මදැයි වෙච්ච වැඩේ.. එයා මොනා හිතුවද මන්ද.. මම කියන්නැයි මට හීනෙන් පේන ගෑනු ලමයෙක් ඉන්නවා කියල.. එයා හිතයි මට පිස්සු කියල.. ඒ හින්ද මොනවත් කිව්වෙ නැති විදිහටම ඉන්න එක හොඳයි. මට හිතුන…

මොකද්ද මම කිව්වේ? මම ඇහුවෙ කලින් මුකුත් නොකිව් විදිහට. එයාගෙ මූණෙ බලාපොරොත්තු කඩවීමක ඉරියව් දකින්න ලැබුන..

මේ කෙල්ල හරියට කාලගුණය වගේ. මේ බලනකොට මේ වෙනස් වෙනව.. ඒ මදිවට මගේ ඔලුවෙත් කවුද මන්ද පොඩි උන් දෙන්නෙක් ඉඳගෙන පිස්සු නටනව.. ඔව් සමීර උඹට දැන් කවුන්සලින් වලටත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ..

නැහැ මොනවත් නැහැ.. එයා කිව්ව..

එතනින් එහාට එයාගෙන් මොනවත් අහන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ.

ඉඳගෙන හිටපු නිසා කොණ්ඩෙ දිග වැඩි කමට බිම දිගේ විසිරිලා.. මම ඒ විසිරුණු කොණ්ඩෙ අරගෙන මගේ උකුල උඩින් තියාගත්ත.

එයා හැරිල මගේ දිහා බැලුවෙ පුදුමෙන්.

ඇයි යන යන තැන කොණ්ඩෙ හංගගෙන යන්නෙ? මම ඇහුවෙ එයා මොනවත් කියන්න ඉස්සරවෙලා..

හංගගෙන යනව නෙවේ.. මට ලේසී උඩට කරල බැඳගත්තම.. එයා කිව්වෙ හිනාවෙලා.. හිතාගන්න බැරි හුරුපුරුදු බවක් ඒ හිනාවෙ තිබුන.. කාගෙහරි නොපැහැදිලි චායාවක් මගේ මනසෙ ඒ වෙලාවෙත් හොල්මන් කරා. ඒ මතකෙන් මිදෙන්න මම ඊලඟට අවධානය යොමු කලේ මගෙ අතේ තිබුන එයාගෙ කොණ්ඩෙ කටුවට.

මේක නිකම් කෝටුවක් වගේනෙ. කොහොමද මේක කොණ්ඩෙ ගහං හිටියෙ. මම පොඩි එකෙක් වගේ ඒක හරව හරව අහපු විදියට එයාට හිනා ගියා.. ඒත් මට ලැජ්ජ හිතුනෙ නෑ.. මට මොහොතකටවත් හිතුනෙ නෑ මම මෝඩ ප්‍රශ්නයක් ඇහුව කියල.. එයා ඉස්සරහ මට මම ම වෙන්න පුලුවන් තරම් එයා මට සමීපයි කියල විතරයි මට හිතුනෙ.

ඒකට විදියක් තියෙනව ඉන්න මං පෙන්නන්නම් කියල එයා මගෙ අතේ තිබුනු කටුව ගත්ත..

නෑ නෑ එපා දැං ඔයා ඔහොම කොණ්ඩෙ ලිහල ඉන්න.. මට කියවුණේ ඉබේටම වගේ.

හා…

මං මගේ උකුල උඩ තිබුනු එයාගෙ කොණ්ඩෙ අරගෙන මුහුණ මතින් තියාගත්තෙ හදිසියෙ දැනුණු පෙලඹවීමක් මත.. හුරුපුරුදු පිච්ච මල් සුවඳක් මට දැනුන.. මම ඇස් පියාගෙන එහෙමම හිටියෙ ඒ සුවඳ ජීවිත කාලෙටම මතක තියාගන්න වගේ.

සමීර… මට ඇහුන එයා හෙමින් මට කතා කරනව.

හ්ම්ම්.. මම උත්තර දුන්නෙ ඒ කොණ්ඩෙන් මූණ අහකට ගන්නෙ නැතුවමයි..

මොකද ඔය කරන්නෙ?

සුවඳයි.. මං ආදරෙයි ඩියාශි මේ කොණ්ඩෙට.. කවදාවත් කපන්නෙපා.. මම කිව්වෙ හිතල නෙවේ.. ඒ එක්කම ආයෙ මගේ ඔලුව රිදෙන්න ගත්ත..

ඔව් ආයෙත් අර ලමයි දෙන්න.. පිරිමි ලමයට හොඳටම තරහ ගිහින්..

කාගෙන් අහලද තමුසෙ කොණ්ඩෙ කැපුවෙ? කියනව රෝස.. කවුද කොණ්ඩෙ කපන්න කිව්වෙ?

ඔයා මහ නරකයි කුශ්.. තමුසෙ කියන්නෙ නරක වචනයක්.. මං සීයට කියනව. ගෑනු ලමයා අඬනව.. තාත්ති කිව්වා කොණ්ඩෙ කැපුවම ලස්සනයි කියල.

අනේ මේහ්.. මේ අන්තිම වතාව.. ආයෙ මේ කොණ්ඩෙට අත තියල තිබුනොත් දෙනව ඔලුව හිල් වෙන්න ටොක්කක්…

සමීර… සමීර ඔයා හොඳින්ද.. මොහොතකින් මට ඩියාශිගෙ බයවෙච්ච කටහඬ ඇහුණ..

ආහ්.. ඔව් ඔව්…. මං හොඳින්… මට යන්තම් සිහිඑලවගෙන එයාට උත්තර දෙන්න පුලුවන් උනා..

ඔයා අසනීපෙන්ද? එයා ඇහුව .. ඒ ඇස් වල තිබුනෙ සැකයක්ද බයක්ද කියන එක මට අඳුනගන්න බැහැ.

නැහැ.. මට ටිකක් මහන්සියි. එච්චරයි ..

හ්ම්ම්ම්…

ඔයා අසනීපෙන්ද? එයා ඇහුව .. ඒ ඇස් වල තිබුනෙ සැකයක්ද බයක්ද කියන එක මට අඳුනගන්න බැහැ.

නැහැ.. මට ටිකක් මහන්සියි. එච්චරයි ..

හ්ම්ම්ම්…

මොහොතක් ගත උනා.. අපි දෙන්න අතරෙ තිබ්බෙ නිහැඬියාවක්.

මේ ගානට කොණ්ඩෙ වැවෙන්න කොච්චර කල් ගියාද? මම ඇහුවෙ අපි දෙන්න අතරෙ කතාවක් ගොඩනගා ගන්න.. එයා යන්තම් හිනා උනා..

ඉස්සර මගේ කොණ්ඩෙට අයිතිකාරයෙක් හිටිය.. එයා කිව්වෙ ඈතක් බලාගෙන. මගේ දිහා නොබල ඉන්න එයා පරිස්සම් උනාද කියල මට හිතුන..

කවුද ඒ..

මගේ කෙනෙක්.. එයා දුන්නෙ අමුතුම උත්තරයක්.

හ්ම්ම්…

ඔයා හිතන්නෙ එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියල නම් ඒක වැරදියි.. එහෙම නෙවේ.. මම මේ කියන්නෙ පුන්චි කාලෙ කෙනෙක්.. එතකොට මට වයස අවුරදු හතක විතර. එයාට නවයයි එයා මට තහනම් කරල තිබ්බ කොණ්ඩෙ කපන්න. වතාවක් අපෙ තාත්ති මගේ කොණ්ඩෙ කපල මං හොඳටම එයාගෙන් බැනුම් ඇහුව.. කොටින්ම එයා හිතං හිටියෙ මේ කොණ්ඩෙ මගේ නෙවේ එයාගෙ කියල.. ඉතිං එදා ඉඳං මං කොණ්ඩෙ වවනව එයා මගේ ලඟ නැතත් කවදහරි එයි කියල හිතාගෙන..

මට මොහොතකට කලින් මතක් උනු සිදුවීමත් එයා දැං කියපු දේවලුත් අතරෙ තිබුනෙ හිතාගන්න බැරි තරම් සමාන කමක්.

ඒක අහඹු සිදුවීමක් ද නැත්තම් එයාට මගේ හිත කියවන්න පුලුවන්ද? දෙවියනේ මම කොහොමද මේ ගැන හොයාගන්නේ?

දැන් කෝ මේ කියන ඔයාගේ එයා? මම ඇහුවේ ගොඩාක් ලොකු සංයමයකින්. ඒ කවුරු උනත් එයා එක්ක ලොකු බැඳීමක් තියෙනවා කියල මට හිතුන.

දන්නේ නැහැ.. ඩියාශි කිව්වේ මට නෙවේ එයාටම කියාගන්න වගේ. මම අවුරදු ගානක් තිස්සේ එයාව හොයනවා. එක තැනකදී මට එයාව මග ඇරුන. එතකොට අපි දෙන්නම පොඩියි. හරියටම දන්නේ නැහැ මම මොනවද උනේ කියල. ඒත් මම හිතනවා මේ සැරේ දෙව්දෙවියෝ මගේ දිහා බලයි කියල.

එයා කිව්වත් මට ඒ කියපු කිසිම දෙක අග මුල තේරුනේ නැහැ. ඒත් ඒ කියපු දේ වලට මගේ මොකක්ම හරි සම්බන්දයක් තිබුන කියල මගේ හිත කියනවා. ඒත් මම කොහොමද ඒ ගැන හොයාගන්නේ.

එයා කිව්වත් මට ඒ කියපු කිසිම දෙක අග මුල තේරුනේ නැහැ. ඒත් ඒ කියපු දේ වලට මගේ මොකක්ම හරි සම්බන්දයක් තිබුන කියල මගේ හිත කියනවා. ඒත් මම කොහොමද ඒ ගැන හොයාගන්නේ.

එයා ඔයාගෙ කවුද ඇත්තටම? මම ඇහුවෙ එයාට මගේ ඇස් වලින් හැංගෙන්න නොදී. මොකක් හරි හේතුවක් හින්ද එයා මට මොනවහරි හංගනව කියල මට හිතුන.

ඒකට උත්තර ගොඩක් තියෙනව.. නෑදෑකම අතින් ගත්තොත් එයා මගේ තාත්තගෙ අයියගෙ පුතා.. එයා කිව්ව.

එතනින්ම මට තේරුනා එයාගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නැහැ එයා මේ කියන්නෙ වෙන කෙනෙක් ගැන කියල. මොකද ඉතින් මම දන්න කියන නෑදෑයන් අතරෙ එයා වත් එයාගෙ පවුලෙ අය වත් දැකල නෑනෙ. එතකොට මට නිතර මතක් වෙන්නෙ කාවද? එයා කුශින්ත් කියල මට කතා කරා වැරදිලා.. අර පොඩි ගෑනු ලමයත් ඒ පිරිමි ලමයට කතා කරේ කුශ් කියල. කුශින්ත් කියන එක කෙටි කලොත් කුශ් කියල කියන්න පුලුවන්. ඒත් ඒ දෙන්නගෙයි මගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද?

දැන් කෝ මේ කියන කුශින්ත්? මම ඇහුවෙ ඒ සිතිවිල්ලෙන්මයි. එයා මගේ දිහා බැලුවෙ පුදුමෙන්.

සමීර.. මං කොයිම වෙලාවක වත් එයාගෙ නම කුශින්ත් කියල ඔයාට කිව්වෙ නෑ.

ඔව්.. ඔයා කිව්වෙ නෑ.. ඒ උනාට ඔයා ඊයෙ වැරදිලා තුන්පාරක්ම ඒ නම කියල මට කතා කරා. ඉතිං මං හිතුව එයාගෙ නම ඒක කියල. මොකද කියන්නෙ මං හරි නේද?

ඔව්. එයා කිව්වෙ ලැජ්ජාවෙන්.

එහෙනම් ඊයෙ කිව්වෙ කුශින්ත් කියල කෙනෙක්ව දන්නෙ නෑ කියල?

සමීර.. ඊයෙයි අදයි කියන්නෙ දවස් දෙකක්. අපි මුනගැහුනු පලවෙනි දවසෙම මගේ හැමදේම ඔයාට කියන්න ඕනෙ කියල මම හිතුවෙ නෑ.. මට දැන් උනත් එහෙම හේතුවක් පේන්නෙ නෑ. එයා කෙලින්ම කිව්ව. ඔව් ඒක ඇත්ත. එයා මට ඒ විස්තර කියන්න ඕන නෑ තමයි. ඩියාශිගෙ මම කැමතිම ගතිගුණය ඒක. එයාව මුණගැහිච්ච පලවෙනි දවසෙම මම දැක්ක. එයා කිසිම චකිතයක් නැතුව එයාගෙ ප්‍රධානිය ටඋනත් වැරදි නම් වැර්දියි කියන්න පුලුවන් ජාතියෙ කෙල්ලක

්මොන හේතුවක් හින්දද මන්ද මට හිතෙනව ඔයා කුශින්ත් වගේ කියල. ඒ හින්දයි මම ඊයෙ වැරදිලා එහෙම කිව්වෙ.

ඒ කිව්වෙ මගේ පෙනුමද? මට තේරුනා මම ඕනෑවට වඩා එයාගෙන් විස්තර අහනව කියල. ඒත් මට ඒක නවත්තන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මගේ හිත කියනව මේ විස්තර මම දැනගන්නම ඕනෙ කියල.

පෙනුම ගැන නම් මම දන්නේ නැහැ මොකද මම එයාව ගොඩක් කාලෙකින් දැකලා නැහැ.

ගොඩ කාලයක් කිව්වේ?

මම එයාව අන්තිමට දැක්කේ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ල. අනිත් එක තමා මම විශ්වාස කරන්න අකැමති උනත් එයා දැන් ජිවතුන් අතර නැහැ

මොකක්?

ඔයාලට මතක ඇති අපි දෙන්නා මුලින්ම හම්බ වෙච්ච වෙලාවේ මම කිව්වා අපි කළින් කවදාවත් හම්බවෙලා නැහැ මේ ආත්මෙ නං නැහැ කියලා

ඔව් මට මතකයි ඔයා එහෙම කිව්වා

ඔයාව දැක්ක ගමන් මං හිතුවේ මගේ කුශින්ත් ආපහු ඇවිත් කියලා මම දන්නේ නැහැ මට තාම හිතෙනවා ඔයා කුශින්ත් කියලා මම දන්නේ නැහැ එයා ආයෙත් ඉපදුන මට වඩා බාල වෙන්න එපැයි ඔයාගේ වයසට ඉන්න විදිහක් නැහැනේ මට මතක් උනේ නැහැ ඒ වෙලාවේ.

මටත් හිතාගන්න බැරි වුණා එයාට මොනවා කියන්නද කියලා. හිතන්න ගොඩක් දේවල් තිබුණත් ඒකත් මට පැහැදිලි නැහැ.

සමාවෙන්න සමීර මම මොකටද මේවා කියන්නෙ කියල ඔයාට හිතෙනවා ඇති නේද

එහෙම දෙයක් නැහැ ඩියාශි . මම කිව්ව.

මම දැන් යන්න ඕනෙ එයා කිව්වේ හදිසියෙන්ම නැගිටලා. මටත් එයාව නවත්තන්න ඕනකමක් තිබුණේ නැහැ

ගුඩ් නයිට් ඩියාශි

එයත් මට සුබ රාත්‍රියක් කියල යන්න ගියා.

එයා කියපු ගොඩක් දේවල් අග මුල ගැලපෙන්නේ නැති ඒවා. ඊයේ එයා කිව්ව දේවල් මට හොඳට මතකයි. දන්නේ නැහැ.. ඩියාශි කිව්වේ මට නෙවේ එයාටම කියාගන්න වගේ. මම අවුරදු ගානක් තිස්සේ එයාව හොයනවා. එක තැනකදී මට එයාව මග ඇරුන. එතකොට අපි දෙන්නම පොඩියි. හරියටම දන්නේ නැහැ මම මොනවද උනේ කියල. ඒත් මම හිතනවා මේ සැරේ දෙව්දෙවියෝ මගේ දිහා බලයි කියල. එතකොට අද කියනවා ඒ කෙනා මැරිලා කියල.

එයා කියන මේ දේවල් වලින් අදහස් කරන්නේ මොකද්ද කියල මට බින්දුවක් වත් තේරෙන්නේ නැහැ. එක්කෝ එයා මොනවත් දන්නේ නැහැ. එහෙම නැත්තම් එයා මට මොනවහරි හංගනවා.

මගේ කුශින්ත්. එයා ඒක කිව්ව විදිහ. ඒ කවුරු උනත් එයාට ගොඩාක් සමීප කෙනෙක් වෙන්න ඇති. මට මොහොතකට හිතුන ඒ මම උනා නම් කියල.

මම ගෙදර යනකොට ගොඩක් රෑ වෙලා.

ආ ඉලන්දාරියා කොහෙද ගියේ? ගේ ඇතුලට යනකොටම අම්ම කඩන පැන්න.

හරි දීපන්කො දැන් උත්තර.

නිකම් ටිකක් එලියට ගියා අනේ.

හොඳ ටික. බලපන් දැන් වෙලාව කියාද කියලා.

හරි ඉතින් රෑ එකොළහයිනේ.

රෑ එකොළහ කියන්නේ ඉලන්දාරියෙක් ගෙදර එන වෙලාවද?

ඔය ලමයව මරන් කන්නේ නැතුව ඉන්න නෝනා. එහෙම කීවේ සාලේ ඉඳගෙන පත්තරයක් බල බල හිටපු තාත්තා. හම්මේ යාන්තම් ඇති මාව බේරගන්න තාත්ත ඇවිල්ල.

ඔව් ඔව් ඔයා තමයි මේ කොල්ල නරක කරන්නේ.

අවුරුදු ගානක් තනියම පිට දේසෙක හිටපු එකේ ඔය ළමයට අමුතුවෙන් මොනවත් උගන්නන්න ඕන නැහැ නෝනා. ඔයා ඒක තේරුම් ගන්නේ නැහැනේ.

ඔව් ඉතින් තාත්තටයි පුතාලටයි මම තමයි වැරදි. පිරිමි කවද්ද ගෑනු හිත තේරුම් ගන්නේ. අම්ම එහෙම කියල සාලෙන් යන්න ගියා.

ඒ කියපු දේ නම් මට දැනුන. ඇත්ත. අම්ම මම ගැන ඉන්නේ හිතේ බයෙන්. ඒ නිසයි එයා ඔය විදියට හැසිරෙන්නේ. ඒත් මට ආපහු ගිහින් අම්මව සනසන්න වත් හිත දුන්නේ නැහැ. මගේ ඔලුව එකම විකාරයක් වෙලා තිබුනේ. වෙනදට නම් තාත්තයි මායි ඔය එනම් මනම් කියව කියව ඉන්නවා. අද එහෙමවත් කරන්න මට මුඩ් එකක් නැහැ.

පුතා ඔයා හොඳින් නේද?

ඔව් තාත්තේ. ටිකක් මහන්සියි එච්චරයි.

නිදාගන්න නිදාගන්න ගිහින්. එයා කිව්වා හින්ද මම එහෙමම කාමරේට ආව.

රෝස ඔයා කාටද වැඩියෙන් ආදරේ?

මම ආදරේ ලොකු සීයට
ඊට පස්සේ?

අම්මට

ඊටත් පස්ස ේ?

තාත්තට

ඊට පස්සේ?

රෝස ට

එතකොට මම කොහෙද ඔය ලයිස්තුවේ ඉන්නේ? පිරිමි ළමයා අහන්නේ මුනත් අමුතු කරගෙන.

කොහෙවත් නැහැ.

මොකද්ද කිව්වේ?

කොහෙවත් නැහැ කියල. ගෑනු ළමයා කියන්නේ හිනා වෙවී.

හු හු රවටිච්චා පොල්කිච්චා

යනවා යන්න ඕන නැහැ මා එක්ක කතා කරන්න එපා.

කුශ් අයියේ මම බොරුවට කිව්වේ අනේ.

ඕන නැහැ. මම යනවා

අනේ…

ඊට පස්සේ එයා මහා හයියෙන් අඬන්න ගත්ත.

ඔහ්.. මගේ ඔලුව රිදෙනවා.

අම්මේ මට ඉන්න බැහැ.

පුතා පුතා ඔයා හොඳින් නේද? මම ඇස් ඇරලා බලනකොට අම්ම හිටිය ඇඳ ගාව. තාත්තත් ඉන්නවා.

අම්මේ…

ඔයා එකපාරටම කෑ ගැහුව හින්ද අපි ආවේ. මොකද හීනයක් දැක්කද? ඕක තමයි මම කියන්නේ ඉතිපිසෝ ගාථාව කියල නිදාගන්න කියල.

අම්මේ ඔයා මා එක්ක තරහද?

පිස්සුද අම්මලා කවදාවත් ළමයි එක්ක තරහ වෙන්නේ නැහැ. දැන් ඔය මනස්ගාත හිතන්නේ නැතුව නිදාගන්න චුටි පුතා.

මම අම්මාගේ උකුලෙන් ඔලුව තියාගත්තා. කියන්න දේවල් දාහක් තිබ්බත් මගේ මනස ව්යාකූල වෙලා. ඊට පස්සේ මට නින්ද යන්න ඇති