14_වන_කොටස❄️💦

දෛවය පුදුමාකාරය……… එක කරනා දේවල් සිතාගන්නටත් නොහැකි තරම්ය…………. භූමි මනාලිය දෙස බලාගත් ලෙසම ගල් ගැසී සිටියේය……. මානාලියද එසේම ඔහු දෙසම බලා සිටියාය………. ඒ මනාලිය…… භූමි දිවි හිමියෙන් පෙම් කල යුවතියයි…….. ටාෂියා…… ඒ ඇයයි……….

” ටා……..ෂි…….යා……. එතකොට එතකොට සේ ශවේන්රි කියන නම…….

භූමි සිතුවේ වේදනාවෙන් ඇගේ සුන්දර වත දෙස බලාගෙනය……… ඇය අද සුන්දරය……. සැබැවින්ම ඇය බියුටි ඇන්ඩ් ද බීස්ට් කතාවේ බෙලා වැනිය………. ටාෂියාගේ නමෙහි මැද ශවේන්රි කියන නම තිබෙනා බව ඔහු දැන සිටියේම නැත……

බලා ඉඳිද්දිම ටාෂියාගේ මුහුණ වෙනස් වී ඇඳුනේ අවඥාසහගත බැල්මකි…… සරදම් සිනාවකි………. ඇය ඇඹුල් කරගත් මුහුණින් සුශීම් දෙස බැලුවාය……..

” අයියෝහ් සුශීම්……. කාටද ඔයා මේ වැඩේ මේ භාරදුන්නේ බලන්න මෙිකෙ හැටි…… කිසිම ලස්සනක් නෑ ගොඩේ පාටයි………..

ටාෂියාගේ වදන් භූමිගේ හදවතේ ඇණුනේ යවුල් ලෙසයි…….. නමුත් ඔහු ආයාසයෙන් එය දරාගෙන සුශීම් දෙස අසරණව බැලුවේය…….. එතැන සිටි සියල්ලන්ම භුමි දෙස බැලු හෙයින් ඔහු තවත් අපහසුතාවයට පත් විය…..

” ටාෂියා පිස්සුද ඔයාට…… මේක කොච්චර ලස්සනද…….

” මොන ලස්සනක්ද සුෂි……. බලන්න මේ රෝසස්….. මං නම් ආසම නෑ…… මේකට ලස්සනයි ලිලී විතරක් දැම්මා නම්…. මේ හලෝ ඇත්තටම තමුසෙ පුළුවන් වැඩක් කරනවා තමුසෙ වගේ මිනිහෙක් කොහොමද මේ වගේ කලාත්මක වැඩක් කරන්නේ බලනවා මේකෙ හැටි………

ටාෂියා උස් හඬින් කෑ ගසන විට භූමි නිහඬවම බිම බලාගත්තේ මොනවා වුනත් මේ මොහොත විනාශ කිරීමට නොහැකි නිසා…… නැත්නම් මේ වෙද්දිත් භූමි හිටියේ කෝපයේ රතු ඉර පැන……. නමුත් වචනයක් හෝ නොපවසා ඔහු ආපසු හැරී උත්සව ශාලාව දෙසට යන්නට හැරෙන විට ටාෂියා යලිත් කියවන්නට විය……

” සූශි මේ වගේ careless විදිහට වැඩ කරන මිනිස්සු කොහෙන්ද ඔයා හොයාගත්තේ……. මේ මනුස්සයාට කියන්න Function එක ඉවර වෙනකම් ඉඳලා හැමදේම බලලා කරන්න කියලා….. නැත්තම් Full payments ගෙවන්න එපා………

මුදල් ගෙවන එක නොව කාරණය ටාෂායාට අවශ්‍ය භූමිට රිදවීමයි….. අද දවස පුරාම ඔහු මෙහි රදවා ගැනීම ඇයගේ අරමුණයි……… භූමිටද එය නොතේරෙනවා නොවේ……

” අහස්….. ගැටළුවක් නෑනේ ඔයාට ඉන්න පුළුවන්නේ නේද……….

” පුළුවන් මං ඉන්නම්………

භූමි ආපසු හැරී උත්සව ශාලාවට ගියේ කඩා වැටුණු මනසකින්……….. ඔහුගේ හදවත දුකින් බරව ඇත…….. තමා දිවිහිමියෙන් පෙම් කල යුවතිය…… කෙදිනක හෝ තමා වෙත එතැයි සිතූ යුවතිය අද වෙනකෙකුගේ පතිනිය වීමට නියමිතය………. ඇත්තෙන්ම දෛවෝපගත ලෙස තම පලමු කාර්ය ලෙසම ඔහු⁣ට ලැබුනේ ඔහුගේම ⁣කලින් පෙම්වතියගේ විවාහ මංගල උත්සවයයි……….

” භූමි කෙහෛ්ද බං ගියේ……….

තෙනුකගේ අතෙහි වු මල් දැමූ පෙටිටිය අතට ගත් භූමි කිසිවක්ම නොපවසා පිටත උද්‍යනය වෙත ගියේ ඔහු දෙස හිස් බැල්මක් හෙලමිනි………. තෙනුකට භූමිගේ මේ හැසිරීම මහත් පැනයකි…..

” භූමි…… භූමි… ඔහොම ඉඳපන් මොකද වුනෙ…… ඒයි…….

තෙනුක කෑ ගසමින් ඔහු පසුපස උද්‍යානයට ගියත් ඔහු එතැන සමර් හට් එකේ වාඩිවී ඈත නිල්ල නිලන කඳු යායට නෙත් යොමා සිටියා හැර කිසිඳු වදනක් නොපවසයි……..

” භූමි…… ඇයි කියපන්……..

තෙනුක කොපමණ වද කලත් ඔහු නොකියයි……..

” ඒයි…. alnilam…… උඹ ඒ අපේ leader මද……. මට නම් විශ්වාසයක් නෑ….. අපේ leader කවදාවත් ඔය වගේ පරාජිත හැඟීමකින් බිඳ වැටිලා නෑ……. දන්න තරමින් අපි මහ භයානක දේවල් කරද්දි වත් උඹ ඔහොම ඉඳලා නෑ….. කියපන්…… කියපන්…… උඹට මාව මගහරින්න බෑ……….

තෙනුක භූමිගේ දෙවුරින් අල්ලා සොලවන විට භූමි ඔහුගේ අත් දෙකෙන් තදින් අල්ලා ගත්තෙ මුහුණ වේදනාවෙන් බරව යද්දිය……… කොතරම් මැර හිතක් වුවද භූමි තුල ජීවත් වූ සුන්දර මිනිසා ආදරයේදී මැරකම් අත්හැර තිබුණි……. කොන්ත්‍රාත් වලට කෝලහල කරන රණ්ඩු කරන ගහන Team Monster orion හි නායකයා ඇත්තටම හොඳ ආදරවන්තයෙක්……..

” මචං…………..

සුසුමක් හෙළුෑ භූමි තෙනුක දෙස බැලුවේය………..

” ඒ මනමාලි ටාෂියා………….

අකුණක් කෙටුවාක් මෙන් පුදුමයක් සිතට දැනුනත් තෙනුකගේ කට කොණකට සිනාවක් නැගුණි…….

” ටාෂි……යා………. ඒ ටාෂියා කියලද කියන්නේ එතකොට….. භූමි…… මේ මේ අහපන් ගිය උන්ට යන්න දීපන්……. උඹට මොනවයින් අඩුවක් වෙලාද…… අනික ඒකිට උඹ එපා කියලා ප්‍රතික්ෂේප කලා…… අහවල් එහෙකටද තවත් ඒකි ගැන හිතන්නේ…….. ඒකි බිස්නස්කාරයෙක් බැරි නම් ඕනැ එකෙක් බැඳපුදෙන් මෙන්න මෙහෙ වරෙන් යන්න………

තෙනුක හදන්නේ යන්නටයි……… නමුත් සම්පූර්ණයෙන්ම ගෙවීම ලබාගන්නට නම් අද මෙහි දවසම සිටිය යුතු වන්නේය………

” යන්න බෑනේ බං…… අද දවසම ඉන්න වෙනවා මෙතැන……….

” පිස්සුද භුමි….මොකද බං මේ උඹ අර සාම්ප්‍රදායික ආදරවන්කයෙක් වගේ රොමෑනිටික් වෙලා අනික ඒක හා කියමුකො අවුලක් නෑ රොමෑනිටික් වෙන එක ඒකත් මේ මේකිට….. උඹව එපා කියලා අත්හැරපු එකීට…… අනේ මේ භූමි යමන් යමන්………

තෙනුක ඔහුගේ අතින් අදිමින් කීවත් භූමි හෙල්ලුනේවත් නැත……..

” තෙනුකයා…….. මට වෙඩින් එක බලන්න ඕනි…………

තෙනුකගේ කෝපය ඉහ වහා ගොසිනි…… භූමි මෙලෙස බොලඳ ලෙස හැසිරෙනු දැකීමට ඔහු කැමතිම නැත………..

” උඹ ඕනැ රෙද්දක් කරගනින් මං යනවා…… කියන දේ නාහන ගුරු උඩින් ගියොත් උඩින් පල බිමින් ගියොත් බිමින් පල එහෙම මං අහලා තියෙන්නේ……. උඹ මහම මහා මෝඩයෙක්……..

තෙනුක එක මොහොතක් හෝ නොරැඳී එතැනින් පිටව යන්නට ගියේ කෝපයෙන් පුපුරමින්…….. තනිවම භුමිට බනිම්න්……

💙🌿💙🌿💙🌿💙🌿💙🌿💙🌿💙🌿

සිත නොසන්සුන්ය……… තුහින්‍යා වට පිට බලා අත් ලේන්සුවෙන මුහුණ මදක් පිසදමා ගත්තාය………. එක්වරම කාමරයේ දොරටුව විවර වෙද්දි ඇය කෙල බිදක් ගිල ෆයිල් එක අතට තද කරගත්තාය…….

” මිස් ඔයා දැන් යන්න…….

දොර අසල සිටින සේවකයා කියද්දි ඇය ඇතුළට ගියේ ඔහු දෙසට කෘතඥපුර්වක බැල්මක් හෙලමින්……… ඈත තියාම ඇගේ නෙත තදින් ගැටුනේ සුදෝ සුදු පැහැ රෙද්දක් එලා ඇති මේසය පසෙක වාඩි වී සිටින තේජවන්ත කාන්තාව දෙසටයි…………. තද දම් පැහැති ඔසරියකින් සැරසී සිටින ඇයගේ ගෙලෙහි වූයේ පැරණි තාලයේ අගස්ති ඇට මාලයකි…….. උපැස් යුවලක් පැලඳ සිටියද ඇගේ තීක්ෂණ දෑස් ඇගේ දෑස හා පැහැදිලිව ඍජුව ගැටී තිබුණි…….. එතරම් කාරුණික බවක් දිස් නොවුන නපුරු මුහුණක් ඇයට තිබුනි…..ඇය බොහෝ ආඩම්බරකාර දැඩි තැනැත්තියකැයි තුහින්‍යාට සිතුනි…….

” Good morning madam….. Good morning sir……..

තුහින්‍යා ඇයටම ආවෙිණික සුරතල් සුන්දර සිනාව පා ඔවුන්ට සුභ පැතුවාය……..

” Good morning දරුවෝ…… වාඩි වෙන්න…….

“Thank u madam…….

ආචාරශීලිව එසේ පවසා තුහින්‍යා ඔවුන් ඉදිරිපස ඇති පුටුවෙන් වාඩි වුනේ ඇය අත වූ ෆයිල් එක නන්දිතා සමරවික්‍රම අතට දෙමින්…….

” මේ දරුවා ඇප්ලයි කලේ අකවුන්ටන්ට් පෝස්ට් එකට නේද…. ම්ම්ම් හොදයි අප් බලාපොරොත්තු වෙන qualifications තියෙනවා……. ඇයි දරුවො කැම්පස් ගියේ නැත්තේ……..

නන්දිතා අසද්දි තුහින්‍යා ඇය දෙස දුක්මුසු බැල්මක් හෙළුවේ ඒ අමිහිරි අතීතය ඇය නැවත නැවතත් සිහි කරන්නට අකැමති හෙයින්…..

” ඉතින් දරුවෝ මොනවද ඔයාගේ විස්තර……..

” මැඩම් අපේ උපන් ගම මෙහෙ නෙවේ අපි අනුරාධපුරයේ…. ඒ වුනත් අපිිට ආව හුගක් ප්‍රශ්ණ නිසාඅවසානේ අපිට අම්මගෙ ගම වෙච්ච නුවර එළියට එන්න වුනා…… මගේ අප්පච්චි විශ්‍රාමික ගුරුවරයෙක් අම්මා නම් රැකියාවක් කලේ නෑ…… මල්ලි විශ්ව විද්‍යලෙ ශිෂ්‍යයෙකි නංගි ඒ ලෙවල් කරල ප්‍රතිඵල එනකම් ඉන්නවා…….

නන්දිතා ගේ දෑස් ඇගේ අයදුම්පත්‍රය පුරා දිව ගොස් එක් තැනක නතර විය……

” Are you married…..???

ඇය උපැස් යුවල මදක් ඔසවා ඇසුවේ නපුරු පාටටය……… දැන් නම් සියල්ල අවසන් වේ යැයි සිතුනු බැවින් තුහින්‍යා හට ඇති වුනේ දුකක්……..

” ඔව් මැඩම් මං මැරීඩ්….. ඒ වුනත් මං එයාගෙන් වෙන් වෙලා ඉන්නේ…… එයා දැන් වෙන කෙනෙක් එක්කයි ජීවත් වෙන්නේ……… අපි දෙන්නා හුඟක් ඉක්මනට ඩිවෝස් වෙනවා….. අනේ මැඩම් ඒක හේතුවක් කරගෙන මට මේ රැකියාව නැති කරන්න එපා…… මං තමයි මගේ පවුල ගොඩ දාන්න ඕනි….. මට වගකීම් හුඟක් තියනවා මැඩම්ට පින්සිද්ධ වෙයි…… මට මේ රැකියාව දෙන්න……..

තුහින්‍යා පින්සෙන්ඩු විය……. මොකක්දෝ හේතුවකට ඇය ගැන ඉතාමත් සුභදායි පැහැදුමක් නන්දිතා සමරවික්‍රම ගේ හදවතේ ඇති වී තිබුණි………. ඇය සුසුමක් හෙලා උපැස් යුවල ගලවා පසෙකින් තබා තුහින්‍යා දෙසට හැරුනාය………

” දරුවෝ……… අපි ඔයාව එහෙම හිස් අතින් යවන්නෙ නෑ…… ඔයාගේ හැකියාවයි සුසුසුකමුයි දැක්කම කවුද ඔයා වගේ ටැලන්ටඩ් ලමයෙක් අහිමි කරගන්නේ…… ඒත් අපි ඉන්නේ හුඟන්ම වැටිලා…… මේවා මගේ අප්පච්චි ගොඩ නගපුවා……. අපි මුළු ලෝකෙටම තේ විතරක් නෙවේ මලුත් දුන්නා…….

” ඉතින් අපි ආයෙම ඒ දේ කරමු මැඩම්…….

නන්දිතා ඇයව අනුමත කරමින් හිස සැළුවාය……..

” හොඳයි……….. මේ හැම දෙයක්ම ඉතාමත් ඉක්මනින් සැබෑ අයිතිකාරයාට හිමි වෙයි……. එතකම් අපි එකට වැඩ කරමු…….. ඒ වගේම තමයි ඔයාගේ විවාහය මේ රැකියාවට කිසිම බාධාවක් වෙන්න බෑ….. තේරුනාද තුහින්‍යා……..

” තේරුනා…. මැඩම්…..

” හොඳයි…… අර කලින් ආව ජාන්වීයි දිල්රූ යි එක්ක උඩට යන්න……… අද ඉඳන්ම වැඩ කරන්න සිද්ධ වෙනවා….. හදිසි ඔඩර්ස් ආවම Flower decorations එහෙමත් කරන්න වෙනවා…. ගැහැණු ළමයෙක්නේ පුළුවන් වෙන්න එපැයි…….. අපි කරලා බලමු තුහින්‍යා……..

සම්මුඛ පරීක්ෂණය එලෙස අවසන් වෙද්දි තුහින්‍යාට දැනුනේ අපමණ සතුටක්…….. ඒ සතුටත් හදවතේ රුවාගෙන පිටතට යන විට ජාන්වී හා දිල්රූ බලා සිටියේ ඇය එනතුරුයි…..

” මොකෝ වුනේ තුහී…. වැඩේ හරි නේද…. සිලෙක්ට් වුනාද……

තුහින්‍යා සතුටින් හිස සැළුවාය…….. ඇය ඔවුන් දෙදෙනාද කැටුව උඩ කාර්යාලයට ගියහ……. ජාන්වී හා තුහින්‍යා ගිණුම ලිපිකාරිනියන් ලෙසද…… දිල්රූ මල් සැකසුම් ශිල්පිණියක් ලෙසද සේවයට බැඳුනි…..

අද දවස පුරාම තිබූනෙ කියාගත නොහැකි තරම් සතුටක්….. ඒ සතුට නිසාම තුහින්‍යා හා ජාන්වී සාර්ථකව වැරදී තිබූ ගිණුම් කීපයක්ම සකස් කිරීමට සමත්ව තිබුණි…….. සවස තුන හමාර හතර පමණ වන විට හේෂර ඔවුන්ට පිටව යාමට අවසර ලබා දුන්නේ ධාරාණිපාත වර්ෂාවක පෙරනිමිති එමින් තියෙද්දි………

එනිසාම ගැහැණු ළමයි තිදෙනා පාරට ආවේ යුහුසුළුවයි…… තුහින්‍යා මල්ලිට ඇමතුමක් ගෙන ඇය කැටුව යාමට පැමිනෙන ලෙස දැනුම් දුන්නාය…….

පාරට යන විටත් ජාන්වීගේ හා දිල්රූගේ නිවෙස් වලින් ඔවුන් දෙන්නා කැඳවාගෙන යාමට පැමිණ සිටියහ…. මුළු පලාතම කලුවර වන්නට එතරම් වෙලාවක් ගියේද නැත…….. තුහින්‍යා ඉක්මන් ගමනින් සීතා අම්මාන් කෝවිල තුලට ගියේ මල්ලී එනතුරුය……….

💙🌿💙🌿💙🌿💙🌿💙🌿💙🌿💙

උදේ පැවති පෝරුවේ චාරිත්‍ර වලින් පසු විවාහ ගිවිසගැනීමද තිබුනේ උත්කර්ෂවත් අයුරින්……… ඉතාම උද්යෝගයෙන් හා ආදරණියව ටාෂියා ඒ සියල්ල කලේ භූමිට පෙනෙන්නටයි……

තම ආදරිය තවත් අයෙකුගේ.පතිනිය වනු දෑසින්ම දැකීමට සිදු වීම කලාතුරකින් අහම්බයකින් සිදුවන දෙයකි……. අද භුමිට සිදු වුයේද එවන් අහම්බයකි……… නමුත් එම සිදුවීම කොතරම් භූමිගේ සිත පෑරවූවාද කියනවා නම් ඔහු ගොස් නැවතුනේ පහල සැරබීම අංශයේය…….

දහවල් පටන් මේ වනතුරුත් භූමි එකැනට වී හොඳටම වෙරි වෙන තුරු මත් පැන් ගත්තේය……….. තෙනුක ගිය එක ඔහුට මහත් ආශිර්වාදයක් වූයේ ඔහු සිටියා නම් කීයට වත් භූමිට මෙතැන නවතින්නට ඉඩ නොදෙන බැවින්…..

භූමි එලියට ආවේ මනාල යුවල පිටව ගිය පසුය……… කෙලින් හිටගන්නවත් ඇවිදගන්නවත් නොහැකි වන තරමට මත්පැන් ගෙන සිටි භූමි ඇද වෙවී… පාරට ආවේය……… භූමිගේ දුරකතනය නොනවත්වා නාද දෙන්නට විය….. නමුත් එය ගැනීමට හෝ ඔහුට සිහියක් නැත……….

භූමි දුරකතනයට ප්‍රතිචාර නොදක්වන තැන එම ඇමතුම ගියේ රජීව්ටයි……….. ඒ රොකී…… ඔහුද ඔවුන්ගේ.විශ්වවිද්‍යාල මිතුරෙන්……

” මචං රොකී….. කියහන්……

” කෝ බං ඇල්……. ඒකා අන්ස්වර් කරන්නැති හින්දා ගත්තේ…..

” ආ ඌ අද පොඩ් වැඩක…. කියපම් මොකක්ද වෙන්න ඕනා…..

” පොඩි නිව්ස් එකක් දෙන්න ගත්තේ….. පරෙස්සම් වෙයල්ලා…… විශාල්ට ගහපු එකට පලිගන්න වේදි උඹලව හෙයෙනවා……. අද සෙට් එකක් නුවරඑළි එව්වලු…… භූමිට කියපන්….. උන් දැනටමත් ඇවිත් ඇති…… මං තියනවා ඈ…….

ඇමතුම විසන්ධි වෙත්ම රජිව්ගේ පපුව සීතල විය ඔහුද භුමිට ගත්තත් ප්‍රතිචාරයක් නැත…..

” කොහේද මූ ගියේ……… මේකාගේ තියන පන්ඩිත කමනේ……

ඔහු තෙනුකට ගත්තේ භූමිට හොඳටම බනිමින්…..

භූමි වැනි වැනී මාවතේ වට පිට බැලුවේ යන අතක් නිශ්චය කර ගැනමටයි……… අවසානයේ ඔහු නුවරඑළිය නගරය දෙසට යන මගට හැරුණි………. සීතා අම්මාන් කෝවිල පේන මානයටම යන විට ඔහු ඉදිරියෙන් ආ වාහනය වේගයෙන් බ්රේක් ගසා නතර විය………..

❤️••••මතු සම්බන්ධයි••••❤️