3 කොටස🎀
😍🌹කුණාටුවක් වූ ප්‍රේමය😍🌹
🌹👩💔අවිශ්කයි එයාගෙ අම්මයි මට වද දෙන එක දවසින් දවස වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.මං මේ වහලෙ යට ඉදගෙන පුදුම �දුකක් වින්දේ. මං මේ ගෙදරට පය ගහපු මුල් දවසේ අවිශ්කගේ අම්මා කිව්වේ ගෙදරට ශ්‍රියා කාන්තාව වැඩියා කියලයි.එහෙම කියපු ඒ කටින්ම අද මට මූසලී,කාලකණ්ණි ගෑනි කියලා බනිනවා.නපුරු නැන්දම්මලා ගැන මං ඕනතරම් අහලා තියනවා.ඒත් මේ වගේ නපුරු කම්,කුරීර කම් කරන්න පුලුවන්ද දෙයියනේ මනුස්සයෙකුට.😭😭
උපතින්ම මහා ලොකු ධනස්කන්ධයකට උරුමකම් කියපු මට,උපන් දා ඉදන්ම දුප්පත්කම කියන්නේ මොකක්ද කියලා දන්නැතුව උපරිම සැප විදපු මට අන්තිමට සිද්ද වුනේ මගේම සැමියගේ ගෙදර වැඩකාරියක් වෙන්න.මිනිස්සු තිරිසන් සත්තුන්ට මීට වැඩිය හොදට සළකනවා.ඒත් මේ ගෙදරින් මට කවදාවත් සැනසීමක් ලැබුනේ නෑ.මගෙ අසනීපෙකට බෙහෙතක් අරන් දුන්නේ නැහැ.හරියට කන්න බොන්න දුන්නේ නෑ.
“තරූෂා….මෙහාට එනවා….”
අවිශ්කගේ අම්මා කතා කරපු සද්දෙට මං අම්මා ඉන්න තැනට දුවගෙන ගියා. නැත්නම් පරක්කු වුනා කියලා මට ඒකටත් බැනුම් අහන්න ගුටි කන්න වෙයි.
“ඇ….ඇයි අම්මේ…..”
“මං තමුන්ට කතා කරේ වැදගත් දෙයක් කියන්න.මං කැමති නෑ උඹ තවදුරටත් මගේ පුතාගෙ බිරිඳ වෙලා ජීවත් වෙනවට.මගෙ පුතාට ගැළපෙන්නේ ටානියාව.පුතා ළගදීම ටානියා දූව මැරි කරයි.උඹ ඉක්මනට මගේ පුතාගෙන් ඩිවෝස් වෙයන්.ඊට පස්සේ ඕනි තැනක මක බෑවියන්……”🤬😠
අනේ දෙයියනේ😱 මං අවිශ්කගෙන් ඩිවෝස් වෙන්න.අනේ මං කොහොමද ඒක කරන්නේ.එතකොට මං මේ ලෝක තනි වෙනවනේ.මට කියලා මේ ලෝකෙ නමට හරි කෙනෙක් ඉන්නවනම් ඒ අවිශ්ක විතරයි.😢
“අ….අනේ අම්මේ…මං කොහොමද අම්මේ අවිශ්කගෙන් ඩිවෝස් වෙන්නේ.අනේ මාව තනි කරන්න එපා අම්මේ.මට කාත් කවුරුවත් නෑ.මං හරිම අසරණයි අම්මේ…..”😭😭
මං අවිශ්කගේ අම්මගේ දෙපා මුළ වැද වැටිලා එහෙම ආයාචනා කෙරුවා.ඒත් ඒ හිත මං වෙනුවෙන් උණු වුනේ නැහැ.මට සෑහෙන දේවල් කියලා බැන්නා.
“උඹට කාත් කවුරුවත් නැත්නම් පලයන් අනාථ නිවාසෙකට.එහෙම නැත්නම් පල මහ එවුන් ගිය ලෝකෙටම.මගෙ එකාට උගෙ පාඩුවෙ ඉන්න ඉඩ දීලා.තෝ මහා කාලකණ්ණි ගෑනියක් යකෝ.උඹ මගේ පුතාගෙන් දික්කසාද වුනේ නැත්නම් මං තෝව ඉවරයක් කරනවා……”😠😡
මේ හැම දෙයක්ම වුනේ මගේ දෙමව්පියන්ගේ මරණෙන් පස්සේ.අනේ…. 😭😭අම්මේ ඔයාලා ඉන්න ලෝකෙට මාවත් එක්කන් යන්න.මට බෑ තවත් මේ නරකාදෙයේ ඉන්න…..මං ඒ විදියට සිය දහස් වාරයක් ඉල්ලුවා.🙏😭අඩලා අඩලාම මගේ මුහුණ රතු වෙලා තිබ්බේ. උදේට හරියට කෑමක් කන්න නොලැබුන හින්දාද මන්දා මට එකපාරටම කලන්තෙට වගේ ආවා.වටපිටාව අදුරු කරගෙන, මගේ ඔලුව කැරෙකෙන්න වගේ වුනා.මං දෑතින්ම හිස අල්ලගෙන බිමට පාත් වුනා.
මගේ මුහුණට දැනිච්ච තෙත් ගතිය හින්දා මං හිමිහිට ඇස් ඇරියා.අවිශ්කගේ අම්මා අතේ වතුර වීදුරුවක් තියාගෙන මං ගාවින් හිටගෙන බලාගෙන හිටියා. අවිශ්කත් මං ගාවින් හිටියා.මං ඔලුවත් අල්ලගෙන මුහුණ පිස දමමින් නැගිටලා කුස්සියේ බිමින්ම ඉද ගත්තා.
ඊට පස්සේ අවිශ්කගේ අම්මා පාන් කෑල්ලක් ගෙනල්ලා මං ගාවට විසික් කරා.
“ඉදා…..මේක කාපං.නොකා ඉදලා උඹ මැරිලා ගියොත් අහළ පහළ මිනිස්සු කියයි අපි උඹට කන්න නොදී මරා ගත්තා කියලා.ඕක කාලා ඉවරවෙලා කුස්සිය අස් කරලා, මගේ රෙදිටික හෝදලා දාලා හවසට ගිහින් බෙහෙත් ටිකක් ගනිං. විටමින් එකක් ලියාගෙන බීපන්…..”😡
එහෙම කියපු අවිශ්කගේ අම්මා මං ගාවට රුපියල් දාහෙ කොලයක් විසික් කරලා එතනින් යන්න ගියා.අවිශ්කත් එතනින් ගියාට පස්සේ මං ඒ රුපියල් දාහ අරගෙන ගව්මේ සාක්කුවට දා ගත්තා හවසට බෙහෙත් ටිකක් අරන් එන්න යන්න.
රෙදි ටික සේරම හෝදලා වැනුවට පස්සේ හවස තුනත් පහුවුනා.අවිශ්කගේ අම්මට කියලා මං ගියා ටව්න් එකේ දොස්තර මහත්තයා ගාවට බෙහෙත් ගන්න.එතන වැඩිය සෙනග හිටියේ නැති හින්දා මගේ වාරය ඉක්මනට උදා වුනා.
මාව චෙක් කරපු ඩොක්ටර් කියපු දෙයින් මෙච්චර කාලයක් දුක් ගින්දර විදපු මගේ හිතට ලොකුම ලොකු සන්තෝශයක් දැනුනා.
“දරුවෝ….ඔයා ප්‍රෙග්නන්ට්.මේ කාලෙදි ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි.ඔයා සෑහෙන දුර්වලයි.බරත් ගොඩාක් අඩුයි. හොදට පෝෂදායී කෑම බීම ගන්න ඕනි. මේ කාලෙදි හොදට කන්න බොන්න ඕනි. තේරුනාද?මං විටමින් වගයකුයි,තව බෙහෙත් ටිකකුයි ලියලා දෙනවා.ඒ ටික ෆාමසියෙන් ගන්න…..”
ඩොක්ටර් ලියලා දීපු ඒ බෙහෙත් තුණ්ඩුවත් අරගෙන මං ෆාමසියට ගියා. බෙහෙත් සේරමට ගාන රුපියල් දෙදාස් දෙසීයයි.මං ගාව තියෙන්නේ රුපියල් දාහයි.තව රුපියල් එක්දහස් දෙසීයක් මදියි.මං ගාව සල්ලිත් නෑ.දැන් මොකද කරන්නේ……මට මොකුත් හිතාගන්න බැරි වුනා.එකපාරටම මගේ අත ගියේ මං බෙල්ලේ දාගෙන ඉන්න රත්තරං මාලෙට. දෙපාරක් නොහිතා මං ඒ මාලෙ උගස් තියලා රුපියල් හයදාහක් ගත්තා. අරගෙන ෆාමසියෙන් ඒ බෙහෙත් ටික ගත්තා.
මට දැනුනේ පුදුම සන්තෝශයක්.අනේ දෙවියනේ…..🙏🙏මට ලැබෙන්න ඉන්න මේ දරු පැටියා හින්දාවත් අවිශ්කගෙයි එයාගෙ අම්මාගෙයි හිත වෙනස් කරලා දෙන්න.මං සියලු දෙවියන්ගෙන් ඒ විදියට ඉල්ලුවා.🙏🙏
මට දැනුනේ ලොකු බඩගින්නක්.දැන් වෙලාව හතරයි තිස් පහයි.උදේ අවිශ්කගේ අම්මා දීපු පාන් කෑල්ල විතරයි මට අද දවසටම කන්න ලැබුනේ. ඒත් මං මේ කාලේ බඩගින්නේ ඉන්න හොද නැහැ.ඩොක්ටර් කිව්වේ හොදට කන්න බොන්න කියලයි.ඒ හින්දා ලග කඩේකට ගිහිල්ලා මං තෝසෙ තුනක්ම කෑවා බඩ පිරෙන්නම……දැන්නම් මගේ බඩ පිරුනා.කාලෙකට පස්සේ අදයි මං බඩ පිරෙන්න කෑම කෑවේ.
මං ඉක්මනට ගෙදර ගිහින් අවිශ්කට මේ සුභ ආරංචිය කිව්වා.මං හිතුවේ ඒක අහලා අවිශ්ක ගොඩාක් සන්තෝශ වෙයි කියලයි.ඒත්….ඒ වෙනුවට අවිශ්ක ඒක අහලා යක්ශාවේශ වුනා.
“තොට පිස්සුද තරූෂා🤬😡මට ළමයි ඕන්නෑ. අනික හෙට අනිද්දම මං උඹෙන් ඩිවෝස් වෙන්න ඉන්නේ.මං උඹට හොද හිතින් කියන්නේ උඹ ඔය ලමයා ගැන ඉස්සරහට දාලා මට ඩිවෝස් එක නොදී හිටියොත් මං තොට යහතින් ඉන්න ඉඩ දෙන්නෙ නෑ…..”🤬🤬
අනේ……දෙයියනේ මනුස්සයෙකුට පුලුවන්ද මේ තරම් නපුරු වෙන්න.මං හිතුවේ මේ ආරංචිය අහලා අවිශ්ක සතුටු වෙයි කියලා.😭😭
“අනේ අවිශ්ක මේ ඔයාගෙයි මගෙයි දරුවා.🤰මේ දරුවා හින්දා වත් ඔයා ටානියාව අමතක කරන්න.අනේ මේ දරුවට තාත්‍තව නැති කරන්න එපා……”😭😭
“මොකක්ද යකෝ තෝ කිව්වේ.ටානියා ව අමතක කරන්න.යකෝ මං ටානියාව මැරි කරලා මේ ගෙදෙට්ට එක්කන් එනවා.උඹ බලන් හිටපන්කෝ.උඹට වැඩි කල් මං යහතින් ඉන්න ඉඩ දෙන්නේ නෑ……”🤬🤬
අවිශ්ක ඉස්සරහ මගේ අසරණකම කියලා මොන තරම් මං ඇඩුවත් වැඩක් වුනේ නැහැ.අපි දෙන්නගේ සද්දෙ ඇහිලා අවිශ්කගේ අම්මත් කාමරේට ආවා.
“මොකද පුතේ මේ සද්දෙ.පල්ලෙහාටත් ඇහෙනවා…..”
අවිශ්ක අම්මට සේරම විස්තරේ කිව්වා. ගෑනියෙක් වෙලත් අවිශ්කගේ අම්මා කිව්වේ මහා තිරිසන් කතාවක්.
“ආ…..පුතේ මේකි හදන්නේ ඔය දරුවා ගැන ඉස්සරහට දාලා උඹට ඩිවෝස් එක නොදී ඉන්න.ඒවා කොහෙද මාත් එක්ක. අනික පුතේ….,කව්ද දන්නේ ඔය දරුවා උඹේද මේකිගේ හොර මිනිහෙක්ගෙද කියලා……”🤬🤬
අවිශ්කගේ අම්මා කියන ඒවා අහලා මට මහා අසරණකමක් වගේම තරහකුත් ආවා.දෛවය මට මේ තරම් අකාරුණික වෙයි කියලා මං කවදාවත්ම හිතුවේ නැහැ.මං අඩමින්ම කතා කරා.
“අනේ…..😭අම්මේ ඇයි දෙයියනේ ඔහොම අහස පොළව නුහුලන අපරාධ කතා කියන්නේ.මේ දරුවා ඔයාගෙ පුතාගෙ.මං කවදාවත් අවිශ්කට ද්‍රෝහි කමක් කරන්න හීනෙකින්වත් හිතුවේ නැහැ.😢මට අවිශ්කව ඕනි අම්මේ.මං ඔප්පු කරන්න ලෑස්තියි අම්මේ මේ දරුවා අවිශ්කගේ කියලා.මාව විශ්වාස කරන්න……”😭😭🙏
මං එහෙම කියනකොට අවිශ්කගේ අම්මා අවිශ්කගේ මුහුණ දිහා බැලුවා.ඒ දෙන්නා මොනවා හිතාගෙන ඉන්නවද කියලා මං දන්නේ නැහැ.
“තරූෂා මේ අහපං,උඹ ඔය බඩේ ඉන්න දරුවව නැති කරලා දාන්න ඕනි.මං කැමති නෑ ඒකා හින්දා මගේ පුතාගෙ ජීවිතේ විනාශ වෙනවා දකින්න…..”
“අනේ අම්මේ…..😭😭ඔයත් අම්මා කෙනෙක් නේද?මොන හිතකින්ද දෙයියනේ ඔයා කියන්නේ මේ දරුවව නැති කරන්න කියලා.කොහොමද අම්මේ මේ දරුවා හින්දා අවිශ්කගේ ජීවිතේ විනාශ වෙන්නේ.පව්කාර කතා කියන්න එපා අම්මේ……”😭😭
අවිශ්කගේ අම්මා මේ තරම් දරුණු තීරණයක් ගන්න කියලා මට කොහොමද කියන්නේ.නැහැ……මට අවිශ්කව අහිමි වුනත් මගේ දරුවව මං නැති කරගන්නේ නෑ.දරුවව නැති කරන්න කියලා අවිශ්කගේ අම්මා වගේම අවිශ්කත් මට නොසෑහෙන්න බැන්නා.අම්මා කාමරෙන් ගියාට පස්සේ මං හොදටම ඇඩුවා.😭😭
තව දුරටත් මං මේ ගෙදර හිටියොත් මගේ දරුවගේ ජීවිතේට ලොකු අනතුරක් වෙන්න පුලුවන්.මට හොදටම විශ්වාසයි අවිශ්ක හරි එයාගෙ අම්මා හරි මගේ දරුවව නැති කරන්න මොනවා හරි දෙයක් කරයි.ඒ හින්දා අවිශ්කට ඩිවෝස් එක දීලා මං කොහේහරි දුර පළාතකට යනවා…………………………………………………………………..එහෙම හිත හිතාම මං අල්මාරිය ඇරියා මගේ ඇදුම් ටික අරගෙන බෑග් එකකට දාගන්න.අල්මාරිය අයිනේ තියන මගේ ගව්මක් මං අතට ගන්න හදද්දිම ඒක අස්සේ තිබිලා ලියුමකුයි කොල වගේකුයි බිමට වැටුනා.මං ඒ ටික අතට අරං බැලුවා ඒ මොකක්ද කියලා.ඒ ලියුමේ තිබුනේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් ගැන.මං ඒ රිපෝට් එක අතට අරන් කියවලා බැලුවා.
දෙයියනේ😱😱……….
ඒ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ තිබුනු හැටියට මට කැන්සර් එකක් තිබිලා. ඒකට ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙලා ඒ සදහා රුපියල් ලක්ශ තිහක් විතර අවශ්‍ය වෙනවලු.
මට ලියුමේ තිබුනු මොකවත් හිතාගන්න
බැරිවුනා.මං දැනුවත්ව මට කවදාවත් ඒ වගේ ලොකු අසනීපයක් තිබුනේ නෑ. අනික මේ කැන්සර් එකක් ගැන.අපේ පව්ලේ වගේම අවිශ්කගේ පව්ලේ කාටවත්ම කැන්සර් එකක් හැදිලා නෑ.මං ටක් ගාලා ඒ ලියුමේ තිබුනු දිනේ බැලුවා. දිනය තිබුනේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ අගෝස්තු දහය.මගේ දෙමව්පියෝ මැරෙන්න මාස දෙකහමාරකට කලින් තමයි මේ රිපෝට් එක ඇවිත් තියෙන්නේ.ඒත්……මගේ අම්මයි,අප්පච්චී වත් මගේ අයියලා දෙන්නවත් මට කවදාවත් මෙහෙම දෙයක් ගැන මොකුත් කියලා නැහැ.එයාලා ජීවත් වෙලා හිටපු අන්තිමට මාස තුනේදී මට එයාලව මුන ගැහුනේ නෑ.
මං ඒ ලියුම අතේ තියන් කල්පනා කරා. ඒත් මට එක දෙයක් හොදටම විශ්වාසයි. මට කවදාවත් මේ වගේ දරුණු අසනීපයක් තිබ්බේ නෑ.මේක බොරුවක්.
මං ලියුම අරන් අනික් පැත්තට හැරෙනකොටම අවිශ්ක මගේ ඉස්සරහ හිටියා.එයාගෙ මුහුණේ තිබුනේ සමච්චල් හිනාවක්😆කට කොනකින් හිනාවෙච්ච අවිශ්ක මගේ අතේ තිබුනු ඒ රිපෝට් එකයි ලියුම් ටිකයි එකපාරටම උදුරලා වගේ ගත්තා.
“මොනවද තරූෂා….,තමුං හිතන්නේ ආ. මේ ලියුම් ගැනද?…..”
“ඔ…..ඔව් අවිශ්ක.මොනවද මේ රිපෝට්. මට කවදාවත් මේ වගේ ලොකු අසනීපයක් තිබුනේ නැහැනේ……”
“ඇත්ත.ඔයාට එහෙම අසනීපයක් තිබුනේ නෑ.මේ රිපෝට් එකයි,මේ ලියුම් ටිකයි ඔක්කොම හොරට හදපුවා.ඒවා ඔයාගේ නමට හැදෙව්වේ මං……”
මොකක්?…..🤔😱මට එකපාරටම හිතා ගන්න බැරි වුනා අවිශ්ක මට කැන්සර් එකක් කියලා මේ විදියට ලොකු බොරුවක් කරලා මේ වගේ හොර ලියුමුයි,රිපෝටුයි හැදුවේ ඇයි කියලා.
“ඇයි අවිශ්ක ඔයා මේ වගේ ලොකු වංචාවක් කරේ.ඔයාට ලැජ්ජ නැද්ද තමන්ගේ කසාද ගෑනිගේ නම විකුණලා මේ වගේ වංචා කරන්න.මට කියන්න අවිශ්ක ඔ…..ඔයා මොන දෙයක් හින්දාද මේ වගේ මේ වගේ දෙයක් කරේ……”😠😡
ඒ පාර අවිශ්ක මං ගාවට ඇවිත් මගේ කට මිරිකලා තද කරා.මං කෑගැහුවා රිදුනු පාරට.
“උඹට දැන් කරන්න පුලුවන් දෙයක් නෑ තරූෂා.උඹ දැන් අතේ සතේ නැති හිගන්නියක්.ඒ හින්දා මං උඹට මේක කියන්නම්……”
අවිශ්ක ඒ මොනවද කියන්න හදන්නේ කියලා මං ගොඩක් උවමනාවෙන් අහගෙන හිටියා.
“උඹේ දෑවැද්දට හම්බවෙච්ච ලක්ශ දහය මං මගේ බිස්නස් එකට දැම්මා.ඒත් ඒකෙන් මං හිතපු තරම් ලාබයක් ලැබුනේ නැහැ.මං උඹව බැන්දේ සල්ලි හින්දා.උඹේ බෑන්ක් එකවුන්ට් වල තිබුනු සේරම සල්ලි මං වියදම් කරේ ටානියාට. ඒත් හදිස්සියෙන්ම ටානියාගෙ අම්මාට ඔපරේෂන් එකක් කරන්න ලක්ශ තිහක් ඕනි වුනා.මට දෙන්න එච්චර මුදලක් නෑ.ඒ හින්දා තමයි මේ හොර රිපෝටුයි ,ලියුමුයි හදලා පෙන්නලා උඹේ තාත්තගෙන් ලක්ශ තිහක් ගත්තේ…….”
😱😱දෙයියනේ……..මට අවිශ්ක ගැන ඇති වුනේ ලොකු තරහක්.මගේ අප්පච්චීටයි,අම්මාටයි මේ තරම් ලොකු බොරුවක් කරලා අවිශ්ක සල්ලි අරගෙන.මට හිතාගන්න බැරි වුනා අවිශ්ක කරපු මේ පහත් වැඩේ ගැන අනේ😢මගේ අම්මයි,අප්පච්චියි,අයියලා දෙන්නයි මං ගැන මොන තරම් දුක් වෙන්න ඇතිද?😭මට අවිශ්ක ගැන ඇති වුනේ පුදුම වෛරයක්.🤬🤬මං අවිශ්කගේ කමිසෙ කොලර් එකෙන් අල්ලලා ඇද්දා.
“ඇයි අවිශ්ක ඔයා මේ තරම් පහත් වැඩක් කරේ.චී….මං හිතුවේ නෑ ඔයා මේ තරම් ජරා මිනිහෙක් කියලා.ඔයා……… එක පාරක් හිතුවද මට ඇත්තටම මේ අසනීපෙ තියනවයි කියලා හිතපු මගෙ අම්මයි,අප්පච්චියි,අයියලා දෙන්නයි මොන තරම් දුක් දුක් වෙන්න ඇත්ද කියලා.තමුං මහ තිරිසන් මිනිහෙක් අවිශ්ක…….”😡😡
මං අවිශ්කට හොදටම බැන්නා.මගේ බැනුම් අහගෙන ඉන්න බැරිවුනු අවිශ්ක මගේ කම්මුලට පාරක් ගහලා මගේ බෙල්ලෙන් අල්ල ගත්තා.
“තෝ එකක් දැන ගනිං.මං උඹට ජීවත් වෙන්න දෙන්නේ ඩිවෝස් එක ගන්නං විතරයි.නැත්නං මෙලහකටත් මං උඹව මහ එවුන් යැව්ව පාරෙම යවලා…….”🤬🤬
අවිශ්ක කියපු ඒ වචන මට ඇහුනේ හීනෙන් වගේ.මං ආයෙමත් ඒක සිහිපත් කරා.’මහ එවුන් යැව්ව පාරෙම යවලා’…. 😱😱ඒ….ඒ කි….කියන්නේ මගේ දෙමව්පියන්ගේ මරණෙට වග කියන්න ඕනි අවිශ්කද?මගේ මුලු ඇගම දාඩියෙන් තෙත් වුනා.හිත පුරාම පැතිරිලා ගියේ වෛරය මුසුවුනු ගින්නක්.දෑසින් පිටවුනු ගින්දරත් එක්ක මං අවිශ්කගේ මුහුණ දිහා බැලුවා.
“මොකක්ද ත…..තමුසෙ කිව්වේ අවිශ්ක. ආ…..ආයෙත් කියනවා.මගෙ දෙමව්පියන්ව මැරුවේ තමුංද?ඇයි එහෙම දෙයක් කරේ?එයාලා තමුසෙට මොනවා කරාටද?මගේ අහිංසක අම්මයි, අප්පච්චියි,අයියලා දෙන්නවයි මැරුවේ තමුං කාගෙ උවමනාවකටද?…….”🤬🤬
මං වියරුවෙන් වගේ අවිශ්කගේ කමිසෙන් අල්ලගෙන එහෙම ඇහුවා.ඒ පාර අවිශ්ක මාව බිත්තියට තියලා තද කර ගත්තා.
“එවුන් මැරුනම ඒ බූදලේ අයිති උඹටනේ. ඒ සල්ලි හින්දයි මං උන්ව මගේ කොල්ලො දම්මලා ඇක්සිඩන්ට් කරලා මැරෙව්වේ.ඒත් උන්ගේ මරණෙන් පස්සේ මට දැනගන්න ලැබුනේ එදා අර ලක්ශ තිහ මට දීලා තියෙන්නේ උඹේ තාත්තා ගේයි ඉඩමයි බැංකුවට උගස් කරලා…….”😡😡
මගේ ඇග පුරා පැතිරී ගිය තරහව, වෛරය මට පාලනය කරගන්න බැරිවුනා.වියරුවෙන් සිටි මං අතට අහුවෙච්චි හැම දෙයකින්ම අවිශ්කට දමලා ගැහුවා.ඒ හැම පාරක්ම කාගෙන අවිශ්ක මං ගාවට ඇවිත් මට හොදටම ගහලා මාව තල්ලු කරලා මගේ බඩට පයින් පාරකුත් ගැහුවා.ඉවසගන්න බැරි තරම් වූ වේදනාවකින් මං යටිගිරියෙන් කෑ ගැහුවා.😭😢
“අනේ මගේ දරුවා…..අනේ….ආ…..”😭😭
සිහියත් අසිහියත් අතර දරා ගන්න බැරි තරම් වේදනාවකින් කෑ ගහපු මගේ පියවි සිහිය මගෙන් දුරස් වුනා.ඊට පස්සේ මොනවද වුනේ කියලා මං දන්නේ නැහැ.
😭😭😭
ආපහු මට සිහිය එද්දී ගොඩාක් දේවල් මගෙන් දුරස් වෙලා තිබුනා.මගේ දරුවා මාව දාලා මේ ලෝකෙන් සදහටම සමු අරන් තිබුනා.මං සෑහෙන ඇඩුවා. ඩොක්ටර්ලා,නර්ස් ලා මගේ හිත හැදෙන්න ගොඩාක් දේවල් කිව්වා. අවිශ්කයි,අවිශ්කගේ අම්මයි ගැන මගේ හිත පුරා පැතිරෙමින් තිබුනු වෛරය තව තවත් වැඩිවුනා.දින පහක් පමණ මං හොස්පිටල් එකේ හිටියා.නර්ස් කෙනෙක් මං ගාවට ඇවිත් කිව්වා මට ඩොක්ටර් කතා කරනවා කියලා.ඇදෙන් බැහැලා මං හිමිහිට ඩොක්ටර් ගාවට ගියා.
“ඉදගන්න පුතා…..”
ඒ ඩොක්ටර් මට හරිම කරුණාවෙන් කිව්වා.මං ඒ පුටුවෙන් ඉද ගත්තා. ඩොක්ටර්ගේ මුහුණෙන් මට පෙනුනේ එයා මට ලොකු දෙයක් කියන්න හදනවා වගෙයි.
“ඔයා පුතේ…..ධම්මික දසනායකගේ දුව නේද?……”
මට පුදුමත් හිතුණා ඩොක්ටර් මගේ අප්පච්චීව අදුරන එකට.මැණික් ව්‍යාපාරිකයෙක් විදියට මේ රටේ ගොඩාක් දෙනා අප්පච්චීව අදුරනවනේ.ඒ වගේ ඩොක්ටරුත් අප්පච්චීව දන්නවා ඇති.
“ඔ….ඔව් ඩොක්ටර්…..”
“මට කියන්න පුතේ ඔයාට ඇයි මෙහෙම දෙයක් වුනේ.ඔයාව මෙහෙට ඇඩ්මිට් කරපු ගෑනු කෙනා කිව්වේ ඔයා ඒ ගෙදර සර්වන්ට් කියලා.නරක සම්බන්දයක් හින්දා ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයාලා අපිට කිව්වේ. ඔයා පඩිපෙළ පල්ලට වැටුනලු…….”
මං හොදටම ඉකි ගගහා ඇඩුවා.😭😭😭
මාව ගෙදර වැඩකාරි විදියට අදුන්වලා අවිශ්කගේ අම්මා පට්ටපල් බොරු තොගයක් හොස්පිටල් එකට කියලා.මහා නරක විදියට එයා මගේ චරිතෙ ඝාතනය කරලා තිබුනේ.ඒත් මට ඩොක්ටර්ට බොරු කරන්න උවමනා වුනේ නැහැ.මං සේරම ඇත්ත හංගන්නේ නැතුව ඩොක්ටර්ට කිව්වා.
“දැන් පුතා කොහේ යන්නද බලාපොරොත්තු වෙන්නේ?අනික දැන් ඔයාට කාත් කවුරුවත් නැහැනේ.ඒ ගෙදරට ඔයා ආපහු ගියොත් ඒක ඔයාගෙ ජීවිතේට ලොකු අනතුරක් වෙයි……”
“මට තේරෙන්නෙ නැහැ ඩොක්ටර් මං මොනවද කරන්න ඕනි කියලා.මට යන්න කිසිම තැනක් නෑ.ආයෙ නං මං ඒ අපායට යන්නෙ නෑ……”😭😢
“මං කියන්නද……දුව යමු අපේ ගෙදර. එහෙ ඉන්නේ මායි නෝනයි අපේ පුතායි විතරයි…….”
“අනේ…..ඩොක්ටර්,මං කොහොමද ඩොක්ටර්ට බරක් වෙන්නෙ…..”😢
“අනේ මට ඔය දුවව බරක් නෙවෙයි.අද මං මේ තත්වේ ඉන්නේ ධම්මික මහත්තයා හින්දා.මේ තැනට එන්න එයා මට සෑහෙන උදව් කරා.මං කවදාවත් ඒ දේවල් අමතක කරන්නේ නැහැ.ම්ං දුවට උදව් කරන්නම්…….”
මං ඩොක්ටර්ට මගේ හදවතින්ම ස්තූතිවන්ත වුනා.එදා හවස මං ඩොක්ටර්ගේ කාර් එකේම එයාලගේ ගෙදර ගියා.කොළඹින් ටිකක් ඇතුළට වෙන්න තිබුනු ඒ ගේ ඇත්තටම ගොඩාක් ලස්සනයි.නිස්කලංකයි.
ඩොක්ටර් මාව එයාගෙ නෝනට හදුන්වලා දුන්නා.ඩොක්ටර් වගේම එයාගෙ නෝනත් හරිම කරුණාවන්තයි.
“ඩල්සි….ඔයා මේ දුවට උඩින් රූම් එකක් ඇරේන්ජ් කරලා දෙන්න.දුව…..ඔයා බාතෲම් එකට ගිහින් මුහුණ,අත,පය හෝදගෙන එන්න තේ බොන්න……”
මං බාතෲම් එකට ගිහින් මුහුණ ,අත පය හෝදගෙන ඩොක්ටර්ග නෝනා ලෑස්ති කරලා දීපු කාමරේට ගියා.
“ආ……මේ ඇදුම් මං තරුණ කාලෙ ඇදපුවා.දුවට මේවා ගානට ඇති.මේවයින් එකක් ඇදගෙන එන්න තේ බොන්න……”
එහෙම කියපු ඩොක්ටර්ගෙ නෝනා කාමරෙන් එලියට ගියා.මං ඇදගෙන හිටපු ඇදුම ගලෝලා වෙන ගව්මක් ඇද ගත්තා.ඇදගෙන ඉවර වෙලා එලියට එන්න හදනකොටම කාමරේ ඉස්සරහ කව්දෝ මන්දා මනුස්සයෙක් මං දිහා බලන් හිටියා.මට බයත් හිතුණා.
ඇත්තටම කව්ද මේ මනුස්සයා🤔🤔🤔
👩👩නැවත හමුවෙමු