නංගි මට ඇත්ත කියන්න. ඒ ගමනින් සතියකට විතර පස්සේ මිහින් ඇහුවේ ඔවුන් දෙදෙනා ගෙදර ඉන්න වෙලාවක. එදා අර ගිය ගමනේදී මොකද උනේ?

ඔහුගේ ප්‍රශ්නෙන් කෙල්ල පුදුමෙට පත් නොවුනේ ඇය ඒක බලාපොරොත්තුවෙන් හිටපු හින්ද. මේ විස්තර ඔහුට කියන්න උවමනාවක් තිබුනත් කෙල්ලට බැරි උනේ මාධ්‍ය ආයතනයේ ව්‍යාපෘතියත් අධ්‍යන කටයුතුත් සමග ඇය කාර්යබහුල වූ බැවිනි. ඉඩක් ලද මුල් අවස්ථාවේම එය කියන්න හිතන් හිටියත් මිහින් ඊට වඩා ඉක්මන් උනා.

කිලාන් මට ආදරේ කරනවා කියල මං දැනගත්ත අයිය. ඔයාට කියන්න පහුගිය ටිකේම මම බලන් හිටියේ. එත් බැරි උනා. කෙල්ල කිව්වේ නිවුණු කට හඬකින්.

මොනවා. එයා එහෙම කිව්වද ඔයාට?

නෑ අයිය. එයා මට කිව්වේ නැහැ. ඒ වුනාට මට දැනුන.

සිදු වූ දේවල් සොයුරාට කියන්නේ කොහොමද? ඒවා ඇගේත් ඔහුගේත් මිහිරි මතකයන් ය.

නංගි මට උනේ මොකද්ද කියල කියන්න. ඔයා හරි අමුතුයි මේ දවස් වල.

මොහොතක් නිහඬව හිටපු කෙල්ල සිදුවීම කෙටියෙන් විස්තර කලේ ඇස් වල කඳුළු පුරවාගෙන. මිහින් සුසුමක් හෙළුවේ ඇය විස්තරේ කිව්වට පස්සේ. ඔහුට කිලාන් ගැන දැනුනේ කනගාටුවක්.

කිලාන් ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ අපේ සයන්ස් ඩේ එක දවසේමයි නංගි. මම ඒ ගැන දැනගෙන හිටිය.

එහෙනම් ඔයා මට ඒක නොකිව්වේ?

කිව්වා කියල මොනා කරන්නද? ඒක ඔයාට කියන්න ඌ ට උවමනාවක් තිබුනේ නැහැ. හිතේ තියන් හිටිය විතරයි. ඒ මම නිසා.

එදත් එයා මුකුත් කිව්වේ නැහැ අයිය. මට එක දැනුනා. එයා ආදරේ ගැන එක වචනයක් වත් කිවේ නැහැ. කෙල්ල කිව්වේ තමන්ටම කියාගන්නවා වගේ.

ඒක වචන වලින්ම කියන්න ඕනේ නැහැ නංගි

ඔව් මම දන්නවා. ඔයාගේ හිතේ බිනු ට තියෙන ආදරේ මට පේනවා. ඔයා ඒ ගැන එයාට නොකියන්නේ මම නිසා. කෙල්ල හිතුවේ වේදනාවෙන්.

දැන් මොකද නංගි ඔයා කරන්නේ? අපි මේ ගැන කිලාන්ට කියමු ද?

මොනා ගැන ද?

අපි ඇත්ත කියමු. එයා ඔයාට ගොඩක් ආදරේ නිසා සමහර විට අසනීපෙ ගැන තේරුම් ගනී. එතකොට ඔය දෙන්නට සතුටෙන් ඉන්න පුළුවන් වෙයි නංගි . මොකද ඔයත් එයාට ආදරෙයි කියල මම දන්නවා.

මෙහන්සා බැලුවේ තිගැස්සිලා. මොකක්? කිලාන්ට ඇත්ත කියන්න? මොනාද අයිය ඔයා මේ කියන්නේ? මට පුලුවන්ද එච්චර ආත්මාර්ථකාමී වෙන්න? ඔව් ඔයා හරි එයා මාව පිළිගනී මොන අසනීපෙ තිබුනත්. එත් මම කොහොමද එච්චර කැපකිරීමක් කරන්න එයාට ඉඩ දෙන්නේ. බැහැ අයිය මට බැහැ දෙයියනේ.

එහෙනම් ඔයා හැමදාම මේක හංගගෙන ඉන්න ද හදන්නේ?

ඔව් අයිය. මන් එයාට ආදරෙයි තමයි. ඒ උනාට ඒක මම විතරක් දැනගෙන හිටියම ඇති. ඒ ආදරේ නිසා මම කැමතියි එයාට හොදක් වෙනවට. දැන් එයාට හැමදේම තියෙනවා හොද ගර්ල් කෙනෙක් ඉස්සරහට ලැබෙයි.

ඔයාට පුලුවන්ද එච්චර දෙයක් කරන්න?

ඔව් මට පුළුවන්. කෙල්ල කිව්වේ දැඩි හඬකින්. ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියල ඔය හැමෝම කියන්නේ. එහෙම කියල කෙල්ල හැදුවේ එතනින් යන්න. නමුත් මිහින් ඉක්මනට ඇයව නැවැත්තුව.

අඬන්න නේද ඔය යන්න හදන්නේ? කඳුළු පිරි රත් පහ ගැන වී තිබුණු ඒ දෙනෙත් දෙස බලමින් මිහින් ඇහුවෙත් දුකෙන්.

මට අඬල වත් හිත හදාගන්න දෙන්න අයිය ප්ලීස්.

අඬන්න ඔයාට හොද නැහැ නංගි

නමුත් ඇය නවත්වන්නට ඒ වදන් ප්‍රමාණවත් නොවිය.

නංගි ප්ලීස්….

නමුත් ඔහු ප්‍රමාද වැඩිය. ඊලග මොහොතේ ඇය සිහිසුන්ව ඔහුගේ වතේ කඩා වැටිණි.

නංගි…….. මිහින් ගේ දෙවනත් වන්නට කෑ ගැසිය. අම්මා………….. නංගි දෙවියනේ……… නැගිටින්න………..

වහාම වෛද්‍ය වරයා ගෙන්වා ප්‍රතිකාර ලබා දුනි. අම්මා සිටියේද බියපත්ව ය. මිහින් ඊටත් වඩා බිය වී සිටියේ ය.

බය වෙන්න දෙයක් නෑ දැනට. ඇය පරික්ෂා කර අවසානයේ වෛද්‍යවරයා කිව්වා. මෙයාට ලොකු ස්ට්‍රෙස් එකක් ඇවිත් තියෙනවා. එහෙම නැත්තම් මහන්සි වෙලා වැඩ කරා ද?

පහුගිය ටිකේ ටිකක් මහන්සි උනා තමයි ඩොක්ට.

මේ වගේ අසනීපයක් තියෙන කෙනෙක් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මම කලිනුත් කියල තියෙනවනේ. මෙයාව ස්ටඩිස් වලින් චුට්ටක් ඈත් කරලා තියන්න. කොහේ හරි එක්ක යන්න පුළුවන් නම් හොඳයි

හා ඩොක්ට.

හොදට බලාගන්න මිසිස් වීරසේකර. නැත්තම් ඓට මෙයාගේ ට්‍රිට්මන්ට් කරගෙන යන්න බැරිවෙනවා. වෛද්‍යවරයා ගියේ එහෙම කියල.

ඇයට යලි සිහිය එනකොට මිහින් විතරයි හිටියේ ළඟ.

නැගිටින්න එපා නංගි ඔහොම ඉන්න. මිහින් කිව්වේ ඇය නැගිටින්න උත්සහ කරපු හින්ද.

කෝ අම්ම.

මෙච්චර වෙලා අඬ අඬ ඉඳල දැන් ගියා කෑම හදන්න.

මට මොකද උනේ.

ආයෙත් ෆේන්ට් උනා.

මම නිසා ඔගොල්ලන්ටත් කරදරේ..

කට වහගන්න. මොනවද ඔයා මේ කියන්නේ. මිහින් කිව්වේ තරහෙන්. ඔයාව කරදරයක් ද අපිට.

මම ආයේ අසනීප වෙන්නේ නෑ අයිය. කවදාවත් නැහැ. කෙල්ල දැඩි හඬකින් කියනකොට මිහින් බලාගෙන හිටිය.

මේ මොනවත් නොදන්නා කිලාන් හිටියේ ලොකු මානසික අරගලයක. ඒ ගමන ගිහිනුත් සතියක් විතර ගතවෙලත් කොල්ලට ඒක දැනුනේ වත් නැහැ. නිතර මතක් වෙන ඒ මතකය ඔහුට දැනුනේ අද ඊයේ වගේ. ඇගේ උණුසුම ඔහුට සිහිපත් උනා නිතර නිතර. ඒ මතකෙන් මිදෙන්න ක්‍රමයක් දැනගෙන හිටියේ නැහැ කොල්ල.

මේ ආදරය පුද කරන්නට තමාට වරම් නැති බව සිහිපත් වෙලා කොල්ලට ඉවසන්න බැරි තරම්. රැය පිට රැය ගෙවුනේ නිදි නොමැතිව.

ඇය ගැන නොහිත ඉන්න පුළුවන් උනේ නැහැ ඔහුට. සරසවියට ගියත් ඔහුට පාළුවක් දැනුනේ කෙල්ල දිගටම දේශන වලට ආවේ නැති හින්ද. ඇය ගේ දුරකථනය ත් ක්‍රියා විරහිත වෙලා තිබුණු හින්ද ඔහුට ඇය ගැන දැනගන්න විදියක් තිබුනේ නැහැ. මිහින්ගේත් දුරකථනය ක්‍රියා විරහිත වෙලා තිබුනේ.

ඇයි බිනු මෙහන්සා ලේක්චස් එන්නේ නැත්තේ? අන්තිමේදී කොල්ල ඇහුවේ බිනුට ඇමතුමක් අරගෙන.

කොහෙද ගිහින්ලු ඒ දෙන්න. වෛද්‍යවරයා නිවාඩුවක් ගන්න නිර්දේශ කරපු හින්ද දෙන්නම ඔවුන්ගේ නෑ කෙනෙකුගේ නිවසට ගියේ හදිසියේම.

ඔයා දන්නේ කොහොමද?

මිහින් මට මෙසේජ් එකක් එවල තිබුන.

තමන්ට පණිවිඩේ කියන්න තරම් වත් ඇයට වුවමනා උනේ නැද්ද?

ඔයා ඇහුවොත් කියන්න කිව්වා කිලාන්. හදිසියේ යන ගමනක්ලු.

ඒ දෙන්න තනියෙන් ගියපු එක හොදයි, හැම තැනටම අපිට යන්න බැහැනේ. කිලාන් කිව්වේ හිතට විරුද්ධව.

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.

ඔයා එතකොට මේ සතියේ ගෙදර එන්නේ තනියම ද?

ඔව්. හැමදාම මිහින් එන්න ඕනේ කියල නියමයක් නෑනේ. අපි දෙන්නට වෙන්නේ තනියම ඉන්න තමයි කිලාන්. බිනු කිව්වේ දැඩිව.

තනියම එන්න එපා බිනු. මම එන්නම් මේ සතියේ ඔයාව ගන්න.

පුළුවන් නම් ලොකු උදව්වක් කිලාන්.

අපි දෙන්නට හැමදාම වෙන්නේ තනියම ඉන්න තමයි. කිලාන් දුරකථනය තිබ්බේ බිනු කි ඒ වදන් සිහි කර කර. අන්තිමේදී කොල්ල හොයාගත්ත සිතිවිලිවලින් නිදහස් වෙන්න ක්‍රමයක්.

ඒ පුළුවන් තරම් කාර්යබහුල වීම. ඔහු දවස් ගෙව්වේම පොත් පත් අතරේ.

මෙහන්සටත් එක්ක සටහන් ලිව්වා. ඇය මොහොතකට වත් ඔහුගේ සිතිවිලි හැර නොගියත් පාඩම් කටයුතු වල නිරත වීමෙනුත් බාහිර වැඩ හින්දත් සිත පෙලන පාලුවෙන් නිදහස් වෙන්න කොල්ලට පුළුවන් උනා.

වසර ගණන ක ඔවුන්ගේ මහන්සිය මල් පල ගන්වමින් උපාධි ප්‍රධානොත්සවයත් අවසාන උනා.

කලින් තීරණය කල විදියටම කිලාන් විදේශගත වෙන්න තීරණය කලේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඔහුට ඕනෑකම තිබුනේ හර්ද රෝග විශේෂඥ වරයෙකු වීමට.

සිත පෙලන වේදනාවෙන් මිදෙන්න හොදම මාර්ගය ඇගෙන් දුරස් වීම බව ඔහු සිතුවා. තනිව සිටින විට හිත හදාගන්න පුළුවන් වෙයි. දැන් ඔවුන්ගේ ඉලක්කය සම්පුර්ණ හින්ද ලගදීම මිහින්ගේත් මෙහන්සාගේත් විවාහය සිදු වෙනු ඇති බව ඔහු සිතුවේ වේදනාවෙන්.

එයට සහභාගී වෙන්න තරම් ධෛර්යක් තමන්ට නැති වෙයි. ඒ නිසා හොදම දේ මේ සියල්ලෙන් ඈත් වීම. ඒ අනුව ඔහු මව්බිමේ රැඳෙන්නේ තව මාස තුනක් පමණයි. ඒ තුන්මස මෙහන්සා සේවය කල රෝහලේම ඔහුට සේවය කරන්න සිදු උනේ ඇගේ බලවත් පෙරැත්තය මත.

බිනු මෙන්ම මිහින් සේවය කලේ එකම ආයතනයක ඉංජිනේරුවරුන් ලෙස.

ඔහු අසල සිටින විට තම සිතැඟි ඔහු දැනගනු ඇති කියලා බිනු හිටියේ බියෙන්. ඊටත් මිහින් සහ මෙහන්සා මොන තරම් සමගියෙන් ඉන්න යුවලක්ද කියල දන්නා හින්ද ඔවුන් අතරට යන්න ඇයට කොහෙත්ම ඕනේ උනේ නැහැ.

මේ නිසා ඇය ඔවුන්ගෙන් ඈත් වීමට තීරණය කලේ රහසින්. විදේශ රටවල් කිහිපයකටම අයදුම් පත් යොමු කල ද ඒවායින් ඇය බලාපොරොත්තු වූ අන්දමේ පිළිතුරක් මෙතෙක්ම නොලැබිණි.

මේ හින්ද ඇයට නිතරම වැඩ කරන්න උනේ මිහින් එක්ක. අපහසුවෙන් සිතිවිලි පාලනය කරගෙන හිටියත් ඈ තම බලාපොරොත්තුව අත හරියේ නැහැ. ලැබෙන හැම අවස්තාවකම විවිධ ආයතන වලට අයදුම්පත් යොමු කළා.

තුන් මස ගෙවුනේ විශේෂයක් නැතුව. කිලාන් විදේශ ගත වීමට නියමිත දිනය උදා විය. ඒ නිසා ඔහු භාරයේ සිටි රෝගීන් ද මෙහන්සාට භාර ගැනීමට සිදුව තිබිණි.

ඒ අදාළ වාර්තා ලබා ගැනීම සඳහාද කිලාන්ට සුභ පැතීමට ද ඇය හිතුවේ ඔහුගේ නිවසට යන්න. මිහින්ට ඇමතුමක් ගත්තේ ඒ අතරේ.

අයිය. කිලාන් අද යනවා. ඔයාට මතක නේ?

ඔව්. මිහින් කිව්වා. අනතුරුව ඔහුගේ හඬ බැරෑරුම් උනා. ඔයාට දුක නැද්ද නංගි ?

දුක උනත් මගෙන් ඈත් වෙලා ඉන්න එක එයාටමයි හොඳ. ඒ ඇස් වල තියෙන වේදනාව මට තේරෙනවා අයිය.

හ්ම්ම්ම්. කිලාන්ට ඇත්ත කියමු නංගි දැන්වත්.

බැහැ අයිය එයා රට ගිහින් එයාගේ ජිවිතේ හදාගත්තු දෙන්

හ්ම්ම්ම්. ඔයා යන්න දැන් එහෙනම්. බිනුයි මමයි රාවෙනවා එන්න. මිහින් හිතා මතාම ප්‍රමාද වී යන්නට හිතුවේ අන්තිම මොහොතේ හෝ තීරණය වෙනස් කරන්න ඇයට අවස්තාවක් දෙන්න.

හා. පුළුවන් ඉක්මනට එන්න. කෙල්ල එහෙම කියල දුරකථනය තිබ්බ.

සුසුමක් හෙලපු මිහින් බැලුවේ ඔහු ලගම මේසයට වී කුමක්ද වැඩක නිරතව හිටපු බිනු දිහා.

බිනු.. අපි ටිකක් පරක්කු වෙලා යමු කිලාන්ලගේ ගෙදර.

ඇයි ඒ?

ඔයාව මන් එක්ක යනවා වෙන ගමනක් ඊට කලින්

කෙල්ල තිගැස්සුනා. කොහෙද?

මොකද තිගැස්සුනේ ? මාත් එක්ක යන්න බය ද? මම යමු කිවේ කිලාන්ට මොනවහරි ගන්න. කියපු මිහින් එතනින් නැගිටලා යන්න ගියේ ඇගේ ඒ හැසිරීම ඔහුගේ හිතට වේදනාවක් ගෙනාපු හින්ද.

ඔයත් එක්ක කොහෙවත් යන්න මම බය වෙන්නේ නැහැ කියල දන්නේ මම විතරයි මිහින්. ඔහු යන දිහා බලමින් කෙල්ල තොල් මතුරගත්තේ තමාටම. කිලාන්ට වගේම තමාටත් ඉක්මනින් විදෙස්ගත වෙන්න අවස්තාවක් ලැබේ නම්.

එවිට හදවතට විලංගු දමාගෙන සිත සිරකරගෙන තවත් සිටීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. සිත සොයන රුව පේනමානයේ නිතරම සිටියදී ඇය සිත තද කරගෙන ඉන්නේ කෙසේදැයි දන්නේ ඇය ම පමණි.

මිහින් ද මේ වේදනාව මෙලෙසම විඳින මුත් ඇය මෙන්ම හැඟීම් සඟවාගෙන සිටීමට දක්ෂ විය. එනිසා ඒ හිතේ හැඟුම් බිනු දැනගත්තේ නැත.