දැන් යමු මිහිනුයි බිනුයි බලනවා ඇති අපි කෝ කියල. කිලාන් කිව්වා.
මට තව ටිකක් මෙතන ඉන්න ඕනේ.
එහෙනම් මමත් ඉන්නවා.
ඔයා යන්න. කෙල්ල කිව්වේ එතන තිබුණු බංකුව මතින් අසුන් ගනිමින්.
ඇයි මමත් ඉදගත්තොත් මේක ගෙවෙනවද?
කෙල්ලට හිනා ඔහු ඉදගෙන අගලක් වත් නොසෙල්වී ඒක කියපු විදියට.
හවස අපේ ප්‍රෝග්‍රෑම් එක කියල මතකයි නෙහ්?
මට අද යන්න බැහැ වගේ.
මෙහන්සා හැමදේම හරියට කම්මැලි නැතුව කරන්න මට කියල දීපු ඔයා ඇයි දැන් ඔහොම කියන්නේ. මතකද අපි දෙන්නගේ පලවෙනි වැඩසටහන ඒක. අපි කොච්චර මහන්සි වෙලාද ඒක මේ තත්වෙට ගෙනාවේ. ඒ නිසාම අපිට සම්මානත් හම්බුනා. ඉතින් ඇයි අද කවදාවත් නැතුව කම්මැලි කරන්නේ?
මට මූඩ් එකක් නැහැ.
හේතුව?
මම දන්නේ නැහැ.
මිහින් බැන්නද?
එයා කවදාවත් මට බනින්නේ නැහැ.
ඔව් ඔයා හරිම වාසනාවන්තයි කොච්චර හොඳ කොල්ලෙක්ද ඔයාට හම්බෙලා තියෙන්නේ?
කවදාහරි ඔයා මැරි කරන ගර්ලුත් හිතාවි කොච්චර හොඳ කොල්ලෙක්ද එයාට හම්බවෙලා තියෙන්නේ කියල.
මම කවදාවත් මැරි කරන්නේ නැහැ.
ඇයි ඒ?
මම පතන කෙනා මට කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙන කෙල්ලෙක්ගෙ ජිවිතේ නාස්ති කරන්න මට බැහ ැ. මොකද මම හොඳටම දන්නවා මට තව කෙනෙක්ට ආදරේ කරන්න බැහැ කියල.
ඉතින් කෝ ඒ ගර්ල්?
එයා ඉන්නවා.
කොහෙද?
කොහේ හරි ඉන්නවා. ඒත් එයා මට ආදරේ කරන්නේ නැහැ. මම එයාට ආදරේ කරන්න පටන් ගන්නකොටත් එයාට බෝයි කෙනෙක් හිටිය. එයා ඒ බෝයිට ගොඩක් ආදරෙයි.
කෙල්ල මේක අහල කලබල උනා. ඔහුට පෙම්වතියක් ඔහු ආදරේ කරන යුවතියක් ඇති කියලා කෙල්ල හිතල තිබුනේ නැහැ. ඔහු ඒ ගැන කවදාවත් කතා කරලා තිබුනෙත් නැහැ. ඔහු මේ කියන්නේ තමන් ගැනම කියල කෙල්ලට තේරුනේ නැහැ ඒ කියපු දේවල් වලින් වත්. අවසර නැති මුත් මේ හැඟුම් ඔහු වෙනුවෙන් බව ඇය දැන් දන්නවා. තමන් නොදැනුවත්වම ඔහු ආදරේ කරන්නේ කාටද? ඒ හිතට හිමිකාරියක් ඉන්නේ කොහොමද?
ඒ කවුද?
එයාව ඔයා නොදැන ඉන්න තරමට හොඳයි මෙහන්සා.
ඔහු කාට පෙම් කල ද ඒ ගැන හොයන්නට තමන්ට අයිතියක් නැතැයි සිතන්නට ඇය උත්සහ කළා. ඒත් හිතට දැනෙන ඉරිසියාව වලක්වන්න යුවතියක් විදියට ඇය දන සිටියේ නැහැ. ඒ හිත අයිති වෙන්න ඕනේ තමන්ටම විතරයි. ඒ ගැන ඔහුට කියාගන්න එකෙන් තමන්ව වලක්වන තමන්ගේ අසනිපෙට ඇය සාප කළා.
කිලාන් හිටියේ ඈතක් බලාගෙන. තමන් ආදරේ කරන යුවතිය පසෙකින් තියාගෙන ඒ හිත ඇයට කියාගන්න බැරුව තමන් විඳවන තරමක්.
කෙල්ල මදක් වෙලා ඔහු දිහා බලන් හිටිය.
ඔයා බොරු කියනවා. මම දන්නේ නැතුව කොහොමද ඔයාට වෙන කෙල්ලක් ඉන්නේ? ඒත් තමන්ගේ ජීවිතෙත් මෙච්චර ලග ඉදල ඔහු නොදන්නා කොච්චර දේවල් තියෙනවද? එහෙම එකේ ඔහු ගේ ජිවිතේ තමන් නොදන්නා දේවල් තියෙන්න බැරි නැහැ.
එත් ඒ සිතිවිල්ල කෙල්ලට ප්‍රියමනාප උනේ නැහැ.
කෙල්ල තව ටිකක් ඔහු සමීපයට උනා. ඊට පස්සේ ඒ සුරත වැළදගෙන උරහිස උඩින් ඔලුව තියාගත්තේ කිලාන් ගැස්සිලා බලද්දී. මේ වෙලාවේ ඔයා මොනවා හිතුවත් කමක් නැහැ. ඔයා මගේ විතරයි. කෙල්ල දෙනෙත් පියාගත්තේ එහෙම හිතාගෙන.
මෙහන්සා. ඔයා හොඳින්ද?
නැහැ.
කියන්න ඇයි? ඔහු ඇහුවේ නිදහස්ව තිබුණු අනිත් අතින් ඇගේ කම්මුල පිරිමදිමින්.
දෙවියනේ මේ තරම් සෙනෙහසක්. මේ යාළුකම විතරක්ම ද? මට බැහැ ඔයාව නැති කරගන්න. මට බැහැ වෙන කාටවත් ඔයාව දෙන්න හිත හදාගන්න. ඒත් මම කොහොමද ඔයාට මගේ තත්වේ කියන්නේ?
මගේ ඔලුව රිදෙනවා.
සනීප නැත්තම් අද ප්‍රෝග්‍රෑම් එකට නොයා ඉමු.
එහෙම කරන්න ඕනේ නැහැ.
හ්ම්ම්ම්.
මම ගැන වැරදියට හිතන්න එපා.
කවදාවත් නැහැ මෙහන්සා. ඔයාට කැමති දවසක ඔය හිතේ හංගගෙන ඉන්න දේවල් මට කියන්න. එතකම් මම බලන් ඉන්නම්.
ඇගේ කඳුළු වැටුනේ ඔහුගේ උරහිස මතට. ඇය හඬන්නේ ඇයි? ඒ කඳුලුත් තම සිතට සැනසුමක් සේ ඔහු සිටියේ නිහඬව. අඩුම තරමේ ඇය මේ තරමට වත් තමන් ලගට වී සිටීමම ඇති ඔහුට.
කාලය පියඹා ගියේ වේගයෙන්. ,ඒ වනවිට සරසවියේ ගත කල දෙවෙනි වසරත් ගත වෙලා අවසන්. ඔවුන් අධ්‍යන කටයුතු වලට මහන්සි වූ තරම්ම බාහිර වැඩ වලත් නොකඩවා නිරත උනා.
මෙහන්සාගේත් කිලාන් ගේත් රුපවාහිනී වැඩ සටහන බොහෝ ජනප්‍රිය වූ අතර එය තිබුනේ වැඩසටහන් ශ්‍රේණි ගත කිරීම් වල ඉහලම තැනක.
හදිසියේම කිලාන්ටත් මෙහන්සාටත් දුර බැහැරක යාමට සිදු වුයේ ඒ වැඩසටහනේ කටයුත්තක් සදහාය.
ඒද මිහින් සහ බිනූ කිලාන්වත් මෙහන්සාවත් හමුවීමට පැමින සිටි අති අන්තයේ දිනක්.
අදම යන්න ඕනෙද සර්. කිලාන් ඇහුවෙ ඔහුට පැමිනි ඈතුමකට පිලිතුරු දෙමින් මාධ්ය ආයතනයේ ඔවුන්ගේ වැඩසටහනේ අධ්යක්ශකවරයාගෙන්.
ඔව් ලමයෝ මේ ප්‍රොජෙක්ට් එක සතියක් ඇතුලත යවන්න ඕනෙ. ඒ නිසයි ඔය දෙන්නට අදම යන්න වෙන්නෙ. ඔයාලගෙ කෘ එක දැනටම ගිහිං ඉවරයි. අද උදේ උදන් ඔයාලව කන්ටැක්ට් කරගන්න බැලුව. ලෙක්චර්ස් තිබුන කිව්වනෙ. එහෙන් අහල බැලුවම කියනව ප්‍රොග්‍රැම් එකකරන දෙන්න අනිවාරෙන්ම ඕනෙ කියල. නැත්තං ඔයා දන්නවනෙ කිලාන් මම ඔයාලගෙ ස්ටඩීස් වලට උපරිම නිදහස දීල තියෙනවනෙ. සමාවෙන්න දරුවෝ. මේ සැරේ ඔයාල නොගිහින් බෑ
මට තේරෙනව සර්.
එය සැබෑවකි.ඔවුන් දෙදෙනාම වෛද්‍ය ශිශ්‍යයන් වූ හෙයින්ම මාද්ය ආයතනයෙන් ඔවුන්ට උපරිම නිදහසක් ලබා දී තිබිනි. ඔවුන්ගේ අද්යක්ශකවරයා මෙවැනි බාහිර කටයුත්තකට ඔවුන් යොමුකරවන්නෙ නොකරම බැරි අවස්තාවකදීම පමනක් බව කිලාන් මෙන්ම මෙහන්සත් දැනගෙන හිටිය.
හරි නේ පුළුවන් ඉක්මනට එහාට යන්න. මම වාහනයක් එවන්නද?
ඕනේ වෙන එකක් නෑ සර් කාරෙක තියෙනවා.
හොද වෙලාවට නැත්තම් එකටත් වෙනම වෙලාවක් යනවනේ. වියදම් ඔක්කොම ගැන වාර්තාවක් හදන්න කියල මෙහන්සට කියන්න.
මාද්ය ජීවිතේ ඉතිං ඔහොම තමයි. වවුලගෙ ගෙදර ගිහාම එල්ලිල ඉන්න ඕනෙ කියනවනෙ. කිලාන් විස්තරේ කිව්වම මිහින් කිව්වෙ එහෙම.
මේ ප්‍රොජෙක්ට් එකට අපි සෑහෙන්න මහන්සි උනා. මෙහන්සා කිව්ව. ඒක නැති කරගනත් බෑ.
ඒක තමයි සර්ත් කිව්වෙ. අර එස් එස් එස් මහත්තයා මහ අමුතු ජාතියෙ එකෙක්. මෑන්ස් ට මොනා උනත් අපේ ඩිරෙක්ටර් බයයි. මොකද මිනිහගෙනෙ සල්ලි
මොකද්ද එස් එස් එස් කියන්නෙ?
ඒ මනුස්සයගෙ නම තමයි ඒ. සලීම් ශංකර් සින්ග්. අපි ලේසියට දාගත්තු නම ට්‍රිබල් එස්
ඒකත් මරු.
මොකද මෙහන්සා අපි දැන් කරන්නෙ?
ඔක්කොම තිරනේ සරරගෙන ඉවර වෙලානෙ අපිට යන්න කියන්නෙ.
දැන්ම යන්න කිව්ව නම් ඉතිං යන්නම වෙනවනෙ. බිනූ කිව්ව.
ඔව් දැන්ම ගියොත් හත වෙද්දි වත් මාතරට යාගන්න පුලුවන් වෙයි හයිවේ එක තියෙන හින්ද. මිහින් උබලත් එනවද?
පිස්සුද බං සදුදට ලෙක්චස් දෙකක් තියෙනව. හෙට හවස් වෙද්දි වත් කොලබ යන්න ඕනෙ. ගෙදර කරන්න වැඩ වගේකුත් තියෙනව. උබල එද්දි හෙට හවස් වෙයි.
මේ සතියෙ අපිට ලෙක්චස් නෑ හොද වෙලාවට.
හ්ම්ම්ම්.
ටිකක් හිටපං මිහින් එහෙම කියල මෙහන්සත් එක්ක ඔවුන් හිටපු තැනින් ටිකක් ඈතට ගියා.
ඇයි අයිය මොකද?
මේ බලන්න මේ ගමන ඔයාට කිලාන් එක්ක තනියම යන්න වෙන්නෙ.
ඇයි අයිය ඔයාට බය ද මාව එයා එක්ක තනියම යවන්න. මේ කැම්පස් එකෙත් අපි තනියම පාඩම් කර කර ඉදල තියෙනව ඕනෙ තරම්.
මිහින්ට හිනා ගියා. නෑ නංගි කිලාන්ගෙන් ඔයාට අබමල් රේනුවක තරම් වත් වැරද්දක් වෙන්නෙ නෑ කියල මට විශ්වාසයි.
එහෙනම්..
ඔයාට මම මුකුත් කියන්න ඕනෙ නෑ. හිතල බලල වැඩ කරන්න.
මම දන්නව අයිය මගේ තත්වෙ මට ඒක අමතක නෑ. කෙල්ල කිව්වෙ කදුලු පුරවගෙන.
ඔන්න ඉතිං පිස්සි අඩනව. මං කියන්නෙ හිතට හරි කියල හිතෙන දේ කරන්න නංගි. දැන් පරිස්සමින් ගිහිං එන්න.
කෙල්ල පාත් වෙලා එහෙමම මිහින්ට වැන්ද. ඔහු ඇය නැගිටුවා තුරුල් කරගෙන නලලත සිපගත්ත.
කිලාන් සමග කිසිවක් කතා කරමින් සිටි බිනූ ඒ මොහොතේම ඒ සිදුවීම දුටු අතර ඇයට සුසුමක් හෙලුනේ නොදැනුවත්වම. අගේ හැසිරීම වෙනස් උනා කියල ළඟ හිටපු කිලාන්ටත් දැනුන.
අන්තිමේදී අපි දෙන්නට වෙන්නේ හැමදාටම හුල්ල හුල්ල ඉන්න තමයි බිනු. මෙහන්සාත් මිහිනුත් දෙස මොහොතක් බලල ආයේ වෙනතක් බලපු කිලාන් කිව්වා.
බිනු බැලුවේ තිගැස්සිලා
මොනවා ගැනද කිලාන් ඔයා ඔය කියන්නේ?
ඔයා මිහින්ට ආදරේ කරන්නේ නැහැ කියල නම් මට කියන්න එපා බිනු.
බිනු මොහොතකට ගොළු උනා. ඔයා….. ඔයා…..
මම දන්නේ කොහොමද කියලද අහන්නේ? ඔය ඇස් දෙකේ කතාව මිහින්ට නොතේරෙනවා නම් ඒක ලෝක පුදුමයක්.
බිනු හෙමිහිට ඔලුව පහතට නැඹුරු කරගත්තේ ඒ ඇස් වල කඳුළු හංගගෙන. මම දන්නවා කිලාන් එත් මොන හේතුවක් හින්දද මන්ද මට එකෙන් මිදෙන්න බැහැ . බිනු කිව්වේ ඉකිබිඳෙන හඬ මැඩගෙන
මට ඔයාගේ ප්‍රශ්නේ තේරෙනවා බිනු මොකද මටත් වෙලා තියෙන්නේ ඕකම හින්ද.
ඒ කියන්නේ ඔයා මෙහන්සට..
ආදරෙයි. බිනු කියන්න ගත්තු එක සම්පුර්ණ කරමින් කිලාන් කිව්වා. එදා අපේ සයන්ස් ඩේ එක දවසේ ඉදලම මම එයාට ආදරේ කරා. ඔයා දන්නවා මම එයා හින්ද කොච්චර වෙනස් උනාද කියල. ඒ උනාට ඒ ආදරේ එදා ඉදන්ම මගේ හිතේ විතරයි තියෙන්නේ. ඒ ගැන සේනාල් ඇරෙන්න වෙන කවුරුවත් දන්නේ නෑ
කිලාන් මේ ගැන අපි දෙන්න ඉස්සරහටත් හිතේම තියාගමු. ඒ දෙන්න ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක් මට ඒගොල්ලන්ගේ අතරට යන්න ඕනෙකමක් නැහැ.
මම දන්නවා බිනු.
ඒ මොහොතේම අනිත් දෙන්නත් ඔවුන් ලඟට ආව.
අපි යමුද? කිලාන් ඇහුව.
යමු. අම්මට කියන්න අයිය.
අපි ගිහින් එන්නම් මිහින්. බිනු…
ශිහ් අර මිනිහට තව එක දවසක් ලංකාවේ ඉන්න බැරි උනාද මන්ද. කිලආන් කිව්වේ වහනය පන ගන්වමින්.
ඒක තමයි. හොද වෙලාවට ඔයා අද වාහනේ ආවේ. නැත්තම් තව පරක්කු වෙනවනේ.
මාත් එක්ක දුර ගමනක් යන්න තනියම බය නැද්ද මෙහන්සා.
කෙල්ල දැනගෙන හිටිය ඔහු කොයි මොහොතේ හරි මේ ප්‍රශ්නේ අහන බව.
බය නම් මම එන්නේ නැහැනේ.
ඇය කියද්දී ඔහුගේ මුහුණට හිනාවක් ආව. ඒ හිනාව කොයි තරම් පියකරු දැයි එවිට ඔහු කොයි තරම් ලස්සන දැයි ඇය කල්පනා කලේ හැමදාම වගේ. කිලාන් හිටියේ ගොඩක් සතුටෙන්. මාධ්‍ය ආයතනයට පින් සිදු වන්නට ඇයත් සමග තනි වෙන්න ලැබුණු අවස්තාව ගැන ඔහුගේ සිත තුල තිබුනේ සතුටක්. ඒ සතුට ඔහුගේ මුහුණින් පෙන්න තිබුන.
යන අතරමග තැන තැන නවත්වමින් ඇයට විවිධ දේ රැගෙන දෙමින් ඔහු ලොකු ආශ්වාදයක් වින්ද. මේ ගමනේදී ඇය මිහින්ගේ නොව ග්තමාගේ යන වග හිතට දැනෙන එක වලක්වන්න කොල්ල උතසහ කලේ නෑ .
ඔච්චර දේවල් ගන්නේ ඔය හැටි කන්න පුලුවන්ද. කෙල්ල ඇහුවේ දැනටමත් ඔහු සැහෙන්න දේවල් මිලට ගත්තු හින්ද.
ඔයාට බැරි නම් ඉන්නකෝ. මම කන්නම්.
පෙරේත කම විතරක්.
පෙරේතයි? මේ මන්?
ඔව් නැතුව මම යැ
හා එහෙනම් ආයේ ගන්නේ නෑ මොනවත් එහාට යනකම්ම බඩගින්නේ ඉන්න ඔයා.
මොන බඩගින්නේද බලන්නකෝ මේ වාහනේ දිහා. සයිවර් කඩයක් වගේ.
හරි හරි ඉතින් තව කොච්චර දුර තියෙනවද එතකොට ඔය ඔක්කොම ඉවර වෙයි. ආයේ ආපහු එද්දී රෑට කඩවල් ඇරලා තියෙන එකක් යැ ඒ නිසා කෑගහන්නේ නැතුව අරන් දෙන ඒවා ගන්න මෙහන්සා.
නොකීවට කොල්ලගේ මේ දගකාරකම් වලට තමයි ඇය ගොඩක් ප්‍රිය කලේ.
අහස පොලව අතර ඇති බොහෝ දෑ පිලිබඳ කතා කරමින් ඔවුන් ගමනෙන් අඩකට වඩා නිම කළා.
ඔහු සිටින විට සිතට පාළුවක් කාන්සියක් නොදැනෙන්නේ යයි ඇය සිතුවා. දැන් දැන් තමාට ඔහුගේ ඇසුර නැතුවම බැරි බව ඇය වටහාගත්ත. පිටත්ව එන්නට පෙර සොයුරා කි වදන් ද දෙසවන් අග රැව් දුන්න. නමුත්…
මුළු ජීවිතය පුරාවටම ඇය මෙලෙස ලඟින් හිඳින්නේ නම් තම ජීවිතය කොතරම් නම් සුන්දර වනු ඇත්ද? නමුත් එය සැබෑ නොවන හීනයක් බව හිතිලා කොල්ලට සුසුමක් හෙලුනේ ඉබේටම
ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? බොහෝ වෙලා ඔහුගේ ඉරියව් නිරීක්ෂණය කරමින් ඉඳල කෙල්ල ඇහුවේ.
නෑ මෙහන්සා මුකුත් නෑ
තමා සිතු දේ ඇය දනී නම් මේ ලෙස වත් ඇය තමා අසල නොසිටිනු ඇත.
මුළු ජිවිත කාලයටම ඇය නොලැබෙන වග හදවත පිලි නොගන්නේ මන්දැයි ඔහුට නොවැටහිණි.
එක්වරම වාහනේ නතර වුනා.
ඇයි නැවැත්තුවේ?
වාහනේ මොකක් හරි අවුලක් වගේ. වාහනය නැවත පන ගන්වන්නට උත්සහ කරමින් කිලාන් කිව්ව.
අපිට එහාට යාගන්න බැරි වෙයිද? කෙල්ල ඇහුවේ බයෙන්.
මම හදාගන්න බලන්නම් මෙහන්සා. කොල්ල කිව්වේ වාහනෙන් බහිමින්.
මම මේක බලනකම් ඔයා ඒ අපිට යන්න කිව්ව හොටෙල් එකට කතා කරලා මේ ප්‍රශ්නේ කියන්න. වාහනයක් එවන්න පුලුවන්ද අහන්න.
දුරකථනය අතට ගත්තු කෙල්ල උත්සහ කලේ ඇමතුම ගන්න
සිග්නල් නෑනේ. කිහිප සැරයක්ම උත්සහ කරලා ඇය කිව්ව
ශිහ් කරුමෙට
මෙතන ඉදල කොච්චර දුරයිද තව?
ටිකක් දුරයි ඔයා සරින් සැරේ ගන්න ට්‍රයි කරන්නකෝ.
ඇයද වාහනෙන් පිටතට බැහැල උත්සහ කලේ ඇමතුම ගන්න. කිහිප විටක් උත්සහ කරාට පස්සේ ඇමතුම ලබාගන්න ඇය වාසනාවන්ත උනා.
මොකද ගත්තු එක්කෙනා කිව්වේ? කොල්ල ඇහුවේ මෙහන්සා දුරකථනය ඔහුට දෙනවත් එක්කම
වාහනයක් එවන්නම් කිව්වා. ටිකක් වෙලා යයිලු.
හරි එතකම් මම බලන්නම් මේක හදාගන්න පුලුවන්ද කියල. කියපු කොල්ල ආයෙත් උත්සහ කලේ වාහනේ ඇති වූ දෝෂය හොයාගන්න.
කෙල්ලත් වාහනේ බඳට හේත්තු වෙලා බලන් හිටිය ඔහුගේ කටයුත්ත දෙස.
හදිසියේම ඇයට හිසරදය ගතියක් දැනුන. නළලත් ඇගිලි තුඩු අගින් පිරිමදිමින් ඒ මොකද කියල හිත හිත ඉද්දි තමයි කෙල්ලට මතක් උනේ තමන් හවසට බොන්න නියමිත් බෙහෙත් වේල බිව්වේ නැහැ කියල.
මේ මුහුදු හුලන් පුරුදු නැති අයට අමාරුයි මෙහන්සා. වාහනේට වෙලා ඉන්න. කොල්ල කිව්වේ ඇය නළල පිරිමදිමින් ඉන්නවා දැක්ක හින්ද.
එහෙනම් ඔයා ඉන්නේ?
මට පුරුදුයි. මම ඉතින් හිතෙන හිතෙන වෙලාවට රට වටේම යන කෙනෙක්නෙ මෙහන්සා. ඒ නිසා මට ගානක් නැහැ. ඔයාට නම් මහන්සි ඇති නේද?
හ්ම්ම්ම්. මම ටිකක් ඇල වෙලා ඉන්නම්. අර එනවා කියපු වාහනේ කියට එයිද දන්නේ නැහැ.
ඔහු පිටත් ඉන්න වෙලාවේ ඉක්මනට බෙහෙත් ටික බොන්න ඕනේ. නැත්තම් ඉතින් තමන් මේ බෙහෙත් බොන්නේ මොකට ද කියල බලයි. වෛද්‍ය වරයෙකු වෙන්න ඉගෙන ගන්න කිලාන්ට ඒ බෙහෙත් දැක්කම හැම දේම තේරුම් ගන්න පුළුවන් වෙයි. නැහැ . මේක රහසක්ම වෙච්චාවේ.
බෙහෙත් සහ ඇගේ අනිකුත් ගමන් බදු තිබුනේ පිටුපස අසුනේ බැවින් ඇය ලද අවසරයෙන් ආපහු වාහනේට නැග්ග. ගමන් මල්ල අවුස්සලා බෙහෙත් ටික හොයාගත්තු කෙල්ල ඒ ටික බිල එහෙමම අසුනට හිස තියාගත්තේ දෙනෙත් පියාගත්ත.
වාහනේ දෝෂය හොයාගන්න නම් කිලාන් සමත් උනේ නැහැ.
ශික්. මේකට මොනවා වෙලාද මන්ද. කෝපයෙන් යුතුව කොල්ල මුමුන ගත්තේ තමන්ටම.
තමන් තනියම හිටිය නම් තව කමක් නැහැ. නමුත් කෙල්ලෙකුත් ඉන්නවා. ඇය ආරක්ෂා කරගන්න එක ඔහුගේ වගකීම. මේ පාලු මාවතකි. මොනවා හරි උනොත් උදව්වක් ඉල්ලගන්න වත් පේන මානෙක කඩයක් වත් නැහැ. දිනපතාම පුවත්පත් වල රුපවාහිනියේ දකින්න අහන්න ලැබෙන දේවල් හින්ද කිලාන් හිටියේ බයෙන්. හතත් පහු වෙලා දැනටම.
වැස්සකුත් පටන් ගත්තේ ඒ අතරේම. නමුත් සිතිවිල්ලේ ගිලි වාහනයේ දෝෂය හොයමින් හිටපු කොල්ලට දැනුනෙත් නෑ වහිනවා.
නමුත් කාරය තුලට වී දෙනෙත් පියාගෙන හුන් කෙල්ල එකපාරටම ගැස්සිලා දෙනෙත් ඇරියේ වැස්සේ හඬට
ඒ පාර වහිනවා. කෙල්ල තමන්ටම කියාගත්ත. කෝ මෙයා? වැස්සේත් එලියට වෙලා මොනවා කරනවද? කවුළුව මදක් විවර කරලා එබිලා බැලුව කෙල්ල දැක්කේ ඔහු තාමත් වාහනේ හදන්න උත්සහ කර කර ඉන්නවා තෙමි තෙමීම.
මේ වහිනවා. ඇතුලට එන්න. කොල්ලට වහින බව දැනුනෙත් කෙල්ල එහෙම කියද්දී.
මම දැන් හොඳටම තෙමිලනේ ඉන්නේ. තව ටිකක් බලමු මෙහන්සා.
කිලාන්.. කිව්වම අහල ඇතුලට එන්න. කෙල්ලට කියවුනේ ඉබේටම. ඒ හඬේ කොපමණ විධානයක් කොපමණ අයිතියක් තිබුනද කිව්වොත් කොල්ල තිගැස්සිලා බැලුව. ඉක්මනට වාහනේට නැගල දොර වැහුව.
ආයිත් කියන්න මෙහන්සා. ආයෙත් කියන්න. ඔයා පලවෙනි පාරට අපි හම්බෙලා අවුරුදු 4කට පස්සේ මගේ නම කියල මට කතා කරේ අද. කොල්ල කියද්දී කෙල්ල රතු වුනේ ඇය ඔහුට කියපු දේවල් මතක් වෙලා.
ඒ කියන්නේ දැන් අපි අතරේ බැඳීමක් තියෙනවද. කියන්න මෙහන්සා. කොල්ල ඇහුවේ ආයාචනාත්මක විදියට.
කෙල්ල කෙලින්ම බැලුවේ ඒ ඇස් දිහා. ඔව් කිලාන් මට වත් නොතේරෙන බැඳීමක් තියෙනවා. සිතැගි වදන් වලට නොපෙරලු ඇය ආයේ ගමන් මල්ල අවුස්සන්න පටන් ගත්ත.
ඔය ෂිට් එකේ බාගෙට ඉඳගෙන ඉන්නේ ඕක ගෙවෙයි කියලද? හරියට ඉඳ ගන්නකො.
මම හොඳටම තෙමිලානේ ඉන්නේ.
ඉඳ ගන්න නේද මම කිව්වේ. පොඩි දරුවෙකුට වගේ කෙල්ල තරවටු කරමින් කියද්දී කොල්ල ඉක්මනට හරි බැරි ගැහිලා ඉඳ ගත්ත.
සිය ගමන් මල්ල අවුස්සලා කෙල්ල අතට ගත්තේ පුංචි තුවායක්. අනතුරුව කෙල්ල බැලුව ඔහු දිහා. තමන්ගේ ඇඟේ නොගැටෙන විදියට අසුනේ ඈත කොනට වෙලා ඔහු ඉඳගෙන ඉන්න විදිය දැක්කම කෙල්ලට දුක හිතුන.
ඔයා හොඳටම තෙමිලානේ ඉන්නේ. මේකෙන් පිහිද ගන්න. තුවාය කොල්ල දිහාවට දිගු කරලා ඇය කිව්වා.
කමක් නෑ මෙහන්සා.
ඈ ඔහු වෙතට ලං උනේ ඒ කී වදන් ගණන් ගන්නේ නැතුව. තෙමිලා ලෙඩ වෙන්න හදනවා මෙතන. කියල ඇයම නැඹුරු වෙලා ඔහුගේ හිස පිහදාන්න ගත්ත.
ඇගේ ඒ ආදරණිය හැසිරීමෙන් ඔහු කැළඹුන. තමා මේ කරන්නේ මොනවාද යන්න හැඟීමක් ඇයට නොවිණි. කාටවත් බලාපොරෝත්තු දෙන්න එපා. හිතල වැඩ කරන්න නංගි. සොයුරා දුර දිග බලා එවැන්නක් පවසන්නට ඇත්තේ මේ බව අනුමාන කර වන්නට ඇත. නමුත් මේ සිතිවිලි වලට වැට කඩොලු බඳින්නේ කොහොමද?
ඇය වෙතට නැඹුරුව හුන් කිලාන් දිවියේ ප්‍රථම වතාවට යුවතියකගේ සුවඳ විඳිමින් හිටියේ.
ඇයි මෙහෙම කරන්නේ මෙහන්සා.
මම දන්නේ නැහැ කිලාන්. කෙල්ල කිව්වේ සිහින් හඬින්
ඇය නොමත්ව නම් තමාට ජිවත් වෙන්න බහ කියල කොල්ලට හිතුන. නමුත් මේ අනෙකෙකුට අයිති යුවතියක්. ඇය තමන්ට මෙහෙම සලකන්නේ යාළුකම නිසාම වෙන්න පුළුවන්. ඉතාම සංවේදී තරුණයෙකු වූ කිලාන්ට ඇය තමාගේ නොවේ යන සිතිවිල්ල ඉහිලුම් නොදෙන තරම්.
පුරා වසර හතරක් තමා සිතිවිලි සිර කරගෙන හිටියේ කොච්චර් අපහසුවෙන්ද යන වග දන්නේ තමන්ම විතරයි.
ඔහුට ඉකි බිඳ හැඩුනේ තමන් ගැනම අනුකම්පාවෙන්.
තමාගේම සිතිවිලි වල අතරමන් වෙලා ඔහුගේ හිස පිහාලමින් හුන් කෙල්ල ගැටලුවකට පත් වුනේ ඔහු හඬනු දැනිල.
ඇයි මේ කිලාන්?
මගෙන් අහන්නෙපා මෙහන්සා. ඒක මට ඔයාට කියන්න පුළුවන් කමක් නැහැ. දෙවියනී. මට නම් තවත් මේක දරාගන්න පුළුවන් කමක් නැහැ. ඔහු හඬන්නට උනේ දෑත් වල මුහුණ රඳවාගෙන.
ඔහු සිතන්නේ මොනවාද යන වග ඇයට වැටහුනා. දිනක් ඔහු පෙම් කරන යුවතියක ගැන කිවේ තමා ගැනම බව ඇයට තේරුම් ගන්නට මිට වඩා සාක්ෂි කුමට ද? නමුත් සිතිවිලි සිර කරගෙන ඉන්නේ තමන් විසින්ම ඔහුගේ සිතට දී ඇති වැරදි වැටහීම නිසා බව ඇයට දැනුන. පුරා වසර හතරක් මුළුල්ලේ ඒ දෑසේ හැඟුම් වැටහුනා ඇයට. තමා ද පෙරලා ඔහුට ආදරය කරන වග ඇය තේරුම් ගත්ත. නොඑසේ නම් තමාගේ කිසිවෙකු නොවන ඔහු ඉගෙනුමට යොමු කරන්නට මේ තාක් දුර ගෙන එන්නට තමන්ට හිතුනේ ඇයි? ඒ හැමදේම බොරුවක් බව කියන්නට ඒ ආදරය පිළිගන්නට වගේම ඒ තුරුලට වී සැඟවෙන්නට ඇයට දැනුනේ නොඉවසිල්ලක්. නමුත් දැන් ඔහුට අනුබල දෙන්නට තමන්ට හැකියාවක් නැති බව ඇය සිතුවා. ඔහුට ආදරය කල ද එය පලක් නොවන ක්‍රියාවක් බව ඇය හිතුව. සේනානායක පවුලේ වැඩිමහල් පුතුට තමන්ගේ අවාසනාවන්ත ජීවිතය භාර දෙන්නේ කොහොමද.
දැන් එයාට හොඳ අනාගතයක් තියෙනවා. එයාට හොඳ ගර්ල් කෙනෙක් ඉස්සරහට හම්බවෙයි. මම වගේ ලෙඩෙක් මොකටද?
ඇය පිඩා වින්දේ මේ වගේ දහසකුත් එකක් සිතිවිලි හින්ද. නිකරුනේ ඔහුට බලාපොරොත්තු දී ඒ හිත වෙහෙස කරවන්නට කෙල්ලට හිතුනේ නැහැ.
ඔහු තවමත් හඬන බව දැක්කම ඇයට ඇති වුනේ වේදනාවක්. දෙවියනේ. ඔහු විඳවන්නේ තමන් නිසා නොවේද? දෙවියන් මේ තරම් දඬුවම් දෙන්නේ ඇයි
අඩන්න එපා කිලාන්. කෙල්ල කිව්වේ ඔහුගේ හිස මත්තේ තමන්ගේ සුරත තියල.
ඔයාට තේරෙන්නේ නැහැ මෙහන්සා. මම…..
ඇය බලෙන්ම වගේ ඔහුගේ දෑත් දෙපසට කරලා ඒ මුහුණේ රැඳුනු කඳුළු වැල් පිහිදම්මේ තමන්ගේ සිතිවිලි හංගගෙන.
පිරිමි ළමයි අඬනකොට හරිම කැතයි.
මට ඔච්චර ලං වෙන්න එපා මෙහන්සා. ඔයාට තේරෙන්නේ නැද්ද මට එක දරාගන්න බැහැ කියල.
ඔයා අඬනව මට බලාගෙන ඉන්න පුළුවන් කියලද හිතන්නේ? ඒ හැඩුම නවත්වන්නට වෑයම් කරමින් කෙල්ල කිව්ව.
ඇයි මෙහන්සා මට මෙහෙම උනේ. තවත් සිතිවිලි පාලනය කරගන්නට අපොහොසත් උණු කිලාන් කෙල්ලව තදින් වැළඳගෙන ඇගේ ළමැදේ හිස තියාගත්තා.
දෙවියෝ අපිට ඕනේ හැමදේම දෙන්නේ නැහැ කිලාන්. ඇය ඔහු තවත් තදින් තමාට තුරුළු කරගත්තේ ඒ හිතේ ඉන්නේ තමන් මයි කියල දැනුනු හින්ද ඔහු ඈත් කරවන්නට ඒ හිත තවත් පාරන්නට හැකියාවක් ඇයට තිබුනේ නැහැ. ඇයට ඔහු දැනුනේ දරුවෙකු විලසට. ඒ දැනෙන හැඟුම් වලක්වන්නට ඇය දන හිටියේ නැහැ.
මේ ජීවිතයේදී තමාට වඩාත් ආදරය කරන තැනැත්තා ඔහු බව ඇය වටහාගත්ත. තමන්ගේ තත්වේ කිව්වත් ඔහු එය නොසලකා තමන්ව බාර ගන්න බව ඈ හොඳින්ම දන්නවා. එත් ඔහුගේ අනාගතය විනාශ කරන්නට හැකියාවක් ඇයට නැහැ. ඒ නිසා වචනයක් වත් ඔහුට කියාගන්න බැරුව කෙල්ල විදෙව්වේ හිතෙන්. කිසිදු දිනෙක එකතු වීමක් ගැන සිතිය නොහැකි නිසාම කල හැකි වූ එකම දෙය හඬා හෝ සිත සනසගන්නට ඔහුට ඉඩ දීම බව කෙල්ල හිතුව.
මම මේ මිහින්ගේ අයිතිය නේද උදුරාගන්නේ කියල මම දන්නවා මෙහන්සා. ඇය වෙතින් ඉවත් වීමට උත්සහ නොගෙනම කොල්ල කිව්වා. ඒත් මට ඒක නැති කරන්නෙපා. ඔයා මට හීනයක් වගේ. අඩු ගානේ මේ මතකය වත් මට ඉතුරු කරන්න.
දෙවියනේ. ඔහු හිතන දේවල්. කිලාන් මිහින් කියන්නේ මගේ අයියා දෙයියනේ. කොහොමද මම ඔයාගේ මුණ බලාගෙන තවත් බොරු කියන්නේ. ඒත් හදවත සහ බුද්ධිය අතර තරගයෙන් මෙවරත් ජයගත්තේ බුද්ධිය.
ඔයත් මට මතකයක් විතරක්ම වෙයි කිලාන්. මේ බැඳීම මේ මතකය මැරෙනකම්ම මා ගාවත් තිබුන දෙන්. හැඟීම් පාලනය කරගන්නත් ඒවා හන්ගගන්නත් මනා හැකියාවක් තිබුන කෙල්ල නිහඬවම හිටියේ ඔහුට එහෙමම ඉන්න ඉඩ දීල.
තුරල් නොවන වර්ෂාව මධ්‍යයේ තවත් වාහනයක හඬක් ඇසෙන තුරු ඔවුන් එලෙසම හිටියේ හදවත් වලටම දොඩමලු වෙන්න ඉඩ දීල.
අර එනවා කිව්ව වාහනේ වෙන්නැති. කොල්ල ඇගේ තුරුලෙන් මෑත් උනේ මෙහන්සා එහෙම කිව්වම. එහෙමම වෙවුලන දෙතොලින් කෙල්ලගේ නළලත හාදුවක් සටහන් කරේ කෙල්ලට හිතන්න වත් ඉඩ නොදීම. ඒ ගෞරවනීය හාදුව ඇයට ඔහුගේ සිතේ ඇති ආදරය මොනවට පැහැදිලි කළා.
අද දවස මට හැමදාම මතක තියෙයි. දුර එන වාහනයේ පහන් එලිය දෙස බලමින් කිලාන් කිව්වේ කෙල්ල නිහඬවම සිටිත්දී.