දෙවන කොටස🌿🌷__

🌹 චූටි නංගි……..චූටි නංගි………… හදිස්සියක් මේ දැන් ඉක්මනින් ඇවිත් යන්න එන්න……………

මීට අවුරුදු විස්සකට ඉහතදි නිවේදිතාට සිය එකම සොයුරියගෙන් ලැබුණි අවසන් දුරකතන ඇමතුම…………. නිවේදිතා ඒ වෙනකොට රාජකාරි කලේ මහනුවර රෝහලේ…….. නිවේදිතා ඉක්මනින් රෝහලෙන් පිටවෙලා ආවේ නෙළුම් දෙණිය වලව්වට……………. නිවේදිතාගේ වාහනේ නවත්තද්දිම ඉස්සරහට දුවගෙන ආවේ සියාතු………

🎶 චූටි මැණිකෙ…….. සුදු මැණිකෙ ඉන්නවා කාමරේ……….. මං ගේට්ටුව වහලා එන්නම්……….

නිවේදිතා අඩියට දෙකට අක්කගේ කාමරේට ගියා………… ආනන්දිතා හිටියේ පුංචි අරලියාව තුරුලු කරගෙන

💙 සුදු අක්කා……….. ඇයි මේ…….. ඔන්න මං පුලුවන් තරම් ඉක්මනට ආවා………..

🌹 චුටි නංගි…………. ඔයා අරලියාවත් අරගෙන මේ රටෙන් යන්න…………..

නිවේදිතාට ඒ වෙනකොටත් දරුවෝ හිටියේ නෑ……………

💙 ඇ….ඇ..ඇයි………අක්…කා…….. මේ……. මො..කද………

🌹කියන දේ අහන්න චූටි ඔයාට පින් සිද්ධ වෙයි……….. ලොකු දුවයි පුතයි මං හොස්ටල් දැම්මා…………. අරලියාව එක්ක යන්න කොහේ හරි…….. ලෝකෙ කොහේ හරි මුල්ලකට අරන් ගිහින් මගෙ දරුවව හංගන්න………….

💙අක්කා…… සන්සුන් වෙන්න… කියන්න…… මොකක්ද ඔයාගේ හිතේ තියන අවුල…………..

🌹 චූටි නංගි…………. අරලියා දැකලා තියෙනවා සුරනිමල අම්මාව මරණවා…….. කොට්ටයක් මුහුණට තද කරලා තමයි මරලා තියෙන්නේ………. අම්මා මේ මිනිහගේ මොකක් හරි හොරයක් දැනගෙන ඉඳලා තියෙනවා…..

💙 අක්කේ……. එතකොට……………..

🌹 ඌ දන්නවා අරලියා ඒක දැක්කයි කියලා………… අරලියාට මෙහෙ ආරක්ෂිත නෑ චූටි…………. මගේ දරුවව ආරක්ෂා කරන්න……….

ආනන්දිතා එහෙම කිව්වේ නිවේදිතාට දෑත් එක් කරලා වඳින ගමන්…………

💙 හරි සුදු අක්කා…….. මං ඔයා කියන දේ කරන්නම්……… මං.. මං..අරලියාව අරන් යන්නම්…… කොහේ හරි…….. ඔයාවත් දැන ගන්න ඕන් නෑ මං කොහෙටද අරලියාව එක්ක යන්නෙ කියලා…….. ඒත් ඔයා………… ඔයා මොකක්ද අර මිනිහට දෙන උත්තරෙ……….

🌹 ඒක මං බලාගන්නම් චූටි………. ඔයා දැන් යන්න…………. අරලියාවත් අරන් යන්න මෙහෙන්……. මං අසංක මල්ලිටත් කතා කලා……. එයත් කැමතියි දුවව අරන් යන්න……….

එමෙ කියලා ආනන්දිතා ආයෙම චූටි දුවව ලඟට ගත්තා……………

🌹 චූටි දූ……… මොනදේ වුනත් චූටි අම්මයි බාප්පයි එක්කම ඉන්න හොඳද…….. එයාලට කරදර කරන්නේ නැතුව එයාලවත් බලාගෙන හොඳින් ඉන්න……… ජීවත් වෙන්න වාසනාවක් තිබ්බොත් දවසක අපි ආයෙම හම්බ වෙයි…….

ආනන්දිතා අවසන් වරට නිවේදිතා ගේ අත අල්ල ගත්තා………

🌹 ඔයා මේ කරන උදව්ව මං කවදාවත් අමතක කරන්නේ නැහැ චූටි නංගි……. යන්න කලින් අරලියා ගේ උප්පැන්න සහතිකේ වෙනස් කරලා යන්න…. ඔය දෙන්නා එයට අම්මයි අප්පච්චියි වෙන්න………….. මං ඔයාට හුඟක් ආදරෙයි චූටි නංගි………… මේ කරන උදව්වට ජාති ජාතිත් කල ගුණ සලකන්න මං ඔයා හොයාගෙන එනවා……… පරෙස්සමින් යන්න……. බුදුසරනයි

ආනන්දිතා පුංච් අරලියාගේ අත ගුලි කරලා නිවේද්තාගේ අතේ තිබ්බා………. නිවේදිතා මොහොතක් වත් පමා වුනේ නෑ…….. අසංක එක්ක එකතු වෙලා ඔක්කොම ලෑස්ති කරගෙන සදහටම ලංකාව අතහැරලා අක්කා ආදරයෙන් භාර දුන්න වස්තුවත් අරන් එංගලන්තයට ආවා…………. ඊට දින පහකට පස්සේ නිවේදිතාට ඇමතුමක් ලැබුනා ආනන්දිතා සියදිවි නසාගෙන කියලා……………..

🌸 සුදු අම්මා…………………………..

නිවේදිතා ගැස්සිලා ඇස්දෙක ඇරියේ ඇහුණු මිණි කිංකිණි හටහඬට………..

ඇය මෙි කතාවේ කතා නායිකාවයි…….. නමින් ඈ

අරලියායශෝරාවිනෙළුම්දෙණිය වුවත් නිවේදිතා ඇයව ලංකාවෙන් රැගෙන එන විට ඇගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කලේ එය ආනන්දිතාගේ දැඩි ඉල්ලීම නිසා………. දැන් ඇගේ නම #වන්දනාමේඝනාවිවික්‍රමනායක මින් ඉදිරියට ඇය වන්දනා දෙස හඳුන්වනු ලැබෙි……………

වන්දනා දැන් විසිපස් වියැතියි……. ඇය මේ වසරේදී වෛද්‍ය උපාධිය අවසන් කිරීමට නියමිතයි………. ඇය තම මව්පියන් කවුරුන්දැයි දනී……. නමුත් ඇය මේ හදාවඩා ගත් මවටත් පියාටත් අමතන්නේ සුදු අම්මා හා අප්පච්චි කියායි…………. අවුරුදු විස්සක අතීතය ඇයට බියකරු සිහිනයක් සේ මතකය…….. අත්තම්මාගේ මරණය සහ ඇගේ මව වන ආනන්දිතාගේ මරණය ඇයට හොදින් මතකය………….. වන්දනා බොහෝ දුක් වුයේ ඇගේ සොයුරිය දාස්පෙති ගැනයි…………. දැන් මේ මොහොතේ ඇය දන්නවා නම් දාස්පෙති ට සිදුව ඇති අපරාධය ඇය පොලවේ හැපී හඩා වැටෙනු ඇත…………….

🌸 සුදු අම්මා මොකද….. අසනීපයක්වත්ද……..

නිවේදිතා මුහුණ අතින් පිසදාගත්තාය……… වන්දනා හොඳින්ම ඇගේ මුුහුණ නිරීක්ෂණය කරමින් සිටියාය……………

💙 එහෙම එකක් නෑ චූටි දූ…….. මට නින්දක් යා ගෙන ආවේ…………. කෝ අද ඔයාගේ නූල නැද්ද

අම්මා ඔය නූල යනුවෙන් අදහස් කරන්නේ ඇගේ හොඳම මිතුරා ගැනයි………. ඔහු නමින් #අසෙනියනිවර්තනරණවීර……. නිවේදිතාගේ හොඳම මිතුරිය වන වෛද්‍ය තමාලි රණවීරගේ පුතා……….. වන්දනා හා අසෙනිය අතරෙ තියෙන්නේ කුඩා කාලයේ ඉඳන් තියෙන යාලු කමක්………. දෙන්නට දෙන්නා නැතුවත් බෑ හැබැයි එකට ඉන්නත් බෑ රණ්ඩු තමයි………… අසෙනියගේ හිතේ නම් වන්දනා ගැන තියෙන්නේ යාළු කමටත් එහා ගිය අපූර්ව බැදීමක්……… ඒ්ත් ඒ ගැන විවෘතව කතා කරන්න අසෙනිය බය වුනේ ඒකෙන් අන්තිමට යාළුකමත් නැති වෙයි කියලා හිතුනු නිසා…………..

🌸 අසෙනිය ගියා අම්මා………. අද තමාලි ආන්ටිගේ අම්මට සනීප නෑ කියලා කෝල් එකක් ආවානේ……….

💙 ඔව්නේ…… මට අමතක වුනා….. ඔයා wash එකක් දාගෙන එන්නකෝ බඩගිනිත් ඇතිනේ

🌸 අමිමේ ඔව් හරිම බඩගිනියි………….

වන්දනා යනු දැන් නිවේදිතාගේත් අසංක ගේත් හුස්ම ටිකය………. ඔවුන් දෙදෙනා ඇයට පණ මෙන් ආදරය කරයි………

💜️💚💛💜️🌹💜️💚💛🌹💜️💚💛🌹💜️💚

හන්තානය පේන පේන මානේ හීරස්ගල නම් ප්‍රදේශයේ තරමක් පැරණි පන්නයට තැනුනු සුවිසල් සුදු පැහැති මැදුර ප්‍රතාපවත් දෑල බණ්ඩාර වලව්වයි………….. පිටතින් එය පැරණි මෝස්තරයේ නිවසක් සේ පෙනුනත් එහි ඇතුලත මනා සුවපහසුව තනා තිබුණි……….

වේගයෙන් පැමිණි ජීප් රථයක් ඉදිරියෙන් ඇති පෝටිකාවේ නැවැත්වීය………… ඉන් බැස ආවේ කළු පැහැති අව්කණ්ණාඩි පැලඳ සුදු අත් දිග කමිසයට දුඹුරු පැහැ කලිසමක් ඇඳගෙන සිටින වයස අවුරුදු තිහක් පමණ වන තරුණ කඩවසම් තරුණයෙකි…………………

ඔහු දෑලබණ්ඩාර පරම්පරාවේ එකම පිරිමි දරුවාය………. නමින් ඔහු

රන්දයඉන්ද්‍රචාපදෑලබණ්ඩාර ය…………. වන්දනාගේ මස්සිනාය……. ඔහු මේ පැමිනෙන්නේ තමාට ලැබුණු උසස් වීම ගැන සිය නිවැසියන් දැනුවත් කිරීමටය…………

🍃 ලොක්කා………… කිව්වෙවත් නෑ එනවා කියලා….. මොකද මේ හදිස්සිය……

සදහම් දෑලබණ්ඩාර ඉස්සරහට ආවේ ආඩම්බර හිනාවක් මුවේ රඳවගෙන…….

🥇 අප්පේ…… මං කවුද කියලා බැලුවා ආවේ……. මගේ සපුමල් කුමාරයානේ ඇවිත් ඉන්නේ

සුලක්ඛණා දෑලබණ්ඩාරත් ඒ පිටිපස්සෙන්ම පුදුම සතුටකින්……….. සුලක්ඛණා දෑලබණ්ඩාර සදහම් දෑලබණ්ඩාර වගේ නිහතමානි හොඳ කෙනෙක් නම් නෙවේ……….. ඇය උඩඟුයි……… කුල ගර්වය නිසා උදුම්වාගත් සිතින් යුතු බැවින් වඩාත් අහංකාරය………….. නිවසේ දැසි දස්සන්ට ඇය සලකන්නේ ඉතා පහත් අන්දමටයි……….. නමුත් ඇය රන්දයට පණ මෙන් ආදරේ කරයි………. එකම පුතු ඇයට ඉන්ද්‍රනීල මානික්‍යක් බඳුය………..

🥇 වාඩි වෙන්න සුදු මහත්තයෝ…… ඉතින්……….

සුලක්ඛණා ඇසුවේ ඔහු ව සිප වැලඳගෙනය………….

❤️ අම්මා………….. මට promotion එකක් ලැබුනා…………. අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස්පති විදිහට………… මේ අද වැඩ භාරගත්ත ගමන් ආවේ………….

🥇 අනේ මගේ දරුවට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි………..

❤️ මං දළදා හාමුදුරුවන් වහන්සේ වැඳගෙනමයි ආවේ අම්මා………..

🥇 අද ඉන්නවා නේද……………..

❤️ ඔව්………… මට ආයේ වැඩට යන්න තියෙන්නේ අනිද්දට……………

🥇 පුතා එක්ක කතා කරන්නත් දෙයක් තියෙනවා නේද අපේ මහත්තයා……..

සදහම් දෑලබණ්ඩාර ඇසුනා නෑසුනා මෙන් නිමක් පේන්නෙ නැති මීදුමින් වැහුන හන්තානය දිහා බලාගෙන හිටියා…………

🥇 අප්පච්චිලට කිසිම ගානක් නැහැනේ ඉතින්…………

❤️ ළමයාට තේ එකක් ගෙනාව නම් මැණිකේ………. ඕවා පස්සෙ වුනත් කතා කරන්න බැරියැ

සුලක්ඛණා ගස්සාගෙන ගෙතුලට ගියාය……………..

෴ මතු සබැඳියි