සිතින් විතරක්

තිස් පහ….. 35

මම එහෙම ඉන්න ඇත්තෙ තත්පර ගානක් වෙ න්න ඇති. ඒත් ඒ පුංචි වෙලාව මට දැනුනෙ කල්පයක් වගේ. අනේ ජිවිතේ මේ දැන් මෙතර නතර වෙනවා නං මට හිතුනෙ එච්චරයි.

ඒන්ජල් මේ අහන්නකො.. ටික වෙලාවකට පස්සෙ විහඟ කතා කලා. ඒත් මට මොනවත් අහන්න ඕනි වුනේ නෑ. මට ඕනි වුනේ පුංචි හා පැංචියක් වගේ ඒ උණුහුමට ගුලිවෙලා ඉන්න විතරයි.

මොනවත් කියන්න එපා මට මෙහෙ ඉන්න දෙන්න..

එයා මාව දාලා යයි කියලා බයෙන් වගේ මම අත් දෙකම එයාගෙ බද වටේ ඔතා ගත්තා.

කියන දේ අහන්නකො ඉතිං.. එයා ආයිම කීවා.

බෑ.. මට මෙහෙම ඉන්න දෙන්න..මැ රු ණ ත් කමක් නෑ ඊට පස්සෙ..

මම කීවේ මුරණ්ඩු හඬකින්. ඇත්තමයි මේ තත්පර ගාන තරම් මට මගෙ මුළු ජීවිතේම වටින්නෙ නෑ.

මට ඕනි වුනේ ඒ පපුවෙ ඔළුව ගංගගෙන කෑ ගහලා අඬන්න. අයිති නෑ කියලා දැන දැනම මං ඔයාට මේ තරම් ආදරේ ඇයි කියලා මමවත් දන්නෙ නෑ දෙයියනේ. ඉතිං මෙච්චර මෙච්චරම ලංවුනාම. මම මම කොහොම අතෑරලා දාන්නෙ මට පිස්සු හැදෙයි.

ඔයාට තේරෙන්නෙ නෑ ඒන්ජල් ඔයා මොනවද මේ කරන්නෙ කියලා.. තේරුංගන්නකො ඉතිං..

මේක වැරැද්දක්…

එයා කීවේ මගෙ හිසපිරිමදින ගමන්. මට ඕනි ඔය ආදරේ විතරයි. වෙන මොනවත් නෙවී. ඔ හොම හංගගෙන ඉන්නෙ නැතුන එක පාරක් එකම එක පාරක් මට ආදරෙයි කියන්න.

මම ඔයාගෙන් ඈත් වෙලා ඈත්ම වෙලා යන්නං. කවදාවත් දකින්න නැති වෙන්න. ඒත් මෙහෙම ලංවෙලා නං අයින් වෙන්න කියන්න එපා. හුස්මක් දුරට යන්න බෑ මට.

මොනාද මං කරන්‍නෙ..මොකක්ද මගෙ වැරැ ද්ද..මං කැමති කෙනෙකුට ආදරේ කරන එකද.. එයාට ආදරෙයි කියන එකද..එයාට ලංවෙලා ඉන්න එකද..? මොකක්ද…

මම අහගෙන ගියෙ පිස්සුවෙන් වගේ. මට බෑ තවත් මේ හිත හංගගෙන ඉන්න.

ඒන්ජල්…මේක ඔයා හිතන තරම් ලේසි දෙයක් නෙවී…ටිකක් මං කියන දේ අහන්න… එයා කිව්වෙ හරි බරට සුසුමක් හෙලන ගමන්.

මොනාත් කියන්න එපා මට මොනවත් අහන්න ඕනි නෑ..

ත මු සෙ දැන්නං මගෙන් ගුටි කන්න හදන්නෙ ඒන්ජල්..කියන දේ අහනවා ටිකක් මුරණ්ඩු නොවී….

එයාගෙ පපුවෙන් මාව මුදාගෙන මගෙ මූණ දි හා බලාගෙන එයා කීවේ තරහින් නෙවී. ඒ වච න වල තිබුනෙ දරා ගන්න බැරි දුකක්.

මොනාද කියන්න තියෙන්නෙ.. ඔයාට මට ආද රේ නෑ කියලද මාව එපා කියලද එහෙනම් කෙලින්ම කියන්න මෙහෙම රිද්දන්නෙ නැතුව.. එත කොට හිත හදාගෙන මට මැ රි ලා යන්න වත් පුළුවන්…..

මම කියවගෙන ගියෙ එයාගෙන් අයින් වෙන ගමන්.

මොකක්ද කිවේ..උ ඹ මැ රි ලා ගියාම හැමදේම හරියනවද..? එයා හයියෙන් කෑ ගැහුවා.

ඔව්..නැතුව මුළු ජීවිත කාලෙම මෙහෙම මැ රි මැ රි ජීවත් වෙන්න මට බෑ.. ඉතිං කියන්න..

මගෙ ඔළුවෙ අත තියලා කියන්න.. ඔයාට මාව එපා කියලා.. මට ආදරේ නෑ කියලා.. ඊට ප ස්සෙ මට මගෙ පාඩුවෙ..මට ඕනි විඳිහකට ඉන්න දීලා මෙතනින් යන්න…

මම කීවේ එයාගෙ සුරත මගෙ ඔළුව උඩ තියා ගෙන.කොච්චර නෑ කීවත් මම දන්නවා මට දැනෙනවා ඔයා මට මොන තරම් ආදරේද කිය ලා. ඔය විඳිහට මට ආදරේ කරන්න වෙන කාට වත් බෑ.

උරහිසේ තුවාලෙ තවම සනීප වෙලා නැති නිසා ඒකෙ වේදනාවට එයාගෙ මූණ ඇදවෙලා ගියා. ඒත් මම ඒ ගැන හිතන්න ගියෙ නෑ. මගෙ හිතේ වේදනාව ඊට වඩා හුඟක් වැඩියි.

ඒන්ජල් ඔයා තාමත් හරියටම දන්නෙ නෑ ඔයා මේ කරන දේවල තේරුම..එයා කීවේ බර හඬකින්.

මට තේරුමක් දැන ගන්න ඕනි නෑ..මම ඔයාට කරන්න කීවේ බැරි දෙයක් නෙවීනේ ඉතිං කියන්න ආයිම මම ඔයාට කරදර කරන්නෙ නෑ… කවදා වත්ම නෑ….

මම එයාගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා එයා හරි බරට සුසුමක් හෙළුවා.

උ ඹ මාව පනපිටින් ගිනි තියනවා ඒන්ජල්… ඔයිට වඩා හොඳයි කියපං එකපාර මැ රෙ න් න කියලා මට..මම ඒක ලේසියෙන් කරනවා.. ඒ බර සුසුම් හඬ මැද්දෙම එයා කීවා.

එතකොට මට රිදෙන්නෙ නෑද..මාව පිච්චෙ න්නෙ නෑද… මම කළු ගලක් නෙවී..මාත් මනුස්සයෙක් දෙයියනේ මටත් හිතක් පපුවක් තියනවා..

ඔහොම ගහක් ගලක් වගේ ඉන්න එපා දෙයි යනේ.. මට පිස්සු හැදෙයි.. පිස්සු හැදිලා නං මං ජීවත් වෙන එකක් නෑ..

මම කියෝගෙන ගියෙ එයාව වැලඳගෙන. ඇති තවත් නං ඉවසන්න මට බෑ. මගෙ පපුව පැලි ලා මාව මැරිලා යයි. ආදරේ මෙච්චර මෙච්චරම බරක් කියලා දැනගෙන හිටියා නං මං වැරදිලා වත් කාටවත් ආදරේ කරන්නෙ නෑ. බලෙන් උස්සගෙන ආවත් එන්නෙ නැතුව අර නිවාසෙ ට වෙලා ඉන්නවා.

මම ඒ පපුවට වාරු වෙලා ඇති තරම් ඇඬුවා. ආයිම කවදාවත් මේ වගේ මොහොත් එන්නෙ නැති උනත් මුළු ජිවිත කාලෙටම සිහිකරන්න මට මේ තත්පර ගානත් වටිනවා.

ඒන්ජල් මේ අහන්නකො මැණික…

ඇත්තටම විහඟ අඬනවා. එයාගෙ කඳුළු මගෙ හිසට වැටිලා ඒ හීතලෙන් මුළු ඔළුව හිරිවැටිලා යනවා මට දැනුනා. දෙයියනේ එච්චර ආදරයක්. කොහොම ඔයා ඔය විඳිහට හංගගෙන ඉන්න‍ෙ.

මට මොනාත් අහන්න ඕනි නෑ…

මුරණ්ඩු නොවී චුට්ටක් අහන්න රත්තරං..

මොනවද..?

මම උ ඹ ට ආදරේ නැතුවත් නෙවී..උ ඹ නැතුව ඉන්න පුළුවන් හින්දත් නෙවී.. මේ ඉවසන් ඉ න්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා..

වෙන කාගෙන්වත් උ ඹ ව උදුර ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.. ඒත් සෙත්ට එහෙම කරන්න ම ට බෑ…

තේරුං ගනිං මැණික පුළුවන්වට ඉවස න් ඉන්නවා නෙවී මේ.. උ ඹ ත් මෙහෙම හැපි හැපී පැටලෙනකොට මම කොහොම දරා ගන්නෙ…

විහඟ අඬනවා එයාගෙ වචන හොදටම බොඳ වෙලා. දෙයියනේ එයා මෙච්චර දුකක් දරාගෙන ඉන්නවා කියලා මං හිතුවෙ නෑ. මගෙ ආදරේ මටත් වඩා එයාව රිද්දලද ඇයි දෙයියනේ මම මෙච්චර පව්කාරියක් වුනේ.

හමුවෙමු.

ටිකයි කියන්න ඔට්ටු නෑ හරිද