1 කොටස💘

🌹❤️කුණාටුවක් වූ ප්‍රේමය🌹❤️

💜️🌹🌹”මොනවද පුංචි බේබි මේ අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ…..”

“කල්පනා කරන්න දේවල්ද නැත්තේ කුසුමා නැන්දේ….මට නම් ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ…..”

“එහෙම කියන්න එපා පුංචි බේබි.ලොකු මහත්තයලා මේ හැම දේම කරන්නේ පුංචි බේබි වෙනුවෙන්නේ.පුංචි බේබිගේ යහපත වෙනුවෙන්නේ…..”

“යහපත?…..මොන යහපතද?මගේ සතුට ගැන ගැන එයාලා පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ.මේකෙන් කවදාවත් මට යහපතක් වෙන්නෙ නෑ.මං අකමැති මිනිහෙක්ව කසාද බැදලා කොහොමද මං සතුටින් ජීවත් වෙන්නේ.මුලු ජීවිත කාලෙටම දුක් විදින්නයි වෙන්නේ…..”😭

“මොනවා කරන්නද පුංචි බේබි.ලොකු මහත්තයා කවදාවත් එයා ගත්තු තීරණයක් වෙනස් කරන්නෙ නැහැනේ. පුංචි බේබි හිත හදාගන්න බලන්න…..”

“මට බැහැ කුසුමා නැන්දේ.මං කොහොමද දෙයියනේ හිමේෂ්ව අමතක කරන්නේ…..”😭😭

“අනේ මන්දා බේබි.ලොකු මහත්තයලා හිමේෂ් මහත්තයට කැමති නෑනේ…..”

“කුසුමා නැන්දේ මට ටිකක් තනියම ඉන්න ඕනි.නැන්දා ගිහින් කන්න.තාම දවල්ට කාලා නැහැනේ…..”

“හා පුංචි බේබි…..”

කුසුමා නැන්දා මගේ කාමරෙන් ගිය පසු මං කල්පනා කරන්නට වුනේ තව දින කීපයකින් මගේ ඉරණම තීන්දු වෙන හැටියි.

මගේ නම තරූෂා දෙව්මිණී දසනායක. මට අවුරුදු විසි තුනයි.මගේ තාත්තා කෝටිපති �මැණික් ව්‍යාපාරික ධම්මික දසනායක.මගේ අම්මා ශිරෝමා දසනායක.මට අයියලා දෙන්නෙක් ඉන්නවා.ලොකු අයියා මේනක.පොඩි අයියා තේනුක.අපේ ගෙවල් තියෙන්නේ ජා ඇල.

උසස් පෙල අවසන් කරපු මං විශ්ව විද්‍යාලය සදහා නොතේරුනත් මං ජොබ් එකක් කරනවට අප්පච්චී කැමති වුනේ නෑ.ලොකු අයියා එයාගෙම හොටෙල් එකක් කරනවා ජා ඇල ටව්න් එකේ.පොඩි අයියා අප්පච්චීගේ මැණික් බිස්නස් එකට ජොයින් වෙලා ඉන්නේ.

ගෙදර බාලයා විදියට මට හැමෝගෙම ආදරේ නොඅඩුව ලැබුනා.ඒලෙවල් කරන කාලෙමයි මං හිමේෂ් එක්ක යාලුවුනේ. අපේ ගෙදරින් හිමේෂ්ට පොඩ්ඩක්වත් කැමති නැහැ.හිමේෂ් වැඩ කරේ කොළඹ තරුපහේ හොටෙල් එකක චෙෆ් කෙනෙක් විදියට.ගෙදරින් අකමැති වුනත් මං හිමේෂ්ට ආදරේ කරන එක නැවැත්තුවේ නෑ.

අපි දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියා.අප්පච්චියි,අම්මයි කොච්චර කිව්වත් මං මේ සම්බන්දෙ නැවැත්තුවේ නැති හින්දා එයාලා මාව වෙන කෙනෙකුට කසාද බන්දලා දෙන්න හදනවා.ඒ අප්පච්චිගේ යාලුවෙකුගේ පුතෙක්ට.එයාගෙ නම අවිශ්ක විජේසූරිය.

මං අම්මටයි,අප්පච්චිටයි කොයිතරම් කිව්වත් මම අවිශ්කව මැරි කරන්න කැමති නෑ කියලා එයාලා ඒක ඇහුවේ නෑ.අප්පච්චී තීරණයක් ගත්තොත් ඒක කිසිම හේතුවක් හින්දා කවදාවත් වෙනස් කරන්නේ නෑ.එයාලගේ දැඩි තීන්දු තීරණ ප්‍රතිපත්ති හින්දා මං සෑහෙන විදවනවා. මොන දේ වුනත් මට බෑ හිමේෂ්ව අමතක කරන්න.

“චූටි දුව මොකද ලමයෝ මේ කාමරේට වෙලා කරන්නේ?……ටිකක් එලියට පහළට බැහැලා බලන්නකෝ.කොයි වෙලේ බැලුවත් කල්පනා කරනවමයි වැඩේ……”

අම්මගේ කටහඩින් මං අතීතයෙන් මිදිලා වර්තමානයට ආවා.

“අනේ පින් සිද්ද වෙයි අම්මා.මට මගේ පාඩුවේ ඉන්න දෙන්න…..”😥

“ඇයි මොකෝ….තාම අර මොකාද එකාව අමතක කරන්න බැරි වුනාද?තව දවස් තුනයි තියෙන්නේ.ඌව අමතක කරලා ලෑස්ති වෙනවා අවිශ්ක පුතාව මැරි කරන්න……”🤬🤬

“චී….අම්මා ඔහොමද මිනිස්සුන්ට කතා කරන්නේ?….මොන දේ වුනත් මට බෑ හිමේෂ්ව අමතක කරන්න…..”😭😭

“මේ…..චූටි දූ…ඔයාට ඕනි විදියට තීන්දු තීරණ ගන්න බෑ අපිත් එක්ක. හිතුවක්කාර තීරණ එහෙම ගන්න ලෑස්ති වෙන්න එපා ඔන්න.දන්නවනේ අප්පච්චිගේ හැටි.තව දවස් තුනකින් ඔයාගෙ කසාදෙ සිද්ද වෙනවා…එච්චරයි….”😠😠

එහෙම කියපු අම්මා කාමරෙන් ගියා.මං කොට්ටෙ බදාගෙන හොදටම ඇඩුවා.😭
වෙනත් යුවතියක් නම් තමන්ගේ කසාදෙ දවස ලංවෙනකොට ඉන්නේ කොයි තරම් සතුටකින්ද?ඒත් අද මං ඉන්නේ දරාගන්න බැරි තරම් වේදනාවකිනුයි දුකකිනුයි.මගේ ජීවිතේ කුණාටුවක් වගේ කැලඹිලා.😭😭😭

📲📲📲…….

එතකොටම ෆෝන් එකට කෝල් එකක් ආවා.මං බැලුවා කාගෙන්ද කියලා. හිමේෂ්ගෙන් කෝල් එක ඇවිත් තිබුනේ. මං ඉක්මනින් කෝල් එක ආන්සර් කරා.

“හෙ….හෙලෝ…..හිමේෂ්…..”📲

“තරූ…..ඔයා හොදින්ද රත්තරං…..”📲

“නෑ හිමේෂ්.මට බෑ රත්තරං අර අවිශ්ක ව මැරි කරන්න….ම…ම…..”📲

මට කතා කරගන්න බැරි වුනා.ෆෝන් එකත් අතේ තියාගෙන මං හොදටම ඇඩුවා.😭😭හිමේෂ් මාව සනසවන්න ගොඩාක් දේවල් කිව්වා.

“අඩන්න එපා තරූ….හිත හදාගන්න බලන්න.මටත් දරා ගන්න බෑ මේක. අපි අතරෙ තියන දුප්පත්,පොහොසත් පරතරය හින්දා මේ වේදනාව විදින්න වෙනවා කියලා මං දැනගෙන හිටියා.හිත රිද්දන්න බැරි හින්දයි ඒ ගැන ඔයාට නොකිව්වේ”…….📲

ඒ මට හිමේෂ්ගෙන් ආපු අන්තිම කෝල් එක.මං හිමේෂ්ට කෝල් කරනවා අම්මට ඇහිලා එයා මගේ ෆෝන් එක ගත්තා.😭

අකමැත්තෙන් වුනත් මට අවිශ්කගෙ පතිනිය වෙන්න සිදුවෙන මට දැනුනා.මහ සාගරය උතුරා යන තරම් කදුලු ගංගාවක් මගේ නෙතින් වෑහුනා.

දින දෙකක් ගෙවිලා ගියා.මං ජීවත් වුනේ ප්‍රාණය ගිය මළ කදක් වගේ.අරමුණක් නැතිව මං බැල්කනියට වෙලා මහ පාර දිහා බලන් හිටියා.

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා//…..🎵
සංවේගය ඉවසමි මම කදුලු හලාලා
ඔබගෙන් තව පැල්පතකට එලිය ලැබේවා🎵
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා🎵

උන්මාදනියේ වෙන්වී……//🎵

ඔබේ දෙනෙත් අබියස එක රුවක් ඇදේවා…..🎵
ඉබේ සැලෙන හිත මින්පසු වෙනස්ම
වේවා…..🎵
අගේට තැනිව් කුසලානය මිහිර
පිරේවා…..🎵
මගේ දුකත් ඔබෙ සන්තෝශයට
හැරේවා…..🎵

උන්මාදනියේ වෙන්වී……//🎵

අව්වෙහි ඇති සැඩරැස් මාලා අඩු
වේවා…..🎵
ගව්වෙන් ගව්වට සුවිසක් මැදුරු
මැවේවා…..🎵
දුක දොම්නස බාධක කම්කටුලු
බිදේවා…..🎵
සිහින්වත් පීඩාවක් ඔබට
නොවේවා…..🎵

උන්මාදනියේ වෙන්වී……//🎵

අල්ලපු ගෙදරකින් ඇහුනු ඒ ගීතය හරියට මට දැනුනේ හිමේෂ් මං වෙනුවෙන් ගායනා කරන ගීතයක් වගෙයි.මගේ මුලු ජීවිතේම දුක් කන්දරාවකින් වෙලාගෙනයි කියලා මට හිතුණා.කවුරුහරි කාමරේ දොරට තට්ටු කරන සද්දෙ ඇහුනා.මං කාමරේට ගිහින් දොර ඇරියා.

දොර ඇරපු එක ගැනත් මං පසුතැව්නා.ඒ ඇවිත් තිබුනේ අවිශ්ක.මට එපා වීමක් වුනා ඔහුගේ මුහුණ දකින එකත්.අවිශ්ක බලහත්කාරයෙන්ම ඇවිත් මගේ ඇද උඩින් ඉද ගත්තා.

“හායි තරූෂා….කොහොමද ඉතිං?ඔන්න හෙට අපි දෙන්නගේ වෙඩින් එක.ඔයා රෙඩි වෙලානෙ ඉන්නෙ.හැම දෙයක්ම ලෑස්තියි.පාන්දර දෙක වෙද්දී ඔයා සැලූන් එකට එන්න…..”😘

“ප්ලීස්…..අවිශ්ක ඔයා දැන් මෙතනින් යන්න.ඔයාට ඕනි විදියට හැම දෙයක්ම සිද්ධ වෙයි.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…..”😭😠

“පාඩුවෙ ඉන්න දෙන්න??හෙට ඉදන් ඔයා ඉන්න ඕනි මට ඕන විදියට තරූෂා. තාමත් තමුං අර හිමේෂ් ගැන හිතනවද? හෙට ඉදං තමුසෙ ඒ හැම දෙයක්ම අමතක කරලා දාන්න ඕනි.එහෙම නොවුනොත් මං බලා ගන්නංකෝ…..”🤬🤬

එහෙම කියපු අවිශ්ක බලෙන්ම මගේ කම්මුලට කිස් එකක් දීලා කාමරෙන් ගියා.අවිශ්ක කිස් කරපු කම්මුල මං අත් දෙකෙන්ම සීරුවා.මහා ලොකු දුකක් මහේ හදවතට දැනෙන්න වුනා.හෙටින් පස්සේ මගේ ජීවිතේට මොනවා වෙයිද?

🥀🥀🥀

පහුවදා පාන්දර එකයි තිහට විතර අපි සැලූන් එකට ගියා.සැලූන් එකේ අක්කා මාව ලස්සන උඩරට මනාලියක් විදියට ඇන්දෙව්වා.ඇත්තටම මං ගොඩාක් ලස්සනට හිටියා.ඒත් ඒ ලස්සන වෙනුවෙන් මං සන්තෝශ වුනේ නෑ.හිත පුරාම පැතිරිලා ගියේ දරාගන්න බැරි තරම් දුක් කන්දරාවක්.😭😭

හිනාවෙන්න ඕනි හින්දා මං බොරු සිනාවක් මුහුණර ආරූඪ කරගත්තා. අවිශ්ක නම් හිටියේ ගොඩාක් සන්තෝශෙන්.එයා විතරක් නෙවෙයි හැමෝම හිටියේ ගොඩාක් සන්තෝශෙන්.
ඒත්…..මං විතරයි දුකින් හිටියේ.

උදේ හතයි දහතුනට පෝරුවේ චාරිත්‍ර තිබුනා.පෝරුවට නගින වෙලාවේ මට දැනුනේ හරියට මං පෝරකේට යනවා වගේ.විවාහ සහතිකේ අතට ගත්තු වෙලාවේ මට දැනුනේ මං ඒ අතට ගත්තේ මගේම මරණ සහතිකේ කියලා.

හවස පහට විතර අපේ විවාහයේ වැඩ කටයුතු ඉවර වුනා.හැමෝගෙන්ම සමු අරන් පිටවෙන මොහොතේ අම්මා මාව බදාගෙන ඇඩුවා.😭😭මට මහ හයියෙන් ඇඩුනා.😭😭කදුලු හල හලාම මං ගිහින් කාරෙකට ගොඩවුනා.ඊට පස්සේ අපි ගියේ කොලඹ තවත් ලොකු හොටෙල් එකකට.

ඒ හොටෙල් එකේ රූම් එක හරිම ලස්සනට සරසලා තිබුනා.ඒත් මට ඒ කිසිම දෙයක් ලස්සනට පෙනුනේ නැහැ. අවිශ්ක බාතෲම් එකට ගිහින් නාගන්නකං මං ඇදෙන් ඉද ගත්තා.මං පෙරුම් පුරාගෙන හිටියේ මේ දවස හිමේෂුයි මායි වෙනුවෙන් වෙන් වෙනවට. ඒත් අද මට ඉදිරි මුලු ජීවිත කාලෙම ගත කරන්න වෙලා තියෙන්නේ මං අකමැති කෙනෙක් එක්ක.😥😥

“තරූෂා…..බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගෙන එන්න.අපි ඩිනර් එක ගම්මු…..”

මං බාතෲම් එකට ගිහින් නාගෙන ඉවර වෙලා දිග රෑ ඇදුමකුත් ඇදගෙන එලියට ආවා.

“වා……ව් ඔයා ඔයා නයිට් ඩ්‍රෙස් එකට මාර ලස්සනයි තරූෂා…..”

“ඔ….ඔයා ගිහින් කන්න අවිශ්ක.මට බඩගිනි නැහැ…..”

“වට්?….බඩගිනි නෑ.බොරු කරන්නේ නැතුව එනවා මෙහේ…..යමු කාලා ඉම්මු……”

අවිශ්කගේ බලකිරිල්ලට මං ටිකක් කාලා රූම් එකට ආවා.

රූම් එකට ආවා විතරයි.අවිශ්ක මාව පිස්සුවෙන් වගේ සිප වැලද ගත්තා.මං කොච්චර උත්සහ කරත් මට අවිශ්කගේ හැඩිදැඩි ඇගත් එක්ක ඔට්ටු වෙන්න බැරි වුනා.😥

😍😍නැවත හමුවෙමු