👩👩2 -කොටස👩👩නිවුන් සහෝදරී👩👩 🌷🌷”මල්ශා මෙහාට එන්න ටිකකට…” මේ වලව්වේ නෝනා මට කතා කරා. “ඇයි නෝනා” මන් ඇහුවේ ගරුසරුව. “මල්ශා ගෙදරදී උදේ කීයටද නැගිටින්නේ?.” .” පාන්දර 5ට නැගිටිනවා නෝනා …” .” බොහොම හොදයි.
ඒත් මෙහෙදි එච්චර උදෙන්ම නැගිටින්න ඕන්නෑ. හයට නැගිට්ටම ඇති.නැගිටලා වතුර ලිපේ තියලා රත්වුනාම උණුවතුර බොට්ල් එකට දාලා.කෑම උයන්න ගන්න. කිචන් එකේ අවශ්‍ය කරම හැම දෙයක්ම තියනවා. ගෙවල් අස්පස් කරන වැඩවලට තව ගෑනු කෙනෙක් ඉන්නවා .
එයා උදේ අටට ඇවිත් පහට යනවා. වත්තේ මුරට හතර දෙනෙක් ඉන්නවා. ඩ්‍රයිවර්ලා දෙන්නෙක් ඉන්නවා ….” ගෙදර වැඩ කෙරෙන හැටියි තව ගොඩාක් දේවලුයි නෝනා මට කියලා දුන්නා .
මාත් මට දුන්නු හැම වැඩක්ම ඉක්මනට ඉගනගෙන හරියටම කලා. නෝනගෙ මහත්තයා උදේ හතාමාරට විතර නුවරඑළියේ එයාලගෙ ටී ෆැක්ට්‍රියට යනවා.ආයෙ එන්නේ ගොඩාක් රෑවෙලා. සමහර දවස් වල පාන්දරත් එනවා. නෝනගෙ මහත්තය හරිම හොදයි.
සමහර වෙලාවට මට කතා කරන්නේ දරුවෝ කියලා. ඒත් මට වෙලාවකට නෝනව තේරුම් ගන්න බෑ. සමහර වෙලාවට නෝනට හරියට කේන්ති යනවා.
තවත් වෙලවකට හොදට ඉන්නවා .අනේ මන්දා… .”මල්ශා ළමයෝ මොනවද ඔය ළමයට උයන්න පුලුවන් කෑම.” මගෙන් එහෙම ඇහුවේ ගෙදර වැඩට ඉන්න අනික් ගෑනුකෙනා මැගිලින්. .”නැන්දේ මට ඕනම කෑමක් උයන්න පුලුවන්.
වැලිතලප ,පිට්ටු,ආස්මී,පරාටා… එහෙම .තව ගොඩාක් ජාති තියනවා.” .මන් එහෙම කිව්වම මැගිලින් නැන්දා හරිම සතුටින් බලන් හිටියා. ” ගෑනු ළමේක් වුනාම ඔය උයන පිහන වැඩ හොදටම ඉගන ගන්න ඕනි. ඔය ළමයා නම් ඒ කලාව හොදට ප්‍රගුණ කරලා තියනවා.” මැගිලින් නැන්දා ඒ විදියට මට ගොඩාක් ලෙන්ගතු වුනා .
මට මේ ගෙදර කතාබහ කරන්නත් දුක සැප බෙදාගන්නත් හිටියේ මැගිලින් නැන්දා විතරයි. එයා මගේ අම්මා තරමටම මට ලෙන්ගතු වුනා. විවේක වෙලාවට මන් බන්ගලාවෙ පිටිපස්ස පැත්තට ගිහින් ඈත තියන මීදුම් නිම්නෙ දිහා බලන් ඉන්නවා .මේ පරිසරය හරිම සීතලයි.
මේ පැත්තේ එලවලු පළතුරු එහෙම සරුසාරෙට හැදෙනවා. .දැන් මන් මේ බන්ගලාවේ වැඩට ඇවිත් සතියක් වෙනවා. දවසක් මන් කුස්සියේ දවල් කෑම උය උයා ඉන්නකොට කව්දෝ මන්දා ගෙදරට ආව සද්දයක් ඇහුනා. කවුරු හරි අමුත්තෙක් වෙන්න ඇති කියලා හිතලා මන් උය උයම හිටියා .
ටික වෙලාවකින් නෝනා ඇවිත් “මල්ශා , අපේ දුව ආවා හොස්ටල් එකේ ඉදන්.ඉක්මනට ඔරේන්ජ් ජූස් එකක් හදලා කාමරේට ගිහින් දෙන්න..” කියලා නෝනා ගියා. .
මම ටක්ගාලා ඔරේන්ජ් ජූස් එකක් හදලා වීදුරුවකට දාලා ට්‍රේ එකක තියන් කාමරේට ගියා.මන් යද්දි ඒ නෝනා හිටියේ මට පිටුපාලා .මන් කට
හඬ අවදිකරා. ” පු0චි නෝනා මේ බීම එකක් ගෙනාවා බොන්න.” මන් එහෙම කියලා ඒ නෝනා කතා කරපු හින්දා කාමරේ ඇතුලටම ගියා. මට පිටුපාලා හිටපු ඒ නෝනා මන් පැත්තට හැරුනා.ඒ නෝනා හරිම ලස්සනයි . සුදුයි. ඉනට චුට්ටක් උඩට වෙන්න තිබ්බ කොන්ඩේ ස්ට්‍රේට් කරලා .
නිල්ප්පාට ඩෙනිම් කලිසමයි අත් දිග රෝස පාට බ්ලව්ස් එකයි ඒ නෝනා ඇදලා හිටියේ. ඒත් ඒ නෝනාගෙ පෙනුම මගේ පෙනුමට සමානයි වගේ මට දැනුනා . . “ආ මල්ශා මට අපෙ අම්මා කිව්වා ඔයා ගැන. ගෙදරට උයන්න කෙනෙක් ගාත්තට මේ වගේ පු0චි කෙල්ල්ලෙක් කියලා.මට හිතුනේ නෑ.
ඔයත් මගෙ වයසමනේ. ඉතින් ඇයි මෙච්චර අඩු වයසකින් මේ වගේ රස්සාවකට එන්න හිතුවේ? ” .ඒ නෝනා එහෙම ඇහුවම මගෙ ඇස්දෙකට කදුලූ පිරුනා අපේ අන්ත අසරණ දුප්පත්කම ගැන මතක් වෙලා.
මන් නෝනට මන් ගැන හැම දෙයක්ම කිව්වා.මගේ කතාව අහලා ඒ නෝනත් හරියට දුක්වුනා. .කාලය වෙගෙන් ගෙව්නා.දැන් මන් මේ බන්ගලාවේ වැඩට ඇවිත් මාස හතක් වෙනවා.
ඒ මාස හත ඇතුලත මන් දෙපාරක් අම්මලාව බලලා ආවා. තාත්තා දැන් ගමේ ගල් වැඩපලේ ගල් තලන රස්සාවක් කරනවා. මන් හම්බකරන ස්ල්ලි සේරම ගෙදරට යැව්වා.
තාත්තා ගල් කැඩුවට ඉස්සර තරම් හයියක් හත්තියක් තාත්තට නෑ. .දවසක් ලොකුනෝනා මට කතා කරලා කිව්වා මැගිලින් එක්ක ටව්මට ගිහින් බඩු
වගයක් ගේන්න කියලා. මාත් ඉතින් මැගිලින් නැන්දා එක්ක ගිහින් ඒ බඩු ලිස්ට් එකම ගෙනාවා.එතන තිබ්බේ දානෙකට අවශ්‍ය බඩු.කාගෙද දානෙ කියලා මන් මැගිලින් නැන්දගෙන් ඇහුවා. .”ඔය දානෙ දැන් අවුරුදු දහනවයක් තිස්සෙ මේ බන්ගලාවෙ දෙනවා ළමයෝ .නෝනගෙයි මහත්තයගෙයි ලොකු දුව නැතිවෙලා දැන් දහඅට අවුරුද්දක් වුනා. ඒ මැරිච්ච දරුවයි මේ ඉන්න අයෝධ්‍යා බේබියි ඉපදුනේ එකටමයි.
ඒත් අර දරුවා ඉපදිලා පැය දෙකක් යනකොටම මැරුණා .පව් . ඔය ළමයා මෙහෙ වැඩට ආපු දවසේ මට මතකයි ලොකු මහත්තයා කිව්වා ඔය ළමයාව දකිද්දි අර මැරුනු දරුවව මතක් වෙනවා කියලා .
ඔයත් හරියට අයෝධ්‍යා බේබි වගේමයි. වෙනසකට තියන්නේ හමේ පාටයි, කොන්ඩෙයි විතරයි…” .මැගිලින් නැන්දා කියපුවා අහලා මට හරියට දුක හිතුණා .ලොකු මහත්තයට මාව දකිද්දි මැරිච්ච දුවව මතක් වෙන හින්දා තමයි එහෙනම් එයා මට වැඩිය මූණ නොදෙන්නේ. .වෙලාව ගෙව්නා.
මැගිලින් නැන්දයි මමයි දෙන්නා හොදට මහන්සි දානෙට කෑම හැදුවා.අපිට ලොකු නෝනයි අයෝධ්‍යා බේබියිත් උදව් කරා. ඒත් ලොකු මහත්තයා වැඩිය අපි ඉන්න පැත්තට ආවේ නැහැ.
ඒ මන් හින්දා වෙන්න ඇති. . දානෙ වැඩකටයුතු හොදට කෙරුනා. ලොකු නෝනයි ලොකු මහත්තයයි මැරිච්ච දුව ගැන මතක් කරකර හොදටම ඇඩුවා😥😥😥 . අද දවස මටත් ව
ිශේශයි.
මොකද අද මගෙ උපන්දිනේ. ගෙදර ඉන්න දවස්වල නම් කොච්චර නැතිබැරිකම් තිබ්බත් අම්මා මට උපන්දිනේට කිරිබත් හදලා දෙනවා. හවස අම්මයි තාත්තයි මමයි පන්සල් ගිහින් බුදුන් වදිනවා.
මට ගෙදර මතක් වෙලා ඇස්දෙකෙන් කදුලක් වැටුනා. අතීතය සිහිපත් කරකර ඉන්නකොටම අයෝධ්‍යා බේබි මන් ගාවට ආවා. .”මල්ශා මොකද මේ හවස් වෙලත් එලියේ තාම..” .”මොකුත් නෑ බේබි.මන් මේ නිකන් පාර දිහා බලන් හිටියා..” .”මල්ශා ,අපේ තාත්තට වගේම මටත් ඔයාව දකිද්දි අපේ අක්කව මතක් වෙනවා.අක්කයි මායි නිවුන්නු නෙ. අනික ඔයත් මන් වගේනෙ ඒ හින්දා වෙන්න ඇති. අනේ මන්දා …අවුරුදු 19ක් තිස්සේ තිස්සේ අම්මයි තාත්තයි තාම අක්ක ගැන හිතලා දුක් විදිනවා. ” .අයෝධ්‍යා බේබි එහෙම කියලා මන් ලගින් ගියේ මටත් දැන් රෑ වීගෙන එන හින්දා ගෙට යන්න කියලයි. .එක දවසක් මන් මිදුලේ මල් පාත්තිවලට වතුර දදා ඉන්නකොට ලොකුනෝනා මන් ගාවට දුවගෙන ආවා ලොකු කලබලේකින් වගේ.
නෝනගෙ මූණෙ දාඩියත් දාලා තිබ්බා.මන් නෝනගෙන් ඇහුවා ඇයි කියලා .”නෑ මල්ශා කලබලයක් නෑ. මල්ශගෙ අම්මලා ඉන්න ඉඩමෙ අයිතිකාරයා බණ්ඩාර .එයා මගෙ මහත්තයගෙ යාලුවෙක් .බණ්ඩාර කිව්වා පොල් වගයක් තියනවා අරන් යන්න කියලා.මන් දැන් පියදාසව යවනවා කාර් එකේ ගමට .
මල්ශාත් ගෙදර ගිහින්ටික දවසක් ඉදලා එන්නකෝ.
දැන්ම ගිහින් ලෑස්ති වෙන්න….” .නෝනා එහෙම කිව්වත් මට නෝනගෙ මූණෙන් ඊටවඩා දෙයක් පෙනුනා.මන් ඒ ගැන ප්‍රශ්න අහන්න ගියෙ නෑ.මාස දෙකකින් විතර ගෙදර ගියේ නැති හින්දා මන් හරිම ආසාවෙන් ගෙදර යන්න ලෑස්ති වුනේ. .මන් ලෑස්ති වෙලා පියදාස මාමත් එක්ක කාරෙක ගාවට ගියාට පස්සෙ නෝනා ඇවිත් මගෙ අතට රුපියල් පන්දාහෙ කොලයක් දුන්නා.
මන් සල්ලි එපාම කිව්වත් නෝනා බලෙන්ම වගේ මගේ රෙදිබෑග් එකට සල්ලි දැම්මා. .පැය පහක හයක ගමනකින් පස්සේ අපි අපේ ගමට ලගා වුනා.
වෙන්දා ගමට එන්නේ බස් එකේනෙ.අද ආවේ කාර් එකේ හින්දා ඉක්මනට එන්න පුලුවන් වුනා කියලා මට හිතුනා. ගමේ තිබ්බ වෙල් යාය පහුකරන් කාර් එක ඉදිරියට ඇදෙද්දී පාර දෙපැත්තේ සුදුකොඩි එල්ලලා තිබ්බා.ගමේ කවුරුහරි මැරිලා කියලා මට හිතුනා.ඒ සුදුකොඩි බණ්ඩාර වලව්වට යනපාරෙත් තිබ්බා.
බණ්ඩාර හාමුගේ අම්මා වෙන්න ඇති නැති වෙලා ඉන්නේ.ඒ ආච්චම්මත් ගොඩාක් වයසයින්නේ. ඒ ගැන හිතහිතාම යනකොට කාරෙක අපේ ගෙවල් තියන පාරට හැරෙව්වා.
අපේ ගෙවල් පාරෙත් සුදු කොඩි ගොඩාක් එල්ලලා තිබ්බා. ගමේ මිනිස්සු ගොඩාක් දෙනෙක් ගෙයි මිදුලේ වගේම පාරෙත් හිටියා.සමහරු පාර දෙපැත්ත සුද්ද කරනවා.තවත් සමහරු පුටු, ටකරන් ගේනවා. මගේ පපුව අසාමාන්‍ය විදි
යට ගැහෙන්න ගත්තා.කාර් එක මිදුලෙ නතර කරා.
වටේ පිටේ හිටපු මිනිස්සුන්ගේ අනුකම්පා සහගත මුහුනු මගේ දෙසට යොමුවෙලා තිබ්බා. මන් ඒදෙසවත් නොබලා එක පිම්මේ දුවගෙන් ගියේ ගේ ඇතුලට. .ගේ දොරකඩට දුවගෙන ගිය මන් දැක්කේ දුවෙකුගේ ජීවිතයේ නොදැකිය යුතු වේදනාබර දසුනක්.
මගෙ ඇස්වලින් කදුලූ කැට කඩන් හැලුනා😥😥😥.හිසේ සිට පාදාන්තය තෙක් ගිනි ඇවිලුනා වගේ දැනුනා. මට මගේ දෙනෙත් අදහගන්න බැරිවුනා.මන් ආයෙමත් හොදට බැලුවා.
මගෙ ආදරණීය තාත්තා , ජීවිතේ මටයි අම්මටයි හිටපු ලොකුම හයිය , මගේ ජීවිතේ වීරයා අද සාලෙ පෙට්ටියක් ඇතුලේ සදහටම ඇස්පියාගෙන සන්සුන් විදියට හිටියා. “අනේ මගේ රත්තරං දුවේ….”කියාගෙන අඩාගෙන මන් ලගට ආපු අම්මා මාව බදාගෙන හොදටම ඇඩුවා😥😥😥 .
අපි ඒ විදියට හුගාක් වෙලා අඩන්න ඇති.ලග ගෙදරක නැන්දා කෙනෙක් ඇවිත් අපිව සැනසුවා. .” දැන් අඩන්න එපා මල්ශා දුවේ. වෙච්චි දේවල් වෙලා ඉවරයි.
මරණය අපි හැමෝටම පොදුයි.අපි හැමෝම දවසක මැරෙනවා. ඇඩුවයි කියලා පලක් වෙනවානම් අපි හැමෝම එක්කාසු වෙලා හරි අඩන්න බැරියෑ.හිත හදා ගන්න දුවේ. අඩලා අඩලා අම්මත් හෙම්බත් වෙලා ඉන්නේ.උඹ ඔහොම තවත් අඩලා අම්මව අඩවන්න එපා .
දැන් ඉස්සරහට කරන්න තියන වැඩ කටයුතු ගැන බලමුකෝ………” .සෝමා නැන්දා ත
ව තවත් ගොඩාක් දේවල් කියලා මගෙයි අම්මගෙයි හිත් හදන්න උත්සහ කරා.අඩලා අඩලා හෙම්බත් වෙලා මන් බිම වැතිරිලා තාත්තගේ නිසල සිරුර දෙස බලන් හිටියා.
😥😥😥 .ගමේ මිනිස්සුන්ගේ උදව්වෙන් තාත්තගේ අවසන් කටයුතු කරලා හත් දවසේ දානෙත් කරා.ඒවට ගිය වියදම් වැඩිපුරම දැරුවේ බණ්ඩාර හාමුයි, නුවරඑළිය මන් වැඩ කරපු වලව්වේ ලොකු මහත්තයයි .😫😫😫😥😥😥 තාත්තා මැරුණේ ගල් කඩද්දි ලොකු ගල් පතුරක් ඔලුවේ වැදිලා. .තාත්තගේ මරණෙන් සති දෙකක් ගෙව්නත් අම්මයි මායි හිටියේ තාම දුකෙන් .
ඇඩූ මූනෙන්.අඩලා අඩලාම අම්මත් හොදටම වැහැරිලා. මන් හාල් පොඩ්ඩක් ලිපේ තියලා සම්බෝලයක් හදලා අම්මට බත් කැව්වා.මගෙ වදේටම අම්මා කෑවේ කටවල් දෙක තුනයි.
සති දෙකක් ගෙව්නත් අපි හරියට බතක් මාලුවක් ලිපේ තිබ්බේ නැහැ. තාත්තා හිටපු දවස් වල අපි කොච්චර සතුටින් හිටියද? කොයිතරම් අගහිඟකම් තිබ්බත් තාත්තා අපිව එක දවසක්වත් අපිව බඩගින්නේ තිබ්බේ නෑ.
පුලුවන් ශක්ති ප්‍රමානෙන් අපිට සැළකුවා. .ඔය විදියට සතියක් දෙකක් ගෙව්නා.මන් ආපහු නුවරඑළියේ බන්ගලාවට නොයන්න තීරණය කරා. අම්මව තනියෙන් දාලා මට දැන් යන්න බෑ.
මන් මෙහෙන් රස්සාවක් හොයාගෙන අම්මව බලාගන්නවා. .අම්මා උදේට උයන අතරේ මන් ඉදලත් අරගෙන අතුගාන්න මිදුලට බැස්සා.එ
තකොටම කාරෙකක් ඇවිත් මිදුලෙන් නැවැත්තුවා. ඒකෙන් බැහැලා ආවේ නුවරඑළිය බන්ගලාවෙ ලොකු නෝනා.මන් ඉක්මනට ගිහින් නෝනට වැන්දා. .”
මල්ශා දැන් මොකද දරුවෝ ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයා ආපහු එන්න අපේ බන්ගලාවට .අපි ඔයාට පඩිය තවත් වැඩි කරලා දෙන්නම්.මට ඔයාගෙ තාත්තගේ මළගෙදර එන්න බැරි වුනාට තරහා වෙන්න එපා….” .ලොකු නෝනා එහෙම කිව්වත් මට අම්මව දාලා යන්න බැහැ.
මන් ගියාම එයා තනි වෙනවා. හදිස්සියකටවත් කව්ද එයා ලග ඉන්නේ. අසනීපයක්වත් වුනොත්.තාත්තත් නැති මට ඉන්නේ අම්මා විතරයි.මන් ලොකු නෝනාට කිව්වා මට යන්න බෑ කියලා. .මගෙ සද්දයක්වත් නැති හින්දද මන්දා අම්මා මිදුලට ආවා. මන් අම්මට නෝනව හදුන්වලා දුන්නා.
මන් නෝනට ගෙට කතා නොකලේ අපේ දුප්පත් පැලේ නෝනට ඉදගන්න තරම්වත් හොද පුටුවක් නැති හින්දා. නෝනා කළුපාට අව්කණ්නාඩියක් දාලා හිටියේ. අම්මත් එක්ක කතා කරන්න නෝනා ඒ කණ්ණාඩිය ගැලෙව්වා. නෝනගෙ මූණ දැකලා අම්මා ටිකක් කලබල වුනා.
ඒත් ඒ බවක් නොපෙන්වා අම්මා නෝනත් එක්කලා කතා කරා. නෝනත් කිසිම වෙනසක් නැතුව කතා කරා. .නෝනා අද බණ්ඩාර වලව්වේ නැවතිලා හෙට යන්නෙ කිව්වා.
එයා හෙට උදේ යන්න කලින් අපේ ගෙදරට එනවා කිව්වා. එයා හිතුවේ මන් අන්තිමට හරි නුවරඑළියෙ යන්න කැමති වෙයි කියල
ා. .නෝනා ගියාට පස්සෙ අම්මා හරියට කල්පනා කරන්න ගත්තා.අම්මගෙ හැසිරීම අද හරිම වෙනස්. එයා නෝනත් එක්කලා කතාකරෙත් නිකන් බයවෙලා වගේ.