5 – අවසාන කොටස🎀

🌹🌷කුණාටුවක් වූ ආදරේ🌹🌷

🌹👩🌹ඔව්.ඒක ඇත්ත.මගේ හිත හොර රහසේම ශාරද් අයියට ආදරේ කරන්න පටන් අරගෙන.ඒත් මට ඒක ශාරද් අයියට කියාගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

මං වතාවක් කසාද බැදලා දික්කසාද වෙච්චි ගෑනියෙක්.ඩොක්ටරුයි එයාගෙ නෝනයි කවදාවත් මාව එයාලගේ ලේලි කරගන්න කැමති වෙන්නෙ නෑ.මං ඒ ආදරේ හිත ඇතුලේ හංගගෙන හිටියා. මාව බලන්න එන මනමලයා කව්ද කියලා දැනගන්න මගේ වැඩි උවමනාවක් තිබ්බේ නෑ.මං වගේ දික්කසාද වෙච්චි ගෑනියෙක්ව බාරගන්න ඒ අය කැමති වෙන්නේ නෑ කියලා මගේ හිතේ තිබුනා.

“දුව මොනවද කල්පනා කරන්නේ…..”

ඩොක්ටර් ලගට එනකල්ම මං දැක්කේ නැහැ.

“මොකුත් නෑ අංකල්.මං මේ නිකං එලියට අවා…..”

ටික වෙලාවක් යද්දී ඩොක්ටර්ගෙ නෝනත් අපි ගාවට ආවා.එයාගෙ මුහුණෙත් තිබ්බේ ඩොක්ටර්ගෙ වගේ සුන්දර හිනාවක්.😀😀

“දුවට අපි මනමාලයෙක් හෙව්වා කියලා දැන් කී දවසක් වුනාද?ඒත් දුව අපෙන් නිකමටවත් ඒ මනමාලයා ගැන විස්තර ඇහුවේ නෑනේ……”

“ම….මං දන්නවා මං ඒ ගැන විස්තර ඇහුවේ නැතත් ආන්ටියි,අංකලුයි මට වරදක් කරන්නේ නෑ කියලා…..”

“අපි දුවට සළකන්නේ අපේම දරුවෙකුට වගේ.අපි දුවව පිටට යවන්නේ නෑ.දුවට අපි හොයපු මනමලයා වෙන කවුරුවත් නෙවෙයි අපේ පුතා ශාරද්…..”

දෙයියනේ……😱😱මට ආන්ටිව බදාගෙන නටන්න තරම් හිතුණා.මං හිතින් ආදරය කරපු ශාරද් අයියව මට හිමි වෙනවා.මට මේක හීනයක් වගේ.මට දැනුනේ පුදුමාකාර සතුටක්.සතුට වැඩිකමට මට කතා කරගන්න වචන නැතිවුනා.😀

“දුවව අපේ පුතා හොදට බලා ගනියි. කවදාවත්ම එයා ඔයාට දුකක් දෙන එකක් නෑ.රැජිනක් වගේ දුවව බලා ගනියි……”

හවස ශාරද් අයියා ගෙදර එන වෙලාවේ ඩොක්ටරුයි,නෝනයි ගෙදර හිටියේ නෑ. එයාලා ඩොක්ටර්ගේ යාලුවෙකුගේ ගෙදර පාටියකට ගිහින් තිබුනා.මං ශාරද් අයියට කාමරේට තේ එකක් ගිහින් දුන්නා.☕

“අම්මයි,තාත්තයි දැන්ද ගියේ තරූ…..”

ශාරද් අයියා මට තරූ කියලා කතා කරනකොට මට මහා අමුත්තක් දැනුනා. මට දැනුනේ ඒ කතා කරේ ශාරද් අයියා නෙවෙයි හිමේෂ් කියලයි.ඒත් මං ඒ ගැන අගවන්නේ නැතුව ශාරද් අයියා අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා.

“නෑ අයියේ.දැන් පැයක් විතර වෙනවා ගිහින්…..”

මං එහෙම කියලා කාමරෙන් එලියට යන්න හැදුවා.ඒත් ශාරද් අයියා මට යන්න නොදී අල්ල ගත්තා.

“කොහෙද මේ හොර පූසි වගේ යන්න හදන්නේ?….බය හිතුනද අම්මයි, තාත්තයි ගෙදර නැති අතරේ මං මොනවා හරි කරයි කියලා.ආ…..”😉

“න්….නෑ ශාරද් අයියේ.මං මෙ….මේ….”

“හරි.හරි ගොත ගහන්නේ නැතුව දැන් කියනවා බලන්න අම්මයි,තාත්තයි උදේ ඔයාට මොනවා හරි කිව්වද?…..”

එහෙම අහද්දී මට හිතුණා මං ඒ ගැන දන්නේ නෑ වගේ රගපාන්නත්.ඒත් ශාරද් අයියා ඉස්සරහා මට බොරුවක් කියන්න මගේ හිත මට ඉඩ දුන්නේ නෑ.මං මොකුත් නොකියා බිම බලා ගත්තා.ඒ පාර ශාරද් අයියා මාව එයාගේ පපුවට තුරුල් කර ගත්තා.මගේ ඇස් වලින් කදුලු වැටුනා.මට ආදරේ කරන රත්තරං ගතිගුණ තියන මනුස්සයෙක් මට ලැබුනා.�😢

“මං දන්නවා තරූ ඔයා මට කැමතියි කියලා.ඔයාගෙ කටින් ඒක නොකිව්වට ඔයාගේ ඇස් වල ඒක අපූරුවට ලියවිලා තියනවා……”

“ඒත් අයියේ මං….මේ……”

ශාරද් අයියා මට මොකුත් කියන්න ඉඩ දුන්නේ නැහැ.එයාගෙ අතින් මාව නිශ්ශබ්ද කරා.🤫🤫

“මං දන්නවා මැණික,ඔයා කියන්න හදන දේ.ඔයා දික්කසාද වෙච්චි එක මටවත්, මගේ දෙමව්පියන්ටවත් ප්‍රශ්නයක් නෙවෙයි.ඔයා වරදක් නොකරපු බව මං දන්නවා.ඒ හැම දෙයක්ම අමතක කරලා දාන්න…..”

ජීවිතේ විදපු හැම දුකක්ම,කරදරයක්ම නිමා වුනා.අදින් පස්සේ මං විදපු හැම කරදරයක්ම ඉවරයි.මගේ ජීවිතේ සන්තෝශෙන් ගත කරන්න පුලුවන් ,මට ආදරේ කරන කෙනා මට හමුවුනා.ශාරද් අයියා මට ගොඩාක් ආදරේ කරා.මං හරිම වාසනාවන්තියක්.ජීවිතේ දිහා සුබවාදීව බලන්න මට පුලුවන් කමක් ලැබුනා.💐💐💐

අද මගෙයි ශාරද් අයියගෙයි වෙඩින් එක.🤵👰😍😘අපි දෙන්නගෙම කැමැත්ත අනුව අපේ විවාහය ගොඩාක් සරලව,පොඩියට ගත්තා.මං හිටියේ හරිම සතුටින්.මට ආයෙමත් පව්ලක් ලැබුනා.අපේ කසාදෙට සහභාගී වුනේ ඉතාම සුලු පිරිසක් විතරයි.

“තරූෂා……”

“ඇයි ශාරද් අයියේ…..”

“ඔයාට මතකද දවසක් මං ඔයාට කිව්වා වෙඩින් එකෙන් පස්සේ මං ඔයාව ස්‍රප්‍රයිස් කරනවා කියලා…..”

“හ්ම්ම්.ඔව් මතකයි.ඉතින් මොකක්ද ඒ ස්‍රප්‍රයිස් එක.අනේ කියන්නකෝ…..”

මං ශාරද් අයියගේ අතේ එල්ලිලා ඇහුවා.

“කියන්නම්කෝ…..මොනවද මට දෙන්නේ?……”

“අනේ ඔච්චර අගේ කරනවනං කියන්න එපා.මළ විකාර……”

මං බොරුවට අනික් පැත්තට හැරුනා. මට හිතාගන්න බෑ ශාරද් අයියා මොනවද මේ කියන්න හදන්නේ කියලා. එතකොටම ශාරද් අයියගේ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් ආවා.📲

“හරි හරි අම්මා මං ඒක තමයි මේ කියන්න හැදුවේ…..”📲

ෆෝන් එක කට් කරපු ශාරද් අයියා මං දිහාට හැරුනා.

“අම්මා කතා කරේ තරූෂා.එයා කියනවා මේ රහස ඔයාට කියලා ඔයාව ස්‍රප්‍රයිස් කරන්නලු…..”

“ඉතිං කියන්නකෝ ශාරද් අයියේ…..”

මං එහෙම කිව්වම ශාරද් අයියගේ මුහුණේ තිබුනේ බැරෑරුම් බවක්.

“තරූෂා….ම….මම ශාරද් නෙවෙයි….”

“මොකක්?…..එහෙනම් ඔයා කව්ද? මොනවද ශාරද් අයියේ ඔයා මේ කියන්නේ?….ඔයා ශාරද් නෙවෙයි නං ඔයා කව්ද?…..”

“මං දෙයක් අහන්නං තරූෂා ඔයාගෙන්…..
ඔයාට මාව දැක්කම හිමේෂ්ව මතක් වෙනවා නේද?ඔයා හිතනවා නේද මගේ කටහඬ,මං හැසිරෙන විදිය,මං කන බොන විදිය……මේ ඔක්කොම හිමේෂ්ගේ වගේ කියලා……”

“ඔ….ඔව් අයියේ….ඒත්….ඔ…ඔයා කොහොමද ඒ දේවල් දන්නේ…..”

“මැනික මං ශාරද් නෙවෙයි.මං ඔයාගෙ හිමේෂ්…..”

“මොකක්……ඔයාට පිස්සුද?මොලේ හොද නැතිවීගෙන එනවද?මොනවද මේ ඔයා කියලා විකාර කතා.මට ඔයාව දකිද්දී හිමේෂ්ව මතක් වෙනවා තමයි.ඒත්….. ඔයා හිමේෂ් නෙවෙයි.ඔයා ශාරද් නෙවෙයි නං කව්ද ඔයා?….මට පිස්සු වගේ…..”

මං දෑතින්ම හිසකෙස් අදිමින් ඇදේ පැත්තකට හැරුනා.ශාරද් අයියට මොකද මේ වෙලා තියෙන්නේ?එයා ශාරද් නෙවෙයිලු එයා හිමේෂ්ලු.මට නම් මෙයා කියන මෙලෝ සසරක් තේරෙන්නේ නැහැ.ශාරද් අයියා ඇදෙන් බැහැලා ගිහින් බෑග් එකේ තිබ්බ ෆයිල් එකක් අරගෙන ඇදෙන් ඉද ගත්තා.

“තරූෂා….මං දන්නවා.ඔයාට මේ දේවල් එක පාරටම විශ්වාස කරන්න අමාරුයි. මේ ෆයිල් එකේ තියනවා මේකට සාක්කි…..”

ඒත් ශාරද් අයියා මගේ අතට ඒ ෆයිල් එක දුන්නේ නැහැ.එයා ලොකූ කතාවක් කියන්න වගේ හැදුවා.

“තරූෂා,මං හිමේෂ් තමයි.ඔයාගෙයි, අවිශ්කගෙයි වෙඩින් එකෙන් පස්සේ මං පිස්සෙක් වගේ හැසිරුනේ.මට ඔයාව අහිමි වෙච්චි දුක දරාගන්න බැරිව ගියා. කාලයක් ගිහින් මං හිත හදාගත්තේ ගොඩාක් අමාරුවෙන්.ඔයා අවිශ්කව මැරි කරේ හිතේ කොනකවත් පුංචි හරි කැමැත්තක් නැතුව කියලා මං දන්නවා……”

ශාරද් අයියා මොනවා කිව්වත් මට තාම විශ්වාස කරන්න බැහැ එයා මේ කියන හතරබීරි කතාව.

“යාන්තං හරි හිත හදාගෙන හිටපු මගේ ඔලුවට ඊලගට කඩාපාත් වුනේ හිතා ගන්නවත් බැරි ගිනිගෙඩියක්.මං අම්මා කියපු මගේ අම්මා….එයා මගේ ඇත්ත අම්මා නෙවෙයි.මගේ තාත්තා හිටපු කාලේ මේ ඩොක්ටර් එක්ක මොකක්දෝ මන්දා ලොකු ආරවුලක් ඇතිවෙලා තියනවා.

ඒකෙ පලිය ගන්න තාත්තා මාව හොරකම් කරලා.ඒත් එයාලා කවදාවත් මට පිට කෙනෙකුට වගේ සැලකුවේ නෑ. තාත්තා ජීවත් වෙලා හිටපු අන්තිම කාලේ එයා මේ ගැන ගොඩාක් දුකින් ඉදලා තියෙන්නේ.මට අම්මා එදා ඒ ගැන සේරම ඇත්ත විස්තරේ කිව්වා.

ඊට පස්සේ මගේ ඇත්ත අම්මයි,තාත්තයි…ඒ කියන්නේ මේ ඩොක්ටරුයි එයාගෙ නෝනටයි මාව බාර දීලා අම්මා ආරන්‍ය සේනාසනයකට ගිහින් මහන වුනා.

මං හිත හදා ගත්තේ ගොඩාක් අමාරුවෙන්. දවසක් මං හොටෙල් එකේ ඉදලා එද්දී කොලඹ හරියෙදී මාව ඇක්සිඩන්ට් වුනා. ඒකෙන් මගේ මුහුණ ගොඩාක් ඩැමේජ් වුනා.

ආයේ මගේ මුහුණ හරියට හදන්න නම් ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න ඕනි කියලා ඩොක්ටර්ලා කිව්වා.ඊට පස්සේ මගේ මේ අම්මයි,තාත්තයි මාව ඇමරිකාවට යවලා තමයි එහෙ හොස්පිටල් එකකදී මගේ ප්ලාස්ටික් සර්ජරි එක කෙරෙව්වේ.

ඒකෙන් පස්සේ මං ලංකාවට ආවේ වෙනස්ම මිනිහෙක් විදියට.ඔයා ගැන හොයලා බලනකොට අවිශ්කයි,එයාගෙ අම්මයි ඔයාට දෙන දස වද මට ආරංචි වුනා.මං දස අතේ කල්පනා කරේ ඔයාව

බේරගන්න ක්‍රමයක් ගැන.දවසක් තාත්තා හොස්පිටල් එකේ ඉදන් ගෙදර ඇවිල්ලා ඔයා ගැන හැම විස්තරයක්ම මටයි අම්මටයි කිව්වා.

ඊට පස්සේ තමයි අපි තීරණේ කරා ඔයාව මෙහෙ එක්කන් එන්න………අන්න ඒ විදියට තමයි ඔයාව මට ආපහු මුණ ගැහුනේ.ආ….බලන්න මේ මෙඩිකල් රිපෝට්ස්.මේවා බැලුවම ඔයාට මං කියන දේ ඇත්ත කියලා තේරෙයි…….”

මං ශාරද් අයියා දීපු මෙඩිකල් රිපෝට්ස් සේරම බැලුවා.දෙයියනේ😱😱මෙච්චර වෙලාවක් ශාරද් අයියා කියපුවා ඇත්‍ත. මේ ඉන්නේ මගේ හිමේෂ්.අනේ දෙයියනේ මේක මට හීනයක් වගේ.

මොන දේ සිද්ධ වෙලා හරි මට අන්තිමට මට හිමේෂ්ව ලැබුනා.මගේ ආදරේ මං ජය ගත්තා. දැනුන සතුටට මං හිමේෂ්ව බදාගත්තා.😘😍🤵👰😉🌹😍😘

හැම දෙයක්ම මං ප්‍රාර්ථනා කරපු විදියට විසදුනා.මගේ දෙමව්පියොයි,සහෝදරයෝ දෙන්නයි මරපු වරදට අවිශ්කට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වුනා. මිනී මැරීමට අනුබල දීම සම්බන්දයෙන් අවිශ්කගේ අම්මා වසර පහළවක් සිරගෙට නියම වුනත් තුන්වෙනි අවුරුද්දෙදී අවිශ්කගේ අම්මට පපුවේ කැක්කුමක් හැදිලා සිරගේ ඇතුලෙදීම මැරිලා තිබුනා.

දුක් විදලා විදලා ජීවිතෙන් හෙම්බත් වෙලා හිටපු මට ආපහු අලුත් ජීවිතයක් ලැබුනා.මං හරිම සන්තෝශෙන් හිමේෂ් එක්ක ජීවත් වුනා.වසරකට පස්සේ අපේ පුංචි කැදැල්ලට පුංචි දුවෙක් ඉපදුනා. දෝණියි,මායි,හිමේෂුයි සන්තෝශෙන් ජීවත් වුනා.

🌹🌹🌹නැවත හමුවෙමු