තෙවෙනි කොටස🌿
නිවේදිතා හට බොහෝ කලක් දාස්පෙති ගේ මරණය සැඟවිය නොහැක……… එය වන්දනාට දැන ගැනීමට අයිතියක්ද ඇත………….. එනිසා අසංකත් නිවෙිදිතාත් එය ඇයට පැවසීමට තීරණය කලහ………. නමුත් එය කෙලෙසක ඇය දරාගනීවිදැයි ඔවුන් සිටියේ් බියෙනිි……… සවස අසංකද පැමිණි පසුම ඇයට මේ බව පවසනවා යැයි නිවේදිතා සිතුවාය………..
ශීත කාලයේ ආරම්භය බැවින් දැන් දැන් රාත්‍රි කාලයට හිම පතනය අධිකය…………. සිහින් හඬක් නගමින් විසිරෙන හිම තුහින නිවස තුලටද එන්නේ තවමත් නිවේදිතා ගෙයි දොර වසා නැති නිසාය……………. අසංක එන විට රාත්‍රි අටට පමණය………. ඒ වනතුරුත් වන්දනා සිටියේ නිදාගෙනය………… අද ඇගේ වෛද්‍ය උපාධියේ අවසන් විභාගය පැවති දිනයයි……… මෙතෙක් දවස් නින්දක් ගැනවත් නොසිතා මහන්සියෙන් පාඩම් වැඩ කල කෙල්ල අද කොතරම් වේලා නිදාගත්තත් කමක් නැතැයි නිවේදිතා සිතුවාය…………………..
නමුත් අසංකගේ වාහනයේ හඬට නම් ඇය අවදි වූවාය………… සීතලෙන් ගැහෙමින් ජර්සියද දමාගෙන ඇය එළියට එන විට අප්පච්චි ඇවිත් වාඩි වුනා විතරය………….
💙 චූටි දූ………… තේ එකක් ගේන්නද ඔයාටත්…………
කෙල්ල ඔලුව වනා ගොස් අසංක ලඟින් වාඩි විය……………..
🏆️ චූටි දූ…….ඉවරද එක්සෑම්………
💜️ ඔව් අප්පච්චි…………. තව සති දෙකකින් මං doctor කෙනෙක්
🏆️ මට හරිම සතුටුයි ඔයා ගැන දූ………. ආනන්දිතා අක්කා හිටිය නම්……… හ්ම්ම්ම්ම්ම්ම්……..
අසංක දිගු සුසුමක් හෙලුවේ ආනන්දිතා සිහිවීම වේදනාවක් බැවිනි………….. ආනන්දිතා යනු සැබැවින්ම ලෙංගතු සොයුරියකි……………
නිවේදිතා ගෙන ආ තේ එක පානය කල අසංක ඉක්මනින් bathroom එකට රිංගා ගත්තේය…………… වන්දනාගේ දුරකතනය දැන් බොහෝ වේලාවක සිට නද දෙයි……………. ඒ අසෙනියයි………. සවස් වරුව කාර්යබහුල වූ නිසා ඇය හා වදනක් හෝ කතා බහ කිරීමට අවස්ථාවක් නොලැබුණි………. නමුත් ඇගෙන් ප්‍රතිචාරයක් නැති තැන ඔහු නිවේදිතාගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය……………. නිවේදිතාගේ දුරකතන මුහුණතේ සටහන් ව තියෙන අසෙනියගේ අංකය දුටු ඇය වන්දනාට කතා කලාය……………..
💙 චූටි දූ……… මෙන්න ආ……….
💜️ මොකද…. කවුද අම්මා……..
අම්මා තවමත් එය දිගු කරගෙන සිටින බැවින් එය අතට ගත්තාය………
💜️ මොනවා…. මේ මෝඩයනේ……… හෙලෝ…… මොකද මේ…………..
🦋 මොකද මැට්ටියේ නිකම් තරහෙන් වගේ
💜️ මං මොකට තරහ වෙන්නද…… අත්තම්මට මොකද දැන්………
🦋 අවුලක් නෑ………..හොඳයි දැන්…… හෙට එනවද………
💜️ ඈ……. ඒ මොකටද……………
🦋 මට ඔයාව බලන්නවත් වෙන්නෙ නැහැනේ…………..
💜️ අපේ ගෙදර ඇවිත් මාව බලලා යන්න………..
🦋 අනේ මේ පිස්සු වැඩ නොකර ඔන්න හෙට එන්නම ඕනි හරිද අපි හෙට යමු තේමිස් ගඟ ගාව garden එකට……….. මේ දවස් වල එතන හරි ලස්සනට පේනවා…………
අසෙනියට තම සිතේ ඇය ගැන ඇති ආදරය කීමට අවශ්‍යව තිබුණි………….
💜️ හා මං එන්නම් දැන් ඉතින් තියන්නකෝ…… bye
ඇය දුරකතනය විසන්ධි කර අම්මාගේ අතිනි තැබුවාය………………. රාත්‍රි ආහාරයෙන් පසු තිදෙනාම ආලින්දයේ ගිණි උඳුන ලඟට ලං විය………….. නිවේදිතාට මෙය කොහෙන් පටන්ගන්නදැයි සිතාගත නොහැක………….
🏆️ නිවේදිතා…………. අපිට ආයෙම ලංකාවට යන්න වෙනවා……………
අසංක පැවසුවේ නිවේදිතා දෙසත්,,, වන්දනා දෙසත් බලමිනි…………
💙 ඒත් අසංක………
🏆️ නිවේදිතා…. මේක urgent ….. අපේ special branch එකක් open කරනවා next month එහේ…… ඉතින් මටයි යන්න වෙන්නේ…………
💙 ඒත්…… මටත් කියන්න දෙයක් තියෙනවා………. වන්දු මේක ඔයාට දරාගන්න බැරි වෙයි……… ඒත් මේක හංගන්න මට බෑ පුතේ…….. ඔයා හුඟක් දේවල් දරාගත්ත කෙනෙක්…….. ඒ හින්දා මේකත් ඔයා දරාගන්න ඕනි දුව හිත හදාගෙන………..
🏆️ මොකක්ද නිවේදිතා
💙 හ්ම්ම්ම්ම්ම්……….. දාස්පෙති නැතිවෙලා…………………..
දෙදෙනාගේම දෑස් විශාල වී කදුලු පිරෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත………. නිවේදිතා සදහම් පැවසු සියල්ල ඔවුන්ට සැකෙවින් පැවසුවාය…………
💙 වන්දු………….. මට හිතෙන්නේම උන් දාස්පෙතියාව මැරුවා……………. ඔව් උන් මැරුවා………. මට විශ්වාසයි………….. උන්ට නම් සාප වෙන්න ඕනි දෙයියනේ…………
💜️ මං.. මං…. යනවා අම්මා නිදාගන්න…..
වන්දනා පිටව ගියේ පපුවෙන් නැගෙන දරුණු වේදනාව ඉවසා ගත නොහැකිවය………………. කාමරයට ගිය පසුත් බොහෝ වේලාවක් ඇය හැඬුවාය……… දාස්පෙති ගේ අහිංසක මුහුණ ඇයට මැවි මැවී පේන්නට විය…………..
💜️💜️ පලිගන්නවා………….. මං උඹලා ඔක්කොගෙන්ම පලිගන්නවා……….. අත්තම්මට අම්මාට අක්කට කරපු අපරාධෙට මං උඹලා එක එකාගෙන් පලිගන්නවා……………….. සුරනිමල නෙළුම්දෙණිය තමුනුත් ඇතුලුව ඔක්කොගෙන්ම මං පලිගන්නවා………. බලාගෙන හිටපල්ලා……. උඹලා මේ සැනසීමෙන් හුස්ම ගන්න අවසාන මාසය………. මං එනවා…….. ඔව් මං එනවා…………. අරලියා යශෝරාවි නෙළුම්දෙණිය එනවා………….
෴ මතු සබැඳියි෴
෴ ත්රිලක්ෂණා වෛශාලි