44 (අවසන් කොටස)

“මොකටද මෙහාට ආවේ?…”

ඇය ඇසුවේ ප්‍රධාන ද්වාරයෙන් ඔහුට ගෙට ඇතුළු වීමටවත් ඉඩක් ලබා නොදීම ය..

“මං ආවේ ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ශේෂා…”

“මම හිතන්නේ නෑ අපි දෙන්නට දැන් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා තියෙනවා කියලා…ප්ලීස් ඔයා මේ දැන්ම මෙහෙන් පිටවෙලා යන්න..”

“එහෙම කරන්න එපා ශේෂා…ප්ලීස් මට කතා කරන්න එක අවස්ථාවක් දෙන්න..”

ඇය ඔහුව ගෙට කැඳවාගෙන ගියේ මොන තරම් හිත තද කරගෙන ඉන්න උත්සාහ කරත් තමන් මෙතරම් කාලයක් ආදරේ කල ඔහුව හිතක් පපුවක් නැති ආකාරයෙන් නිවෙසින් පන්නා දැමීමට තරම් සෙහන්සා ට ඇගේ හිත තද කරගෙන සිටීමට නොහැකි වූ නිසාමය..

“ටේක් අ සීට් සී අයි ඩී ඔෆිසර් දිසෙන් ….”

දිසෙන් සෙහන්සා පෙන්වූ අසුනේ ඉද ගත්තේ ඇයගේ ආමන්ත්‍රණයට කැලඹුණු සිතැතිව ය..දිසෙන් කම්පාවට පත් වූවේ සෙහන්සා තනිකරම කතා කරන්නේ තමාව ආගන්තුකයකු බවට පත්කර යැයි සිතීමෙනී.

“මම අද ආවේ සීඅයිඩී ඔෆිසර් කෙනෙක් විදියට නෙමෙයි ඔයාගේ දිසෙන් විදිහට…”

ඔහුගේ වදන් වලට ඇය දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ තිගැස්සී ගෙනමය.ඔහු මේ පවසන්නේ කුමක්දැයි කල්පනා කර ගතනොහැකිව.තමාට එය ඇසුනේ වැරදියට ද යනුවෙන් සෙහන්සා කල්පනා කරේ ඒ නිසාම ය..

“වට්…වට් ඔයා දැන් මගේ නෙමෙයි…ඒ වගේම මමත් ඔයාගේ නෙමෙයි …”

දිසෙන් නිහඬව සුසුමක් හෙලා සෙහන්සා දෙස අනුකම්පා සහගතව බැලුවේ තමා කල කී දේ අනුව ඇය මෙසේ හැසිරීම සාධාරණ යයි වටහාගත් නිසාමය.

“ඇයි එහෙම කියන්නේ ශේෂා ….ඔයා මගේ තමයි …”

දිසෙන් එසේ කීවේ කලබලයක් නැති සංසුන් අයුරුනි…

“ඔයා මගේ නෙමෙයි මම ඔයාගත් නෙමෙයි…ඔයා ඔයා ලංවුනේ ප්ලෑන් එකකට.ඔයාට ප්‍රමෝෂන් එක ගන්න ඕන නිසා..දැන් ඔයාගේ වැඩේ හරිනේ.තවත් මොකටද මාව හොයාගෙන ආවේ…”

ඇය මෙසේ පවසන්නේ ඒ හිත හොඳටම රිදී ඇති නිසා යැයි වටහාගත් දෙසෙන් ඒ දෙස බැලූයේ අනුකම්පාසහගත බැල්මකිනි…

“මම ඔයාට ලන් වුණේ ඔෆීසියල් තමයි ..ඔයාව කිඩ්නැප් කලේ ඒක නිසා තමයි..ඒත් මම ඒ දේවල් කළේ මගේ උවමනාවකට නෙමෙයි..ඒ මගේ ජොබ් එක නිසා..මට පර්සනලී ඔයයි ඔයාගේ පවුලයි එක්කයි ප්‍රශ්නයක් තිබ්බේ නෑ..”

“ඒ දේවල් මම දන්නවානේ …දැන් මේ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ..අපේ අම්මයි තාත්තගෙයි වැරදි වලට අපි හැමෝම දුක් විඳිනවා…”

ඔහුගේ හදවත දැනෙන්න ගත්තේසෙහන්සා ගැන උපන් අනුකම්පාවකින්..අද මේ ආකාරයෙන් ඇයත් දුලන්සාත් දුක් විදින්නේ තමන් නිසායැයි සිතට දැනෙන සිතුවිල්ල ඉවසා දරාගත නොහැකිව ඔහු උන්නේ ලතවුල්ලෙනි…

“මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා….ඔයා මට ඇත්තටම එක දවසක්වත් ආදරේ කලේ නැද්ද දිසෙන්…

ඇය එසේ ඇසුවේ කොයි වෙලාවෙත් ඇගේ සිත ඇගෙන් එය විමසන නිසාමය…

“මම ඔයාට ඇත්තටම ආදරේ කළා ශේෂා…කළා කියලා කියනවා නම් මම වැරදි..මම ඔයාට තාම ආදරය කරනවා ශේ….”

ඇයගේ දෑස් විසල් වූයේ ඔහු කිසි ලෙසකින් වත් මෙසේ පවසනු ඇතයි ඈ නො සිතූ නිසාමය..ඇය මොහොතක් කල්පනා කරේ ඔහු මේ පවසන්නේ ඇත්තක්ද බොරුවක්ද කියා සිතාගත නොහැකිවය..

“තවත් මට බොරු කියන්න එපා…මට මේ ආදරය විශ්වාස කරන්න බෑ..ඔය බොරු මට අහන්න ඕනේ නෑ .. මුල්ම දවසේ ඉඳලා මට කරේ බොරුවක්…තමුන් තමුන්ගේ ජොබ් එක නිසා මගේ හැඟීම් මගේ ජීවිතය එක්ක සෙල්ලම් කරා…මම ජීවිතයේ වැඩිපුරම විශ්වාස කරපු කෙනා මාව වැඩිපුරම රැවට්ටුවා..”

ඇය එසේ කීවේ වියලුනු දෑසින් ඔහු දෙස බලමිනි..ඔහු ගැන දැනගත් දවසේ හැඩුවාට පසු අද වෙනතුරු ඇයගේ දෑසින් කඳුලක් වත් නොගිලිහුනේ ඒ තරමට ඇයගේ සිත,වේදනාවෙන් ගල්ගැසී ගිය නිසාය..

ජීවයෙන් පරිපූර්ණ වී තිබූ ඒ කාන්තිමත් නෙත් අද මලානික වී ඇත්තේ කොයිතරම් පුදුමාකාර ලෙසකින් දැයි ඔහු කල්පනා කරන්නට වූයේ ඒ දෑස් වල තිබූ හිස් බැල්ම දෙස දෑස් අයාගෙන බලන ගමන්මය..

ඔහුගේ හිස කකියන්නට වූයේ මේ සියල්ලටම වගකිව යුත්තේ තමන් යැයි ඔහුගේ සිත ඔහුට දොස් නගන්නට වූයෙනි

මව පියාගේ රැකවරණයක් නොමැතිව සමාජ අපවාදයෙන් හමුවේ තනිවී ,අසරණ වී ඉන්නා ඇයට පිහිටවීම ,ඇය ආදරයෙන් රැකබලා ගැනීම තමාගේ යුතුකම යැයි සිතූ දිසෙන් ඇයව තනිනොකර හැකි තරම් ඉක්මනින් තමාගේ ලඟට ගැනීමට සිතා ගත්තේ ඇය දෙස එක් ආදරණීය බැල්මක් හෙළමිනි…

“ඒ හැම දේම මම කළේ මේ සමාජය වෙනුවෙන්..මගේ රස්සාව වෙනුවෙන්..ඒ මොන දේ කලත් මම ඔයාට ගොඩක් ආදරේ කරා ශේෂා ..ඔයාට ඒක නෑ කියන්න බැහැ…ඔයා මට ආදරේ කලේ මාව දැකපු මුල්ම දවසේ කියලා මම දන්නවා…මාත් ඒ වගේම තමයි ශේෂා ඔයාට ආදරේ කරන්න ගත්තේ අර අඟුලානේ පුංචි ගෙදරට ඔයාව ගෙනියපු දවසේ ඉඳන්..”

ඇය මඳකට දෑස් පියා ගත්තේ ඔහුගේ මේ වදන් කෙසේ විශ්වාස කරන්නේදැයි කල්පනා කරන ගමන්..

“ඔයා මට ආදරේ කලේ නෑ..එදා ඔයා ම කිව්වේ මේ සේරම මම ඔයාගේ පස්සෙන් ආපු නිසා කියලා…ඔයාගේ කිසි වැරද්දක් නෑ..මේ සේරම මගේ වැරදි..මමයි ආදරේ කරේ.මට තිබ්බා හිතට දැනිච්ච ආදරේ අමතක කරලා ඉන්න..මම මගේ හැඟීම් වලට වහල් වෙලා ඔයාගේ ආදරේ ඉල්ලගෙන ඔයාගෙ පස්සෙන් ගියා..ඔයා මට කැමති වෙන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති…”

දිසෙන්ගේ ළය කකියන්නට වූයේ සෙහන්සා එසේ සියලුම වැරදි ඇගේ පිට පවර ගනිද්දීය..

“නෑ මගේ මැණික එහෙම නෑ…මමත් ඔයාට ඇත්තටම ආදරේ කළා..මගේ මේ ආදරේ බොරුවක් නෙවෙයි..මම ඔයාගෙන් ඈත් වෙලා හිටියේ ආදරය නිසා නෙවෙයි..කවදා හරි මේ වගේ දෙයක් වෙයි කියලා මගේ හිතට හිතුන නිසා…මේ mission එක ඉවර වෙනකොට මගේ ඇත්ත දැන ගත්තම ඔයා මට හේට් කරයි කියලා මම දැනගෙන හිටියා..ඒකයි මම ඈත්වෙලා ඉන්න හැදුවේ…”

“නෑ ඔයා කියන්නේ බොරු…මට කවදාවත් ආදරේ කරේ නැහැ..ඔයා අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා…ඔයා ඔයාගේ දුප්පත්කම පිට දාලා කොයි තරම් මගෙන් ඈත් වෙන්න හැදුවද?..එදා අපි තනිවුන දවසේ ඔයා මාව ආරක්ෂා කළේ මට තියෙන ආදරේ නිසා කියලා මම හිතුවේ..ඒත් ඒක එහෙම නෑ..අපේ මේ එෆෙයාර් එක ටෙම්පරි එකක් නිසයි ඔයා මාව ආරක්ෂා කළේ…”

“මම ගැන වැරදියට හිතන්න එපා..මම අද ආවේ ඔයා එක්ක අපේ මැරේජ් එක ගැන කතා කරන්න…”

සෙහන්සා ගේ දෑස් පුදුමයෙන් විසල් වූයේ ඔහුගේ ඒ වදන් වලට ය..ඔහු මේ පැමිණ ඇත්තේ ඔහුගේත් ඇයගේත් විවාහය ගැන කතා කිරීමටද ?එක් වරම ඇයගේ මුවට වදන් පිට වුණේ නැති තරම්.

“මැරේජ් එක..අපි දෙන්නාගේ…”

ප්‍රේමය නම් කොහොමත්ම අන්ධය..එදා තමුන් ඔහුව විශ්වාස කළේ දෑස් කණවූ අන්ධයෙක් පරිද්දෙනි …ඒත් ඒ විශ්වාසය එක් සැනකින් බිඳී ගිය පසු නැවතත් ඇති කර ගැනීමට පුළුවන් වෙයිද ඇය කල්පනා කරන්නට වූයේ දෑතේ දෑඟිලි එකට බඳින ගමන් ය..

නැත…විශ්වාසය එක්වරක් නැතිවුණු පසු නැවතත් ඇති කර ගැනීමට නොහැකි පළුදු වූ බඳුනක් මෙනි.කොයි තරම් පිරියම් කළත් බිඳී පළුදු වූ ගිය මැටි බඳුනකට පිර වූ ජලය පිටතට කාන්දුවීම වළක්වා ගැනීමට අපහසුය..විශ්වාසයත් එබඳු ය..එක්වරක් බිඳුණු පසු යළිත් ගොඩනැගීම අපහසුය…

ජීවිතයේ හමුවූ අතිශය සමීප ව සිටී බොහොමයක් දෙනා වෙස් මුහුණු පැළඳගෙන සිටි චරිතය.. පිටතින් මවා පෑ චරිතයට වඩා ඔවුන්ගේ ඇතුලාන්තය බෙහෙවින් වෙනස් ය…ඉතිං මිනිසුන් කෙසේ නම් විශ්වාස කරන්නද?.. එවන් ගුප්ත මිනිසුන් සමග ගැටීමට වඩා තනිව හුදෙකලා ජීවිතයක් ගත කිරීම හොඳ යැයි සෙහන්සා කල්පනා කරේ මේ සියලුම දේවල් කිරා මැන බැලීමෙන් අනතුරුවය.

තමන්ගේ පැනයට පිළිතුරක් නොදී වදනක්වත් නොදොඩා කල්පනා බරතිව සිටින සෙහන්සා දෙස දිසෙන් බලාගෙන උන්නේ හද කකියන දුකකිනි.

ජීවිතය ගැන කිසිම බරක් පතලක් නැති ව රිසි සේ නිදහසේ සැරි සැරූ සමනලියක් බඳු දඟකාර තරුණිය වෙනුවට දැන් සිටින්නේ නිහඬ කල්පනා බරිත යුවතියක් ය. මේ සියල්ලටම වග කිව යුත්තේ තමන් යැයි දිසෙන්ට ඔහුගේ හෘද සාක්ෂිය පවා හඬනගා කියන්නා සේය..

“ශේ මාව විශ්වාස කරන්න..මම ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ..ඉස්සර වගේම අපි ආයෙමත් ආදරෙන් ඉමු…”.

දිසෙන් එසේ කියද්දී සෙහන්සා එසේ ඔහු දෙස බැලුවේ මන්ද ස්මතියකින් යුතුවය..

ඇගේ ඒ මුහුණේ ඉරියවුවක් පවා ඔහුට ගෙනාවේ විස්මයකි…විවෘත දගකාර යුවතියක් මෙන් නොව නිහඬ,හුදකලා තරුණිය විශ්වාස කිරීම අපහසු යැයි ඔහුට සිතුනේ ඒ සමඟය..

“මම තනියෙන් ජීවත් වෙන්න තීරණය කළා..මේ මමයි නංගියි ලංකාවේ ඉන්න අන්තිම සතිය. “

“මේ සිද්ධියෙන් පස්සේ හැමෝම අපි දිහා බලන්නේ මහා අමුතු සත්තු දිහා බලනවා වගේ..සල්ලි දේපල නම්බුව මේ හැමදේම තාවකාලික දේවල්…තවත් මෙහෙ ජීවත් වෙන්න මට වගේ හිත හදාගන්න අමාරුයි…අම්මගෙ මල්ලි ඉන්නේ ඇමරිකාවේ…එයා කිව්වා මටයි නංගිටයි එයා ගාවට එන්න කියලා..අපි තීරණය කළා එහේ යන්න.”

දිසෙන්ගේ හුස්ම හිරවෙන්නට මෙන් වූයේ ඇයගේ ඒ වදන් වලට ය .රාජකාරියට ඇය ඉදිරියේ වෙනත් චරිතයක් රඟපෑවාට තම සිතේ ඇය ගැන පවතින ආදරය අනන්තය අපරිමාණ ය…ඇය නොමැතිව ජීවත්වන්නේ කොහොමද යැයි ඔහු කල්පනා කරන්නට වූයේ දුකිනි..

“ඔයාට පුලුවන්ද එහෙම ඉන්න…මම නැතුව ඉන්න පුලුවන්ද ශේ..”

ඔහු හිතේ පවතින දුක කෙටි වදන් වැලකට ගොනු කර ගත්තේ එලෙසිනි..ඒ වදන්වල තිබුණේ අසීමිත දුකක් පමණි..

“මට මගේ දිසෙන් නැතුව ඉන්න බැහැ…”

ඇය එසේ පවසද්දී ඔහුගේ හදවතට දැනුනේ සුළුපටු සැනසීමක් නම් නොවේ.මෙතෙක් වේලා ඔහුගේ හිතේ හටගෙන තිබුණු අවිනිශ්චිත බව පහව යන්නට ගත වූයේ එක් මොහොතකි..

“මම දන්නවා මැණික…ඔයාට මාව දාලා කොහෙවත් යන්න බැහැ කියලා..මම නැතුව ඉන්න බැහැ කියලා..”

“නෑ මම කියන්න ගියේ ඒක නෙමේ..මම ආදරය කළේ මගේ අහිංසක දුප්පත් දිසෙන්ට…”

ඇය පවසන්නට අදහස් කරන්නේ කුමක් දැයි ඔහු කල්පනා කරන්නට වූයේ විමතියෙන් මෙනි..

“මම ඔයාට ආදරේ කරන්නේ නෑ සීඅයිඩී ඔෆිසර් දිසෙන් …”

ඔහු එක්වර ඈ දෙස බැලුවේ තිගැස්සී මෙනි..දිසෙන්ගේ හදවත රිදුම් කන්නට ගත්තේ ඇය පවසන්නට යන්නේ කුමක්දැයි වැටහීමෙනි .

“මම ආයෙමත් කාවවත් විශ්වාස කරන්නේ නෑ..අපේ ආදරේ මහා බොරුවක්..මගේ අම්මා තාත්තා ඉඳන් ඔයා වෙනකම්ම මේ සමාජයේ මිනිස්සු ජීවත් වෙන්නේ වෙස් මූණ දාගෙන..මම ඔයාගේ හැබෑම මූණ කියලා රැවටුනේ වෙස් මූණ ට..මම ආදරය කළේ වෙස් මුහුණට…දැන් ඒ වෙස්මුහුණ ගැලවිලා ඉවරයි.. ඔයාගේ ඒ වෙස් මූණ ගැලවුණු දා මගේ හිතේ ඔයා ගැන තිබුණු ආදරය නැති වෙලා ගියා…”

“මම වෙස් මූණක් දාගත්තේ වෙස් මුහුණු දාගෙන මේ සමාජය ,අනාගත පරම්පරාව බේරගන්න…ඔයාගේ අම්මගේ තාත්තගේ වෙස් මූණු ගලවලා දාන්න මට වෙස්මූණක් දාගන්න වුණේ ..ඔයා ඔහොම කතා කරන එක සාධාරණ නෑ සෙහන්සා…ඔයා ඒක තේරුම් ගන්න සෙහන්සා …”

“සීඅයිඩී ඔෆිසර් දිසෙන් මම දන්නෙ නෑ..ඔයාට මොකක්ද ලැබිච්ච ප්‍රමෝෂන් එක කියලා.. ඒත් කොහොම හරි ඔයා මගේ ආදරේ බිල්ලට අරගෙන ඒ දේ කර ගත්තා..so congratulation…මම ඔයාගේ professional life එකට විශ් කරනවා…ඒත් මට ඔයාට ආයෙමත් ආදරය කරන්න විදිහක් නෑ…අපේ ආදරේ මැ//රිලා ඉවරයි..

දිසෙන් විසල් සුසුමක් වාතලයට පිටකලේ ඇයගේ මෙම වදන් ඔහුගේ හිතට වරදකාරී ස්වභාවයක් හා පසුතැවිල්ලක් ගෙන දුන් නිසාය…

“ඔයාගේ අම්මා තාත්තාට කවදා එළියට එන්න ලැබෙයිද කියලා කියන්න බෑ..මේ වෙලාව ඔයාට ආරක්ෂාවක් ඕනෙම වෙලාව…මම මේ හැමදේම එලිකරේ ඔයාව තනි කරල අහක බලාගෙන යන්න නෙමෙයි…මම දන්නවා ඔයා ඔයාගේ නංගි මේ කිසි දෙයක් දන්නෙ නෑ අහිංසකයි කියලා..ඔයාගේ අම්මා තාත්තට ලැබෙන්න ඕන දඬුවම් දීලා ඔයාව මගේ ළඟට හැමදාම ගන්න මම ප්ලෑන් කරලා හිටියේ…..ප්ලීස් ඔය තරම් හිතුවක්කාර වෙන්න එපා..ඔයා ඔය හිතුවට තනියම ජීවත් වෙන එක ලේසි නෑ…ශේෂා ..”

“මට කාගෙවත් අනුකම්පාවක් ඕනේ නැහැ..මම අනිත් ගෑ/නු වගේ දුර්වල ගෑනියෙක් කියලා ඔයා හිතන්න එපා..මම ශක්තිමත් කෙනෙක්…ඔයාගේ ඇත්ත දැන ගත්තම මම දුක්වුණා ඇඬුවා තමයි..ඒත් දැන් ඒ සේරම ඉවරයි..

මම මගේ හිත හදාගෙන ඉවරයි..මගේ අම්මා තාත්තා වැරදි තමයි…එයාලා කොටු කරලා ඔයා මේ මුළු සමාජයටම කළේ සේවාවක් තමයි.මම ඒ ගැන appreciate කරනවා.ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්..ඒත් මගේ අම්මා තාත්තාට මෙහෙම දෙයක් කරපු ඔයාට තවත් කොහොමද මම ආදරය කරන්නේ..ඔයාව මම කොහොමද මැරි කරන්නේ..මම දැන් ලංකාවේ නමගිය ඩ්‍රග්ස් ඩීලර් කෙනෙක්ගේ දුවෙක්..අපි දෙන්නා දැන් කොහොමත් ගැලපෙන්නේ නැහැ…….මම හිතන්නේ අපි දෙන්න එකට ගමනක් යනවට වඩා වෙනම ගමනක් යන එක හොඳයි කියලා…”

“සෙහන්සා ඔයා මේ හැම දෙයක්ම කියන්නේ මම ගැන හිතේ තියෙන තරහ ට.ඔය තරහා අමතක කරල දාන්න..අපි දෙන්නට දෙන්නා කොච්චර ආදරෙන් හිටියද?.ඒ ආදරෙන් හිටපු විදියට අපිට වෙන් වෙන්න පුලුවන්ද?”

ඔහු එසේ ඇසුවේ සෙහන්සා දෙස විනිවිද යවන සුළු බැල්මක් හෙලමින්…ඒ බැල්ම හමුවේ ඇය පෙර දිනවල සසල වූවත් ,මේ මොහොතේ නම් ඇය සසල වූයේ නැත..ඇය ඔහු දෙස බැලුවේ සෘජු බැල්මකි…ඒ සෘජු බැල්ම දැක දිසෙන් අවබෝධ කරගත්තේ ඇයගේ තීරණය කිසිදා වෙනස් නොවන එකක් බව ය..එදා දෙමාපියන්ගේ විරෝධය හමුවේ ඇය තමා අවශ්‍යයයි පැවසුවේද මේ අයුරින් අනම්‍ය ශීලී ලෙසින් යැයි ඔහුට සිහිපත් වූයේ ඒ සමඟය..

රාජකාරි කටයුත්තක් සඳහා සෙහන්සාව තම ජීවිතයට ළං කර ගත්තත් ඇය තමාගේ ජීවිතය වූයේ තමාටත් හොරෙන්ම ය..හිත කෙතරම් ශක්තිමත් කරගෙන ඇයගෙන් ඈත් වෙන්නට උත්සාහ කළත් සිත දිව ගෙන ගියේ ම ඇය පසුපස ය..සෘජු අනම්‍යශීලී රහස් පොලිස් නිළධාරියෙකු වූ තමා ඇ වෙත බැඳුණේ ඇගේ මේ මුරණ්ඩු හිතුවක්කාර ස්වභාවයට ය..අද ඇය තමාට නැති වන්නේ ඇගේ ඒ මුරණ්ඩු හිතුවක්කාර කමට ය..තවත් ඇයට බලපෑම් කිරීම නුසුදුසු යයි ඔහුට අවබෝධ වූයේ ඉන් අනතුරුවය..

“ඒ දේවල් සේරම අතීතයට අයිති වෙලා ඉවරයි..අපි ඒ අතීතය හීනයක් කියලා විතරක් හිතමු…මම ඇමරිකා ගියාට පස්සේ
මට අලුත් ජීවිතයක් ලැබේවි..එතකොට මේ දේවල් ටිකෙන් ටික මට අමතක වෙලා යාවි…මම මෙහෙන් ගියාට පස්සේ ඔයාටත් මාව ටික ටික අමතක වෙලා යාවි…තවත් අපි මේ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ දිසෙන් ..”

ඇයත් සමඟ ගෙවුණු ඒ මිහිරි අතීතය ට අපහසුවෙන් හෝ සමු දීමට කාලය එලබ ඇතැයි දිසෙන්ට අවබෝධ විය..ඇය කෙතරම් තමාව පන්නා දැමුවත් තමාගේ සිතේ ඇය ගැන තිබුණු ආදරය සදා නොමැකී පවතිනු ඇත..දිසෙන් එසේ කල්පනා කළේ හින්ද උන් අසුනෙන් නැගිටන ගමන්මය ..

ඉහළ මාලයේ සිට දුලංසා පහළ මාලයට ඇවිදගෙන ආවේ ඒ සමගය..ඇය දිසෙන් වෙත රැවුමක් පා කළේ ඔහු දුටු මොහොතේය…

“අක්කේ..මෙයා මොනවද තවත් මෙහේ කරන්නේ…අපේ මුළු පවුලම විනාශ කරලා දැම්මෙ මෙයා..ඔයාට තවමත් මේ මනුස්සයාව අත ඇරලා දාන්න බැරි වුනාද?..කරුණාකරලා එයාට මේ මොහොතේම ගෙදරින් යන්න කියන්න…නැත්නම් මම මොන විදිහට හැසිරේවි ද කියලා මම වත් දන්නෙ නෑ…”.

“නෑ නංගි…එයා ආවේ මාත් එක්ක කතා කරලා යන්න…..එයා ආයේමත් මෙහේ එන එකක් නැහැ..එයා මේ කිසි දේකට වැරදි නෑ..අපේ අම්මයි තාත්තයි වැරදි ..එයාලගේ වැරදි නිසා අපේ පවුල අපේ ජීවිත විනාශ වුණේ ….”.

“මම යන්නම් ශේෂා ..මම ඔයාගේ යාලුවෙක් කියලා හරි හිතන්න ඔයාට මගෙන් මොකක් හරි උදව්වක් ඕනේ වුණොත් මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා මතක තියාගන්න…”

සෙහන්සා ඔහු යන මඟ බලාගෙන සිටියේ ඊට කිසිවක් පිළිතුරු නොදීමය..ඔහු නිවසින් පිටවී ඔහුගේ රියට නැග තිතක් වී යනතුරුම ඈ බලාගෙන සිටියේ හිතට තෝරා බේරාගත නොහැකි අමුතුම හැඟීමකිනි…

අවසානයේ ඇය ගෙට ඇතුල්වී දොර වසාගත්තේ තමන් තම හදවත කෙතරම් අගුලු ලාගෙන වසා ගත්තත් ඔහුගේ ඒ මතකයන් තම සිතෙන් පහසුවෙන් බැහැර නොවන බව කල්පනා කරනගමන්‍මය..

ඇය පහල මාලයෙන් උඩු මහලට ඇවිදන් ගියේද ඔහුගේ වදන් සිය සිත් තුල නින්නාද දීම වළක්වා ගත නොහැකිවය ..

ඇතිවන හැමදේම නැතිවීම සාමාන්‍යය..ඒත් අවසානයේ ඉතිරිවන මතකයන් පමණක් සදා නොමැකෙන සේ පවතිනු ඇත .ඇය සිය කුටියේ සයනට මත වැතිරුණේ එසේ කල්පනා කරමිනි ..

❤️❤️සමාප්තයි ❤️❤️

කතාව ගැන දැනෙන හැඟීම වචන කරලා යන්න අමතක කරන්න එපා..මෙතෙක් දවස් කතාව සමඟ රැඳි සිටි ඔබ සැමට ස්තූතියි