සිවිවෙනි කොටස🌿

රන්දය මිදුලේ ඇති අරලියා ගහ යට බංකුවට වී සිටියේය………… නමුත් ඔහුට දුරකතන අැමතුම් වලින් නම් අඩුවක් නැත………………. සුලක්ඛණා දෑලබණ්ඩාර ඔහුව නිරීක්ෂණය කරමින් සිට තේ කෝප්පයක්ද රැගෙන ඔහු වෙතට ගියේ ලොකු කතාවකට ඇරඹුමක් ගැනීමටත් එක්කය………………..

🌾 මෙන්න මං ඔයාට තේ එකක් හැදුවා…… මොනාද ඔය තරම් කල්පනා කරන්නේ…….

❤️ මොනවත් නෑ අම්මා…………. මං මේ නිකම් එළියට වෙලා හිටියේ……….

🌾 දැන් ඉතින් ඔහොම ඉඳලත් බෑ………

අම්මා ඔය අර අදින්නේ තමා අකැමති මාතෘකාවකට බව රන්දයට හොඳින්ම හැගේ……….. ඔහු නිහඬවම සිටියේය…… එබැවින් සුලක්ඛණා ම නැවතත් කතා කරන්නට විය…..

🌾 රන්දය……. උඹට මං කියන දේ ඇහෙන්නේ නැද්ද…………. දැන් උඹ පිලිවෙලක් වෙන්න ඕනැ………..

❤️ ඇයි දැන් මගේ පිලිවෙලක් නැද්ද…….

🌾 මං කියන්නේ පුතා ඔයා දැන් බදින වයස………… හොඳ පරම්පරාවල ගැහැණු ළමයින්ගෙන් යෝජනා ඇවිත් තියෙනවා…….. මොකද කියන්නේ මං කතා කරන්නද……

❤️ අම්මට පිස්සු හැදිලද….. කවදාවත් දැකපු නැති කෙනෙක් එක්ක ජීවත්වෙන්න මට බෑ………..

🌾 ඒ කියන්නේ උඹට හිත ගිය කවුරුහරි ඉන්නවද………..

❤️ එහෙම කවුරුත් නෑ අම්මා……. මගේ මේ රස්සාවත් එක්ක එට ඕවා ගැන හිතන්න බෑ…………

🌾 එහෙම කියලා බෑ………. අපේ දෑලබණ්ඩාර පරම්පරාව ගෙනියන්න මුණුපුරෙක් ඉන්න ඕනෙ……….

❤️ අනේ මේ අම්මා…… දැන් අපි ඔය කතාව නවත්තමු……… මට දැන්ම බඳින්න බෑ………..

🌾 එහෙම කියලා හරියන්නෙ නෑ…….. හෙට ලෑස්ති වෙනවා සූරිය බණ්ඩාර වලව්වෙ ලොකු දුව බලන්න යන්න……….

❤️ මේක මොන වදයක්ද අම්මා….. මට නම් බැහැ…………

🌾 උඹ කොහොමද මට අකීකරු වෙන්නේ……..ආ…… දහදුක් විඳලා උඹලව හැදුවෙ මෙහෙම නිරපරාදෙ වයසට යනවා බලන්න නෙවේ පුතේ්………..

සුලක්ඛණා දෑලබණ්ඩාර හඬන්නට විය………. රන්දය නම්වාගත හැකි එකම මඟ එයයි…………..

❤️ හා..හරි හරි… අම්මා අඩන්නෙ නැතුව ඉන්නකෝ මං එන්නම්……. හැබැයි මං කැමති නම් විතරයි මේක වෙන්නේ……….

සුලක්ඛණා කිසිවක් නොකියා නිවස දෙසට ගියේ අතින් කඳුලු පිස දමමිනි…….. කැමති කර ගැනීම කෙසේ හෝ කල හැකිය……. අවශ්‍ය වන්නේ යාම පමණි………………..

සුසුමක් හෙලූ රන්දය යලිත් ඈතින් පෙනෙන බෝගම්බර වැව දෙස බලාගෙනම සිටියේය……………… බංකුව මතට වැටුණු අරලියා මල දකින විටම ඔහුට සිහිවුනේ ඇයවයි…………. තවමත් ඔහුට සිහි වන්නේ ඒ පස් අවුරුදු වියැති පියකරු දැරියයි…………… දැන් ඇය කොහේ සිිටිනු ඇත්දැයි ඔහුට සිතේ………… දාස්පෙති ට සිදු වු අපරාධය ඔහුගේ හදවත තව තවත් වේදනාවෙන් පිරවූයේ තමා ජීවත්ව සිටියදී වත් ඔවුන්ව බේරා ගැනීමට නොහැකි වීම ගැනයි……………. පියා නොකීවාට අරලියා සිටින්නේ නිවේදිතා නැන්දා ලඟ බව රන්දයට නොරහසකි……….. නමුත් ඔවුන් සිටින්නේ කුමන රටකදැයි ඔහු නොදනී…………..

අසෙනිය කතා කල පරිදිම පසුදා වන්දනාත්,,, සිනෙත්මාත් ඔවුන්ගේ ස්කොට්ලන්ත ජාතික මිතුරිය වන ඇන්ඩ්‍රියාත් අයර්ලන්ත ජාතික මිතුරිය ලෝරාත් ඒ ගමනට එක් විය……………… අසෙනිය සමගින් සංකේත්,,, රාඝව් හා ජෝෂ් ද සිටියහ…………….

ඔවුන් උද්‍යානයේ ඔබ මොබ සිරි නරඹමින් ඇවිද්දත් වෙනදට නොනවත්වා කතා කරන වන්දනා අද නිහඬය………. අසෙනිය ඇගේ අතකින් අල්ලා ගත්තේය………..

🦋 මොකද මේ සුද්දි………..

💜️ මොනවත් නෑ අප්පා නිකම්………..

🦋 නිකම් නම් වෙන්න බෑ…… මට කියන්න බැරි මං ඔයාගේ කවුරුත් නෙවේ හින්දානේ නේද………

💜️ අයියෝ නෑ අනේ………….. මේකයි….. මේ මගේ අක්කා ඉන්නේ දාස්පෙති….

🦋 ඔව්……….

💜️ එයාවත් උන්…ම…ර….ලා………. ඔ..ව්….. උන්…එ..යාවත් ම..රලා………..

වන්දනා හඬන්නට විය…………. අසෙනියට ඇය ගැන ඇති වුනේ අපමණ වේදනාවකි………….. ඇගේ දුක්බර ජීවිත කතාවම අසෙනිය දනී………………

🦋 හ..හරි..හ…..හරි දැන් අඬන්නෙ නැතුව ඉන්නකෝ……………. දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අඬන්නෙ නැතුව කියනවද…………

💜️ අක්කව බන්දලා දීලා ඇමතියෙකුගේ මදාවි පුතෙක්ට………… පලවෙනි දවසෙම රෑ අක්කා බෙල්ලෙ වැල දාගෙන මැරිලා හිටියලු…………. අර අපේ අප්පච්චි කියන මනුස්සයා කියනවලු අක්කගෙ ටවන එකෙක් එක්ක තිබුනු සම්බන්ධයක් අර මිනිහට අහුවුන හින්දා ලැජ්ජාවට අක්කා එහෙම කරලා කියලා……….. හැබැයි අසෙන් උෟ දන්නෙ නෑ උගේ හැම වැඩක්ම අපරාධයක්ම මං දැක්කා කියලා………. මං උන්ට පාඩමක් උගන්නන්න ආපහු යනවා…………..

🦋 පිස්සුද ඔයාට………… ඔයා කොහේවත් යන්නෙනෑ……….

💜️ අප්පච්චිට ලංකාවේ අලුත් branch එකක් open කරන්න වෙලා……. අපි තව මාසෙකින් යනවා අසෙනි……… ඒක ස්ථිරයි……….. මං කොහොම හරි මගේ අත්තම්මායි අම්මයි අක්කයි මරපු උන්ගෙන් පලිගන්නවා…….. මගේ අයියා මහණ වෙලාලු ඉන්නේ………….. මට දැන් එයාව හම්බවෙන්නත් ඕනි…………..

🦋 ඒත් වන්දු………………. අනේ මන්දා ඔයා යනව නම් මාත් එනවා………..

💜️ ඒ මොන එහෙකටද පිස්සෝ……….. ඔයත් මේවට පැටලෙන්න එපා………..

🦋 එහෙම බෑ……… ඔයා යන ඕනැම තැනකට මාත් එනවා……….

💜️ මං දවසක බැන්දමත් එනවද මං යන තැනකට අනේ මේ පිස්සු කියවන්නෙ නැතුව ඉන්නවා

🦋 ඒක ඒ වෙලාවට බලමුකෝ………

ඔවුන් යලිත් නිවසට එද්දි සවස පහ පමණ වුනා…….. නිවේදිතාත් ඒ වෙනකොට ගෙදර ඇවිත් හිටියේ………. අසෙනිය තමන්ගේ හිතේ තියෙන හැගීම තවදුරටත් සඟව ගත්තේ මේ මොහොතේ ඇය ඉන්නේ දුකින් නිසා………….. ඒත් අසෙනියට බයක් දැනෙනවා වන්දනාව අහිමි වෙයි කියලා………. ඒ හින්දම ඇයත් සමගින් ඔහුත් ලංකාවට යන්න තීරණය කරනවා……..

💜️💙💛❤️💛💙💜️💙💛❤️💛💙💜️💙💛

පසුදා පාන්දර සිටම සුලක්ඛණා දෑලබණ්ඩාර නිවසේ දැසි දස්සන්ට කෑ ගසයි……………. ඒ කොහොමත් ඇගේ හැටිය………….. නිවසට එන මෙහෙකාරයින්ගෙන් වැඩි කාලයක් මෙහි රැදී සිටියේ ගුණපාල පමණි……. අනෙක් කිසි කෙනෙක් මාසයකට වඩා රැඳෙන්නේ නැත………….. ඒ සුලක්ඛණාගේ තියෙන නපුරු කම නිසාමය…………….

🌾 රන්දය…….. නැගිටිනවා…….. අපි ඉක්මනට ලෑස්ති වෙන්න ඕනෙ…… සුභ ගමනක් යන්න ඕනෙ සුභ වෙලාවකට

❤️ මොකද්ද අම්මා මේ කෑ ගහන්නේ……..

🌾 කිසි කෙනෙක්ට උනන්දුවක් නැහැනේ……….

රන්දය යලිත් ඔලුවෙ ඉඳන් පොරව ගත්තේ අම්මව තව තවත් කේන්ත් ගස්වමිනි……………

නමුත් උදේ නවය පමණ වන විට ඔහුට සූදානම් වී පහලට යාමට සිදු විය……….

🌾 දැන්වත් යමුද…………

සුලක්ඛණා දෑලබණ්ඩාර කේන්තියෙන් පැවසුවාය………. ඊට සදහම් දෑලබණ්ඩාර කලේ මද සිනාවක් පෑම පමණි……. ඇය හා වාද කර පලක් නැත…………. ඇය කොහොමත් උඩගු දැඩි සිතක් ඇති තැනැත්තියකි……… ඇයගේ මතයම සාක්ෂාත් කර ගැනීමට ඕනෑම දෙයක් කරයි…………

ඔවුන් දහය පමණ වන විිට සූරිය බණ්ඩාර වලව්වය පැමිණියෝය……………

🍀 මං ඒත් බැලුවා මොකද පරක්කු කියලා……………….

රසාදරී සූරියබණ්ඩාර ඉදිරියට පැමිණියේ දෑත් එක් කර ආචාර කරමිනි…………

🍀 ඇවිත් වාඩි වෙන්නකෝ…….. මං මහත්තයාට කතා කරන්නම්

ට්ක වේලාවකින් ධනංජය සුරියබණ්ඩාරද පැමිණියේය…………..

💮 මැණිකේ……. දුවට කතා කලා නම්…………..

🍀 ඉන්න මං ගිහින් එක්ක එන්නම්…………..

මද වේලාවකින් රසාදරී සූරියබණ්ඩාර සමගින් පැමිණි තැනැත්තිය දුටු සුලක්ඛණා දෑලබණ්ඩාරගේ කට ඇද වී ගියේය………. ඇය වහාම රන්දය දෙස බැලුවේ ඔහු ඇයට අවඥාසහගත සිනාවක් පැ නිසාය……………..

෴ මතු සබැදීයි෴

෴ ත්‍රිලක්ෂණා වෛශාලි