ශ්‍රී ලංකාවේ පලමු කොරෝනා වෛරසය ආසාදිත වූ පලමු චීන ජාතික කාන්තාව මීට සුලු මොහොතකට පෙර සොයාගනු ලැබුවා. මේ හේතුවෙන් චීන ජාතිකයන් හට මෙරටට ඇතුල් වීම තාවකාලිකව තහනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා. මැලේසියාවද චීන ජාතිකයන්ට සිය රටට පැමණීමට වීසා නිකුත් කිරීම තාවකාලිකව නවතා හිබෙනවා.

මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලක්වීමට විශේෂ ඒකකයක්ද ගෝඨාභය රාජපක්ශ මහතාගේ නියමයෙන් ඊයේ පත් කෙරුණා. එහිදී මෙම රෝගය ව්‍යාප්ත වීම වැලක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කෙරුණා. මේ අතර nCoV වෛරසය හඳුනා ගැනීමට සමත් පහසුකම් සහිත ආසියාකරයේ පර්යේෂණාගාර අතළොස්ස අතරට ශ්‍රී ලංකාවේ පර්යේෂණාගාරද ඇතුලත් වී තිබෙනවා.

Advertisment