2 කොටස🎀
😍🌹කුණාටුවක් වූ ප්‍රේමය😍🌹
🌹❤️🌹අවිශ්කගෙයි මගෙයි වෙඩින් එකේ දෙවනි දවස තිබුනේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේ.අප්පච්චිගේ වගේම අම්මගේත් නෑදෑයෝ විශාල පිරිසක් උත්සවය සදහා සහභාගී වුනා.හැමෝගෙම මුහුණු වල තිබුනු සතුට මගේ මුහුණේ තිබුනේ නෑ.
“තරූෂා…..යමු අපි දෙන්නත් ඩාන්ස් කරමු……”
අවිශ්ක මාවත් ඇදගෙන ඩාන්ස් කරන්න යන්න හැදුවා.🕺💃
“අනේ මට බෑ අවිශ්ක.ප්ලීස්….ඔයා ගිහින් ඩාන්ස් කරගන්න.මට බෑ…..”
“ඔව් ඉතිං තමුසෙට මොනවද කරන්න පුලුවන්?…..අරූ ගැනද තාමත් හිතන්නේ? ඉන්නවකෝ…..🤬මං තමුසෙව ගානට හදලා ගන්නං…..”😡😡
අවිශ්ක හොරෙන් මගෙ අත තද කරලා මිරිකලා එහෙම කිව්වා.මගෙ අත රිදුනා. රතු වූ😥දෙනෙතින් මං අවිශ්ක ඩාන්ස් කරන දිහා බලන් හිටියා🕺අවිශ්ක ඩාන්ස් කරේ එයාගෙ යාලුවොත් එක්ක ඩ්‍රින්ක් ගන්න ගමන්මයි.තව කෙල්ලො කීප දෙනෙක්ම අවිශ්කත් එක්ක ඩාන්ස් කරා.💃🕺ඒ කෙල්ලෝ අවිශ්කගේ ඇගේ එල්ලිලා වගෙයි ඩාන්ස් කරේ.ඒ දිහා නොබලා මං අහක බලා ගත්තේ සුසුමක් හෙලමින්.
🤵👰🌹😍
විවාහයෙන් පස්සේ අපි පදිංචි වුනේ අවිශ්කගේ අම්මලාත් එක්කම ඒ නිවසේමයි.අවිශ්කගේ අම්මයි,තාත්තයි අපිව ගොඩාක් හොදින් පිලි ගත්තා.
“තරූෂා….අනිද්දා ඉදන් මං ආපහු ඔෆීස් යනවා.හවස යමු අපි ටව්න් එකේ ගී ප්‍රසංගයක් තියනවා.ඒක බලන්න…..”
බෑ කියන්න බැරි කමට මං අවිශ්කට හා කිව්වා.
හවස හතරට විතර අපි ගියා ඒ ටව්න් එකට ඒ ප්‍රසංගය බලන්න.ඒක තිබුනේ ජාඇල ටව්න් එකේ “ස්‍වර” ශාලවේ. ගොඩාක් ආධුනික ගායකයෝ ඒකෙදි සිංදු කිව්වා.අවිශ්කයි මායි ඉදගෙන හිටියේ පළවෙනි පේලියේ පුටු දෙකක.අපි ගී ප්‍රසංගය නරඹන අතරතුර මං දැක්කා.
දෙයියනේ😱😱මගේ හිමේෂ්…..අනේ ඒ කියන්නේ හිමේෂුත් අද සිංදු කියන්න ඇවිල්ලද?මට සතුටක් දැනුනා.මං ඇසිපිය නොහෙලා හිමේෂ් දිහා බලන් හිටියා.
අවිශ්ක හිමේෂ්ව දැක්කේ නැහැ.හිමේෂ් හෝල් එක පිටිපස්සට ගියා.මං වටපිට බැලුවත් හිමේෂ් පේන්න හිටියේ නැහැ.
ගී ප්‍රසංගය ආරම්භ වෙලා පැය කීපයක් ගත වුනත් හිමේෂ්ව පේන්න හිටියේ නැහැ.ඒත් විනාඩි කිහිපයක් ගත වෙද්දී මගේ සතුට දෙගුණ තෙගුණ කරමින් වේදිකාවෙන් මතුවුණේ හිමේෂ්.මං අනිත් අයත් එක්කම �අත්පුඩි ගැහුවා.👏👏👏
මං බැලුවේ අවිශ්කගේ මුහුණ දිහා.ඒ මුහුණ තරහින් වෛරයෙන් පිරිලා තිබ්බා.වේදිකාවේ හැමෝගෙන්ම අවසර අරන් හිමේෂ් ගීතය ගායනා කරා.ඉස්සර ඉදන්ම හිමේෂ්ට ලස්සනට සිංදු කියන්න පුලුවන්.
මල් පිපුණා ඔබේ මංගල දිනයේ
ඒ මල් සුවදයි මා හඩවනේ…..🎵🎵
හසරැලි මාලා සුදුමුව කමලේ කවදාදෝ මා
යලි දැක ගන්නේ…..🎵🎵
මල් පිපුණා ඔබේ…..//🎼
මල් වැල් පලන්දා එදා කූඩුවේහී
තැලි පිලි පලන්දා ගැයූ දා වියෝ ගී…..🎵
මහදෝ නැගෙනා ගැයූ ඒ අතීතේ…..
කදුලක් වූවා සදා ඒ කිරිල්ලී…..🎵
🎵🎼🎼…..
මගේ දෑස් වලට වැටුනු කදුලු මට නවත්ත ගන්න බැරිවුනා.අවිශ්කගේ ඇස් තරහින් පිරිලා තිබ්බා.ගී ප්‍රසංගය අවසන් වූ සැනින්ම මං දුවගෙන ඇවිත් කාර් එකට නැග්ගා.මං හොදටම ඇඩුවා. අවිශ්ක මාත් එක්ක එක වචනයක් වත් කතා කරේ නෑ ගෙදරට එනකල්.
කාමරේට ආපු මං ඇදේ දිගා වෙලා ඇඩුවා😭😭අවිශ්ක බාතෲම් එකට ගිහින් නා ගත්තට පස්සේ මං ඇග හෝදගත්තා.මට හිමේෂ්ව දකින වාරයක් ගානේ දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා.
දින කිහිපයක් ගතවුනා.මේක මගේ දෛවය කියලා හිත හදාගන්න උත්සහ කරා.මං කුස්සියට ඇවිත් උයන්න ගත්තා.
“ආනේ…..පුංචි නෝනේ.අනේ නෝනා පැත්තකට වෙලා ඉන්න.මං උයන්නම්…..”
ගෙදර උයන්න ඉන්න ඉන්න මැගී නැන්දා මට එහෙම කිව්වා.ඒත් මං උයන්න උදව් වුනා.
රෑ හතත් පහුවුනා.ඒත් අවිශ්ක තාම ගෙදර ආවේ නෑ.මට බයත් හිතුණා.මං අවිශ්කගේ අම්මට ඒ බව කිව්වා.
“පුතා තව ටිකක් වෙලා යනකොට එයි දුවේ.බය වෙන්න එපා…..”
ඒත් මට බය හිතුණා.රෑ අටත් පහුවුනා. කොච්චර කෝල් ගත්තත් අවිශ්ක ෆෝන් එක ආන්සර් කරේ නෑ.අන්තිමට නවය පහුවෙනකොට අවිශ්ක ගෙදර ආවා.ඒ හොද සිහියෙන් නම් නෙවෙයි.හොදටම බීලා.මට පුදුමත් හිතුණා.😱අවිශ්ක මේ තරම් වෙරි වෙලා ඉන්නවා දැක්කම.
“අවිශ්ක…..මොකක්ද මේකේ තේරුම?මං කොච්චර බය වුනාද ඔයා පරක්කු වෙනකොට.කෝල් ගත්තා ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ.පරක්කු වෙනවා නම් කෝල් එකක් දෙන්න තිබ්බනේ…..”😡
“නවත්ත ග…ගන්නවා ඕයි ත…. තමුසෙගේ දේශනාව.පැත්තකට වෙලා ඉන්නවා…..”🤬
මාව පැත්තකට තල්ලු කරපු අවිශ්ක ඇදට වැටිලා ගොරව ගොරව නිදා ගත්තා. අවිශ්ක ලගින් ආවේ සැර මත්පැන් ගදක්. මට මහා අප්පිරියාවක් දැනුනා ඒ ගද එද්දී.මං එහෙම්මම සෙටියේ නිදා ගත්‍තා.
පහුවදා ඉරිදා නිවාඩු දවසක් හින්දා අවිශ්ක නැගිටිද්දී නවයහමාර විතර වුනා.මං අවිශ්කගේ තේ එක කාමරේට ගිහින් දුන්නා.මං දිහා නොබලා අවිශ්ක තේ එක බොන්න ගත්තා.මම අවිශ්ක ඊයේ ඇදපු ඇදුම් ටික එකතු කර ගත්තා වොශින් මැශින් හෝදන්න දාන්න.මට ඒ කලිසමේ තිබිලා අගල් හත අටක් විතර දිග කෙස් ගහක් හම්බුනා.
😱මේ….මේ කෙස් ගහ නම් ගෑනු කෙනෙක්ගේ වගේ.ඒත්…..අවිශ්කගේ ගාව කොහෙන්ද කෙස් ගහක්.🤔🤔ඒ කියන්නේ ඊයේ අවිශ්ක ගෙදර එන්න පරක්කු වුනේ මේ හින්දද?…මං කෙලින්ම ගියේ කාමරේට.
“අවිශ්ක…..මේ කෙස් ගස් කොහෙන්ද ඔයාගෙ ඇදුම් වල.කාගෙද මේවා…..”😡
අවිශ්ක එකපාරටම අමුතු වුනා මං එහෙම කියද්දී.
“ආ….තමුසේ ඒ පාර මගේ හොර අල්ලන්නත් පටන් ගත්තද?….”🤬
“අවිශ්ක….මං අහන්නේ කාගෙද මේවා. ඔයා මොකාත් එක්කද හිටියේ ඊයෙ රෑ….”😡😡
දැඩි කෝපයත් එක්කම මං එහෙම ඇහුවා.අවිශ්ක තරහෙන් පිපිරුවා.
“මේ අහනවා තරූෂා.තමුසෙ මගේ දේවල් ගැන හොයන්න එපා.තමුසෙ ඉන්න ඕනි මට ඕනි විදියට.මං ඊයෙ රෑ හිටියේ ටානියා එක්ක.මට එයාව හම්බුනේ තමුසෙටත් කලින්…..”🤬🤬
දෙයියනේ අවිශ්ක තවත් ගෑනියෙක් එක්ක එකට හිටියා කිව්වම මට දැනුනේ පුදුම අප්පිරියාවක් වගේම තරහවක්. අවිශ්කට හැම තැනම හොර ගෑනු හිටියා. සමහර ගෑනු සල්ලි නිසාමයි අවිශ්ක ළගට ඇවිල්ලා තියෙන්නේ.මට දැනුනේ පුදුම පිළිකුලක්.අවිශ්ක මහා ජරා මිනිහෙක්. එයාට මගේ මුලු ජීවිතේම සින්න වෙලා ඉවරයි.
එදා දවල් අවිශ්ක ගෙදර ආවේ අර නතාලි කියන කෙල්ලත් එක්කමයි.මට ඒ ගෑනිගේ මුහුණ දකිද්දී ලොකු කේන්තියක් ආවා.
“අනේ ඩාලිං මට නම් බයේ බෑ මේ ගෑනි මං දිහා බලන් ඉන්න විදියට…..”
නතාලි අවිශ්කගේ ඇගටම තුරුල් වෙලා එහෙම කිව්වේ මං ගැන.
“ඔයා බය වෙන්න එපා ඩාලිං.එයාට පුලුවං ඔච්චරයි.යමු අපි උඩ අපේ රූම් එකට…..”
අවිශ්ක නතාලිගේ කරට අතකුත් දාගෙන එයාව තුරුල් කරගෙන කාමරේට ගියා.මං බිම ඉදගෙන හොදටම ඇඩුවා.😭😭 වෙනදා අවිශ්කයි මායි නිදා ගත්තු කාමරේ අද එයයි නතාලියි වෙනුවෙන් වෙන් වුනා.
ජීවිතේ ගැන මට මහා ලොකූ කලකිරීමක් ඇතිවුනා.පෙර ආත්මයක මං කරපු ලොකු පාපකර්මයක් මට මේ ආත්මයේ මට පළ දෙන්නට වුනා.දෛවය මගෙන් පන්න පන්න පලි ගත්තා.අවිශ්කගෙයි මගෙයි කසාදෙන් මාස හතරකර පස්සේ වෙච්චි ඇක්සිඩන්ට් එකකින් මගේ අම්මයි,අප්පච්චියි,අයියලා දෙන්නයි සදහටම මෙලොවින් සමු ගත්තා.ඒක වුනේ ඇක්සිඩන්ට් එකකින් වුනාට හැමෝම කිව්වේ වෙනත් කතාවක්. අප්පච්චිගේ තරහ කාරයෙක් තිබුනු කෝන්තරේකට මේ දේ කරා කියලයි හැමෝම කිව්වේ.අප්පච්චි එයාලගේ මරණෙන් මාසෙකට කලින් ගේයි ඉඩමයි බැංකුවට උගස් තියලා තිබුනා.ජීවත් වෙන්න ඕනවටත් වඩා සල්ලි තිබිලත් ඇයි අප්පච්චී ගේ බැංකුවට සින්න කරේ කියලා මට හිතා ගන්න බැරි වුනා.
“ආ….කුමාරිහාමි මොකද මේ බිම ඉදගෙන කරන්නේ.යනවා කුස්සියට. ගිහින් රෑට කන්න මොනවහරි හදනවා…..”
මං ගැස්සුනේ අවිශ්කගේ අම්මගේ කටහඬට.අම්මගෙයි,අප්පච්චිගෙයි අයියලා දෙන්නගෙයි මරණෙට පස්සේ අවිශ්කගේ අම්මා සෑහෙන්න වෙනස් වුනා.එයා හිතුවේ අප්පච්චී මැරුණ හින්දා මුලු බුදලේම අයිති මට කියලා.ඒත්…….. අප්පච්චී හම්බ කරපු හැම සතේම බැංකුවට සින්න වුනු නිසා එයාලගේ හැම බලාපොරොත්තුවක්ම නැතිවුනා.මං දෑවැද්දට අප්පච්චී දීපු ඔක්කොම සල්ලියි මගේ බැංකු කාඩ් වල තිබුනු සේරම සල්ලි අවිශ්ක නිකරුණේ නාස්ති කරා. එයා මගේ සල්ලි වියදම් කරේ නතාලිට. දැන් මට කිසිම දෙයක් නෑ.මගේ කියලා එක සත පහක් නෑ.අවිශ්ක ඒ හැම දෙයක්ම හූරගෙන කෑවා.මං අන්ත අසරණ තත්වයකට පත්වුනා.😭😭
රෑ කෑම හදලා ඉවර වෙලා මං කුස්සිය අස්කරා.මට දැනුනේ පුදුම බඩගින්නක්.
කන්න කියලා හිතාගෙන වළද ඇරලා බලනකොට ඒකේ එක බත් ඇටයක්වත් නෑ.එක ඇතිළියකවත් මාලුපිණි නෑ. අවිශ්කගෙ අම්මා ඒ සේරම විසික් කරලා.
මට දැනුනු අන්ත අසරණ කමත් එක්ක මං තනිවුනා.බඩගින්න වැඩි හින්දා ෆ්‍රිජ් එකේ කන්න මොනවහරි තියනවද බලන්න හැදුවා.ඒත් ෆ්‍රිජ් එකත් වහලා ලොක් කරලා.ඊට පස්සේ මං ටැප් එක ඇරලා ඇල් වතුර වීදුරු දෙකක්ම බීගෙන බීගෙන ගියා.කාමරේට ඇවිත් නිදා ගත්තත් මට මතක් වුනේම මං විදින දුක ගැන.
පහුවදා උදෙන්ම නැගිටලා හැමෝටම තේ හදලා මං උයන්න පටන් ගත්තා.මේ මහ සාගරයක් වගේ විශාල ගෙදර සේරම වැඩ කරේ මං තනියම.ගෙදර වැඩට හිටපු මැගී නැන්දව අවිශ්කගේ අම්මා ගමට යැව්වා නවතින්නම.
“උයලා ඉවර වෙලා මගේ රෙදි ටික හෝදලා දානවා.ඊට පස්සේ එලියේ තණකොල ටික උදලු ගාලා දානවා.වේල් තුන හතරටම ගිල ගිල ඉන්නවා මිසක් කිසිම වැඩක් කරන්නේ නෑ……”
එහෙනම් අම්මද මේ ගෙදර වැඩ ටික කරන්නේ කියලා මට අහන්න හිතුනා. මුලු දවස තිස්සෙම නැහීගෙන වැඩ කරත් කවදාවත් අවිශ්කගේ අම්මගෙන් හොදක් අහන්න ලැබෙන්නෙ නැහැ.මං මේ ගෙදර ලේලි වුනත් මට ඉන්න සිද්ද වුනේ වැඩකාරියක් වගේ.කදුලුත් පිහදාගෙන මං උයලා ඉවර වෙලා රෙදිටික හේදුවා.
රෙදි ටික හෝදලා ඉවර වෙලා මං කුස්සියට ඇවිත් වලදෙන් බත් බෙදාගෙන කෑවා.ඇති යාන්තං අද නම් බතුයි මාලුයි තියනවා.කාලා ඉවර වෙන්න ලං වෙනකොටම අවිශ්කගේ අම්මා කුස්සියට ආවා.
“යකෝ තෝ තාම මෙතන කකා ඉන්නවද? මං කීයටද උඹට කිව්වේ මිදුල උදලු ගාන්න කියලා.තොගෙ වැඩේම කන බොන එක තමා.ගෙදර වැඩ ඔක්කොම කරන්න ඕනි මං…..”
ඒ කතාවට නම් මට කේන්ති ගියා. අවිශ්කගේ අම්මා කවදාවත් ගෙදර වැඩක් කරන්නේ නෑ.මැරීගෙන, නැහීගෙන සේරම වැඩටික මං කරත් එයා මට බනිනවාමයි වැඩේ.
“අනේ…..😭එහෙම කියන්න එපා අම්මේ. මං ඊයෙ රෑට කෑවෙත් නෑ.අද උදේට මේ තේ එක බීපු ගමන් මේ ඉන්නේ.ගෙදර හැම වැඩක්ම කරන්නේ මංනේ……”😭😭
“ඈ යකෝ තෝ එතකොට කියන්නේ මං මේ වැඩ කරන්න ඕනි කියලද? පුතේ….. පොඩ්ඩක් මෙහාට එන්නකෝ……”
අම්මගේ සද්දෙට අවිශ්ක දුවගෙන කුස්සියට ආවා.
“ඇයි අම්මේ?…….”
“බලන්නකෝ පුතේ මේ ගෑනි කියන කතා. මං මෙතන නෝනා හාමු වගේ ඉන්නවලු. ගෙදර කිසිම වැඩක් කරන්නේ නෑලු.මං මහා මූසල ගෑනියෙක් කියලා මේක් මට බැන්නා පුතේ……”😭😭
දෙයියනේ😱😱අවිශ්කගේ අම්මට මේ තරම් බොරු කියන්න පුලුවන්ද?එයා කියපු බොරු අහලා අවිශ්ක මට හොදටම ගැහුවා.😥😥අවිශ්ක මට් ගහනකොට අවිශ්කගේ අම්මා කට කොනකින් මං දිහා බලලා හිනාවෙලා කුස්සියෙන් ගියා.
🌹🌹නැවත හමුවෙමු