතියි.