කොටස👩👩නිවුන් සහෝදරී👩👩 🌹පෙරදින දින රාත්‍රියේ සිට ඇදහැලෙන මහා ධාරානිපාත වර්ශාව තාමත් පහව ගොස් නැත🌧️🌧️🌧️.පරිසරය දෙවනත් කරමින් ගස් කොලන් ඇඹරෙමින් හමන සුළගයි මේ වැස්සයි නිසා ගතට දැනිනු අධික සීතලෙන් මම තව තවත් පොරෝනය තුලට ගුලි වුනෙමි.🌧️ .

” දුවේ ,නැගිටින්න. දැන් හොදටම පරක්කු වෙලා.අද ඉස්කෝලේ යන්නේ නැද්ද ? ඉක්මනට නැගිටලා ලැහැස්ති වෙන්න ළමයෝ. අද මට පොළට යන්නත් තියනවා ..” .

අම්මගෙ කෑගැහිල්ලට මන් මූනත් හපුටු කරගෙනම කම්මැලිකමෙන් නැගිට්ටා. තවත් ටිකවෙලාවක් නිදාගන්න හිතුනත් අම්මා ආයෙමත් බනී කියලා හිතුනු නිසාම ඉක්මනින් කුස්සිය පැත්තට ගිහින් දත් මැදලා මූණ හෝදගෙන තේ කෝප්පෙ බීල සුදු ගව්ම ඇදගත්තා. .

“අම්මේ ඊයෙ එළවලු ටික ඔක්කොම කැඩුවද?” මන් අම්මගෙන් එහෙම ඇහුවා. ” කොහෙ කඩන්නද ළමයෝ මේ අනෝරා වැස්සට එලවලු වලින් බාගෙකටත් වැඩියා නාස්ති වෙලා.

උඹ බය වෙන්න එපා.මන් පොළට ගිහින් කොහොමහරි මේ එළවළු ටික විකුනගෙන උඹ කියපු ගණන් පොත ටවුමෙන් අරන් එන්නම්.උඹ දැන් ඉස්කෝලේ පලයන් පුතේ.

වැස්සත් අඩු කෙරුවා. ” .මන් අම්මටත් දණගහලා වැදලා පොත්බෑග් එකත් එල්ලගෙන බාගෙට කැඩුණු කුඩෙත් ඉහලාගෙන ඉස්කෝලේ යන්න පිටත් වුනා. .මගේ නම මල්ශා සමන්මලී. මට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. අපි හරිම දුප්පත් මිනිස්සු. මගෙ තාත්තා රැකියාව විදියට කරේ ගමේ තිබ්බ මුදියන්සේ වලව්වේ මුරවැඩේ.

අපි ඉන්නෙත් ඒ වලව්වට අයිති ඉඩමක. අපි අපේ ඉඩමේ එකඑක ජාතියේ එළවලු වර්ග හිටෙව්වා .පොළ දවසට ඒවා නෙළාගෙන අම්මා පොලේ ගිහින් තිතියාගෙන විකුණනවා . ඒත් වැස්ස දවසටනම් එළවලු වලින් බාගයකටත් වැඩිය විනාශ වෙලා යනවා.ගමේ තිබ්බ ඉස්කෝලෙට තමයි මම ගියේ.

මන් මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා.මන් ඉගන ගන්න හරිම දක්ෂයි. හැම වතාවකම පන්තියේ පළවෙනියා මන් තමයි. O/L ළග වුනත් මන් අමතර පන්ති ගියේ නෑ. මොකද ඒවට වියදම් කරන්න අපිට සල්ලි තිබ්බෙ නෑ. ඒ තරම්ම අපි දුප්පත්. .අතීතය සිහිපත් කරකරම මන් ඉස්කෝලෙට ආවා.

වෙලාව 7.20 යි. ඇති යන්තම් පරක්කු වෙලා නෑ.මන් පන්තියට යද්දී මගෙ හොදම යාලුවා උමාරි ඇවිත් හිටියා. “ගුඩ් මෝනින් උමාරි” “ආ .ගුඩ් මෝනින් මල්ශා.

මේ අද english ටීචර් නෑලු.ටීචගෙ මහත්තයා ඇක්සිඩන්ට් වෙලා. මන් ඔයාට ඒ පීරියඩ් එකේදි විද්‍යාව ක්ලාස් එකේ නෝට් එක දෙන්නම්.ඔයා ඒක බලා ගන්න. ඕලෙවල් වලට තව මාස දෙකයි තියෙන්නේ . කොහොම හරි විභාගෙ ගොඩදාගන්න ඕනි..” එහෙම කියපු උමාරි කියලා එයාගෙ ක්ලාස් එකේ විද්‍යාව පොත මට දුන්නා.

උමාරි හරිම හොදයි.මට එයා යාලුවෙකුටත් වඩා සහෝදරියක් වගේ ලෙන්ගතු වුනා.එයාලගේ අම්මටයි තාත්තටයි සල්ලි හොදට තිබ්බට උමාරි කවදාවත් ඔලුව ඉදිම්මවගත්තු මහන්තත්වයෙන් වැඩකරේ නෑ. .ටීචර් ආපු නැති පීරියඩ් එකේදි මන් උමාරි දුන්නු නෝට් එක ලියාගත්තතා ගෙදරදී පාඩම් කරගන්න. .

සාමාන්‍ය පෙළට එන්න එන්නම දින ලන්වුනා.ගුරුවරු ගොඩාක් මහන්සි වුනා ඉස්කෝලෙන් හොද රිසාල්ට් එකක් අරන් දෙන්න.හැමදාකම වගේ ඉස්කෝලෙ වෙලාවෙන් පස්සේ අමතරව ඉගැන්නුවා. මන් ඒ හැම එකකටම සහභාගී වුනා. ටියුෂන් යන්න සල්ලි නැති හින්දා පුලුවන් තරම් හොදට පොත් පාඩම් කරා.

ඉස්කෝලේ වැඩ හොදට කරා.පාන්දරත් පාඩම් කරා.රෑ වෙනකනුත් පාඩම් වැඩ කරා. .කාලය වේගෙන් ඉගිල ගිහින් සාමාන්‍ය පෙළ විභාග දවස උදාවුනා.මන් උදෙන්ම නැගිටලා හොදට ලැහැස්ති වෙලා මල් කඩලා බුදු පහන පත්තුකරා.ඊට පස්සෙ පිටත් වෙන්න ලෑස්ති වෙලා අම්මටයි තාත්තටයි දණගහලා වැන්දා.

” මගෙ රත්තරං දුවට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි . හොදට ලියපන් මගෙ දුවේ.උඹට වරදින්නේ නෑ.” ඒ විදියට අම්මගෙයි තාත්තගෙයි ආශිර්වාදයෙන් මන් විභාගෙ හොදට ලිව්වා.

ප්‍රතිඵල එන්න මාස තුනක්වත් යන හින්දා මන් කල්පනා කරේ මොනවහරි දෙයක් කරන්න . රස්සාවක් කරන්නවත් තාම 18ක්වත් නෑනෙ. .ටික දවසක් යනකොට මට මගෙ යාලුවා උමාරි කිව්වා ටව්න් එකේ SSQ garment වැඩට අලුතින් ගෑනු ළමයි ගන්නවලු.මට තාම 16වුනාට ඒ ෆැක්ට්‍රියෙ අයිතිකාරයා උමාරිගෙ තාත්තගෙ යාලුවෙක් හින්දා මාව කියලා දාලා දෙන්නම් කිව්වා.ඒ ආරන්චිය අහලා මට ගොඩාක් සන්තෝශ හිතුණා .

අඩුම තරමේ විභාගෙ පාස් වෙලා තිබ්බොත් ඒලෙවල් වලට වියදම් කරන්න හරි සල්ලි ටිකක් හොයාගන්න පුලුවන්නේ කියලා. අම්මට තාත්තට තවත් දුක් දෙන්න බෑ.

මේ ජීවන අරගලය ජයගන්න ඒ දෙන්නා හරියට දුක් විදිනවා. මට උගන්න අම්මයි තාත්තයි මොනතරම් මහන්සි වෙනවද මොන තරම් දුකක් විදිනවද කියලා මතක් වෙද්දී මට ඇතිවුණේ හරිම දුකක්. මට ඕනි වුනේ හොදට ඉගනගෙන හොද රස්සාවක් කරලා එයාලව බලාගන්න. .

ඒ ගැන හිතහිතාම මන් අම්මව හොයන් කුස්සියට ගියා.අම්මා ලිප මුල්ලේ ඉදන් පරිප්පු හොද්ද හැදිගානවා. තාත්තා බන්කුව උඩ ඉදගෙන තේ බොනවා. ඉතින් මන් රස්සාවෙ විස්තරේ දෙන්නටම කිව්වා.මට මේ රස්සාවෙ වැදගත්කම දෙන්නටම පහදලා දුන්නා. මන් කියපු දේවල් අහගෙන කම්මුලේ අත තියාගෙන පුදුමයෙන් වගේ බැලුවා. .”අනේ කෙල්ලෙ උඹට පුලුවන්ද ඔය රස්සා කෙරුවාව.

අනික උඹට ඔය දුක් විදින්න දෙන්න බෑ මයෙ දුවේ. අනික උඹ තාම පොඩි එකී. මහ ගෑනියෙක් වගේ හිතන්න එපා…” .මන් කොච්චර කිව්වත් අම්ම තේරුම් ගත්තෙම නෑ.

අම්මට තාම මන් පු0චි එකියක් වගේ පේන්නෙ. තාත්තා ගත්තෙත් අම්මගෙ පැත්තමයි. .”මයෙ පුතේ අපි නැතිබැරි උදවිය තමයි.එහෙම කියලා අපි කොහොමද උඹව රස්සාවකට අරින්නේ? අනික මට තාම හයිය හත්තිය තියනවා.මට පුලුවන් උඹේ ඉහළ අධ්‍යාපන වැඩකටයුතු වලට වියහියදම් කරන්න…” මන් කොච්චර කිව්වත් වැඩක් වුනේම නෑ.අම්මයි තාත්තයි දෙන්නම කැමති වුනේ නෑ මන් රස්සාව යනවට.

තාත්තයි අම්මයි කොහොම කිව්වත් මන් දන්නවා ඒ ගොල්ලො මන් වෙනුවෙන් විදින දුක.මන් රෑට නොකාම නිදාගත්තා. පහුවදා උදේට තේ බිව්වෙවත් නෑ.බැරිම තැන අම්මයි තාත්තයි රස්සාවට යන්න මට කැමැත්ත දුන්නා. මට ගොඩාක් සතුටු හිතුනා. .ඊට පහුවදා උදේ ඉදන් මන් ඒ ගාමන්ට් එකේ රස්සාවට ගියා.

මට ලැබුනේ අත්උදව්කාරිනියක් විදියට වැඩ කරන්න. මට ලැබුන වැඩ මන් ඉක්මනින් ඉගන ගත්තා.මුල් දවස් ටිකේ කොන්දෙ අමාරුව ටිකක් හැදුනා.එත් මන් අම්මට ඒ බව නොපෙන්නා හිටියා. පළමු මාසෙ පඩිය විදියට මට රුපියල් දහදාහක් ලැබුනා. මන් ගෙදර විදියට අම්මට ඒකෙන් කොටසක් දුන්නත් අම්මයි තාත්තයි දෙන්නම ඒ මුදල් ප්‍රතික්ෂේප කරා. ගත්තෙම නෑ .

එයාලා කිව්වේ මගෙ අධ්‍යාපන වැඩකටයුතු වලට ඒ සල්ලි තියාගන්න කියලයි. .එක දවසක් රෑ හොදටෝම වැස්සා.🌧️🌧️🌧️🌧️විදුලි කොටකොට ⚡⚡⚡අකුණු ගගහා⚡⚡💧💧🌧️🌧️ වැස්සා.හුළං හයියෙන් හැමුවා.වහලෙ තිබ්බ සමහර පොල්අතු හුළගට ගියා.එකපාරටම දඩ බඩාන් ගාලා ගෙයි පිටිපස්සේ තිබ්බ පොල් ගහ ඉදිරිලා වහලෙට කඩන් වැටුනා. අනේ දෙයියනේ මගෙ අහින්සක අම්මයි තාත්තයි දුක් මහන්සියෙන් පොල් අත්තෙන් අත්ත තියලා හදාගත්තු අපේ දුප්පත් මාලිගාව ඒ පොල් ගහ හින්දා බිමටම සමතලා වුනා.

😥😥😥😫😫😖 .මුදියන්සේ වලව්වේ ලොකුහාමු කිව්වා අපිට ආයෙමත් ගේ හදා ගන්නකන් එයාලගේ බන්ගලාවෙන් ඉන්න කියලා. අම්මයි තාත්තයි ලොකුහාමුට පින් දිදී ගේ හදාගන්නකන් වලව්වේ අපි හිටියා.

ගමේ මිනිස්සු අපිට ගේ හදාගන්න උදව් කරා.සතියක මහන්සියෙන් අපි මැටිගහලා ගෙයක් හදාගත්තා. ගෙයි තිබිච්ච බඩු ගොඩාක් විනාශ වුනු හින්දා අපිට ආපහු මුල ඉදන්ම ජීවිතේ පටන් ගන්න වුනා. .

ඔය අතරවාරයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවා. මන් A7, B2 අරන් ඉහළින්ම සමත් වෙලා තිබ්බා.මේ දවස් වුල අපි කෑවෙ බිව්වේ ගොඩාක් අමාරුවෙන් .මගෙ ඉගෙනීමට වියදම් කරන්න අම්මටයි තාත්තටයි සල්ලි තිබ්බෙම නෑ. මන් ඉගනීම නැවැත්තුවා .ගෙට පොල්ගහ වැටිච්ච දවස්වල මට ගාමන්ට් යන්න වුනේ නෑ.

නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් මාව රස්සවෙන් අයින් කරා. ඔය අතරවාරයේ මුදියන්සේ වලව්වේ ලොකුහාමු මැරුණා.ලොකු නෝනා වලව්ව එයාගෙ මල්ලිට විකුණුවා.

ඊට පස්සේ තාත්තට එතන මුර රස්සාව නැති වුනා. ලොකුහාමුගේ මල්ලි අපිට දිගටම ගෙදර ඉන්න දුන්නා .එයාලා අපිට ඉඩමෙන් යන්න කිව්වෙ නෑ. .කාලය වේගෙන් ගෙවුනා.මට දැන් අවුරුදු 18යි.

මොකක් හරි රස්සාවක් හොයාගන්න ඕනි කියලා හිතුවා. තිබ්බ අසරණකම හින්දාම අම්මයි තාත්තයි දැන් මම රස්සාවක් කරනවට අකමැති වුනේ නෑ.මුදියන්සේ වලව්වේ දැන් අයිතිකාරයා (බණ්ඩාර හාමු) මට රස්සාවක් හොයලා තාත්තාට කිව්වා.

නුවරඑළියේ ලොකු බන්ගලාවක උයන පිහන වැඩ කරන්න.ඒත් අම්මයි තාත්තයි ඒකට එච්චර කැමති වුනේ නෑ .ඒත් මගේ බලකිරිල්ලට එයාලා අන්තිමට කැමති වුනා. .දවස් තුනකට පස්සේ මන් බණ්ඩාර හාමුගේ කාරෙකේම නුවරඑළියේ ඒ බන්ගලාවට ආවා.තාත්තත් මාව ගෙනත් දාන්න ආවා.

මාව බන්ගලාවට ඇරලලා බන්ඩාර හාමුයි තාත්තයි එදාම හවස ගමට පිටත් වුනා. යන්න හදනකොට මන් තාත්තගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.තාත්තගේ ඇස්වල කදුලු පිරිලා තිබ්බා. .

ඒ බන්ගලාවෙ හිටියේ ඒකෙ අයිතිකාර මහත්තයයි නෝනයි එයාලගෙ දුවයි විතරයි.තව වැඩට දෙතුන් දෙනෙක් හිටියා.නෝනයි මහත්තයයි හරිම කරුණාවන්තයි.

එයාලගේ දුවනම් හිටියේ කොළඹ ඉස්කෝලෙ හොස්ටල් එකක බෝඩ්වෙලා. ඒ දුවත් මගේ වයසමයිලු. ලොකු නෝනා කිව්වේ එයාලගෙ දුව ඊගාව සතියේ ගෙදර එනවලු පදින්චියටම.ඉගෙනීමත් ඉවර හින්දා. .නැවත හමුවෙමු