3-අවසාන කොටස👩👩නිවුන් සහෝදරී👩👩 🌷🌷අම්මට අද මොනවා වෙලාද මන්දා , නෝනා ඇවිත් ගියවෙලේ ඉදන් හරියට කල්පනා කරනවා.

සමහර විට මන් ආයෙමත් නුවරඑළියේ යයි කියලා වෙන්න ඇති.

කලින් වතාවෙත් මන් ගියේ අම්මයි තාත්තයි ටිකක් විතර අදිමදි කරද්දිනෙ.

මන් එහෙම හිත හිතාම අම්මා ලගට ගියා.මන් යනකොට අම්මා කුස්සියේ බන්කුව උඩට වෙලා කල්පනා කරනවා.

මන් ගිහින් අම්මා ලගින් බිම වාඩිවුනා. .” අම්මේ ඔයා කල්පනා කරන්න එපා.මන් ලොකු නෝනලා එක්ක නුවරඑළි යන්නේ නෑ.

මට අම්මව තනියම මෙහෙ දාලා යන්න බෑ. මෙහෙන් මොකක් හරි රස්සාවක් හොයාගන්න ඕනි.අපි දෙන්නා කොහොමහරි ජීවත් වෙමු…” .

මන් එහෙම කියලා අම්මව බදා ගත්තා.දැන් ජීවිතේ හැම දේකටම ඉන්නේ අම්මා විතරයි. .රෑට බත් කාලා අම්මයි මායි බිම පැදුරු එලුවා නිදාගන්න.

ඒත් අම්මා නම් නිදාගන්න හදන පාටක් නෑ වගේ.එයා පැදුර උඩ ඉදගෙන මට කතා කරන්න ගත්තා. .” දුවේ, උඹ ලොකු නෝනා එක්ක නුවරඑළිය පලයන්.මන් හින්දා උඹ නොයාඉන්න එපා.

එහෙම නොගිහින් හිටියොත් ඒක මන් උඹට කරන ලොකු අසාදාරණයක්.උඹ මන් ගැන බය වෙන්න එපා.බණ්ඩාර වලව්වේ කුස්සියේ වැඩට හාමුනෝනා හෙට ඉදන් මට එන්න කිව්වා. උඹ නුවරඑළියේ පලයන්.මට තනියම ඉන්න පුලුවන්..” .අනේ දෙයියනේ මේ මොනවද අම්මා කියන්නේ .වෙනදාට එයා මන් බන්ගලාවෙ වැඩට යනවට කැමති වුනේ නෑ.ඒත් අද මට බලෙන්ම යන්න කියනවා.

මොනවද මේ අම්මට වෙලා තියෙන්නේ . මන් අම්මට එකහෙලාම කිව්වා යන්න බෑ කියලා .ඒත් අම්මා එයාගෙ තීරනේ වෙනස් කලේම නෑ.කිව්වෙම අම්මා කියන දේ අහන දරුවෙක් නම් යන්න කියලා. මොනවා කරන්නද? අම්මා මගෙ තීරනේට කැමති වුනේම නැති හින්දා මන් පහුවදා ලොකු නෝනලාත් එක්ක බන්ගලාවට යන්න ලෑස්ති වුනා .

උදෙන්ම නැගිට්ට මන් කේතලේ ලිපේ තියලා තේ හැදුවා.☕☕. ඊට පස්සේ බත් උයලා පොඩියට මාලුවක් හැදුවා. ඇදුම් කෑලි දෙකතුනක් ලෑස්ති කරගත්තු මන් නෝනා ආපු වෙලාවට යන්න එලියට බැස්සා. අම්මගෙ ඇස්වල තිබ්බෙ කදුලු .ඒත් අම්මා හිනාවෙලා හිටියා.ඒවා සතුටු කදුලුද දුකට වැටෙන කදුලුද කියලා මට හිතාගන්න අපහසු වුනා.

මිදුලෙදිම මන් අම්මට දණ ගහලා වැන්දා.ඊට පස්සෙ ලොකු නෝනත් එක්ක නුවරඑළි එන්න පිටත් වුනා. .

වෙනදා වගේ නෙවෙයි මට මහා අමුත්තක් අද අම්මාගෙ ඇස් වලින් දැනෙන්න වුනා. ඒ ගැන හිත හිතාම එද්දි මට කාරෙකේ නින්ද ගියා.

ඇහැරුනේ නුවරඑළියට කිට්ටු කරලා. .බන්ගලාවට එද්දී දවල් දොලහත් පහුවෙලා තිබ්බා.

අද වැඩකරන්න ඕනි නෑ.ටිකක් විවේක ගන්න කියලා ලොකුනෝනා මට කිව්වා.

ඇදුම් මාරුකරගෙන මන් ටිකක් එලියට ආවා. මිදුලේ බන්කුවක් උඩ ඉදගෙන අයෝධ්‍යා බේබි පොතක් කියව කියව හිටියා.

මන් බේබි ගාවට ගියා. .”ආ මල්ශා එන්න.කොහොමද විස්තර ඉතින්. සොරි මල්ශා මට තාත්තගේ මළගෙදර එන්න බැරිවුනාට.

ඒත් මට හිතුනා ඔයා ආපහු අපි ගාවට එයි කියලා.දුක් වෙන්න එපා ඔයාට අපි ඉන්නාවනේ..”

අයෝධ්‍යා බේබි මගේ හිත හදන්න ගොඩාක් දේවල් කිව්වා. කලින් පාරටත් වඩා බන්ගලාවේ අය මට ලෙන්ගතු වුනා.

ලොකු මහත්තයා නම් වැඩිය කතාවට ආවෙ නෑ. .කාලය ගෙව්නා.තාත්තගේ මරනෙන් පස්සේ මන් බන්ගලාවට ඇවිත් මාස හතරක් ගෙව්නා.

ඒ අතරවාරයේ මන් එකපාරක් අම්මව බලලා ආවා. දවසක් මන් කුස්සියේ උය උය ඉන්නකොට මට ආපු ලියුමක් ගෙනත් දුන්නා අයෝධ්‍යා බේබි

ඒක රෙජිස්ටර් ලියුමක් .රෑට බලනවා කියලා හිතලා මන් කුස්සියේ වැඩ කරන්න ගත්තා.

රෑට නාලා ඉවර වෙලා මන් කාමරේ දොරත් වහලා ඇද උඩ ඉදගෙනම අර ලියුම කියවන්න ගත්ත.

ලියුම එවලා තිබ්බේ අම්මා .මට අමුත්තක් දැනුනා .ඇයි අම්මා අද මේ ලියුම රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා. .

##### ###### . මගේම ආදරණීය මල්ශා දුවේ, උඹට මේ ලියමන ලැබෙනකොට මන් උඹෙන් ගොඩාක් දුර ගිහින් ඇති.

මට සමාවෙයන් දුවේ උඹට මේ වගේ ගින්දරක් දෙන්න වුනාට.අවුරුදු 19ක් තිස්සේ මමයි තාත්තයි උඹෙන් හන්ගපු මේ ඇත්ත උඹට හෙලි කරන්න ඕනියි කියලා හිතුවේ අර එදා නුවරඑළිය බන්ගලාවේ නෝනව දැක්ක මුල් දවසෙ.

දුවේ, මීට අවුරුදු 19කට කලින් මායි මගෙ මිනිහයි පදින්චි වෙලා හිටියේ බණ්ඩාරවෙල .

දවසක් දා මමයි, මගෙ මනුස්සයයි නුවරඑළිය ගියා එයාගෙ යාලුවෙකුගේ ගෙදර .

ඒ ගේ තිබ්බේ නුවරඑළිය ,රාගල හරියේ .මට එතකොට දරුවා ලැබෙන්න දින ලගලගමයි තිබ්බේ. රාගල ටව්න් එකට ලගා වෙනකොටම මට දරුවා ලැබෙන්න අමාරු වුනා.

ඊට පස්සේ ලගම තිබ්බ නර්සින් හෝම් එකට මගෙ මනුස්සයා මාව ගෙනිච්චා. උඹ ඉන්න ඔය බන්ගලාවෙ ලොකු නෝනත් දරුවෝ ලැබෙන්න එදා ඒ නර්සින් හෝම් එකට එක්කන් ආවා.

එකම වෙලාවේ මටයි ඒ නෝනටයි දරුවෝ ලැබුනත් මට ඉපදිච්ච දරුවා උපන් මොහොතෙම මැරුණා.😥මායි මගෙ මනුස්සයයි නොසෑහෙන්න ඇඩුවා.😫😥එදා වෝඩ් එකේ හිටපු ඩොක්ටර් මගෙ මනුස්සයගෙ යාලුවෙක්.

මගෙ මනුස්සයගෙයි ඒ ඩොක්ටර්ගෙයි මගෙයි අතර විතරක් හන්ගගත්තු සදාකාලික රහසක් විදියට ඒ ඩොක්ටර් අර බන්ගලාවේ නෝනට ලැබිච්චි නිවුන් දරුවෝ දෙන්නගෙන් එක දරුවෙක් මට දුන්නා.ඒ නෝනට සිහිය ආවට පස්සෙ කිව්වේ එක දරුවෙක් මැරුනා කියලා.

ඒක අහලා ඒ නෝනා හොදටම ඇඩුවා😥😥. මගෙ ටිකට් කැපුවට පස්සේ අපි ගෙදර ආවා.ඊට පස්සෙ අපි පදින්චියත් වෙනස් කරා.

අපිට දරුවව අරන් දීපු ඩොක්ටර් ඊට දවස් ගානකට පස්සෙ පපුවේ කැක්කුමක් හැදිලා මැරුණා. මගෙ රත්තරං දුවේ මට සමාවෙයන් .

උඹ මගේ කුසින් වදාපු දරුවෙක් නෙවෙයි රත්තරං .උඹ ඔය ඉන්නෙ උඹේම අම්මයි තාත්තයි නන්ගියි ගාව පුතේ😥😥😥😥උඹ අපේ දුප්පත් පැලේ ඉදන් හරියට දුක් වින්දා.උඹව අයිති ඔය බන්ගලාවට දුවේ.

මේ ලියමන උඹේ ඇත්ත අම්මටයි තාත්තටයි පෙන්නපන්. උඹ මේ ඇත්ත පිළිගන්න අකමැති වෙලා මාව හොයාගෙන එන්න එපා.දැන් මන් උඹව වදාපුවත්,හදාපුවත් අම්මා නෙවෙයි. මම දැන් විශාකා මෙහෙනින් වහන්සේ. උඹලා හැමෝටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. .ලියුම කියවපු මගේ ඇස්වලින් කදුලු හෝ ගාලා වැටුනා.

මන් ආයෙත් උවමනාවෙන් ඒ ලියුම කියෙව්වා. හොදටම ඇඩුවා😥😥.ඇයි දෙයියනේ මෙහෙම දෙයක් වුනේ. අනේ මන් ඔයාගෙ දරුවෙක් නෙවේද අම්මේ😥😥මන් ලියුම පපුවේ තියාගෙන ගොඩාක් වෙලා ඇඩුවා. 😫😫මට අම්මව හොයාගෙන යන්න හිතුණා .

ඒත් දැන් මට අම්මට අම්මේ කියලා කතා කරන්න අයිතියක් නෑ.

නොදැනුවත්ව හරි මන් අවුරුදු එකහමාරකට වඩා ඉදලා තියෙන්නේ මගේ අම්මා ගාවද?😫😫😥මට මහා අසරණකමක් දැනුනා. අඩලා අඩලාම මට නින්ද ගියේ පාන්දර තුනත් පහුවෙලා. .පහුවදා මන් ඇහැරෙද්දී උදේ 8.30 ත් පහුවෙලා.මන් ඉක්මනට කුස්සියට ගියා.යද්දී මැගිලින් නැන්දා උයන්න හදනවා. .”මල්ශා ලමයෝ අද මොකද මේ කවදාවත් නැතිව පරක්කු වෙලා නැගිට්ටේ.ලොකු නෝනත් බැලුවා මොකෝ කියලා.

අසනීපයක්ද දන්නෙ නෑ කියලා කිව්වේ. එන්නකෝ මන් ඔය ළමයට ☕ එකක් හදලා දෙන්නම්…” .මැගිලින් නැන්දා හදලා දීපු ☕ එකත් බීලා මන් අර ලියුමත් අරන් සාලෙට ආවා.එද්දී ලොකු නෝනයි මහත්තයයි බේබියි එලියේ ගල් බන්කුවේ ඉදන් ☕ බොනවා. මන් එයාලා ලගට ගියා.

මගෙ පපුව වේගෙන් ගැහෙනවා.මන් ඒගොල්ලෝ ගාවට ගියේ හරියට රොබෝවක් වගේ. .”මල්ශා, මොකෝ දරුවෝ වුනේ.සනීප නැද්ද ? බය වෙන්න එපා.

අපි බනින්නේ නෑ ඔයාට පරක්කු වෙලා නැගිට්ටට.තේ බිව්වද? .එහෙම ඇහුවේ ලොකු නෝනා .තව විදියකින් කිව්වොත් මගෙ අම්මා. ඇස් දෙකේ කදුලු පුරවගෙන මන් අතේ ගුලි කරගෙන හිටිය ලියුම ලොකු මහත්තයා අතට දුන්නා.

ලියුම බලපු ලොකු මහත්තයා කදුලු පිරි දෙනතින් මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා. .”මගෙ රත්තරං දුවේ.මගෙ ලොකු දුව.අනේ මගෙ කෙල්ල.උඹ තාම ජීවතුන් අතර ඉන්නවා .

අනේ මගෙ දුවේ උඹව දැක්ක පළවෙනි දවසෙම මට ලොකු වෙනසක් දැනුනා .අනෙ මගෙ පුතේ 😥😥😥😥😥😥😥😥…”

අම්මයි තාත්තයි මාව බදාගෙන ,තුරුල් කරගෙන ගොඩාක් වෙලා ඇඩුවා.

මගේ මුහුනුවරම තියන මගේම නිවුන් සහෝදරී තාමත් සිනහා මුහුනින් මන් දිහා බලන් ඉන්නවා.

මන් ගිහින් නන්ගිව බදා ගත්තා. .” මගෙ අක්කී ,දෙයියනේ අපි මෙච්චර දවසක් ජීවතුන් අතර ඉන්න කෙනෙකුටද දානෙ දීලා තියෙන්නේ?

ඔයාව දැක්කම මට කලිනුත් අක්කිව මතක් වෙනවා කිව්වා මතකද?දෙයියනේ ඔයා මගේම අක්කී….” .මගේම නිවුන් නන්ගි මාව බදාගෙන සතුටු කදුලු හෙලුවා. හැමෝම මට ආදරේ කරා.කාලයේ ඇවෑමෙන් W.A මල්ශා සමන්මලි වෙදනායක වෙලා හිටපු මන් R.A මල්ශා දේවි දිසානායක වුනා. .

මන් ආයෙමත් මගෙ අධ්‍යාපන කටයුතු ආරම්භ කරා. උසස් පෙළ ඉහළින්ම සමත් වුනා. නොදැනුවත්කමින් මන් මැරුණයි කියලා හිතලා මේ ගෙදර අවුරුදු ගානක් දීපු දානෙ හැම අවුරුද්දකම දුන්නා.

ඒ මාව හදාගත්තු මැරිච්ච තාත්තට පින් දීලා. හැම ගමනකම අපි ඒ දානෙ දුන්නේ මාව හදාගත්තු ආම්මා එහෙම නැත්නම් විශාකා මෙහෙනින් වහන්සේ වැඩ ඉන්න ආරාමෙට. . 🌹👩👩වසර හයකට පසු පසු 🌹👩👩 මම දැන් ඩොක්ටර් කෙනෙක්.මගේ නිවුන් සහෝදරී ගුරුවරියක් .

අපි දෙන්නටම පත්වීම් ලැබුනේ අපි පදින්චි වෙලා හිටපු නුවරඑළියටමයි. ඊලඟ අවුරුද්දේ අපි දෙන්නගෙම වෙඩින් ගන්නවා. නන්ගිගෙ ආදරනීය සැමියා වෙන්නේ ඉන්ජිනේරුවෙක් .එයා සමිත් විජේරත්න . එතකොට මගේ ආදරනීය සැමියා වෙන්න ඉන්නේ ඩොක්ටර් කෙනෙක් තමයි. එයාගේ නම විශ්ව අනුරාධ විජේසිංහ.