4 කොටස🎀

🌹🌷කුණාටුවක් වූ ආදරේ🌹🌷

🌹👩🌹දොර ළගට වෙලා ඒ මනුස්සයා මං දිහා බලන් හිටපු විදියට මට බයත් හිතුණා.අවුරුදු විසි හතක විතර පෙනුම තියන සුදු ටිකක් විතර මහත කෙනෙක්.

“තාත්තයි,අම්මයි ඔයාට තේ බොන්න කතා කරනවා.ඉක්මනට පල්ලෙහාට එන්න…..”

එහෙම කියපු ඒ මනුස්සයා අඩියට දෙකට පඩිපෙළ බැහැලා පල්ලෙහාට ගියා.ආ….එහෙනම් මේ ඩොක්ටර්ගෙ පුතා.මට දැන්නෙ මතක් වුනේ ඩොක්ටර්ට පුතෙක් ඉන්නවා කියපු විත්තිය.මං ඉක්මනට කාමරේ දොර වහලා පල්ලෙහාට ගියා.

“ආ….දුව මෙතනින් වාඩි වෙලා තේ බොන්න.මේන් මගේ නෝනා හැලප හදලා තියනවා කන්නකො බලන්න.හරිම රසයි…..”

පිගානේ තිබුනු හැලපයක් අරන් මං තේ බිව්වා.මට අවිශ්කවයි එයාගෙ අම්මවයි මතක් වුනා.මං නැති හින්දා එයාලා ගොඩාක් සන්තෝශෙන් ඇති.

“දුව මොනවද කල්පනා කරන්නේ….?”

මං කල්පනා කරමින් හිටපු නිසා ඩොක්ටර්ගේ නෝනා මගෙන් එහෙම ඇහුවා.

“ම්ම්….මේ මොකුත් නෑ මැඩම්…..”

“අනේ දුවේ…..ඔයා මට මැඩම් කියන්න එපා.ආන්ටි කියන්න…..”

“ඔව් ඔව් දූ.ඔයා මටත් ඩොක්ටර් කියන්න එපා.අංකල් කියලා කියන්න…..”

“අනේ නංගී…..ඔයා මට කැමතී විදියකට කතා කරන්න.නම කිව්වත් කමක් නෑ. අයියා කිව්වත් කමක් නෑ…..”

මේ ගෙදර හැමෝම ගොඩාක් කරුණාවන්ත මිනිස්සු.අවිශ්කගෙයි, මගෙයි කසාදෙන් පස්සේ මං ටිකක් වත් හොදින් හිටියා නම් ඒ අදයි.වණ සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඉන්නවා කියලා මං මේ ගෙදරට ආව මුල් තප්පරේම තේරුණා.

රෑ කෑමෙන් පස්සේ මං මට වෙන් කරපු කාමරේ නිදා ගත්තා.කාලෙකට පස්සේ මගේ ඇගටයි,හිතටයි සනීපයක් දැනුනේ අදයි.මට හිමේෂ්ව මතක් වුනා.දැන් එයා මොනවා කරනවා ඇත්ද?සමහර විට එයාට දැන් ආදරේ කරන්න කවුරුහරි ඇති.හිමේෂ්ගෙන් මට ලැබුනු ආදරේ මට කවදාවත් අමතක කරන්න බෑ.

🌹🌹🌹

කාලය හිමිහිට ගලාගෙන ගියේ මගේ ජීවිතේ තිබුනු ප්‍රශ්න එකින් එක විසදෙමින්.මං අවිශ්කගෙන් ඩිවෝස් වුනා.අවිශ්කගේ ගෙදර තිබුනු මගේ සහතික ටිකයි,අවශ්‍ය කරන ලියකිවිලි ටිකයි ඇදුම් ටිකයි මං අරන් ආවා.අපේ ඩිවෝස් එකෙන් සතියකට පස්සේ අවිශ්ක ටානියාව මැරිකරා.

ඒත්…..මගේ හිතේ හැම වෙලේම එක දෙයක් සැරිසරන්න වුනා.ඒ මගේ දෙමව්පියොයි,සහෝදරයෝ දෙන්නයි මරපු පලිය මං කොහොම හරි අවිශ්කගෙන් ගන්නවා.😡😡

ජීවිතේ හැම දෙයක්ම අහිමි වෙලා තනිවුනු මට ඩොක්ටරුයි,එයාගෙ නෝනයි,පුතායි පව්ලේ කෙනෙක්ට වගේ සැළකුවා.මං ඩොක්ටර්ගෙ ගෙදරට ඇවිත් දැන් මාස හතක් වෙනවා.මං මොකක් හරි ජොබ් එකක් කරන්න කියලා ඩොක්ටර්ගෙන් අවසර ගන්නකොට එයා මට ඒකට ඉඩ දුන්නේ නෑ.

“දුව මොකුත් ජොබ් කරන්න ඕනි නෑ. අපිට තියන සල්ලියි,මේ වතුපිටි වලින් හම්බෙන සල්ලියි ඇති අපි හතර දෙනාට ජීවත් වෙන්න……”

මට ඩොක්ටරුයි එයාගෙ නෝනයි ගැන ඇති වුනේ පුදුම ආදරයක්,ගව්රවයක්. තම්න්ගේ පව්ල අහිමි වෙලා මේ ලෝකේ සදහටම තනි වෙච්චි මට ආයෙමත් පව්ලක් ලැබුනා.ජීවිතේ ගැන හොදින් හිතන්න අවස්ථාවක් ලැබුනා.

විවේලයෙන් ඉන්න වෙලාවට මං මිදුලේ පාත්ති වෙල රෝස,කැනාස්,ඕකීඩ්…..වගේ මල් වර්ග ගොඩාක් හිටෙව්වා.මං ඒවට සාත්තු සප්පායම් කරේ හරිම ආසාවෙන්. කැමැත්තෙන්.මගේ ඒ වැඩ වලට ගෙදර හැමෝම ප්‍රශංසා කෙරුවා.

දවසක් මං පැල වලට වතුර දාලා ඉවර වෙලා මිදුලේ සිමෙන්ති බංකුව උඩ පොතක් කියවමින් හිටියා.ඩොක්ටර්ගෙ පුතා ශාරද් ඇවිත් ඒ බංකුව පැත්තකින් ඉද ගත්තා.

“පොත් කියවන්න හරිම ආසයි නේද?…..”

“ඔව් අයියේ.මං ගෙදර ඉන්න කාලෙත් පොත් කියවනවා.වැඩිපුරම ආස නවකතා,අභිරහස් කතා කියවන්න තමයි……”

“යමු අපි දෙන්නත් එක්ක දවසක කොළඹ ගුණසේන බුක්ශොප් එක පැත්තේ.ගිහින් පොත් ටිකක් අරගෙන ගෝල්ෆේස් එක පැත්තේ ගිහින් රවුමක් දාලා හොටෙල් එකකින් ලන්ච් එකත් අරන් එමු……”

“අයියෝ…..අපරාදෙනේ…..”

“ඒ ඇයි අපරාදෙ?……”🤔🤔

මං කියපු දේ ශාරද් අයියට හරියට තේරුනේ නෑ.තනියම ගමනක් යන්න එයා මට කතා කරාම මට බයක් දැනුනේ නෑ.ඒත් හිතට පොඩි තැති ගැන්මක් දැනුනා.

“නෑ ඉතිං ශාරද් අයියා ඇවිදින්න රවුං ගහන්න කෙනෙක්ව හොයා ගන්න එපැයි දැන්…..”

“ආ…..එකද මේ වහෙන් ඔරෝ භාශාවෙන් කිව්වේ.ඉස්සර මං ගර්ල් කෙනෙකුට ආදරේ කරා නංගී.ඒත් එයා වෙන කෙනෙක්ව මැරිකරා……”

මට එකපාරටම හිමේෂ්ව මතක් වුනා. මොන හේතුවක් හින්දද මන්දා මට ශාරද් අයියව දකින හැම වාරයක් වාරයක් ගානෙම හිමේෂ්ව මතක් වෙනවා.ශාරද් අයියගේ මේ ගතිගුණ මයි මගේ හිමේෂ්ට තිබ්බේ.පිට පෙනුමෙන් විතරයි මේ දෙන්නා වෙනස්.ගතිගුණ,කතා බහෙන් දෙන්නම එක සමානයි.

“ඒයි…..මොනවද කල්පනා කරන්නේ. කොයි වෙලාවක බැලුවත් කල්පනාව තමයි…..”

“න්…..නෑ අයියේ මට මේ…..කෙනෙක්ව මතක් වුනා…..”

“කව්ද? හිමේෂ්ද?…..”

ශාරද් අයියා හිමේෂ් ගැන අහනකොට මට එක පාරටම පුදුමත් හිතුණා.මං ශාරද් අයියට හිමේෂ් ගැන මොකුත්ම කියලා නෑනේ.

“අ….අයියා කොහොමද හිමේෂ් ගැන දන්නේ?…..”

“මට අපේ තාත්තා කිව්වේ…..”

“ආ…..ඒක මිසක්…..”

“නංගී…..හිමේෂ් වැඩ කරේ අපේ හොටෙල් එකේ…..”

ශාරද් අයියා එහෙම කියනකොට මට හිමේෂ් ගැන විස්තර අහන්න ආසාවක් ඇතිවුනා.

“අයියේ…..හි….හිමේෂ් දැන් ඉන්නේ කොහෙද?…..”

“ඔයා දැන් හිමේෂ් ගැන හොයන්න එපා නංගී……”

“ඒ ඇයි අයියේ?.මං හැමදාම ආදරේ කරේ හිමේෂ්ට විතරයි.මගෙයි අවිශ්කගෙයි කසාදෙ සිද්ද වුනේ මගේ කැමැත්තට නෙවෙයි.මං හිතාමතා කවදාවත් හිමේෂ්ට ද්‍රෝහි වුනේ නෑ…..”😥😥

“මං දන්නවා නංගී.මං ඔයාට හිමේෂ් ගැන හොයන්න එපා කිව්වේ වෙන හේතුවක් හින්දා…..”

අනේ…..ශාරද් අයියා මේ කියන්නේ හිමේෂ් ගැන නරක දෙයක්වත්ද?ඇයි එයා මට ඒ දේ නොකියා හංගන්න හදන්නේ.මට බයත් හිතුණා හිමේෂ්ට කරදරයක්වත්ද කියලා.😥

“මොකක්ද අයියේ ඒ හේතුව?…..ඇයි ඔයා නොකියා ඉන්නේ?මට කියන්න අයියේ…. හිමේෂ්ට කරදරයක්වත්ද?…..”😭😭

“අනේ නෑ නංගී.ඔයාට දුක �හිතෙයි කියලා මං නොකියා හිටියේ.හිමේෂ් මැරිකරා නංගී.ඌ දැන් ඉන්නේ රට.ඔයා හින්දා හිමේෂ් සෑහෙන කාලයක් විදෙව්වා.මං තමයි උගේ හිත හැදුවේ.පව්.හිමේෂ් මැරි කරේ මගේ යාලුවෙක්ගේ නෑදෑ වෙන ගර්ල් කෙනෙක්ව…..”

හිමේෂ් මැරිකරා කිව්වම මට එකපාරටම මොකක්ද වුනා වගේ දැනුනා.මහ අමුතු දුකක් දැනෙන්න වුනා.ඒත්…..මං තුන් හිතකින්වත් ප්‍රාර්ථනා කරේ නෑ හිමේෂ්ට නරකක් වෙන්න කියලා.කමක් නෑ හිමේෂ් ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති.

“නංගී…..ඔයා දුක් වෙන්න එපා.හිමේෂ් එහෙ හොදින් ඉන්නවා.ඔයාටත් හොද කෙනෙක් ලැබෙයි.අපේ අම්මයි,තාත්තයි ඔයාට හොද කෙනෙක්ව හොයලා දෙයි…..”

“මගේ හිතේ ආපහු මැරි කරන්න ආසාවක් නෑ අයියේ.කසාද ජීවිතේ මට එපා වෙලා තිබ්බේ අයියේ.මට එහෙම වුනේ අවිශ්ක නිසා.අනික මං දික්කසාද වෙච්චි ගෑනියෙක්…..”

“ඇයි යකෝ…..දික්කසාද වෙච්චි ගෑනියෙක්ට ආයෙ බදින්න නීතියෙන් අවසරයක් නෑ කියලා හිතුවද?…..”

ශාරද් අයියා ඒක අහපු විදියට මට හිනා ගියා.😀😁

“මොකෝ හිනා වෙන්නේ😃….මං විහිලුවක් නෙවෙයි කරේ.පරණ දේවල් අමතක කරලා ඔයා අලුතෙන් හිතන්න ගන්න.ඔයාට තාමත් අවස්ථාව තියනවා ජීවිතේ ජය ගන්න.දික්කසාද වෙච්චි ගෑනියෙක් කියලා හිතලා ඔයා කඩන් වැටෙන්න හදන්න එපා.දෙතුන් පාරක් ඩිවෝස් වෙලා ආයෙමත් මැරි කරලා සතුටින් ජීවත් වෙන ගෑනු අය ඕනි තරම් ඉන්නවා……”

ශාරද් අයියා මොන තරම් කිව්වත් මට ආයෙමත් විවාහ ජීවිතයක් ගැන හිතන එක අසීරු වුනා.ඒ ගැන මතක් වෙනකොටත් හිතට බයක් දැනුනා.

මං දැන් මේ ගෙදරට ඇවිල්ලා අවුරුද්දකුත් ගෙවුනා.මේ ගෙදර අය මට මගේම පව්ලේ අය වුනා.දැන් මං මේ ගෙදරම කොටසක් වෙලා ඉවරයි.දවසක් මං කාමරේ අස් කර කර ඉන්නකොට ඩොක්ටරුයි,එයාගෙ නෝනයි කාමරේට ආවා.

“දූ…..කාමරේ අස් කරනවද?…..”

“ඔව් ආන්ටි.දැන් අස් කරලා ඉවරයි…..”

“අපි ආවේ දූත් එක්ක වැදගත් දෙයක් ගැන කතා කරන්න…..”

“ඒ…..ඒ මොකක්ද ආන්ටි?……”

“දූට දැන් අවුරුදු 25 ක් වෙනවනේ. හැමදාමත් මේ විදියට ඉන්න බැහැනේ. මායි අංකලුයි දුවට හොද මනමාලයෙක් හෙව්වා.දූ ගැන එයා සේරම විස්තරේ දන්නවා…….”

“මං දන්නවා දුවට ආයෙමත් කසාද ජීවිතයක් ගැන හිතන්න අමාරු බව.ඒත් දුවේ කෙනෙකුට හැමදාම වරදින්නේ නෑ. ඔයාගෙ ජීවිතේ සතුට ඔයාට ලගදීම ලැබෙනවා…..”

ආන්ටියි,අංකලුයි මට හුගාක් දේවල් කිව්වා.ජීවිතේ ගැන සුබවාදීව හිතන්න මට කියලා දුන්නා.අකැමැත්තෙන් විවාහ වෙලා දුක් කම්කටුලු වේදනා විදපු මං ආයෙමත් ජීවිතේ දිහා සුබවාදීව හිතන්න හුරුවුනා.

“අම්මලා ඔයාට මනමාලයෙක් හොයලලු නේ……”

ආරංචිය දැන ගත්තු වෙලේ ශාරද් අයියා මගෙන් ඇහුවා.

“ඔව් ශාරද් අයියේ.අනේ මන්දා,….මොන තරම් හොදට හිත හදා ගත්තත් මට බයක් දැනෙනවා…..”

“බය වෙන්න එපා මං උඹව කන්නෙ නෑ…..”

“මොකක්?.අයියට පිස්සුයැ මාව කන්න……”

“පිස්සී…….”😃😃

ශාරද් අයියා මගේ ඔලුව අතගාලා එතනින් ගියා.අහේතුවකටද මන්දා මට ශාරද් අයියව දකින හැම වෙලාවකම හිමේෂ්ව මතක් වෙනවා.ඒ හින්දද මන්දා මගේ හිතත් හොර රහසේම ශාරද් අයියට ආදරේ කරන්න පටන් අරන්ද කියලා මට හිතුනා.💕👩

🌹🌹නැවත හමුවෙමු