15_වන_කොටස❄️

වාහනයෙන් බැස ආ හැඩි දැඩි පිිරිමින් තිදෙනෙක් භූමි ඉදිරිපිට සිට ගන්නා විටත් භූමි ඔවුන්ව දුටුවේ බොඳවූ දෑසින්……. කෙලින් සිටගෙන සිටින්නටවත් නොහැකි ඔහු දෙස පිරිස බැලුවේ සමච්චලයෙනි…………

” A…….L…….N…….I….L…A…..M… ඇල්නිලම්….. මහා තරුව…….. දඩයක්කාරයාගේ මහා බලගතු තරුවටලුනේ මචං ඇල්නිලම් කියන්නේ…. සමහරු කියනවා රාවණ රජතුමාව සංකේතවත් කරන්නේ ඔය ඇල්නිලම් තරුවෙන්ය කියලා………… ඒ වුනාට මේ ඇල්නිලම්ට මේ මොකද වෙලා තියෙන්නේ……. ඒයි චණ්ඩියා…… දේව් දාස් වෙන්නද යන්නේ……..

එක් මැරයෙක් කියවදිදි අනෙකා මැද්දට පැන වෙනත් දෙයක් කියවන්නට විය…

” පාරෝ………… පාරෝ බැඳලා වෙන කෙනෙක් එක්ක ගියා……. මොන පවක්ද දෙයියනේ……… දැන් එහෙනම් ලෑස්ති වෙයන් කරපු පව් ගෙවන්න…….

එක් අයෙක් භූමිව වැරෙන් අල්ලගනිද්දි වෙරි මරගාතෙ වුනත් භූමිට තේරැනා අනතුරක් කියලා ඔහු සිය ග්‍රහණයෙන් මිදෙන්නට උත්සහ කලත් එය කරගත නොහැකි වුනේ ඔහු පාලනයකින් තොරව මත්පැන් ගෙන සිටි නිසා…… එතැන සිටි හැඩි දැඩි පිරිමයෙක්ගේ අතුල් පහර කීපයක් භූමිගේ මුහුණ හරහා සැරෙන් වදිද්දි භූමි ඔහුට පහර දීමට උත්සහ කලා……. නමුත් එය අසාර්ථක උත්සහයක්…….

” උඹ Black cats ලගේ දිහාට ඇහැ දාලා කලේ හොඳ දෙයක් නෙවේ ඇල්නිලම්…. උඹ අත තිබ්බේ විශාල්ට විශාල් කියන්නේ වේදේශ්ගේ මල්ලි යකෝ……. පාහර බල්ලා……. අද තෝ මෙතනම ඉවරයක් කරනවා…….

වේගයෙන් එල්ල වුන මුගුරු පහරින් භූමිට දරුණු තුවාල සිදුවෙද්දි එතෙක් ඔහු අල්ලාගෙන සිටි පුද්ගලයා මදක් ඔහුගේ ග්‍රහණය ලිහිල් කලේය…. භූමිගේ නලලත පැත්තකින් ලේ ගලමින් තියෙන විට තවත් මුගුරු පහරවල් දෙකක් එල්ල වූයෙන් ඔහු විසිවී ගොස් අසල තාප්පයේ වැදුනි……….

” ඒයි……. නවත්තපන් නවත්තපන් ඕක……. ලැජ්ජා නැද්ද යකෝ තනි මිනිහෙක්ට කට්ටියක් එකතු වෙලා ගහන්නේ තොපි පිරිමිද තොපි මොන විදිහේ චණ්ඩිද……….

දුවින්‍ය………. තුහින්‍යාගේ මල්ලි ස්කූටිය පසෙකට තල්ලු කර භූමි දෙසට දිව එන විට මැරයින් පිරිස පලා ගියේ ඊයක වේගයෙනි……..

” මල්ලී………. මල්ලී…… මොකද දෙයියනේ මේ වුනේ කවුද මේ

එක් වරම මල්ලි දිව ගිය දෙසට යමින් තුහාින්‍යා අසන විට භූමි කපා හෙළුෑ කෙසෙල් කඳක් සේ ඇද වැටුනේ තුහින්‍යාගේ පා පාමුලයි……… දෑස් බොඳවී මුළු ලොවම නිලංකාරව යන විටත්……. පියවි සිහි නැති වන මොහොතේදීත් භූමිගේ නෙත ගැටුන එකම රුව ඇගේ රුවයි……… ඇගේ රැව ඔහුගේ නෙත් වල වැදී ඒ තරංගයන් ඔස්සේ ගොස් හදවත ගැඹුරේ තැන්පත් විය……..

” මල්ලි….. මේ මනුස්සයා මැරිලද…….

අක්කා බොහෝ කලබල වී ඇති බව තේරුන හෙයින් දුවින්‍ය ඇය දෙස බැලුවේ වැස්ස අතරින්……..

” අක්කා….. කලබල නොවී ඉන්න…… මං වාහනයක් නවත්තගන්නම්….. ටිකක් මේ අයියා ගාව ඉන්න…… ලේ ගලනවා හුඟක්…. ….

දුවින්‍ය නැගිට පාර අයිනට යද්දි තුහින්‍යා භුමිගේ හිස තමා දෙසට හරවා ගත්තේ ඇගේ සාරියේ පොටෙන් ඔහුගේ ලේ වැකුන මුහුණ පිස දමමින්…….. අනෝරා වර්ශාවටත් දැනෙන දැඩි සීතලටත් තුහින්‍යා ⁣ගල් ⁣වගේ සීතල වෙලා වෙව්ලමින් සිටියේ………. වැසි ජලයට ලේ සේදී යන විට තුහින්‍යා ඔහුගේ මුහුණ හොදටම දැක්කාය……

” මේහ්……….මේ…..අර…..අරයා…නේද… චූටිගේ හැන්ඩ්සම් මෑන්……. මේ ඒ මිනිහා තමා……. මහ මැරයෙක්ද කොහෙද එදත් දැක්කානේ….. යන තැන රණ්ඩු කෙක්කක් වගේ…….. අනේ මන්දා මොන විදිහට හැදෙන කොල්ලොද කියලා………… මහම මහ චණ්ඩියෙක් වගේ…….පේනවානේ ඇඟම නිකම් චිත්‍රපොතක් වගේ කටු බලි ඇඳලා…….

තුහන්‍යා භූමි දෙස බලාගෙන මුමුණද්දි දුවින්‍ය වාහනයක් හොයාගෙන ඇවිත්

” අක්කා……. මොකද තමුසෙ මෙයා දිහා බලාගෙන භාවනා කරන්නේ අහකට වෙනවා………. මේ ඔන්න ඔය වැටිලා තියන ෆෝන් එක රින්ග් වෙනවා ආන්ස්වර් කරලා බලනවා…….

දුවින්‍ය හරියට අණ කරන්නේ තුහින්‍යාගේ අයියා වගේ……. මල්ලි කෙනෙක්ගේ ලස්සන වැඩියෙන්ම පේන්නෙ ඔන්න ඔය වෙලාවට….. මල්ලිලා ඉන්න අක්කලාට එයාලගේ ආදරය දැනෙන්නෙ හරියට වැඩිමල් සොයුරෙකුගේ ආදරයක් වගේ…….

තුහින්‍යා ඉවත් වෙලා දුවින්‍යට ඉඩ දුන්නේ බිම වැටී තිබූ භූමිගේ දුරකතනයට ආ ඇමතුම සම්බන්ධ කරගනිමින්……..

” ඇල් කොහේද ඉන්නේ යකෝ….

එහා පසින් ඇමතු⁣ව රජීව්ගේ හඬට තුහින්‍යා මදක් නිහඬ වුනේ මොනවා කියන්නද කියලා හිතන ගමන්…..

” මේ අයියේ…….මේක අයිති අයියට කවුදකට්⁣ටියක් ගැහුවා……මං හිතන්නේ එයාට අමාරුයි…….. අපි එයාව hospital එකට එක්ක යන්න හදන්නේ……

” අනේ නංගි කොහේද ඔය ඉන්නේ මං මේ පිස්සුවෙන් වගේ මූව හොයනවා……

” අයියේ අපි මේ දැන් ඉන්නේ සීතාඅම්මාන් කෝවිල ගාව……

” නංගි තනියමද……

” නෑ අයියේ මගේ මල්ලි ඉන්නවා…

” හරි එහෙනම් ඔයාලා ඉක්මනින් hospital එකට යන්න මාත් එන්නම්……

ඇමතුම විසන්ධි කර දැමූ රජීව් අනෙක් පිරිසටත් ඇමතුවේය………

තුහින්‍යා හා දුවින්‍ය භුමිව රෝහලට ඇතුලත් කල පසු ඔහුව දැඩි සත්කාර ඒකකයට ගෙන ගියේ හිසට තුවාල සිදුව ඇති හෙයිනුත් තවමත් භූමි සිහි නොමැතිව සිටි නිසාත්ය……. රජීවි ඇතුළු මිතුරන් පිරිස එතැනට පැමිණියේ ඊටත් විනාඩි කීපයකට පසුය……..

” නංගි ඔයාද කතා කලේ……

දැඩි සත්කාර ඒකකය අසල සිටි තුහින්‍යා ලඟට එමින් රජීව් ඇසුවේ ඉතාම සුහදශීලි ලෙසය……….

“……… ඔ…..ඔව්…….අයියේ….. ඒ මං තමයි……..

” අනේ Thank u so much නංගි ඔයාටයි ඔයාගේ මල්ලිටයි…….. භූමි කියන්නේ අපේ පණ වගේ……. මේක මේ මහ කාලකණ්නියෙක්ගෙ වැඩක්……

” ඒක තමයි නේද…… තාම ඩොක්ටර්ස්ලා ඇතුලට ගියා විතරයි ආවේ නෑ……. ලෙඩාගෙ තත්වය බලා ගත්ත නම් ඇති………

තුහින්‍යා රජීව් සමගින් කතා බස් කරද්දි මල්ලි නම් දැනටමත් කට්ටිය හඳුනාගෙන සිටියහ……..
වෛද්‍යවරයා පිටතට ආවේ එතරම් බැරෑරැම් පෙනුමකින් නම් නොවේ……

” බය වෙන්න දෙයක් නෑ……ලොකු තුවාල මොනවත් නෑ……. මිනිහා අන්ලිමිටඩ් ලිකර් අරගෙන….. ඒකයි සිහියක් නැත්තේ………

වෛද්‍යවරයා කීවේ සරදම් සිනාවක් මුවේ තබාගෙන…….

” හරි තව පැයකින් විතර සිහිය එයි…… එතකොට බලන්න පුළුවන්…..

එසේ කියූ වෛද්‍යවරයා පිටව යන විට තුහින්‍යා දුවින්‍යට කතා කලාය……

” මල්ලි අපි දැන් යමු නේද……. අම්මලා බය වෙලා ඇති……….

තෙත් ඇඳුම් වලින් යුතුව ගැහෙමින් සිටි තුහින්‍යා පැවසුවාය………

” හ්ම්ම්ම්… එහෙනම් අපි යමු……
අයියා ගිහින් එන්නම්…. මොනා හරි තිබුනොත් මට කතා කරන්න……..

දුවින්‍ය ආපු හැරිලා බලලා කිව්වේ අක්කාගේ අතකුත් අල්ල ගනිමින්……..

” ආ…. හරි මල්ලි……. ටිකක් ඉන්න….. රවික මචං මේ දෙන්නව ගෙදරටම දාපන්…… මේ වෙලාවේ මේ නංගියි මල්ලියි කලේ මාරම උදව්වක්…….

රාජීව් කීවේ රවිකට……. රවිකත් ඔහුට අවනතව ඔවුන් සමගින් රෝහලෙන් පිට විය………….

” මහ මැරයෙක් වගේ පෙනුම නම්….. පේන්නැද්ද හිටිය යාළුවො ටික……. ඔක්කොම මොකක් හරි මැර කල්ලියක තමයි… නැත්තම් මොකටද තවත් මැරයෝ ටිකක් ඇවිත් මෙයාට ගහන්නේ…… මහ පිස්සු මිනිහෙක්…. දැක්කනෙ එදා බැංකුවේදි හැසිරුන විදිහ….. කිසිම ඉවසීමක් නැති මිනිහෙක්….. අනේ මන්දා මෙයාගේ දෙමව්පියෝ මෙයාව කොහොම හැදුවද කියලා…….. මනුස්සකමට….. ඒ වගේ අසරණ වෙලා ඉන්නකොට අහක බලාගෙන යන්න බැරි කම මිස නැත්තම් මං නම් කීයටවත් මේ වගේ උදව්වක් කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ……

තුහින්‍යා හිතුවේ මගින් මගට යන ගමන්……. ඇගේ හිතේ ඔහු ගැන ඇති වුනේ තදම තද කළු පැල්ලමක් ඒ වගේමයි අපැහැදීමක්……… එහෙම බැලුවම මුල්ම දසුනින් භූමි තුහින්‍යාගේ හිතේ ඇති කලේ ඔහු ගැන වැරදි ප්‍රතිරූපයක්………..

” අක්කා බහින්න……..

මල්ලි කතා කරනකම්ම තුහින්‍යා හිටියේ කල්පනා ලොව අතරමංව……. ඇය සෙමෙන් වාහනයෙන් බහින විට අම්මත් අප්පච්චිත් නංගිත් දුවගෙන ආවා……

” එහෙනම් අපි යනවා දුවින්‍ය මල්ලි….. යනවා නංගි……..

රවික ඇතුළු පිරිස පිටව යන විට අනෙක් අයගේ ප්‍රශ්ණාර්ථ මුහුණ ඔවුන් දෙන්නා වෙත යොමු වුනේ නිරායාසයෙන්…….

” බය වෙන්න එපා අප්පච්චි…… කවුදෝ කට්ටියක් අයිය කෙනෙක්ට කොවිල ගාවදි ගහලා දාලා යන්න ගිහින්…. ඉතින් මමයි අක්කයි එයාව hospital එකට අරන් ගියා…….. ඔය අයියා ඒ අයියාගේ යාළුවෙක්……….

” ඒක මිසක් අපි බය වෙලා හිටියේ….. යමු ඇතුලට……. මේ පොද වැස්සෙ තෙමෙන්නැතුව……

අප්පච්චි අනුගමනය කරමින් සියල්ලන්ම ඇතුලට ගියේ සිදුවීම ගැන කතා කරමින්……..

තුහින්‍යා නාගෙන ඇඳුමක් දාගෙන පහලට එන විට මල්ලි එලියෙ කෙනෙක් එක්ක කතා කරනවා…… තුහින්‍යා පිටතට නොයා මදක් සාලයට වී බලාගෙන හිටියා……….. මල්ලි ආවේ ස්කූටියේ යතුරත් අරන්……

” ආ…. අක්කේ….. රවික අයියා ආවේ….. එයාලා බයික් එක අරන් ඇවිත්

” නෑ……… මාර මිනිස්සුනේ මල්ලි…… මහ පුදුමාකාර මැරයෝ ටිකක්…..

” හොඳ මැරයොත් ඉන්නවානේ බං…..

මල්ලි එහෙම කියන ගමන් ඔහුගේ කාමරයට ගියා……… තුහින්‍යා එළියේ පුටුවේ වාඩි වුනේ මහා වර්ෂාවට නෙත් යොමාගෙන……….

” “හොඳ මැරයොත් ඉන්නවා” මොන විකාරයක්ද එයා ඒ කිව්වේ….. මැරයෝ කොහොමද හොඳ වෙන්නේ……. අම්මලා තාත්තලාට බරක් වෙච්ච දරුවෙක්ද කොහෙද……… නෑ සමහර විට හොඳ සල්ලිකාර පවුලක අයාලේ ගිය එකෙක් වෙන්න ඇති….. ඔව් එහෙම තමයි…….

ඔහුට උදව්වක් කලා එය අවසන්ය…… නමුත් දිගින් දිගටම ඔහුගේ මුහුණම මැවි මැවී පෙනෙන්නේ ඇයිදැයි ඇයට සිතාගත නොහැකිය…….. ආයාසයෙන් එය යටපත් කරගන්නට උත්සහ කලත් ඇගේ නෙතු වල භූමිගේ මුහුණ තදින්ම ඇඳී තිබුණි……..

” අක්කා…… මොකද කල්පනා කරන්නේ..

නංගිගේ හඬින් පියවි සිහියට ආව තුහින්‍යා ඇයගේ අතින් ඇද තමා අසලින් වාඩි කරවූවාය…..

” මේ……. අපි hospital admit කරපු මනුස්සයා කවුද කියලා දන්නවද

කිසිත් වැටහුමක් නැති සෙහන්ස්‍යා දෙවුර හකුළුවා හිස දෙසපසට සැළුවාය…

” ම්හු………..

” එයා…….. ඔයාගේ හැන්ඩ්සම්…….

සෙහන්ස්‍යාගේ දෑස් බලා ඉද්දි විශාල වුනේ ජිල්බෝල දෙකක් වගේ……

” නෑහ්……. මේ එදා අර අර බැංකුවෙදි….

සෙහන්ස්‍යා දබර ඇඟිල්ලත් උරුක් කරගෙන එදා සිදුවීම මතක් කලා…….

” හ්ම්ම්ම්ම්ම්… ඒ මනුස්සයා තමයි……..
දන්නවද සස්සා එයාගේ අත්දෙක පුරාම මහා ලොකු පච්චයක් කොටලා හරියට චිත්‍ර පොතක් වගේ ඇඟ…….. මහ මැරයෙක් වගේ……. වගේ නෙවේ එහෙමම තමා……. මොකක් හරි ලොකු අවුලක ඉන්නේ……. මට පේන්නෙ තවත් කට්ටියක් එයාව මරන්න හදනවා…….

” ඒ වුනත් අක්කෙ හැන්ඩ්සම් නම් මැරයෙක් වුනත් හොඳ මැරයෙක් වගේ…… දැක්කනෙ එදා කතා කරපු හැටි……….

තුහින්‍යාට ඇය ගැන ඇති වුනේ තරහක්……

” මැරයෝ කොහේද බං හොඳ වෙන්නෙ සස්සා………

තුහින්‍යායි දුවින්‍යයි නංගිට කතා කලේ සස්සා කියලා……… නංගි අක්කට කතා කලේ දෙව්වා කියලා අයියට කතා කලේ දුවියා කියලා….. ඒවා තමා එයාලාගේ සුරතල් නම්……. හැබැයි අම්මට ඇහුනොත් නම් බැනුම් අහන්න තමයි වෙන්නේ ඒ නම් වලට………

” ඒක නෙවේ අක්කා…… අද අම්මට වේදේශ් අයියා කතා කලා මං හිතන්නේ……..

සෙහන්ස්‍යා කියද්දි තුහින්‍යා විමතියෙන් ඇය දෙස බැලුවාය…….. එසැනින්ම ඇගේ මුවගට ඇඳුනේ මද හසරැල්ලකි……..

” දික්කසාදය ඉල්ලන්න වෙන්න ඇති……..

” හ්ම්ම්ම්ම්…. ඒකට දමා දෙව්වා…….. ඔයාට දුකයි නේද………

සෙහන්ස්‍යා ඇසුවේ අැසුවේ අක්කාගේ අතක් පිරිමදිමින්…..

” පිස්සුද නංගි…… මං මොනවට දුක් වෙන්නද අනේ…… අනික කොහොමත් මං එයාට දික්කසාදය දෙනවා…….

තුහින්‍යා පැවසුවේ ස්ථිර හඬිනි……… ඇගේ හදවත තුළ දුකක් නැතැයි කියා කිව නෙහෙැකිය……… නමුත් දැන් නම් වේදේශ් ගැන හිතේ තිබූ සෙනෙහස නැත්තටම නැති වී අවසන්ය……… තවත් ඔහු වෙනුවෙන් හදවතෙහි කිසිදු ඉඩක් වෙන් කර තැබීමට ඇය අකැමති වූවාය………

” මාත් එහෙම හිතනවා අක්කා…… අනික ඒ මිනිස්සු ඔයාට එහෙම සැලකුවාට පස්සේ ආයෙම කොහොමද ගිහින් ජීවත් වෙන්නේ……. මොකක්ද සාධකය වේදේශ් අයියා ආයෙත් වෙනස් කම් නොකරයි කියලා…….. හොඳම දේ අක්කා ඒක මං හිතන්නේ……… ඔයාට හොඳක්ම වෙයි….. බය වන්න එපා…….

සෙහන්ස්‍යා එසේ පැවසුවේ අක්කා ගැන උපන් අනුකම්පාවෙනි…….