සිතින් විතරක්
තිස් හතර….34
මම වෙනුවෙන් නෙවී සෙත් වෙනුවෙන් එන්න
…ඔයා වගේම මමත් කැමති නෑ සෙත් දුකින් ඉන්නවා දකින්න..
එදා වැරදි දෙයක් කීවේ ඒකට සමා වෙන්න..
මගෙ වැරදි වලට සෙත්ගෙන් පලිගන්න එපා එයා පව්…
මම කීවේ වෙන කියන්නම දෙයක් නැති නිසා. මේ අසරණ කමට අකුරු එකතු කරන්න මට තේරෙන්නෙ නෑ. ඕනිනං මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා අඬන්න පුළුවන්. ඒත් ඒක තේරුමක් නෑ කියලා මම දන්නවා.
ඔයාට වගේම මටත් හිත හදාගන්න අමාරුයි විහඟ. තමන් පන වගේ ආදරේ කරන කෙනක් ඇස් ඉස්සර පෙනී පෙනී එයාගෙන් ඈත්වෙලා ඉන්න හිත හදා ගන්න ලේසි නෑ දෙයියනේ ඊට වඩා එකපාර මැ රි ලා යන එක මොන තරම් ලේසිද..
ඒත් අපේ දෛවය මේකනං අපි මොනා කර න්නද මේ දුක විඳලම ඉවර කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. සෙත් වෙනුවෙන් එයාගෙ සතුට වෙනුවෙන් අපි දෙන්නට මේ කැපකිරීම කරන්නම වෙනවා. ජීවිතේ එහෙම තමා ඒකට කරන්න දෙයක් නෑ.
හිතට දැනෙන හැමදේම කියන්න වචන තිබුන න නං සමහර විට මේ තරම් හිත අසරණ නො වෙන්න තිබුනා. ඒත් ඒත් ඒ හැම හැඟීමකටම වචන නෑ දෙයියනේ.
ඔයාට බල කරන්න මට බෑ.. මම ආවෙ සෙත් වෙනුවෙන් කැමති තීරණයක් ගන්න.. කරදර යක් උනානම් සමාවෙන්න… මම යන්නම්..
එහෙම කියාගෙන මම ආපහු හැරුනෙ තවත් කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නැති නිසා. එහෙම කියලා මම තවත් කිය න්නෙ නැතුව වාහනේ ලඟට ගියා. විහඟ මොනවද කරන්නෙ කියල ආපහු හැරිලා බලන්න මම බයවුනා.
සිද්ධවෙන දේකට ඉඩ දීලා බලා ඉන්නවා ඇරෙ න්න වෙන මොනවා කරන්නද ඉතිං. ජිවිතේ එහෙම තමා.
මම බිම බලාගෙන ඇවිත් වාහනේට ගොඩ වුනා. සෙත්ට දුක හිතෙයි තමා ඒත් ඉතිං අකමැත්තෙන් මට විහඟව එක්කගෙන යන්න බෑනි. එක අතකට එයා එහෙම නෑවිත් ඉන්න එකට මම කැමතියි නැත්තං මටත් හිත හදාගන්න බෑ.
අපි යමු අංකල් ඔය නෝනා යමු කියන කං හිටියොත් අද යන්න වෙන්නෙම නෑ…
ඒ හඬින් ගැස්සිලා ඔළුව උස්සලා බලද්දි මම දැක්කෙ විහඟ වාහනේ ඉස්සරහ ශීට් එකේ ඉදගෙන ඉන්නවා. අනේ මන්දා මෙයා නං මැජික් කාරයෙක් ද කොහොද.. ආපහු ගෙදර එනකං අපි වචනයක්වත් කතා කලේ නෑ. ඇත්තටම කතා කරන්න දෙයක් තිබුනෙ නෑ.
ගේ ලඟට ඇවිත් විහඟ වාහනෙන් බහින්න කියන කම්ම මම හිටියෙ ලොකු කල්පනාවක. කල්පනා කරන්න මොන තරම් දේ තියනවද තේරුමක් නැති උනත්.
බහින්න මැඩම්.. මේ මනුස්සයා ආපහු යන්න ඕනි… විහඟ එහෙම කීවම තමා මම වාහනෙන් බැස්සෙ.
ඒන්ජල් මොනාද දරුවො මේ තරම් වෙලා කලේ
මං බයවෙලා හිටියෙ හොඳටම ඔයාගෙ ෆෝන් එකත් වැඩ කරන්නෙ නෑනි… මාව දැක්ක ගමන් සීයා පප්පා කිවා.
ඒක ඕෆ් වෙලා වෙන්න ඇති සියා පප්පා..සෙත් කතා කලා ද..?
මම එහෙම ඇහුවෙ සිද්ධ වුන හැමදේම සීයා පප්පා එක්ක කියන්න බැරි නිසා.
හොඳ වෙලාවට කතා කලේ නෑ..නැත්තං ඒ කො\ල්ලත් බය වෙනවා..
සීයා පප්පා එහෙම කියද්දි මම මොනවත්ම නොකියා ගේ ඇතුලට ගියා. ගිහින් මම නය නට කීවා විහඟව එයාගෙ රූම් එකට එක්ක ගෙන යන්න කියලා.
මට ඕනි වුනේ තනිවෙන්න. මේ සිද්ධ වෙන දේවල් වලින් මගෙ ඔළුව අවුල් වෙලා තිබුනෙ. ඒත් විහඟ තාමත් දවල්ට කෑම කාලා නැතුව ඇති කියලා මට ඒ අතරෙ හිතුනා.
මොනා උනත් අසනීපෙන් ඉන්න කෙනාව බඩ ගින්නෙ තියන්න බැරි නිසාම හොස්පිට්ල් එකට අරගෙන ගිය කෑම එක අරගෙන එයාගෙ රූම් එකට ගියා. මම යනකොට එයා හිටියෙ යහනෙ වැතිරිලා වහලෙ සිවිලිම දිහා බලා ගෙන.
ඔයා දවල්ට කාලා නෑ නේද කෑම කාලා ඉන්න.. මම එයාට කතා කලා.
මම කාලා ඉන්නෙ..දැන් කන්න බෑ.. එයා කීවේ ඕනිවට එපාවට.
බොරු කියන්න එපා… ඒ වෙලාවෙ හැටියට ඔයා කාලා ඉන්න විඳිහක් නෑ..
මම ආයිම කීවා. එයා කෑම කාලා නෙවී ඉන්නෙ කියලා මම දන්නවා.
මම කන්නෙ මට ඕනි වෙලාවට… ඒ ගමන එයා කීවේ මුරණ්ඩු හඬකින්.
ඒත් ඔහොම බඩගින්නෙ ඉන්න හොඳනෑනි බෙහෙත් බොන්නත් තියන වනෙ…
එයා තාමත් හිටියෙ හොඳටම සනිප වෙලා නෙවී. එයා ඩොක්ටර්ත් කීවා ටික දවසක් පරිස්සම් වෙන්න කියලා එහෙම තියෙද්දි මේ වගේ මුරණ්ඩු වෙන්න ගියාම.
සැරයක් කීවම අහනවා ඒන්ජල්…වදයක් වෙන්නෙ නැතුව මෙතනින් යනවා.. මගෙ දේවල් මං බලා ගන්නං…
එයා තරහින් කෑ ගැහුවා. මම ඔයාව රිද්දනවා නෙවී දෙයියනේ. ඒත් මගෙ න් පලි ගන්න වගේ ඔහොම නොකා නොබී ඉන්නකොට මම දරාගන්නෙ කොහොම ද..?
එයා එහෙම කිවම මට තවත් කියන්න දෙයක් තිබුනෙ නෑ. මම ඇස්වල කඳුළු පුරෝගෙන කාමරෙන් එලියට ආවා. තවත් එයාට වදයක් වෙන්න මට බෑ.
මම කිචන් එකට ගිහින් විහඟව බලාගන්න කියලා නයනට කියලා උඩට ගියා. කරන්න වැඩ ගොඩක් තිබුනා ඒත් හිත හරි බරයි. උදේ ඉදන් මම හිටියෙත් කාලා නෙවී.
විහඟට ගෙනියන්න කෑම හැදුවා මිසක් මට කිචන් එක අස්කරන්වත් වෙලාවක් තිබුනෙ නෑ. ඒත් කන්නවත් කිසිම වැඩක් කරන්නවත් හිතට නිදහසක් නෑ. මම එහෙම්ම මගෙ රූම් එකට ගිහින් ඇඳේ පෙරළුනා.
හිතේ දුක ඉවර වෙනකම්ම මහා හයියෙන් කෑ ගහලා ඇඬුවා. මහන්සියටමද මන්දා මට එහෙම්මම නින්ද ගියා. ආපහු ඇහැරෙනකොට හොඳටම හවස් වෙලා. සෙත් කතා කලාද දන්නෙ නෑ ෆෝන් එක තාමත් ඕෆ්වුන ගමන්මයි කියලා මට මතක් වුනේ එතකොට.
මම ඇඳෙන් නැගිටලා ෆෝන් එකත් ඔන් කරලා කිචන් එකට ගිහින් ඒකත් අස් කරලා. හවස කියලාවත් බලන්නෙ නැතුව හුඟක් වෙලා නා ගත්තා. හිතේ තියන දුක මේ වතුරින් හේදිලා යනවා නං. මට එහෙ හිතුනා.
සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන මම බැල්කනි එකට ආවෙ සෙත්ට කෝල් එකක් ගන්න හිතාගෙන. ඒත් එක්කම වගේ මගෙ ෆෝන් එක රිංග් වුනා.
ඒන්ජල් බබෝ..ඔයා හොඳින් නේද පැටියො… කතා කරලා තිබුනෙ සෙත්.
මම හොඳින්…ඔයාට කොහොමද…?
මමත් හොඳින්…හිතුවට වඩා දවසක් දෙකක් මෙහෙ ඉන්න වෙයි වගේ ඒන්ජල්.. හදිසියෙන් වැඩ සේරම කරගන්න අමාරුයි…අවුලකට තියෙන්නෙ නිතර කතා කරන්න වෙන් නැති එක තමා..
සෙත් කියවගෙන යනවා. තේරෙන්නෙ නැති බයක් මාව වෙලා ගන්නෙ ඇයි මන්දා.මට ඒනි වුනේ හැමදේම අමතක කරලා මුල ඉදන් පටන් ග න්න. ඒත්.
ඒන්ජල් ඇයි…මැණික.. තරහ උනාද ඔයා…
කතා කරන්න බැරි වෙනවා කිවම.. සෙත් ඇහුවෙ මම නිහඩවුන හින්දා වෙන්න ඇති.
අනේ නෑ….පුළුවන් වෙලාවට කතාකරන්න..
.ඔයා ඒවා හිතන්න එපා.. ඔයා ගිය වැඩ ටික කරගෙන එන්න…
ඒක නෙවී..බබෝ..විහඟව ගෙදර එක්කගෙන ආවා නේද..? ඒ ගමන එයා ඇහුවා.
ඔව්.. එහෙම කියලා මම එයාට සිද්ධවුන හැමදේම කීවා.
අම්මෝ දැන් චන්ඩියා වෙලානෙ මගෙ කෙ ල් ල
ඒකනි ඔයා ගියෙ නැත්තං ඕකා කීයටවත් එන්නෙ නෑ…වෙලාවකට කියන දෙයක් අහ න්නෙම නෑ.. මම විහාට කතාකරන්නං කො….
සෙත් කීවේ සැහැල්ලු හඬකින්. ඒ උනාට මගෙ හිතට හරි බරයි. මේ හිතේ තියන හැමදේම සෙත්ට කියන්න පුළුවන් නම්. ඒත් මම කොහොම ද එයාගෙ හිතේ තියන මේ සැනසීම සතුට නැති කරන්නෙ.
ඒන්ජල්..ඇයි කතා නැත්තෙ.. මං කතා කරන එක කරදරයක්ද ඔයාට…
එයා ඒ ගමන අහනවා. මට දෙන්න උත්තරයක් නෑ.
එහෙම දෙයක් නෑ….
නිහඬවම ඉන්න එක වැරදි නිසා මම කීවා. මේ අරසණකමට එයා පලි නෑ. සෙත් නරක කෙනෙ ක් උනා නං තීරණයක් ගන්න මම දෙපාරක් හිත න්නෙ නෑ. ඒත් ඇයි දෙයියනේ එයත් මෙච්චරම හොඳ මේ තරං අහිංසක කෙනෙක් වුනේ.
මිනිස්සුන්ට කරුම පල දෙන්නෙත් මහා පුදුම විඳිහට. නිවාසෙ ඉදිද්දි අනිත් මොන දේ නැතත් හිතේ සැනසීමවත් තිබුනා. එතකොට මං මට ආදරේ කරන්න කවුරු හරි හිටියනං මොන තරම් හොඳද කියලා හිත හිත හිටියා. ඒත් දැන් අනිත් හැමදේම ඕනිවටත් වඩා තියෙද්දි හිතේ සැනසීම නැත්තටම නැති වෙලා.
කවුරු හරි කෙනෙක් ආදරේ කරන කං බලා ගෙන හිටිය මට දැන් සිද්ද වෙලා තියෙන්නෙ එකම විඳිහට ආදරේ කරන දෙන්නෙක්ගෙ ආදරේට මැඳිවෙලා අතරමං වෙලා හිත රිදෝ ගන්න. ඇයි දෛවය මෙහෙම දේවල්ම කරන්නෙ.
ඔයා ඉතිං කොහොමත් කතා කරන කෙනෙක් නෙවීනෙ.. හැමෝම හො ඳින්නේද..
සෙත් ආයිම ඇහුවා.
ඔව්..
සීයා පප්පවයි..විහඟවයි බලා ගන්න. දෙන්න ම අසනීපෙන් ඉන්නෙ.. නයන ට තනියම හැම දේම කරන්න අමාරුයිනෙ..
ඔයා ඒවා හිතන්න එපා..ඔය තියන වැඩ ටික කරගන්න..
එහෙනම් බබෝ මම තියන්නං එහෙ මෙහෙ දඟලන්නෙ නැතුව.. පරිස්ස මින් ඉන්න ඕනි හරිද..?
හා….
බුදු සරණයි..මැණික…
එහෙම කියලා එයා කෝල් එක කට් කලේ මම මොනවත් කියන්න කලින්මයි. සමහර විට සිග්නල් අවුල් නිසා කට් උනාද දන්නෙ නෑ.
සෙත් ආපහු එනකං ආයිම විහඟගෙ රූම් එක ට තනියම යන්නෙ නෑ කියලා මම හිතා ගත්තෙ ඒක එයාටයි මටයි දෙන්නටම ලොකු වේදනා වක් බව දැනගෙන හිටිය නිසා. ඒත් සෙත් එන්න තවත් දවස් දෙක තුනක් යනව නං නයනට ඒ හැමදේම තනියම කරගන්න අමාරුයි.
ඊටත් වඩා මම විහඟව මඟ ඇරලම ඉන්න කොට සීයා පප්පා උනත් මොනා හිතයිද.. අනේ මන්දා මොන අතකින්වත් මේ හිතට නං සැන සීමක් නෑ. මොන තරම් හදා ගන්න හැදුවත් ඒක කොච්චරවත් පෑරෙනවා රිදෙනවා ඉවරයක් නෑ.
නොකා නොබී ඉදලා ත\මු\සෙ ඒ ගමන මොනවද ඒන්ජල් කරගන්න හද න්නෙ ආ….
ඒ හඬින් ගැස්සිලා මම ආපහු හැරිලා බැළුවා. මේ වෙලාවෙ මෙයා මෙතනට ඒවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
ඔයා..ට ඔහොම ඇවිඳින්න හොඳ නෑනි…තාම තුවාලත් හරියකට සනිප නැතුව.. එයා අහපු දේ තේරුනේ නෑ වගේ මම කීවා.
මෙතන මඟුලක් කතා කරන්නෙ නැතුව අහපු දේට උත්තර දෙනවා ඒන්ජ ල් … ඒ ගමන එයා කලින්ටත් වඩා හයියෙන් කෑ ගැහුවා.
මට මොනා උනත් ඔයාට වැඩක් නෑනි… මගෙ දේවල් මං බලා ගන්නං ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න…
අඬන්න ඕනි තැනක හිනාවෙන්න මොන තරම් අමාරු ද කියලා එහෙම කරලම බලන්න ඕනි.
මට වැඩක් නැත්තං වෙන මො\කා\ට ද වැඩක් තියෙන්නෙ…
එයා ඒ ගමන කීවේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්.
මො/කා/ටවත් වැඩක් නෑ.. නොකා නොබී මාව මැ\රි\ලා ගියත් කාටවත් වැඩක් නෑ… එපා වෙලා මේ හැමදේම මැ රි ලා ගියපුදෙන් මාව.. එත කොට වත් සැනසිමක් තියෙයි මට…
මම කියවගෙන ගියෙ අඬ අඬා. තවත් මේ හැමදේම දරාගෙන ඉවසන් ඉන්න මට බෑ. මේ හැමදේම අවසානයක් තියෙන්න ඕනි.
කට වහ ගන්නවා ඒන්ජල්.. ත\මු\සෙ දන්නවද ඔය කියවන්නෙ මොනවද කියලා…
ඔව් හොඳටම දන්නවා…ඔයා මට ආදරේ නෑ නං..මගෙ ගැන හිතන්නෙ නෑ නං..මාව පේන්නවත් බෑ නං..
ඇයි මෙහෙම සැරෙන් සැරේ ඇවිත් මාව රිද්දන්නෙ මටත් තියෙන්නෙ හිතක්..මෙච්චර විඳවන්න මට බෑ දෙයියනේ..
මම අත්දෙකෙන්ම මූණ වහගෙන මහ හයියෙ න් අඬන්න තියා ගත්තා. හොඳ වෙලාවට සීයා පප්පට උඩට එන්න බෑ. මම කතා නොකලොත් නයනා එන්නෙ නෑ. මම එහෙම මොන තරම් වෙලාවක් ඇඬුවද කියලා මම දන්නෙ නෑ.
ඒ ගමන ත\මු\සෙ මොනා හරි කරගන්නෙ ඔහො ම අඬන්න ගිහින්..හැම රෙද්දටම ඔහො ම අඬ න්න එපා වෙන්නෙ නැද්ද ත\මු\සෙ/ට…
ඇත්තටම මෙහෙම අඬන්න මටත් අප්පිරියයි. ඒත් මොනා කරන්නද මම අත්දෙක මූණෙන් අයින් කරගෙන එයා දිහා බැළුවා. තේරෙන්නෙ නෑ. ඒ ඇස් කියන්නෙ මොනවද කියලා කියන්න නං. ඒත් අර ඇස් එච්චරම රතු වෙලා තියෙන්නෙ තරහටම නෙවී කියලා නං මම දන්නවා.
ආසවට අඬන්නෙ නෑ..ඒත් අඬන්නෙවත් නැතු ව මේ හැමදේම දරාගන්න මම දන්නෙ නෑ..
පපුව පැලිලා මාව මැ/රි/ලා යයි..
එහෙම කියාගෙන මම හැදුවෙ එතනින් පිට වෙලා මගෙ රූම් එකට යන්න. ඒත් මට එහෙම යන්න බැරිවුනෙ එයා පිටුපාලා ගියෙ මගෙ අතින් ඇදලා ගත්ත නිසා. මාව කැරකිලා ගිහින් නතර වුනේ ඒ පපුවෙ.
එයා හයියෙන් හයියෙන් හුස්ම ගන්න හඬ මට හොඳටම ඇහෙනවා. වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ මාව නොනැවතීම ගැහෙනවා. මට දැනුනෙ මගෙ හුස්ම හිරවෙන්න එනවා වගේ හැඟීමක්. දෙපාරක් තියා එකම එක පාරක්වත් හිතන්න දෙයක් මට ඉතිරි වෙලා තිබුනෙ නෑ. මම එහෙම්ම ඒ පපුවට ඔළුව බරකරගෙන ඇස් දෙක තද කරලා පියා ගත්තා.
හමුවෙමු.
ස්තූතියි හැමදාම වගේ කතාව කියවන ලයික් කරන කමෙන්ට් කරන හැමදෙනාටම. සොරි රිප්ලයි කරන්න තරම් වෙලාවවත් සුවයක්වත් නැති එකට.
ඒන්ජල්ටයි මටයි දෙන්නටම එක දිගට බනි න්න එපා. අපි පව්නෙ. ඒත් දුකක් තරහක් නෙවී සතුටක් තියෙන්නෙ ඒ ගැන. මොකද මේ කතාව ඔයා ලට ඒ තරම්ම දැනෙන්න මේ කතාව ලියන්න පුළුවන් වුන එක ගැන.
මේ වගේ චරිතයක් විග්‍රහකරන එක හරිම අමාරු දෙයක්. ඔයා ඉන්න තැන නැතුව ඒන්ජ ල් ඉන්න තැනට හිතින් සමවැඳිලා බලන්න එතකොට තේරෙයි තීරණයක් ගන්න එක මොන තරම් අමාරු ද කියලා. ඉතිං ඒන්ජල්ගෙ තත්වෙට වයසට වටපිටාවට සමවැදිලා ලියද්දි මට හිතන්නෙ ඒන්ජල් මෙහෙම හිතනවා ඇති කියලා මම වැරදිද ඉතිං